බුෆේ කෑමට දේශපාලන විසඳුම්
අප නැවතත් අවතීර්ණ වී තිබෙන්නේ ලංකාවේ ජනවාර්ගික අර්බුදයට "දේශපාලන විසඳුම්" ගැන සාකච්ඡා කරන යුගයකටය. මෙය යටගියාව න...
http://weadikawa.blogspot.com/2012/02/blog-post_13.html
අප නැවතත් අවතීර්ණ වී තිබෙන්නේ ලංකාවේ ජනවාර්ගික අර්බුදයට "දේශපාලන විසඳුම්" ගැන සාකච්ඡා කරන යුගයකටය. මෙය යටගියාව නැවතත් අලුත් කරන දෙයකි. කවුරුන්දො කීවාක් මෙන් ඉතිහාසය නැවත නැවතත් සිදුවෙයි. මුලින්ම එය ෙ€දවාචකයක් ලෙසටත් ඉන්පසු විගඩමක් හැටියටත් නැවතත් සිදුවෙයි. අප දැන් සිටින්නේ විගඩම් අවස්‌ථාවේය. අතීතයේදී මෙන්ම අදත් විසඳුමක් ගැන කතා කිරීමට පෙර ප්‍රශ්නය කුමක්‌ද යන්න ගැන කිසිදු සාකච්ඡාවක් නැත. එපමණක්‌ද නොව විසඳුමක් ක්‍රියාත්මක කරවා ගැනීමට හැමෝටම ඇත්තේද නොහොබිනා හදිස්‌සියකි. ප්‍රශ්නය කුමක්‌ද යන්න ගැන, සාකච්ඡා කිරීමට කවුරුන් හෝ මුල පිරීමට යම් උත්සාහයක් දැරුවොත් මේ කරන්නේ ප්‍රශ්නය කල්දමා ගැනීමට යෑයි චෝදනා එල්ල වෙයි. 1990 දී ඝාතනය වූ රිචඩ් ද සොයිසාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සැරසුන අවස්‌ථාවේදී එවැනි කොමිසමක් පත් කිරීමට රිචඩ්ගේ මව වූ දොස්‌තර මනෝරානි සරවනමුත්තු ම විරුද්ධ වී තිබිණි. ඒ ජනමාධ්‍යවේදියකු හැටියට ගොඩනගා තිබූ රිචඩ්ගේ ප්‍රතිරූපය ඔහුට එකල ජ.වි.පෙ. සමග තිබුණු සම්බන්ධකම් හෙළි වීමෙන් විනාශ වේය යන බිය නිසාය. අද මේ දේශපාලන විසඳුම් ගැන කතාකරන උදවියත් ප්‍රශ්නය කුමක්‌දැයි සාකච්ඡා කිරීම හැම විටම යට ගසන්නේ විසඳීමට ප්‍රශ්නයක් නැතැයි යන නිගමනය ඉස්‌මතු වේය යන බිය නිසා විය හැක.
ලෝකයේ තැන් තැන් වල ජනවාර්ගික ගැටුම් ඇත. සිවිල් යුද්ධත් ඇත. නමුත් ඒ එක තැනක වත් ප්‍රශ්නය කුමක්‌දැයි සාකච්ඡා නොකොට විසඳුම් සාකච්ඡා කෙරෙන්නේ නැත. එවැන්නක් ලංකාවට පමණක් සීමා වී ඇති දෙයකි. කලින් දශකවලදී දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න යෑයි කියා කාරණා කීපයක් ඉදිරිපත් විය. මුලින්ම ප්‍රශ්නයකට හිටියේ සිංහල රාජ්‍ය භාෂාව වීමෙන් පසු දෙමළ බස පාවිච්චි වන ආකාරය ගැනයි.
