ෆොන්සේකාට කළු කොඩියක්‌ වූ සුදු කොඩිය

-මහාචාර්‍ය නලින් ද සිල්වා සුදු කොඩි නඩුවේ තීන්දුව දැන් ප්‍රකාශ වී ඇති නිසා ඒ පිළිබඳ යමක්‌ සඳහන් කිරීමට නීතියෙන් බාධාවක්‌ නැතැයි සිතමි...

-මහාචාර්‍ය නලින් ද සිල්වා
සුදු කොඩි නඩුවේ තීන්දුව දැන් ප්‍රකාශ වී ඇති නිසා ඒ පිළිබඳ යමක්‌ සඳහන් කිරීමට නීතියෙන් බාධාවක්‌ නැතැයි සිතමි. උසාවිය හමුවේ විභාග කෙරෙමින් පවතින නඩුවක්‌ සම්බන්ධයෙන් කතා කිරීම බටහිර රෝම ලන්දේසි නීතියෙහි ඇවැතක්‌ වෙයි. කෙසේ වෙතත් සරත් ෆොන්සේකා සුදු කොඩි කතාව කියා ඇති බව මහාධිකරණය විසින් පිළිගනු ලැබ ඇත. එහිදී අපට කරුණු කිහිපයක්‌ වැදගත් වෙයි. පළමුවෙන්ම සඳහන් කළ යුත්තේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඇතැම් නීතිඥයන් හැසිරී ඇති ආකාරය ය. ඔවුන් උසාවි භූමියේ ම ආවේගකාරී ලෙස හැසිරෙමින් තීන්දුවට විරුද්ධතාව පළ කර ඇත. එය කොතරම් දුරදිග ගොස්‌ ඇත්ද කිවහොත් නඩුව විභාග කළ විනිසුරු මඩුල්ලේ සභාපතිනිය ට ඒ නීතිඥයන්ගේ ආවේගකාරී හැසිරීම ගැන තම කනස්‌සල්ල පළ කිරීමට සිදු වී ඇත. බටහිර පද්ධතීන්හි ඇති ව්‍යාජ හැසිරීම් රටා ගැන මම හො¹කාරව ම දනිමි. විශ්වවිද්‍යාලවලට සම්බන්ධව අවුරුදු හතළිස්‌ අටක්‌ ගත කර ඇති මම පුහු උගතුන්ගේ සෝබන රඟපෑම් හො¹කාරව දනිමි. සරසවිවල ගෞරවය රැකගැනීම යන ව්‍යාජ සටන් පාඨයාට මුවා වී ඇතැම්හු තම ආධිපත්‍යය පවත්වා ගැනීමට පමණක්‌ ක්‍රියා කරති. සරසවියක හතර මායිමට වද්දා නොගතයුතු මොවුන්ට රැකගැනීමට හැකි ගෞරවය කුමක්‌ද? මෙරට බටහිර උගතුන් අතර ඉතා බහුලව ඇත්තේ අනුකාරක කුහකයන් බවද ඔවුන්ගෙන් රටට සත පහක වැඩක්‌ නැති බවද මම දනිමි. නිදහස්‌ අධ්‍යාපනයේ නාමයෙන් ඔවුන්ට අධ්‍යාපනයක්‌ ලබාදීමට ජනතාවගේ මුදල් වියදම් කිරීම බටහිර අර්ථයෙන්වත් ආයෝජනයක්‌ නොවන බවද දනිමි. එදා මෙන් ශරීර ලක්‍ෂණ බලා දුර්ජනයන් ඉවත් කර අනෙක්‌ අයට පමණක්‌ අධ්‍යාපනය ලබාදීම බටහිර ක්‍රමයට එකඟ නොවන බැවින් මූසිලයන් වූ බොහෝ නුසුදුස්‌සන් අද සමාජයේ වැදගත් යෑයි සැලකෙන පදවි දරන බවද රහසක්‌ නොවේ. කිසිසේත්ම විශේෂිත පිරිසක්‌ නොවන සරසවි ඇදුරන්ගෙන් එකකු විවෘත විශ්වවිද්‍යාලයේ සිට ආචාර්ය උපාධියේ මහඟු බව උඩ දමමින්, ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අයවැයට විරුද්ධව තම මඩිය තර කර ගැනීම සඳහා තමන් අතර බොහෝ මූසිලයන් වූද ගුත්තිලයන් නොවූ ද ඇදුරන් තවත් වර්ජනයකට කැඳවීමට උත්සාහ දරනු මම රූපවාහිනියේ දුටුවෙමි. උසස්‌ පෙළ පරීක්‍ෂණයේදී එක්‌ විෂයයකින් (මා සමත් විය යුතු විෂයයක්‌ ලෙස නොසැලකූ රසායන විද්‍යාවෙන්) අසමත් වූ මට ද ආචාර්ය උපාධියක්‌ ඇත. ඒ උපාධියේ තරම මම දනිමි. සාමාන්‍ය බුද්ධියක්‌ ඇති උසස්‌ පෙළ පරීක්‍ෂණයේදී සියලු විෂයයන්ගෙන් සමත්වීමට හැකි ඕනෑම අයෙකුට උපාධිය පංති සහිතව හෝ රහිතව හෝ සමත්වීමෙන් පසු හෝ උපාධිය දෙතුන් වතාවක්‌ අසමත්වීමෙන් පසු සමත්වීමෙන් හෝ නිරවුල්ව සිතීමේ හැකියාවක්‌ නැති වුවත් අවුරුදු කිහිපයක්‌ මහන්සි වී ක්‍රමානුකූලව වැඩ කිරීමෙන් උපදේශකවරයා අමනාපකර නොගතහොත් ආචාර්ය උපාධියක්‌ ලබාගත හැකිය. රජය ඉහත සඳහන් ඇදුරා යෝජනා කරන ක්‍රියාමාර්ගවලට එරෙහිව තදින් ක්‍රියා කළ යුතු අතර සරසවිවල විශේෂිත සේවයක්‌ කරන අනධ්‍යයන සේවකයන්ගේ දුක්‌ගැනවිලි සම්බන්ධයෙන් වැඩි අවධානයක්‌ යොමු කළ යුතුය. ඒ කෙසේ වුවත් මහාධිකරණයෙන් දුන් නඩු තීන්දුවකට විරුද්ධව එයට ඉහළ උසාවියකට අභියාචනයක්‌ ඉදිරිපත් කිරීමේ අයිතිය තිබියදී ඇතැම් නීතිඥයන් නීති ප්‍රකාර නොවන ආකාරයකින් නඩු තීන්දුවට අභියෝග කිරීම පිළිබඳ අපේ විරුද්ධතාව ප්‍රකාශ කළ යුතුය. හුණුවටයේ කතාවේ අසඩක්‌ නීතිය රැකීමට නීති කැඩුවේය. එහෙත් මහාධිකරණයේදී නීතියට අභියෝග කළාහු අසඩක්‌ලා නොවෙති.

