අනාගතය උදෙසා කළයුතු කාර්යය තේරුම් ගනිමු
ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව, ඇමරිකාව විසින් යෝජනාවක් සම්මත කර ගැනීමෙන් පසුව කතිකාවකට ලක්‌ව ඇත්තේ මෙවැනි පරාජයක් ශ්‍රී...
http://weadikawa.blogspot.com/2012/03/blog-post_28.html
ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව, ඇමරිකාව විසින් යෝජනාවක් සම්මත කර ගැනීමෙන් පසුව කතිකාවකට ලක්‌ව ඇත්තේ මෙවැනි පරාජයක් ශ්‍රී ලංකාවට අත්වූයේ ඇයි හා මෙම පරාජයෙන් පසු ශ්‍රී ලංකාව කළ යුත්තේ කුමක්‌ද යන්න පිළිබඳවයි.
පරාජයේ වගකීම ආණ්‌ඩුව බාරගත යුතු යෑයි මේ සම්බන්ධයෙන් විපක්‍ෂය දරන මතයයි. එල්. ටී. ටී. ඊ. යට එරෙහිව සටන් කළ සමයේ සිට ආණ්‌ඩුව වැරදි ලෙස හැසිරුණු බවටත්, රාජපක්‍ෂ ආණ්‌ඩුවේ රාජ්‍ය තාන්ත්‍රික අසමත්භාවය මෙයට බලපෑ බවත් සඳහන් කරමින් පරාජය සඳහා වන සියලුම වගකීම් ආණ්‌ඩුව පිට පටවන්නට විපක්‍ෂය කටයුතු යොදමින් සිටියි.
2001 සිට 2004 දක්‌වා පැවැති රනිල් වික්‍රමසිංහගේ අගමැති ආණ්‌ඩුව පරිදි හෝ 1994 සිට පැවැති චන්ද්‍රිකා කුමාරතුංග ආණ්‌ඩු සමයේදී මෙවැනි තත්ත්වයකට රට මුහුණදුන්නේ නැත.
ඉල්ලන සියලු දේ වහ වහා දෙමළ වර්ගවාදයට ලබාදෙමින්, ජාත්‍යන්තරය ලෙස නාමකරණය කර ඇති ඇමරිකාව ප්‍රමුඛ බටහිර ඇලියට අනුකූලව කටයුතු කරමින් තිබූ එම ආණ්‌ඩු, ජාත්‍යන්තරය ඉදිරියේ මේ ආකාරයෙන් උදහසකට ලක්‌වූයේ නැත. එහිදී ප්‍රමුඛ සාධකය වූයේ රාජ්‍ය තාන්ත්‍රික පරිණතභාවය නොව බටහිර බලාපොරොත්තු වන කීකරු භාවයය. 2005 බලයට පත් වූ රාජපක්‍ෂ ආණ්‌ඩුව එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයට හා දෙමළ වර්ගවාදයට එරෙහි තැනක සිටිමින් ඒකීය ශ්‍රී ලංකාව සුරක්‍ෂිත කරනා මතයක් හා ක්‍රියාමාර්ගයක් දැරීය. ලෝක තත්ත්වය අනුව බලන විටත් රටේ පෙර පැවැති ආණ්‌ඩු කටයුතු කළ ආකාරය අනුවත් එය පටිසෝතගාමී ස්‌ථාවරයක් විය. ඒ වන විට පිsටිය සැකසී තිබුණේ දෙමළ වර්ගවාදයට හෝ/ හා එල්. ටී. ටී. ඊ. යට පියවරෙන් පියවර ඊළම ලබාදිය යුතු යෑයි කියන තැනකය. එවැනි තත්ත්වයක් තුළ පටිසෝතගාමී ස්‌ථාවරයකට රාජපක්‍ෂ පාලනය නොගියේ නම් මෙවැනි යෝජනා සම්මත වීමකට රට මුහුණදෙන්නේ නැත. එසේ නොවුණේ නම් අවසානයේ සිදුවන්නට තිබුණේ උතුරු හා නැගෙනහිර දෙපළාත ඊළාම් රාජ්‍යයක් වීමය. එහි අවසානය ලෙස, ඉතා කෙටි පියවර කිහිපයකින් දෙමළ වර්ගවාදය විසින් සමස්‌ත ශ්‍රී ලංකාවම අත්පත් කර ගන්නට ද තිබිණි. රාජපක්‍ෂ ආණ්‌ඩුව විසින් තිත තබන ලද්දේ රටේ ඒ ඉරණමටය. ඒ සඳහා ආණ්‌ඩුව සමඟ සිටගත්තේ තම අභිප්‍රාය ඉටුකර ගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ බලයට ගෙන ආ, ජාතික බලවේග පමණි. රටේ අන් සියලුම දේශපාලන බලඇණි සිටියේ යුද්ධයේදී ආණ්‌ඩුවේ කකුලෙන් අදින තැනය. කකුලෙන් අදිමින් ආණ්‌ඩුව වට්‌ටන්නට බැරි විටදී ඔවුන්ගේ ප්‍රාර්ථනය වී තිබුණේ ජාතන්තර මැදිහත්වීමකින් යුද්ධය නතර වේවා යන්නය. එවැනි බාධක සමඟ ජාත්‍යන්තරයෙන් ද යුද්ධයට එරෙහිව බලපෑම් ආණ්‌ඩුවට එල්ල විය. අවසානයේදී ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්‌ත රැල මරා දමා, එල්. ටී. ටී. ඊ. ජාත්‍යන්තර නායක කුමාර් පද්මනාදන් ද විලංගු දා ශ්‍රී ලංකාවට ගෙන එන්නට ආණ්‌ඩුව සමත් විය. අද ආණ්‌ඩුවේ රාජ්‍ය තාන්ත්‍රික අපරිණතභාවය ගැන කතා කරන කිසිවකු ජාත්‍යන්තර බාධක මැද්දෙන් ලබාගත් ජයග්‍රහණයේදී ආණ්‌ඩුව තුළ තිබූ රාජ්‍ය තාන්ත්‍රික පරිණතභාවය ගැන කතා කළේ නැත. ඇස් ඉදිරිපිට පෙනෙන එම විජයග්‍රහණය ජයග්‍රහණයක් ලෙස හෝ රට ඉදිරියේ කතා කළ යුතු නිසා එය හමුදාවේ ජයග්‍රහණයක් බවට ලඝූ කරන තැනක එම පිරිස් සිටියේය.
යුද ජයග්‍රහණයෙන් ආණ්‌ඩුව පැමිණි තත්ත්වය බිඳ දැමීමට මෙම පිරිස විසින් තෝරා ගත්තේ සරත් ෆොන්සේකාය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර ඇලිය එතැනදී සිටියේ සරත් ෆොන්සේකා ප්‍රධාන මෙම පිරිස සමඟය. නැවුම් ඩොලර් කොළ තොග පිටින් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයට එතෙරින් ලැබෙන්නේ ඒ අනුවය. එහි හිලව්වටදෝ යුද අපරාධ පිළිබඳ චෝදනාවක් ෆොන්සේකා විසින් එළිදැක්‌වීය. ශ්‍රී ලංකාවට අත පෙවීමට බලා සිටි ජාත්‍යන්තරයට ඉඩ හොඳින්ම විවර වන්නේ එතැනිනි. ජිනීවා යෝජනාවේ පරාජය පිළිබඳව ආණ්‌ඩුවට ඇඟිල්ලක් දිගු කරන විපක්‍ෂය ඒ සඳහා අවශ්‍ය මුල පිරීම සිදුකිරීම නිසා තමන්ගේ පැත්තට එල්ල වී තිබෙන ඇඟිලි හතර ගැන ද කල්පනා කරගත යුතුය. මාවිල්ආරු සොරොව්ව විවෘත කරන මොහොතේ සිට කේ. පී. ශ්‍රී ලංකාවට ගෙන එන මොහොත තෙක් යුද්ධය සිදුකළ කාලය තුළ ආණ්‌ඩුව වැරදි කරන්නට ඇත. නමුත් ඒ සියල්ල සාමාන්‍ය පරිසරයක් තුළ සිදුවන අත්වැරදි ප්‍රමාණයටත්a වඩා අඩුය. ෆෙඩරල් රාජ්‍යයක් තුළ දෙමළ වර්ගවාදයට ඊළමක් ලබාදීම සඳහා කොටි ත්‍රස්‌තයන් අඩපණ කිරීමට මීට පෙර පාලන සමයන්හි යුදමය ක්‍රියාමාර්ග දියත් විය. සාමය සඳහා යුද්ධය යන තේමාවෙන් දියත් වූ එම මෙහෙයුම මගින් ලැබුණු සාමයක් නැතත් මීට වඩා වැරදි හා අතපසුවීම් එම ආණ්‌ඩු සිදු කළේය. ජයග්‍රාහී යුද මෙහෙයුමේදී රාජපක්‍ෂ ආණ්‌ඩුව එම මට්‌ටමෙන්වත් වැරදි සිදු නොකළ අතර අවම තරමින් මීට පෙර ආණ්‌ඩු කළ ආකාරයෙන් එම මොහොතේදී මාධ්‍යයට යුද පුවත් වාරණයක්‌වත් පැනවූයේ නැත.
