ෆොන්සේකා බිලි වූ විපක්ෂයේ දංගෙඩිය
-පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව නොයක් මතවාද පතුරුවාහරිමින් තිබේ. ඉන් වැදගත්ම චෝදනාව නම් ෆොන්සේකා මහතා අත්අඩ...
http://weadikawa.blogspot.com/2012/02/blog-post_21.html
-පාඨලී චම්පික රණවක,
සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව නොයක් මතවාද පතුරුවාහරිමින් තිබේ. ඉන් වැදගත්ම චෝදනාව නම් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තේ පසුගිය ජනාධිපතිවරණයේ දී එතුමා ජනපති මහින්ද රාජපක්ෂට එරෙහිව ඡන්දය ඉල්ලූ නිසා බවය. එය දේශපාලන පළිගැනීමක් ලෙස ඒ නිසාම විපක්ෂයේ නායකයෝ පැහැදිලි කරති. එය ඇතැමුන් සමාන කරන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා එවකට වූ යූඑන්පී ආණ්ඩුව ක්‍රියා කළ ආකාරයට සමාන සිදුවීමක් ලෙසය. තවත් අය ප්‍රකාශ කරන්නේ ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට හේතු තිබිය හැකිමුත්, එතුමා අත්අඩංගුවට ගත් ආකාරය කිසිසේත් අනුමත කළ නොහැකි බවය. විදේශ මාධ්‍යවලට මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් ප්‍රකාශ කර තිබුණේ යුද වීරයාව ඇදගෙන ගිය බවය. :ෘර්ටටසබට * කට කථා පැතිරී ගියේ ෆොන්සේකා මහතාව දෙපාවලින් ඇදගෙන ගොස් පහර දී වාහනයට ඇද දැමූ බවක්ය. එමෙන්ම එතුමා ආහාර, ඖෂධ, වාතාශ්‍රය නැති සිරිකුටියක රඳවා ඇති බව ද ෆොන්සේකා මැතිණිය ප්‍රකාශ කර ඇත. මේ කටකතා ජාලය නිසා සමාජයේ ෆොන්සේකා මහතා පිළිබඳව ෆොන්සේකා මැතිණියගේ කදුළු ද යොදාගෙන, දැවැන්ත උද්වේගයක් ඇති කිරීමට සංවිධානාත්මකව ක්‍රියා කරනු ලැබේ. ඇතැමුන් මෙය යොදාගෙන වීදි සටන්වලියක් ආරම්භ කිරීමට ද උත්සාහ ගන්නා ලද්දේ අධිකරණ භූමියේ සිටය. මල්වතු මහනායක හිමියන් පවා මේ පිළිබඳව සිය අප්‍රසාදය පළකර තිබිණි.
පළමුව කිව යුත්තේ ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ දේශපාලන හේතුවක් මත නොවන බවය. එතුමා අත්අඩංගුවට ගෙන ඇත්තේ හමුදා නීතියට අනුවය. හමුදා පනතේ 57 (1) වගන්තියට අනුව හමුදා පනතට අනුව හමුදා කැරළි ගැසීම, පැන යෑම හෝ වංචනික ලෙස බඳවාගැනීමේ වරදක් නම් වරද කර හයමසක් යනතෙක් කිසිවෙක් හමුදාවේ නිල වශයෙන් නොසිටිය ද ඔහුට එරෙහිව හමුදා නීතිය ක්‍රියාත්මක කළ හැකිය. එමෙන්ම හමුදාවේ සිටිය දී ටෙන්ඩර ආදී ක්‍රියාදාමයන්ට සම්බන්ධ වූවන් පිළිබඳව වෙනම නීතිය ක්‍රියාත්මක කිරීමක් ද සිදුවේ. ෆොන්සේකා මහතා හමුදාවෙන් ඉවත් වූයේ 2009 නොවැම්බර් මස 14 වැනිදාය. 2009 මැයි 03 දින ජවිපෙ පුවත්පත වූ �ලංකා�සිය මුල් පිටුවේ පුවතක් ලෙස වාර්තා කළේ හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව