ජලයෙන් රට එකතු කරමු

ඓතිහාසික විජයභූමිය වූ රජරට නගා සිටුවන්නට වකුගඩු රෝගාදී මාරාන්තික ව්‍යාධිවලින් උතුරුමැද උතුර හා නැගෙනහිර ජනතාව බේරාගන්නට සහ දිවි පුදා ලෙයින්...

ඓතිහාසික විජයභූමිය වූ රජරට නගා සිටුවන්නට වකුගඩු රෝගාදී මාරාන්තික ව්‍යාධිවලින් උතුරුමැද උතුර හා නැගෙනහිර ජනතාව බේරාගන්නට සහ දිවි පුදා ලෙයින් මිල ගෙවා එක්‌සේසත් කළ මවුබිමේ ඒකීයභාවය සුරක්‍ෂිත කරන්නට නිකරුණේ මුහුදට ගලායන කළු කැලණි ගංගා ජලය යොදාගත යුතු කාලය එළැඹ තිබේ. අලුතින් වැව් දහස්‌ ගණනක්‌ බඳවා පැරණි වැව් දහස්‌ ගණනක්‌ පිළිසකර කරවා, බස්‌නාහිර පලාතේ වගුරුබිම් විල් බවට හරවා විල්වලින් ජලය ගෙන කුඹුරු කරවා රුහුණු, මායා, පිහිටි තුන්හෙළයම සරුසාර වගාබිමක්‌ බවට හැරවූ මහපැරකුම් ආදර්ශය අපේ යුගයේ යථාර්ථයන් අනුව ක්‍රියාවට නගා ජනතාව සුත මුදිත කර රටේ ඒකීයභාවය තහවුරු කරන්නට නම් මුළු
ම ජලය ලබාදෙන මධ්‍යම කඳුකරයත් රක්‌වාන බුළුතොට හෙල්වැටි ප්‍රදේශයෙන් රුහුණු මායා, පිහිටි තුන් රටේම කුඩා කඳු ප්‍රදේශයන් සුරක්‌ෂිත කළ යුතුය.
මහවැලි, කළු, කැලණි, වලවේ යන සිවු මහා ගංගා මෙන්ම මහඔයද ඇරඹෙන්නේ රටේ මධ්‍ය කඳුකරයෙනි. එබැවින් මධ්‍ය කඳුකරයේ සොබා පරිසරය ආරක්‌ෂා කිරීම ජාතික අවශ්‍යතාවකි. ශ්‍රී ලංකාවේ වැඩිම ජලකඳක්‌ සහිත කළු ගඟේ ප්‍රධාන ශාඛාව වූ කුකු=ළු ගගත් දකුණේ ප්‍ර්‍රධාන ගංගා වූ ගිංගඟත්, නිල්වලා ගගත් පෝෂණය වන්නේ සිංහරාජ වනයද අයත්වන රක්‌වාන බුළුතොට හෙල්වැටි ප්‍රදේශයෙනි. එබැවින් එම හෙල්වැටි පරිසරයද සුරක්‍ෂිත කළ යුතුය.
ඈත රුහුණේ හම්බන්තොට, දිස්‌ත්‍රික්‌කයේත්, පහළ ඌවේත් වයඹ, උතුරුමැද, උතුර හා නැගෙනහිර ප්‍රදේශවලත් ජල හිඟය දිනක්‌ පාසා උග්‍රවෙමින් පවත්නා හෙයින් අතීතයේ දේශප්‍රේමී මුතුන්මිත්තන් කළාක්‌ මෙන් ශ්‍රී ලංකාවේ ජල පෝෂක ප්‍රදේශවල සොබා පරිසරය ආරක්‌ෂා කිරීම මූලික ජාතික අවශ්‍යතාවකි.
ම ජලය සපයන ජල පෝෂක ප්‍රදේශ සුරක්‌ෂිත කිරීම සඳහා සොබා පරිසරයට හානිකර වූ අසාර්ථක වතුත් පරිසර විරෝධී ලෙස අවිචාරවත් ආකාරයෙන් අලුතින් ඇති කල කඳුකර ගම්මානත් ආහාරමය හා ඖෂධීය අගයකින් යුතු වනබිම් බවට පත් කළ යුතුය. සොබා පරිසරයට බෙහෙවින් හානිකර වූ වතු හා ගම් වන බිම් බවට හැරවීමේදී කොස්‌, බැදි දෙල්, දූරියන්, බෙලි, දිවුල්, නෙල්ලි, පේර, වෙරළු ආදී පලදරන ගසුත්, අරළු, බුළු, පලොල්, තොටිල, ඇත්දෙමට, කොහොඹ, වෙනිවැල්, රසකිඳ, හාතාවාරිය, ඉරමුqසු, දුම්මැල්ල හා බිං කොහොඹ ආදී ඖෂධීය ගස්‌වැල් පැළෑටි වර්ගත් යොදාගත