නව ලිබරල්වාදය සහ පාතාලය

-ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මෙවර අ‍පොස උසස් පෙළ විභාග ප්‍රතිඵලය විශාල මගඩි වැඩක් හැටියට එළිදරව් වෙලා තිබුණත් රජය ඒ ප්‍රතිඵල ගැනම අවධාරණය ක...

-ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
මෙවර අ‍පොස උසස් පෙළ විභාග ප්‍රතිඵලය විශාල මගඩි වැඩක් හැටියට එළිදරව් වෙලා තිබුණත් රජය ඒ ප්‍රතිඵල ගැනම අවධාරණය කරනවා. ප්‍රතිඵලවල ඇති අපූරු සිදුවීම් එක එක අරගෙන විසඳන බවයි කියන්නේ. තම ප්‍රතිඵල යම් ජයක් ඇතිකරලා දුන් අය නම් මේ මගෝඩි විභාග ප්‍රතිඵල බාර ගනීවි. ඉහළින් සමත් කියලා ප්‍රතිඵල ලැබුණට පස්සේ ඒ ප්‍රතිඵල සමස්තයක් හැටියට බාර ගන්න ඒ ළමයා පෙළඹෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්.

ඒ අතර උසස් ප්‍රතිඵල ලැබුණ 25,000 ක් පමණ දෙනා ඇරුනට පස්සේ අනෙක් හැමෝම කල්පනා කරන්නේ මේකත් පරාජය වන සූදුවක් කියලයි. තම ලකුණු වැරදියි කියලා දැනගත්ත කිහිප දෙනෙක් හරි කියන්නේ එම ප්‍රතිඵල ගැන අනෙක් අයට තිබෙන ගරුත්වය කඩා වැටෙනවා කියලයි. දැනටමත් යමක් කමක් තියෙන දෙමාපියෝ පුද්ගලික අංශයේ අධ්‍යාපනයට යොමු වෙන්න පටන් අරන්. හිතා මතා රජයක් තමන් ඉදිරිපත් කළ විභාගයෙන් හරියට ලකුණු දමන්නේ නැත්නම් ඒ මගෝඩි අධ්‍යාපනය තුළ තමන්ගේ දරුවන් අතරමං වෙන්න තියන්නේ නෑ. කොහොම හරි පුද්ගලික අධ්‍යාපනයට යොමු වන එක නම් අනිවාර්යයි. ඒ අනුව මේ විභාග කොම්පියුටර් ජිල්මාට් එක පුද්ගලික අධ්‍යාපන ආයතනවලට ලැබුණ ජිම්කානා එකක් වගෙයි. මට කියන්න බැහැ ආණ්ඩුව හිතාමතාම මේ අවුල ඇති කළා කියලා. එහෙම හිතන අය කියන්නේ පුද්ගලික අධ්‍යාපනය වෙනුවෙන් මේ ආණ්ඩුව එය කළා කියලා.
ඇත්තටම නව ලිබරල්වාදය තුළින් දැන් නිදහස උදාකරලා තියෙන්නේ බටහිර රටවල්වල හයිය උඩයි කියලා ඉන්දියාවේ රටපුරා පැතිරිලා ගිහින් තියෙනවා. එදා තිබුණ සීමාවන් ඉවත් කරලා මේ නිදහස් වෙළෙඳ‍පොළ තුළින් ඉන්දියාව සංවර්ධන මාවතට එළඹුණා කියන කතාවයි මේ පැතිරෙන්නේ. ඒත් මේ නිදහස කාටද? කුමකටද? කියලා ප්‍රශ්න කරන්න වෙනවා. එදා ධනපති සමාජය ඇතිවුණ මුල් කාලයේදී වෙළෙඳ‍පොළ නිදහස කියලා කිව්වේ නිෂ්පාදකයා තම නිෂ්පාදනය කෙළින්ම වෙළෙඳ ‍පොළට ගෙනැවිත් පෙන්නලා වෙළෙඳාම් කිරීමේ නිදහසයි. නිෂ්පාදකයා මෙන්ම නිර්මාණකරුවා පාරිභෝගිකයා ඉදිරියට තම නිර්මාණය බලපෑමකින් තොරව ඉදිරිපත් කිරීමයි එදා ඉල්ලුවේ. ඒ අනුව මිලදී ගන්න අයටත් ඇත්ත නැත්ත බලලා බඩු මිලට ගැනීමේ වරම ලැබෙනවා. ඒත් අද ගෝලීය ධනවාදය තුළ නව නිදහස්වාදය කියන්නේ වෙන දෙයක්. බහු ජාතික සමාගම් ඉතා බලවත් සංවිධාන. ඔවුන්ට රජයන් මෙහෙයවන්නටත් හැකියාව තියෙනවා. ඒවා මෙහෙයවීම කරන්නේ ර්ජ්/එඕ/එඊ කියන ත්‍රිත්වය මගින්.
මේ අනුව ඔවුන්ට දෙන නිදහස කොල්ලයට හා උදුරා ගැනීමට දෙන නිදහසක් බවට ඉබේම පත්වෙනවා. මේ තමා නූතන අධිරාජ්‍යවාදය. එදා බලවත් රාජ්‍යයන් යටත් විජිත තුළින් කළ සුපිරි සූරාකෑම ඊනියා නිදහස් වෙළෙඳ‍පොළ තුළින් දියත් කිරීමයි දැන් සිදුවෙන්නේ. ගෝලීය ධනවාදය විසින්ම කොල්ලය, උදුරා ගැන්ම සාධාරණය කරන සදාචාරයක් එළිදක්වලා තියෙනවා. සංවර්ධනය සඳහා යථාර්ථය නම් වඩා හොඳින් සම්පත් යොදා ගැනීමයි. දුබලයන් සම්පත් නාස්ති කිරීම වැළැක්වීමට නම් ඒවා බලවතුන්ට ලබාදිය යුතුයි. ඒ අනුව ඇතිවන සංවර්ධනය තුළ දුබලයාටත් හොඳක් වෙනවා. ඔවුන් ඉදිරිපත් කරන්නේ එවැනි තර්කයක්.