මා සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු යෑයි යෝජනා කළේ ජනාධිපතිවරණය පිළිබඳ වූ නිලවරණ ව්‍යාපාරයේ දීමය. කුරුණෑගල පැවැත්වූ රැස්‌වීමකදී මම ඒ බව ප්‍රකාශ කළෙමි. ඒ පුවතට කිසිම ප්‍රසිද්ධියක්‌ නොලැබුණේ දැන් වසර ගණනාවක සිට ජනමාධ්‍යවල ප්‍රවෘත්ති කර්තෘවරුන් තම අවධානයෙන් මා බැහැර කර ඇති බැවිනි. විශේෂයෙන්ම රජයේ ජනමාධ්‍යවල එසේ බැහැර කෙරෙයි. මා සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු යෑයි යෝජනා කළේ ඔහු ඒ පිළිබඳව රත්නපුරයේදී හා අම්බලන්ගොඩ දී කළ කතා ජනමාධ්‍ය ඔස්‌සේ දැනගැනීමෙන් පසුව ය. අවාසනාවකට නඩු විභාගයේදී සරත් ෆොන්සේකා විසින් කරන ලද ඒ කථා එතරම් අවධානයකට ලක්‌ නොකෙරිණි. ඒ වෙනුවට සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරිය වූ ෙµ්‍රඩ්රිකා ජෑන්ස්‌ මහත්මියගේ වාර්තාවක්‌ ගැන උසාවියේ විශේෂ අවධානයට ලක්‌ කෙරිණි. නීතිය පිළිබඳ විශේෂඥයකු නොවූ මට එය එසේ වූයේ කිනම් හේතුවක්‌ නිසා දැයි කිව නොහැකිය. සන්ඩේ ලීඩර් නම් පත්‍රය නොකියවන මා එය දැනගත්තේ ප්‍රධාන වශයෙන්ම රූපවාහිනී මාධ්‍යයෙනි. අදාළ රූපවාහිනී වීඩියෝ පට සංරක්‍ෂණය වී නැද්දැයි නොදනිමි. කෙසේ වෙතත් සරත් ෆොන්සේකා කී කතාව භයානක වුවත් සරල ය. ඔහු මේ කතාව කීමට පටන් ගත්තේ ඇමරිකානු එක්‌සත් ජනපදයේ කරන ලද චාරිකාවකින් පසුවය. ඒ කතාවට අනුව සුදු කොඩි රැගෙන යටත්වීම සඳහා පැමිණෙන ත්‍රස්‌තවාදීන් කණ්‌ඩායමකට වෙඩි තබන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතාට පැවසූ බව එක්‌තරා හඳුනා නොගත් ජනමාධ්‍යවේදියකු සරත් ෆොන්සේකාට කියා ඇත. මේ කතාව ඉතා භයානක එකක්‌ බව එය ඇසූ විගස මට හැඟී ගියේය. බටහිරයන් ජනාධිපති රාජපක්‍ෂ මහතාට හා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඊනියා ජාත්‍යන්තර අධිකරණයේ "යුද්ධ අපරාධ" පිළිබඳව නඩු පැවරීමේ සූදානමක්‌ තිබූ බව අප ඒ වනවිට ද ප්‍රකාශ කර තිබිණි. ඇමරිකාව එක්‌ ප්‍රාන්ත අධිකරණයක ගෝඨාභය රාජපක්‍ෂ මහතාටත් සරත් ෆොන්සේකා මහතාටත් නඩුවක්‌ පවරා තිබිණි. එහෙත් ඒ සරත් මේ සරත් බවට පත්වීමෙන් පසුව (අර මොකක්‌දෝ කමිසය ගැලවීමෙන් පසුව නොව හෘදය සාක්‍ෂිය අමතක කිරීමෙන් පසු - හෘදය සාක්‍ෂියක්‌ නැත්තකුට ද අර කමිසය මේ කමිසය ඇඳගත් පමණින් මහත්වරුන් විය හැකි යෑයි උගන්වන ජඩ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි පාරිභෝගික සමාජයක ජීවත්වීමට අපට සිදුවී ඇත. කෙසේ වෙතත් අද මෙරට විශ්වවිද්‍යාලවල ද විලාසිතා සංදර්ශන ඔස්‌සේ මේ ජඩ කතා ද ශිෂ්‍යයන්ගේ මනස්‌වලට විදීම ෙ€දවාචකයකි. එක්‌ අතකට බටහිර විශ්වවිද්‍යාල ආකෘතිය අනුකරණය කරන මෙරට අපේ නොවන විශ්වවිද්‍යාලවලින් වෙනත් යමක්‌ බලාපොරොත්තු විය හැකිද නොවේ.) එනම් සරත් ෆොන්සේකා මහතා සරත් ෆොන්සේකා බවට පත්වීමෙන් පසුව ඇමරිකාවේ ඒ නඩු විභාගය පිළිබඳව ආරංචියක්‌ නැති වූ අතර ඊනියා යුද්ධාපරාධ පිළිබඳ චෝදනා රාජපක්‍ෂ සහෝදරවරුන්ට විරුද්ධව දිගින් දිගටම එල්ල විණි. එකලත් මෙකලත් මගේ අනුමානය වනුයේ බටහිරයන් සරත් ෆොන්සේකා ජනාධිපතිතුමාට හා විශේෂයෙන්ම රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාට එරෙහිව ඊනියා ජාත්‍යන්තර අධිකරණයක සාක්‍ෂිකරුවකු ලෙස යොදා ගැනීමේ උත්සාහයක්‌ ඇති බවය. මා සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු යෑයි ජනාධිපතිවරණ නිලවරණ ව්‍යාපාරයේ දීම ප්‍රකාශ කළේ සරත් ෆොන්සේකා කිරීමට බලාපොරොත්තු වූ පාවාදීම පිළිබඳ අවබෝධයක්‌ තිබූ බැවිනි. කෙසේ වෙතත් ජනාධිපතිවරණය අවසන් වනතුරු කිසිවක්‌ නොකළ යුතු යෑයි ආණ්‌ඩුව කල්පනා කරන්නට ඇත.

