මා කළ ලොකුම පිංකම නම් ඒ අමන කැරැල්ලෙන් තරුණයන් බේරා ගැනීමයි
ඉකුත් සතියේ " විඡේවීරට වැරදුන තැන " ලිපියට අනගාරික ධර්මසේකරතුමාගෙන් පිළිතුරක් ලිපිය ආරම්භයේදීම සඳහන් කළ යුත්තේ විසිව...
http://weadikawa.blogspot.com/2012/02/blog-post_4484.html
ඉකුත් සතියේ "විඡේවීරට වැරදුන තැන" ලිපියට අනගාරික ධර්මසේකරතුමාගෙන් පිළිතුරක්
ලිපිය ආරම්භයේදීම සඳහන් කළ යුත්තේ විසිවරක් මරණය පෙනෙන තෙක් මානයට ලංවූ මා හැත්තෑ වසක් ජීවත්වීම පවා ඒ කථාව අසන්නාට හෝ කියවන්නාට පුදුමයක් විය හැකි බවයි. නොමග ගිය තරුණයෝ මට වෙඩි වරුසාවක් එල්ලකර වෙඩි උණ්‌ඩ දහඅටක් අවසන් වූ පසු කඩුවකින් හා මාළු කපන පිහියකින් මට පහර දුන්හ. එහෙත් මේ පුංචි රටත් ජනතාවත් බුදු සසුනත් වෙනුවෙන් මගෙන් ඉටුවිය යුතු ජාතික ආගමික ඉරණම් මෙහෙවරක් තිබූ නිසාම ඒ නිවටයන්ට මා මරා දැමිය නොහැකි විය. හැත්තෑ එකේ අවිචාරවත් කැරැල්ලෙන් අවුරුදු හතළියකට පසුවත් බොරු පල්හෑලි කියන කිසිම ජාතිෙද්‍රෝහියෙකුටවත් මගේ චරිතය ඝාතනය කළ නොහැක.
බෝධිචිත්තයෙහි පිහිටා සේවයට කැපවුණු මගේ චරිතය ඝාතනය කිරීමට දරණ දේශෙද්‍රෝහී නිවට ප්‍රයත්නයෙන් නොනැවතී තරුණ තරුණියන් විසිදහසක් ඝාතනය කරන්නට හා ටයර් සෑ ගොඩනගන්නට කටයුතු කළා යෑයි කියමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කීර්තියට පත් කරන්නට වෙහෙසුන තම ඉඩම් වලින් අක්‌කර දහස් ගණනක් ජාතිය සතුකරන්නට පණත් සම්මත කරවූ ගරු සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට අවලාද නගන දේශෙද්‍රෝහියෙකුට කළ හැක්‌කේ නව යටත් විජිතවාදී බලවේගයන්ට සේවය කිරීම පමණකි. මැතිනියගේ නායකත්වයෙන් පැවැති අධිරාජ්‍ය විරෝධී ජනහිතකාමී සමගි පෙරමුණ ආණ්‌ඩුවට එරෙහිව අවිචාරවත් සටනක යෙදුණු තරුණ තරුණියන්ගෙන් ඔවුන්ගේ විනාශකාරී ක්‍රියා මාර්ගය නිසා වුවද මියගියේ දෙදහසකට අඩු පිරිසකි. මිය ගියා යෑයි බොරු අෙ¹aනා නැගූ අය මොනවා කීවද දේශප්‍රේමී ජාතිහිතෛශී බෞද්ධ මාතාවක් වූ බණ්‌ඩාරනායක මැතිනිය දහඅටදහසක් තරුණ තරුණියන් පුනරුත්ථාපනය කර නිදහස් සමාජයට බාරදුන් බව මුළු ලොවම පිළිගන්නා සත්‍යයකි. ලෝක කොමියුනිස්‌ට් ව්‍යාපාරය පාවාදී ඩොලර් කෝටි ගණන් තෑගි ලබා ප්‍රකෝටිපතියන් බවට පත්වූවන් ගැන පොතකින් කොතෙකුත් කරුණු කී විඡේවීරට පවා මට එරෙහිව කියන්නට තිබුණේ බොරු තොගයක් පමණි. බෙදුම්වාදයට එරෙහිව රටපුරා යමින් දේශන දහස් ගණනක් කර ජනතාව අවදිකරන්නට වෙහෙසුණු මා සතුව ඇත්තේ මා ලියූ පොත් විසි එකක පිටපත් දහස් ගණනකුත් අතිපූජ්‍ය මඩිහේ පඤ්Æසීහ මහනාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ගොඩනැගුණු ධර්මවිජය පදනමෙන් මට ලබාදුන් ටාටා ඩිමෝ බට්‌ටා වර්ගයේ වාහනයකුත් මුළු රටම දන්නා ප්‍රසිද්ධ ස්‌ථානයක කළුගඟත් මුහුදත් අතර ඉදිවූ කුටියකුත් පමණි.