මේ කොල්ලයට ඒ ඒ රටවල්වල ඒජන්ත පැලැන්තියෙන් සහයෝගය දෙනවා. මේ ඊනියා නිදහස පවත්වාගෙන යාමට ගැළපෙන ලෙසට රාජ්‍යයන් සකස් කරනවා. සෑම නිලධාරියකුටම මේ නිදහස තුළ යමක් කමක් හොයා ගැනීමට ඉඩ ලැබෙනවා. දඩ ගැසීම, කොමිස් ගැනීම මේ සදාචාරයේ එක් කොටසක්. සෑම මිනිස් ගනුදෙනුවක්ම මුදලට යට කළ යුතුයි. මේ සම්ප්‍රදාය තුළ පහළට වැටෙන ජනතාව කැරලි ගැසීම අනිවාර්ය කාරණයක්. ඒ කැරලි පාගා දැමීමට ක්‍රමවේදයක් තියෙනවා. එකක් රාජ්‍ය ත්‍රස්තවාදය යොදා ගැනීම. මෙලෙසට රාජ්‍ය ත්‍රස්තවාදය යොදාගැනීමේදී ආරක්ෂක හමුදාවලට අමතරව පාතාල කොටස් හවුල් කරගත යුතුයි. මේ අනුව පාතාලය නව ලිබරල්වාදය තුළ වැදගත් වැඩ කොටසක් කරන ආයතනයක්. කොල්ලය හා උදුරා ගැනීම වඩා තියුණු ලෙස කරගෙන යාමට ඒ සාධකය වැදගත්. රුසියාව, බ්‍රසීලය, ඉන්දියාව, චීනය යන සෑම රටකම මේ ආයතනය රජයේ අනියම් එකඟත්වය තුළ ඉන්නවා. වැදගත් ආර්ථික වැඩ කොටස් කරගෙන යනවා. නීතිය තුළ මෙයට ඉඩ පෑදීම නව ලිබරල්වාදයේ වැදගත්ම ලක්ෂණයක් හැටියට ලෝකයා හඳුනාගෙන අවසන්.
මේ විදියට බලහත්කාරය පැතිරී යාම ජන මර්දනයට එක මාවතක්. අනෙක් අතට මේ නිදහස තුළ ජාතිවාදී, ආගම්වාදී බහුජන මතවාද ගොඩනැගීම තවත් කාරණාවක්. ඒ මගින් බහුතර ජනතාව මානසික බන්ධනයකට ඇතුල් කරනවා. බහුතරයට සුළුතරය අවනත විය යුතුයි. බහුතරයේ වුවමනාවන්ට සුළුතරය කොල්ලයට හා උදුරා ගැනීමට යට කළ හැකියි. ඉන්දියාව තුළ ඉතාම සංකීර්ණ ලෙස සුළුතර ජන කොටස්වලට පහර දීම කෙරීගෙන යනවා. ඒ අනුව බහුතරයන් මනසින් බැඳ ගැනීම සිදුවෙනවා. ඉන්දියානු රජය ශක්තිමත් වෙන්නේ හින්දුවාදය තුළින්. එයට ආගමික මෙන්ම කුල පීඩනයත් ඇතුළත්. නව ලිබරල්වාදය තුළ මෙවැනි මානසික වහල් බැමි නව ක්‍රම තුළින් ඉදිරියට ගිහින් තියෙනවා. බ්‍රාහ්මණවාදය ඉතාම සියුම් ලෙස රාජ්‍ය පද්ධතිය ගොදුරු කරගෙන තිබෙනවා. ජන නැගිටීම් බෙදා විනාශ කිරීමට මේ බලය ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා. සමහර සමාජ පෙරලිකාරී නායකයන්ටත් පස්සෙයි තේරෙන්නේ තමන් කුමක් වෙනුවෙන් සටන කළාද කියලා. ඇත්තටම බ්‍රාහ්මණවාදය තුළින් ලබාදෙන සමාජ චිත්‍රය නව නිදහස්වාදයට ඉතාම හොඳින් ගැළපෙනවා.
මේ විදියට නැගී එන ජන අරගල බලයෙන් හා බොරුවෙන් යටපත් කිරීමෙන් සමාජ සමතුලිතතාව රැකගැන්ම නව නිදහස්වාදී පිළිවෙතයි. ...වෙන මාවතක් නෑ. සමාජවාදය බොරුවක්... මිනිස් සමාජය උස් පහත් ලෙස සකස්වීම ස්වභාවිකයි. එය දෙවියන් ඇති කළ දෙයක්. එළිපිට නොකිව්වත් යටිතලයේ ඔවුන් කියන්නේ ඒ දෙයයි. මේ මතවාදී මෙහෙයුම් සියලු ආගම්වලට විරුද්ධ මෙහෙයුමක්.

-ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
-උපුටා ගැනීම
ඉරිදා ලක්බිම
2012-01-08

Related

වික්‍රමභාහු කරුණාරත්න 5830058985261514501

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item