ඇමරිකානු උත්සාහය ව්‍යර්ථ වන ලකුණු
යෝජනාව ලියා ඇති ආකාරයෙන් පෙනී යන්නේ ලංකාවේම උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ එල්ලී ගමනක් යැමට ඇමරිකාව උත්සාහ ගෙන ඇති බවයි. උගත් ...
http://weadikawa.blogspot.com/2012/03/blog-post_12.html
යෝජනාව ලියා ඇති ආකාරයෙන් පෙනී යන්නේ ලංකාවේම උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ එල්ලී ගමනක් යැමට ඇමරිකාව උත්සාහ ගෙන ඇති බවයි. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ යෝජනා තමුන්ද අනුමත කරන බවත් එකී කොමිසම විසින් යෝජනා කළ ආකාරයට අතුරුදන් වීම් හා මිනීමැරුම් විභාග කළ යුතු බවත් උතුරුකරයේ මිලිටරිකරණය නවතා දැමිය යුතු බවත් ඉඩම් ආරවුල් විසඳීමට සමථ මණ්‌ඩල ක්‍රමයක් ඇති කළ යුතු බවත් ලංකාවේ ස්‌වාධීන ආයතන ශක්‌තිමත් කළ යුතු බවත් රැඳවුම් නියෝග නැවත සලකා බැලිය යුතු බවත් පළාත්වලට බලතල බෙදිය යුතු බවත් භාෂණයේ නිදහස රැකගත යුතු බවත් කියමින් උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ යෝජනා ඇමරිකාව විසින් අනුමත කර ඇත.
ජිනීවා නුවර මේ අවස්‌ථාවේදී සිදුවෙමින් පවතින්නේ ශ්‍රී ලංකාව නිදහස ලැබුවායින් පසු මුහුණ දෙන බරපතළම ජාත්‍යන්තර අභියෝගයයි. මෙයින් ගොඩ ආවොත් ඉදිරියේදී මේ රටට උපද්‍රවයක් නොමැතිව සිටීමට හැකි වනු ඇත. ඇමරිකාව විසින් ඉකුත් සතියේ ලංකාව සම්බන්ධයෙන් යෝජනා කෙටුම්පතක් ඉදිරිපත් කරන ලදී. නමුත් අප කවුරුත් මුලින්ම වටහා ගත යුතු කාරණය වන්නේ මේ යෝජනාව තවමත් මානව හිමිකම් කවුන්සිලය විසින් සාකච්ඡාවට ගැනීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන තැනට පැමිණ නැති බවයි. එවැන්නක් සිදුවීමට නම් එකී යෝජනාව තවත් රටවල් 15 ක ගේ වත් අත්සන් සහිතව නිල වශයෙන්ම මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් විය යුතුය. එසේ නොමැතිව එක රටකට හෝ රටවල් 2-3 කට වුවමනාවක් තිබූ පලියට ආවාට ගියාට මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කළ නොහැක. එවැන්නකට ඉඩ තිබුණේ නම් ඇතැම් රටවල් ජොලියටත් වෙනත් රටවල්වලට එරෙහිව යෝජනා ඉදිරිපත් කරනු ඇත. මේ නිසා යම් යෝජනාවක් නිල වශයෙන් සාකච්ඡා කිරීමට හෝ ඡන්ද විමසීමකට ලක් කිරීමට නම් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් අතුරෙන් තුනෙන් එකක් වත් එකී යෝජනාවට අත්සන් තැබිය යුතුය. ඇමරිකාව විසින් ඉකුත් සතියේ කරනු ලැබුවේ අවශ්‍ය අත්සන් එකතුකර ගැනීමට මුල පිරීමක් හැටියට "විධිමත් නොවන" රැස්‌වීමක් කැඳවීමයි. එකී රැස්‌වීමට ඔවුන් ලංකාව සම්බන්ධයෙන් ගෙන ඒමට සූදානම් වන යෝජනාවේ කෙටුම්පතක් ඉදිරිපත් කොට ඇත. එහිදී