13 ඉදිරියේ විපක්‌ෂය

-මනෝජ් අබයදීර. ඇමරිකාව ඇතුළු යුරෝපා රාජ්‍යයන් කිහිපයක්‌ විසින් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට එරෙහිsව යෝජනාවක්...

-මනෝජ් අබයදීර.
ඇමරිකාව ඇතුළු යුරෝපා රාජ්‍යයන් කිහිපයක්‌ විසින් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට එරෙහිsව යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට ගෙන ඇති තීරණය සමඟ බලන විට පෙනී යන්නේ යළිත් 1987 පැවැති තත්ත්වයට රට පත්වීමට යන බවය. ඉන්දියාව විසින් සිය බලහත්කාර ප්‍රයත්නය යළි අරඹමින් 13 ට වැඩි බලයක්‌ ලබාදෙන ලෙස ආණ්‌ඩුවට බල කර සිටින අතර අනෙක්‌ අතින් සම්බන්ධන්, සංගරි, පිල්ලෙයාන් ඇතුළු සියලුම දෙමළ වර්ගවාදීන් එක්‌ තැනකට පිවිස 13 ට වැඩි යමක්‌ හෝ 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්‌ඩුවට බලකිරීමට පටන් ගෙන තිබේ.

'87 දී රජිව් ගාන්ධි විසින් ශ්‍රී ලංකාව අරභයා බලහත්කාර ප්‍රයත්නයක්‌ යොදන විට ඡේ. ආර්. ගේ අපේක්‍ෂාව වූයේ තමන් නියෝජනය කළ ධනවාදී කඳවුරේ නායකයා වන ඇමරිකාව ඔහුට ඉන්දියාවෙන් ගැලවීම සඳහා රැකවරණ සලසනු ඇතිය යන්නය. සීතල යුද සමයේදී ඉන්දියාව සිටියේ සෝවියට්‌ දේශයට හිතවත් රටක්‌ ලෙසය. ශ්‍රී ලංකාව ඇමරිකාවට හිතවත් රටක්‌ව තිබුණි. මේ නිසා ඇමරිකාව විසින් තමාව බලා ගනු ඇතැයි යන්න ඡේ. ආර්. ගේ අපේක්‍ෂාව විය. ඉරණවිල ප්‍රදේශයේ ඇමරිකානු ගුවන් විදුලි සේවයක්‌ සඳහා ඉඩම් ලබාදීම ඇතුළු ඇමරිකාවට කලාපය තුළ අවශ්‍ය කටයුතු සඳහා ශ්‍රී ලංකාව ඒ වනවිටත් සපයා තිබූ ඉඩකඩ හමුවේ ඉන්දියාව තමන්ට බලපෑම් කරනවිට පෙරළා ඇමරිකාව ඉන්දියාවට බලපෑම් කරනු ඇතැයි ඡේ. ආර්. ගේ මතය විය. නමුත් අවසානයේදී ඡේ. ආර්. ට තිබූ එකම පිහිට ද ඔහුට එරෙහිව ගියේය.

ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් තබා එහි තීන්ත වියළීමටත් පෙර රජිව් ගාන්ධි වෙත පළමු සුබ පැතුම රැගෙන ආවේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඡේම්ස්‌ ස්‌පෙන්ය.

ජනාධිපති රේගන් විසින් එවන ලද එම පණිවුඩයේ යෝජිත ඉන්දු - ලංකා ගිවිසුමට ඇමරිකාව සහයෝගය දක්‌වන බවත්, ශ්‍රී ලංකාවේ අර්බුදයට විසඳුමක්‌ ලබාදීම සහතික කිරීමේ වගකීම ඉන්දියාව සෘජුවම භාර ගැනීම පිළිබඳව ඇමරිකාව සතුට පළ කරන බවත් දන්වා තිබුණි.

