88 හැවිරිදි මුගාබේ දීර්ඝායුෂ විදීමේ රහස කියයි!

සිම්බාබ්වේ රට ගැන ශ්‍රී ලාංකිකයන් දැන ගන්නේ එරට ක්‍රිකට්‌ කණ්‌ඩායම නිසාය. සිම්බාබ්වේ රටේ ක්‍රිකට්‌වලට එහා ගිය දේශපාලන සමාජ...

සිම්බාබ්වේ රට ගැන ශ්‍රී ලාංකිකයන් දැන ගන්නේ එරට ක්‍රිකට්‌ කණ්‌ඩායම නිසාය. සිම්බාබ්වේ රටේ ක්‍රිකට්‌වලට එහා ගිය දේශපාලන සමාජ ආර්ථික කතාන්තරයක්‌ ඇත. අද අපි කතා කරන්නේ දුර්වල සිම්බාව්බේ ක්‍රිකට්‌ කණ්‌ඩායම ගැන නම් නොවේ. එරට බලවත් 88 හැවිරිදි ජනාධිපති රොබට්‌ ග්‍රේබියෙල් මුගාබේ ගැනය. සුදු ජාතිකයන්, ස්‌වදේශීය කළු ජාතිකයන්ගේ ඉඩම් අල්ලා ගැනීමට එරෙහිවූ මුගාබේ බටහිර ලෝකය පිළිගන්නා නායකයෙක්‌ නොවේ. එහෙත් ඔහු කල්ලන්ට හිතවත් දේශප්‍රේමියෙකි. ඉකුත් 21 වැනිදා සිය අසූ අටවැනි උපන්දිනය සැමරූ අප්‍රිකානු කලාපයේ වැඩිම කාලයක්‌ ජනපති ධුරයේ සිටින මේ නායකයා ප්‍රකාශ කළේ තමාට තවමත් විශ්‍රාම යාමට කාලය පැමිණ නැති බවයි. මුගාබේ සිම්බාබ්වේ රාජ්‍යයේ ජනපති වූයේ 1987 දෙසැම්බර් 31 වැනිදාය. සිය ජනතාව තම අනුප්‍රාප්තිකයා තෝරන්නේ තමා විශ්‍රාම යන බව ප්‍රකාශ කළ පසුව යෑයි හෙතෙම එරට ගුවන් විදුලි නාලිකාවකට ප්‍රකාශ කර තිබිණි.

රොමානු කතෝලිකයකු වන මුගාබේ පවසන්නේ තමා ඡේසුස්‌ වහන්සේට වඩා නැවත උත්ථානය ලැබූ පුද්ගලයකු බවයි. ඡේසුස්‌ වහන්සේ මරණයෙන් පසු එක්‌වතාවක්‌ පමණක්‌ උත්ථානය ලැබුවත් තමා මේ වසර 88 තුළ කිහිප විටක්‌ම උත්ථානය ලැබු බව හෙතෙම කියයි. තම වයස අවුරුදු 88 ක්‌ වුවත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ජනපති ධුරයේ කටයුතු කිරීමේ හැකියාව ඇත්තේ උදැසන 5 ට අවදිවී සියලු කටයුතු ආරම්භ කිරීමත්, මත්පැන් දුම්වැටි පානයෙන් තොරවීමත්, සමබර ආහාර වේලක්‌ ලබා ගැනීමත් බව මුගාබේ ප්‍රකාශ කර තිබිණි. මම කියන්නේ කිසිම විටක මත්පැන් ගන්න එපා. දුම්වැටි බොන්න එපා. ව්‍යායාම්වල යෙදෙන්න පළතුරු හා එළවළු ආහාරයට ගන්න, යනුවෙන් සොහානා භාෂාවෙන් ගුවන් විදුලි සාකච්ඡාවකට එක්‌වී ප්‍රකාශ කළ බව ලන්ඩන් ටෙලිග්‍රාµa පුවත්පත වාර්තාකර තිබිණි. කෙසේ නමුත් සාමාන්‍ය සිම්බාබ්වේ වැසියන් සිය එදා වේල සරිකර ගන්නේත් බොහෝ අපහසුවෙනි.

විවිධ විවේචන එල්ල වුවත් තමා තවමත් ශක්‌තිවන්ත පුද්ගලයෙක්‌ බව ඉදිරියටත් රට පාලනය කළ හැකි බවත් රොබට්‌ මුගාබේ කියයි. සිම්බාබ්වේ රාජ්‍යය මීට පෙර හඳුන්වනු ලැබුවේ රොඩේෂියාව ලෙසිණි. මුගාබේ 1924 පෙබරවාරි 21 වැනිදා උපත ලැබූවේ මාලේ ජාතිකයකු වූ ග්‍රේබියෙල් වැටිබිලි හා සොහා නම් යුවලගේ තුන්වැනි දරුවා ලෙසය. මුගාබේ කුඩා කාලයේදීම ඔහුගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනා මරණයට පත්වූ අතර පියා 1934 දී මේ දරු පවුල අතහැර දමා බුලවායෝ වෙත යයි. අධ්‍යාපන කටයුතුවලින් පසුව ගුරුවරයකු ලෙස සේවය කරන අතර පසුව දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියද දිනාගනී.