එයත් සමගම නිතරම කියවුණු තවත් ප්‍රශ්නයක් වූයේ රජයේ අනුග්‍රහය යටතේ දෙමළ බහුතර ප්‍රදේශ වල සිංහල ජනාවාස ඇති වීමයි. ප්‍රධාන ප්‍රශ්න දෙක හැටියට ඒවා තිබෙන අතරතුර තවත් අවශේෂ ප්‍රශ්නද මතු විය. 1970 දශකය මුලදී භාෂා මාධ්‍යය පදනම් කරගත් විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රමය නිසා මුලදී විශ්වවිද්‍යාලයට ඇතුල් වීම සඳහා සිංහල මාධ්‍යයේ සිසුවකුට වඩා දෙමළ මාධ්‍යයේ සිසුවකු ලකුණු වැඩියෙන් ගත යුතු විය. නමුත් ඒ ක්‍රමය ඉතා ඉක්‌මනින්ම වෙනස් කරන ලදී. ඉන් පසුව භාවිත වූයේ ලබා ගන්නා ලකුණු ප්‍රමාණය මෙන්ම දිස්‌ත්‍රික් කෝටා ක්‍රමයකටද විශ්වවිද්‍යාල වලට ඇතුළත් කර ගැනීමයි. ලකුණු මත පමණක් පදනම් වන්නේ නැතුව අඩු වරප්‍රසාදිත සිසුන්ට අඩු ලකුණු වලින් හෝ විශ්වවිද්‍යාලයට යැමට සැලැස්‌වීමෙන් සිංහල ප්‍රදේශ වල අඩු වරප්‍රසාදිත ප්‍රදේශවලට වාසියක් සැලසුණා සේම දෙමළ ජනතාවගේද මඩකලපුව, මුලතිව්, කිලිනොච්චිය වැනි දිස්‌ත්‍රික්‌ක වලටද වාසියක් සැලසිණි. ටී. සභාරත්නම් නමැති දෙමළ ජනමාධ්‍යවේදියා පෙන්වා දී ඇති පරිදි කිලිනොච්චියෙන් මුල් වරට විශ්වවිද්‍යාල උපාධිධරයකු බිහි වූයේ 1970 ගණන් වල විශ්වවිද්‍යාල ප්‍රවේශ ප්‍රතිපත්තිය නිසාය. එපමණක්‌ද නොව අද යාපනයද ගණන් ගැනෙන්නේ අඩු වරප්‍රසාදිත දිස්‌ත්‍රික්‌කයක් හැටියටය. එනම් කොළඹ, ගම්පහ, ගාල්ල වැනි දිස්‌ත්‍රික්‌කවලට වඩා අඩු ලකුණු ගණනකින් යාපනයෙන් විශ්වවිද්‍යාලයට යා හැකිය. 1990 ගණන්වල අග භාගයේදී යාපනයේ උසස්‌පෙළ සිසුන් පෙළපාලියකින් අවුත් ඩග්ලස් දේවානන්දා ඇමැතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ යුද්ධය නිසා තමන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති බවත්, එම නිසා යාපනය අඩු වරප්‍රසාදිත දිස්‌ත්‍රික්‌කයක් හැටියට නම්කොට ඔවුන්ට සහනයක් සලසා දෙන මෙන්ය. ඩග්ලස් දේවානන්දා ඔවුන්ට ඒ අවස්‌ථාවේදී කියා තිබුණේ ඔහුද පාසල් සිසුවකු හැටියට ඔය ආකාරයටම ඔය පාර දිගේම පෙළපාලියෙන් අවුත් එකල ආණ්‌ඩුවට බල කර සිටියේ අඩු වරප්‍රසාදිත දිස්‌ත්‍රික්‌ක වලට විශේෂයක් නොකර ලකුණු වලින්ම පමණක් විශ්වවිද්‍යාලයට ඇතුළත් කළ යුතු බවයි. නමුත් එදා දෙමළ සිසුන් තමන්ට අවාසිදායක දෙයක් ලෙස දුටු දෙයම අද ඉල්ලා සිටින තත්ත්වයට වැටී සිටින බවයි. මේ ප්‍රභාකරන් නුඹලාට දායාද කර දුන් තත්ත්වය" යෑයි ඇමැතිවරයා ඒ සිසුන්ට පවසා තිබිණි.
මේ ආකාරයට අපට පෙනී යන්නේ එක අවස්‌ථාවකදී දෙමළ ජාතියට ඇති ප්‍රශ්නයක් හැටියට දිස්‌වූ කාරණයක්‌ම පසුව ඔවුන්ගේ ගැලවීමට ඉවහල් වූ ආකාරයයි. භාෂා ප්‍රශ්නය සම්බන්ධයෙන් ගත් කලද මේ රටේ දෙමළ වැසියන්ට රාජ්‍ය පරිපාලනයත් උසාවි පද්ධතියත් සමග ගනුදෙනු කිරීමේදී පාවිච්චි විය යුතු ආකාරය ගැන නීති සම්පාදනය වූයේ 1978 තරම් ඈතකදීය. ප්‍රශ්නයකට ඇත්තේ ඒ නීති හරි ආකාරව ක්‍රියාත්මක නොකර තිබීමයි. එවැන්නකට පසුගිය වකවානුවේ වාතාවරණයක්‌ද නොතිබිණි. එමෙන්ම උතුරු නැගෙනහිර (විශේෂයෙන් නැගෙනහිර) දෙමළ බහුතර දිස්‌ත්‍රික්‌කවල සිංහල ජනතාව පදිංචිකරවීම සම්බන්ධයෙන් සතුටුදායක ක්‍රමවේදයක් ඡේ. ආර්. ජයවර්ධන හා අමිර්තලිංගම් අතර එකඟතාවයක් ඇති විය. එම නිසා දෙමළ ජනතාවට සාම්ප්‍රදායිකව ප්‍රශ්න හැටියට තිබුණු කාරණා එකිනෙක එක්‌කෝ විසඳී නැතිනම් විසඳීමට මුල පිරී අද වන විට බොහෝ කලක් ගතවී ඇත. ඡේ. ආර්. ජයවර්ධන යුගයේ සිටම විසඳුම් ගැන සාකච්ඡා වූ විට ඒ සාකච්ඡා වූයේ සාම්ප්‍රදායිකව දෙමළ ජනතාවට තිබුණු ප්‍රශ්න ගැන නොව කොටි සංවිධානය වෙඩි තබන එක නවත්වන්නේ කෙසේද යන ප්‍රශ්නයට විසඳුම පමණි. එනම් දැනට සියවස් කාලක පමණ සිට විසඳුමක් අවශ්‍යව තිබුණු ප්‍රශ්නය වූයේ කොටි සංවිධානයේ ප්‍රශ්නය මිස දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික ප්‍රශ්නවලට නොවේ.