ඉන්දු - ලංකා ගිවිසුමට ඡේ. ආර්. අත්සන් තබන තත්ත්වයට යොමු වුණේ මෙම අසරණභාවයත් සමඟය. දැන් යළිත් රට හමුවේ පැමිණ තිබෙන්නේ එවැනිම වූ අසරණභාවයකි. අද ඉන්දියාව, ඇමරිකාව පෙර සේම එක පිලකට පැමිණ තිබේ

z87 වනවිට ඡේ. ආර්. ගේ ආණ්‌ඩුවේ සැබෑ අවශ්‍යතාවය වූයේ සන්නද්ධ දෙමළ ත්‍රස්‌තවාදය සහමුලින්ම නැති කර දැමීමටය. මුලසිටම එම වුවමනාව වෙනුවෙන් ඡේ. ආර්. ගේ ආණ්‌ඩුව කටයුතු කළේය. ඒ අතර ඉන්දියානු බලපෑම පැමිණෙමින් තිබූ අතර එය තමන්ට අවශ්‍ය ආකාරයෙන් කළමනාකරණය කරමින් ත්‍රස්‌තවාදය නතර කළ හැකි වනු ඇතැයි ජයවර්ධන ආණ්‌ඩුව කල්පනා කළේය. ත්‍රස්‌තවාදයටත්, ඉන්දියානු බලපෑමටත්. එරෙහිව ඡේ. ආර්. ගේ ආණ්‌ඩුව සිටියත් ඉන්දියාව විසින් ඡේ. ආර්. ට කරන ලද බලපෑම මැඩ පවත්වා ගැනීමේදී රට තමන්ගේ පැත්තේ තබා ගැනීමට ඡේ. ආර්. කටයුතු නොකළේය. මහා සංඝරත්නය ප්‍රධාන වූ ජාතික බලවේගයෙන් පැමිණි විරෝධයත්, ශ්‍රීලනිපය, ම.එ.පෙ., ජ.වි. පෙ. ආදී දේශපාලන පක්‍ෂයන්ගෙන් නැඟුණු විරෝධයත් දෙමළ බෙදුම්වාදයට හා ඉන්දියානු ආක්‍රමණයට එරෙහි වූ විරෝධයක්‌ පමණක්‌ බවට තබා ගන්නට ඡේ. ආර්. අසමත් විය. එම කණ්‌ඩායම් හමුවේ තමන් මුහුණදී සිටින තත්ත්වය කියනවා වෙනුවට තමන් එම කණ්‌ඩායම්වල විරෝධියකු වන පරිද්දෙන් ඡේ. ආර්. කටයුතු කළේය. මේ නිසා අවසානයේදී රට තුළින් ද ඡේ. ආර්. ට මුහුණ දීමට සිදු වුණේ අර්බුදකාරී තත්ත්වයකටය. යම් හෙයකින් රට එක පෙරමුණකට ගෙන එන්නට ඡේ. ආර්. සමත් වූයේ නම් තත්ත්වය මෙයට වඩා වෙනස්‌ වන්නට තිබුණි. ජාත්‍යන්තරයේදී තමන් ඉන්දියාව ඉදිරියේ අසරණව සිටියදී, ජාතික වශයෙන් ද තමන්ට එරෙහිව විශාල "රළ වේගයක්‌" පැමිණීම හේතුවෙන් අවසානයේදී ඡේ. ආර්. ට සිදුවූයේ ඉන්දියාවට අත අසරණ වීමටය. එම අසරණභාවය විසින් සටන් කිරීමෙන් ලබා ගන්නා ඊළම වෙනුවට පළාත් සභා හරහා ව්‍යවස්‌ථාපිත ඊළමක්‌ ඉදි කර ගැනීම සඳහා දෙමළ වර්ගවාදයට අවස්‌ථාව උදා විය. උතුරු පළාත සඳහා පැවැති පළමු මැතිවරණයෙන් පසු එහි මහ ඇමැති බවට පත් වූ වර්ධරාජා පෙරුමාල් විසින් උතුරු පළාත වෙනම රාජ්‍යයක්‌ ලෙස ප්‍රකාශයට පත් කර එහි ඊළාම් කොඩිය ඔසවන තැනට ගියේ පළාත් සභා බලතල මගින් තම අභිප්‍රාය මුදුන්පත් කර ගැනීමේ නොනිමි ආශාව හේතුවෙනි. පළාත් සභා සඳහා බලය නිසි ලෙස ලබාදී නැති තත්ත්වයක්‌ තුළ එවැනි තත්ත්වයකට වර්ධරාජා ගමන් කළේ ඉඩම් හා පොලිස්‌ බලතල වැනි ප්‍රධාන බලයන් පළාත් සභා යටතට පත් නොවූ තත්ත්වයක්‌ තුළදීය. අද ඉන්දියාව විසින් සිය බලහත්කාර ප්‍රයත්නය හරහා අරඅදිමින් තිබෙන්නේ එදා වර්ධරාජාට නොහැකි වූ දෙය සම්බන්ධන්, සංගරි හෝ පිල්ලෙයාන් ලවා ඉටු කරවා ගැනීමටය.

