සුකීට නිදහස බටහිරට සතුට!
මියන්මාරය හෙවත් බුරුමය සංස්‌කෘතික වශයෙන් මෙන්ම ආගමික වශයෙන්ද ශ්‍රී ලංකාවට ඉතා සමීපය. මියන්මාරය ථෙරවාදී බෞද්ධ රටකි. මිලියන 60 ක ...

http://weadikawa.blogspot.com/2012/04/blog-post_4815.html

සුකීගේ ජයග්‍රහණයත් සමග බටහිර ලෝකය මේ ථෙරවාදී බෞද්ධ රට දෙස වපරැසින් බැලීම නතර කර ඇති බව පෙනේ. විපක්‌ෂ නායිකාවගේ ජයග්‍රහණයත් සමග ඇමරිකාවේ ප්‍රමුඛ පෙළේ පුවත්පතක් වන වෝල් ස්‌ට්‍රීට් ජර්නල් පුවත්පත ප්‍රකාශ කර තිබුණේ මේ ජයත් සමගම බුරුමයට පනවා ඇති ආර්ථික හා දේශපාලන සම්බාධක පිළිබඳව නැවත සිතිය යුතු බවයි. සුකීගේ ජයග්‍රහණය ගැන ප්‍රමාද නොවී නිවේදනයක් නිකුත් කළ ධවල මන් රය පවසා සිටියේ මෙය බුරුම ප්‍රජාතන්ත්‍රකරණයේ වැදගත්ම අවස්‌ථාවක් බවයි. යුරෝපා කොමිසමද තම සුභාශිංසන බුරුම ජනතාව වෙත පළ කිරීමට නොපැකිළි විය. සුකී ජයග්‍රහණයත් සමගම ලබන අප්‍රේල් 23 වැනිදා ඇමරිකානු හා යුරෝපා කොමිසමේ නියෝජිතයන් රැස්‌වී බුරුමයට ඉ රියටත් සම්බාධක පැනවිය යුතුද, නැත්නම් ඒවා ඉවත් කරනවාද, ලිහිල් කරනවාද යන්න ගැන තීරණය කරනු ඇත.
බුරුම හමුදා ආණ්‌ඩුව ගැන බටහිර ලෝකය නම් විශේෂයෙන්ම බටහිර ක්‍රිස්‌තියානි රාජ්‍යයන් නම් කිසිම කැමැත්තක් දැක්‌වූයේ නැත. නමුත් බුරුමයේ ථෙරවාදී බුද්ධාගමේ ප්‍රගතියට මේ හමුදා ආණ්‌ඩුව මහත් සේවයක් කළ බව පැහැ ලිය. බුරුමය බටහිර ලෝකයට විවෘත නොකළේ එරටට අනන්‍ය බෞද්ධ සංස්‌කෘතිය රැකගැනීමටය. කෙසේ නමුත් ඉ රිය කවරක් වේද? අවුන් සාන් සුකී නම් ලොව පතළ දේශපාලන චරිතයකි. ඇගේ පියා නූතන බුරුමයේ නිර්මාතෘ ලෙස සලකන අවුන් සාන්ය. බ්‍රිතාන්‍යයෙන් බුරුමයට නිදහස ලබා ගැනීමට මූලිකව ක්‍රියා කළ ඔහු 1947 දී ඝාතනයට ලක්‌විය.
සුකීගේ මවත් එනම් කින් කී ප්‍රබල දේශපාලන චරිතයක් වූ අතර ඇය 60 දශකයේ දී ඉන් යාවේ හා නේපාලයේ, බුරුම තානාපතිනිය ලෙස සේවය කළාය. එම නිසාම 1964 දී දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් නව ල්ලි ශ්‍රී රාම් විද්‍යාලයෙන් ලබා ගැනීමට සුකීට හැකිවිය. ඇය ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දී දර්ශනය, දේශපාලනය හා ආර්ථික විද්‍යාව හැදෑරුවාය. නිව්යෝර්ක්‌වල වෙසෙද්දී ඇයට සිය අනාගත සැමියා හමුවිය. 1972 දී ටිබෙට් සංස්‌කෘතිය පිළිබඳ උගතකු වූ ආචාර්ය ඇලෙක්‌සැන්ඩර් ආරිස් සමග මේ බුරුම තරුණිය විවාහ වූවාය. ඔවුන් කලක් භූතානයේ වාසය කළ අතර මේ යුවළගේ පළමු දරුවා වූ ඇලෙක්‌සැන්ඩර් ලන්ඩනයේ උපත ලැබූ අතර එම වසරේදීම එනම් 1977 දීම දෙවැනි පුත්‍රයා වූ කිම් උපත ලැබීය. ඇය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේ 1985 දීය. 1988 දී ඇය නැවත සිය මව් රටට පැමිණියේ අසනීපයෙන් පෙළෙන මවගේ සුවදුක් බැලීමටය.
