යුධ අභ්‍යාස අතරතුර ඉරානය න්‍යෂ්ටික සාකච්ඡාවලට එකඟ වේ

නයිජීරියා අර්බුදය ඔඩුදුවන ලකුණු පෙන්වයි පලස්‌තීන-ඊශ්‍රායල් සාම කතා නැවතත් යුරෝපා ආර්ථික අතර මැද බ්‍රිතානුවෝ නිවෙස්‌වලින...

නයිජීරියා අර්බුදය ඔඩුදුවන ලකුණු පෙන්වයි
පලස්‌තීන-ඊශ්‍රායල් සාම කතා නැවතත්


යුරෝපා ආර්ථික අතර මැද බ්‍රිතානුවෝ නිවෙස්‌වලින් දොට්‌ට දැමෙති

අවුරුදු උදාවත් සමග ම ගිනි කෙළිවල රඟ බලමින් සිටි යුරෝපීය වැසියාට ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් විසින් සිහිපත් කළේ තම මහද්වීපය දැඩි ණය අර්බුදයක සිටින බවත් 2012 දී අර්බුදය උග්‍ර වනු ඇති බවත් ය. මේ අතර, තම මීළඟ ඇපකර මුදල ලබා නොදෙන්නේ නම් තමා යුරෝ මුදල් කලාපයෙන් ඉවත් වන බව අඟහරුවාදා දින ග්‍රීසිය විසින් යුරෝපයට හා අන්තර්ජාතික අරමුදලට තර්ජනාත්මක ව කියා සිටියේ ය. තව ද නිකුත් වූ නවතම දත්තවලට අනුව, යුරෝපයේ නිෂ්පාදන අංශය එක දිගට පස්‌වන මාසටත් හැකිලෙමින් තිබෙන බව පෙන්නුම් කළේ ය. ඒ ස්‌පාඤ්ඤයේ විරැකියාවෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව මිලියන 4.42 බව හෙළිවන අතරතුර ය.

ඇමරිකානු කිනේසියානු ආර්ථික මොඩලයට (යුරෝපා හා ඇමරිකානු ආර්ථිකය විනාශ කළේ ද මෙම මොඩලයයි) පිටුපාමින් මූල්‍ය විනය යන නම යටතේ තම රටවල දැවැන්ත වියදම් කප්පාදු කරමින් සිටින යුරෝපය එළඹි 2012 වසරේ තුළ පැහැදිලිsව ම තවදුරටත් ආර්ථික අපගමනයට තල්ලු වනු ඇතැයි බොහෝ මූල්‍ය විචාරකයින්ගේ මතය වී තිබේ. එහෙත් බ්‍රිතාන්‍ය වැසියා මතට නම් ළඟ එන මහා අත්තකිලමථානුයෝගයේ ලකුණු ජනවාරි පළමුවෙනි දා සිට ම පාත් වන්නට විය. එකක්‌ නම් මීට මාස කිහිපයකට පෙර සියයට 6 කට ආසන්නයෙන් වැඩි කළ දුම්රිය ගාස්‌තු ජනවාරි පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වීමට පටන් ගැනීම ය. දෙවැන්න නිවාස කුලී සඳහා රජය විසින් අඩු ආදායම් ලාභීන් වෙත දෙනු ලබන මාසික දීමනාව මෙවර බොහෝ සෙයින් කප්පාදු කිරීම ය. දුම්රිය ගාස්‌තු වැඩි වීම සිදු වන්නේ වාර්ෂිsක ව සිදුවන මිල සූත්‍රයකට අනුව වූවත් මෙවර විශේෂය වන්නේ අදාළ මිළ ඉහළයාම දරා ගැනීමට තම පඩි නඩි ඉහළ යාමක්‌ සිදුනොවීම තුළ හා වෙනදාට ද වඩා වැඩියෙන් මෙම ගාස්‌තු ඉහළ යාම නිසා ය.