අද ශ්‍රී ලංකාව පසුවන්නේ z87 සිදුවූ දෙය 2012 දී පරාජය කරනා අභියෝගය තුළ ය. මෙතැනදී වැදගත් වන්නේ ආණ්‌ඩුව අසීරුතාවට පත්කර ලබන වින්දනය නොවේ. ආණ්‌ඩුව ද මෙම මොහොතේ ඡේ. ආර්. කළා මෙන් පිටත් ගිනි, ඇතුළතත් ගිනි අවුළවා නොගෙන ගමන යා යුතු තැන සිටිය යුතුය. විපක්‍ෂය ද එල්. ටී. ටී. ඊ. ය පරාජය කරනා සටනේදී කොයි මොහොතේ හෝ එල්. ටී. ටී. ඊ. ය පෙරළා පහරදී යුද්ධය ආපසු හැරෙන තැනකට පැමිණෙන තෙක්‌ කකුලෙන් අදිමින් සිටියා සේ නොකළ යුතුය. ඒ මොහොතේ විපක්‍ෂය විසින් ඇත්තටම ඇද තිබුණේ ආණ්‌ඩුවේ කකුලෙන් නොවේ. රටේ කකුලෙන්ය. එයින් අවසානයේදී උද්ගත වුණේ යුද ජයග්‍රහණය තනිකරම ආණ්‌ඩුවට සින්න වීම ඔස්‌සේ දේශපාලන බිමෙන් විපක්‍ෂය කොන් වී යැමය. එම කොන්වීමෙන් ඇති වූ බංකොලොත්භාවය අද විපක්‍ෂයේ පක්‍ෂ තුළ පරාජයට හේතු සොයමින් අභ්‍යන්තර අරගල ඇති කිරීමට සමත්ව තිබේ.

