බින් ලාඩන් මැරූ හැටි විස්‌තර කරන "පොත"
-චතුර පමුණුව පකිස්‌තානයේ බලවත්ම පුද්ගලයා වන්නේ එරට ජනාධිපති අසිෆ් අල් සර්දාරි නොව හමුදාපති අෂ්ෆාක් පර්වේස් කයානිය. නැවත ...

http://weadikawa.blogspot.com/2011/11/blog-post_388.html

පකිස්‌තානයේ බලවත්ම පුද්ගලයා වන්නේ එරට ජනාධිපති අසිෆ් අල් සර්දාරි නොව හමුදාපති අෂ්ෆාක් පර්වේස් කයානිය. නැවත වරක් පකිස්‌තානය හමුදා පාලනයකට නතුවේද යන බිය සැක පැතිරෙමින් පවතී. විශේෂයෙන්ම පකිස්‌තාන ජනපතිවරයාම මේ ගැන ඇමරිකානු ආරක්‍ෂක ප්‍රධානීන්ට අනතුරු අඟවා ඇත. ඉකුත් මැයි 02 වැනිදා පකිස්‌තානයේ ඇබෝටාබාද් හිදී ඇමරිකානු සීල් භටයින් විසින් අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැමීමෙන් පසුව දෙරට අතර හොඳ හිත බොහෝසෙයින් පලුදුව ඇත.
ඔසාමා බින් ලාඩන් මරා දැමීමේ මෙහෙයුමෙන් පසුව ඇමරිකාව මේ ගැන මුලින්ම දැනුම් දුන්නේ පකිස්‌තානයේ හමුදාපතිවරයාටය. ඇමරිකානු මාණ්‌ඩලික ප්‍රධානී මයික් මුලන් පකිස්‌තාන වේලාවෙන් පාන්දර තුනට පමණ ජෙනරාල් කයානිට දුරකථනයෙන් කතා කර මේ ප්‍රහාරය ගැනත් බිල් ලාඩන් මරා දැමීම ගැනත් දැනුම් දුන්නේය. මේ නිසා පකිස්‌තාන රජයත් හමුදාවත් බලවත් කැළඹීමකට පත්වූ අතර එම සිද්ධිය නිසා ඇතිවූ අමනාපකම් මෙතෙක් සමනය වී නැත. ඇත්තෙන්ම බින් ලාඩන්ගේ මරණය සිදුවී මාස ගණනක් ගතවී ඇති අවස්‌ථාවක අපට මේ සිද්ධිය ගැන නැවත මෙනෙහි කිරීමට අවශ්‍ය වූයේ අල්ඛයිඩා නායකයාගේ ඝාතන මෙහෙයුම ගැන පොතක් නිකුත්වී ඇති නිසාය.

