අපි බටහිරයන්ගේ දැනුමට බිය නොවී ඔවුන් පරදවමු

ජෙනීවාහී දී අපි නොපැරදුනෙමු. අපි සතුරන් හා මිතුරන් හඳුනා ගතිමු. අපට පක්‍ෂව ඡන්දය දුන් රටවල නියෝජිතයන්ට ආරාධනය කර අපි ඔවුන්ට ගෞරව...

ජෙනීවාහී දී අපි නොපැරදුනෙමු. අපි සතුරන් හා මිතුරන් හඳුනා ගතිමු. අපට පක්‍ෂව ඡන්දය දුන් රටවල නියෝජිතයන්ට ආරාධනය කර අපි ඔවුන්ට ගෞරව කරමු. උගත් පාඩම් කොමිසම ආණ්‌ඩුව විසින් පත්කළ ද එහි සෑම යෝජනාවක්‌ම ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව බැඳී නැත. කොටින්ට විවිධාකාරයෙන් උපකාර කළ අය ගැන සෙවීමට කොමිසමක්‌a පත්කළ යුතුය. තම දැනුම මගින් අප තවදුරටත් යටතේ තබා ගැනීමට උත්සාහ කරන බටහිරයන් පරාජය කිරීමට අප සූදානම් විය යුතුය. ඒ සඳහා පෙර සිංහලයන් කළ පරිදි හැකි අය ආධ්‍යාත්මික ශක්‌තිය යොදා ගනිමින් දැනුම ලැබීමට කටයුතු කළ යුතුය. එහෙත් එසේ කළ වහාම ඒ දැනුම මිථ්‍යාවක්‌ය. එසේ දැනුම ලබාගැනීම දේවාල තැනීමක්‌ය. එසේ දැනුම ලබාගන්නන් පිස්‌සන් ය. ආදී වශයෙන් බටහිරට අවශ්‍ය මත ප්‍රචාරය කරන පුහු නිවට නූගත් මහාචාර්යවරුන් මහාචාර්යවරියන් උසස්‌ අධ්‍යාපනය භාර අමාත්‍යාංශ ලේකම්වරුන් ඉන්නා රටක එවැනි දැනුමක්‌ මගින් පමණක්‌ බටහිරයන් පරාජය කිරීම පහසු කටයුත්තක්‌ නොවේ. ආධ්‍යාත්මික ශක්‌තිය වර්ධනය කරගත නොහැකි අය තරමක වියුක්‌ත චින්තනයකට හුරු විය යුතුය. බටහිරයන් ඔවුන්ගේ පිටියෙහි දීම පරාජය කිරීම සඳහා වියුක්‌ත චින්තනයට හා ඒ සමඟ වියුක්‌ත සාධාරණ ප්‍රවාද නිර්මාණයට, ඓතිහාසිකව, සංගතව, විශ්ලේෂණාත්මකව යම් න්‍යායක තර්කානුකූලව නිර්මාණාත්මකව, නිර්භයව සිතිය යුතුය. ඉංගිරිසි හා තොරතුරු තාක්‌ෂණය ඉගැන්වීමෙන් පමණක්‌ තව තවත් යටත්වීම හැරෙන්නට වෙන ඉටිගෙඩියක්‌ නොසිදුවන බව බොහෝ ඇමැතිවරුන්ට නොතේරෙන්නේ ඔවුන් ද ඒ අධ්‍යාපනයෙන් බිහිවූවන් නිසාය. ජිනීවා සිද්ධි හදිසියේ ඇතිවූවක්‌ නොවේ. එයට ඉතිහාසයක්‌ ඇත. එහෙත් බොහෝ සිංහලයන්ට ප්‍රශ්නයකට ඉතිහාසයක්‌ තිබෙන බව අමතකය.

