ඉන්දීය දේශපාලන තාරකාව - අකිලේෂ් යාදව්
අකිලේෂ් යාදව් වසර හයක් රාජස්‌ථාන් ප්‍රාන්තයේ දොල්පුර් හමුදා විද්‍යාලයේ වසර හයක් ඉගෙනුම ලැබීය. හය ශ්‍රේණියේදී ඔහු පන්තියේ...

http://weadikawa.blogspot.com/2012/03/blog-post_4770.html

අකිලේෂ්ගේ පාසලේ මිතුරෙක් වන නිලේෂ් මොඩි පවසන්නේ නිවාඩුව අවසන් කර සිය මිතුරා නැවත රාජස්‌ථානයේ යුද හමුදා පාසලට හෙලිකොප්ටරයෙන් එන අයුරු බලන්නට පාසලට රැස්‌වන බවයි. ඔහුගේ හිතවත් මිතුරෙක් වන පියුස් බඩෝලා පවසන්නේ අකිලේෂ් බලවත් දේශපාලනඥයකුගේ දරුවකු බව මුළු පාසලම දැනගෙන සිටියත් ඔහු ඉතා නිහතමානී අයෙක් බවයි. වර්තමාන උත්තර් ප්‍රදේශ මහ ඇමැතිවරයාට ඉගැන්වූ ගුරුවරයකු පවසා තිබුණේ මුල් කාලයේ අකිලේෂ්ගේ අධ්‍යාපන කටයුතුවලට යම් දුර්වලතාවක් දැක්‌වූවත් පසු කාලීනව ඒ තත්ත්වය සමනය කර ගත් බවය. කෙසේ නමුත් ඔහු මේ හමුදා පාසලේ හොකී කණ්‌ඩායමේ පාපන්දු කණ්‌ඩායමේ දක්‍ෂ ක්‍රීඩකයෙක් විය.
මයිසූර් විශ්වවිද්‍යාලයේ හා සිඩ්නි විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරූ අකිලේෂ් පරිසරවේදියෙකි. ඔහුගේ පියා ආරම්භ කළ සමාජවාදී පක්‍ෂයෙන් ඉන්දීය ලෝක් සභාවට (පාර්ලිමේන්තුවට) පත්වූයේ 2000 වසරේදීය. ඒ අතුරු මැතිවරණයක් ජයග්‍රහණය කිරීමෙනි. කෙසේ නමුත් 2004 හා 2009 පැවැති මහමැතිවරණයේදී ද ඔහු උත්තර් ප්‍රදේශයේ කන්නෝඡ් ආසනය රැක ගැනීමට සමත් විය. පසුගියදා පැවැත්වුණු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයෙන් එහි ප්‍රාන්ත මැතිවරණ ආසන 403 න් 224 ක් දිනා ගැනීමට අකිලේෂ් නායකත්වය දුන් සමාජවාදී පක්‍ෂයට හැකි විය. විශේෂයෙන් මේ මැතිවරණය වෙනුවෙන් ඔහු දියත් කළ දේශපාලන ව්‍යාපාරය ''රාජ යාත්‍රා'' බෙහෙවින් සාර්ථක විය. මේ හරහා ඔහු උත්තර ප්‍රදේශය පුරාම දේශපාලන කටයුතුවල නිරත වූ අතර සියලුම ජනකොටස් අතර මෙන්ම තරුණ ජනතාව අතර බෙහෙවින්ම ආකර්ෂණය දිනා ගැනීමට මේ තරුණ දේශපාලනඥයා සමත් විය.
කොංග්‍රස් පක්‍ෂයේ මෙන්ම ගාන්ධි පවුලේද ඔටුන්න හිමි කුමරු වන රාහුල් ගාන්ධි උත්තර් ප්‍රදේශයට පැමිණ දේශපාලන මෙහෙයුමක යෙදුනේ තම පක්‍ෂය ජයග්‍රහණය කරවීම සඳහාය. නමුත් ඔහු සාර්ථක වූයේ නැත. දැන් රාහුල් ගාන්ධිටත් වඩා දිදුලන තරුණ දේශපාලකයා වී ඇත්තේ අකිලේෂ් යාදෙව්ය. මෙය ඉදිරියේදී කොංග්‍රස් පක්‍ෂයට මෙන්ම ගාන්ධි පරම්පරාවටද තර්ජනයක් වනු ඇත.
මුලයාම් සින්ගේ පළමු බිරිඳ එනම් මල්කිදේවිගේ දරුවා වූ අකිලේෂ් 1973 ජුලි 01 වැනිදා මෙලොව එළිය දුටු අතර ඔහුට තවත් සහෝදරයෙක් සිටී. ප්‍රේම සබඳතාවක් මත ඩිම්පල් යාදෙව් සමග විවාහවූ අකිලේෂ් මේ වන විට තිදරු පියෙකි. සමාජවාදී පක්‍ෂයේ මේ තරුණ දේශපාලකයා ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ නවතම දේශපාලන තාරකාව වී ඇති බව නම් පැහැදිලිය. එනිසාම ඔහුට මායාවතී ද මෙන්ම කොංග්‍රස් පක්‍ෂයද පරාජය කර වැඩි ආසන ප්‍රමාණයක් දිනා ගැනීමට හැකි විය.
චතුර පමුණුව
උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-03-18
ඉරිදා දිවයින
2012-03-18