ඇමරිකානු සීල් භටයින් බින් ලාඩන් මරා දැමීමට සිදු කළ මෙහෙයුම නම් කර ඇත්තේ Operation Neptune Spear ලෙසය. ඇමරිකානු සීල් භටයින්ට අණ දුන් ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් බළඇණියේ ප්‍රධානී වයිස් අද්මිරාල් විලියම් එම්. මැක්‌රවන්ගේ පත්වීම සිදු කළ දිනය චක් වැරදියට යොදා ඇති බවත් ඉරාකයේ අල්ඛයිඩා නායක අබු මුසාවි මරා දැමුවේ ෙඩ්‍රාන් ප්‍රහාරයකින් බව ජෙරනිමො කෘතියේ සඳහන් කර ඇති නමුත් එය සිදුවූයේ ගුවන් ප්‍රහාරයකින් බව මේ කෘතියට එරෙහි අදහස් දක්‌වන හමුදා නිලධාරීහු කියති. ඇමරිකානු සීල් භටයින් මෙම මෙහෙයුම සඳහා පැමිණියේ ඇµaගනිස්‌තානයේ ජලාලාබාද් කඳවුරේ සිටය. මේ නිවස ජලාලාබාද් කඳවුරේ සිට කිලෝමීටර් 373 ක් ඈතින් පිහිටි අතර ඇබොටාබාද් නගරයේ සිට කිලෝමීටර් 55 ක් දුරින් පිහිටා තිබිණි. ඇමරිකානු රජය හෙළි කරන තොරතුරු අනුව බින් ලාඩන් මරා දැමීමේ මෙහෙයුමට හෙලිකොප්ටර් හයකින් සීල් භටයින් 79 දෙනෙක් සහභාගි වූ අතර මේ පිරිසට හමුදා සුනඛයකු ද එක්‌විය. මේ සුනඛයා "කයිරෝ" නම් වේ. බින් ලාඩන්ගේ නිවසේ ළමුන් ඇතුළුව 22 දෙනෙක් සිටි අතර එයින් 5 දෙනෙක් (බින් ලාඩන් ඇතුළුව) මරා දැමුණු අතර 17 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී. එක් අයකු පැන ගොස් ඇත.
2010 අගෝස්‌තු වන විට සී.අයි.ඒ. සංවිධානය ඇබොටාබාද්හි මේ නිවස හඳුනාගත් අතර 2011 සිට ඇමරිකාවේ ප්‍රධානතම සතුරා විනාශ කිරීම සඳහා මෙහෙයුම් සකස් කෙරිණි. ජනපති ඔබාමාගේ ප්‍රධානත්වයෙන් 2011 මාර්තු මාසයේ රැස්‌වුණු ජාතික ආරක්‍ෂක කමිටු රැස්‌වීමේදී මෙම නිවසට කිලෝග්‍රෑම් 910 ක බෝම්බයක් දමා විනාශ කිරීමේ හැකියාව ගැනත් සාකච්ඡා වූ නමුත් සිවිල් වැසියන්ට වන හානි වළක්‌වා ගැනීම සඳහා ගුවන් ප්‍රහාරයක් සිදු කිරීම අත්හිටුවන ලදී. මාර්තු 29 වැනිදා ජනපති ඔබාමා අද්මිරාල් මැක්‌රුවෙන්ට නියෝග කළේ හෙලිකොප්ටර් යොදාගෙන මෙහෙයුමක් කර බින් ලාඩන් විනාශ කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසයි.
විකිපීඩියා වෙබ් අඩවිය හෙළි කරන තොරතුරුවලට අනුව ඇබොටාබාද් නිවසේ තුන්වැනි මහලේ පිහිටි කාමරයකට සීල් භටයින් ඇතුළු වන විට බින් ලාඩන්ගේ බිරියන් දෙදෙනා සිය සැමියා ආවරණය කරගෙන සිටගෙන සිට ඇත. අමාල් අහමඩ් නමැති එක් බිරියක් අරාබි භාෂාවෙන් කෑගසා ඇති අතර එහිදී සීල් භටයෙක් මේ කාන්තාවගේ කකුලට වෙඩි තබා ඇත. පසුව මේ ගැහැනුන් දෙදෙනා ඇද දැමූ සීල් භටයෝ ලාඩන්ගේ පපුවටත් හිසටත් වෙඩි තබා ත්‍රස්‌ත නායකයාව පරලොව යෑවූහ. පකිස්‌තාන වේලාවෙන් අලුයම එකට පමණ බින් ලාඩන් ඝාතනය කරනු ලැබීය. මේ මෙහෙයුම විනාඩි 30 කින් සිදු කිරීමට සැලසුම් කර තිබුණ ද ඒ සඳහා විනාඩි 38 ක් ගතවිය. කෙසේ නමුත් මෙහෙයුමේ මුල් විනාඩි 15 තුළ බින් ලාඩන් මරා දැමූ බව ඇමරිකානු මාධ්‍ය කියයි. චක්‌ගේ ග්‍රන්ථයේ සඳහන් වන්නේ බින් ලාඩන්ට වෙඩි තැබූ සීල් භටයා "දෙවියන් හා රට වෙනුවෙන්" යනුවෙන් හඬ නැඟූ බවයි. කෙසේ නමුත් ඇමරිකාවට බින් ලාඩන් මැරීමට ඩොලර් ටි්‍රලියන 1.3 ක් වැය කරන්නට සිදුවිය. ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධය නිසා ලොව පුරා මිලියනයක් ඝාතනය වූ බවත් අප අමතක කළ යුතු නැත.
චතුර පමුණුව
-උපුටා ගැනීම
ඉරිදා දිවයින
2011-11-20
ඉරිදා දිවයින
2011-11-20