ජිනීවා 1989 හා 2012
සිය ඊළාම් ඉලක්‌කය සපුරා ගැනීම සඳහා දෙමළ වර්ගවාදය දැන් පිළිසරණ කොට ගෙන ඇත්තේ ජිනීවාහි මානව හිමිකම් කමිටුව විසින් ශ්‍රී ලංකාව අරභය...
http://weadikawa.blogspot.com/2012/04/1989-2012.html
සිය ඊළාම් ඉලක්‌කය සපුරා ගැනීම සඳහා දෙමළ වර්ගවාදය දැන් පිළිසරණ කොට ගෙන ඇත්තේ ජිනීවාහි මානව හිමිකම් කමිටුව විසින් ශ්‍රී ලංකාව අරභයා සම්මත කරගන්නා ලද යෝජනාවය. බලය බෙදීම ඔස්‌සේ ඊළමක් නිර්මාණය කර ගැනීමේ බලය තමන්ට අත්පත් කරගත හැකි නවතම මාර්ගය ලෙස ඔවුන් ජිනීවා යෝජනාව ගෙන තිබේ. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා පළාත් මට්‌ටමෙන් බලය බෙදීම යන කාරණා, ජිනීවා යෝජනා මගින් ශ්‍රී ලංකාවට කියා තිබේ. ඒ අනුව පළාත්වලට බලය බෙදීමක් ඔස්‌සේ ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරන ලෙස දෙමළ වර්ගවාදීන් ආණ්‌ඩුවට මතවාදී ආකාරයකින් දැනටමත් බලපෑම් කරමින් තිබේ.
ජිනීවා යෝජනා ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන්නේ යෑයි උපකල්පනය කළත් එහි ක්‍රියාත්මකභාවය පවතින්නේ පරස්‌පරතාවයකය.
බලය බෙදීම පිළිබඳව උගත් පාඩම් කොමිසමේ නිර්දේශය වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සහතික වන ලෙසත් පාදම හෙවත් පහළම ස්‌ථරයට බලය බෙදන ලෙසත්ය. පහළම ස්‌ථරයට බලය බෙදීම යනු ජනතාව හෙවත් පුද්ගලයා වෙත බලය ලබාදීමය. එය ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට හානියක් නොවන්නා සේම, ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පරිදි "පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය" යන්න ඔපවත් කරනාකාරයේ ක්‍රියාවලියකි. එසේම 2005 ජනාධිපතිවරණයේදී ජනතාව අනුමැතිය ලබාදුන් මහින්ද චින්තන ප්‍රතිපත්තිය හා 2010 දී ජනතා අනුමැතිය හිමි වූ මහින්ද චින්තන ඉදිරි දැක්‌ම තුළ තිබෙන්නේ ද උගත් පාඩම් කොමිසම නිර්දේශ කරනාකාරයේ රටේ ඒකීයභාවය සහතික කරන, පුද්ගලයා වෙත බලය හිමිවන ප්‍රතිපත්තියකි.
මෙම සාධක ගෙන බලන විට දෙමළ වර්ගවාදයට අවශ්‍යාකාරයේ බලය බෙදීමක් සඳහා, උගත් පාඩම් කොමිසමේ නිර්දේශ තුළ හෝ දෙවරක්‌ම ජනතාව විසින් අනුමත කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ ඉඩක් ඇත්තේ නැත. එසේ තිබියදී දෙමළ වර්ගවාදීන් තමන්ගේ අභිමතාර්ථය සඳහා ජිනීවා යෝජනා මගින් ගෙනහැර දක්‌වන්නේ පළාත්වලට බලය බෙදන ලෙස දක්‌වන වගන්තියය. පළාත්වලට බලය බෙදීම යනු රාජ්‍යයේ බලතල පළාත් සඳහා බෙදී ගොස් පළාත් ආණ්‌ඩු බිහිවීමය. එය උතුරු හා නැගෙනහිර දෙපළාතේදී ඊළමක් බවට පත්වීමේ පහසු ඉඩකඩක් තිබේ. 13 වැනි සංශෝධනය යටතේ පළාත් සභා සඳහා ලබාදී ඇති බලතල පවරා නොදුන් තත්ත්වයකදී පවා වර්ධරාජා පෙරුමාල් උතුරු පළාතේ ඊළමක් ප්‍රකාශ කළේ නම්, පළාත් සඳහා හිමි සම්පූර්ණ බලයම ඊට පවරා, ජිනීවා යෝජනා අනුව පළාත් සඳහා තවත් බලතල ලබා දුනහොත් අවසානයේදී සිදුවනු ඇත්තේ ශ්‍රී ලංකා සිතියම අලුතෙන් ඇඳීමටය.