තීරණය කළහොත් ආරක්ෂක අංශ ප්‍රධානියෙකු ඒ සඳහා තරඟ කිරීමට සූදානමින් සිටිනා බවය. ඒ වේලුපිල්ලේ මියගියාට පෙර (මැයි 19) පළ වූ වාර්තාවකි. ඉන්පසු එතුමා පිළිබඳ වෙබ් අඩවි වාර්තා හා එතුමාගේ නමින්ම (2009-08-17) විද්‍යූත් තැපෑල මගින් ද එතුමා දේශපාලනයට පිවිසෙන බවට වූ ප්‍රකාශ ගණනාවක් පළවිය. ඒ කිසිවක් එතුමා ප්‍රතික්ෂේප කළේ නැත. දේශපාලනයට පිවිසීමටත් ඔබ්බෙන් ගිය සාකච්ඡාවක් එතුමා හා විපක්ෂයේ දේශපාලකයින් අතර, සිදු වූ බවට ද ඒ ඇතැම් දේශපාලකයින්ම දැන් ප්‍රකාශ කර තිබේ. අවතැන් වූවන් කඩිනමින් පදිංචි කිරීමට එතුමා විරුද්ධ වූ බවත් ශ්‍රී ලංකා හමුදාවේ සංඛ්‍යාව තුන් ලක්ෂය දක්වා වැඩිකරනා ලෙස තරයේ ඉල්ලා සිටි බවත්, වන්නි කඳවුරුවල සිට අම්පාරට යවනු ලැබූ ඇතැම් අවතැන් වූවන් එතුමාගේ අණින් අත්අඩංගුවට පත්වූ බවත් එම සිදුවීම් විදේශ රටවල් දේශීය දේශපාලකයින් රජය දෙමළ ජනයා සිරකරගෙන සිටිනා බවට චෝදනා ගොනු කිරීමට යොදාගත් බවත්, පැහැදිලි වී ඇත. එතුමා සමග පසුව සන්ධාන ගතවූ ඇතැම් දෙමළ හා මුස්ලිම් අන්තවාදී නායකයින් එතුමා හමුදා සේවයේ යෙදී සිටි කාලයේදීම ඔහු සමග දේශපාලන සබඳතා පවත්වා ගනිමින් සිටි බව පැහැදිලිය. දෙමළ අනාථයින් නැවත පදිංචි කිරීමේ දී ආණ්ඩුව හා මානව හිමිකම් සංවිධාන අතර, ගැටුමක් ඇතිවන ආකාරයට හමුදා නායකයින් හා විදේශික සංවිධාන දෙපැත්තකින් යොදාගෙන කිසියම් සූක්ෂම උපායවලියක් ද ගෙනගොස් ඇති ආකාරය ද පැහැදිලිය. එමෙන්ම ෆොන්සේකා මැතිතුමා අත්අඩංගුවට පත් වූ දිනයේ උදේ වරුවේ දී බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයට :ඊඊක්* ලබා දී ඇති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වන්නේ දෙමළ ජනයාට එරෙහිව කළ යුද අපරාධ සියල්ල හෙළි කිරීමට තමන් සූදානම් බවය. සුදු කොඩි ඔසවාගෙන පැමිණි අයට හමුදාව වෙඩිතැබුවා යැයි එතුමාට ඡන්දයේ දී සහාය දුන් පුවත්පතක් කළ ප්‍රකාශය සමග මේ සියල්ල හොඳින් ගැලපේ. මා කලින් පළකළ�දොරමඬලාවක�පෙන්නා දුන්නේ ලයිබීරියානු ජනාධිපති චාල්ස් ටේලර් අන්තර් ජාතික යුද අධිකරණ ඉදිරියට පැමිණ වූයේ ඔහුගේම හමුදාපති මාෂා කැරැලි මර්ධනය ගැන ලබාදුන් සාක්ෂි පදනම් කරගෙන බවය. කිසියම් දේශපාලන කුමන්ත්‍රණකාරීන් පිරිසක් යුද්ධය පවතිද්දීම ෆොන්සේකා මහතාට දේශපාලන විෂ පොවමින් එතුමා සිය අතකොළුවක් බවට පත්කරගැනීම සඳහා ක්‍රියා කරඇති බව ඉතා පැහැදිලිය. ෆොන්සේකා මහතා හමුදා නීතිය අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ හා ඒ පිළිබඳ නඩු විභාගය ආරම්භ වී ඇත්තේ ඒ මහතාම ඉහළින් කතා කළ�හමුදා විනය�මත මිස දේශපාලන ක්‍රියාවක් නිසා නොවේ.