රාජ්‍ය තාන්ත්‍රික පරිණතභාවය යනුවෙන් අදහස් කරන්නේ තමන්ගේ අවශ්‍යතාව ඉටුකර ගනු පිණිස සෙසු රාජ්‍යයන් සමඟ කටයුතු කරන ආකාරයය. ආණ්‌ඩුවේ රාජ්‍ය තාන්ත්‍රික අපරිණතභාවය ගැන චෝදනා කරන එ.ජා.ප.ය හා ජ.වි.පෙ. තමන්ගේ පාක්‍ෂිකයන් හා පක්‍ෂයේ නිලධාරීන් සමඟ වන සම්බන්ධයවත් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරගත නොහැකි පිරිසක් වෙති. ජාත්‍යන්තර සබඳතා විෂයෙහිදී ලෝක බල තුලනය, රාජ්‍යයේ බලවත් භෘවය හා උපායමාර්ගික කුසලතාව වැදගත් වේ. ලෝක බල තුලනය දෙස බලන විට වර්තමානයේදී ශ්‍රී ලංකාව වැනි රටක රාජ්‍ය තාන්ත්‍රික භාවය ඌනනය වී තිබෙන්නේ යටත් වීමටය. නූතනයේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු අධිරාජ්‍යවාදයේ තවත් අතකොළුවකි. එය සරසවා හැඩ ගන්නවා ඇති කැලෑ නීතියම මිස අනෙකක් නොවේ. ශ්‍රී ලංකා විදේශ සේවයේ අඩුපාඩු තිබෙන බව සත්‍යය. එවැනි අඩුපාඩු රහිත අතිදක්‍ෂ, පරිපූර්ණ විදේශ සේවයක් ශ්‍රී ලංකාව සතු වුවත් ජිනීවා යෝජනාව පැමිණි විට මෙයට වඩා ප්‍රතිඵලයක් ඒ තුළ ද ජනිත නොවනු ඇත. වත්මන් ආණ්‌ඩුව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අසමර්ථ යෑයි කියන විට එයින් කියවෙන අනික් අර්ථය වන්නේ ආණ්‌ඩුව බලවතුන් ඉදිරියේ නොනැමෙන්නේය යන්නයි. රාජපක්‍ෂ ආණ්‌ඩුව ජිනීවාවලදී මුහුණදුන්නේ රාජ්‍යතාන්ත්‍රික සමර්ථ අසමර්ථතාවය ගැන ගැටලුවකට නොව ඡේ. ආර්. ජයවර්ධන 1987 දී මුහුණදුන් ආකාරයේ බලහත්කාර ප්‍රයත්නයකටය. '87 දී එල්. ටී. ටී. ඊ. ය විනාශ කරන්නට ජයවර්ධන ආණ්‌ඩුව කටයුතු යෙදූ නමුත් ඒ සඳහා ඉන්දියාව ඉඩ ලබාදුන්නේ නැත. මතුපිටින් එම තත්ත්වය දෙස බැලූ විට ජයවර්ධන ආණ්‌ඩුවේ ඇමරිකානු ගැතිභාවය යෑයි කියා සියලු වැරදි ඡේ. ආර්. ජයවර්ධන වෙත පවරා සිටිය හැකිය. නමුත් ජාත්‍යන්තර සබඳතා විෂයෙහි බලපාන සැබෑ තත්ත්වය හෙවත් කැලෑ නීතිය තුළ හිරවන්නට ඡේ. ආර්. ට ද සිදුවූ බව ඒ පිළිබඳව විමර්ශනාත්මක ලෙස බලන විට පෙනේ. ජිනීවාහිදී රාජපක්‍ෂ ආණ්‌ඩුව මුහුණ දුන්නේ ද එම තත්ත්වයටමය. චීනය, රුසියාව වැනි රටවල් ලෝකයේ ඉදිරියට පැමිණ තිබුණත් තවමත් අංක එකට ලෝකේ සිටින්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර