ඉරාක වැසියන් හත් ලක්‍ෂයකගේ මරණවලට වගකිවයුත්තේ කවුද?
-චතුර පමුණුව ඇමරිකාවේ ගෞරවනීයම ආයතනය ලෙස එරට ජනපති බැරක් ඔබාමා හඳුන්වන ඇමරිකන් හමුදාව දැන් ඉරාකයෙන් පිටව ගොස් ඇත. 2003 දී ඇරඹුණු ...

ඉරාකය ආක්‍රමණය කරන්නට තදින්ම අවශ්‍ය වූයේ හිටපු ඇමරිකානු ජනපති ජොර්ඡ් බුෂ්ටය. 2002 වසරේ සැප්තැම්බර් මාසයේදී එක්‌සත් ජාතීන්ගේ මහ සමුළුව අමතමින් බුෂ් ජනපතිවරයා ප්‍රකාශ කර සිටියේ ඉරාකය, ජීව රසායන විද්‍යා අවි නිපදවන බවත් මේ ගැන තවදුරටත් නිහඬව බලා සිටීම

ඇමරිකාව ඉරාකය ආක්‍රමණයට සුදානම් වෙද්දී එරටින්ම විශාල විරෝධයක් එල්ල වූයේ මෙය කිසිම තේරුමක් නැති අනර්ථකාරී යුද්ධයක් වන නිසාය. 2002 ඔක්‌තෝම්බර් මාසයේදී චිකාගෝ නුවර යුද විරෝධී රැස්‌වීමක් ඇමතු එවක ඉලිනොයි ප්‍රාන්තය නියෝජනය කළ සෙනෙට් සභික බැරක් ඔබාමා "මම යුද්ධයට විරුද්ධ නැහැ. නමුත් නිරර්ථක ගොළු යුද්ධයකට විරුද්ධයි. කාර්ල් රොම් විසින් දෙන උපදෙස්‌වලට අනුව කරන තේරුමක් නැති යුද්ධවලට මම විරුද්ධයි." එදා ඇමරිකාවේ ඉරාක යුද්ධයට ප්‍රබල හඬක් නැගු නිසාම ඔබාමාට ජනපති වීමටත් හැකිවිය. එනිසා ජනපති ධුරයට පත්වී වසර තුනක් ඉක්‌ම යද්දී ඉරාකයේ විසූ සියලුම භට පිරිස් නැවත ඇමරිකාවට ගෙන එන්නට ඔබාමා කටයුතු කළේය. ඉරාක ආක්‍රමණයට එරෙහිව ලොව පුරා මිලියන තුනක ජනතාව පෙළ පාලි ගිය අතර ඇමරිකාවේ පමණක් අධික සීතලද නොතකා දස ලක්‍ෂයක් දෙනා නිව්යෝර්ක් නුවර පෙළපාලි ගියහ. එහෙත් ජොරඡ් බුෂ් හා කාර්ල් රොව් (ජනපති උපදේශක) ගේ මෙහෙයුම නැවතුනේ නැත.
දෙසැම්බර් 16 වැනිදා ඇමරිකානු හමුදා සිය අවසන් කඳවුර වූ කෑම්ප් ඇඩර් ඉරාක රජය වෙත භාර දෙන ලදී. එයින් පසු ඇමරිකානු භටයන් සිය බඩුමුට්‌ටු පටවාගෙන කුවේට් රාජ්‍යය වෙත ගමන් කළහ. එදිනම ඉරාකයේ තලුජා නගරයේ දහස් ගණන් දෙනා රැස්‌වී ඇමරිකන් කොඩි ගිණි තබමින් මේ ආක්‍රමණයට එරෙහිව උද්ඝෝෂණය කළහ. මේ උද්ඝෝෂණයට සහභාගිවූ මාරියම් කාසිම් ප්‍රකාශ කළේ "ඇමරිකානුවෝ අපේ රට විනාශ කරලා නැවත යනවා. ඔවුන් අලුත් පාසල්වත් අලුත් කර්මාන්තශාලාවත් හදලා නෙවෙයි යන්නේ. දහස් ගණන් අනාථයින් හා වැන්දඹුවන් බිහිකරලා පමණයි" යනුවෙනි. ඇමරිකානු ආක්‍රමණය නිසා මියගිය ඉරාක වැසියන්ගේ ප්‍රමාණය දශ ලක්‍ෂයක් බව සමහර වාර්තා කියන අතර ලැන්සෙට් වාර්තාව