බ්‍රිතාන්‍යයේ බොහෝ අඩු ආදායම්ලාභී පවුල් කුලී නිවසක ජීවත් වන්නේ රජයෙන් ලැබෙන නිවාස දීමනාවක්‌ මත ය. ඒ තුළින් ඔවුන්ට ලන්ඩන් නගරයේ කිසියම් නිවාස ක්‍රමයක සාමාන්‍ය මට්‌ටමේ නිවසක්‌ කුලියට ගැනීමේ අවස්‌ථාව හිමිකර දී තිබේ. එහෙත් නැගෙමින් එන ආර්ථික අර්බුදය හමුවේ එම පිං දීමනාව එලෙසින් ම ලබා දීමේ හැකියාවක්‌ තවදුරටත් බ්‍රිතාන්‍ය රජයට නැත. මේ අනුව එය මෙවර පවුම් සිය ගණනකින් අඩු කෙරෙන අතර, එහි ප්‍රතිඵලය වන්නේ එම මුදලින් ගෙයක්‌ කුළියට ගත් අට ලක්‍ෂයක පමණ වන බ්‍රිතාන්‍ය වැසියන් ප්‍රමාණයකට සැලකිය යුතු මට්‌ටමේ නිවසක්‌ කුලියට ගැනීමට තිබෙන අවස්‌ථාව අහිමි වීමයි. මේ මාසයේ සිට නිදන කාමර දෙකක්‌ සහිත නිවසකට රජයෙන් ලැබෙන උපරිම වනු ඇත්තේ පවුම් 250 ක්‌ පමණි. එහෙත් නිවාස පිං දීමනාව මත ජීවත්වන බොහෝ පවුල්වලට මෙම මුදලින් නිවසක්‌ ලබා ගැනීමකට නොහැකිවන අතර ඔවුන්ට අනිවාර්යයෙන් ම සිදුවනු ඇත්තේ එක්‌කෝ තම කෑම් බීම් ප්‍රමාණය අඩුකර ඉන් ලැබෙන මුදලින් නිවාස කුලිය ගෙවීම හෝ අන් ප්‍රදේශයක අඩු කුලී නිවසක්‌ සොයා සංක්‍රමණය වීම ය. එහෙත් එතුළින් ද ජනයා දැඩි පීඩනයකට ඇද වැටෙනු ඇත. උදාහරණය ලෙස බ්‍රිතාන්‍යයේ බකිමින්හැම් හි නිවාස 37000 ක්‌ පමණ පිං දීමනාව මත ලබා ගැනීමේ අවස්‌ථාව තිබුණි. එහෙත් මේ වන විට උදාවී තිබෙන තත්වය වන්නේ පිං දීමනා ලබන්නන් 34 500 ක්‌ විසින් අඩු මිල නිවාස 23000 පස්‌සේ දුවන තරගයක්‌ නිර්මාණය වීම ය.

ඉහත තත්ත්වය විසින් උදාකරන සමාජ අසහනය සුලුපටු නොවේ. අඩුමිල නිවාස සොයාගෙන අන් ප්‍රදේශවලට යන විට තම දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුවලට විශාල බාධා ඇතිවන බව දෙමාපියෝ චෝදනා කරති. එමෙන් ම අඩුමිල නිවාස සහිත ප්‍රදේශවල තිබෙන පාසල් හා වෙනත් පහසුකම් ද ප්‍රමාණවත් නොවේ. ලොකු ම ගැටලුව වන්නේ රැකියාව ය. අඩුමිල නිවාස සොයා යන අයට එකී ප්‍රදේශවල රැකියාවක්‌ සොයා ගැනීම තවදුරටත් දුෂ්කර වනු ඇත. මෙම වියදම් කැපීම මගින් නිර්මාණය කර ඇත්තේ වැල් ක්‍රමයට බ්‍රිතාන්‍ය වැසියා වැටෙන zලිබරල්z වළකි. එහෙත් එය කපා ගත්තේ ද ඔවුන් විසින් ම ය.