ඇමරිකාව, ලංකාවේ නියෝජිතයාගෙන් පමණක් නොව කියුබානු හා ඊජිප්තු නියෝජිතයන්ගෙන් ද හොඳ කියුම් ටිකක් අසාගෙන ඇත. රැස්‌වීමේ උණුසුම කොතෙක්‌ද කියනවා නම් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‍ෂක නිලධාරීන්ද රැස්‌වීම් ශාලාව එළියේ ආරක්‍ෂාව සැපයීමට සූදානම්ව සිට ඇත. මේ රැස්‌වීමෙන් පසු එකී යෝජනාව ගැන එක වචනයක් වත් අපට තවමත් අසන්නට ලැබුණේ නැත. සිදුවන්නේ කුමක්‌ද යන්න ගැන අපි බලා සිටිමු. මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරය තව සතියකට වඩා වැඩි කාලයක් පවතින නිසා අභියෝගය ජය ගත්තා යෑයි දැන්මම කිව නොහැකිය. නමුත් ඇමරිකාව විසින් ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාව ගැන අප නිරීක්‍ෂණය කළ යුතු කාරණා කීපයක් ඇත. ලංකාවේ හැමෝම යුද අපරාධ සම්බන්ධ යෝජනාවක් ඇමරිකාව විසින් ගෙන එනු ලැබේ යෑයි සිතා කලින් සිටම අමුඩ ගසාගෙන පොර බැදීමට සූදානම්ව සිටිය ද ඇමරිකානු යෝජනාවේ "යුද අපරාධ" යන වචනය කොතනකවත් පාවිච්චි වී නැත. ඔවුන් ඒ වෙනුවට පාවිච්චි කර ඇති වදන වන්නේ "ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම" යන වදනයි. නමුත් ඒ උල්ලංඝනය කිරීම අතීතයේ සිදුවූ දේවල් ද නැතිනම් වර්තමානයේ සිදුවෙමින් පවතින දේවල් ගැන සඳහනක් ද යන කාරණය ගැනවත් පැහැදිලිව සඳහන් වී නැත. කොටින්ම කියතොත් "යුද්ධය" කියන වචනයවත් එකී යෝජනාවේ සඳහන් නැත.
එම යෝජනාව ලියා ඇති ආකාරයෙන් පෙනී යන්නේ ලංකාවේම උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ එල්ලී ගමනක් යැමට ඇමරිකාව උත්සාහ ගෙන ඇති බවයි. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ යෝජනා තමුන්ද අනුමත කරන බවත් එකී කොමිසම විසින් යෝජනා කළ ආකාරයට අතුරුදන් වීම් හා මිනීමැරුම් විභාග කළ යුතු බවත් උතුරුකරයේ මිලිටරිකරණය නවතා දැමිය යුතු බවත් ඉඩම් ආරවුල් විසඳීමට සමථ මණ්‌ඩල ක්‍රමයක් ඇති කළ යුතු බවත් ලංකාවේ ස්‌වාධීන ආයතන ශක්‌තිමත් කළ යුතු බවත් රැඳවුම් නියෝග නැවත සලකා බැලිය යුතු බවත් පළාත්වලට බලතල බෙදිය යුතු බවත් භාෂණයේ නිදහස රැකගත යුතු බවත් කියමින් උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ යෝජනා ඇමරිකාව විසින් අනුමත කර ඇත. මෙවැන්නක් යෝජනා කළ ඔවුන් ඉන් පසුව එම යෝජනාවෙන් පවසන්නේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කරන ආකාරය ගැන සැලසුම් පත්‍රයක් මානව හිමිකම් කවුන්සිලයට ලංකාවේ ආණ්‌ඩුව විසින් ඉදිරිපත් කළ යුතු බවයි. ඉන් පසුව ඔවුන් කියන්නේ ලංකාව විසින් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්‌වරියගේ උදවු හා උපදෙස් ලංකාව විසින් ලබාගත යුතු බවයි.