ඇලියය. ශ්‍රී ලංකා විදේශ සේවයේ පරිපූර්ණ කාර්යක්‍ෂමතාවක් තිබුණද විදේශ අමාත්‍යාංශය පිල් නොබෙදී එකා මෙන් සිටිය ද මීට වඩා හොඳ පිළිතුරක් ජිනීවාවලදී ලබාගන්නට නොහැකි වනවා ඇත. ආණ්‌ඩුවේ රාජ්‍ය තාන්ත්‍රික අසමර්ථභාවය පිළිබඳව දොස් නඟන එජාපය හා ජවිපෙ දැනගත යුත්තේ මෙවැනි ජාත්‍යන්තර තත්ත්වයකදී වැදගත්ම දේ වන්නේ, රටම එක මතයක සිටීම බවය. ඉන්දීය විපක්‍ෂ නායිකා සුෂ්මා ස්‌වරාඡ් වරක් ප්‍රකාශ කළ පරිදි "ඉන්දියාවේදී කොංග්‍රස් ආණ්‌ඩුව අපේ විරුද්ධවාදියා. ඔවුන් කටයුතු කරන දූෂිත ආකාරය හා වැරදි සම්බන්ධයෙන් අපි තරයේ ක්‍රියා කරමු. නමුත් ලෝකය ඉදිරියේ අපි එක ඉන්දියාවක්" යන්නෙන් රාජ්‍යතාන්ත්‍රික භාවය යනු කේවල ලෙස ආණ්‌ඩුව අත පමණක් රැඳී ඇති කටයුත්තක් නොවන බව පෙනේ. ජිනීවා ප්‍රශ්නයේදී රාජ්‍ය තාන්ත්‍රික සමර්ථභාවය උදෙසා "තමන්ගේ මිට" නොදැමූ විපක්‍ෂයක්, ආණ්‌ඩුවේ "මිට" තුළින් පමණක් "ප්‍රණීත රාජ්‍ය තාන්ත්‍රික කැඳක්" බලාපොරොත්තු වීම සාධාරණ නැත. අවම වශයෙන් යෝජනාවේදී ඇමරිකාවට සහය දක්‌වන රටවල තානාපතිවරුන් හෝ හමුවී රට වෙනුවෙන් කතා කරන්නට ශ්‍රී ලංකාවේ විපක්‍ෂය ගියේ නැත. උගත් පාඩම් කොමිසම හෝ ආණ්‌ඩුවේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳව ප්‍රශ්න තිබේ නම් ඒවා විස¹ගත යුතුව තිබුණේ එවැනි මට්‌ටමෙන්වත් යෝජනාවට එරෙහිව විපක්‍ෂය ලෙස කටයුතු කිරීමෙනි. ඊළඟ වටයේදී ආණ්‌ඩුව සමඟ තිබෙන ප්‍රශ්න, චෝදනා ගැන කතා කළ හැකිව තිබිණි. නමුත් ජවිපෙ හා එජාපයේ අද සැලසුම වී ඇත්තේ බෙල්ල කපා මුට්‌ටිය ගෙන මුට්‌ටිය බිඳ ඔළුව බේරා ගැනීමය.
මේ අතරම ශ්‍රී ලංකාව අද බැලිය යුත්තේ ජිනීවා යෝජනාව සම්මත වීමෙන් පසු රටේ අනාගතය දෙසය. මෙවර මානව හිමිකම් සැසිවාරයේදීම ඊශ්‍රායලයට එරෙහිව ද යෝජනාවක් සම්මත විය. ඒ සඳහා ඊශ්‍රායලයේ පිළිතුර වී තිබෙන්නේ තමන් එම නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක නොකරන බවය. එය එක් අන්තයකි. අනෙක් අන්තය වන්නේ සම්මත වූ යෝජනාවට මුළුමනින්ම අවනතව ක්‍රියා කිරීමය. දැන් ශ්‍රී ලංකාව ඉදිරියේ ඇත්තේ තමන් තෝරාගත යුත්තේ කුමන තැන ද යන ප්‍රශ්නයය.
