ජාත්‍යන්තර සමානාත්මතාව ලබාගැනීමේ සටන
ශ් රී ලංකාව නිදහසින් පසු 64 වැනි වසරට පා තබත්ම මේ රටට අද ඇති ප්‍රශ්න හා අභියෝගද අතීතයට වඩා බෙහෙවින්ම වෙනස් වී ඇත. සාමාන්...
http://weadikawa.blogspot.com/2012/02/blog-post_6226.html
ශ්‍රී ලංකාව නිදහසින් පසු 64 වැනි වසරට පා තබත්ම මේ රටට අද ඇති ප්‍රශ්න හා අභියෝගද අතීතයට වඩා බෙහෙවින්ම වෙනස් වී ඇත. සාමාන්‍යයෙන් සංවර්ධනය වෙමින් පවතින රටක ප්‍රශ්න හැටියට ඇත්තේ දුප්පත්කම, ආර්ථික සංවර්ධනය නොමැතිකම, ත්‍රස්‌තවාදය, භෞමික අඛණ්‌ඩතාවයට ඇති අභියෝග වැනි ප්‍රශ්නයි. උදාහරණයක් වශයෙන් ඡේ. ආර්. ජයවර්ධන මහතා 1977 දී බලය ගත් විට ඔහු ඉදිරියේ ඇති අභියෝග වූයේ විරැකියාව, ආර්ථිකය එකතැන පල්වීම වැනි ප්‍රශ්නයි. නමුත් අද මේ රටට ඒ එක ප්‍රශ්නයක්‌වත් නැත. ආර්ථික සංවර්ධනය ගැන මිනිස්‌සු ප්‍රශ්න නගන්නේ නැත. යම් යම් ව්‍යාපෘති වල දොaෂ සහගතව හෝ සංවර්ධනය සිදුවෙයි. අද ත්‍රස්‌තවාදයක් නැත. වෙනකක් තබා මේ රටේ හැමදාමත්ම ප්‍රශ්නයක්‌ව තිබූ විරැකියාව ගැන කතාවෙන්නේ ද අඩුවෙනි. ඒවා එසේ තිබියදීත් මේ රටට තවමත් අභියෝගයක් ඇත. ඒ අභියෝගය වන්නේ ජාත්‍යන්තර නීතිය හමුවේ සමානාත්මතාවය උදෙසා අරගල කිරීමේ සටනයි.
මේ රටේ අද විරැකියාවට වඩා ලොකු මාතෘකාවක් වී ඇත්තේ ලබන මස රැස්‌වන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළදී ලංකාවට එරෙහිව සිටින බටහිර බලවතුන්ට මේ රටට එරෙහිව යුද අපරාධ චෝදනා පිළිබඳ ප්‍රකාශයක් සම්මත කරගැනීමට හැකිවේද යන්නයි. අද ජනමාධ්‍යයෙන් පවා වැඩියෙන් අවධානය යොමු වී ඇත්තේ මේ විදේශයෙන් එන අභියෝගය කෙරෙහි මිස ලංකාවේ ප්‍රශ්න කෙරෙහි නොවේ. මේ අවස්‌ථාවේදී ලංකාව ඉදිරියේ ඇති අභියෝගයද සුළුපටු නොවේ. මුළු විශ්ව ප්‍රජාවේම අනාගතය තීන්දු වන සටනකට ශ්‍රී ලංකාව මැදි වී ඇත. මේ අවස්‌ථාවේදී බටහිර බලවතුන් ලංකාව තම "ඌරු මීයකු" බවට හරවාගෙන සිටී. ඔවුන්ගේ උත්සාහය වන්නේ ජාත්‍යන්තර නීති ක්‍රම 2 ක් ක්‍රියාත්මක කිරීමටය. එක නීතියක් බටහිර රටවලට පමණක් බලපායි. අනෙක් නීතිය සියලුම සංවර්ධනය නොවන රටවලට බලපායි. අද ඔවුන් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගොනු කිරීමට උත්සාහ දරන්නේ මේ සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් සීමා වූ නීති පද්ධතිය යටතේය. යම් හෙයකින් මේ උත්සාහය සාර්ථක වුවහොත් එයින් ඇතිවන පූර්වාදර්ශය සෙසු සියලුම සංවර්ධනය වෙමින් පවතින රටවලටද බලපානු ඇත.