කෙසේ නමුත් අවසානයේ ඇය බුරුමයට ප්‍රජාතන්ත්‍රවාදය නා ගැනීමේ පෙරමුණට පත්වූවාය. 1990 පැවැති මහ මැතිවරණයේ සුකීගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය ආසන 392 ක් නාගත්තද ඒ වන විටම ඇය හමුදා රජයේ අණ මත අඩස්‌සියට පත්කරනු ලැබ සිටියාය. ඇය මුලින්ම නිවාස අඩස්‌සියට පත්කරනු ලැබුවේ 1989 ජූලි 20 වැනිදාය. ඇය අවසන් වරට නිවාස අඩස්‌සියෙන් නිදහස් කරනු ලැබුවේ 2010 නොවැම්බර් 13 වැනිදාය. ඒ අනුව ගෙවුණු වසර 21 තුළ ඇය වසර 15 ක්‌ම දේශපාලන සිරකාරියක් ලෙස නිවාස අඩස්‌සියේ සිටියාය. 2008 මැයි 02 වැනිදා බුරුමයට බලපෑ නාර්ගීස් කුණාටුවෙන් මේ විපක්‌ෂ නායිකාවගේ නිවසේ වහළයද ගලවාගෙන සුළඟේ පාවී ගිය අතර ඇය විදුලිය නොමැති නිවසේ කාලය ගතකළේ ඉටිපන්දම් එළියෙනි. සුකීගේ සැමියාට තම බිරිඳ බලන්නට අවසන් වරට ඉඩ ලැබුණේ 1995 නත්තල් කාලයේදීය. 1997 දී ආරිස්‌ට පිළිකාවක් වැළඳුණද සිය බිරිය බැලීමට රැංගූන් නුවරට යැමට වීසා ලැබුණේ නැත. පාප් වහන්සේද ආරිස්‌ට වෙනුවෙන් ඉල්ලීම් කළද බුරුම හමුදා ආණ්‌ඩුවට පාප් වහන්සේගේ ඉල්ලීම් එතරම් වැදගත් වූයේ නැත. බුරුම හමුදා ආණ්‌ඩුව සුකීට කීවේ රටින් පිටව ගොස් සිය සැමියාගේ දුක සැප බලා එන ලෙසයි. එහෙත් ඇය ඊට අකමැති වූයේ තමාට නැවත ඒමට ලැබේද යන්න සැක සහිත බැවිනි. සුකීගේ සැමියා 1999 මාර්තු 27 වැනිදා මරණයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 53 කි.
සුකී කිහිප විටක් නිවාස අඩස්‌සියේද, කිහිප විටක් නිදහස්‌වද තැබීමට බුරුම හමුදා ආණ්‌ඩුව කටයුතු කළේය. 1989 ජූලි 20 සිට 1995 ජූලි 10 දක්‌වා ඇය නිවාස අඩස්‌සියේ සිටි අතර පසුව නිදහස් කෙරිණි. ඇය නැවත නිවාස අඩස්‌සියට පත්කළේ 2000 වසරේ සැප්තැම්බර් 23 වැනිදාය. මාස 19 කට පසු අය නැවත නිදහස් කෙරිණි. 2003 මැයි 30 වැනිදා මේ විරුද්ධ පක්‌ෂ නායිකාව නැවත අත්අඩංගුවට පත්වූ අතර ඇය රහසිගත කඳවුරක කාලයක් තබා නැවත නිවාස අඩස්‌සියට පත්කරන ලදී. 2007 වන විට මේ කාන්තාව වසර 12 ක් නිවාස අඩස්‌සියේ සිට ඇත. 2008 දී නිවාස අඩස්‌සියේ සිටින කාලය වසරකින්ද 2009 දී එය වසර එකහමාරකින්ද දීර්ඝ කර අවසානයේ ඇයට නිදහස ලබා දුන්නේ 2010 නොවැම්බර් 13 වැනිදාය. මේ ලොව ප්‍රකට දේශපාලන සිරකාරිය 1991 දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ අතර 1992 දී ජවහර්ලාල් නේරු සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබ ඇත. කැනේඩියානු ආණ්‌ඩුව මේ බුරුම විපක්‌ෂ නායිකාවට ගෞරවනීය පුරවැසිකම ප්‍රදානය කර ඇත.
අවුන් සාන් සුකී බටහිර ඉත්තෙකු වීමට බුරුම හමුදා ආණ්‌ඩුවේ පාලනයද යම්තාක් දුරටත් බලපෑ බව පැහැ ලිය. ඇයට සිය පෞද්ගලික ජීවිතය මේ දේශපාලන සිරකාරියක වීම නිසා විනාශ විය. එක් අතකින් ඇය අවාසනාවන්ත කාන්තාවකි. අනෙක් පැත්තෙන් බුරුමයට එරෙහි සියලු සම්බාධක සඳහා බටහිර ලෝකය හා ඇමරිකාව ඉත්තා කරගත්තේ මේ විපක්‌ෂ නායිකාවය. මිලියන හැටක ජනතාවක් මේ එක් කාන්තාවක් වෙනුවෙන් පීඩාවට ලක්‌කළ යුතුද? මෙය බරපතළ ප්‍රශ්නයකි. බුරුමයේ ඉ රිය කොයිබටද? මේ ථෙරවාදී බෞද්ධ රාජ්‍යය බටහිර ක්‍රිස්‌තියානි අඬුවලට හසුවීම ගැන නම් අප සතුටු වන්නේ නැත.
-චතුර පමුණුව
උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012/04/08