නියෝජිතයො ආවෙ දෙමළ ජනතාවට ආදරේකට නෙමෙයි!
ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්. එල්. ගුණසේකර 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය විසඳුමක් ලබාදීමට රජය එකඟ වූ බවට ඉන්...
http://weadikawa.blogspot.com/2012/04/blog-post_28.html
ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්. එල්. ගුණසේකර
13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය විසඳුමක් ලබාදීමට
රජය එකඟ වූ බවට ඉන්දීය නියෝජිත පිරිස කළ ප්‍රකාශය පසුගිය සතියේ මෙරට දේශපාලන ක්‌ෂේත්‍රය තුළ කතා බහට ලක් වූ මාතෘකාවකි. 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය විසඳුමක් පිළිබඳ ජිනීවා සමුළු යෝජනාවල හෝ උගත් පාඩම් කොමිසමේ නිර්දේශවල සඳහන් නොවෙතත් ඉන්දීය නියෝජිත පිරිස එබඳු යෝජනාවක් ඉදිරිපත් කරන්නේ ඇයි? ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්. එල්. ගුණසේකර කරන විග්‍රහයකි මේ.
ඉන්දීය විපක්‍ෂ නායිකා සුෂ්මා ස්‌වරාඡ් ඇතුළු කණ්‌ඩායමේ ශ්‍රී ලංකා සංචාරය දැන් එක්‌තරා ආකාරයක ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්ව තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ මේ සංචාරයේ අරමුණ වුණේ කුමක්‌ද?
රටක ජනතාවක් තමුන්ගෙ නියෝජිතයො හැටියට මන්ත්‍රීවරු තෝරල යවන්නෙ ඒ රටේ ප්‍රශ්න විසඳන්න. නැතිව අල්ලපු රටවල ප්‍රශ්න විසඳන්න නෙමෙයි. ඒ අයට ඉන්දියාවෙ ජනතා ප්‍රශ්න ඕන තරම් තියෙද්දි ඒ අය මොනවටද අපේ රටේ ප්‍රශ්න විසඳන්න එන්නෙ? අපේ රටේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ගැන හොයල බලන්ට කලින් ඉන්දියාවෙ ඒ අය පත් කළ ජනතාවගෙ ප්‍රශ්න කොයිතරම් විසඳන්න තියෙනවද? ඒ අය ඒව විසඳන්න යන්නෙ නැහැ. මේ ගොල්ලො අපේ රටේ මේ ප්‍රශ්නෙට අත දාන්න හදන්නෙ ඉන්දියාවෙ ජනතා ප්‍රශ්න අමතක කරන්නයි. මේ වැඩෙන් ඒ ගොල්ලන්ට පුළුවන් බොරු සටන්කාමී පෙනුමක් මවාගන්න.
මේ අය අපේ රටේ දෙමළ ජනතාව ගැන අබමල් රේණුවක තරම්වත් සැලකිල්ලක් ඇති පිරිසක් නෙමෙයි. බෙදුම්වාදී කොටි ත්‍රස්‌ත සංවිධානය පුහුණු කළේ මේ අය. එහෙම කළේ අපේ රටේ මිනිස්‌සු මරන්න. අපේ රටේ දේපළ විනාශ කරන්න. කොටි ත්‍රස්‌තයො මුලින්ම මැරුවෙ උතුරෙ දෙමළ ජනතාවයි. කොටි සිංහල ජනතාව මරන්න පටන් ගත්තෙ ඊට පස්‌සෙ. කොටි පළමු වරට මහා පරිමාණයෙන් සිංහල ජනතාව ඝාතනය කළේ 1984 නොවැම්බර් 30 වැනිදා. මේ විදිහට එදා කොටි සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාව ඝාතනය කරන කොට, දෙමළ ළමයි පැහැරගෙන යනකොට, දෙමළ ජනතාවගෙ දේපළ කොල්ලකනකොට මේ දේශපාලකයො කොහෙද හිටියෙ? උතුර - නැගෙනහිර දෙමළ ජනතාව ගැන දැන් මතුවෙලා තියෙන කැක්‌කුම එදා තිබුණෙ කොහෙද?