දැනට පවතින ආකාරයට විශේෂයෙන්ම යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිය ඉතාම අපැහැදිලි හා අවිනිශ්චිත තත්ත්වයක පවතී. ජාතීන් අතර යුද්ධ පිළිබඳ නීතිය වන්නේ ජිනීවා සම්මුතීන්ය. මෙකී සම්මුතීන් වලින් රටවල් අභ්‍යන්තරයේ පවතින යුද්ධ ආවරණය නොවන නිසා පසු කලෙක ජිනීවා සම්මුතීන් වලට රටවල අභ්‍යන්තර යුද්ධ ගැන අතුරු ලියවිල්ලක්‌ද එක්‌විය. මෙයට අමතරව යුද අපරාධ සම්බන්ධයෙන් පවතින අනෙක් ලියවිල්ල වන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටුවන සම්මුතියයි. නමුත් මේ පවතින එක ජාත්‍යන්තර සම්මුතියකින් වත් ලංකාවට එරෙහිව පියවර ගත නොහැක. ඒවා අනුසාරයෙන් ලංකාව හිර කිරීමට හැකියාවක් තිබුණේ නම් මේ වන විට එය කර හමාරය. එමනිසා පවතින නීතියෙන් අවශ්‍ය දේ කරගැනීමට නොහැකි නිසා බටහිර බලවතුන් මේ සඳහා පාවිච්චි කර තිබෙන උපක්‍රමය වන්නේ "චාරිත්‍රානුකූල යුද අපරාධ නීතිය" යෑයි කියා දෙයක් අනුසාරයෙන් ලංකාවට එරෙහිව චෝදනා ගොනු කිරීමට උත්සාහ දැරීමයි. මෙකී චාරිත්‍රානුකූල නීතිය යෑයි කියාගන්නා දෙය එකතැනකට එකතු කොට නීති පොතක් හැටියට සම්පාදනය කොට ඇත්තේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසිනි. රාජ්‍ය නොවන සංවිධානයක් විසින් රටවල්වලට බලපාන නීති ලේඛනගත කිරීම ගැන කවුරුත් මවිත වනු ඇත. ජාත්‍යන්තර යුද අපරාධ නීතිවල තත්ත්වය එයින්ම සිතා ගැනීමට හැකිවනු ඇත. පසුගිය වසරේ බෑන් කී මූන් විසින් පත් කරන ලද විද්වත් කමිටු වාර්තාව සහමුලින්ම පාහේ රැඳී පවතින්නේ මේ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය විසින් සම්පාදනය කරන ලද කෘතිය මතය. නමුත් මෙතනදී ද මූන් කමිටු වාර්තාව විසින් ලංකාවට දරුණු අසාධාරණයක් කර ඇත. ඔවුන් ලංකාවට ආදේශ කර තිබෙන්නේ රතු කුරුස සංවිධානයේ පරමාදර්ශයන් මිස බටහිර රටවල් වලින් පිළිගත් මූලධර්ම අනුව නොවේ. මේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ යුද අපරාධ පිළිබඳ පොතේ එක් ප්‍රයෝජනයක් නම් ඇත. එහි එක් පැත්තකින් රතු කුරුස සංවිධානයේ පරමාදර්ශයන් ලියා තිබෙන අතර අනෙක් පැත්තෙන් සියලු බටහිර රටවල් ඒ පරමාදර්ශයන්ගෙන් පිළිගන්නේ මොනවාද, නොගන්නේ මොනවාද යන කාරණය ඉතා හොඳින් හා සවිස්‌තරාත්මකව ලේඛන ගතකොට ඇත. මෙය කියවන ඕනෑම කෙනකුට එක්‌වරම පෙනී යන කරුණක් වන්නේ මූන් කමිටු වාර්තාව විසින් ලංකාවට ආදේශ කිරීමට උත්සාහ ගෙන තිබෙන එකම පරමාදර්ශයක් වත් මොනම බටහිර රටක්‌වත් ඒ ආකාරයෙන්ම පිළිගෙන නැති බවයි. ඔවුන් ඒ හැම පරමාදර්ශයක්‌ම උඩු යටිකුරු කරවන කොන්දේසිවලට යටත්ව පමණක් පිළිගෙන ඇත.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ පළමු පරමාදර්ශය වන්නේ ගැටුමක පාර්ශ්වකරුවන් විසින් හැමවිටම සිවිල් වැසියන් හා සටන්කාමීන් වෙන්කර ගත යුතු බවයි. ප්‍රහාර එල්ල විය යුත්තේ සටන්කාමීන්ට මිස සිවිල් වැසියන්ට නොවේ. ජාතීන් අතර යුද්ධයකදී නම් සටන් කාමීන් හඳුනා ගැනීම පහසුය. ඔවුන් අදාළ රටවල් වල නිල හමුදාවන් වන නිසාය. නමුත් රටවල්වල අභ්‍යන්තර ගැටුම්වලදී නිල හමුදාව ගැටෙන්නේ තවත් නිල හමුදාවක් සමග නොව ආයුධ අතට ගත් සිවිල් වැසියන් සමගය. එවිට සටන්කාමියාත් සිවිල් වැසියාත් වෙන්කොට හඳුනා ගැනීම අපහසු වෙයි. කොටි සංවිධානයද සාර්ථකම ත්‍රස්‌තවාදී