අරාබි ලීගයේ සිරියා මෙහෙයුම් කඩා වැටෙන තැන

අරාබි ලීගය විසින් සිරියාවේ පවතින තත්ත්වය නිරීක්‍ෂණය කිරීම සඳහා යවන ලද හැට පුද්ගල නිරීක්‍ෂණ කණ්‌ඩායම නැවත ගෙන්වාගත යුතු බවට අරාබි ලීග පාර්ලිමේන්තුව විසින් යෝජනා කර තිබේ. හේතුව ලෙස දක්‌වා තිබෙන්නේ අරාබි ලීගය විසින් යෝජනා කරන ලද සාම සැලසුමකට අනුව පසුගිය අඟහරුවාදා එහි ගොස්‌ තම කාර්ය ආරම්භ කළ ද සිරියාවේ දේශපාලන ප්‍රචණ්‌ඩත්වය වැළැක්‌වීමට මෙම නිêරීක්‍ෂණ කාර්යයට නොහැකි වීම ය. අදාළ නිêරීක්‍ෂකයින් පැමිණි දින සිට මේ දක්‌වා පුද්ගලයන් 150 පමණ මිය ගොස්‌ තිබෙන බව කියෑවෙන අතර 10 මසක්‌ තිස්‌සේ ඇදෙන කෝලාහලය හේතුවෙන් මේ වන විට මිනිසුන් 5000 කගේ පමණ ජීවිත අහිමි වී ඇතැයි එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි. සිරියානු පාලනය පවසන්නේ තමා සන්නද්ධ කැරලිකරුවන්ට එරෙහි සටනක්‌ දියත් කර තිබෙන බවත් එහි දී තම හමුදා සාමාජිකයින් 2000 ක්‌ පමණ මේ වන විට මියගොස්‌ සිටින බවත් ය. පසුගිය දා සිරියා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සිදු වූ සියදිවි හානිකරගැනීමේ බෝම්බ පිපිරීම පිළිබඳ සිරියානු විපක්‌ෂය Rජුව ම චෝදනා කළේ එය රජයේ ම කටයුත්තක්‌ බව ය. එහෙත් එම බෝම්බ පිපිරවීමේ වගකීම මේ වන විට මුස්‌ලිම් සහෝදරත්ව සංවිධානය විසින් බාරගෙන තිබේ.

තම අසාර්ථක මෙහෙයුම පිළිබඳ අදහස්‌ දැක්‌ වූ අරාබි ලීග පාර්ලිමේන්තුවේ කථානායක සලීම් අල් ඩික්‌බාසි ප්‍රකාශ කළේ තමා විසින් සිරියාවට සිය zඅමානුෂිකz ක්‍රියාවන් අරාබි කොඩිය යටතේ තවදුරටත් කරගෙන යාමට ආවරණයක්‌ පමණක්‌ සපයා ඇති බව ය. අරාබි ලීග පාර්ලිමේන්තුව යනු අදාළ සංවිධානයට අයත් රටවල නියෝජිතයින් 88 දෙනෙකුගෙන් සැදුම්ලත් උපදේශක මණ්‌ඩලයකි. ජනතා කැමැත්තෙන් පත් නොවූ ඒකාධිපති ආණ්‌ඩු සහිත අරාබි ලීග රටවල් වෙත නෛතික ව බැඳෙන අණ නිකුත් කිරීම ට මෙම zපාර්ලිමේන්තුව් වෙත කිසිදු හැකියාවක්‌ නැත. කෙසේ වෙතත්, මේ වන විට සිය නිරීක්‍ෂණ කාර්ය තවදුරටත් සිරියාව තුළ කරගෙන යනවාද නැද්ද යන්න සාකච්ඡා කිරීමට අරාබි ලීගය මේ සෙනසුරාදා දින කයිරෝ නුවර දී රැස්‌වීමට නියමිත ය.

