සැබෑ ජනතා ප්‍රශ්න විසඳා බෙදුම්වාදය පරාජය කරමු

- අනගාරික ධර්මසේකර තුමා ශ්‍ රී ලංකාවේ ජනතාව මුහුණපාන දැවෙන ප්‍රශ්න විසඳන්නට සහාය වනවා වෙනුවට රටේ ස්‌වාධීනත්වයට, ඒකීයභාවයට...

- අනගාරික ධර්මසේකර තුමා
ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණපාන දැවෙන ප්‍රශ්න විසඳන්නට සහාය වනවා වෙනුවට රටේ ස්‌වාධීනත්වයට, ඒකීයභාවයට හා ජාතික සමඟියට හානිකර වූ ක්‍රියා මාර්ග දියත්කරන්නට උපදෙස්‌ දෙන, ඒ සඳහා අයුතු බලපෑම් කරන බලවේග එක්‌වී තිබීම කෙරේ සියලු දේශප්‍රේමීන්ගේ ගැඹුරු අවධානය යොමුවිය යුතුව තිබේ.

නව යටත් විජිතවාදී අධිපතිවාදී බලවේගයන් අපේ රටේ ඒකීය භාවයට, ජාතික ස්‌වාධීනත්වයට හා ජාතික සමඟියට හානිකර ක්‍රියාමාර්ග දියත් කරන ලෙස උපදෙස්‌ දෙමින් ඒ සඳහා අයුතු බලපෑම් කිරීම ෙ€දජනකය. මේ අධිපතිවාදී අයුතු බලපෑම් අවසන් කිරීම සඳහා ලක්‌වැසි අපි අපේ රටේ ස්‌වාධීනත්වයට, ඒකීයභාවයට හා ජාතික සමඟියට හානිකරවූ සියලු යෝජනා හා අධිපතිවාදී විසකුරු උපදෙස්‌ ප්‍රතික්‍ෂේප කරන බව ස්‌ථිරසාර ලෙස එකහඬින් ප්‍රකාශ කළ යුතු වෙමු.

අවුරුදු පනහකට වැඩි කාලයක්‌ තිස්‌සේ ජාති, ආගම්, කුලගෝත්‍ර බේද වලින් තොරව ජනතා සේවයට කැපවී කටයුතු කරන මේ ලිපිය ලියන මා අධ්‍යාපනයෙන් අත්දැකීමෙන් හා සමාජ භාවිතාවෙන් ලැබූ අවබෝධය වන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණපාන ප්‍රශ්න සියල්ලම විස¹ ගැනීමේ හැකියාව ලක්‌වැසි අප සතු බවයි. විදේශාක්‍රමණ දහසයකට මුහුණ දී ජාතික ස්‌වාධීනත්වය හා ජාතික සමගිය රැක ගැනීමට සමත්වූ ලක්‌වැසි ජනතාවට විස¹ගත නොහැකි ප්‍රශ්නයක්‌ නැත. ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලින් බොහොමයක්‌ යටත් විජිතවාදී අධිරාජ්‍යවාදී අධිපතිවාදී ආක්‍රමණික බලවේගයන් විසින් නිර්මාණය කරන ලද ඒවා බව සත්‍යයට ගරුකරන සියලු දෙනාගේ පිළිගැනීමයි. තමන්ගේ අධිපතිවාදී අවශ්‍යතාවන් අනුව ලංකාවේ ආර්ථිකයත් සංස්‌කෘතියත් විකෘති කරන ලද්දේ රාජරාජ හා රාඡේන්ද්‍ර ප්‍රමුඛ මුන්මඩි චෝල මණ්‌ඩල බලවතුන්, කාලිංග මාඝ වැනි කුරිරු ආක්‍රමණිකයන්, පෘතුගීසීන්, ලන්දේසීන් හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසිනි. කාලිංග මාඝ වැනි විනාශකාරී ආක්‍රමණිකයන් හා පෘතුගීසීහු අපේ විහාර දාගැබ් කඩා බිඳ අගනා පොත්පත් ගිනිතබා ජාතික වස්‌තු හා ජනතා දේපළ කොල්ලකා ස්‌ත්‍රීන් දූෂණය කර මුළු රටම කෙලෙසා ජාතිය මහා අගාධයක හෙලූහ. අධිපතිවාදී කුරිරු ආක්‍රමණිකයන් විසින් වැව් ඇළවේලි කඩාබිඳ දමනු ලැබීම නිසා වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ජනතා ශ්‍රමයෙන් ඉමහත් කැපවීමෙන් දියුණු කරගත් සොබා පරිසරයට සිදුවූ හානි අතිශයින් බරපතළය. ජනතාව බේදකර පාලනය කිරීමේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්ති නිසා සිංහල ජනතාව සමඟ ඥතිත්වයෙන් බැඳී ආර්ථික, සංස්‌කෘතික සහයෝගයෙන් සහජීවනයෙන් සමගියෙන් කටයුතු කළ දෙමළ ජනතාව අතර ජාතිබේදවාදී බෙදුම්වාදී හැඟීම් වර්ධනය වන්නට විය. මේ ලිපිය ලියන මගේ බාල සොහොයුරාගේ දියණියත් වැඩිමල් සොහොයුරියගේ දියණියත් විවාහවී සිටින්නේ දෙමළ ගුරුවරයකු හා දෙමළ වෛද්‍යවරයකු සමඟය.

අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට එරෙහිව නැගී සිටි විමුක්‌තිකාමී ජනතාවගේ ගේදොර, කුඹුරු, වතුපිටි ගිනිතබා, ලක්‍ෂ ගණන් ගවයින් මරා, මාස හයක්‌ තුළ සිංහලේ ජනගහණයෙන් දහයෙන් පංගුවක්‌ ඝාතනය කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු තමන්ගේ අවශ්‍යතා අනුව ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේත් රක්‌වාන බුළුතොට හෙල්වැටිය ඇතුළු නිරිතදිග තෙත් කලාපයේත් සොබා පරිසරය විනාශකරමින් කෝපි, තේ හා රබර් වතු වැවූහ. කඳුකරයේ වී ගොවිතැන ඇතුළු ආහාර භෝග වගාවන් සඳහා යොදාගත් ඇළවේලි විනාශ කර. රජරට හා රුහුණේ වැව් මැදින් පාරවල් දමා කෘෂිකාර්මික ජන ජීවිතයට බරපතළ හානි සිදුකළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු මිෂනාරි අධ්‍යාපනය මගින් අධිරාජ්‍ය ගැති බටහිර අනුකාරක වරප්‍රසාද ලාභී සමාජ ස්‌ථරයක්‌ බිහි කළහ.

මිෂනාරි අධ්‍යාපනය උපයෝගී කර ගනිමින් යථාර්ථ විරෝධී පනහට පනහ ඉල්ලන ජී. ජී. පොන්නම්බලම් වැනි ජාතිවාදී නායකයන් හා පෙඩරල්වාදය ඔස්‌සේ දෙමළ රාජ්‍යයක්‌ කරා යන ජාතිබේදවාදී චෙල්වනායගම්ලා, සුන්දරලිංගම්ලා, සිව සිදම්බරම්ලා, සම්බන්ධන්ලා ආදී ජාතික සමගියට හානිකර නායකයන් බිහි කළහ. පොදුවේ රට වෙනුවෙන් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවට කරුණු කියන්නට ගොස්‌ ආපසු ලංකාවට පැමිණි අරුණාචලම් වැනි නායකයන් වරායේ සිට කරත්තයක නංවා කරත්තය ඇදගෙන යැමට තරම් ඩී. එස්‌. සේනානායක වැනි සිංහල නායකයන් පොදු ජාතික හැඟීමෙන් කටයුතු කළ අතර පිලිප්, ඇන්. ඇම්., ලෙස්‌ලි, කොල්වින්, දොස්‌තර වික්‍රමසිංහ හා පීටර් කේනමන් ආදීන් උතුරේ ජනතාව සමඟ සමගියෙන් කටයුතු කරමින් රටපුරා අධිරාජ්‍ය විරෝධී බලවේග එකමුතු කරද්දී චෙල්වනායගම්ලා, සී. සුන්දරලිංගම්ලා, සම්බන්ධන්ලා ජනතා බලවේග බේදකරමින් අධිරාජ්‍ය වාදයේ අවශ්‍යතා ඉටු කළහ. සිංහල ජනතාවටත් වඩා දෙමළ ජනජීවිතයට බිහිසුණු තර්ජනයක්‌ වෙමින් දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාගාදැමූ කොටි ත්‍රස්‌තවාදීන් පසුපසින් සිට ක්‍රියාත්මක වූ නව යටත් විජිතවාදී අධිපතිවාදී බලවේග සමඟ සහයෝගයෙන් කටයුතු කළ දෙමළ ජාතික සංධානය කොටි යුද බලය විනාශවූ පසු යළිත් වරක්‌ ශ්‍රී ලංකාව දෙකඩ කිරීම අරමුණු කරගත් විදේශීය බලවේගයන් සමඟ සහයෝගයෙන් රටට ජනතාවට එරෙහිව පෙළගැසෙන්නට පටන්ගෙන ඇත.