සරත් ෆොන්සේකා නිදහස්‌ කළ යුතු යෑයි කෑ ගසන පල්ලි නිකායේ භික්‍ෂූන් වහන්සේ ඇතුළු බොහෝ දෙනා පිටුපස යම් බලවේගයක්‌ ක්‍රියාත්මක වන බව පැහැදිලිය. ඔවුන් දැනුවත් ව හෝ නොදැනුවත්ව හෝ උත්සාහ කරන්නේ සරත් ෆොන්සේකා රාජපක්‍ෂලාට විරුද්ධව ඊනියා ජාත්‍යන්තර අධිකරණයෙහි සාක්‍ෂිකරුවකු බවට පත් කිරීම ය. එසේ කිරීමෙන් අවසාන වශයෙන් වාසි වන්නේ බටහිරයන් විසින් මෙහෙයවනු ලබන දෙමළ ජාතිවාදයට ය. සරත් ෆොන්සේකාට දඬුවම් දී ඇත්තේ අධිකරණයෙන් මිස කැබිනට්‌ මණ්‌aඩලයෙන් නොවේ. ඒ දඬුවම හා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අතර බොරු සම්බන්ධයක්‌ සෙවිය හැක්‌කේ කසිකබල් පඬියන්ටය. එජා පක්‍ෂයේ හා ජවි පෙරමුණේ බංකොලොත් නායකයෝ සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගනු ලැබුයේ මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නිසාය යන තුට්‌ටු දෙකේ හේතුව ඉදිරිපත් කරති. එය බටහිරයන්ගේ හිතට අල්ලන හේතුවකි. බටහිරයන්ගේ කසිකබල් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මහින්ද රාජපක්‍ෂ මහතා ක්‍රියා කරන්නේය යන්න තහවුරු කිරීමට එවැනි කතා ඉවහල් වෙයි. එහෙත් සරත් ෆොන්සේකා සුදු කොඩි සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය කෙතරම් දේශෙද්‍රdaහී වූවක්‌ ද යන්න අප වටහාගත යුතුය.