නිරීක්‍ෂණ කණ්‌ඩායම තුළ ද මේ වන විට මතභේද හටගෙන තිබේ. එක්‌ නිරීක්‍ෂකයකු මාධ්‍ය වෙත පවසා තිබුණේ තමා සෙසු නිරීක්‍ෂකයින් කණ්‌ඩායමක්‌ ද කැටුව සිරියාවේ ඩෙරා නගරයට ගිය විට එහි දී රජයේ ස්‌නයිපර් තුවක්‌කුකරුවන් ඇසින් ම දුටු බව ය. එහෙත් මෙම කතාව නිරීක්‍ෂණ කමිටුවේ ප්‍රධානියා වන මුස්‌තිµd අල්-ඩබී ප්‍රතික්‌ෂේප කරන්නේ අදාළ නිරීක්‍ෂකයා විසින් එය නිර්මාණය කරගත් සිදුවීමක්‌ බව පවසමිනි. සිරියානු රජයට පක්‍ෂ පාතී කිසිදු ප්‍රකාශයක්‌ මතුවනවාට කැමති නැති බටහිර මාධ්‍ය මේත් සමග ම කමිටු ප්‍රධානියාට එරෙහි ව කෙවිට අතට ගත්තේ ය. ඒ අනුව, බීබීසිය ඇතුළු බොහෝ මාධ්‍ය මේ වන විට නිරීක්‍ෂක කණ්‌ඩායමේ සූඩාන ජාතික ප්‍රධානියා සිරියාවේ අසාද් පාලනයට හිතවත් බව පවසමින් චෝදනා කරමින් සිටිති. ඒ හැර මොහු සූඩානයේ ඩාර්µsදී හි යුධ අපරාධ සඳහා වගකිවයුතු හමුදා ජෙනරාල්වරයෙකු බවට ද චෝදනා කෙරුණි. බටහිර මාධ්‍ය විසින් මෙසේ චෝදනා කරන අතර තුර ම තම වාසිය තකා අමතක කරන ප්‍රධාන කාරණාවක්‌ තිබේ. එනම් නිරීක්‍ෂණය සඳහා සිරියාවට තම නියෝජිතයින් එවූ බොහෝ අරාබි ලීග රටවල් පසුගිය දා පැමිණි අරාබි zජන අරගලයz මර්දනය කළේ ද ඇමරිකානු ගැති බහරේනය හා යේමනය වැනි රටවල් තාමත් එසේ කරමින් සිටින්නේ ද වෝල් විදි විරෝධතා මර්දනය කිරීමට ඔබාමා හා කැමරන් යොදාගත් ගම්මිරිස්‌ කුඩු මිශ්‍ර කඳුලු ගෑස්‌ සහ රබර් උණ්‌ඩ යොදාගෙන පමණක්‌ නොව, බොහෝ අය ස්‌වර්ගයට ද යවමින් බව ය. මානව හිමිකම් කැඩීම් පිළිබඳ ආදර්ශ ලබා ගැනීම සම්බන්ධ ප්‍රශ්නයේ දී මාලිමාවේ කටුව දැන් ලෝකයේ කිසිදු දිසාවක්‌ පෙන්වන්නේ නැත.

යුධ අභ්‍යාස අතරතුර ඉරානය න්‍යෂ්ටික සාකච්ඡාවලට එකඟ වේ

දින දහයක්‌ තිස්‌සේ හෝමුස්‌ සමුද්‍ර සංධියේ සිදුකළ දැවැන්ත හමුදා අභ්‍යාසයේ අවසාන දින දෙකේ දී මධ්‍ය දුර මිසයිල කිහිපයක්‌ ම ඉතා සාර්ථක ව අත් හදා බැලූ බව ටෙහෙරානය ප්‍රකාශ කළේ ය. මෙම සමුද්‍ර සංධිය ආසන්නයේ සිදුකළ හමුදා අභ්‍යාසය වැදගත් වන්නේ, බටහිර රටවල් විසින් තමාට එරෙහි ව තවදුරටත් ආර්ථික සම්බාධක පනවන්නේ නම් එය වසා දමන බවට ඉරානය විසින් කළ අනතුරු ඇඟවීමත් සමග ය. ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් සියයට 20 ක්‌ පමණ ගලන්නේ ගල්µaa බොක්‌කේ පිහිටි මෙම පටු සමුද්‍ර්‍ර සංධිය හරහා ය. එය වසා දැමීම යනු ලොව පුරා තෙල් මිල ඉහළ යාමට සෘජුව ම බලපානු ඇති කාරණයකි. සිදුකළ හමුදා අභ්‍යාසය මෙම අනාගත වසා දැමීම අරබයා කළ පූර්ව අනතුරු ඇඟවීමක්‌ මෙන් ම අදාළ කලාපයේ තම යුධ ශක්‌තිය විදහා පෑමක්‌ ලෙස ද අර්ථකතනය කළ හැකි ය.