අද මේ වනවිට දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් එහාටත් යන ක්‍රියා මාර්ග ගැන කථාකරමින් ලක්‌වැසි ජනතාව මත බලෙන් පටවන ලද දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් යළිත් වරක්‌ දෙමළ ඊළාම්වාදී බේදකාරී බලවේග නව යටත් විජිතවාදී අධිපතිවාදී ලෝක ජනතා සතුරන් සමඟ එක්‌වී ශ්‍රී ලංකාවේ ජාතික ස්‌වාධීනත්වයට, ඒකීය භාවයට හා ජාතික සමඟියට එරෙහිව ක්‍රියාකරන්නට පටන්ගෙන ඇත. සියලු බේදවාදී බලවේගයන් නව යටත් විජිතවාදී අධිපතිවාදී ලෝක ජනතා සතුරන් සමඟ පෙළ ගැසෙමින් පියවරෙන් පියවර ඉදිරියට යමින් රට දෙකඩ කිරීමේ විසකුරු ක්‍රියාමාර්ගයකට එළඹෙමින් සිටින මේ අවස්‌ථාවේ සියලු දේශප්‍රේමී ජාතිහිතෛෂී ජනහිතකාමීන් එකහඬින් එක්‌වී ලක්‌වැසි ජනතාව මත ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස බලහත්කාරයෙන් පටවන ලද දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා ස්‌ථිරසාර ක්‍රියාමාර්ගයකට එළඹිය යුතුව තිබේ. දේශප්‍රේමී, ජාතිහිතෛෂී, ජනහිතකාමී ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් එකමුතුවී ක්‍රියාකරන්නට පමා වුවහොත් ඊළාම්වාදී රාජ්‍යයක්‌ දක්‌වාවූ බෙදුම්වාදයේ ඉදිරි ගමන්මග පාදන දහතුන්වැනි සංශෝධනය මුළුමනින් බලාත්මක කිරීමේ හා දහතුන්වැනි සංශෝධනයටත් එහා යැමේ දේශෙද්‍රdaහී වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙනු ඇත. එසේ වුවහොත් වසර තිහක්‌ තිස්‌සේ අන්ත දුක්‌විඳ, අප්‍රමාණවූ කැපකිරීම් කර උදාකළ ජාතික සමඟිය හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ පරිසරය විනාශ වී සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනකොටස්‌ සියල්ලටම බිහිසුණු ෙ€දවාචකයන්ට මුහුණ පාන්නට සිදුවනු නිසැකය. එහෙයින් සියලු දේශප්‍රේමී ජාති හිතෛෂී ජනහිත කාමී ප්‍රජාතන්ත්‍රවාදී ජනතා බලවේගයන් එකමුතු වී. ජාතිබේදවාදී බෙදුම්වාදය තීරණාත්මක ලෙස පරාජය කළ යුතුය.

