සඟ විනය සහ පුහු විරුවෝ
මේ ලිපියට නිමිති දෙකක් වෙයි. එකක් භික්‍ෂූන් වහන්සේ මැතිවරණවලට ඉදිරිපත්වීම වළක්‌වන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සඳහන් ...
http://weadikawa.blogspot.com/2012/06/blog-post_10.html
මේ ලිපියට නිමිති දෙකක් වෙයි. එකක් භික්‍ෂූන් වහන්සේ මැතිවරණවලට ඉදිරිපත්වීම වළක්‌වන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සඳහන් පුවතයි. දෙවැන්න මාදුළුවාවේ සෝභිත හිමියන්ට සැත්තෑවිය පිරීම නිමිත්තෙන් පවත්වන ලද උත්සවය හා එහි දී කෙරී ඇති බවට වාර්තා වූ දේශන හා අනුශාසනා ය. අපි පළමු ව දෙවැන්න සාකච්ඡා කරමු. වර්තමානයෙහි මෙරට විරුවන් බුද්ධිමතුන් ජාතිවාදීන් ආදී බොහෝ දෙනකු බිහිකෙරෙන්නේ ජනමාධ්‍ය මගිනි. එපමණක් නොව දේශපාලනය ද කෙරෙන්නේ පුවත්පත් සාකච්ඡා මගිනි. ඒ අයට ජනමාධ්‍යවේදීන් යෑයි කියාගන්නවුනට සරිලන භාවිතයක් තිබීම හෝ නොතිබීම හෝ මෙහි දී බලපායි. එමෙන් ම අධිපති මතවාදයට ගැලපෙන අයුරින් ප්‍රකාශ කිරීම හා ලිපි ලිවීම ද මෙහි දී වැදගත් වෙයි. පුහු පඬියන් ලොවට පෙන්වීමට උත්සාහ කරන්නේ මෙරට අධිපති මතවාදය සිංහල බෞද්ධ මතවාදය බව ය. එහෙත් එය ද සිංහල බෞද්ධ මතවාදයට එරෙහිව කෙරෙන තවත් ප්‍රචාරයක් පමණකි. මෙරට අධිපති මතවාද දෙකක් වෙයි. එකක් විවිධ අර්ථකථන සහිත වුවත් දළ වශයෙන් ලිබරල් මතවාදය ලෙස විස්‌තර කළ හැකි ය. මා දකින ආකාරයට එය ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි මතවාදය මත පදනම් වී ඇත. එය මෙරට පමණක් නොව ලෝකයේ ම අධිපති මතවාදය වෙයි. දෙවැනි අධිපති මතවාදය මාක්‌ස්‌වාදී මතවාදය වෙයි. එයට ද විවිධ අර්ථකථන ඇති නමුත් එය කතෝලික චින්තනය මත පදනම් වෙයි. කතෝලික චින්තනය මත පදනම් වන තවත් මතවාදයක් වනුයේ µeසිස්‌ට්‌වාදය ය. ප්‍රභාකරන් දෙමළ ජාතිවාදී µeසිස්‌ට්‌වාදියෙක් විය. කෙසේ වෙතත් මේ මතවාද සියල්ල විජාතික මතවාද වෙයි. අද ජනමාධ්‍ය මගින් තැන ලැබෙන්නේ ලිබරල් මතවාදයට හා මාක්‌ස්‌වාදී මතවාදයට ය. ජාතික මතවාදයක් සඳහා වූ ලිපි කීයක් සතියකට පුවත්පත්වල පළවන්නේ ද? විද්යුත් නාලිකාවල ජාතික මතවාදයකට ඇති ඉඩකඩ කවරේ ද?
