- බළලා මල්ලෙන් එලියට පැනීම -
ජනතා විමුක්ති පෙරමුණෙන් මෑතක දී බිඳී වෙන් වූ කණ්ඩායමේ නායකයා ඔවුන් විසින් ම පවසා ඇති පරිදි ‘‘කුමාර’’ ය. මේ ‘‘කුමාර’’ පිළිබඳ ව හා එම බිඳී ය...
http://weadikawa.blogspot.com/2012/02/blog-post_5487.html
ජනතා විමුක්ති පෙරමුණෙන් මෑතක දී බිඳී වෙන් වූ කණ්ඩායමේ නායකයා ඔවුන් විසින් ම පවසා ඇති පරිදි ‘‘කුමාර’’ ය. මේ ‘‘කුමාර’’ පිළිබඳ ව හා එම බිඳී යාම පිළිබඳ ව අප අවංකව ම විශ්වාස කරන කරුණු ප‍්‍රධාන වශයෙන් කිහිපයකි. ඒවා නම්,
I. ජ.වි.පෙ. ජාතිකවාදී පදනමින් ඉවත් කර, එය අමු වාම පක්‍ෂයක් බවට පත් කිරීම, අධිරාජ්‍යවාදයට අවශ්‍ය වූවකි.
II. අමු වාම පක්‍ෂයකට ‘‘පන්ති සටනේ’’අමුවට නිරත විය හැකි නමුත්, එබඳු පක්‍ෂයකට අධිරාජ්‍යවිරෝධී පදනමේ පිහිටා, කි‍්‍රයාත්මක විය නොහැක. එබැවින්, ලොව පුරා පවත්නා අමු වාම පක්‍ෂ අධිරාජ්‍යවාදයට නියමින් හා අනියමින් ‘‘කඬේ යන’’ පක්‍ෂ බවට පත් වී ඇත.
III. ජ.වි.පෙ. ජාතිකවාදී පදනමින් ඉවත් කිරීමේ ‘‘කොන්ත‍්‍රාත්තුව’’ දැනුවත්ව භාර ගත්තේ ‘‘කුමාර’’ ය. කුමාර ඒ සඳහා තම ‘‘සැගවුණු අනන්‍යතාව’’ ජ.වි.පෙ. සාමාජිකයා ආකර්ෂණය කර ගැනිම සඳහා යොදා ගත්තේ ය. ශිෂ්‍ය අංශයෙන් රැගෙන ආ ‘‘බුද්ධිවාදී’’ හා ‘‘මාක්ස්වාදී’’ මල්ලිලා ටික ද ඒ සඳහා නම්මවා ගත්තේ ය. ජ.වි.පෙ. අධ්‍යාපන අංශය භාරගත් කුමාර, ඒ පරිවර්තනය සඳහා අවශ්‍ය වන ‘‘තියරිය’’ ඒ මගින් නිර්මාණය කළේ ය. එහි ම එක් පියවරක් ලෙස අපව ජ.වි.පෙ.න් එළියට විසි කිරීමේ මෙහෙයුම ද පණ ගැන්වුණි. ‘‘පිරිසිදු පක්‍ෂයක්’’ ‘‘සුපිරිසිදු පන්ති සටනක්’’ මනෝරාජික ව අපේක්‍ෂා කරන අහිංසක කේඩරීය සාමාජිකයනට, ‘‘කුමාර’’ගේ මේ ප‍්‍රවේශය ආකර්ෂණීය විය.
IV. ‘‘කුමාර’’ විදේශ ඔත්තු සේවා විසින් හසුරුවන චරිතයකි.ඔහු මී ළගට සූදානම් වනුයේ ‘‘බෙන්ගාසි’’පන්නයේ මෙහෙයුමක් දියත් කිරීමට ය.