ඇමරිකාව ලංකාවට විරුද්ධව යෝජනා ඉදිරිපත් කළේ ඇයි ද යන්නට එ. ජා. පාක්‌ෂිකයන් දෙන පිළිතුර ආණ්‌ඩුවේ අදක්‍ෂතාවයය. අඩුම තරමෙන් එයට ආසන්නම හේතුව වූ දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කිරීම ගැන ඔවුහු කතා නොකරති. යම් අයුරකින් රනිල් වික්‍රමසිංහ නොව එ. ජා. පක්‍ෂයේ වෙනත් අයකු වුවද ජනාධිපති වී නම් ඇමරිකානුවන් ඊනියා මානව හිමිකම් කඩ කිරීම පිළිබඳ චෝදනාවක්‌ ඉදිරිපත් කරන්නේ නැත. එයට හේතුව එවැනි ආණ්‌ඩුවක්‌ බටහිරයන්ගේ තාලයට නටා ප්‍රභාකරන්ට ඊළමක්‌ දීමට කටයුතු කිරීමය. ආණ්‌ඩුවට හිතවත් එහෙත් ඊනියා වාමාංශික අදහස්‌ ඇතැයි කියන ඇතැම් උගතුන් ජෙනීවා සිද්ධි දකින්නේ තෙල් ප්‍රශ්නයක්‌ සමඟය. අරාබියේ ඇතිවන සිද්ධි ඔවුන්ට තෙල් අර්බුදයේ කොටසක්‌ පමණකි. ඔවුන් ඉගෙන ගත් ප්‍රවාදවලට අනුව ඇමරිකාව නම් තෙල් නිධි එසේම තබාගෙන අනෙක්‌ රටවල තෙල් නිධි ප්‍රයෝජනයට ගනියි. සියල්ල ආර්ථිකයට ඌනනය කිරීමට කැසකවන මේ උගතුන්ට කාල් මාක්‌ස්‌ගේ ම පිහිටය. අප ශිෂ්‍යයන් වී සිටි අවධියේ බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයට එරෙහිව සටන් කිරීමට මාක්‌ස්‌වාදය හැරෙන්නට වෙනත් අවියක්‌ නොදුටු බැවින් විප්ලවය ගලහ හන්දියේ හෝ තුම්මුල්ලේ යෑයි කියමින් විශ්වවිද්‍යාලවල උජාරුවෙන් තෙල් බෙදූ අන්දමට මේ ඊනියා වාමාංශික උගතුන් තවමත් ඒ හන්දිවල හන්දිපත් රුදාව හැදෙන තෙක්‌ අරාබි හා මන්නාරම් තෙල බෙදනු දැකීම කනගාටුදායකය. මාක්‌ස්‌වාදීන් වුවද අඩු තරමෙන් ප්‍රශ්නයක්‌ ඓතිහාසිකව සිතීමට ඔවුන් ඉගෙන ගත් බවක්‌ පෙනෙන්නට නැත. මෙහිදී කිවයුත්තක්‌ නම් ඓතිහාසිකව සිතීමට සිංහලයන් මාක්‌ස්‌ගෙන් ඉගෙන ගැනීමට අනවශ්‍ය බවය. සංසාරගත ව සිතීම යනු ඉතා දීර්ඝ ඉතිහාසයක්‌ අනුව සිතීමකි. මේ අතර ඇතැම්හු අප වැනි රටවල යුද්ධ ඇතිකර ආයුධ වෙළෙඳාමට බටහිර ධනපතියන්ට වූ අවශ්‍යතාව ගැන කියති. මෙයද තවත් ආර්ථිකවාදී ඌනිතවාදයක්‌ මිස අනෙකක්‌ නොවේ. එහෙත් මේ එකදු උගතකුටවත් වැඩි කාලයකට උඩ දී නොව දැනට මාස හයකට ඉහත දී ශ්‍රී ලංකාවට එරෙහිව යම් යම් ක්‍රියා මාර්ගවලට එළඹීමට බටහිරයන් කටයුතු කරනු ඇතැයි කීමට නොහැකි විය. බටහිරයන් මෙරට ආක්‍රමණය කිරීමට පවා ඉඩ ඇතැයි අප කී විට ඔවුහු සිනාසුණහ. අද ඔවුන්ට කළ හැක්‌කේ ජෙනීවා සිද්ධි තනි තනිව ගෙන එයට හේතු ඉදිරිපත් කිරීම පමණය. එහෙත් අප මේ පිළිබඳව කතාකර ඇත්තේ දැනට ටික කාලයකට පෙරය. ඉන්දියාව අපේ ලොකු අයියා නොවන බව ද අපි එදා කීවෙමු.

