අග්නි V පිටුපස සිටින "මිසයිල ගැහැණිය"
"අග්නි" යනු සංස්‌කෘත වචනයකි. අග්නි යනු ගින්නයි. ඉන්දීය ආරක්‌ෂක අංශ තමන් නිපදවූ කෙටිදුර, දිගු දුර මෙන්ම අන්තර් මහාද්වීප...

http://weadikawa.blogspot.com/2012/04/v.html

මේ බැලස්‌ටික් මිසයිලය නිපදවනු ලැබුවේ ඉන්දීය ආරක්‌ෂක පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගිනි. අග්නි V මිසයිලය මුලින්ම අත්හදා බැලුවේ අප්‍රේල් 19 වැනිදා පෙ.ව. 08.07 ටය. ඩචීන වෙරළේ පිහිටි වීලර් දූපතේ සිට මේ මිසයිලය ක්‍රියාත්මක කරනු ලැබූ අතර ඉලක්‌කය වූයේ ඉන්දියානු සාගරයේ කිලෝමීටර් 5000 කට එහා පිහිටි තැනකි. ඉන්දීය ආරක්‌ෂක පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්‌ෂවරයකු වන එස්. පී. දාස් බී.බී.සී. ගුවන්විදුලියට පැවසුවේ නියමිත ඉලක්‌කයටම මිසයිලය ළඟාවූ බවය. මේ මිසයිලයේ ගමන් කාලය වූයේ විනාඩි විස්‌සකි. අග්නි V මිසයිලයේ විශේෂත්වය වන්නේ න්‍යෂ්ටික ශීර්ෂ 2-10 ත් අතර ප්‍රමාණයක් රැගෙන යැමට හැකි නිසාය. ඉන්දියාව හා චීනය අතර සීතල බල අරගලයක් පවතී. මේ අග්නි V මිසයිලයෙන් ඉන්දියාවට චීනයේ ඕනෑම නගරයකට පහරදිය හැකයි. අග්නි V මිසයිලයේ පර්යේෂණ සාර්ථකව නිම කිරීමත් සමග ඉන්දියාව සුපිරි න්‍යෂ්ටික බලය ඇති බැලස්‌ටික් මිසයිල සතු ලොව ප්‍රබලම රටවල් අතරට එක්‌විය. එම සුපිරි රටවල් වන්නේ චීනය, රුසියාව, ප්‍රංශය, ඇමරිකාව හා බ්‍රිතාන්‍යයයි. ඊශ්‍රායලයටද මේ තත්ත්වය හිමිව තිබේ.

අග්නි V සාර්ථකව අත්හදා බැලීමත් සමගම ඉන්දීය මාධ්‍යවල අවධානයට යොමුවූ කාන්තාවක් විය. ඇය නමින් ටෙසී තෝමස්‌ය. 48 හැවිරිදි ඇය අග්නි V මිසයිල වැඩසටහනේ ව්‍යාපෘති කළමනාකාරවරියයි. ඉන්දීය මාධ්‍ය ඇය හඳුන්වන්නේ "මිසයිල ගැහැණිය" ලෙසය. දකුණු කේරළයේ උපන් කතෝලික තැනැත්තියක වන ටෙසීගේ දක්‌ෂතාව ඉන්දීය ජනපතිගේ මෙන්ම අගමැතිවරයාගේද අගය කිරීමට ලක්‌විය. ඉන්දීය ජනාධිපතිනි ප්‍රතිභා පටෙල් ප්‍රකාශ කර සිටියේ ටෙසී නිසා ඉන්දීය කාන්තාවන්ට විද්‍යාත්මක කර්තව්‍යයන්හි යෙදීමට හා එවැනි වෘත්තීන්වල නිරත වීමට උද්දීපනයක් සපයන බවයි. අගමැති මන්මෝහන් සිං ප්‍රකාශ කර සිටියේ බහුතර පිරිමින් මෙවැනි කර්තව්‍යයන්හි යොදාගත් ටෙසී තම ස්‌ත්‍රීත්වයේ ලකුණ මිසයිල නිපදවීමේ ක්‌ෂේත්‍රයේ තබා ඇති බවය. ටෙසී මේ ආරක්‌ෂක පර්යේෂණ ආයතනයට බැඳුණේ 1988 දීය. එවක මෙහි ප්‍රධානියා වූයේ හිටපු ඉන්දීය ජනාධිපති අබ්දුල් කලාම්ය. ඉන්දීය මිසයිල ව්‍යාපෘතියේ නිර්මාතෘ වන්නේ කලාම්ය.
1964 දී කේරළයේ අලප්දුසා හි උපන් ටෙසී විවාහ වී සිටින්නේ ඉන්දියා නාවික හමුදාවේ කොමදෝරුවරයකු වන සරොඡ් කුමාර් සමගය. ඇගේ දරුවා තේජාද ඉංජිනේරු ශිෂ්‍යයෙකි. ඉන්දියාවේ විද්‍යාඥයන් වෙනුවෙන් පිරිනමන ඉහළම සම්මානය වන "ශාන්ති ස්‌වරාඡ් භන්ත්නාගර්" සම්මානය දිනා ගැනීමටද ටෙසී සමත් විය. සමහර ඉන්දීය මාධ්‍ය ටෙසී තෝමස් හඳුන් වන්නේ අග්නි පුත්‍රි ලෙසය.

මේ මිසයිල අත්හදා බැලීම ගැන කතු වැකියක් ලියන චීන රජයේ පුවත්පතක් වන "හුආන්කිව් ශිබාස්" පවසන්නේ මේ මිසයිල වැඩසටහන තවමත් ළදරු අවදියේ පසුවන බවයි. චීන කොමියුනිස්‌ට් පක්‌ෂ පුවත්පත වන "රෙමින් වැන්ග්" වෙත ලිපියක් ලියන වුෂුලැන් පවසන්නේ මිසයිල වැඩසටහන් වෙනුවෙන් කෝටි ගණන් වැය කරනවාට වඩා ඉන්දියාව තම දුප්පතුන් වෙනුවෙන් සමාජ සුබසාධනය වෙනුවෙන් ආයෝජනය කරනවා නම් වඩා යහපත් වන බවයි. සමහර ඉන්දීය මාධ්‍ය මේ අග්නි V මිසයිලය හැඳින්වූයේ 'China Killer' ලෙසය. කෙසේ නමුත් මේ නිසා බීජින් ආණ්‌ඩුව දිල්ලි ආණ්‌ඩුව අතර සීතල යුද්ධය උග්‍රවී ඇත.
චතුර පමුණුව
2012-04-28
දිවයින