ප්‍රහාර එල්ල කළේ සිවිල් වැසියන් මෙන් රඟපෑ සටන්කාමීන් විසිනි. රතු කුරුස සංවිධානය ද මේ හේතුවෙන් සටන්වලට සහභාගි වන සිවිල් වැසියන්ට එරෙහිව ඔවුන් ප්‍රහාරයේ යෙදී සිටින අතරතුර එල්ල කළ හැකි බව කියයි. නමුත් මෙවැනි මූලධර්මයකින් රජයේ හමුදාවන්වලට අවාසියක් සිදුවන බවද රතු කුරුස සංවිධානය පිළිගෙන ඇත. එනම් ත්‍රස්‌තවාදීන්ට ඕනෑම වෙලාවක රජයේ හමුදාවකට ප්‍රහාර එල්ල කළ හැකි වුවත් රජයේ හමුදාවකට සිවිල් වැසියෙක් මෙන් රඟපාන ත්‍රස්‌තවාදියකුට එරෙහිව ඕනෑම වෙලාවක ප්‍රහාරයක් එල්ල කළ නොහැකි වීමයි. ඔවුන්ට එම ප්‍රහාරය එල්ල කළ හැක්‌කේ ත්‍රස්‌තවාදියා ත්‍රස්‌තවාදී කටයුත්තක යෙදී සිටින විට පමණි. මේ නොගැලපීම විසඳන්නේ කෙසේද යන ප්‍රශ්නය ගැන රතු කුරුස සංවිධානය තවමත් නිගමනයකට එළඹී නැත.
යම් අයෙක් සිවිල් වැසියෙක්‌ද ත්‍රස්‌තවාදියෙක්‌ද යන්න ගැන සැකයක් පැවතුන හොත් ජිනීවා සම්මුතියේ පළමු වැනි අතුරු ලියවිල්ල කියන්නේ යන්තම් හෝ ඒ ගැන සැකයක් පැවතුන හොත් අදාළ පුද්ගලයා සිවිල් වැසියෙක් හැටියට සැලකිය යුතු බවයි. නමුත් ප්‍රංශය හා බ්‍රිතාන්‍යය මෙයට එකපයින්ම විරුද්ධ වී පවසා සිටියේ යමෙක් ත්‍රස්‌තවාදියෙක්‌ද සිවිල් වැසියෙක්‌ද යන්න තීරණය කිරීමේදී ඒ ස්‌ථානයේ සිටින අණදෙන නිලධාරියාගේ ප්‍රථම යුතුකම වන්නේ තම සොල්දාදුවන්ගේ ආරක්‍ෂාව ගැන සිතීම බවයි. (එනම් යම් කෙනෙක් ත්‍රස්‌තවාදියෙක්‌ද නැත්ද යන්න ගැන සැකයක් ඉපදුන හොත් තමන්ගේ වැඩි ආරක්‍ෂාව සඳහා ඔවුන්ට වෙඩි තැබීමට බ්‍රිතාන්‍යය හා ප්‍රංශය අයිතිය වෙන්කර ගෙන සිටී.) එපමණක්‌ද නොව ඇමරිකාව, ජර්මනිය, නෙදර්ලන්තය, කැනඩාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් බොහොමයක් යම් පුද්ගලයෙක් සෘජුවම සටනකට සහභාගි වී සිටිනවාද නැත්ද යන කාරණය ඒ එක් එක් අවස්‌ථාව අනුව තීන්දු කළ යුතු බව පවසා ඇත. ඒ අනුව යම් අයෙක් සටනට සහභාගි වී සිටියාය යන කාරණය මත වෙඩි තැබීමට ඔවුන්ගේ හමුදාවට පූර්ණ බලතල ඇත.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් පළකොට තිබෙන තවත් මූලධර්මයක් වන්නේ ප්‍රහාර එල්ල විය යුත්තේ මිලිටරි ඉලක්‌ක වලට පමණක් බවයි. සිවිල් ඉලක්‌ක වලට ප්‍රහාර එල්ල නොකළ යුතුය. ඇමරිකාව ,බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, කැනඩාව ඇතුළු බටහිර රටවල් මේ මූලධර්මය ද පිළිගෙන තිබෙන්නේ කොන්දේසි සහිතවයි. ඔවුන් පවසා සිටින්නේ මිලිටරි ඉලක්‌කයකට පහර දීමේදී එම ප්‍රහාරයෙන්ම සිවිල් වැසියන්ද ඝාතනය වීම අපරාධයක් නොවන බවයි. මෙහිදී මිලිටරි ඉලක්‌කයක් යනු කුමක්‌ද යන්න ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන්ම නිර්වචනය කොට ඇත්තේ "ප්‍රතිවාදී හමුදාවේ මිලිටරි බලය බිඳීමට විනාශ කළ යුතු ඕනෑම ස්‌ථානයක් හැටියටය." ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින්ම පෙන්වා දෙන ආකාරයට කැනඩාව, ජර්මනිය, ස්‌විට්‌සර්ලන්තය, ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල් යම් මිලිටරි ඉලක්‌කයක් තුළ හෝ ඒ අසල සිවිල් වැසියන් සිටිනවාය යන කාරණයෙන් එම ස්‌ථානයට "යුද මුක්‌ත" තත්ත්වයක් නොලැබෙන බව තීන්දු කොට ඇත. මෙයින් යම් මිලිටරි ඉලක්‌කයක් අසල සිවිල් වැසියන් සිටියත් ප්‍රහාර එල්ල කිරීමට බටහිර රටවල හමුදාවන්ට බලය ලැබේ.