මේ වන විට ඉරානය සතු දිගු දුර මිසයිල බොහෝ ප්‍රමාණයකි. ඒ අනුව, ශහාබ් මිසයිලය කිලෝ මීටර් 2500 ක්‌ දුරක්‌ ද සර්ල් මිසයිලය කිලෝ මීටර් 2000 ක දුරක්‌ ද ගමන් කරයි. තව ද කිලෝමීටර් 500 සිට 150 දක්‌වා දුරක්‌ යන මධ්‍යම ප්‍රමාණයේ මිසයිල ද ඉරානය සතු වේ. මෙවර පරීක්‍ෂා කළ මිසයිල තුනෙන් එකක්‌ කිලෝමීටර් 200 ක්‌ ද හා සෙසු ඒවා කිලෝමීටර් 35 දුරක්‌ හැකි නැව්නාශක මිසයිල ය. තව ද එම මිසයිල රේඩාර්වලට හසු නොවී යාමේ තාක්‍ෂණයෙන් ද සන්නද්ධ බව ඉරාන නාවුක හමුදාපතිවරයා ප්‍රකාශ කළේ ය. ඉරානය සතු නූර් හා නසර් මිසයිල චීන තාක්‍ෂණ මත පදනම් ව තිබෙන අතර මෙවර පරීක්‍ෂා කළ ඝඩර් මිසයිලය සහමුලින් ම දේශීය බව පිළි ගැනේ. ලෙබනනයේ හිස්‌බුල්ලා සටන්කාමීන් විසින් යවන ලද ඉරානයේ නිෂ්පාදිත නූර් මිසයිල ප්‍රහාරයක ලක්‌ වූ ඊශ්‍රායල යුධ නැවක්‌ 2006 වසරේදී පූර්ණ වශයෙන් ම අක්‍රිය විය.

මේ අතර, පසුගිය සෙනසුරාදා බරක්‌ ඔබාමා විසින් අත්සන තැබූ නව ඇමරිකානු සම්බාධකවල මූලික ඉලක්‌කය වනු ඇත්තේ ඉරාන මහ බැංකුව හා එරට මූල්‍ය පද්ධතියයි. ඔපෙක්‌ රටවලට අයත් දෙවැනි විශාලත ම තෙල් නිෂ්පාදකයා වන ඉරානය තම විදේශ විනිමයෙන් සියයට 80 ක්‌ ම උපයන්නේ තෙල් අපනයනය කිරීමෙනි. නව සම්බාධකවලින් මෙම ක්‍ෂේත්‍රය අඩපන කිරීමට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් අපේක්‍ෂා කරයි. කෙසේ වෙතත්, මේ වන විටත් බොහෝ සම්බාධක හමුවේ ජීවත්වන ඉරානය නව සම්බාධකවලින් ගොඩ ඒමට ද උප්පරවැට්‌ටියක්‌ යොදනු ඇත. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන යුදමය අරමුණු සඳහා බව බටහිර කල්පනා කරන අතර ඉරානය පවසන්නේ එය පූර්ණ වශයෙන් ම සිවිල් අවශ්‍යතා සඳහා බව ය.

මේ අතර, නොබැඳි සංවිධානයේ ඉල්ලීමකට අනුව යමින් ඉරානය සඳහන් කළේ තමා යුරෝපය සමග න්‍යෂ්ටික ගැටලුව සම්බන්ධ ව සාකච්ඡා කිරීමට සූදානම් බවයි. මැලේසියාවේ පැවති නොබැඳි සංවිධානයේ සම්බන්ධීකරණ අමාත්‍ය රැස්‌වීමකට සහභාගී වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේ " ඉරාන විදේශ අමාත්‍ය මනෞචර් මොට්‌ටැකි මේ බව ප්‍රකාශ කළේ ය. මෙය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව පැවැත්වෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. නොබැඳි සංවිධානය විසින් මීට පෙර ප්‍රකාශයක්‌ නිකුත් කරමින් ඉරානයෙන් ඉල්ලා සිටියේ අන්තර් ජාතික පරමාණුක ශක්‌ති අධිකාරය සමග සක්‍රීය සාකච්ඡා ආරම්භ කරන ලෙස ය. ඇමරිකාව සමග තමන් එවන් සාකච්ඡාවකට සූදානම් දැයි ඇසූ ප්‍රශ්නයකට විදේශ අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්‌ වූයේ ඇමරිකාවේ පිළිණු බව් ඊට බාධාවක්‌ බවත් ඔවුන් තම හැසිරීම වෙනස්‌ කර ගන්නේ නම් එවැනි සාකච්ඡාවකට ඉඩ ඇති බවත් ය.