පවසන්නේ එම ප්‍රමාණය ලක්‍ෂ හතක් බවයි. කෙසේ නමුත් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව ඇමරිකාව ආරම්භ කළ ත්‍රස්‌ත විරෝධී මෙහෙයුම් නිසා දැනටමත් ලොව පුරා දශලක්‍ෂයක් ඝාතනයවී හමාරය. මේ පිරිස අතර ඇති අල්ඛයිඩා සාමාජිකයන් ප්‍රමාණය තලෙබාන් සාමාජිකයන් ප්‍රමාණය කොපමණද? අප දන්නේ නැත. නමුත් බින්ලාඩන් මරා දැමීමේ මෙහෙයුමේදී ඔහුත් සමඟ තවත් මිලියනයකට මරුතුරුලට යන්නට සිදුවිය.
ඉරාක වැසියන් ලක්‌ෂ ගණකගේ ඝතනවලට වගකිව යුත්තේ මියගිය සදාම් හුසේන් නම් නොවේ. ඔහු ජීවත්ව සිටියානම් මේ මියගිය වැසියන්ගෙන් 99% ක්‌ම යහතින් ජීවත්වනු ඇත. නමුත් මේ යුද අපරාධය ගැන ඇමරිකාවට චෝදනා කරන්නේ කවරහුද? ඇමරිකානු යුද අපරාධ පිළිබඳ ලොවම දැනගන්නේ අබුග්‍රායිබ් සිර කඳවුරේ සිදුවූ සිද්ධීන් හරහාය. එහෙත් දැන් අබුග්‍රායිබ් සිර කඳවුරේ නමද බැග්ඩැග් මධ්‍යම බන්ධනාගාරය ලෙස වෙනස්‌වී ඇත. ඒ අනුව නම වෙනස්‌වීම තුළින්ම ඒ අපරාධය ඉතිහාසයට එක්‌වනු ඇත. ඉරාකයේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඇමරිකානු භටයන්ට විරුද්ධව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ඉරාක පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවද ආපසු හරවන්නට සිදුවූයේ ඇමරිකානු රජයේ විරෝධය නිසාය. මේ නිසා නුරි අල්මලික්‌ගේ ෂියා බහුතර රජය දැඩි අපහසුතාවයට පත්විය. ඉරාකයේ හදිතා නුවරදි ඇමරිකානු සොල්දාදුවෝ 24 දෙනෙක් අමු අමුවේ මරා දැමූහ. මේ මිය ගිය පිරිස අතර රෝද පුටවක සිටි 76 හැවිරිදි මහල්ලෙක්, ළමුන් මෙන්ම බිළිදු දරුවන්ද ඇතුළත් විය. මේ ඝාතනය ගැන පිටු හාරසියක වාර්තාවක්‌ද නිකුත් විය. මේ වැරදිකරුවන්ට නිසි ලෙස දඩුවම් ලබාදීමට ඉරාක රජයට හැකි වූයේද යන්න ප්‍රශ්නයකි. මේ ඉරාකයේ දී ඇමරිකාව සිදුකළ යුද අපරාධ ගොන්නෙන් එකක් පමණි.
2003 සිට 2011 දක්‌වා ඉරාකයේ ඇමරිකාව සිදුකළ මෙහෙයුම් නිසා මියගිය වැසියන් වෙනුවෙන් සාධාරණය ඉටුකිරීමට හේග් නුවුර අන්තර්ජාතික යුද අධිකරණය මැදිහත්වන්නේද? මේ ලක්‍ෂ හතක මරණ සම්බන්ධව වගකිව යුත්තේ ජොර්ඡ් බුෂ්ද? ඩික් ෙච්නිද? නැත්නම් ඩොනල්ඩ් රම්ස්‌ෙµල්ඩ්ද? එසේ නොවන්නේ නම් කාර්ල් රෝම්ද? ඇමරිකානු හමුදා ඉරාකයෙන් නික්‌ම

චතුර පමුණුව
ඉරිදා දිවයින
2012-01-08