මේ ලිපිය ලියන මා හැත්තෑඑකේ කැරැල්ල කාලයේ යාපන නගරයට අයත් පුන්ගම්කුලම් හි මෙන්ම ජල හිඟයෙන් දැවෙන ඩෙල්µaට්‌ දූපතේ මාස හයක්‌ තරම් කාලයක්‌ දෙමළ ජනතාවගේ රැකවරණ ලබමින් ජීවත් වූයෙමි. හැත්තෑ හතේදී සිරගෙදරින් නිදහස්‌වූ පසු නැගෙනහිර පළාතේ චෙන්කලඩි, ඕට්‌ටමාවඩි වැනි දෙමළ මුස්‌ලිම් ගම්වලද සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනකොටස්‌ තුනම වෙසෙන ත්‍රිකුණාමල ප්‍රදේශයේ ද දේශපාලන වැඩ කටයුතු කළෙමි. ප්‍රසිද්ධ ජනතා රැළි ඇමතුවෙමි. හැත්තෑඑකේ හා හැත්තෑ දෙකේ යාපනේ හා ඩෙල්µaට්‌ දූපතේ දෙමළ ජනතාව අතර සිටියදීත් හැත්තෑ හතේ සිට නැගෙනහිර ප්‍රදේශයේ දේශපාලන කටයුතු කරද්දීත් මා අත්දුටු සත්‍යනම් දෙමළ ජනතාවට පොලිස්‌ බලතල හෝ ඉඩම් බලතල පිළිබඳ ප්‍රශ්නයක්‌ නැති බවයි. පොලිසිය ඡේ. ආර්. ජයවර්ධන මහතා යටතේ තිබියදීත් ප්‍රේමදාස මහතා යටතේ තිබියදීත් චන්ද්‍රිකා මැතිනිය යටතේ තිබියදීත් වර්තමානයේත් දෙමළ ජනතාවට පොලිසියෙන් ලැබුණු අමුතු වෙනසක්‌ නැත. උතුරේ පොලිස්‌ බලතල අතිශය කුරිරු ලෙස ක්‍රියාත්මක කළ ප්‍රභාකරන්ගේ බලය පැවැති සමයට වඩා ප්‍රේමදාස මහතාගේ කාලය වුවද දෙමළ ජනතාවට යහපත් විය. ප්‍රභාකරන් පොලිස්‌ බලතල ක්‍රියාවට නැගූ කුරිරු සමයේ ගිහි ජීවිත කාලයේ මගේ දේශපාලන හිතවතියක්‌ ලෙස මා බේරුවලට තරග කළ හැත්තැහතේ මහා මැතිවරණයේදී දින කීපයක්‌ අප නිවසේ සිය සිංහල සැමියාද සමඟ නැවතී මගේ ඡන්ද කටයුතු වලට සහායවූ යාපන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මහාචාර්ය රාජනී තිරාණගම මහත්මියගේ පටන් ජාතික සමගියට පක්‍ෂ වූ වාමාංශික දෙමළ ගොවීන්, ධීවරයන් හා කම්කරුවන් දක්‌වාවූ දහස්‌ ගණනක්‌ ඝාතනය කරවූ කොටි ත්‍රස්‌තවාදයට සේවය කළ දෙමළ ජාතික සංධානයට පොලිස්‌ බලතල ලැබුණොත් කුමක්‌වේද? යන්න බරපතළ ප්‍රශ්නයකි.

