දුර්ගාගෙන් වෙන්වීම හා ඉන්පසු වැඩ ඇරැඹීම
-මහාචාර්‍ය නලින් ද සිල්වා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස ආණ්‌ඩුවෙන් මට දිගුවක් නො ලැබුණි.මට දිගුවක් ලැබුණ් ගණිත...
http://weadikawa.blogspot.com/2012/01/blog-post_7981.html
-මහාචාර්‍ය නලින් ද සිල්වා
කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස ආණ්‌ඩුවෙන් මට දිගුවක් නො ලැබුණි.මට දිගුවක් ලැබුණ් ගණිත අධ්‍යානාංශයේ මහාචාර්යවරයකු ලෙසය. එය නීතියට පටහැනි නොවේ. විශ්වවිද්‍යාලවල සේවය කරන හා කළ ගොඩ පෙරකදොaරු ඇදුරෝ එය නීතියට පටහැනි බව කීවෝය. එහෙත් ඔවුහු ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය අභියාචනා මණ්‌ඩලයට හෝ අධිකරණයට හෝ නො ගියෝය. ඔවුහු සුපුරුදු පරිදි ඔවුන්ගේ ලිපි පළ කරන සති අන්ත සිංහල බෞද්ධ විරෝධී කසිකබල් පුවත්පතකට පමණක් ලිවූහ. ගොඩ පෙරකදොaරුවන්ගේ බහට මා එකඟ නොවන බවත් මා සමුනොගන්නා බවත් මගේ සේවා දිගුව නීත්‍යානුකූල බවත් මම දිවයින ඉරිදා සංග්‍රහය මගින් කියා සිටියෙමි. සේවා දිගුව සමඟ නීත්‍යනුකූලව ම මගේ පීඨාධිපති පදවිය 2011 දෙසැම්බර් 31 වැනි දා දක්‌වා දික්‌කෙරිණි. ඒ අනුව මගේ පීඨාධිපති පදවියේ වලංගු බව දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් විය. එහෙත් අවශ්‍ය නම් මට තවත් වසරක් හා මාස නවයක පමණ කාලයක් ගණිත අංශයේ මහාචාර්යවරයකු ලෙස සේවය කළ හැකිව තිබිණි.
මා සේවා දිගුව භාරගත්තේ ප්‍රධාන වශයෙන් ම නාථ දෙවියන්ගේ අවශ්‍යතාව පරිදි රජරට වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීමටය. එසේ සකස් කිරීම පීඨාධිපති තනතුර සමඟ සෘජුව බැඳී ඇත. මගේ කාර්යභාරය 2011 අගෝස්‌තු මස පමණ වන විට අවසන් වී තිබිණි. නාථ දෙවියන්ට ද තවදුරටත් මගේ කාර්යභාරය අවශ්‍ය නොවූ බව මට පැහැදිලි විය.

එබැවින් පසුගිය නොවැම්බරයේ නව අධ්‍යයන වර්ෂයේ ආරම්භයත් සමඟ ගණිත අංශයේ මහාචාර්ය ධුරයෙන් ද ඒ සමඟ පීඨාධිපති තනතුරෙන් ද ඉල්ලා අස්‌වීමේ ලිපිය අගෝස්‌තු මාසයේ දී උපකුලපතිතුමාට යෑවීමි. ඒ ඉල්ලා අස්‌වීමේ ලිපිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් ද පිළිගන්නා ලදී. එහෙත් ඉන් පසු විද්‍යා පීඨයේ ඇදුරෝ සමහරෙක් මා එක් ශිෂ්‍යයකුට පරීක්‍ෂණය අවසන් වීමෙන් පසුව එක් ප්‍රශ්න පත්‍රයකට පෙනී සිටීමට අවසර දී විභාග අක්‍රමිකතාවක් සිදු කළේ යෑයි කියමින් ඒ පිළිබඳ පරීක්‍ෂණයක් කරන්න යෑයි උපකුලපති තුමාගෙන් ඉල්ලා සිටියහ. උපකුලපතිතුමා ද ඒ ඉල්ලීමට විශේෂ සැලකිල්ලක් දක්‌වමින් පාලක සභාව රැස්‌වීමට පෙර පාලක සභාවේ සාමාජිකයන්ගේ කැමැත්ත අත්සන් මගින් ලබාගෙන ඔවුන්ගේ චෝදනාව පිළිබඳ විභාග කිරීමට පියවර ගත්තේය (සාමාන්‍යයෙන් ආචාර්යවරයකුට විරුද්ධව චෝදනාවක් ඇති විට පාලක සභාව රැස්‌වී එය විභාග කළ යුතු නම් ඒ සඳහා පුද්ගලයකු පත්කිරීමට තීරණය කර ඒ තීරණය සඳහන් වාර්තාව ඊළඟ පාලක සභා රැස්‌වීමේදී සම්මත කිරීමෙන් පසුව පමණක් විභාගය ආරම්භ වෙයි. මට විරුද්ධව චෝදනාවක් ඇතිවිට එයට මුහුණ නොදී ඉල්ලා අස්‌වීම නුසුදුසු යෑයි සිතූ මම ඉල්ලා අස්‌වීමේ ලිපිය අස්‌කර ගත්තෙමි.