ඇමරිකාව විසින් ඉදිරිපත් කොට ඇති මේ යෝජනා කෙටුම්පත කියවූ අයෙකුට මුලින්ම සිතෙන්නේ ලංකාවේම උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ යෝජනා මොවුන් පිළිගන්නේ නම් ඒවා ක්‍රියාත්මක කිරීමට පෙර මේ ආකාරයට මැදට පැන මේ කරන්නට හදන විගඩම කුමක්‌ද යන්නයි. අදාළ යෝජනා ගෙන එනු ලැබුවේ ලංකාවේම රජය විසින්ම පත් කරන ලද කොමිසමක් නම් සහ එකී යෝජනා දැනටමත් ක්‍රියාත්මක කරන බව ලංකාව කියා සිටින්නේ නම් ඒ ක්‍රියාවලිය අවසන් වීමට පෙර මැද්දට පැන මේ කරන්නේ කුමක්‌ද යන්න තුන්වන පාර්ශ්වවලටද සිතෙනු ඇත. ඔවුන් මෙම යෝජනාවේදී උගත් පාඩම් හා සංහිඳියා කොමිසමින් වෙනස් වන්නේ එක් තැනකදී පමණි. ඒ "ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය වීම" ගැන උගත් පාඩම් හා සංහිඳියා කොමිසම ප්‍රමාණවත් පරිදි විභාග කොට නැතැයි කීමෙනි. මෙයින් ඔවුන් ව්‍යංගයෙන් කියා සිටින්නේ යුද අපරාධ විමර්ශනය කර නැතැයි යන කාරණය විය හැක. කියන දේ ඔවුන් කෙලින් කියා නැත. අපට ඇත්තේ ඔවුන් ඒ කර ඇති සඳහන යුද අපරාධ ගැන විය යුතු යෑයි අනුමාන කිරීම පමණි. ඔවුන් ඒ දුටු අඩුපාඩුවට පිළියමක් හැටියට යෝජනා කර ඇත්තේ ලංකා ආණ්‌ඩුව විසින්ම සියලුම ශ්‍රී ලාංකිකයන්ට "යුක්‌තිය හා සාධාරණය" ඉටුවන ආකාරයට "ස්‌වාධීන ක්‍රියාකාරකම්" ආරම්භ කළ යුතු බව පමණි. එනම් යම් විමර්ශනයක් කරන්නේ නම් එය ලංකාව විසින්ම කළ යුතු බවයි. කිසිදු බාහිර විමර්ශනයකට ලංකාව යටත්විය යුතු යෑයි ඔවුන් කොතනකවත් කියා නැත.
මෙය ලංකාව බලාපොරොත්තු වූ ආකාරයේ යෝජනාවක් නොවන බව පැහැදිලිය. ඇතැම් විට ඇමරිකාව විසින් මේ තරම් සැර අඩු කරන ලද යෝජනාවක් ගෙන එනු ලැබුවේ ලංකාවට වඩා පිළිගත හැකි යුද අපරාධ චෝදනා ඇත්තේ ඇමරිකාවටම නිසා විය හැක. ලංකාව සම්බන්ධ මෙම යෝජනාව හඳුන්වාදීමට පවත්වන ලද අර කලින් සඳහන් කරන ලද අවිධිමත් රැස්‌වීමේදී කියුබාව ඇමරිකාවට තදබල ලෙස බැන වදින අතර පැවසූ එක් කාරණයක් වූයේ ඇමරිකාවට වගකීම ගැන ඔය තරම් කැක්‌කුමක් තිබේ නම් ඔවුන්ගේ ගුවන්ටනාමෝ (ඨම්ඒබ්පද) රැඳවුම් කඳවුරේ සිදුවන දේවල් ගැන