කොටි තරම් දෙමළ ජනතාවට හතුරුකම් කරපු කණ්‌ඩායමක් මේ ලෝකෙ නෑ. උතුර නැගෙනහිර ජනතාව එදා කොටි සංවිධානයෙන් අනේක අතවර විඳිද්දි මේ දේශපාලකයො නිශ්ශබ්දව හිටියා. අද උතුරු නැගෙනහිර ජනතාවගෙ ජීවනෝපාය ඉන්දියානු ධීවරයො කොල්ලකනවා. ඒ වැඩේට ඉන්දියාව සහයෝගය දෙනවා. ධීවර කර්මාන්තය තමයි උතුර - නැගෙනහිර ජීවත්වෙන වැඩිදෙනාගෙ ජීවනෝපාය. ඒ අයට අල්ලගන්න තියෙන මාළු ටික කොල්ලකනවා නම් ඒ අය ජීවත්වෙන්නෙ කොහොමද? උතුර නැගෙනහිර ජනතාවට ඇත්ත වශයෙන්ම ආදරයක් තියෙනව නම් මේ දේශපාලකයො කරන්න ඕන ඒ අයගෙ ජීවනෝපාය කරගෙන යන්න ඉඩ දෙන එකයි. අපේ රටේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවයි කියන දෙමළ ජාතික සන්ධානයවත් මේ කරන බලහත්කාරකම ගැන වචනයක් කතා කරන්නෙ නෑ. තුෂ්නීම්භූත වෙලා ඉන්දියාවෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන හින්ද දෙමළ සන්ධානෙ ගොළුවෙලා. ඔය කාටත් තියෙන්නෙ අපේ රටේ දෙමළ ජනතාව ගැන කැක්‌කුමක් නෙමෙයි බලයට ඒමේ කෑදරකම, බලකාමය.
13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයත් ඉක්‌මවා යන විසඳුමකට රජය එකඟ වූ බව මේ නියෝජිත පිරිස ප්‍රකාශ කර තිබෙනවා. රජය එය ප්‍රතික්‌ෂේප කළත් ඔවුන් එබඳු ප්‍රකාශයක් කිරීම බරපතළ කාරණයක් නේද?
නියෝජිත පිරිස කළ ප්‍රකාශයත් එය ප්‍රතික්‌ෂේප කර රජය කළ ප්‍රකාශයත් මා දුටුවා. 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් එහා ගිය විසඳුමක් දීමට එකඟ බව රජය ප්‍රකාශ කළා නම් එය නිවට ප්‍රකාශයක්. අපි අපේ වැඩේ බලාගන්නම් තමුසෙලා තමුසෙලාගෙ වැඩක් බලා ගන්නව කියල එදා මූන්ට, ක්‌ලින්ටන්ට, කූෂ්නර්ට, මිලිබෑන්ඩ්ට සිංහයෙක් වගේ කියපු නායකයෙක් මේ ඉන්දියානු නියෝජිත පිරිසට ඔය වගේ දෙයක් කියයි කියලා මම හිතන්නෙ නෑ.
අනිත් කාරණය අපේ රටේ පාලනය ඉන්දියාවට වැඩක් නෑ. මම මගෙ බලුකුක්‌කට මේ මේ විදිහට සලකනව කියල මම අල්ලපු ගෙදර මනුස්‌සයට කිව්වට ඒ මනුස්‌සයට මොකද මම මගෙ බල්ලට කොහොම සැලකුවත්. මගෙ බල්ලට සැලකීමේ අයිතියත් බැඳීමත්, වගකීමත් තියෙන්නෙ මට. කෙනෙක් පොරොන්දුවක් දුන්න වුණත් ඒ පොරොන්දුව ලබාගන්නත් අයිතියක් තියෙන්න ඕන. පොරොන්දුවක් ලබාගන්න අයිතියක් නැති කෙනකුට ඕන පොරොන්දුවක් දුන්නත් කමක් නෑ. ඔය එක් එක්‌කෙනාට දුන්නු පොරොන්දු නෙමෙයි අවශ්‍ය වෙන්නෙ, අපි රජයක් හැටියට සද්භාවයෙන් කටයුතු කිරීමයි. කෙසේ වෙතත් රටේ ජනාධිපතිවරයා හැටියට එතුමා යම් ප්‍රකාශයක් කළොත් එය ඉටුකරන්නටත් ඕන. රටේ ජනතාවටත් ජනාධිපතිතුමාගේ ප්‍රකාශ විශ්වාස කිරීමට අයිතියක් තිබෙනවා.
ජිනීවා සමුළුවේදී යෝජනා වුණෙත් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරිමට මිස 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට නොවෙයි. 13 ක්‍රියාත්මක කරන්නැයි උගත් පාඩම් කොමිසමෙනුත් නිර්දේශ කර නැහැ නේද?