උතුරේත් නැගෙනහිරත් ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නය ජල හිඟයයි. මන්නාරම් දිස්‌ත්‍රික්‌කයේ යෝධ වැව ඇතුළු කුඩා වැව් සියගණනක්‌ ගොඩවී ජරාවාස වී ඇති හෙයින් උතුරේ සහල් නැලිය පනගන්වන්නට නම් මධ්‍ය කඳුකරයේ හා බස්‌නාහිර පළාතේ වැඩි ජලය උතුරු මැද ඔස්‌සේ උතුරට ගෙන යායුතුය. අතීතයේ වැව් නියාවක්‌ වූ වව්නියා දිස්‌ත්‍රික්‌කයේ ජල ප්‍රශ්නය විසඳිය හැක්‌කේද රටේ මධ්‍ය කඳුකරයට ලැබෙන ජලයෙන් හා බස්‌නාහිර පළාත ගංවතුරට යට කරන කළු, කැලණි ගංගා ජලයෙනි. ප්ලෝරයිඩ් අධික කිවුල් රස ජලය නිසා රෝගාතුරවන උතුරු නැගෙනහිර හා උතුරු මැද ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය විසඳිය හැක්‌කේද කළු, කැලණි ගංගා ජලයෙනි. උතුරට, උතුරු මැදට හා නැගෙනහිරට වාරිමාර්ග මගින් ජලය සැපයීමෙන් සරුවන වගාවන්ගෙන් ලැබෙන කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපළ ලබාදිය හැක්‌කේ ඒකීය ලංකාවක්‌ තුළය. උතුරට හා උතුරුමැදට මෙන්ම රුහුණටත් රුහුණු නැගෙනහිරටත් වයඹටත් පහළ ඌවටත් කොළොන්න කෝරලයටත් ගිරුවාපත්තුවටත් මාගම් පත්තුවටත් ජලය ලබාගත හැක්‌කේ මධ්‍ය කඳුකරයේ ජලයෙන් හා බස්‌නාහිර පළාත් ගංගාවතුරට යටකරන මහා ජලකඳ බෙදාහරින වාරිමාර්ග ජාලයක්‌ මගිනි. රටපුරා වාරිමාර්ග ජාලයක්‌ ගොඩනන්වන්නටත් පානීය ජලනල මාර්ග පද්ධතියක්‌ රටපුරා ගෙනයන්නටත් රටේ ඒකීය භාවය රැකගත යුතු බවට සැකයක්‌ නැත. උතුරට වාරිමාර්ග පද්ධතියකින් ජලය ලබාදෙන්නට නම් වාරිමාර්ග හා වැව් තැනීම සඳහා අවශ්‍ය භූමිය රටේ පොදු නායකත්වය වූ ජනාධිපතිවරයා යටතේ තිබිය යුතුය. අතීතයේ රටේ භූමිය රජු යටතේ තිබූ නිසා රටපුරා ලොකු කුඩා වැව් තිස්‌දහසක්‌ තරම් ප්‍රමාණයකුත් හැටදහසක්‌ තරම් ලොකු කුඩා ඇළවේලී සංඛ්‍යාවකුත් කරවා රට පෙරදිග ධාන්‍යාගාරය බවට පත්කළ හැකි විය.

වයඹත්, උතුරුමැදත්, උතුරේත්, දකුණේත්, නැගනෙහිරත් පහළ ඌවේත් ජල ප්‍රශ්නය විසඳන්නට අතීතයේ භූමිය රජු යටතේ තිබුණාක්‌ මෙන්ම වර්තමානයේ ද භූමිය රටේ පොදු නායකයා වූ ජනාධිපතිවරයා යටතේ තිබිය යුතුය. ඉඩම් බලතල පළාත් සභාවලට දුන්නොත් පැරණි වැව් ඇළවේලි පිළිසකර කිරීම සඳහාත් අලුතෙන් වැව් ඇළවේලි තැනීම සඳහාත් පළාත් සභා වලින් අවසර ගන්නට සිදුවේ. රටපුරා භාණ්‌ඩ හා මගී ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා බාධාවකින් තොරව මහාමාර්ග ඉදිකරන්නටද භූමිය රටේ පොදු නායකයාවූ ජනාධිපතිවරයා යටතේ තිබිය යුතුය. රටේ කාර්මික සංවර්ධනය සඳහා ඛනිජ සම්පත් බාධාවකින් තොරව යොදා ගැනීම සඳහාද භූමිය පිළිබඳ බලතල ජනාධිපතිවරයා සතුවිය යුතුය. ඉන්දියන් සාගරයේ මර්මස්‌ථානයක පිහිටි ලංකාවේ ආරක්‍ෂාව සඳහාත් ධීවර කර්මාන්තය විදේශීය කොල්ලකාරයන්ගෙන් බේරාගැනීම සඳහාත් රටේ වෙරළ තීරය හා ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශය ඇතුළු ශ්‍රී ලංකා භූමිය පිළිබඳ සියලු බලතල රටේ පොදු නායකයා වූ ජනාධිපතිවරයා සතුවිය යුතුය. විදේශීය නැව් වලින් අපේ මුහුදු තීරය අපවිත්‍ර කිරීමත් දකුණු ඉන්දියානු හා වෙනත් ධීවර සම්පත් කොල්ලකන පිරිස්‌ වලින් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ආරක්‍ෂා කිරීම සඳහාත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය ඇතුළු රටේ භූමිය පිළිබඳ පූර්ණ බලය ජනාධිපතිවරයා සතුවිය යුතුය. ජාතික අවශ්‍යතාව අනුව රටේ ඕනෑම පළාතක ප්‍රධාන මහ කර්මාන්ත ඇරඹීම සඳහාත් ජල විදුලි උත්පාදන බලාගාර පිහිටුවීම සඳහාත් ගල්අඟුරු හෝ වෙනත් සුවිසල් බලාගාර පිහිටුවීම සඳහාත් විදුලි සන්දේශ හැසිරවීමේ මධ්‍යස්‌ථාන පිහිටුවීම සඳහාත් "දැයට කිරුළ" වැනි ජාතික, සංස්‌කෘතික සංදර්ශන රටේ ඕනෑම ප්‍රදේශයක පැවැත්වීම සඳහාත් රටේ ඉඩම් පිළිබඳ පූර්ණ බලය පොදු ජාතික නායකත්වය සංෙ€තවත් කරන ජනාධිපතිවරයා සතුවිය යුතුය.

