ප‍්‍රාදේශීය සභාවල අයවැය පැරදවීම සංස්කෘතියක්ද? දේශපාලනයක්ද?….
මේ ප‍්‍රවනතාව මහජනයා අතර ආන්දෝලනයක් ඇති නොකලද ආණ්ඩුවේ දේශපාලකයින් අතර යම් උණුසුමක් ඇති කළේය. ඒ අනුව ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ...
http://weadikawa.blogspot.com/2012/01/blog-post_7332.html
මේ ප‍්‍රවනතාව මහජනයා අතර ආන්දෝලනයක් ඇති නොකලද ආණ්ඩුවේ දේශපාලකයින් අතර යම් උණුසුමක් ඇති කළේය. ඒ අනුව ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ හමුවකදී එම තත්ත්වය ප‍්‍රසිද්ධියේ විවේචනය කළේය. එහිදි එතුමා අදාල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ට එරෙහිව විභයානුකූල පියවර ගන්නා ලෙසද පක්‍ෂ ලේකම් මෛත‍්‍රිපාල සිරිසේන මහතාට නියෝග කළේය. නමුත් ඒ නියෝගයෙන් පසුවද, ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ හෙළ උරුමයේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය දෙවන වරටද පරාජය විය. මේ තත්ත්වයට හේතු කුමක් වුවත් එය සංධානයේ සුළු දේශපාලන පක්‍ෂ වලට වැරදි දේශපාලන සංඥාවක් ලබාදෙන බව ඉතා පැහැදිලිය.
- වසන්ත බණ්ඩාරපසුගිය දිනවල දේශපාලන කරලියේ මහා නාටක අතර ආණ්ඩුවේ ‘‘සුළු’’ දේශපාලන පක්‍ෂ අතර උණුසුමක් ඇතිකල අතුරු නාටකයක් රඟ දැක්විනි. ඒ එක්සත් ජනතා නිදහස් සංධානය දිනාගත් ප‍්‍රාදේශීය සභාවල ‘සුළු පක්‍ෂ’ නියෝජනය කරන සභාපතිවරුන්ගේ අය වැය පරාජය කිරිමයි. එහෙත් පසුව එම නාටකය තුළ තවත් අහඹු ජවනිකාවක්ද දක්නට ලැබුණි. ඒ සංධානයේ මහා පක්‍ෂය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයකු මිහින්තලේ ප‍්‍රාදේශීය සභා අයවැයේදි පරාජය කිරිමයි. එසේ වුවද ඒ ජවනිකා තුළ සුළු පක්‍ෂ නියෝජනය කරන ජා ඇල ප‍්‍රාදේශීය සභාව ආදිය නියෝජනය වූයේ නැත.මේ ප‍්‍රවනතාව මහජනයා අතර ආන්දෝලනයක් ඇති නොකලද ආණ්ඩුවේ දේශපාලකයින් අතර යම් උණුසුමක් ඇති කළේය. ඒ අනුව ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ හමුවකදී එම තත්ත්වය ප‍්‍රසිද්ධියේ විවේචනය කළේය. එහිදි එතුමා අදාල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ට එරෙහිව විභයානුකූල පියවර ගන්නා ලෙසද පක්‍ෂ ලේකම් මෛත‍්‍රිපාල සිරිසේන මහතාට නියෝග කළේය. නමුත් ඒ නියෝගයෙන් පසුවද, ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ හෙළ උරුමයේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය දෙවන වරටද පරාජය විය. මේ තත්ත්වයට හේතු කුමක් වුවත් එය සංධානයේ සුළු දේශපාලන පක්‍ෂ වලට වැරදි දේශපාලන සංඥාවක් ලබාදෙන බව ඉතා පැහැදිලිය.