අප දක්වන ලද ඉහත නිගමන ඇතැමුන්ට විවාදාත්මක විය හැකිය. එහෙත්, අපගේ මේ නිගමන බිඳ දමා ‘‘කුමාර’’ ව බේරා ගැනීමට ඉදිරිපත් ව සිටින්නන් දෙස බැලූ විට අපගේ නිගමනයන්හි ඇති වලංගුභාවය තව දුරටත් සනාථ වේ.
පසුගිය 29 වන ඉරිදා නිකුත් වූ එක්තරා සිංහල පුවත්පතක මැද පිටුවේ පළ වූයේ ‘‘ඉන්දීය හමුදාවලට ගහපු හැටි කුමාර් මහත්තයා කියයි’’ යන හිසින් යුත් ලිපියකි. එය ලියා තිබුණේ, සැමවිට ම ගෝලීය අධිරාජ්‍යවාදයට අවශ්‍ය ‘‘ලයින් එක’’ පත්තර පිටුව මත නිවැරදි ව, සූක්‍ෂම ව මුදා හැරීමේ හැකියාවෙන් යුත් මාධ්‍යකරුවෙකු වන උපුල් ජෝෂප් ප‍්‍රනාන්දු ය. ඔහු මීට බොහෝ කලකට පෙර දිනපතා සිංහල පුවත්පතකට ලිපියක් ලියමින් පෙන්වා දුන්නේ ජ.වි.පෙ. දේශපේ‍්‍රමයෙන් ගැලවෙන තුරු ඒ පක්‍ෂයට ඉදිරි ගමනක් නැති බවය. දේශපේ‍්‍රමයේ ජ.වි.පෙ. ඇදගෙන ගොස් වනසන ‘‘පවුකාරයා’’ විමල් වීරවංශ බව ය. අවසානයේ උපුල් ජෝශප් එදා නිර්දේශ කළ පරිදි ජ.වි.පෙ. ජාතිකවාදයෙන් මුදා ගැනීමේ මෙහෙයුම අද සාර්ථක ලෙස නිම වී තිබේ. විමල් වීරවංශලා නැමැති ‘‘දේශපේ‍්‍රමී පාවුකාරයෝ’’ අද එහි නැත. ජ.වි.පෙ. ම අමු වමක් බවට පෙරලන්නට ගිය ‘‘කුමාරලා’’ ජ.වි.පෙ. කේඩරීය සාමාජිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් සමග දැන් ජ.වි.පෙ. ශෛලියෙන් ම ඒ අමු වම එළියේ ගොඩනගමින් සිටිති. ඒ අනුව බැලූ කළ, උපුල් ජෝෂප්ගේ උපදෙස් අහක ගොස් නැත.
ඒ උපුල් ජෝශප් මා ඉහත කී ලිපියෙන් පවසන්නේ කුමක් ද? ඔහු මේ ලිපිය පටන් ගන්නේ මෙසේය.
‘‘කුමාර් මහත්තයා කොටියෙක් ද?
කුමාර් මහත්තයා ඉන්දියාවේ ‘‘රෝ’’ ඒජන්තයෙක් ද?
සී. අයි. ඒ. කාරයෙක් ද?’’
මේ ප‍්‍රශ්න මතු කරන උපුල් ජෝශප් කුමාරගේ ඉතිහාස කථාවට අයත් වීර කි‍්‍රයාන්විත සිදුවීම් එකින් එක පෙළ ගස්වා පෙන්වයි. ඔහු ඉන්දියන් හමුදාවට එරෙහි ව සිදුකළ කි‍්‍රයාමාර්ග, හිරෙන් පළා ගිය අන්දම, ජ.වි.පෙ. වෙනුවෙන් කළ කැපවීම උපුල් ජෝශප් හුවා දක්වන්නේ, ඔහු ද ‘‘ ජන අරගල ව්‍යාපාරයේ’’ සාමාජිකයෙක්දැයි සිතෙන තරමට ය. අවසානයේ දී උපුල් ජෝශප් ප‍්‍රනාන්දු කුමාරට දෙන්නේ මෙබඳු සහතිකයකි.