හැක. ජල පෝෂක ප්‍රදේශවලට හානිකර වූ සොබා පරිසර විරෝධී වතුත් අවිචාරවත්ව අලුතෙන් ඇති කළ ගම්මානත් වන වගාවට හැරවීමේදී එම වතුවල හා ගම්වල වෙසෙන ජනතාව උතුරු මැදට උතුරට හා නැගෙනහිරට යෑවිය හැක. මධ්‍ය කඳුකරයේ ගොඩනැගූ විදුලිබල උත්පාදක ජලාශවලට යටවූ ගම් හා නගරවල ජනතාව උතුරුමැදට හා නැගෙනහිරට යෑව්වාක්‌ මෙන් මුළු රටේම ජනතාව සඳහා සුරක්‌ෂිත කළ යුතු ජල කලාපයේ ආරක්‌ෂාව සඳහා කඳුකරයෙන් ඉවත් කරන්නට සිදුවන ජනතාව රජරට නව ජනාවාස පිහිටුවා අලුතින් සංවර්ධනය කරන ප්‍රදේශ කරා යෑවිය යුතුය. එසේ ගෙන යා යුත්තේ ලක්‌ෂ තුනක්‌ ජනතාව යුදබිම් ඔස්‌සේ ගෙන ගිය ප්‍රභාකරන් මෙන් බලහත්කාරයෙන් නොවේ.
මධ්‍ය කඳුකරයේ වැඩිවන ජනගහනයද රජරට හා රුහුණු නැගෙනහිර අලුත් සංවර්ධන භූමි කරා යොමු කළ යුතුය. මධ්‍ය කඳුකරයේ නාගරිකකරණයත් කාර්මික කරණයත් දැඩි ලෙස පාලනය කිරීමද ප්‍රමුඛ ජාතික අවශ්‍යතාවක්‌ වී ඇත්තේ ජලමාර්ග දූෂණය වීම වළක්‌වා ජනතා සෞඛ්‍ය ආරක්‍ෂා කිරීම මුලික ජාතික වගකීමක්‌ වන හෙයිනි. එහෙයින් මධ්‍ය කඳුරයේ ජනගහන වර්ධනයට, නාගරිකකරණයට හා කාර්මිකකරණයට ප්‍රබල අනුබලයක්‌ වන අන්දමින් කොළඹ නුවර අධිවේග මාර්ග ඉදිකිරීමේ සැලසුම් කල්දමා නොපමාව කළ යුත්තේ මධ්‍යම පළාත් ජනගහනය උතුරුමැද උතුර හා නැගෙනහිර පළාත්වල නව ජනාවාස හා නව සංවර්ධන කලාපයන් කරා යොමු කිරීමට හේතුවන අන්දමින් මහනුවර යාපන මාර්ගය, නුවර ත්‍රිකුණාමලය මාර්ගය, නුවර අම්පාර මාර්ගය හා නුවර කුරුණෑගල මාර්ගය වැනි මහාමාර්ග දියුණු කිරීමයි. අනෙක්‌ අතින් බස්‌නාහිර පළාතේ හා ගාලු මාතර, රත්නපුර දිස්‌ත්‍රික්‌කවල පොදු ජනතාවත් ව්‍යාපාරික ප්‍රජාවත් වයඹ, උතුරු මැද, උතුර හා නැගෙනහිර නව ජනාවාස හා නව සංවර්ධන කලාප කරා යොමුවන අන්දමින් මාතර කොළඹ අධිවේගී මාර්ගය කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය තුළට දීර්ඝ කළ යුතුය. ජනාකීර්ණ කොළඹ, ගම්පහ, කළුතර, ගාලු, මාතර හා රත්නපුර දිස්‌ත්‍රික්‌කවල ජනතාවත් රටේම ව්‍යාපාරික ප්‍රජාවත් වයඹ උතුරුමැද උතුර හා නැගෙනහිර පළාත්වලට යොමුකරවා ඓතිහාසික පෙරදිග ධාන්‍යාගාරය නව පණගන්වා කෘෂිකර්මය පදනම් කරගත් කාර්මික සංවර්ධනයට මගපෑදීම අපේ යුගයේ ජාතික අවශ්‍යතාවයි.