එතුමා අත්අඩංගුවට ගත් අකාරය ද දැන් පැහැදිලි වී ඇත. ඔහු ඉදිරියට ගිය මිලිටර් පොලීසියේ ප්‍රධානියා ඔහු අත්අඩංගුවට ගැනීමේ හේතු ඔහුට පැහැදිලි කර ඇති නමුත්, අත්අඩංගුවට ගැනීමට ඉඩදීමට ෆොන්සේකා මහතා ශාරීරිකව බාධා කර ඇත. ඔහු ඔසවාගෙන ගොස් ඇත්තේ ඒ නිසාය. හකීම් හෝ රනිල් කියනා ලෙස එතුමාව සතෙක් මෙන් ඇදගෙන ගොස් නැත. ඔහු අද රඳවා සිටින්නේ හිටපු නාවික හමුදාපතිගේ නිල නිවසේය. ඔහුට සියලුම වෛද්‍ය හා ආහාර ආදී දේ ලැබේ. අඳුරු සිර කුටියක එතුමා රඳවාගෙන වද දීම පිළිබඳ කථා අසත්‍ය පැටැව් ගැස්සවීම මගින් ජනාධිපතිවරණය ජය ගැනීමට සිටි බලවේගවලම ප්‍රකාශයන්ය.
ආණ්ඩුව දනූන තිලකරත්න එනම් ෆොන්සේකා මහතාගේ බෑනනුවන් විසින් ෆොන්සේකා මහතාගේ අනුග්‍රහය යටතේ හමුදාව සමග ව්‍යාපාර කළ බවට වූ චෝදනාව ද එදා දැක්වූයේ දේශපාලන චෝදනාවක් ලෙසය. පිරිසිදු පාලනය, දූෂණය දුරුකිරීම ෆොන්සේකා මහතාගේ ප්‍රධාන තේමාවක් ද විය. දනූන තිලකරත්න මහතා දැන් අධිකරණය මගහැර ගොස් ඇත. ඔහුගේ විදේශ ගිණුම් හා වත්කම් සොයාබැලීමේ දී පෙනීගොස් ඇත්තේ වෙනත් ආකාරයක මහා පරිමාණ ගනුදෙනු ද සිදු වී ඇති බවය. රණවිරුවන් පුතුමාතලන් අත්පත්කරගැනීම සඳහා සටන් වදින විට චීනයේ අවි ආයුධ සමාගමක අනුග්‍රහයෙන් ෆොන්සේකා පවුල සිටියේ චීනයේය. යුද්ධය අවසන් වීමෙන් පසුවත් අවි තොගයක් ලංකාවට ගෙන එන ලදි. එය ආපසු හරවා යැවීමට ආරක්ෂක ලේකම්තුමා කටයුතු කළේය. දැන් දනූන තිලකරත්නගේ ධනය සඟවා තිබූ ස්ථානවලින් මතුවේ. එදා දේශපාලන පළිගැනීමක් ගැන කිවූ අයට දැන් පැහැදිලි සාක්ෂි මතුවෙත් දී කටඋත්තර නැති වී ඇත. ෆොන්සේකා මහතාට එරෙහිව සාක්කි සම්පිණ්ඩනය වූ විට මේ පිළිබඳ බොහෝ සැක බිය දුරුවනු ඇත. එහි දී ෆොන්සේකා මහතාට ද නීතිවේදීන්ගේ සහාය ලබාගැනීමට, යුද අධිකරණයේ තීන්දුව අභියාචනාධිකරණයේ දී අභියෝග කිරීමට එතැණින් ද සාධාරණය ඉටුනොවන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට හැකිය. ඒ දෙස ජනතාව විමසිලිමත්ව බලා සිටිනා නිසා ඒ නීත්‍යානූකුල කටයුත්ත උපරිම සාධාරණ ලෙස කිරීමේ වගකීම ද හමුදාවට පැවරී ඇත.