ළමා වියේදීම ගොවියෙකු ලෙස ආහාරමය ගස්‌වැල් පැළෑටි වවමින් "ආරාමරෝපා වනරෝපා" දී වශයෙන් බුදුන් වදාළ මහා පිංකම කළ, රාජසිංහ පැණිවරකා කොස් පැළ පනස් පන්දහසක් රටපුරා දේශන පවත්වා නොමිලේ බෙදාදුන් මට මා වැවූ දේ ආහාරයට ගත් මනුෂ්‍යයන්ගෙන් මෙන්ම සිව්පා පක්‍ෂී ආදී සතුන්ගෙන්ද ලැබෙන ආශිර්වාදය තේරුම් ගත නොහැකිව මාස තුනක් ඇතුළත මා මරාදමන බවට මගේ මූණටම තර්ජනය කර කී කළුතර පාතාල නායකයාගේ දාමරික පුතාටත්, පාතාල නායකයාටත් අත්වූ ඉරණම කළුතර ප්‍රදේශවාසී බහුතර ජනතාව දන්නා බවට සැකයක් නැත. සේවයට කැපවී අනගාරික ජීවිතයක් ගතකරන මට එරෙහිව අභූත චෝදනා නගමින් බොරු පල්හෑලි ලියන්නවුන්ට ඔවුන්ගේ මරණ මංචකයේදී පවා තමන් කළ පාපය සිහිවන බවට සැකයක් නැත. මේ ආත්ම භාවයේ මා කළ ලොකුම පිංකම හැත්තෑ එකේ අවිචාරවත් අමන කැරැල්ලට එක්‌වී අකාලයේ මියයන්නට සිටි දහස් ගණනක් තරුණයන් ඒ ෙ€දවාචකයෙන් බේරා ගැනීමයි. එසේ කළ හැකිවූයේ හැත්තෑඑකේ අමන කැරැල්ලට වසරකට පෙර දෙදහසක් තරම් තරුණ පිරිසක් සමඟ මා විඡේවීරගේ සංවිධානයෙන් ඉවත්වූ නිසාය. කිසිදිනක කිසිදු මිනිස් ඝාතනයක් කර නැති, කිසිදු අහිංසක සතෙකු ඝාතනය කර නැති, අන්සතු දෙයක් සොරකම් කර හෝ වංචා කර නැති, කිසි දිනක තුන්වැනි සිල්පදය කඩා නැති බෝධි චිත්තයෙහි පිහිටා සේවයට කැපවී ක්‍රියා කරන මා මරා දැමිය හැකි බලවතෙක් නැත. කළුතර දිස්‌ත්‍රික්‌කයේ සුනාමියට පහසුමෙන්ම ගොදුරු විය හැකි ස්‌ථානයක කුටියක් තනාගෙන සිටියත් ලංකාවේ පමණක් හතළිස් දහසක් තරම් දෙනා බිලිගත් සුනාමියට පවා ගොදුරු නොවූ මා මරා දැමිය හැකි ජගතෙක්, යකෙක්, භූතයෙක් පිශාචයෙක් නැත. බොරු බේගල් කියන කිසිවෙකුට මගේ චරිතය ඝාතනය කළ නොහැක්‌කේ මා වෙනුවෙන් ඇත්ත කථා කරන්නට මගේ දේශන අසා දසලක්‍ෂ ගණනක් රටපුරා විසිරී සිටින හෙයිනි. මට අභූත චෝදනා නගන අයට ඒවා පාරාවලල්ලක් වනු ඇත.