ආර්ථික හේතු පමණක්‌ සොයන උගත්තු සංස්‌කෘතික හා දේශපාලනික හේතු ගැන සැලකිල්ලක්‌ නොදක්‌වති. දෙමළ ජාතිවාදය පිළිබඳ ඉතිහාසය මන්නාරමේ තෙල් ගැන කතාකිරීමට පෙර බොහෝ ඈතකට දිව යයි. දෙමළ ජාතිවාදය ලන්දේසීන් විසින් ඇතිකරනු ලැබූ බවත් එය ඉංගිරිසින් විසින් පෝෂණය කරනු ලැබූ බවත් බටහිර දැනුමේ ඊනියා තාර්කික බවකින් වශී වී එය ලෙවකන එයට වන්දනාමාන කරන ඊනියා උගත්තු නොපිළිගනිති. (ඔවුන්ගේ ගණිතයේ අතාර්කික බව දනිමි.) එමෙන්ම අප දක්‌වන කරුණු මත පදනම් ව ජෙනීවා සිද්ධි තේරුම් ගැනීමට හැකි බව පිළිගැනීමට ද ඔවුහු අකමැති වෙති. අද ඇමරිකාව ප්‍රශ්නයේ නායකත්වය ගත්ත ද එහි නියම නායකයා එංගලන්තය. කලකට පෙර ඇතැම් උගත්තු නෝර්වේ අපේ සතුරා ලෙස දුටුවෝය. එකල ද අප කීවේ ඒ සියල්ල පිටුපස ඇත්තේ එංගලන්තය බවය. එංගලන්තය අවුරුදු දෙසීයක පමණ කාලයක අපේ ප්‍රධාන සතුරා වෙයි. එමෙන්ම ඉන්දියාවට ද සිංහලයන් සමඟ ඇත්තේ ඓතිහාසික බෞද්ධ විරෝධී සතුරු කමක්‌ මිස මිතුරුකමක්‌ හෝ නෑදෑකමක්‌ හෝ නොවේ. ඇමරිකාව හා ඉන්දියාව අද මෙවැනි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන්නේ අප චීනයට දොර ඇර ඇති බැවින් යෑයි ඇතැම් උගත්තු කියති. එහෙත් 1987 දී එංගලන්තයේ හා ඇමරිකාවේ අනුග්‍රහය යටතේ ඉන්දියාව අපට පරිප්පු දමන විට චීනය සමඟ අපේ එතරම් ඇයි හොඳයි කමක්‌ නොතිබිණි. රබර්, සහල් ගිවිසුම ඒ වනවිට ද බොහෝ දෙනකුට අමතක වී තිබිණි. ඉංගිරිසින් යටතේ දෙමළ ජාතිවාදය ත්‍රස්‌තවාදයක්‌ දක්‌වා විකාශය වීමට අවුරුදු එකසිය පනහක පමණ කාලයක්‌ ගතවිණි. උගතුන් අපට ඔච්චම් කරමින් ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයකට විසඳුම් සොයන්නේ මේ ඉතිහාසය අමතක කරමිනි. දෙමළ ජාතිවාදයට දේශපාලන විසඳුම අපි නන්දිකඩාල් කලපුවේ දී දුනිමු. ඒ සඳහා වෙනත් විසඳුම් අවශ්‍ය නැත. යක්‍ෂ, නාග, දේව හා භාරතීය ගෝත්‍ර අතර ප්‍රතිසංධානය පිළිබඳ විශිෂ්ටතම අත්දැකීම් මත පදනම්ව සිංහල දෙමළ ප්‍රතිසංවිධානයක්‌ අපි ඇතිකර ගනිමු. එහෙත් එය නීති පනවා දිනකින් කළ නොහැකිය.

බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි යටත් විජිතවාදයට අභියෝග වන්නේ ඉස්‌ලාම් සංස්‌කෘතිය හා ථෙරවාද බෞද්ධ සංස්‌කෘතිය පමණකි. සභ්‍යත්ව ගැටුම් ගැන ලියූ සැමුවෙල් හන්ටින්ග්ටන් ථෙරවාදය සභ්‍යත්වයක්‌ ලෙසවත් නොසැලකීය. එහෙත් බටහිර පාලකයන් සිංහල බෞද්ධ සංස්‌කෘතිය මහත්ම අභියෝගයක්‌ ලෙස දුටුවේ ඉංගිරිසි ආණ්‌ඩුකාරයන්ගේ සමයේ සිටය. ඔවුන් දෙමළ ජාතිවාදය නිර්මාණය කළේම අප නැති කිරීමටය. අදත් ඔවුන් විසිරුණු දෙමළ ජනයා මගින් දෙමළ ජාතිවාදය පවත්වාගෙන යන්නේ ඒ සඳහාය. ඉස්‌ලාම් සංස්‌කෘතිය බටහිරයන්ට අභියෝගයක්‌ වනුයේ යුදමය වශයෙන් පමණකි. එහෙත් සිංහල ථෙරවාද බෞද්ධ සංස්‌කෘතිය ඔවුන්ට අභියෝගයක්‌ වන්නේ ප්‍රධාන වශයෙන් ම ආධ්‍යාත්මිකවය. ඉන්ද්‍රිය පිනවීමට හැඟීම්වලට රාගයට, ලෝභයට, ද්වේශයට අධි පරිභෝජනයට මුල් තැන දෙන බටහිර පුද්ගලවාදී මෝහ සංස්‌කෘතියට සිංහල බෞද්ධ සංස්‌කෘතිය තර්ජනයක්‌ වෙයි. අප ආධ්‍යාත්මිකව කුඩා රටක්‌ නොවන බවත්, යම්කිසි දිනෙක බටහිර යුදවේ ක්‍රිස්‌තියානි යටත්විජිතවාදය පරාජය කරන්නේ ඊනියා කම්කරු පන්තියක්‌ නොව අප බවත් අප සිහි තබාගත යුතුය. අද බටහිරයන් ඊනියා මානව හිමිකම් යොදාගන්නේ බටහිර නොවන රටවල් තම ආධිපත්‍ය යටතේ තබා ගැනීමට මිස මානවයන් කෙරෙහි පතළ වූ කරුණාවකින් නොවේ. වැඩිකල් නොගොස්‌ අපට ආර්ථික සම්බාධක පනවනු ඇත. එයට මුහුණ දීමට අපේ ගොවිකම (කාබනික නොව) පමණක්‌ නොව වෙදකම හා ජාත්‍යන්තර වෙළෙ¹ම ද අප නැවත සකස්‌ කරගත යුතුය. ඒ දැනුම ලබාදිය හැකි අය වෙති. එහෙත් ඒ සමඟම අප බටහිරයන්ගේ ආක්‍රමණයකට වුවත් මුහුණ දීමට අපේ ගොවිකම (කාබනික නොව) පමණක්‌ නොව වෙදකම හා ජාත්‍යන්තර වෙළෙ¹ම ද අප නැවත සකස්‌ කරගත යුතුය. ඒ දැනුම ලබාදිය හැකි අය වෙති. එහෙත් ඒ සමඟම අප බටහිරයන්ගේ ආක්‍රමණයකට වුවත් මුහුණදීමට සූදානම් විය යුතුය. මෙහිදී පසුගිය අවුරුදු තිහක පමණ කාලයක අප සමාජයේ ඉදිරිපත් වූ වැදගත්ම අදහස්‌ දෙක වර්ධනය කළ යුතුය. එකක්‌ හරිශ්චන්ද්‍ර විඡේතුංග, කුලියාපිටියේ ප්‍රනාන්දු, ධර්මසේකර, ගුණදාස අමරසේකර මහතුන් විසින් ඉදිරිපත් කෙරුණු ජාතික චින්තනය පිළිබඳ අදහසය. අනෙක මෑතක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ ඉදිරිපත් කළ ජාතික හිමිකම් පිළිබඳ අදහසය. මෙයින් කියෑවෙන්නේ ජාතියක්‌ විසින් තම ඉතිහාසයේදී බිහිකෙරුණු අයිතීන් හිමිකම් සමුච්චය ය. එය ඊනියා මානව හිමිකම් අභිබවා යයි. අප එය තවදුරටත් වර්ධනය කළ යුතුය.