පලස්‌තීන-ඊශ්‍රායල් සාම කතා නැවතත්

පලස්‌තීනය හා ඊශ්‍රායලය අතර ඇනහිට තිබෙන සාම සාකච්ඡා නැවත වරක්‌ මේ සතියේ දී ජොර්දානයේ දී ආරම්භ වීමට නියමිත ය. මෙවර සාකච්ඡා පිළිබඳ විශේෂය වන්නේ දෙපාර්ශවයෙන් කිසිවෙකුත් නවතම සාකච්ඡාවල ප්‍රතිඵල පිළිබඳ සුබදායක අපේක්‍ෂා ඇති නොකරගෙන සිටීම ය. ජොර්දාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙවර සාකච්ඡා සඳහා පලස්‌තීන ප්‍රධාන සාකච්ඡාකරු වන සයිබ් එරකත් හා ඊශ්‍රායල් සාකච්ඡාකරු වන යිට්‌ෂක්‌ මොල්හෝ මෙන් ම ජොර්දාන නිලධාරීන් හා රුසියානු ඇමරිකානු යුරෝපා හා එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් ද සහභාගී වනු ඇති බව ය.

2010 දී පලස්‌තීනය විසින් සාකච්ඡා මේසයෙන් ඉවත් වූයේ ඊශ්‍රායලය විසින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ද විරෝධතාව මැද බටහිර ඉවුරේ ජනපද ඉදිකිsරීම නවතාලීමට අපොහොසත් වීම නිසා ය. කොටින් ම සාකච්ඡා ආරම්භවීමත් සමග ම මෙම ඉදිකිරීම ඊශ්‍රායල විසින් තාවකාලික ව නවතා දැමූව ද මාස 10 කට පසු එය නැවත වරක්‌ ආරම්භ කළේ ය. දැනුණ පලස්‌තීනය ඉල්ලා සිටින්නේ බරපතල ගණයේ සාකච්ඡාවක්‌ ඇරඹීමට නම් මේ වන විට ඊශ්‍රායලය විසින් බටහිර තීරයේ හා නැගෙනහිර ජෙරුසලමේ ඉදි කරමින් තිබෙන ජනපද නවතා දැමිය යුතු බව ය. එසේ නොවන තත්ත්වයක්‌ තුළ තමා මෙවර සාකච්ඡා සඳහා යන්නේ අන් කාරණයක්‌ නිසා නොව ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු කෙරෙහි වන ගෞරවයෙන් හා ඔහු මේ සම්බන්ධයෙන් දක්‌වන උනන්දුව නිසා බවත් පලස්‌තීන නියෝජිතයා නිව්යොර්ක්‌ ටයිම්ස්‌ වෙත පවසා තිබුණි.

අබ්දුල්ලා රජුගේ මෙවර විශේෂ උනන්දුවට හේතුව නම් මීට පෙර මෙවන් කටයුතු වල දී මූලිකත්වය ගෙන කටයුතු කළ ඊජිප්තුවේ හොස්‌නි මුබාරක්‌ පිටිය තුළ නොසිටීම ය. මුබාරක්‌ විසින් පලස්‌තීනය සමග මෙන් ම ඊශ්‍රායලය සමග ද කිට්‌ටු සබඳතා පවත්වාගෙන ගිය අයෙකි. තව ද ජොර්දාන ජනගහණයෙන් අඩක්‌ ම පලස්‌තීන වැසියන් වීම ද රජුගේ උනන්දුවට හේතු වී තිබේ. ඒ කෙසේ වෙතත්, මෙවර සාකච්ඡාවලින් කිසිදු ප්‍රතිඵලයක්‌ අත් වෙතැයි අනුමාන කළ නොහැකි ය.