'87 දී ඉන්දියාව විසින් ජයවර්ධන ආණ්‌ඩුවට කරන ලද බලපෑම නොතකා හරින්නට එය සතු බලය වී තිබුණේ ඇමරිකානු හිතෛෂීභාවය. ඇමරිකානු කඳවුරට සමීපව කටයුතු කළ ද ඇමරිකාව ඒ මොහොතේ සිටියේ ඡේ. ආර්. සමඟ නොව ඉන්දියාව සමඟය. ඉන්දු - ලංකා ගිවිසුමට අත්සන් තබා එහි කොළ හුවමාරු කරගත් වහාම, ඊට සුබපැතුම් පළකරමින් ශ්‍රී ලංකාව විෂයෙහි ඉන්දියාවේ භූමිකාව තමන් පිළිගන්නා බව පවසන ලද්දේ ඇමරිකානු ජනාධිපති රේගන් විසිනි. කොළඹ සිටි ඇමරිකානු තානාපති ඡේම්ස් ස්‌පෙන් විසින් එවන ලද පණිවුඩය වහාම රජිව් ගාන්ධි වෙත බාරදුන්නේය. ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් කිරීම සඳහා වන මුල්ගල ලෙස පළාත් සභා දෙන්නටත් උතුරු හා නැගෙනහිර දෙපළාත සාම්ප්‍රදායික නිජභූමි යන්න ව්‍යවස්‌ථාගත කරමින් ඊළම ව්‍යවස්‌ථාවෙන් සාධාරණීකරණය කරන්නටත් ඡේ. ආර්. ට සිදුවූයේ ඒ අනුවය. '87 දී රටක් ලෙස එවැනි තත්ත්වයකට පත්වන විට රාජ්‍ය නායකයා ලෙස රට තුළදී ෙද්‍රdaහියකු වන්නට ඡේ. ආර්. ට සිදුවිය. එජාපය පරාජයට පත්වීම සඳහා බලපෑ ප්‍රධාන සිද්ධිය වූයේ මෙයය. ඇමරිකානු යෝජනාවට පක්‍ෂව අත උස්‌සා ඉන්දියාව යළිත් දෙරටම එකතු වී රාජපක්‍ෂ ආණ්‌ඩුව ගෙන එන්නට හදන්නේ ද '87 දී ඡේ. ආර්. ගෙන ආ තැනටමය. යෝජනාව සම්මත වීමෙන් පසු රට තෝරාගත යුතු වන්නේ '87 වැනි තත්ත්වයක් යළිත් උදානොවීම පිණිස කටයුතු කිරීමය.
යෝජනාවෙන් කියවෙන්නේ උගත් පාඩම් කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසය. ඒ අතරම පළාත් සභාවලට බලය විමධ්‍යගත කරනාකාරයේ දේශපාලන විසඳුමකට එළඹෙන ලෙස ද යෝජනාව කියා සිටියි.
උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අනුව බලය විමධ්‍යගත කිරීම සඳහා කොන්දේසි දෙකක් තිබේ. ඒකීය රාජ්‍යය සුරැකීම, පහළම ස්‌ථානය තෙක් බලය විමධ්‍යගත කිරීම ඒවාය. පළාත් සභාවලට බලය විමධ්‍යගත කිරීම පහළම ස්‌ථානයට බලය විමධ්‍යගත කිරීමක් නොවන අතරම එමගින් ශ්‍රී ලංකාවේ ඒකීයභාවය ද බිඳවැටෙනු ඇත. එය පැහැදිලි ලෙසම උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමක් නොව ඊට එරෙහිව යැමකි. ඉන්දියාව සමඟ ඇමරිකාව එක්‌වී 1987 දී ඡේ. ආර්. හරහා සිදුකළ දෙය 2012 දී ඇමරිකාව සමඟ ඉන්දියාව එක්‌වී මහින්ද හරහා රටට සිදුකර ගැනීමට අවශ්‍ය නැත. පළාත් සභාවලට වැඩි බලතල ලබාදීමද, සීපා ගිවිසුම අත්සන් කිරීම යන ඉන්දියානු බල අධිකාරියේ හඬට ශ්‍රී ලංකාව කන්දීමවත් අවශ්‍ය නැත. ඉන්දියාව සිය ඡන්දය ශ්‍රී ලංකාවට එරෙහිව පාවිච්චි කළේ, කොංග්‍රස් ආණ්‌ඩුවේ පැවැත්ම යන කේවල කාරණය පෙන්වමිනි. මේ නිසා උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අනුව රටේ ඒකීයභාවය රැකෙන ලෙසත්, පහළම මට්‌ටමට බලය ලැබෙන ලෙසත් ආණ්‌ඩුවට ජන සභා පිහිටුවිය හැකිය. මේ ආකාරයෙන් බලය විමධ්‍යගත කරන නිසා පළාත් සභා අහෝසි කිරීමට ද ආණ්‌ඩුවට හැකිය.
ජිනීවා යෝජනාව සම්මත වීමෙන් පසු ඉදිරිය සඳහා අවශ්‍ය තැන ආණ්‌ඩුව ලකුණු කරගත යුත්තේ මේ අවශ්‍යතාව මතය.

මනෝජ් අභයදීර
උපුටා ගැනීම
උපුටා ගැනීම
2012/03/28