මා මරණයට ලංවූ පළමුවැනි දිනය වූයේ පූජ්‍ය දම්බරාවේ රතනසාර හිමියන් බෙදුම්වාදී පනතකට එරෙහිව දිවි පිදූ දවසයි. ඩඩ්ලි සේනානායක මහතාගේ හත්හවුල් ආණ්‌ඩුවේ පෙඩරල් පාක්‍ෂික ඇමැතිවරයා වූ තිරුචෙල්වම් විසින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතට එරෙහිව එක්‌දාස් නවසිය හැටහයේ ජනවාරි අටවැනිදා එවකට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පාලන මූලස්‌ථානය වූ විද්‍යාලංකාර පිරිවෙන ඉදිරිපිට නුවර පාරේ උද්ඝෝෂණ කළ අපි බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටියේ සිට අරලියගහ මන්දිරය දක්‌වා පෙරහැරින් යමින් සිටි ජනතාවට පහරදුන් අවස්‌ථාවේ පූජ්‍ය දම්බරාවේ රතනසාර හිමියන් වෙඩි වැදී අපවත් වූ බව අසා අපේ උද්ඝෝෂණය තියුණු කළෙමු. අපේ උද්ඝෝෂණය නිසා නුවර පාර මුළුමනින් අවහිර වූයෙන් ඒ ස්‌ථානයට පැමිණි කැරලි මර්දන පොලිස් පිරිස අපට පහර දෙන්නට විය. උද්ඝෝෂණ පෙරමුණේම මා ළඟම සිටි විමල් සේනාධීර සහෝදරයාගේ හිස බැටන් පහරින් පැලී ලේ ගලන්නට වූයෙන් මා ඔහු රැකගන්නට උත්සාහ කරත්ම මගේ කෙස්‌වලින් අල්ලා ගත් පොලිස් නිලධාරියකු මට පහර දෙන්නට විය, මගේ හිසකෙස් වලින් අල්ලාගෙන මට පහරදුන් නිලධාරියාගෙන් ගැලවීම සඳහා මවිසින් එල්ලකරන ලද වැලමිටි පහරින් පාර මැද ඇද වැටුණු නිලධාරියා එදින හවස් වන විට පැනවූ ඇඳිරි නීතිය උපයෝගී කරගෙන මා මරා දමන්නට විද්‍යාලංකාර පිරිවෙන් භූමියට කීපවරක්‌ම පැමිණියද එදා මට දිවි රැකගත හැකි වූයේ, පූජ්‍ය කිරිවත්තුඩුවේ නාහිමියන් මට උන්වහන්සේ වැඩිසිටි උපකුලපති භවනේ උඩුමහලේ කාමරයක රැකවරණය සලසා දුන් නිසාය.
මගේ ජීවිතයේ ඊළඟ සුවිශේෂ මතකය සමස්‌ථලංකා උපාධිධාරී සංගමය පිහිටුවා එහි ලේකම් ලෙස කොළඹ, ගාල්ල, මාතර හා හොරණ නගර වල පෙළපාලි පැවැත්වීමට සම්බන්ධවීමයි. රැකියා විරහිත උපාධිධාරීන් හා උසස් පෙළ සමතුන් මෙන්ම සටන්කාමී කම්කරුවන් ද ඒකරාශී කරමින් නව විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම මගේ අරමුණ විය. ඒ සඳහා මගේ හිතවතුන් සමඟ කළ සාකච්ඡාවන්ද ඔවුන්ගෙන් ලැබුණු විවිධාකාර ප්‍රතිචාරයන් ද මට අමතක නොවේ. සුනේත්‍රාදේවි පිරිවෙනේ ගුරු පත්වීම ලැබෙනතුරු කොමියුනිස්‌ට් පක්‍ෂයේ ප්‍රකාශනයක් වූ කොමියුනිස්‌ට් ලෝකය සඟරාවත් වැටුප් ශ්‍රමය හා ප්‍රාග්ධනය වැනි කෘතීන් මිටි බැඳගෙන ගොස් කොළඹ, විදුදය, විදුලකර සරසවි අසල තබාගෙන විකුණා ලැබෙන කොමිස් මුදලින් කොළඹ නැවතී උපාධිධාරීන් සංවිධානය කිරීමට මා දැරූ ප්‍රයත්නය මට අමතක නොවේ. සුනේත්‍රාදේවි පිරිවෙනේ ගුරු පත්වීම ලැබුණු පසු එයින් ලැබුණු වැටුප යොදා ගනිමින් සෙනසුරාදා, ඉරිදා දිනවල කොළඹ, කළුතර, ගාලු, මාතර, රත්නපුර, කුරුණෑගල දිස්‌ත්‍රික්‌ක වල රැකියා විරහිත උපාධිධාරීන් හමුවෙමින් විප්ලවවාදී හැඟීම් අවදිකරන්නට මා දැරූ උත්සාහය අද මෙන් මට මතකය. විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා හිතවතුන් සමඟ සාකච්ඡා කරමින් සිටි අවදියේ කොමියුනිස්‌ට් පක්‍ෂයේ ශිෂ්‍ය නායකයකු වූ ජයකොඩි සහෝදරයා සමඟ ගම්සභා හන්දියට කිට්‌ටුව පිහිටි මගේ නවාතැනට පැමිණ රාත්‍රි දහය සිට උදැසන වනතුරු මා සමඟ විඡේවීර කළ සාකච්ඡාව මගේ සුවිශේෂ මතකයන් අතර අතිශයින් බරපතළ වූ බව කිවයුතුය.