ජිනීවාහිදී සම්මත වූ යෝජනාවේ පරස්‌පරය මතුවන්නේ මෙතැනිනි. උගත් පාඩම් කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක වන්නේ නම් එහිදී ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්‍ෂිත විය යුතු අතරම පුද්ගලයා වෙත බලය බෙදාදිය යුතුය. එවිටම පළාත්වලට බලය බෙදා දෙන්නට යමෙකු යෝජනා කරන්නේ නම් එමගින් පළමු කාරණයට පටහැනිව යන තත්ත්වයක් උදා වේ. එය, පුද්ගලයකුට එක්‌වරම උතුරට යන ලෙසත් දකුණට යන ලෙසත් කරන අණදීමක් වැනිය.
පළාත්වලට බලය බෙදීම උගත් පාඩම් කොමිසමේ නිර්දේශවලට එරෙහිව යැමක් වන්නා සේම, 2005 දී හා 2010 දී ලබාදුන් ජනතා වරමට එරෙහි වන ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයට පිටුපානා ක්‍රියාවක් ද වනු ඇත.
බලය බෙදීම ශ්‍රී ලංකාවේ භාවිතයට පැමිණෙන්නේ දෙමළ වර්ගවාදීන්ට සිය ඊළාම් ඉලක්‌කය වෙත යැම සඳහාය. බණ්‌ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමේ සිට බලය බෙදීමේ සැබෑ නිමිත්ත වූයේ ඊළමක් ව්‍යවස්‌ථාපිත ලෙස ඇතිකර ගැනීමය. ඒ අර්ථයෙන් බෙදිය යුතු බලයක් පිළිබඳව උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කළ හෝ මහින්ද චින්තනයේ හෝ මහින්ද චින්තන ඉදිරි දැක්‌මේ සඳහන්ව නැත. පුද්ගලයා බලගැන්වීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කර, තීන්දු ගැනීමේ ක්‍රියාවලිය පහළ සිට ඉහළට පැමිණීමට මඟ විවෘත කිරීමත්, විනිවිදභාවය තහවුරු කිරීමත් මෙම බලය බෙදීමේ අභිප්‍රායය. සැකෙවින් කිවහොත් මෙහිදී සිදුකෙරෙන්නේ රාජ්‍යයේ පරිපාලනය පුද්ගලයා දක්‌වා විමධ්‍යගත කිරීමය. පළාත වැනි විශාල ඒකක සඳහා බලය බෙදාහැරීම තුළ නිර්මාණය වන්නේ මීට සපුරා වෙනස් තත්ත්වයක් වන අතර එය හුදෙක්‌ම සේවය කරනු ලබන්නේ ඒකීය ශ්‍රී ලංකාව දුබල කර බෙදුම්වාදය ශක්‌තිමත් කරන තැනකටය. ජිනීවා යෝජනා දෙස බැලිය යුත්තේ මෙම තත්ත්වයන් තේරුම් ගනිමින්ය.
ජිනීවා යෝජනා සම්මත කරගන්නා කාලයේදී දෙමළ වර්ගවාදීන් ඒ සඳහා පරිසරය නිර්මාණය කර ගත්තේ මානව හිමිකම් ලේබලය තුළට ඇසුරුම්ගත වෙමිනි. 1989 දී මහින්ද රාජපක්‍ෂට ජිනීවා යන්න හොඳ නම් අපි ජිනීවා යැමේ වරද කුමක්‌දැයි දෙමළ වර්ගවාදීන් ඇසුවේ 1989 දී මහින්දගේ ජිනීවා යැමත් 2012 දී තමන් ජිනීවා යැමත් සමාන කර ගනිමිනි.
1989 දී මහින්ද රාජපක්‍ෂ ජිනීවාහි මානව හිමිකම් සමුළුව වෙත පිවිසියේ එදා ශ්‍රී ලංකාවේ තිබූ කැරලිකාර පරිසරය තුළ කඩවන වන මානව හිමිකම් ගැන කතා කිරීමටය. 1987 සිට පැවැති ආණ්‌ඩුවට එරෙහිව ජ.වි.පෙ. මූලිකත්වයෙන් කරගෙන ගිය කැරැල්ලේදී අතුරුදන් වූ තරුණයන් ගැන කතා කිරීම මහින්දගේ අවශ්‍යතාව විය. එම කැරැල්ල බිහිවීමට තුඩු දුන් ආසන්නම කාරණය වූයේ ඉන්දු - ලංකා ගිවිසුමට හා එමගින් බිහි වූ පළාත් සභාවලට එරෙහි වීමය. රටේ ස්‌වාධිපත්‍යය ඉන්දු - ලංකා ගිවිසුම මගින් උල්ලංඝනය වීමත් පළාත් සභා මගින් රට බෙදීමත් යන කාරණය වසර දෙකක් දක්‌වා දිග්ගැස්‌සුණු එම කැරැල්ල සඳහා පදනම විය. මෙම උවදුරු පලවාහැරීම කැරලිකරුවන්ගේ ප්‍රමුඛ අභිප්‍රාය විය. මහින්ද රාජපක්‍ෂ 1989 දී ජිනීවා වෙත යන්නේ එසේ සටන් වැදුණු තරුණයන්ගේ මානව හිමිකම් ගැන කතා කරන්නටය. ශ්‍රී ලංකාවේ ඒකීයභාවය හා ස්‌වාධිපත්‍ය සඳහා කැරලි ගැසූ තරුණයන්ගේ මානව හිමිකම් ගැන Z89 දී මහින්ද කතා කරන විට 2012 දී දෙමළ වර්ගවාදීන් කතා කරන්නේ ඒකීය ශ්‍රී ලංකාව කැබලි කර ඊළමක් බිහිකිරීම සිය අරමුණු කොටගෙන කැරලි ගැසූ එල්. ටී. ටී. ඊ. යේ මානව හිමිකම් ගැනය. දෙපාර්ශ්වයම ජිනීවා යන්නේ මානව හිමිකම් ගැන කතා කරන්නට වුවත් එය කේවල ලෙස මානව හිමිකම් සඳහා ලඝූ කළ නොහැකිය. ඇත්තවශයෙන්ම මෙතැනදී ප්‍රබල වී තිබෙන්නේ දේශපාලන කාරණයයි. ඒකීය රාජ්‍යය රැකගැනීම මහින්දගේ දේශපාලන කාරණය වන විට එය බිඳ දමා ඊළමක් බිහිකර ගැනීම දෙමළ වර්ගවාදය මානව හිමිකම් කමිටුව වෙත ගිය දේශපාලන කාරණයය.