මා කලින් ද සඳහන් කර ඇති පරිදි මූලික විමර්ශනයේදී ම මම නිදොස් වීමි. අදාළ ශිෂ්‍යයා ප්‍රමාද වී විභාගයට පැමිණියකු මිස පරීක්‍ෂණය අවසානයේදී පැමිණියකු නොවේ. එපමණක් නොවේ. එකී විමර්ශනය පැවැත්වු හිටපු මහාධිකරණ විනිශ්චයකාර තුමා තම වාර්තාවෙන් කියා ඇත්තේ මගේ සේවා කාලය දීර්ඝ කිරීම හේතුවෙන් තනතුරු ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටියවුන් ඒ බලාපොරොත්තු කඩවීම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇති බවය. පසුගිය දා විද්‍යා පීඨයේ පීඨාධිපති තනතුරට පත් වූයේ එවැන්නෙකි. පසුගිය මාස කිහිපය මුළුල්ලේ ම විද්‍යා පීඨයේ ප්‍රශ්න ඇති කළේ ප්‍රධාන වශයෙන් ම ඔහුය. ඒ පීඨාධිපති වීමේ අරමුණින්ය. හැකිනම් මේ කතාව වැරැදි නම් මට විරුද්ධව අධිකරණය ඉදිරියට යන ලෙස මම අභියෝග කරමි. එවිට එකී වාර්තාව අධිකරණය ඔස්‌සේ ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත්කර ගැනීමට මට හැකිවනු ඇත. කෙසේ වෙතත් චෝදනාවලින් නිදහස් වූ මට විශ්වවිද්‍යාලයෙන් අස්‌වීමට බාධාවක් නොතිබිණි. මා සරසවියෙන් නොව දුර්ගාගෙන් ඉවත්වූයේ නිදොස් පුද්ගලයකු ලෙසය. එපමණක් නොව මගේ කාර්යභාරය යම් ප්‍රමාණයකට වුවද සාර්ථකව නිමකළ පුද්ගලයකු ලෙසය. ඒ මිස ආචාර්ය සංගමය වටා බැඳුණු නිවට ඇදුරන් කිහිප දෙනකුගේ බලපෑමට යටවී නොවේ. දුර්ගා එළවා සරසවිය කැඳවීමට නොහැකි වුවත් ඒ සඳහා මැකිය නොහැකි පියවර කිහිපයක් ගැනීමට හැකිවීම මගේ භාග්‍යයක් ලෙස සලකමි.
කැලණිය විශ්වවිද්‍යාලයේ ඇදුරන්ගෙන් බහුතරයක් මට විරුද්ධ වෙති. එපමණක් නොවේ. සමස්‌ත විශ්වවිද්‍යාල පද්ධතියේම ගුරුවරුන් බහුතරයක් මට විරුද්ධ බව මම දනිමි. විටින් විට ලිපි ලියමින් මා බලාපොරොත්තු වන්නේ එහි ජාතික වූ පසුබිම දැක්‌වීමටය. මා නැවතත් සඳහන් කරනුයේ මේ විරුද්ධත්වය පිටුපස ජාතික හා ජාත්‍යන්තර දේශපාලනයක් ක්‍රියාත්මක වන බවය. එය කිසිසේත්ම පෞද්ගලික වූවක් නොවේ. මෙවැනි කරුණුවලට කුමන්ත්‍රණ යෑයි කියන්නෝ කරුණු හඳුනාගැනීමට නොහැකි අය පමණක් වෙති. මට ඉහත කී අයුරින් විරුද්ධත්වයක් ඇති නොවේ නම් පමණක් මම පුදුමයට පත්වෙමි. මේ විරුද්ධත්වයට ප්‍රධාන හේතු කිහිපයක් ඇත.