රෑ එළිවන තුරු කළ සාකච්ඡා කීපයකින් පසු විඡේවීරත් ඒ වන විට කුඩා සංවිධානයක් වූ විඡේවීරගේ කණ්‌ඩායමත් සමඟ එකතුවන්නට මා ගත් තීරණයේ සුවිශේෂ වැදගත්කම වන්නේ, විස¹ගත නොහැකි වූ මතභේද හා සංවිධාන ක්‍රම පිළිබඳ ප්‍රශ්න නිසා විඡේවීරගේ සංවිධානයෙන් ඉවත්වී තරුණයන් දහස් ගණනක් හැත්තෑ එකේ අකල් විනාශයෙන් බේරා ගන්නට හැකි වීමයි. විඡේවීර රහසිගතව ගෙනගිය ව්‍යාපාරය ගැන දැනගත් ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්‌ට් පක්‍ෂ තුනේ ප්‍රධාන ලේකම්වරු විප්ලවයක නාමයෙන් ඒකාධිපතිත්වයට මගපාදන කුමන්ත්‍රණකාරී ක්‍රියාකාරිත්වයක් දියත්වී ඇති බව ප්‍රකාශ කරමින් පුවත්පත්වලට ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් ජනතාව දැනුවත් කරන්නට කටයුතු කරද්දී ජ.වි.පෙ. ක්‍රියාකාරීන් සමඟි පෙරමුණ දිනවන්නට කටයුතු කළ බව කියන්නවුන් මුසාවාදයන් පතුරුවන්නවුන්ය. ජ.වි.පෙ. ක්‍රියාකාරීන් තබා ජ.වි.පෙ. න් වෙන්වී සිටි අප පවා සමගි පෙරමුණ දිනවන්නට වේදිකාවලට නැග්ගේ නැත. අපි කවුරුත් විඡේවීර විසින් මවාපාන ලද ඒකාධිපති රූකඩ ආණ්‌ඩුවක් බිහිවේද? යන සැකයෙන් පසුවූයෙමු. අපි ඡන්දය ප්‍රකාශ කරන්නට ඡන්ද පළට පවා නොගියේ ඡන්ද මධ්‍යස්‌ථාන අසල පවා රහස් පොලිස් නිලධාරීන් යොදවා තිබූ හෙයිනි. ජ.වි.පෙ. හෝ අපේ සංවිධානයේ සහායක් නැතිව වුවද සමඟි පෙරමුණ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලැබීම ගැන අප සතුටු වුවද ජ.වි. පෙරමුණ ක්‍රියා කළේ හැකි ඉක්‌මනින් සමඟි පෙරමුණු ආණ්‌ඩුව දුර්වල කර පෙරළා දැමීමේ අරමුණින් බව රටට ජනතාවට රහසක් නොවේ. අදත් දේශප්‍රේමී ප්‍රජාතන්ත්‍රවාදී බණ්‌ඩාරනායක මැතිනිය විසිදහසක් තරුණ තරුණියන් ඝාතනය කරවූ බවට චෝදනා කරන්නෝ නව යටත් විජිත වාදයට සේවය කරන ජාති ෙද්‍රෝහීන් බවට සැකයක් නැත.
