නයිජිරියාව ගිනි තබන ක්‍රිස්‌තියානි මුස්‌ලිම් ගැටුම
බොකෝ හාරාම් යනු නයිජීරියාවේ ක්‍රියාත්මක අන්තවාදී මුස්‌ලිම් සංවිධානයයි. නයිජිරියාවේ උතුරු ප්‍රදේශයේ ජීවත්වන්නේ බහුතර මුස්‌ලිම් ප්‍රජාව...

http://weadikawa.blogspot.com/2012/01/blog-post_9406.html

ක්‍රි. පු 9000 ටත් පෙර මානව ජනාවාසයක්‌ව පැවැති නයිජීරියාව ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රටවල් ලැයිස්‌තුවේ හත්වැනි තැන ගන්නා රාජ්‍යයයි. නයිජීරියාවේ ජනගහනයෙන් 50% ක් මුස්‌ලිම් වන අතර අනෙක් 50% ක්‍රිස්‌තියානි ආගමිකයන් වේ. ක්‍රිස්‌තියානි 50% න් 15% ක් ප්‍රොතෙස්‌තන්ත වන අතර 13% ක් කතෝලිකයන් වේ. 19% ක් අනෙකුත් ක්‍රිස්‌තියානි ආගමික නිකායන්ට අයත්වේ. නයිජීරියානු මුස්‌ලිම් ජාතිකයන්ගේ බහුතරය සුන්නි මුස්‌ලිම් ආගමිකයන් වේ.

නායකයා මරා දැමූ නිසා මේ අන්තවාදී සංවිධානය විනාශ වූ බව නයිජීරියානු රජය ප්‍රකාශ කළත් එය එසේ වූයේ නැත. 2010 දී මේ සංවිධානයට නව නායකයෙක් පත් කර මයිදුගුරි හී බන්ධනාගාරයට පහරදී සිය ගණනක්‌වූ තම සාමාජික පිරිස මුදාගෙන නැවත ක්‍රියාකාරී වූහ. එයින් පසු අබුජා නගරයේ එක්‌සත් ජාතින්ගේ සංවිධාන කාර්යාලයටත් පහර දුන්හ. බොකෝ හාරාම් පවසන්නේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය යනු යක්‌ෂයන්ගේ ලෝක සංගමය බවයි. බොකෝ හාරාම් කණ්‌ඩායම නත්තල් දින බෝම්බ පුපුරවා පසුව ක්‍රිස්‌තියානි ආගමිකයන් සතු ව්‍යාපාර 30 ක් පමණ ගිනිතබා වැනසීමෙන් පසු නයිජීරියාවේ ක්‍රිස්‌තියානි ආගමිකයන් බහුතරයක් වෙසෙන දකුණු දිග ඩෙල්ඩා ප්‍රාන්තයේ අරාබි පාසලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. මේ ප්‍රහාරයෙන් මුස්‌ලිම් සිසුන් හයදෙනෙකු තුවාල ලැබීය. උතුරු දිග යොබේ පළාතේ ඇතිවූ ගැටුම්වලින් 70 දෙනෙකු මරුමුවට පත්වී ඇති අතර ක්‍රිස්‌තියානි ආගමිකයන් අනුදහසක් සිය ගම්බිම් අතහැර පලාගොස් ඇත. මේ සියලු ගැටුම් මැද බොකෝ හාරාම්" සංවිධානයේ ප්‍රකාශක පවසන්නේ නයිජීරියාව මුස්‌ලිම් රාජ්‍යයක් කරන තුරු කිසිම සාමයක් උදානොවන බවයි.
නයිජීරියාවේ ජනගහනය කෝටි 16 කි. මේ පිරිස අතර ආගමික යුද්ධයක් ඇවිලී තත්ත්වය දරුණු වුවහොත් කොපමණ ජීවිත සංඛ්‍යාවක් විනාශ වී යා හැකිද? නයිජීරියාවේ ක්‍රිස්‌තියානි සංගමය ප්‍රකාශ කරන්නේ උතුරු නයිජීරියාවේ ඇතිවී තිබෙන ආගමික ප්‍රශ්නය සැබවින්ම සිවිල් යුද්ධයක් දක්‌වා පරිවර්තනය විය හැකි බවයි.
නයිජීරියාවේ ක්‍රිස්‌තියානි ජනපති ගුඩ්ලක් ජොනතන් විසින් ඉකුත් සතියේදී එරට පළාත් කිහිපයකට හදිසි නීතිය පනවනු ලැබූ අතර ඔහු පවසන්නේ "බොකෝ හාරාම්" ත්‍රස්‌ත කණ්‌ඩායම් විනාශ කර දමන බවයි.
නයිජීරියානු ජනපති පවසන්නේ සිය රාජ්‍යය විනාශ කිරීම සඳහා උත්සහ කරන පිළිකාවක් වන බොකෝ හාරාම් විනාශ කර රට සුවපත් කිරීම තම අරමුණ බවයි. තොප්පියක් පැළඳ සිටින ගුඩ්ලක් ජනපතිවරයාට මෙය ඉටුකළ හැකිද? කෙසේ වෙතත් නයිජීරියාව ආගමික යුද්ධයකට බිළිවීම වැලැක්‌විය නොහැකිය.
චතුර පමුණුව
-උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-01-08
ඉරිදා දිවයින
2012-01-08