පළමුවෙන් ම බටහිර දැනුමේ ආධිපත්‍යයට ඇති මගේ තදබල විරුද්ධතාවය ය. එය දාර්ශනික පදනමක් මත කෙරෙන විරුද්ධතාවකි. 1986 දී මගේ ලෝකය පළකිරීම මගේ විරෝධතා ව්‍යාපාරයේ වැදගත්ම සන්ධිස්‌ථානයකි. එහෙත් එය ආරම්භය හෝ අවසානය හෝ නොවේ. මට දැන ගැනීමට ලැබී ඇති ආකාරයට තම ශිෂ්‍ය අවධියේ සිටම මා විවේචනය කිරීම ඔස්‌සේ පොරක් වීමට දඟලන පුහු ඇදුරකු මගේ දාර්ශනික කටයුතු මගේ ලෝකයෙන් අවසන් වී ඇති බව පවසා ඇත. එක්‌කෝ ඔහු දර්ශනය යනු කුමක් දැයි නො හඳුනයි. නැතහොත් ඔහු මගේ ලෝකයේ පසු මුද්‍රණවත් නොකියවූ අයකු විය විය යුතුය. එසේත් නැතහොත් ඒ දෙකම විය යුතුය. මා ඇතැම් කරුණු සම්බන්ධයෙන් මගේ ලෝකයේ දැක්‌වෙන දැ සමග එකඟ නොවන බව පසු මුද්‍රණවල දක්‌වා ඇත. මගේ ලෝකයෙන් මගේ දාර්ශනික කටයුතු අවසන් වී නම් එවැනි වෙනස්‌කම් ඇතිවිය නොහැකිය. හැරත් මගේ දාර්ශනික ලිපි දැන් අවුරුදු කිහිපයක් මුළුල්ලේ පළවන්නේ "විදුසර" පුවත්පතෙහිය.
බටහිර දැනුම යනු තවත් දැනුම් පද්ධතියක් පමණක් බවත් එය ඊනියා යථාර්ථයක් නොවන බවත් එය වාස්‌තවික වූ දැනුමක් නොවන බවත් මම නිර්භයව ප්‍රකාශ කරමි. දැනුම යනු සංස්‌කෘතියකට උඩින් වූ පද්ධතියක් නොවේ. බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියේ කොටසකි. එය ඊනියා වාස්‌තවික බාහිර ලෝකයක් පිළිබඳ කෙරෙන ගවේෂණයකින් ඇතිවන්නක් නොව මනස් සහිත මිනිසුන්ගේම නිර්මාණ වෙයි. මිනිස්‌සු ද අනෙක් සත්තු ද දැනුම නිර්මාණය කරති. මිනිසුන් එසේ කරන්නේ තම පංෙච්න්ද්‍රියන්ට, මනසට හා සංස්‌කෘතියට සාපේක්‍ෂව එහිදී ඔවුහු චින්තනයක් මත පදනම් වෙති. චින්තනයක් යනු සුසමාදර්ශයකට වඩා පළල් වූවකි. (බොහෝ සරසවි ඇදුරෝ චින්තනය තබා සුසමාදර්ශය යන්නවත් නො දනිති.) මිනිසුන් දන්නා ලෝකය වූ කලී ඔවුන්ගේ සංකල්ප හා ප්‍රවාදවල එකතුවකි. ඒ සංකල්පීය ලෝකය ශූන්‍ය වූවකි. මිනිසුන්ගේ ද අනෙක් සතුන්ගේද දැනුම් යනු හුදු සම්මුති දැනුම් පමණකි.

අප සියලු දෙනාම දැනුම් නිර්මාණය කරන්නේ අවිද්‍යාව හේතුකොටගෙන ය. මා සිතන ආකාරයට අවිද්‍යාව යනු අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම නො දැනීමය. සත්වයන්ගේ මනස්‌වල නිර්මාණවලින් ඔබ්බෙහි වූ ඊනියා බාහිර ලෝකයක් ගැන කතාකිරීම දෙවියන් කැඳවීමකි. අග්ගඤaඤ සූත්‍රයට අනුව ප්‍රාණීන් නැති ලෝකයක් නැත. එහි සඳහන්වන ලෝක විකාශය ඩාවින්ගේ ඊනියා පරිණාමවාදයට සම්පූර්ණයෙන්ම පටහැණිය. ඩාවින්ගේ ප්‍රවාදය ද ඊනියා මහා පිපුරුම ද බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියේ බිහිවූවකි. එහි නිර්මාපකයකු නැති වුවත් නිර්මාණයක් වෙයි. විකාශය අකාබනිකයෙන් කාබනිකයටත්, කාබනිකයෙන් ජීවයටත් විහිදෙයි. බටහිර විද්‍යාවේ ප්‍රාණය, මනස, සිතීම ආදි සියල්ල අකාබනිකයෙහි විකාශයෙහි ප්‍රතිඵල ලෙස අවසාන විග්‍රහයෙහි දී කියෑවෙයි.