මහින්දගේ ආණ්‌ඩුවට එරෙහිව දෙමළ වර්ගවාදීන් ජිනීවා වෙත යන්නේ මහින්ද ජනාධිපති වී එල්. ටී. ටී. ඊ. ය පරාජය කිරීමෙන්, ඒකීය ශ්‍රී ලංකාව සුරක්‍ෂිත කර, හැකිමඟ අහුරා දැමීමේ දේශපාලන වාඩුව මානව හිමිකම්වල එල්ලී හෝ ලබාගැනීමටය.
ජිනීවාහිදී සම්මත වූ යෝජනා තීරණාත්මක වන්නේ එය ශ්‍රී ලංකාවට පමණක් නොව මහින්දට ද තමන්ගේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වැදගත් වන නිසාය. එදා මහින්ද ජිනීවා ගියේ ඒකීය ශ්‍රී ලංකාව රැක ගැනීමටය. මෙදා දෙමළ වර්ගවාදීන් මහින්දට එරෙහිව ජිනීවා ගියේ ඒකීය ශ්‍රී ලංකාව රැක ගැනීම සඳහා එල්. ටී. ටී. ඊ. ය විනාශ කළ වාඩුව ගන්නටය. ජිනීවාහිදී යෝජනාවක් සම්මත කරගැනීම මගින් දෙමළ වර්ගවාදය තැත් කරන්නේ එදා මහින්ද ජිනීවා ගිය කාරණය ඔහු ලවාම නිෂේධ කරගන්නටය.
Z89 දී මහින්ද ජිනීවා ගොස් ශ්‍රී ලංකාවේ ඒකීයභාවය හා ස්‌වෛරීභාවය උදෙසා කැරලි ගැසූ තරුණයන් වෙනුවෙන් පෙනී සිටියේය. 2005 ජනාධිපතිවරණයේදී ඔහු ජයග්‍රහණය කරන්නේ ඒකීය ශ්‍රී ලංකාව හා ෙµඩරල් ශ්‍රී ලංකාව යන ප්‍රතිපත්ති තරගයේදී ඒකීය ශ්‍රීS ලංකා පිලේ අපේක්‍ෂකයා ලෙසය.
2010 දී ද එලෙසමය. ෙµඩරල් ශ්‍රී ලංකාවක් ඇති කිරීම සිය අරමුණ කරගත් පිරිස සරත් ෙµdන්සේකා වටා සිටියදී ඒකීය ශ්‍රී ලංකාව අවශ්‍ය පිරිස සිටියේ මහින්ද වටාය. Z89 දී ඒකීය ශ්‍රී ලංකාව සහතික කර ගැනීම සඳහා මහින්ද ගිය ජිනීවා මානව හිමිකම් කමිටුව විසින් 2012 දී මහින්දට තීන්දුවක් ලබාදී තිබේ. එය දෙමළ වර්ගවාදය විසින් යොදා ගැනීමට තැත් කරමින් සිටින්නේ ඊළම සඳහා නව මානයක් පාදා ගැනීමටය.
අද මහින්දගේ අතේ තිබෙන්නේ එදා තමන් ඒකීය ශ්‍රී ලංකාව රැකගැනීම සඳහා ගිය ජිනීවා මානව හිමිකම් කමිටුව විසින් තමන්ගේ රජයට දී තිබෙන යෝජනාව මගින් දෙමළ වර්ගවාදයට අවශ්‍යාකාරයේ ඊළමක් ගොඩනැගීමට ඉඩ දෙනවාද නැද්ද යන කාරණයය.
-මනෝජ් අබයදීර

උපුටා ගැනීම
දිවයින
දිවයින
2012/04/04