‘‘පේ‍්‍රමකුමාර් ට සහාය දැක් වූ අය තවමත් හමුදාවේ සිටියි. එහෙත් ඇතැමුන් ආණ්ඩුව විසින් හඳුනාගෙන අත්අඩංගුවට ගන්නා ලදී. සිය සදාදරණීය නායක රෝහණ විජේවීරගේ දර්ශනය යථාර්ථයක් කරන්නට අවස්ථාව ලැබෙන තෙක් තව බොහෝ පිරිසක් බලා සිටිති.
1993 වන විට කුමාර් මහත්තයා ගැන කවුරුත් දැන සිටියේ නැත. එහෙත් අද ඔහු ආන්දෝලනාත්මක චරිතයකි. රෝහණ විජේවීර ඇතුඑ ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයේ හීනය වූ ඉන්දීය හමුදාවට පහරදීම ඔහු සැබෑවක් බවට පත් කළේ ය. එහෙම බලනකොට ඔහු කොටියෙක් හෝ ‘‘රෝ’’ ඔත්තු සේවා නියෝජිතයෙක් නොවේ. ඔහු රෝහණ විජේවීර සිය නායකයා වෙනුවෙන් ලොව හතරවැනි විශාල ම හමුදාව එක්ක හැප්පෙන්න තරම් විශ්වකර්මයක් කරන්න පුඑවන් අයෙකි. ඔහු හෙට මොකක් කරයිද කියල ආණ්ඩුව බයෙන් වෙවුලන්නේ ඒ නිසා විය හැකිය.
කාරණාව මොන තරම් අපූරුවට පැහැදිලි වේ ද? අපව ජ.වි.පෙ.න් එළියට වැටුණු පසුව ද,
මේ උපුල් ජෝශප්ලා එක දිගට පහර දුන්නේ අපට ය. එහෙත් ‘‘කුමාරලා’’ එළියට ආ පසු, ඒ උපුල් ජෝශප් ම පවසන්නේ ‘‘කුමාර විශ්ව කර්ම බඩුවක්’’ කියායි. කුමාර ‘‘කොටියෙක්’’ හෝ ‘‘රෝ කාරයෙක්’’ නොවන බව ඒත්තු ගැන්වීමට, උපුල් ජෝශප්ලා ට උවමනාව ඇති වන්නේ කුමක් නිසා ද?
මේ බව තවත් පැහැදිලි වනුයේ පසුගිය 29 වන ඉරිදා ‘‘ජන රළ’’ පුවත්පතට ජන අරගල ව්‍යාපාරයේ ප‍්‍රචාරක හා මාධ්‍ය ලේකම් වරුණ රාජපක්‍ෂ ලබා දී තිබෙන සාකච්ඡුාව කිය වූ විට ය. එහි එක් තැනෙක මෙසේ සඳහන් ව තිබේ.
‘‘අපි දන්නවා අපේ රටේ වෙච්ච දේශපාලන වැරැද්ද තමා ජාතික ප‍්‍රශ්නය නියන එක ප‍්‍රමුඛම ප‍්‍රශ්නය විදියට සලකලා ඒ මත පදනම්වෙලා දේශපාලන ව්‍යාපාර ගමන් කිරීම…..’’
වරුණ රාජපක්‍ෂ මේ චෝදනාව එල්ල කරන්නේ ජ.වි.පෙ.ට ය. ඔහු මේ නොකියා කියන්නේ ජාතික ප‍්‍රශ්නය කේන්ද්‍රීය ප‍්‍රශ්නය හෙවත්, ප‍්‍රමුඛ ප‍්‍රශ්නය ලෙස බර තබා කටයුතු කිරීමෙන් ජ.වි.පෙ ට වැරදුන බව ය.
එහෙත්, රෝහණ විජේවීරයන් ඒ ගැන පවසා ඇත්තේ මෙසේ ය.
‘‘අප විසින් දැනටමත් පැහැදිළි ලෙස ම ඉදිරිපත් කර ඇති පරිදි ලංකාවේ ජාතික ගැටළුව, එහි යටත් විජිත අතීතයෙන් පමණක් නොව පූර්ව යටත් විජිත අතීිතයේත් මුල් දිවූ විෂය මූල හා මනෝ මූල ප‍්‍රතිවිරුද්ධතාවන් පද්ධතියක පරාවර්තනයක් පිළිබිඹු කරයි. එහෙත් එය වර්තමාන තත්ත්වයට වර්ධනය වී ඇත්තේ සියල්ලට ම පෙරාතුව අධිරාජයවාදී බලවේගයන් විසින් ඔවුන්ගේ උපායමාර්ගික අවශ්‍යතාවට ලංකාව යටත් කිරීමට කි‍්‍රයා කිරීමත්, එම කි‍්‍රයාදාමයට අධිරාජ්‍යවාදී බලවේගවල දේශීය හවුල්කරුවන්, වග උත්තරකරුවන් නොමසුරුව සහයෝගය පිදීමත් හේතුකොට ගෙන ය. එබැවින් අව්‍යාජ මාක්ස්වාදීන්ගේ පරම වගකීම හා යුතුකම අධිරාජ්‍යවාදී උපායමාර්ගික අවශ්‍යතාව හමුවේ උදාසීන හා අකර්මන්‍ය විරෝධය දැක්වීම නොව, සක‍්‍රීය ව, අධිරාජ්‍යවාදී උපායමාර්ගික අවශ්‍යතාව පරාජය කිරීමට කි‍්‍රයා කිරීමය. අධිරාජ්‍යවාදී උවමනාවන් අනුව ජාතිකත්වයේ, ප‍්‍රාදේශිකත්්වයේ හා ලබ්ධියේ සීමාවන් ඔස්සේ ලංකාවත් ඉන්දියාවත් බෙදා වෙන් කිරීමට විරුද්ධ වීමේ ආරක්‍ෂණවාදී ස්ථාවරයේ සිට මාක්ස්වාදීන් අද අධිරාජ්‍යවාදී උපායමාර්ගය මු`එමනින් ම පැරදවීම සඳහා එසේ බෙදා ඇති තැන් යළි එකතු කිරීම, යළි එක්සත් කිරීම සඳහා දැඩි ලෙස ඉදිරිපත් වෙමින් ඒ සඳහා මතවාදී, දේශපාලන හා සංවිධාන කටයුතු කරමින් අධිරාජ්‍යවාදී උපායමාර්ගයට එරෙහි ව සකී‍්‍රය ප‍්‍රතිප‍්‍රහාරයේ ස්ථාවරයට පැමිණිය යුතු ව තිබේ. මෙසේ කි‍්‍රයා නොකිරීම මාක්ස්වාදය අතහැරයාමක් හා අධිරාජ්‍යවාදයේ පැත්ත ගැනීමක් හා සමාන වේ.’’
එහෙත් වරුණ රාජපක්‍ෂ පවසන්නේ, රෝහණ විජේවීරයන් පවසා ඇති අයුරින් ජාතික ප‍්‍රශ්නයට හිමි වැදගත්කම ලබා දී, එම ප‍්‍රශ්නය කෙරෙහි මූලික අවධානය යොමුකර, කි‍්‍රයාත්මක වීම වැරදියි කියාය.
උපුල් ජෝශප්ලා ට කුමාරලාව බේරාගැනීමට ඉදිරිපත් වන්නට හිතෙන්නේ මේ නිසාය. ‘‘ජාතික ප‍්‍රශ්නයත්, තවත් එක් ප‍්‍රශ්නයක් පමණි. බඩු මිල වැඩි වීමේ ප‍්‍රශ්නයත්, එයත් සමාන ය.’’ යනුවෙන් හිතන අමු වම, අධිරාජ්‍යවාදයට උවමනා වම ය. කුමාරලා ව වීරත්වයට නංවන්නට ජෝශප්ලාට හිතෙන්නේ මේ නිසාය. එමෙන් ම එහි තවත් අරමුණක් තිබේ. එය පැහැදිළි වන්නේ 2012 පෙබරවාරි 02 දා දිනපතා පුවත්පතකට උපුල් ජෝශප් ප‍්‍රනාන්දු ලියා ඇති තවත් ලිපියකිනි.