ප්‍රාදේශීය ජනතා අවශ්‍යතා ඉටුකිරීම සඳහා නගර සභාවලට හා ප්‍රාදේශීය සභාවලට පුළුල් බලතල හිමිවිය යුතුය. ඒ සඳහා රටේ සංවර්ධනයට බාධාවක්‌ වී ඇති පළාත් සභා අහෝසි කළ යුතුය. රටපුරා සැබෑ ප්‍රාදේශීය ජනබලයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා නගර සභාවෙනුවට නගර රාජ්‍යයන් ප්‍රාදේශීය සභා වෙනුවට ග්‍රාම රාජ්‍යයන් පිහිටුවිය යුතුය. රටපුරා ග්‍රාමසේවා වසම් දාහතර දහස්‌ ගණනක්‌ තිබෙන හෙයින් ග්‍රාමසේවා වසම් දහය බැගින් එකතුකර ග්‍රාම රාජ්‍ය දහස්‌ ගණනකුත් ග්‍රාම සේවා වසම් පහළොව බැගින් එකතුකර නගර රාජ්‍ය සිය ගණනකුත් පිහිටුවා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ග්‍රාම රාජ්‍ය හා නගර රාජ්‍ය රජුන් මෙන්ම ප්‍රාදේශීය ජනතා නියෝජිතයන්ද තෝරා පත්කර ගත හැකි වේ. පළාත් සභා යටතේ රටේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා අඩාලවී අවුල් ජාලයක්‌වී ඇති හෙයින් හැකි ඉක්‌මනින් නාස්‌තිකාර පළාත් සභා අහෝසිකර රටේම නායකයා ලෙස ජනාධිපතිගේ හෝ අගමැතිගේ බලයක්‌ ප්‍රාදේශීය නායකයන් ලෙස ග්‍රාම රාජ්‍ය රජුන්ගේ හා නගර රාජ්‍ය රජුන්ගේ බලයක්‌ ස්‌ථාපිත කළ යුතුය. හැම ග්‍රාම රාජ්‍යයකටම හා හැම නගර රාජ්‍යයකටම රාජකීය විද්‍යාලයක්‌ හා රාජකීය සෞඛ්‍ය සේවා ස්‌ථානයක්‌ ලැබෙන අයුරින් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා විධිමත් කිරීම ජාතික අවශ්‍යතාවකි. මේ පිළිබඳ වැඩි විස්‌තර මවිසින් ලියන ලදÊ"අපි ඔක්‌කොම රජවෙමු" පොතින් හා "ජලකඳින් ගිනිනිවමු" කෘතියෙන් ලබාගත හැකිවන හෙයින් ලිපිය කෙටි කරමි.

- අනගාරික ධර්මසේකර තුමා
උපුටා ගැනීම
දිවයින
2012-02-11

Related

අනගාරික ධර්මසේකර තුමා 1654149915820443691

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item