මේ තත්ත්වය 1990 ගණන්වල සිටම අවංකව පිළිගත් එක් දෙමළ නායකයෙක් වූයේ කුමාර් පොන්නම්බලම් මහතාය. ඔහු ඒකල රූපවාහිනී සාකච්ඡාවලට නිතර පෙනී සිටි කොටි සංවිධානය වෙනුවෙන් කතා කළ මත භේදයට තුඩු දුන් චරිතයක් විය. ඔහු එකල දිගින් දිගටම කියා සිටියේ දෙමළ ජ නතාවට දැන් "දුක් ගැනවිලි" නැති බවත් ඔවුන්ගේ දැන් ඉලක්‌කය වී ඇත්තේ දුක් ගැනවිලි වලට විසඳුම් ඉල්ලීම නොව තම "අභිලාශයන්" මුදුන්පත් කර ගැනීම බවයි. එනම් දෙමළ ජනතාව ඒ වන විට දුක්‌ගැනවිලිවල සිට අභිලාශයන් දක්‌වා ඉදිරියට ගමන් කර ඇති බවයි. ඒ අභිලාශයද වෙනම ස්‌වාධීන රටක් බව ඔහු පවසා සිටියේය. අද ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය සාකච්ඡා කිරීමට බොහෝ දෙනෙකු විරුද්ධ වන්නේ විසඳීමට ප්‍රශ්නයක් නැතැයි යන්න හෙළිවේය යන බිය නිසාය.
ලංකාවේ දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න මොනවාදැයි එකිනෙකට වෙන වෙනම ගෙන සාකච්ඡා කිරීමට එරෙහි වන බොහෝ දෙනෙක් පවසා සිටින්නේ සාකච්ඡා කිරීමට අවශ්‍ය සියලු දේවල් සාකච්ඡා වී බොහෝ කල් ගතවී ඇති බවයි. නමුත් මෙය බොරුවකි. 1950 ගණන් වලදීවත් මේ ප්‍රශ්නය හරියට සාකච්ඡා වූයේ නැත. මේ රටේ හැමදාමත් විසඳුම් ගැන කතා කොට තිබෙන්නේ බිය වැද්දීම් හා බලහත්කාරය පසුබිම් කරගෙනය. 1957 දීද බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ඇති වූයේ සාකච්ඡාවක හා විවාදයක ප්‍රතිඵලයක් හැටියට නොව බිය වැද්දීමේ ප්‍රතිඵලයක් හැටියටය. 1956 දී චෙල්වනායගම්ගේ දේශපාලන පක්‍ෂය වූ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්‍ෂය එනම් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය බණ්‌ඩාරනායක මහතාට ලංකාවේ ෙµඩරල් ආණ්‌ඩු ක්‍රමයක් පිහිටුවීමට අවුරුද්දක කාලයක් දෙන ලදී. ඒ අවුරුද්ද ඇතුළත ෙµඩරල් රාජ්‍යයක් නොලැබුණොත් ඔවුන් සිවිල්, උද්ඝෝෂණ ආරම්භ කරන බවට තර්ජනය කොට තිබුණේය. ලංකාවේ අවාසනාවට 1956 දී මේ රටේ අගමැති වූයේ කොන්දක් නැති සැමියා මිස හොඳ කෂේරුකාවක් තිබුණු බිරිඳ නොවේ. චෙල්වනායගම් දුන් අවුරුද්දක කාලය ගෙවී යත්ම බණ්‌ඩාරනායක මහතා බියට පත්වී කාලය ඉක්‌මවීමට දින ගණනක් තිබියදී බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමට අත්සන් තැබුවේය. එකල සිරිමා බණ්‌ඩාරනායක අගමැතිව සිටියේනම් මෙවැනි තර්ජන හමුවේ ඇය ඊට බොහෝ වෙනස් ආකාරයට හැසිරෙන බව ඇය අගමැති වූ පසු කටයුතු කළ ආකාරයෙන් කිව හැකිය. ඒ කෙසේ වෙතත් මින් පැහැදිලි වන යථාර්ථය වන්නේ මේ රටේ විසඳුමක් ගැන කතා කළ හැම අවස්‌ථාවකදීම තර්ජනය, පීඩනය, බලහත්කාරය හැම විටම පසුබිමේ තිබුණු බවයි. 1987 දීත් එය එසේම විය.
