කරුණානිධි "ඊළාම්" වීරයාට ඇඳීම!
87 හැවිරිදි මුතුවේල් කරුණානිධි ඔහුගේ අනුගාමිකයන් විසින් හඳුන්වන්නේ "කලයිග්නාර්" ලෙසය. එනම් හසල කලාකරුවකු ලෙසය. මේ ...

http://weadikawa.blogspot.com/2012/04/blog-post_4664.html

යුද්ධයෙන්, මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් බිහි කිරීමට ගිය ඊළාම් දේශය සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේ 2009 මැයි 19 වැනිදා ප්‍රභාකරන්ගේ පණසුන් දේහය හමුවීමත් සමගය. ප්‍රභාකරන්ගේ මිනිය දැකීම නිසා මේ මහළු කරුණානිධි හඬාවැටෙන්නට ඇත. එම නිසාම ඔහු 87 වැනි වියේදී "නූතන ප්‍රභාකරන්ට" ඇදීමට උත්සාහ කරන බව පෙනේ. ඒ සත්‍යග්‍රහයෙන් උපවාසයෙන් ඊළම දිනා දීමටය. මෙය කෙතරම්දුරට සාර්ථකවේද? අපට නම් පැහැදිලි වන්නේ ජයලලිතා මහ ඇමැතිනියගේ ජනප්‍රියතාවය ඉහළය යැම ගැන ශෝක වන කරුණානිධි තමිල්නාඩු දෙමළ හදවත් දිනා ගැනීමට "නූතන ප්‍රභාකරන්ගේ" චරිතය ඇඳීමට සූදානම් වන බවයි. මිනිස් බෝම්බ, සයිනයිඩ් කරල් නැති සටනකට ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂය සූදානම් වන බව පැහැදිලිය. ඇත්තෙන්ම කරුණානිධි දෙමළ ඊළමක් බිහි කරගත්තා නම් එය වඩාත් ප්‍රායෝගික කළ හැක්‌කේ තමිල්නාඩුවේය. මිලියන 60 කට අධික දෙමළ ජන ප්‍රජාවක් වෙසෙන්නේ ද එම ප්‍රාන්තයේය. එහෙත් කරුණානිධි ලංකාවට ඇස ගසන්නේ මන්ද? මෙය තවත් පැරණි නාටකයක්‌ද? කරුණානිධිගේ ඊළාම් වහසිබස්‌වලට පිළිතුරු දී ඇති ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ඊළමක් පිහිටුවීමට උත්සාහ කරන කවර පුද්ගලයා වුවත් ත්‍රස්‌තයකු වන බවයි. මෙය සැබවින්ම අගය කළ යුතු ප්‍රකාශයකි. ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තය වෙනම රාජ්‍යයක් කළ යුතු යෑයි ශ්‍රී ලංකාවේ දේශපාලකයකු ප්‍රකාශ කරන්නේ නම් කොළඹ ඉන්දීය තානාපති කාර්යාලය කෙතරම් කලබල වන්නේද? ඉන්දියාවේ දිස්‌ත්‍රික් 200 ක් පුරා දරුණු ලෙස පැතිරී ඇති මාඕවාදීන්ගේ
කැරැල්ල සාධාරණ යෑයි ශ්‍රී ලංකා දේශපාලකයකු පැවසුවහොත් එවිට ඉන්දියාවේ ප්‍රතිචාරය කවරක් වනු ඇත්ද? 2000 වසරේ සිට මනිපූර් ප්‍රාන්තයේ සිදුවන හමුදා ප්‍රචණ්‌ඩත්වයට එරෙහිව උපවාසයක් සිදු කරන ඉරොම් ඛානු ශාමිලාට පක්‍ෂව ශ්‍රී ලංකා රජය අදහස් දැක්‌වුවහොත් සිදුවන්නේ කවරක්‌ද? ඇය ලෝකයේ දිගුම කාලයක් ආහාර වර්ජනයෙන් යුක්‌තව උපවාස කරන තැනැත්තියයි.
එහෙත් කරුණානිධි ශ්‍රී ලංකාව දෙකඩ කරන්නට උත්සාහ කරන්නේ ඉන්දියාවේ දෙමළ ඊළමක් බිහිකර ගැනීමට අපහසු නිසාද? කෙසේ නමුත් තමිල්නාඩු විපක්‍ෂ නායකවරයා මියගිය ප්‍රභාකරන්ව වළෙන් නැගිටුවීමට කරන උත්සාහ සහමුලින්ම පරාජය කළ යුතුව ඇත. නැත්නම් සිදුවන්නේ රට නැවත විශාල අවුලකට ඇදවැටීමය. කරුණානිධි ඊළාම් වහසිබස් දොඩද්දී මන්ත්‍රීවරු 12 දෙනකු සමග ලංකාවේ සංචාරය කළ ඉන්දීය විපක්‍ෂ නායිකා සුෂ්මා ස්‌වරාඡ් පසුගියදා ඉන්දීය අගමැති මන්මෝහන් සින් හමුවී මේ සංචාරය ගැන කරුණු හෙළි කළාය. අගමැති හමුවෙන් පසුව මාධ්‍ය ඇමතූ විපක්‍ෂ නායිකාව සඳහන් කර සිටියේ සිය සංචාරය සාර්ථක වූ බවත් උතුරු නැගෙනහිර පුනරුත්ථාපන වැඩපිළිවෙළ සාර්ථකව සිදුව ඇති බවය. ඉන්දීය විපක්‍ෂ නායිකාව මෙන්ම මන්මෝහන් සිං ආණ්‌ඩුව ද මහින්ද රාජපක්‍ෂ රජයෙන් ඉල්ලා සිටින්නේ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන ලෙසය. දෙමළ දුක්‌ගැනවිලි නිමා කරන්නට ඉඩම් හා පොලිස් බලතල දිය යුතු බව ඉන්දියාව කියයි. එහෙත් දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න සියල්ල විසඳෙන්නේ ඉඩම් හා පොලිස් බලතල බෙදීමෙන් පමණක්‌ද? උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් හමුදා ඉවත් කළ හැකිදැයි ඉන්දීය විපක්‍ෂ නායිකාව ප්‍රශ්න කර ඇත. එම යෝජනාව රජය ප්‍රතික්‍ෂේප කර ඇත. ඇත්තෙන්ම අප සුෂ්මා ස්‌වරාඡ්ගෙන් විමසිය යුත්තේ මනිපූර් ප්‍රාන්තයෙන් හෝ කාශ්මීරයෙන් ඉන්දීය හමුදා ඉවත් කිරීමට දිල්ලි රජය කැමැත්තෙන් පසුවන්නේ ද යන්න ගැනයි.
සුෂ්මා ස්‌වරාඡ් හමුදාව ඉවත් කිරීම ගැන කතා කරද්දී කරුණානිධි දෙමළ ඊළම ගැන කතා කරයි. ඇත්තෙන්ම මෙයින් අපට උභතෝකෝටිකයක් පැනනගී. අපේ අසල්වැසි ඉන්දියාව සාමය ලැබීම ගැන කුහකකමින් පසුවන්නේද? කරුණානිධිගේ ඊළාම් නාට්‍යය නම් සැබවින්ම හාස්‍යයකි. එය 87 වැනි වියේදී තරුණ පෙම්වතාට ඇද චිත්‍රපටයක රඟපෑම වැනිය. එහෙත් මේ නාටක ගැන අප විමසිල්ලෙන් පසුවිය යුතුය.
- චතුර පමුණුව
දිවයින
2012-04-28