ඝානා රාජ්‍යයේ සේවය කරන සමයේ ඔහුට සිය අනාගත බිරිඳ මුණගැසෙයි. ඇය සැලී ගේෙµ්‍රdන්ය. මොවුන්ගේ විවාහය 1961 අප්‍රේල් මාසයේදී සිදුවෙයි. මුගාබේ සිය බිරියට බෙහෙවින් ආදරය කළ අතර ඇය 1992 දී වකුගඩු ආබාධයකට ගොදුරුවී මරණයට පත්වෙයි. මේ යුවලට උපන් එකම පිරිමි දරුවාද අද ජීවතුන් අතර නැහැ. ඔහුට ජීවත්වීමට ලැබුණේ වසර 3 ක්‌ පමණි. මයිකල් හැබැනි, ඒ දරුවා ඝානා රාජ්‍යයේදී මැලේරියාව වැළඳී මියයයි. සිය දරුවා මියයන විට මුගාබේ දේශපාලන සිරකරුවෙකි. ඔහුට 1964 - 1974 කාලය තුළම සිරබත් කන්නට සිදුවෙයි. කෙසේ නමුත් 1992 දී සැලී මියයාම මුගාබේගේ ජීවිතයට තදින් බලපා ඇති අතර ඔහුගේ විවේචකයන් ප්‍රකාශ කරන්නේ මේ ජනපතිවරයා අවනීතියෙන් රට පාලනය කිරීමට කටයුතු කළේ මේ මරණයෙන් පසුව බවයි.

සිය පළමු බිරිඳගේ අභාවයෙන් වසර 04 කට පසු එනම් 1996 අගෝස්‌තු 17 වැනිදා ඔහු සිය පැරණි ලේකම්වරියක හා විවාහවෙයි. ග්‍රේස්‌ මැරුණ නම් ඇය ජනපතිවරයාට වඩා වසර 41 කින් බාල තැනැත්තියයි. ග්‍රේස්‌ මුගාබේ නිසා ගැබ්ගන්නේ ඇය වෙනත් පුද්ගලයකු හා විවාහ වී සිටියදීය. මුගාබේ හා ග්‍රේස්‌ගේ විවාහ උත්සවය රෝමානු කතෝලික ආගමනානුකූලව සිදු කළ අතර එම උත්සවයේ එක්‌ ආරාධිතයකු වූයේ හිටපු දකුණු අප්‍රිකානු ජනපති නෙල්සන් මැන්ඩලාය. එමෙන්ම මුගාබේට දාව ග්‍රේස්‌ බිහිකළ දරු දෙදෙනාද සිය දෙමාපියන් නීතියෙන් එක්‌වන අවස්‌ථාව දැකබලා ගැනීමට පැමිණ සිටියහ. දැන් මුගාබේ දරු තිදෙනකුගේ පියෙකි. කෙසේ නමුත් මේ තරුණ බිරිඳ බොහෝ සෙයින් මුදල් වියදම් කරන නාස්‌තිකාර කාන්තාවකැයි මාධ්‍ය පවසයි.

බ්‍රිතාන්‍යය නම් මුගාබේගේ පාලනයට දැඩි සේ විරෝධය දැක්‌වූ රාජ්‍යයකි. එක්‌ අවස්‌ථාවක බ්‍රිතාන්‍ය රජය මුගාබේ හිට්‌ලර් වැනි පුද්ගලයෙක්‌ බව ප්‍රකාශ කළේය.

එහිදී මුගාබේ ප්‍රකාශ කළේ තම ජනතාවගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා හිට්‌ලර් නොව හිට්‌ලර් මෙන් දස ගුණයක්‌ දරුණු පුද්ගලයකු වීමට වුවත් තමාට හැකි බවය.

පාලකයා 88 හැවිරිදි සෞඛ්‍ය සම්පන්න පුද්ගලයකු වුවත් ලෝකයේ අඩුම ආයු අපේක්‌ෂාව ඇති රට වන්නේ සිම්බාබ්වේ රාජ්‍යය වී ඇත. එහි පුරුෂයකුගේ ආයු අපේක්‌ෂාව 37 ක්‌ වන අතර කාන්තාවකගේ ආයු අපේක්‌ෂාව 34 කි. මේ සමාජ ආර්ථික බිඳ වැටීම්වලට නම් මුගාබේද වගකිව යුතුය. සමබර ආහාර වේලක්‌ ගන්නා ලෙස මුගාබේ උපදෙස්‌ දුන්නද එරට වැසියන්ට එම අවස්‌ථාව සැලසී ඇත්දැයි යන්න බරපතළ ප්‍රශ්නයකි.



-චතුර පමුණුව
උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-02-25

Related

චතුර පමුණුව 3211214417117655272

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item