කෙසේවෙතත් සුළු දේශපාලන පක්‍ෂ වලට අයත් සියලූ සභාපතිවරු පරාජය නොකිරිම සහ මහා පක්‍ෂයේ සභාපතිවරයකු පරාජය කිරිම මගින් සලකුණු කරන්නේ කුමක්ද? ඒ අනුව මේ දේශපාලන ප‍්‍රවනතාව මධ්‍යගත දේශපාලන තීන්දුවක් අනුව සිදුනොවන බව පැහැදිලිය. එසේ වුවත් එහිදි තවත් ප‍්‍රශ්නයක් මතුවේ. ඒ එසේ සංධානයේ සභාපතිවරු සන්ධානයේ මන්ත‍්‍රීවරු විසින්ම පරාජය කිරිම විනය විරෝධි ක‍්‍රියාවක් ලෙස ජනාධිපතිතුමා විසින්ම තීරණයකොට තිබියදී ඇඹිලිපිටියේදී දෙවන වරටද අයවැය පරාජය වූයේ කෙසේද යන්නයි. එසේ නම් මේ මන්ත‍්‍රීවරු ජනාධිපතිතුමාවත් නොසලකන ප‍්‍රභලයන් විය යුතුය. නැතහොත් ජනාධිපතිතුමා ඒ තීන්දුව එතරම් බරකින් ක‍්‍රියාත්මක කිරිමට අදහස් නොකලා විය යුතුය. සිදුවුයේ කුමක් වුවත් ඒ මගින් සංධානයේ සුළු පක්‍ෂවල නායකයින්ට පහල දේශපාලන සාමාජිකයින්ගෙන් බරපතල පීඩනයක් එල්ලවෙමින් ඇති බව පෙනෙන්නට ඇත. එහි ප‍්‍රතිඵලය ආණ්ඩුවට මෙන්ම අවසානයේ රටටද ඉතා අහිතකර විය හැක.
මේ තත්ත්වය දෙස බැලූ බැල්මට පෙනෙන්නේ එය දේශපාලන උපායමාර්ගික ප‍්‍රවනතාවකට වඩා දේශපාලන සංස්කෘතික ප‍්‍රවනතාවක් බවයි. එහෙත් ඒ අර්බුදය සුළුකොට තකා ඊට ඊට නිසි ප‍්‍රතිචාර නොදැක්වීම දේශපාලන උපායමාර්ග වරදවා ගැනීමේ ප‍්‍රවනාතවක් ලෙසද අර්ථ දැක්විය හැක. එසේ විය හැක්කේ ආණ්ඩුවේ ‘‘අද පැවැත්ම’’ සහ ‘‘හෙට පැවැත්ම’’ අතර වෙනස වටහා ගැනීමට දේශපාලන පක්‍ෂ නායකයින් අසමත් වීම නිසාය. මේ තත්ත්වය දේශපාලන සංස්කෘතියක් ලෙස අර්ථ ගැන්විය හැක්කේ ආණ්ඩුවේ ප‍්‍රාදේශීය නායකයින්ගේ උද්දච්ච දේශපාලන සංස්කෘතියට සාපේක්‍ෂවය. අද ආණ්ඩුවේ ඇමැතිවරුන් බොහෝ දෙනෙකු හැසිරෙන්නේ ආණ්ඩුව අමාරුවේ දැමීමේ කුමන්ත‍්‍රණයක යෙදෙනවාදැයි සැක හිතෙන තරමට උද්දච්ච ලෙසය.
බලූකුක්කන් සේ නිවට ලෙස හැසිරෙන ප‍්‍රදේශීය කුඩා දේශපාලන නායකයින්ට මිස ඊට වෙනස් අයට මේ උද්දච්චයින් අභියස පැවැත්මක් නැත. උත්තරයක් ලෙස සාමාන්‍ය මට්ටමට යටත්වුවද ප‍්‍රශ්නය බේරෙන්නේ නැත. සියලූ දෙනා නැට්ට දෙපරන්ද අස්සේ ගසාගෙන යටත්විය යුතු යයි සම්මතයක් ඔවුන් හදාගෙන ඇත. කොහේ හෝ තැනක ය ම් මට්ටමකට හෝ කොන්ද කෙලින් තියාගෙන වැඩකරන ප‍්‍රාදේශීය දේශපාලකයකු සිටියි නම් අනිවාර්යයෙන්ම ඔහු හෝ ඇය ඉහළට නායකත්වයට සම්බන්ධ අයකු විය යුතුය. එසේ නැතහොත් ගැටුම් සහිත ඇමතිවරු දෙදෙනෙකුගෙන් එකකුු නියෝජනය කරන්නෙකු විම මගින් යම් බලයක් ආරෝපනය කරගත්තකු විය යුතුය. එවැනි තත්ත්වයක් බොහෝ විය කෙටිකාලිනව පවත්වාගෙන හැකි තත්ත්වයක් මිස සංස්කෘතියක් ලෙස පවත්වාගෙන හැකි තත්ත්වයක් නොවේ.