අභාවප්‍රාප්ත මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතාට අනුව මෙරට සංඝරාජ පදවිය පොළොන්නරු යුගයේ ඇති කරන ලද්දකි. නුවර යුගයේ අපට වැලිවිට සිරි සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේ හමුවෙයි. එහෙත් මහානායක පදවි ඒ සංඝරාජ පදවිය නො වේ. වල්පොල රාහුල හිමියන්ගේ භික්‍ෂුවගේ උරුමය පොතේ මහානායක පදවි ගැන සඳහන් වෙයි. ඒ පදවි පමණක් නොව විහාරාධිපති පදවි හා විවිධ නායක පදවි ද ඉංගිරිසින් විසින් ඇති කරන ලද්දේ වෙයි. ඇතැම් නායක පදවි පිරිනැමුවේ ඉංගිරිසින්ට ඔත්තූ සැපයීම ද සේවයක් ලෙස සලකමිනි. ඉංගිරිසින් දැනසිටි එක් කරුණක් විය. එනම් මෙරට භික්‍ෂුන්වහන්සේ ශක්‌තිමත් ව සිටිනතාක් සිංහලයන් ආධ්‍යාත්මිකව පැරදවිය නොහැකි බව ය. ඉංගිරිසින් 1815 සිංහල ඉංගිරිසි ගිවිසුම වැරදි ආකාරයෙන් යොදාගෙන මෙරට දේශපාලන හා ආර්ථික ආධිපත්‍යය ලබාගත්ත ද, ඔවුන්ට මුල දී සංස්‌කෘතික ආධිපත්‍යය ලබාගත නොහැකි විය. සංස්‌කෘතික ආධිපත්‍යය ලබාගැනීම සඳහා ඉංගිරිසීහු එක් අතකින් පාසල් පද්ධතියක් ඇතිකර එය යොදාගත්හ. (අද ඒ සඳහා ජනමාධ්‍යය ද යොදා ගැනේ). අනෙක් අතින් විවිධ උපක්‍රම මගින් සඟ සසුන දුර්වල කිරීම සඳහා විවිධ පියවර ගත්හ. අද වනවිට එය බොහෝ දුරට සාර්ථක වී ඇත. එහෙත් සිංහල බෞද්ධයෝ දහනව වැනි සියවසේ අවසාන කාර්තුවේ සිට තම සංස්‌කෘතියට මෙරට හිමි තැන ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටිති.
1817 - 18 හා 1848 නිදහස් සටන් බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයේ දේශපාලන සංරචකයට එරෙහිව සංවිධානය වූ අතර පාණදුරා වාදය ප්‍රමුඛ පංච මහා වාද එකී යටත්විජිතවාදයේ සංස්‌කෘතික සංරචකයට එරෙහිව පැවැත්වුණේ විය. පංච මහා වාද අපේ නිදහස් සටනේ ම වැදගත් කොටසක් විය. එහි නායකත්වය දැරුවෝ භික්‍ෂූන් වහන්සේ වූහ. අනගාරික ධර්මපාලතුමා මෙන් ම ඕල්කට්‌තුමා ද ඒ වාදවල ප්‍රතිඵලයක් විය. පංච මහා වාද හා අනගාරික ධර්මපාල ව්‍යාපාරය සිංහල බෞද්ධ නිදහස් සටන් වූ නමුත් ඕල්කට් ව්‍යාපාරය එසේ නො වීය. එහි සිංහලකම බෞද්ධකමින් උදුරා දැමිණි. ඉංගිරිසින් විසින් ඇතිකරනු ලැබූ ඊනියා උගතුන්ගේ සහාය අවසානයේ දී ලැබුණේ ඕල්කට් ව්‍යාපාරයට ය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ඕල්කට් බෞද්ධයෝ බිහිවූහ. මෙරට විශාල පිරිසක් සිංහල බෞද්ධයන් වූ නමුත් ඔවුහු ආධිපත්‍යයෙහි දී ඕල්කට් බෞද්ධයන්ට පරාජය වූහ. පංච මහා වාදවල හා අනගාරිකතුමාගේ ජාතික ව්‍යාපාරය පරාජය වූ අතර ඩී. බී. ජයතිලක මහතාගේ ද සහාය ලබාගත් සේනානායකලාගේ දේශපාලනය ජයග්‍රහණය කළේ ය. ධර්මපාලතුමා කළකිරී රට අත්හැර ගියේ ය. සේනානායකලා විද්‍යාලංකාරය සමඟ ගොඩනැඟුණු ජයතිලක මහතා ද අවසානයේ දී මෙරට දේශපාලනයෙන් ඉවත්කර ඉන්දියාවට යෑවූහ.