අදටත් විසඳුමක් ඇති කරන්නැයි තැන් තැන් වලින් බලපෑම් එල්ල වෙයි. නමුත් අප මේවාට යටත් වුවහොත් මේ රට අඳුරු අගාධයකට නැවත වැටෙනු ඇත. පසුගිය දශක හය ඇතුළත මුල් වතාවට මේ ප්‍රශ්නය දැන් හරි හැටි සාකච්ඡා කිරීමට හැකි වාතාවරණයක් නිර්මාණය වී ඇත. මුල් වතාවට දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න මොනවාද? ලංකාවට වඩාත් සුදුසු පාලන ක්‍රමය වන්නේ කුමක්‌ද? යනාදී කාරණා හරිහැටි සාකච්ඡා කිරීමට අවස්‌ථාවක් ලැබී ඇත. කිසිවක් සාකච්ඡා නොකර ඊනියා විසඳුම් ක්‍රියාත්මක කිරීමට යැමෙන් ඇතිවිය හැකි තත්ත්වය, වර්තමානයේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරයෙන් පැහැදිලි වෙයි. පළාත් සභා ක්‍රමය තුළ සිටින සිතන්න මතන්න පුළුවන් පළාත් සභා මන්ත්‍රීවරයකු වන එජාපයේ ශිරාල් ලක්‌තිලකගෙන් මා මේ කාරණය විමසා සිටි විට ඔහුද පිළිගත්තේ දැන් තිබෙන ආකාරයට පළාත් සභා ක්‍රමය තනිකරම සුදු අලියෙක් බවත් පසුගිය අවුරුදු ගණනාව පුරාම බස්‌නාහිර පළාත් සභාව විසින් අනපනත් 10 කට, 15 කට ඩවා වැඩියෙන් සම්මත කර නැති බවත්, ඇතැම් පළාත් සභා මන්ත්‍රීවරුන් උදේට පැමිණ පළාත් සභාවෙන් ලබාදෙන බුෆේ කෑම වේලෙන් සප්පායම් වී සභා ගර්භයට ගොඩවන්නේවත් නැතුව පිටව යන බවත් ඔහු කියයි. ඒ අනුව පළාත් සභා ක්‍රමය යනු සෑම පක්‍ෂයකම දෙවන පෙළේ දේශපාලනඥයන්ට වැටුපක් හා වාහනයක් ලබාදී ඔවුන්ම නඩත්තු කරන යාන්ත්‍රණයක් මිස කිසිම දෙයකට විසඳුමක් නොවන බවයි. ලංකාවට සුදුසු පාලන ක්‍රමය කුමක්‌දැයි සාකච්ඡා නොකොට විසඳුම් ඇති කිරීමට යැමෙන් සිදුවී ඇත්තේ "බුෆේ කන" දෙවන පෙළේ දේශපාලනඥයන් පිරිසක් බිහිවීම පමණි. මෙයින් අප ඉගෙන ගත යුතු පාඩම වන්නේ ඉදිරියේදී විසඳුම් ගැන කතා කරනවානම් මුලින්ම ප්‍රශ්නය කුමක්‌ද යන්නත්, දෙවනුව මේ රටට වඩාත්ම සුදුසු පාලන ක්‍රමය කුමක්‌ද යන්නත් විමසා බලා කළ යුතු බවයි. මෙහිදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ නිදහස් දින කතාව අප තුළ බලාපොරොත්තු ඇති කරවන්නක් බව කිව යුතුය. ජනාධිපතිවරයා එහිදී පැහැදිලිවම පැවසූ කාරණා 2 ක් වූයේ විදේශීය විසඳුම් මේ රටට ආදේශ නොකරන බවත්, කිසිම ජනවර්ගයකට මේ රට තුළ සුවිශේෂ වෙන්වූ ප්‍රදේශ නොමැති බවත්ය. මේ රටේ විසඳුමක් දිය යුත්තේ සැබෑ ප්‍රශ්නවලට මිස, කාගේවත් "අභිලාශයන්" වලට නොවන බව, අප කවුරුත් වටහාගත යුතු කාරණයකි.
සී.ඒ. චන්ද්‍රප්‍රේම

උපුටා ගැනීම
දිවයින
2012-02-13
දිවයින
2012-02-13