එහෙත් අග්ගඤ්ඤ සූත්‍රයෙහි ඇත්තේ වෙනත් විකාශයකි. එහි කල්පාරම්භයෙහිම ආභස්‌සර බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයෝ රස පොළොවට එති. ඔවුන්ට රළු සිරුරු ලැබෙන්නේ රස පොළොව ආහාරයට ගැනීමෙනි. බෞද්ධ සාහිත්‍යයෙහි ඉගැන්වෙන ලෝක විකාශය හා බටහිර විද්‍යාවේ මහා පිපිරුම හා ඩාවින්ගේ පරිණාමය අතර ඇත්තේ අහසට පොළොව මෙන් වූ වෙනසකි. එහෙත් මෙරට බෞද්ධ උගතුන් යෑයි කියාගන්නා අයට කිසිම ගැටලුවකින් තොරව ඒ දෙකම පිළිගත හැකිය. එසේ කිරීමට හැකිවී ඇත්තේ මේ බෞද්ධ උගතුන් යෑයි කියාගන්නා අය එක්‌කෝ නොසිතන නිසාය. නැත්නම් බටහිර දැනුමේ නිවට දාසයන් වූ නිසාය. බොහෝ විට ඒ දෙකම නිසාය. මම බෞද්ධයෙක්‌මි. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමේ කිසිම වූ ආකාරයක දාසයකු නොවෙමි.
මම පෘථග්ජනයකු බැවින් බෞද්ධයකු වීමේ අභිමානයෙන් ඩාවින්ගේ පරිණාමවාදයත් අයින්ස්‌ටයින්ගේ විශ්වවේදයේ ප්‍රතිඵලයක් වූ මහා පිපිරුමත් ප්‍රතික්‍ෂේප කරමි. අපෙන් තොරව, මිනිසුන්ගේ මනස්‌වලින් තොරව ලෝකයක්, ඊනියා වාස්‌තවික වූ ලෝකයක් ඇති බව, මනසින් තොරව පෙන්වන ලෙස මා ඊනියා භෞතිකවාදීන්ට (ද්‍රව්‍යවාදීන්ට) අභියෝග කර බොහෝ කල්ය. ඔවුන්ට එසේ පෙන්වීමට නොහැකි බව මම දනිමි. මෙරට සිටින නිවට භෞතිකවාදීන්ට නම් ඒ ගැන සිතීමටවත් නොහැකිය. ඊනියා වාස්‌තවික ලෝකය දැක ඇත්තේ කවුද? එය කිසිම මිනිසකුගේ නිරීක්‍ෂණයක් නොවේ. එය හුදෙක් තර්කයෙන් එළැඹෙන වියුක්‌ත නිගමනයක් පමණකි. වියුක්‌තය දකින්නකු වේ නම් දෙවියන් වහන්සේ විය යුතුය. අප මනස ආධාරයෙන් නිරීක්‍ෂණය කරන ලෝකය ඔස්‌සේ ඊනියා වාස්‌තවික ලෝකයක් දකින්නේ කෙසේද? අනෙක් අතට තර්කය යනු කුමක්‌ද? තර්කය යනු යම් න්‍යායක් (ලොජික්) මත පදනම් ව ඒ න්‍යාය සමඟ සංගත ව යම් ප්‍රස්‌තූතයකින් පටන්ගෙන තවත් ප්‍රස්‌තූතයක් කරා එළැඹීමේදී යොදා ගන්නා ක්‍රමවේදයක් පමණකි. අද ලෝකයේ බටහිර දැනුම් ආධිපත්‍යය යටතේ යොදා ගැනෙන්නේ ඉතාම දුප්පත් න්‍යායක් වූ ඇරිස්‌ටෝටලීය න්‍යායය. එය එකම න්‍යායවත් නිවැරැදි න්‍යායවත් නොවන බව බොහෝ ඇදුරෝ නො දනිති.
මහාචාර්‍ය නලින් ද සිල්වා
උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-01-08
උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-01-08