උගත් පාඩම් කොමිසමේ වාර්තාවෙ තියෙන්නෙ බලය බෙදාහැරිය යුතු බව පමණයි. 13 වැනි ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතුයි හෝ 13 ට එහා යන විසඳුමක් දිය යුතු යෑයි එහි කොතැනකවත් සඳහන් වන්නේ නැ. පළාත් සභා ක්‍රමයේ ඇති දුර්වලතා ගැන සමීක්‍ෂණයක් කර ඒවා නිවැරදි කර ගත යුතු බවට එහි යෝජනා කර තිබෙනවා.
ඔය ජිනීවා සමුළුවේදී උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ගැන කියෙව්වට ජිනීවා සමුළුවෙ කවුද ඔය සම්පූර්ණ වාර්තාව කියෙව්වෙ. පිටු හත්සිය ගණනක් තිබෙන ඔය වාර්තාව කියවල අධ්‍යයනය කළේ කවුද? පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක් හැටියට මම දන්නව අපේ රටේ මන්ත්‍රීවරයෙක්‌වත් පනතකට ඡන්දයක් දෙන්නෙත් අඩුගානේ ඒ පනත කියවලවත් නෙමෙයි. ස්‌වාධීනව හිතල බලල හොඳයි කියලා නෙමෙයි.
ඔය පනත්වලට අත් උස්‌සන්නෙ පක්‌ෂ මතය අනුවයි රටවල්වල දේශපාලන නායකයො ගන්න තීරණ අනුව තමයි ඔය සමුළුවල තීරණ ගන්නෙත්.
ලංකාව වැනි දුප්පත් කුඩා රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට ඇමරිකාව අනිත් රටවල්වලින් වරමක් ඉල්ලුව. ඔය ජිනීවා සමුළු යෝජනාවෙ අරමුණ ඕකයි. අද ශ්‍රී ලංකාව. හෙට කොයි රටට මේ බලපෑම එල්ලවෙයිද කියන්න බෑ.
ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවිය යුතුද? නැද්ද ගැන ජනමත විචාරණයක් පැවැත්විය යුතු යෑයි කරුණානිධි යෝජනා කර තිබෙනවා නේද?
මේවා බලය ලබාගැනීමේ යටි අරමුණෙන් කරන යෝජනා. ඉන්දියාවට ඕනෑ ඇමරිකාව සතුටුකරලා ඇමරිකාවෙන් ගන්න පුළුවන් තුට්‌ටු දෙක අරගන්ඩ.
1949 දී පකිස්‌තානයයි ඉන්දියාවයි කාශ්මීර ප්‍රශ්නය ජනමත විචාරණයක් මගින් විසඳගන්න එකඟ වුණා. ජම්බු කාශ්මීර් ප්‍රදේශවල ජනමත විචාරණයක් පවත්වල ඒ ප්‍රදේශ සම්බන්ධ විය යුත්තේ ඉන්දියාවටද නැතිනම් පකිස්‌තානයටද කියලා තීරණය කිරීම තමයි ඒ ජනමත විචාරණයේ අරමුණ වුණේ. ඒ තීරණය එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලයේ ආරක්‌ෂක කවුන්සලයෙනුත් අනුමත කළා. එහෙම තීරණය කරලවත් තවම ඒක පවත්වන්න බැරිවුණා.
ඊට පස්‌සෙ 1972 දී නැවත මේ කාශ්මීර ප්‍රශ්නය තම දෙරට අතර සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න ඉන්දියාව සහ පකිස්‌තානය එකඟ වුණා. එක්‌සත් ජාතීන්ගෙ ආරක්‌ෂක මණ්‌ඩලේ තීරණයක් තියෑද්දි ඒක ප්‍රතික්‌ෂේප කරලා ඉන්දියාවයි, පකිස්‌තානයයි ආපහු සාකච්ඡාවලට ගියේ විදේශ අතපෙවීම් ඒ අයටත් වුවමනා නැති හින්දයි. ඉන්දියාව පකිස්‌තානෙත් එක්‌ක තිබුණ තමුන්ගෙ ප්‍රශ්නෙ විසඳගන්න විදේශ අතපෙවීම් ප්‍රතික්‌ෂේප කළාට අපේ රටට එරෙහිව ඇමරිකාවට සහයෝගය දීල තියෙනවා. ඒ අපි දුප්පත් රටක්, කුඩා රටක් හින්ද. අපේ ජනතාවත් එක්‌ක ඒ අයට ඕන නැටුමක් නටන්න පුළුවන් හින්ද.
සාකච්ඡා කළේ
පාලිත සේනානායක

එස්. එල්. ගුණසේකර
2012-04-28
දිවයින