ඔවුන් විසින්ම යෝජනාවක් ගෙන ආයුතු බවයි. ඇත්තවශයෙන්ම කැනඩාවේ නීතිඥයන්ගේ එකතුවක් විසින් ඇමරිකාවේ ගුවන්ටනාමෝ සිරකඳවුරේ රඳවා සිටින කැනේඩියානු පුරවැසිභාවය සහිත මුස්‌ලිම් ජාතිකයකුගේ ප්‍රශ්නය ගැන ලිත වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ මෙම සැසිවාරයේදීම සාකච්ඡා කිරීමට ඉදිරිපත්කොට ඇත. මේ තරුණයා ඇමරිකාව විසින් 2002 දී අල්ලා ගනු ලැබුවේ ඔහුට අවුරුදු 15 දීය. දැන් ඔහුට අවුරුදු 25 වනතුරුත් සිරකඳවුරේය. එA අතරතුර ඔහුට දිගින් දිගටම නිදා ගැනීමට ඉඩ නොදීම, ඉතාමත්ම කෙටි දම්වැල්වලින් මාංචු දමා තිබීම, දීර්ඝ කාලයක් අසීරු ඉරියව්වලින් බැඳ තැබීම, දීර්ඝ කාලයක් මනුෂ්‍ය ඇසුරක් නොමැතිව තනිවම රඳවා තැබීම, අධික සීතලට ඔහු විවෘත කර තැබීම, ඉතාමත්ම සැර ආලෝකයක් යටතේ දිගටම ඔහුව රඳවා තබාගැනීම, ඔහුව එA මේ අතට බිම පෙරළා මුත්‍රා ඉවත් කිරීමේ උපකරණයක් හැටියට භාවිතා කිරීම වැනි වධ බන්ධන රාශියකට ඔහුව යටත්කොට ඇත. එA සියල්ලටම පසුවත් ඔහු නීතියෙන් වරදකරුවෙක් කරනු ලැබුවේ ඔහුට විරුද්ධව තිබුණු චෝදනා ඔප්පු කිරීම නිසා නොව සිරදඬුවම් කාලය අඩු කිරීමේ පොරොන්දුව මත වරද පිළිගැනීමේ "ගනුදෙනුවක්" මතය. එA ගනුදෙනුවේ කොන්දේසි අනුව එකී තරුණයා සියලු චෝදනාවලට වරද පිළිගන්නා අතර තමන්ව රඳවා තබාගැනීම ගැන ඇමරිකාවට එරෙහිව කිසිදු තැනක නඩු පවරන්නේ නැති බවටත් වන්දි ඉල්ලා සිටින්නේ නැති බවටත් ප්‍රතිඥ දී ඇත. එA වෙනුවට ඔහුට ලැබෙන වාසිය වන්නේ හිර දඬුවම අවුරුදු 8 කට පමණක් සීමා කිරීමත්, එක් අවුරුද්දක් ඇමරිකාවේ සිරගෙදරක සිටි පසු සිරදඬුවමේ සෙසු කාලය තම මවු රට වන කැනඩාවේ ගත කිරීමට අවස්‌ථාව ලැබීමත්ය. අදාළ ගනුදෙනුව අනුව ඔහු මුල් අවුරුද්ද ඇමරිකාවේ ගතකොට ඉන් පසු කැනඩාවේ සිර ගෙදරකට මාරුවීම ඉල්ලා සිටි විට ඇමරිකානු බලධාරීන් විසින් කියා තිබෙන්නේ එම ඉල්ලුම් පත්‍රය සලකා බැලීමට තවත් අවුරුදු 1 1/2 ක් ගත වන බවයි. මෙකී පෙත්සම මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී තිබෙන්නේ මෙන්න මේ අවසානයට කී කාරණය සම්බන්ධයෙන් සහනයක් ඉල්ලමිනි.