අපේ ජාතික හිමිකම්වලට ගැමුණු රජ කල ද අප යුද්ධයේ දී යොදාගත් ආධ්‍යාත්මික ශක්‌තිය ද අයත්ය. අප දශකයක පමණ අරගලයකට සූදානම් විය යුතුය. බටහිර ඊනියා උගතුන්ගේ හුඹස්‌ මතවලට බිය නොවී මානව හිමිකම් සමුළුවේ ඊනියා නිරීක්‍ෂණ කමිටුවට ලංකාවේ පස්‌ පෑගීමට ඉඩ නොදිය යුතුය. පාතාලය හා වෙනත් අධාර්මික ගුබ්බෑයම් නැතිකරමින් දැහැමි සමාජයක්‌ කරා අප පිය නැගිය යුතුය. එහෙත් මෙයින් අදහස්‌ කරන්නේ හමුදාව විසුරුවා හැරීම නොවේ. එසේ කියනු ඇත්තේ බෞද්ධයනට යුද්ධය අකැප යෑයි ලියූ තුට්‌ටු දෙකේ බටහිර සමාජ විද්‍යාඥයන් සහ ඔවුන්ගේ ගෝල බාලයන් පමණකි. වියට්‌නාමයේදී ඇමරිකන් හමුදා පරාජය කෙරුණේ තවත් ථෙරවාදී බෞද්ධ රටක්‌ අතිනි. බටහිර ආක්‍රමණයක්‌ මෙරට සිදුවුවහොත් බටහිර අනුග්‍රහය යටතේ සටන් කළ කොටි පැරදවූ අපේ වීරෝදාර හමුදාවන්ට ඔවුන් ද පරාජය කිරීමට හැකිවනු ඇත. එයට අවශ්‍ය ආධ්‍යාත්මික ශක්‌තිය දැහැමි සමාජයෙන් ලැබෙනු ඇත. වියට්‌නාමයේ දී පරාජය වූ ඇමරිකන් හමුදා පසුව ලෝකයේ අනෙක්‌ රටවල් දිගින් දිගටම මර්දනය කළේය. අද එදා මෙන් නොව බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය හා යටත්විජිතවාදය වැටෙන අවධියකි. බටහිරයන් ලංකාව ආක්‍රමණය කිරීම යනු කොට්‌ටෝරුවා කෙහෙල් ගහට ඇනීමක්‌ වනු ඇත. අප අතින් පරාජය වනු ඇත්තේ බටහිර හමුදාව නොව අවුරුදු පන්සියයකට වැඩි කලක්‌ මිනිසුන් සත්ත්වයන්. ගහකොළ ඇතුළු ලෝකය තලා පෙලූ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය හා යටත්විජිතවාදයය.

-මහාචාර්ය - නලින් ද සිල්වා
උපුටා ගැනීම
දිවයින
2012-03-27

Related

මහාචාර්‍ය නලින් ද සිල්වා 8917840312597107427

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item