එහි මාතෘකාව ‘‘කැරලි ගැසීම’’ ය. එහි එක් තැනක මෙසේ සඳහන් ව තිබේ.
‘‘මැද පෙරදිග රටවල ජනයා පාරට බැස්සේ එරට ආණ්ඩුවලට එරෙහි ව කතා කරන්න ඉඩක් නොතිබූ නිසා ය. එම රටවල ආණ්ඩු විපක්‍ෂය නිහඩ කොට විපක්‍ෂ නායකයා සමග යටින් ඞීල් දමාගෙන මාධ්‍ය සියතට ගෙන ආණ්ඩු විරෝධී මාධ්‍ය මර්දනය කොට ආණ්ඩුවට එරෙහි ව වචනයක් ඇහෙන්න බැරිවන විදියට රට පාලනය කළේ ය. ’’
තවත් තැනක එහි මෙසේ සඳහන් ව ඇත.
‘‘ලංකාවේ ඕව කරන්න බැරියැයි සමහරු හිතයි. මැද පෙරදිග ඕව වුණේ ඉන්ටර්නෙට්, ෆේස්බුක්, ට්විටර්වලින්. ලංකාවේ ඉන්ටනෙට් බලන්නෙ පොඞ්ඩයි.’’
ඔවුන් එහෙම හිතන්නේ මෙහෙම කියලා ය.
‘ඒත් ලංකාවේ එස්.එම්.එස්. හරි බලගතුයි. වැඩි ප‍්‍රමාණයක් එස්.එම්.එස්. බලනවා. ඒක ඉන්ටර්නෙට්වලට වඩා පවර්ෆුල්…’’
මේ, ලංකාවේ එහොම නැගිටීම් වෙයි ද කියල විග‍්‍රහකරන අය කියන කථාව ය. කථාව ඇත්ත ය. එක එස්. එම්. එස්. පණිවුඩයකට රටම ගිනි තියන්න පුඑවන.
අනාගත ලංකාව මැද පෙරදිගටත් වඩා තරුණ නැගිටීම්වලට ජීවය සපයන හොඳ දේශපාලන පසක් තියන රටකි. 1971 කැරැුල්ල 1988 කැරැල්ල ඒවාට හොඳ උදාහරණයන් ය.’’
කාරණාව මීටත් වඩා පැහැදිළි විය යුතු ද?
මැද පෙරදිග දී අධිරාජ්‍යවාදය නටපු ‘‘කැරලිකාර’’ නාඩගම, ලංකාවේදීත් රග දැක්වෙන තුරු බලා සිටින ජෝශප්ලාට, ජාතික ප‍්‍රශ්නය, තවත් එක් ප‍්‍රශ්නයක් පමණි යැයි සිතන ‘‘අමු වම’’ ක් හදන කුමාරලාව පේන්නේ වීරයකු ලෙසට ය. අධිරාජ්‍යවාදයට අවශ්‍ය අනාගත ‘‘වීදි සටන්’’ මෙහෙයුමේ වැදගත් සාධකයක් ලෙස ය. ඉතින් ඒ නිසා ජෝශප්ලා, කුමාරලා වෙනුවෙන් වීර කාව්‍ය රචනා කරති.
කිසිවක් නොතේරෙන අහිංසක අවංක තරුණයෝ මේ උගුලේ ගොදුරු බවට පත් වෙති.
- විමල් වීරවංශ
උපුටා ගැනීම
LankaCnews
LankaCnews