චීනයේ සිදු වූ ආකාරයට වියට්‌නාමයේ කෙරෙන දිග්ගැසුණු මහජන යුද්ධය දියවැඩියා යුද්ධයක් වී ඇතැයි උපහාසයෙන් කතා කළ විඡේවීරගේ ජාත්‍යන්තරය පිළිබඳ විග්‍රහයන්ද පදනම් විරහිත කතා බවට පත්වී වියට්‌නාම් විප්ලවය විජයග්‍රාහී මට්‌ටමට ළංවන විට අමෙරිකන් නාවික හමුදා උතුරු වියට්‌නාමයේ ප්‍රධාන වරායට හයිපොං වරාය වටා මුහුදු බෝම්බ අටවා උතුරු වියට්‌නාමයේ ජල විදුලිබල මධ්‍යස්‌ථාන වලට පවා ගුවන් ප්‍රහාර එල්ල කරන්නට වූයෙන් ලොව පුරා අමෙරිකන් විරෝධී රැල්ලක් නැගෙද්දී ලංකාවේ අපිද ඒ රැල්ලට එක්‌වූයෙමු. එක්‌දහස් නවසිය හැත්තෑ එකේ මාර්තු හයවැනිදා දවල් එකොළහට කිසිවකු බලාපොරොත්තු නොවූ මොහොතක අපි ලංකාවේ අමෙරිකන් තානාපති කාර්යාලයට පහර දුන්නෙමු. එදා අප ගත් අමෙරිකන් විරෝධී ක්‍රියාමාර්ගය මගේ ජීවිතයේ සුවිශේෂ මතකයක් වී ඇත්තේ, ජපානය මත පරමාණු බෝම්බ හෙළා එකවර අහිංසකයන් ලක්‍ෂ ගණනක් ඝාතනය කරවූ තැන් පටන් කෙරෙන ලෝක ව්‍යාප්ත අමෙරිකානු ආක්‍රමණික ක්‍රියාමාර්ගය ලොවටම තර්ජනයක් වී ඇති හෙයිනි. ඇµaගනිස්‌ථානයේ අමෙරිකානු යුදමය ක්‍රියාමාර්ග අප අයත්වන දකුණු ආසියාවටත් තර්ජනයක් වී ඇති හෙයින් හැත්තෑ එකේදී අමෙරිකන් තානාපති කාර්යාලයට පහරදීම මගේ ජීවිතයේ පැරණි නොවන දිදුලන මතකයක් වී තිබේ.
හැත්තෑවසක මගේ ජීවිතයේ සුවිශේෂ මතකයන් අතර අතිශය සංවේදී වූ ජීවිත අත්දැකීම් ලැබුණේ අමෙරිකන් තානාපති මැදුරට පහරදීමෙන් පසු සැඟවී රහසිගතව කටයුතු කරන්නට සිදුවූ දෙවසරක කාලය තුළය. සැඟවී සිටි කාලය තුළ විප්ලවවාදී සහෝදරවරුන්, නෑදැ හිතවතුන් හා මිතුරන් ක්‍රියා කළ ආකාරය මිනිසත් බවේ උත්තුංග ගුණාංගයන් පෙන්වයි. අමෙරිකන් තානාපති කාර්යාලයට පහරදීමෙන් මසක් ගතවන්නට කලින් අප බලාපොරොත්තු නොවූ ආකාරයෙන් සිදුවූ අප්‍රේල් ප්‍රහාරය නිසා වරින් වර ඇඳිරි නීති පැනවෙන තත්ත්වයක් උදාවූයෙන් මාස කීපයක් ගතවන තුරු මා උපන් ගමටත් අවට ගම් කීපයකටත් සීමා වන්නට සිදුවූ දුෂ්කර කාලයේ මගේ මවත් පියාත් ක්‍රියාකළ ආකාරය තේරුම් ගත හැක්‌කේ එවන් අත්දැකීම් වලට මුහුණපෑ මවකට හා පියෙකුට පමණකැයි මට සිතේ. අප්‍රේල් පස් වැනිදා ජනතා විමුක්‌ති පෙරමුණ රටපුරා පොලිසි රැසකට පහරදීමෙන් දෙදිනකට පසු පොලිසිය අපේ නිවසට කඩා වැදුණු අවස්‌ථාවේ පටන් දෙමසක් ගතවන තුරු මගේ පියා රාත්‍රියේ නිදාගත්තේ නැත. දවල් කාලයේ පැයක් දෙකක් නිදාගන්නා තාත්තා මුළු රැයම නිදිවරාගෙන පොලිසියේ කඩා පැනීමක් හෝ හමුදාවේ වැටලීමක් සිදුවේදැයි විමසිල්ලෙන් සුපරික්‍ෂාකාරීව කටයුතු කළ ආකාරය සිහිපත් කරන මට පියෙකු තුළ ඇති