නයිජීරියා අර්බුදය ඔඩුදුවන ලකුණු පෙන්වයි

අප්‍රිකාවේ විශාලත ම ඛනිජ තෙල් නිෂ්පාදකයා මෙන් ම මිලියන 160 සහිත ව එම මහද්වීපයේ විශාලත ම ජනගහණයට හිමිකම් ලබන නයිජීරියාව තුළ ආගමික සිවිල් යුද්ධයක්‌ ඇතිවන ලකුණු පහළ වෙමින් තිබේ. පසුගිය නත්තල් දින ක්‍රිස්‌තියානි පල්ලි තුළ පුපුරා ගිය බෝම්බ මෙන් ම ඊට ප්‍රතිචාරයක්‌ ලෙස ඉස්‌ලාම් පාසැලක පුපුරා ගිය බෝම්බය මෙම තත්ත්වය පිළිබඳ මූලික සලකුණු ලෙස සිතිය හැකි ය. ප්‍රධාන ප්‍රහාරය සිදු වූයේ මධ්‍යම නයිජීරියාවේ මයිදුගුරි හා ජෝස්‌ යන නගරවල ය. බෝම්බ දෙකක්‌ පුපුරා ගියේ විශාල ප්‍රමාණයේ වෙළඳ ප්‍රදේශයක වන අතර තුන් වැන්න ක්‍රිස්‌තියානි ජනයා වෙසෙන ප්‍රදේශයක ය. මේ අතර තිස්‌ දෙනෙකුගෙන් පමණ යුතු පිරිසක්‌ විසින් මයිදුගුරි නගරයේ ක්‍රිස්‌තියානි පල්ලියක්‌ ආක්‍රමණය කොට එහි සිටි පාස්‌ටර්වරයා මරා දැමූහ. නවතම තත්ත්වය හමුවේ බොකෝ හරාම් නම් මුස්‌ලිම් සංවිධානය විසින් රටේ උතුරු කොටසේ වෙසෙන සියලු ම ක්‍රිස්‌තියානි වැසියන්ගෙන් ඉල්ලා සිටියේ තම ප්‍රදේශය හැර යන ලෙස ය.

නයිජීරියාවේ උතුරු ප්‍රදේශය ප්‍රධාන වශයෙන් ම මුස්‌ලිම් වන අතර දකුණ ක්‍රිස්‌තියානි ය. මේ අනුව, වසර ගණනාවක්‌ තිස්‌සේ දෙපිරිස අතර පවතින්නේ නොසෑහෙන තරමේ අසහනයකි. 2001 වසරේ සිට දෙපිරිස අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 2000 කට අධික සංඛ්‍යාවක්‌ මියගොස්‌ තිබේ.

කෙසේ වෙතත්, නයිජීරියාවේ ඇතිවෙමින් තිබෙන තත්ත්වයට මූලික හේතු ව බැලූ බැල්මට තිබෙන ආගමික පසුබිම ම නොවේ. ප්‍රශ්නය අවසානයේ එසේ රාමුගත කෙරුණ ද මෙරට වසා පැතිර තිබෙන ආර්ථික හා දේශපාලන හේතු නොයෙක්‌ ජන කණ්‌ඩායම් අතර තිබෙන සහජීවනය වරින් වර පලුදු කරනු පෙනේ. නයිජීරියාව තුළ වෙසෙන ජනයා ප්‍රධාන වශයෙන් කොටස්‌ දෙකකට බෙදා දක්‌වා තිබේ. එක කොටසක්‌ මුල් පදිංචි කරුවන් ලෙස සැලකෙන අතර අනෙක සංක්‍රමණිකයින් ය. පරම්පරා ගණනාවක්‌ තිස්‌සේ නයිජිරියාව තුළ ජීවත්වන මුස්‌ලිම් ජනයා සැලකෙන්නේ පසුව පැමිණි සංක්‍රමණිකයින් ලෙස වන අතර ක්‍රිස්‌තියානි ජනය රටේ නියම උරුම කරුවන් ලෙස ගැනේ. මේ අනුව, රටේ දේශපාලනය හෝ රටේ උසස්‌ තනතුරු දැමීමේ හැකියාව මුස්‌ලිම් ජනයාට අහිමි කර තිබේ. ඊට අමතරව රජය විසින් මුස්‌ලිම් ජනයාගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ගෙවීම ද කරන්නේ නැත. දැනට බලයේ සිටින්නේ ක්‍රිස්‌තියානි කණ්‌ඩායම්වලින් සහය ලබන මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයයි. වත්මන් ජනපති ගුඩ්ලක්‌ ජොනතන් ද ලිජෝ ජනවර්ගයෙන් පැවත එන ක්‍රිස්‌තියානියෙකි.