ජනාකීර්ණ බස්‌නාහිර පළාතේ හා ජනගහනය අධික මධ්‍යම, සබරගමු, දකුණු පළාත්වල බහුතර ජනතාව හා ව්‍යාපාරික ප්‍රජාව වයඹ, උතුරුමැද, උතුර හා නැගෙනහිර පළාත් කරා යොමු කිරීම සඳහා වන මූලික අවශ්‍යතාව වන්නේ නිකරුණේ මුහුදට ගලායන කළුගඟේ මහා ජල ප්‍රවාහය කැලණි ගඟේ වැඩි ජලය හා මෝසම් වැසි සමයේ ඉවුරු තලාගෙන යන මහ ඔයේ ජලයද සමග උතුරේ සුවිශාල සරුසාර මාන්කුලම් තැන්න කරා ගෙන යැමයි. කළුගඟේ ජලය උතුරේ මාන්කුලම්තැන්න කරා ගෙන යන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන බටහිර අනුකාරකයන්ගේ අවධානය ඔවුන්ගේ ආදර්ශ රාජ්‍යයන් වන එංගලන්තය හා ප්‍රංශය යාකරමින් මුහුද යටින් ඉංග්‍රීසි ඕඩය හරහා දිවෙන උමං දුම්රිය මාර්ගය වෙතත් යුරෝපයේ නගරවල පොළොව යටින් යන උමං දුම්රිය කෙරෙහිත් යොමුකළ හැක. ප්‍රංශය හා එංගලන්තය අතර මුහුද යටින් හා යුරෝපයේ නගරවල පොළොව යටින් උමං දුම්රිය දුවවන වත්මන් කාර්මික විද්‍යා තාක්‌ෂණ යුගයේ ශ්‍රී ලංකාවේ පොළව මතින් පානීය ජලනල මාර්ගයක්‌ හා කෘෂිකර්ම යසඳහා වාරිමාර්ගයක්‌ ගෙනයැම එතරම් බරපතල ප්‍රශ්නයක්‌ නොවන්නේ අඩි විසි ගණනක්‌ උසට ගොඩනැගෙන පස්‌ කණ්‌ඩි මතින් ඉදිවෙන අධිවේගී මාර්ගම ඒ සඳහා උපයෝගී කරගත හැකි බැවිනි. පහත රට ලන්දේසි පාලන සමයේ මීගමු කොච්චිකඩෙන් මුහුදට වැටෙන මහඔයත්, අත්තනගලු ඔයත්, කැලණිගඟත් මොරටු ගඟත්, කළුගඟත්, බෙන්තර ගඟත් මාදු ගඟත්, ගිංගඟත් පොලතු ගඟත් නිල්වලා ගගZත් ඈඳමින් වෙරළට නොදුරින් මහා ඇළ මාර්ගයක්‌ තනා භාණ්‌ඩ ප්‍රවාහනය සිදු කළා නම් මේ විද්‍යා තාක්‌ෂණ යුගයේ බස්‌නාහිර වෙරළේ සිට සැතපුම් දහයක්‌ තරම් රට ඇතුළතින් ගොඩනැගෙමින් පවත්නා මාතර කොට්‌ටාව අධිවේග මාර්ගය ගම්පහ දිස්‌ත්‍රික්‌කය ඔස්‌සේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ වාරියපොළ දක්‌වා දික්‌කළ නොහැක්‌කේ මක්‌නිසාද? මෙහිදී එංගලන්තය හා වේල්සය ඔස්‌සේ අඩි සිය ගණනක්‌ උඩින් යන "පොන්ට්‌ කර්සල්" ඇළද ආදර්ශයට ගත හැක.
මාතර කොට්‌ටාව අධිවේග මාර්ගය ගම්පහ දිස්‌ත්‍රික්‌කය ඔස්‌සේ කුරුණෑගල දිසාවේ වාරියපොල දක්‌වා දීර්ඝ කළහොත් එම අධිවේගී මාර්ගය සඳහා ගොඩනැගෙන පස්‌ කණ්‌ඩියම උපයෝගී කරගෙන කළු ගඟෙන් පානීය ජල නල මාර්ගයක්‌ හා කළු කැළණි ගංගා ජලය රජරට ගෙන යන වාරිමාර්ගයක්‌ නිර්මාණය කළ හැක. මාතර කොට්‌ටාව අධිවේගී මාර්ගය සඳහා අවශ්‍ය ඉඩම් පවරාගෙන කඳු ගැට කපා උස්‌ බිම් පහත් කර පහත් බිම් ගොඩකර, සැතපුම් සියයක්‌ තරම් දිගට අඩි විසි ගණනක්‌ උසට අඩි පනහක්‌ පළලට මහා පස්‌ කණ්‌ඩියක්‌ ගොඩනැගිය හැකි නම් එම පස්‌ කණ්‌ඩියම කඩුවෙල හරහා ගම්පහ දිස්‌ත්‍රික්‌කය ඔස්‌සේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය තුළට තවත් සැතපුම් පනහක්‌ හෝ හැටක්‌ දිගට තැනිය හැකි බවට සැකයක්‌ නැත. පානීය ජල නල මාර්ගයක්‌ පමණක්‌ නම් දැනට ඉදිවන පස්‌ කණ්‌ඩිය මතම ගෙන යා හැක. කෘෂිකර්මය සඳහා වූ වාරිමාර්ගයක්‌ තැනීම සඳහා නම් කළ යුත්තේ කළුගඟේ සිට කොට්‌ටාව දක්‌වා වන පස්‌ කණ්‌ඩිය තවත් අඩි දහයක්‌ පමණ පළල් කිරීම පමණි. දැනටමත් අඩි පනහක්‌ තරම පළලට ඉදිවන පස්‌ කණ්‌ඩිය තවත් අඩි දහයක්‌ පළල් කිරීම එතරම් දුෂ්කර නොවේ. කුකුළු ගඟ, මගුරු ගඟ, පැලැන් ගඟ හා යටගම්පිටි ගඟ එක්‌ව සෑදෙන කුඩා ගඟ කළු ගඟට එක්‌වූ පසු කළුගඟේ ජල ප්‍රවාහය දෙගුණ තෙගුණ වන හෙයින් දෙමෝදරට ඉතාම කිට්‌ටුවෙන් පිහිටි අක්‌කර දහස්‌ ගණනක්‌ වූ "නියුශැටල්" වතුයායෙන් අවශ්‍ය බිම් ප්‍රමාණය වෙන්කරගෙන ගබඩා ජලාශ ඉදිකර ගැනීමෙන් ජලය රැස්‌කර ගනිමින් වර්ෂයකට වයඹට හා රජ
 අවශ්‍ය ජලය ගෙන යා හැක.
අහසින් එන දියබිඳක්‌වත් ප්‍රයෝජනයට නොගෙන මුqහුදට නොයවන්නැයි ප්‍රකාශ කළ මහ පැරකුම් රජතුමාට පිටුපා යන දේශපාලනයට සිනාසෙන්නාක්‌ මෙන් රැළි නගමින් ඉවුරු බිඳිමින් නිකරුණේ මුහුදට ගලායන කළු ගඟේ මහා ජලකඳ අධිවේගී මාර්ග ක්‍රමය උපයෝගී කරගෙන හෝ වාරියපොල දක්‌වා ගෙන ගියහොත් එතැන් සිට ගල්ගමුව දක්‌වාත්, ගල්ගමුව සිට තඹුත්තේගම ඔස්‌සේ අනුරාධපුරය දක්‌වාත් භූමිය මුළුමනින්ම තැනිතලා බිමක්‌ වන හෙයින් වාරියපොල සිට පානීය ජල නල මාර්ගය ගෙනයැම වඩාත් පහසු වේ. අනුරාධපුරයේ සිට මැදවච්චිය, වවුනියාව හා කිලිනොච්චිය ඔස්‌සේ අලිමංකඩ දක්‌වා ඇත්තේ සුවිසාල මාන්කුලම් තැන්නම බැවින් පැරණි වාරි මාර්ග ප්‍රතිසංස්‌කරණය කිරීම පමණක්‌ වුවද උතුරේ ජල ප්‍රශ්නයට විසඳුමක්‌ වනු ඇත. එසේ කළු, කැලණි ගංගා ජලය මාන්කුලම් තැන්න කරා ගෙන යැමෙන් උතුරේ ජනතාව සුත මුදිත වී රටේ ඒකීයභාවය ජලය මගින් තහවුරු කළ හැකි වනු ඒකාන්තය. ත්‍රස්‌තවාදී ගිනියම් උණ්‌ඩවලට උණ්‌ඩවලින් පිළිතුරු දුන්නාක්‌ මෙන් උතුරේ ජනතාවගේදැ වෙන ප්‍රශ්නවලට මුළු
ම පොදු සම්පත වූ ජලය මගින් විසඳුම් ලබාදිය යුතුය. යාපන මහ නගර සභා ඡන්දයේදී ඡන්ද නොදුන් බහුතර ජනතාවත් වවුනියාවේදී ආණ්‌ඩුවට එරෙහිව ඡන්දය දුන් ජනතාවත් එමගින් කියන්නේ තමන්ගේ දැවෙන සමාජ, ආර්ථික ප්‍රශ්නවලටද විසඳුම් අවශ්‍ය බවයි. මිනිසුන්ගේත් මිනිසාට හිතකර ගව, එළු ආදී සතුන්ගේත් ජීවිත පවතින්නේ ජලය මත බැවින් ජලකඳින් ගිනි නිවන මග නිවැරැදි මඟවන බව ඒකාන්තය.

අනගාරික ධර්මසේකරතුමා
උපුටා ගැනීම
දිවයින
2009/08/30


දිවයින පුවත්පතේ 2009/08/30 දින පලවූ ලිපියකි

Related

අනගාරික ධර්මසේකර තුමා 6435858627961237534

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item