ජිනීවා සම්මුතියේ පළවෙනි අතුරු ලියවිල්ලට අනුව යම් ස්‌ථානයක් මිලිටරි ඉලක්‌කයක්‌ද සිවිල් ස්‌ථානයක්‌ද යන්න ගැන සැකයක් ඉපදුන හොත් එකී ස්‌ථානය සිවිල් ස්‌ථානයක් හැටියට පූර්ව නිගමනය කළ යුතු බව පවසා තිබුණි. නමුත් ඇමරිකාව මෙයට දැඩි ලෙස විරුද්ධ වී පවසා සිටියේ ප්‍රහාරක හමුදා මෙවැනි පූර්ව නිගමනයක් මත කටයුතු කළහොත් සිවිල් වැසියන් හානියට ලක් වීමෙන් වැළකිය හැකි ආකාරයට අවදානම් සහගත ස්‌ථානවල නොතැබීමට ත්‍රස්‌තවාදීන්ටත් ඇති යුතුකම පැහැර හැරීමට මෙයින් උඩගෙඩි ලැබෙන බවයි.
මේ ආකාරයට සැබෑ ලෝකයට ගැලපෙන්නේ නැති යම්කිසි වගන්තියක් ජිනීවා සම්මුතීන් හා ඒවායේ අතුරු ලියවිලි වැනි පූජනීය ලෙස සැලකෙන සම්මුතීන් තුළ පවා තිබේ නම් බටහිර රටවල් කිසිදු පැකිලීමකින් තොරව ඒවා පිළිගන්නේ නැති බව එළිපිටම පවසයි. ඔවුන් මේ ආකාරයට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් ඉදිරිපත් කළ එකම මූලධර්මයක් වත් කොන්දේසි විරහිතව පිළිගෙන නොමැත. නමුත් බටහිර රටවල් වල බලපෑම මත බෑන් කී මූන් විසින් සම්පාදනය කරන ලද වාර්තාවෙන් ලංකාවට ආදේශ කිරීමට උත්සාහ දරා ඇත්තේ රතු කුරුස සංවිධානයේ පරමාදර්ශයක් පමණි. බටහිර රටවල් මේ එකක්‌වත් පිළිගෙන නොමැති බව ඔවුන් කොතනකවත් සඳහන් කොට නැත. නමුත් රතු කුරුස සංවිධානය විසින් සම්පාදනය කරන ලද පොත පරිහරණය කරන ඕනෑම කෙනෙකුට බටහිර රටවල් එම මූලධර්ම පිළිනොගෙන ඇති බව පෙනේ. මේ අනුව ලංකාව හිර කිරීමට බටහිර රටවල් විසින් පාවිච්චි කොට තිබෙන්නේ ඔවුන්ගේවත් පිළිගැනීම නැති කැකිල්ලේ මූලධර්ම ගණනාවක් මතයි. ලබන මස ලංකාව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ කරන සටන මුළු ලෝකයටම තීරණාත්මක වනු ඇත. බටහිර රටවලට හා සෙසු රටවලට වෙන වෙනම නීති හා මූලධර්ම පද්ධතීන් 2 ක් ක්‍රියාත්මක වනවා ද නැද්ද යන්න තීරණය වන්නේ එතැනිණි.
සී. ඒ. චන්ද්‍රප්‍රේම
උපුටා ගැනීම
දිවයින
2012-02-06