මෙවන් තත්ත්වයක්‌ තුළ අගතියට පත් මුස්‌ලිම් ජනයා කල්පනා කරන්නේ තම අයිතීන් දිනා ගැනීමේ එක ම මග වන්නේ ප්‍රචණ්‌ඩත්වය බව ය. බොකො හරාම් සංවිධානය යනු ද මෙසේ අසාධාරණයට පත් මුස්‌ලිම් ජනයා තුළින් හටගත් සංවිධානයක්‌ ලෙස සැලකේ. ඔවුහු නයිජිරියාවේ උතුරු ප්‍රදේශය තුළ ෂාරියා නීතිය සහිත වෙනම රාජ්‍යයක්‌ පිහිටු වීමට සටන් කරති. බොකො හරාම් යන්නෙහි අර්ථය වන්නේ "බටහිර අධ්‍යාපනය පාපයකි" යන්න ය. පසුගිය දා සියයකට ආසන්න පිරිසකට මරු කැඳ වූ පල්ලි ප්‍රහාරයේ වගකීම මෙම සංවිධානය විසින් පිළිගෙන තිබේ.

තලේබාන්වරු කටාරයේ කාර්යාලයක්‌ අරිති

අන්තර්ජාතික ප්‍රජාව සමග සාකච්ඡා කිරීමට බව පවසමින් තලේබාන් සංවිධානය විසින් කටාර් රාජ්‍ය තුළ සිය කාර්යාලයක්‌ විවෘත කිරීමට සූදානමින් සිටින බවට වාර්තා පළ වී තිබේ. එසේ සිදුවුවහොත් එය වසර 10 ක ඇෆ්ගනිස්‌ථාන අර්බුදය පිළිබඳ නවතම දිසානතියක්‌ බව පෙනී යයි. තලේබාන්a ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබුණේ කාර්යාලයක්‌ ආරම්භ කිරීම සඳහා තමා කටාර් රජය හා අදාළ අංශ සමග එකඟතාවකට පැමිණ ඇති බව ය. මීට කලෙකට පෙර වාර්තා වූයේ ඇමරිකාව විසින් තලේබාන් සංවිධානය සමග රහස්‌ සාකච්ඡා පවත්වමින් සිටින බව ය. එම සාකච්ඡාවල ප්‍රධානතම ඉලක්‌කය වී තිබුණේ දෙපාර්ශ්වය විසින් ම විශ්aවාසය ගොඩ නැගෙන ක්‍රියාමාර්ග ආරම්භ කිරීම ය. ඇමරිකාවට හිතවත් කටාරය තුළ ඇරඹීමට යන මෙම කාර්යාලය එකී ක්‍රියාදාමයේ කොටසක්‌ ලෙස සැලකිය හැකි ය. මීට අමතර ව කාර්යාලය විවෘත කිරීමට සමාන්තර ව සිරකරුවන් නිදහස්‌ කිරීමේ ක්‍රියාමාර්ගයකට ද යැමට සූදානම් බව මේ අතර වාර්තා වේ.

කටාරයේ කාර්යාලය ආරම්භ කිරීම සඳහා ඇෆ්ගන් ජනපති හමීඩ් කර්සායි මුලින් එකඟ ව සිටියේ නැත. ඔහුට අවශ්‍ය වූයේ සෞදි ආරබියේ හෝ තුර්කියේ එය ස්‌ථාපනය කිsරීමට ය. කෙසේ වෙතත්, කර්සායි ඇමරිකානු පීඩනය යටතේ තම විරෝධය හකුලා ගත්තා විය හැකි ය. මේ අතර, කාර්යාල විවෘතය පිළිබඳ පාකිස්‌ථාන මතය මේ වන තෙක්‌ ප්‍රසිද්ධ වී නැත. තලේබාන් සංවිධානය කෙරෙහි පාකිස්‌ථානයට ඇත්තේ සුවිසල් බලයක්‌ බව පිළිගැනේ.

මහින්ද පතිරණ

Related

කතිකාචාර්ය මහින්ද පතිරණ 7711280437345079899

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item