ජනපති මහින්ද දේශපාලනික ලෙස සිතුවා නම් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගන්නේ නැත. මන්ද ජනාධිපතිවරණ පරාජයෙන් පසු විපක්ෂ පොදු සන්ධානය අතර, මූලික ගැටුම හටගත්තේ එහි නායකයා ෆොන්සේකාද, රනිල් ද යන්න මතය. ඒ ගැටුම දේශපාලන ලෙස කළමනාකරණය කර රනිල් අලියාගෙන් ද, ෆොන්සේකා හා ජවිපෙ හංසයාගෙන් ද, ටී.එන්.ඒ. වෙනම ද තරඟ කරලීමට සැළැස්වීම තරම් එක්සත් ජනතා සන්ධානයට මහමැතිවරණයේ දී වාසිදායක තවත් තත්ත්වයක් නැත. ෆොන්සේකා මහතා හමුදා අත්අඩංගුවට පත්වීමෙන් සිදුවූයේ ගැටුම් හදාගෙන බෙදී වෙන්වෙමින් සිටි විපක්ෂය එක්වීමයි. වසර 40ක දේශපාලන උපක්‍රම දන්නා ජනපති මහින්ද එවැනි දේශපාලන තීන්දුවක් ගන්නේ නැත. මේ නිසා මෙය දේශපාලන තීන්දුවක් නොවේ. හමුදාවේ තීන්දුවකි. එය 1968 දී රිචඩ් උඩුගමට, වරක් ඩෙන්සිල් කොබ්බෑකඩුවට, එමෙන්ම සරත් ෆොන්සේකාට පවා (එතුමා නිලයක් උසුලන විට 1975) ක්‍රියාත්මක වූ නීතියකි. එය ප්‍රශ්න කිරීමට කිසිවෙකුට හෝ නොහැක.
සරත් ෆොන්සේකා මහතා රටේ යුද හමුදාපති ලෙස කළ සේවය අවිවාදිතය. ඒ නිසාම එතුමා අද පත්ව ඇති තත්ත්වය පිළිබඳ සංවේගයක් මේ රටේ මහා සඟරුවනට ද, පොදු ජනතාවට ද ඇත. පසුගිය ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ සිටි ඇතැම් පිරිස් දේශපාලනය කළේ වෛරයෙන් උමතු වී මැතිවරණයෙන් පසු අන් අය ඝාතනය කරන්නේ, සිරගෙවල් පුරවන්නේ කෙසේ ද යන්න ගැන ප්‍රහර්ශයකින් යුතුවය. ඒ සියලු දෙනා ගැන අප අනුකම්පාවෙන් බැලිය යුතු අතර, නීති විරෝධී කටයුතු කළ අය ගැන නීතිය ක්‍රියාත්මක කළ යුතුය. යූඑන්පීය - ජවිපෙ - ටී.එන්.ඒ - මුස්ලිම් කොන්ග්‍රස් මූලධර්මවාදීන් සිටියේ තමන්ට තනිව ජනාධිපතිවරණයට ඉල්ලිය නොහැකි අසරණ තත්ත්වයකය. දේශපාලන විෂ පොවන ලද ෆොන්සේකා මහතා ඔවුන් කරලියට ගත්තේ ඒ නිසාය. අද ෆොන්සේකා මහතාගේ ඉරණමට වග කිවයුත්තේ පරාජිකා වී සිටි දේශපාලකයින්ය. ජනතාවගේ ශාපය ඔවුනට එල්ලවිය යුතුය. දැන් ඔවුන්ගේ තත්ත්වය පැහැදිලි වී ඇත්තේ ෆොන්සේකා හා ජවිපෙ අනාථ කර යූඑන්පීය වෙනම ඡන්දය ඉල්ලීමට තීරණය කිරීමෙනි. ෆොන්සේකා මහතා ඔවුනට එදත්, යුද වීරයෙක් නොවීය. අදත්, යුද වීරයෙකු නොවීය. ජනපති මහින්දට එරෙහිව පාවිච්චි කළ අත්ගෙඩියක් පමණක්ම විය. තව නොබෝ දිනකින් ෆොන්සේකා මහතා ද, ඔහුගේ පවුල ද මේ යථාර්තය වටහා ගන්නවා ඇත්තේය.

පාඨලී චම්පික රණවක,
උපුටා ගැනීම
දොරමඩලාව
2010-02-21 පළවූ ලිපියකි
උපුටා ගැනීම
දොරමඩලාව
2010-02-21 පළවූ ලිපියකි