පුතු ස්‌නේහය කෙතරම් ගැඹුරු දැයි සිතේ. ගමේ හිතවත් ඥතීන් හා තරුණයන් සමඟ හැඟීම් දනවන අයුරින් කතා කළ අපේ අම්මා මා ගමේ ගත කළ ඒ මුල් මාස දෙකත් පසුව මා වරින්වර ගමට පැමිණ දින කීපයක් හෝ සති දෙක තුනක් ගත කළ අවස්‌ථාවලත් අම්මා කටයුතු කළේ කුඩා දරුවෙක් රකින මවකටත් වඩා සුපරික්‍ෂාකාරිත්වයෙනි. එකල අම්මාට තිබුණේ එකම අරමුණකි. ඒ මා ආරක්‍ෂා කිරීමයි. එහෙත් පුදුමය නම් මා සැඟවී කටයුතු කළ දෙවසරින් වසරක් තරම් කාලය තුළ මගේ විප්ලවවාදී සහෝදරවරුන්ගේ දෙමාපියන්ද ක්‍රියා කළේ මගේ දෙමාපියන් සේම වීමයි. මට රැකවරණ දුන් සහෝදරවරුන්ගේ දෙමාපියන්ට මා රැකීම හා බැඳුණු අරමුණු දෙකක් තිබිණි. ඒ තම පුතුන් රැකීමත් තම පුතුන්ගේ රැකවරණ ලබන මාත් මා හමුවන්නට එන සහෝදරවරුනුත් ආරක්‍ෂා කිරීමයි. මා සැඟවී රහසිගතව කටයුතු කළ සමයේ සිටි කිසිම ගෙදරක කිසිම පියෙකුට රාත්‍රි හරිහැටි නින්දක් නොවීය. මගුල්තුලා ආදියට සහභාගි වීමේ ගමන් කිසිවක් නොවීය. එය සිංහල බෞද්ධ ගෙවලට හෝ සිංහල කතෝලික ගෙවල්වලට සීමා වූයේ නැත. මා යාපනේ සිටියදීත් ඩෙල්µa දූපතේ සිටියදීත් ඒ දෙමළ හින්දු දෙමාපියන්ද ක්‍රියා කළේ අපේ සිංහල බෞද්ධ දෙමාපියන් ක්‍රියා කළ තරම්ම කැපවීමෙන් සුපරික්‍ෂාකාරී භාවයෙනි. තමන්ගේ පුතණුවන් සමඟ තමන් කිසිදා නොදුටු, පොලිසියෙන් සොයන විප්ලවවාදියෙක් තම නිවසට පැමිණි මොහොතේ පටන් තමන්ගේම දරුවන් රකින්නාක් මෙන් ක්‍රියා කළ ඒ දෙමාපියන්ගේ ගුණසුවඳ කියා නිමකළ නොහැක.
අසූවේ ජුලි වැඩ වර්ජනයේදීත් වැඩවර්ජකයන් හතළිස් දහසක් රැකියා වලින් නෙරපූ අවස්‌ථාවේදීත් රැකියා අහිමි කරනු ලැබුවන්ට නැවත රැකියා ලබාදෙන ලෙස ඉල්ලා කළ අගෝස්‌තු සත්‍යග්‍රහයේදී අත්අඩංගුවට ගෙන පහරදෙමින් බිම පෙරලා කොළඹ කොටුවේ යෝක් වීදියේ ඇදගෙන ගිය අවස්‌ථාවේදීත් ලැබූ අත්දැකීම් ජීවිත කාලයටම අමතක නොවන ඒවාය. සත්‍යග්‍රහයට සම්බන්ධ වී අත්අඩංගුවට ගනු ලැබූ වාසුදේව, අලෙවි මව්ලානා, ගුණසේන මහානාම හා වික්‍රමබාහු ආදීන්ටද දින හතළිහකදී ඇප පිට නිදහස ලැබෙද්දී මා පමණක් අවුරුදු දෙකක් රිමාන්ඩ් භාරයේ තැබීමද මට කිසිදා අමතක නොවේ. අසූනමයේ භීෂණ සමයේදී මට රැකවරණ දුන් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියනුත් වාරියපොළ වැල්ලෑගල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය මී වැවේ සුමන හිමියනුත් මගේ දිවි තිබෙන තුරා අමතක නොවේ. ඒ අවස්‌ථාවේ සහාය වූ තිලක් කරුණාරත්න මහතා ද කිසිදා අමතක නොවේ. කෙසේ වුවත් මගේ ජීවිතයේ මා බෙහෙවින් සතුටු වන්නේ අසූනවයේ ඇරඹුණු භීෂණය අවසන් කරමින් කොළඹ සිට කතරගම දක්‌වා ගිය පා ගමනේ පෙරමුණ ගැනීමේදී ලැබූ අත්දැකීම් හා සම්බන්ධ මතකයන් ගැනය. කතරගම පා ගමනින් පිබිදුණු ජනතාව සමඟ මහින්ද රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වුණු ජනඝෝෂාවට හා කොළඹ සිට රත්නපුර දක්‌වා සැකසූ මිනිස් දම්වැලට සම්බන්ධ වී ජනතාව අවදිකරමින් ලැබූ අත්දැකීම් ද මගේ සුවිශේෂ මතකයන් අතරට එක්‌වී ඇත. පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්, පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමියන් හා පූජ්‍ය වැලිගම ධම්මිස්‌සර හිමියන් සමඟ තන්තිරිමලේ විහාරයට ගොස් හමුදාවට හා ජනතාවට අවශ්‍ය දැ බෙදා දී තන්තිරිමලේ කඳවුරේ හා කටුපොත කඳවුරේ පුහුණුව අවසන් කළ සෙබළුන් දිරිගන්වමින් දේශන පැවැත්වීමට මගේ සුවිශේෂ මතකයන් අතරට එක්‌වී තිබේ.
අවසන් වශයෙන් සඳහන් කළ යුත්තේ මීට දහතුන් වසරකට පෙර ඓතිහාසික කැලණි රජමහා විහාරයේදී අතිපූජ්‍ය මඩිහේ පඤ්Æසීහ මහනාහිමියන්, පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමියන්, පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වෙතින් දසසිල් සමාදන්වී අනගාරික ජීවිතයට එළැඹීම මගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය බවයි. එය, "මගේ පුතා ධර්මශේඛරයක්‌ම වේවා·" යයි ප්‍රාර්ථනා කරමින් මට ධර්මසේකර නම තැබූ මගේ අම්මාගේත් අපේ උතුම් මව්බිමෙත් ජයග්‍රහණයක් වන්නේ රට දෙකඩ කිරීමේ අධිරාජ්‍ය හවුල්කාරී කොටි ත්‍රස්‌තවාදී උවදුරින් බියෙනැළලී සිටි ජනතාව අවදි කරවමින් දිරිගන්වමින් රජරටත් වයඹත් රුහුණත් ඇතුළු රටපුරා යමින් දේශන දහස් ගණනක් කිරීමට හැකිවූ නිසාත් කොතලාවල ජාතික ආරක්‍ෂක විද්‍යා පීඨය, පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු මූලස්‌ථානය හා කළුතර සිවිල් ආරක්‍ෂක සේවා පුහුණු මධ්‍යස්‌ථානය වැනි ස්‌ථාන වල දේශන පවත්වමින් හමුදා පොලිස් හා ග්‍රාමාරක්‍ෂක බළමුළු දේශප්‍රේමයෙන් පණගැන්වීමට හැකිවූ නිසාත්ය. දහම් පාසල් දහස් ගණනකත් රජයේ පාසල් දහස් ගණනකත් නොමිලේ නිස්‌සරණධ්‍යාශයෙන් දේශන පවත්වමින් රටපුරා සිදුකළ ජාතික ආගමික සංස්‌කෘතික මෙහෙවර මගේ ජීවිතයේ දිදුලන මහා පුණ්‍ය මතකයක් ලෙස පවතින හෙයින් මරණ මංචකය දක්‌වා සේවයට කැපවී ක්‍රියාකරන මගේ චරිතය ඝාතනය කරන්නට බොරුබේගල් පල්හෑලි ලියන කිසිවකුට බෝධි චිත්තයෙහි පිහිටා සේවයට කැපවී මා යන ගමන්මග වෙනස් කළ නොහැකි බව අවධාරණය කරමින් මම මේ ලිපිය මෙසේ අවසන් කරමි.
-අනගාරික ධර්මසේකරතුමා

උපුටා ගැනීම
දිවයින
2012-02-05
දිවයින
2012-02-05