මෙරට ජාතික ව්‍යාපාරයේ ගමන්මග ජයග්‍රහණවලින් මෙන්ම බොහෝ විට පරාජයන්ගෙන් ද ගහණ ය. 1956 දී එහි ජයග්‍රහණයක් දැකගත හැකි විය. එහෙත් ජාතික ව්‍යාපාරයට හැමදාමත් සටන් කිරීමට සිදු වූයේ ලෝක ආධිපත්‍යය දැරූ යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය සමඟ ය. බටහිර විද්‍යාව ප්‍රධාන බටහිර දැනුමෙන් ජාතික ව්‍යාපාරයට සැමදාමත් බැට කෑමට සිදු විය. බටහිර දැනුම ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය මත පදනම් වුව ද කතෝලික චින්තනය බටහිර රටවල දුර්වල වුව ද, පාප්වහන්සේ යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියේ රෝමය ඇතුළත වූ වතිකානුවේ සිරකරුවකු වුව ද අප වැනි රටවල කතෝලික චින්තනය ද බලවත් විය. විශේෂයෙන් ම පෘතුගීසින් හා ස්‌පාඤ්ඤයන් යටතට පත් වූ රටවල කතෝලික සංස්‌කෘතියට බලයක් වෙයි. එමෙන් ම බොහෝ විට එවැනි පෙදෙස්‌වල මාක්‌ස්‌වාදයට දේශපාලනික බලයක් නැති වුවත් මතවාදී බලයක් තිබෙනු දැකිය හැකි ය. අපේ රටේ ජාතික ව්‍යාපාරයේ ජයග්‍රහණ හා පරාජයන් විශ්ලේෂණය කරද්දී ඉහත සඳහන් කරුණු වැදගත් වෙයි.
නූතන ජාතික ව්‍යාපාරය ඡේ. ආර්. ජයවර්ධන ව්‍යාපෘතිය හා දෙමළ ජාතිවාදය සමඟ බැඳෙයි. එහෙත් එයට මෙරට සිංහල සංස්‌කෘතිය සමඟ අවුරුදු දෙදහස් පන්සියයකට එහා යන පාරම්පරික අඛණ්‌ඩත්වයක් වෙයි. ගැමුණු කුමරු මේ ව්‍යාපාරයේ ප්‍රධාන චරිතය වෙයි. අපේ ජාතික ව්‍යාපාරයෙහි ඈත සිට ම භාරතය විෂයයෙහි වූ ප්‍රවාහ දෙකක් දැකිය හැකි ය. එකක් භාරතයට පක්‍ෂපාති වූ අතර අනෙක එයට විරුද්ධ විය. පසු දිනෙක අවස්‌ථානුකූල ව මේ වෙනස සාකච්ඡා කළ යුතු ය. මේ සම්බන්ධයෙන් මට භෞතික ව හෝ ආධ්‍යාත්මක ව හෝ හමු වී ඇති විශිෂ්ටත ම ඉතිහාසඥයා වූ දුටුවැව තිලකරත්න මහතාගේ නම සඳහන් කළ යුතු ය. ඉතාමත් සංකීර්ණ වූ මෙරට ජාතික ව්‍යාපාරයේ නූතන යුගයේ පුරෝගාමි චරිතයක් වූයේ මාදුළුවාවේ සෝභිත හිමියන් ය. අප දැනටත් පවත්වාගෙන යන චින්තන පර්ෂදය උන්වහන්සේගේ සභාපතිත්වයෙන් 1987 දී ඇරඹිණි. ජනතා විමුක්‌ති පෙරමුණේ විකෘති කිරීම් මැද අපි උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉතා අසීරු ගමනක යෙදුණෙමු. දෙමළ ජාතිවාදයට හා දෙමළ ත්‍රස්‌තවාදයට එරෙහිව මතවාදයක් ඇති කිරීමට අපට හැකි විය. එහෙත් අවාසනාවකට මෙන් දැනට වසර දහයකට පමණ පෙර උන්වහන්සේගේ ගමන් මග වෙනස් විය. මෙරට පල්ලි නිකායක් ඇතිවුණේ එකල ය. එය බලාපොරොත්තු නොවුවක් ද නො වීය. කාදිනල්තුමා හෝ ආචිබිෂොප්තුමා හෝ එදත් අදත් මහානායක හිමිපාණන් වහන්සේලාට වඩා බලවත් ය. ඇංග්ලිකන් පල්ලියේ බිෂොප්තුමා ද එසේ ම ය. අප එය කවදා වුව වෙනස් කළ යුතු ය. එහෙත් එය පුහු වීර කතා මගින් කළ හැක්‌කක් නො වේ.