යම් අයුරකින් සරත් ෆොන්සේකා කියන්නේ සත්‍යයක්‌ යෑයි සිතමු. සුදු කොඩි රැගෙන එන්නන්ට වෙඩි තබන ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා ෂවේන්ද්‍ර සිල්වා මහතාට උපදෙස්‌ දුන්නේ යෑයි සිතමු. එය සිදු වූයේ සරත් ෆොන්සේකා නොදැනුවත් ව යෑයිද සිතමු. ඔහුට නොදැන්aවීමෙන් ඔහුගේa ප්‍රෙෘඪත්වයට පහරක්‌ වී යෑයි ද සිතමු. එසේ වුවත් ඔහු ඒ වනවිට හමුදාවේ අණ දෙන්නා විය. හමුදාවේ සිදුවූ සියලු දේට අවසාන වශයෙන් වගකිවයුත්තේ ඔහුය. ඔහු ඒa සිද්ධියට විරෝධය පා ඉල්ලා අස්‌ නොවුණා පමණක්‌ නොව පසුව ත්‍රිවිධ හමුදාවේම මාණ්‌ඩලික නිලධාරී පදවියටද පත්විය. එබැවින් සුදු කොඩි සිද්ධිය සත්‍යයක්‌ වුවත් ඒ වකවානුවේ හිටපු හමුදාපති ලෙස එවැනි ප්‍රකාශයක්‌ කිරීම හමුදාව පාවාදීමකි. එයට ඔහුට දඬුවම් නොකළ යුතු යෑයි යමකු කියන්නේ කිනම් පදනමකින්ද? අනෙක්‌ අතට එවැනි සිද්ධියක්‌ සිදු නොවී නම් ඔහු එය හිතා මතා හෝ වෙනත් අයකුගේ බහට හෝ කියන කතාවකි. එහි අරමුණ කවරේද? රාජපක්‍ෂවරුන් බටහිරයන්ට පාවාදීම ද? එමගින් රටම පාවාදීමද? දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ දී සරත් ෆොන්සේකා වැදගත් කාර්යභාරයක්‌ ඉටු කළ බව සැබෑය. එහෙත් ඉන්පසු ඔහු කරන්නේ දෙමළ ජාතිවාදයට රට පාවාදීමය. ඔහුට නිදහසේ හැසිරීමට ඉඩ දීම භයානක කාර්යයකි. අප බටහිරයන්ගේ අවශ්‍යතාවට කිසිවිටෙකත් යට විය යුතු නොවේ.
 

2011-11-26 

Related

ෆොන්සේකා 9132863840289212067

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item