ඇමරිකාවට එරෙහිව මෙවන් පෙත්සම් මෙම සැසිවාරයේදී විභාගවීමට තිබෙන නිසා ඔවුන්ට අවශ්‍ය වූ තරම් සැර ප්‍රකාශයක් ලංකාවට එරෙහිව කිරීමට නොහැකි වූවා විය හැක. ලංකාවට එරෙහිව ගෙනඑන ලද යෝජනාවේ යුද අපරාධ යන වචනය ඔවුන් පාවිච්චි නොකර සිටියේ ද එවැන්නක් කීමෙන් තවත් රටවල් ගණනාවක් කුපිත වන බව දන්නා නිසා විය හැක. එA කෙසේ වෙතත් මේ ගෙන එන ලද යෝජනාව නිල වශයෙන්ම මානව හිමිකම් කවුන්සිලය වෙත යොමු කරවීමට ඔවුන්ට දැනට සිටින සාමාජික රටවල් අතුරින් ඔස්‌ටි්‍රයාව, බෙල්ජියම, චෙක් ජනරජය, හංගේරියාව, ඉතාලිය, නෝර්වේ, පෝලන්තය, මොල්ඩෝවාව, ස්‌පාඤ්ඤය, චිලි රාජ්‍ය, රුමේනියාව වැනි රටවලින් අත්සන් ලබාගත හැක. තවත් රටවල් 2-3 ක් කොතනින් හෝ එකඟ කරවාගෙන ඔවුන්ට මානව හිමිකම් කවුන්සිලයේ නිල සැසිවාරය දක්‌වා මෙය ගෙනඑAමට හැකිවීමට ඉඩ ඇත. නමුත් එය ජයග්‍රහණය කරවීමට නම් අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ඔවුන්ට ලැබේවි යෑයි කිසිසේත්ම සිතිය නොහැකිය. මීට කලින් පැවැති සැසිවාරයේදී ද කැනඩාව විසින් ද මෙවැනි උත්සාහයක් දරා මේ ආකාරයටම ලංකාවට එරෙහිව යෝජනා කෙටුම්පතක් අවිධිමත් රැස්‌වීමකදී හඳුන්වා දී ඉන් ඔබ්බට එය ගෙනයැමට නොහැකිව මඟදී අතහැර දමන ලදී. 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වීමත් සමගම ඔවුන් ලංකාව ගැන සාකච්ඡා කිරීමට මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයක් කැඳවන ලදී. එA අවස්‌ථාවේදී මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් අතුරින් 17 කගේ අත්සන් ඔවුන්ට ලබාගැනීමට හැකි විය. නමුත් අවසානයේදී ඡන්දය ප්‍රකාශ කරන විට සාකච්ඡාව ඉල්ලා සිටි රටවල් වත් සියලු දෙනාම ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේ නැත. උදාහරණයක් වශයෙන් ලංකාව ගැන සාකච්ඡාවක් ඉල්ලා සිටි ඉක්‌වදෝරය අවසානයේදී ඡන්දය දුන්නේ ලංකාවට පක්‍ෂවය. එමෙන්ම සාකච්ඡා ඉල්ලා සිටීමට අත්සන් තැබූ තවත් රටවල් 4 ක් වන යුක්‌රේනය, මුරුසි දූපත්, කොරියානු ජනරජය හා ආජන්ටිනාව යන රටවල් 4 ම ලංකාවට එරෙහිව ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මෙයින් සිදුවූයේ එම සැසි වාරයේදී බටහිර රටවල් කැත විදියට පරාජය වීමයි. මෙවර ද එවැනි දෙයක් සිදුවේ යෑයි ඇමරිකාව තුළ සැකයක් ඉපදුනහොත් ඔවුන් විසින් ගෙනඑන ලද යෝජනාව මගදීම අතහැර දමා නිකන් සිටීමට ඔවුන් පෙළඹෙනු ඇත.
සී.ඒ. චන්ද්‍රප්‍රේම

උපුටා ගැනීම
දිවයින
2012-03-12
දිවයින
2012-03-12