අපේ ජාතික ව්‍යාපාරයේ ඕල්කට් බෞද්ධයෝ ද වෙති. එසේ නොවන්නට ආනන්ද විදයාලය අද තිබෙන ආකාරයෙන් ඇති නොවී මෙරට ප්‍රධාන පාසල බවටත් විද්‍යාලංකාරය මෙරට දැනුම් කේන්ද්‍රය බවටත් පත්වීමට තිබිණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිරිවෙණක් කරනු වෙනුවට විෙද්‍යාaදය හා විද්‍යාලංකාරය බටහිර අච්චුවේ විශ්වවිද්‍යාල බවට පත් කෙරිණි. මෙරට ජාතික ව්‍යාපාරය සටන් කරන්නේ ලෝක ආධිපත්‍යය දරණ යුදෙව් ක්‍රිස්‌තියානි යටත්විජිතවාදය සමග බව අමතක නොකළ යුතු ය. ජාතික ව්‍යාපාරය වැනසීමට දුර්වල කිරීමට බටහිරයන්ට දේශපාලනික, සංස්‌කෘතික හා ආර්ථික ශක්‌තිය වෙයි. සෝභිත හිමියන් මුල් යුගයේ මෙරට ජාතික ව්‍යාපාරයට විශාල සේවයක් කළ ද, දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කළ කාලයේ හා එයට කලකට පෙර උන්වහන්සේ ජාතික ව්‍යාපාරයේ නො වූහ. දෙමළ ජනයා ඊළාම් මාවතට තල්ලු කෙරී ඇත්තේ සිංහලයන් විසින් යෑයි උන්වහන්සේ කියා ඇතැයි පේරාදෙනියේ සිංහල අංශයේ කතෝලික පවුලක උපන් හිටපු මහාචාර්යවරයකු පවසන්නේ නිකම් ම යෑයි මම නො සිතමි. බොහෝ විට මෙරට විරුවන් නම් කෙරෙන්නේ විජාතික බලවේග විසින් බව පමණක් සඳහන් කරමි.
වත්මන් ජාතික ව්‍යාපාරය ජාතික හෙළ උරුමය හා එකල විමල් වීරවංශ මහතා ද ඇතුළත් වූ ජ.වි.පෙ. මගින් දේශපාලනීකරණය විය. එය ජාතික ව්‍යාපාරය දුර්වල කරන්නක් විය. ජාතික හෙළ උරුමය මැතිවරණය සඳහා භික්‍ෂුන් වහන්සේ ඉදිරිපත්කළ විට චින්තන පර්ෂදය එයට විරුද්ධ විය. එහෙත් අපි භික්‍ෂුන් වහන්සේලාට නීති නො පැමිණවීමු. අප සම්ප්‍රදායේ සිංහල භික්‍ෂුන් වහන්සේ රාජ්‍ය පාලකයන්ගේ අනුශාසකයන් මිස රාජසභාවෙහි කටයුතු කරන්නෝ නො වෙති. එහෙත් ඒ පිළිබඳ තීරණ ගත යුත්තේ භික්‍ෂුන් වහන්සේ මිස ගිහියන් නො වේ. පනත් මගින් භික්‍ෂුන් වහන්සේ මන්ත්‍රීවරුන් වැළැක්‌වීම ක්‍රිස්‌තියානි සංකල්පයක් වූ උන්වහන්සේලාගේ ඊනියා මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් නො වේ. එය සඟ විනය පිළිබඳ ප්‍රශ්නයකි. උන්වහන්සේට රිය පැදවීම කැප ද ආදී වශයෙන් ඇති ප්‍රශ්න පාර්ලිමේන්තු අණපණත් මගින් තීරණය කිරීමට යැම යනු මෙරට භික්‍ෂු ගෞරවය කෙළසීමකි. භික්‍ෂුන් වහන්සේ නමකට සඟ විනය මගින් සම්මත ඇවතුම් පැවතුම් වේ. සඟ විනය තීරණය කෙරෙන්නේ ඉංගිරිසින්ගේ ක්‍රිස්‌තියානි පාර්ලිමේන්තුවෙන් නො වේ. සඟ විනය පාර්ලිමේන්තුව යටතට ගැනීම සඟ සසුනට එල්ල කරන මරු පහරකි. විජාතික බලවේග හා ජඩමාධ්‍ය විසින් බිහි කෙරෙන සඟ සසුනේ ගෞරවය කෙළසන විවිධ පුස්‌සන් පරාජය කරමු.
-මහාචාර්‍ය නලින් ද සිල්වා
උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-06-10