පැමිණ තිබෙන අසීරු අවස්‌ථාවේදී ද විපක්‍ෂය පටු කෝaණයකින් බලමින් ආණ්‌ඩුව කොන් කිරීමට සිතා ඉන්දියානු අවශ්‍යතාවයට හෝ දෙමළ වර්ගවාදයට ඉඩ සැලසෙන පරිදි හැසිරුණහොත් එය අවාසියක්‌ බවට අවසානයේදී පෙරළෙන්නේ විපක්‍ෂයටමය. එවැනි ස්‌ථාවරයක විපක්‍ෂය පසුවන විට ආණ්‌ඩුව යම් හෙයකින් මෙම තත්ත්වයන් ජයගතහොත් යුද්ධ ජයග්‍රහණය මෙන් ආණ්‌ඩුව එහි තනි අයිතිකරුවා වන අතර විපක්‍ෂයට හිමි වනු ඇත්තේ ෙද්‍රdaහියාගේ භූමිකාවය. ඡේ. ආර්. ට වූ පරිදි අවසානයේදී ආණ්‌ඩුව අසරණභාවයට පත් වුවහොත් විපක්‍ෂය ඒ මොහොතේ සිටියේ රටට එරෙහි වූ ස්‌ථාවරත්වයක නිසා එයද ජයග්‍රහණයක්‌ වන්නේ ආණ්‌ඩුවටය. "අපි තනියම ඉන්දියානු, ඇමරිකානු ආක්‍රමණයන්ට හා ඊළාම්වාදයට එරෙහිව කටයුතු කරද්දී විපක්‍ෂය සිටියේ ඒ පැත්තේ. අපි පරාද වුණත් රට පාවා දුන්නේ නැහැ. විපක්‍ෂය රටේ හතුරන් සමග එක්‌ව රට පාවා දුන්නා" යෑයි ආණ්‌ඩුවට පාරම් බාන්aaaනට එවිට අවස්‌ථාව හිමි වන්නේය. ඉන්දු - ලංකා ගිවිසුමට අත්සන් කර ඡේ. ආර්. ඉන්දියානු ආක්‍රමණයට නතු වූ මොහොතේ ඡේ. ආර්. ගේ පරාජය තමන්ගේ ජයග්‍රහණයක්‌ බවට පත් කර ගැනීමට විපක්‍ෂයට හැකි වූයේ ඡේ. ආර්. ටත් වඩා විපක්‍ෂය ඒ මොහොතේදී ආක්‍රමණිකයාට හා දෙමළ වර්ගවාදයට එරෙහිව සිටි නිසාය. රටක්‌ ලෙස ගත්තද දේශපාලන කණ්‌ඩායමක්‌ ලෙස ගත්තද විපක්‍ෂය මේ මොහොතේ සිටිය යුත්තේ ආණ්‌ඩුවටත් වඩා ආක්‍රමණිකයාට හා දෙමළ වර්ගවාදයට එරෙහිවය. ඉන්දියානු විපක්‍ෂ නායිකා සුෂ්මා ස්‌වරාඡ් ශ්‍රී ලංකාවේ කරන ලද සංචාරයකදී පවසන ලද්දේ අපි රට තුළ විපක්‍ෂය ලෙස ආණ්‌ඩුවත් සමග අරගල කරන නමුත් අපි රටින් පිටතදී එකම ඉන්දියානු ජාතියක්‌ මිස පක්‍ෂ, විපක්‍ෂ භේද නොබලන බවය. ශ්‍රී ලංකාවේ විපක්‍ෂයද පාඩමක්‌ ලෙස මෙය ඉගෙන ගෙන තිබුණා නම් රටට අත්වන සෙත සේම දේශපාලන වශයෙන් විපක්‍ෂයට අත්වන තත්ත්වය ද ප්‍රබලය. 13 ට වැඩි යමක්‌ දෙමළ වර්ගවාදයට ලබාදීම සඳහා බලපෑම් එල්ල වන මේ මොහොතේ ආණ්‌ඩුව අසරණභාවයකට පත්වන තෙක්‌ නිහඬව සිටීම හෝ ආණ්‌ඩුව ඇඹරවීමට සිතා ආක්‍රමණිකයාට සහාය දුන්නහොත් විපක්‍ෂයට සිදුවන්නේ වැටී ඇති වළේ ගැඹුරට තවත් යැමටය. එසේ නොමැතිව ආක්‍රමණිකයාට එරෙහිව හා දෙමළ වර්ගවාදයට එරෙහිව ආණ්‌ඩුව සිටින ස්‌ථාවරයට ද එහා ගිය ස්‌ථාවරයට විපක්‍ෂය ගියයොත් එය රටට ද විපක්‍ෂයට ද වාසිදායකය.

මනෝජ් අබයදීර
උපුටා ගැනීම
දිවයින
2012-02-01

Related

මනෝජ් අබයදීර 4453685469889883644

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item