ඉහල නායකයින්ට මේ ආකාරයට පහල නායකයින් යටත් කර ගැනීමට බොහෝ අවස්ථාව ලැබෙන්නේ මනාප පොරය නිසාය. පහල මට්ටමේ නායකයින්ගේ එකිනෙකා අතරවන ගැටුම් උපයෝගිකොට ගෙන ඔවුන් සියලූ දෙනා යටත් කිරිමට ඉහල දේශපාලන නායකයින්ට හැකියාව ලැබී ඇත. අයවැය පරාජය කිරිමේ ක‍්‍රියාව මගින් ඉහල දේශපාලකයින් ප‍්‍රාදේශියව ජනතාවටද පණිවිඩයක් ලබාදෙයි. ඒ ‘‘මගේ මිනිහාට වැඩිම මනාප ලබාදුන්නේ නැත් නම් උඹලට ප‍්‍රාදේශිය සභාවෙන් කිසි වැඩක් වෙන්නේ නැහැ.’’ යන්නයි. මේ දේශපාලන සංස්කෘතිය එළියට හොඳින් පෙනෙන්නේ ප‍්‍රාදේශිය සභාවක අයවැයක් පරාජය කිරිම වැනි ප‍්‍රභල තීන්දුවක් මත වුවද සීතල යුද්ධයක් ලෙස මේ ගැටුම් එදිනෙදා සියලූ කටයුතු වලදි මතුවන බව රහසක් නොවේ.
මේ දේශපාලන සංස්කෘතිය පෝෂණය වන්නේ ආණ්ඩුවේ බලය තහවුරු වීමට සාපේක්‍ෂවය. මතුපිටින් බලන විට නම් ආණ්ඩුවට දැන් හයෙන් පහක බලයක් ඇත. ඒ නිසා ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා හැසිරුන ආකාරයට හැසිරුනාට කමක් නැතැයි ප‍්‍රදේශිය දේශපාලන නායකයින්ද කල්පනාකිරිමට පටන්ගෙන ඇත. ඇත්තවශයෙන්ම ආණ්ඩුවේ මතු මහල එසේ විශාලව පෙනුනද පදනම ශක්තිමත්ව ඇත්තේ ‘‘සුළු පක්‍ෂ’’ විසින් ආණ්ඩුවට ලබාදෙන ‘‘මතවාදි හයිය’’ නිසා බව මොවුන් තේරුම් ගන්නේ නැත. ආණ්ඩුව සදාචාර සීමාවන් ඉක්මවා යනවිට ජනතාව අතර ආණ්ඩුවට ඇති ජනප‍්‍රියතාවය දෙදරවීමට එනම් මතු මහල යට ඇති අත්තිවාරම දෙදරවීමට විපක්‍ෂයට අවස්ථාව ලැබෙන බව මොවුන් තේරුම් ගන්නේ නැත. ජනාධිපතිතුමා විසින් දිනාගත් මහජන ප‍්‍රසාදය යම් මට්ටමකට හෝ රැුක ගැනීමට එතුමා සමත්වීම තුල මේ උද්දච්ච පහල නායිකයින්ට එසේ හැසිරීමට ඉඩක් ලැබී ඇත.
ආණ්ඩුවේ මතු මහලේ සිටින මේ උද්දච්ච දේශපාලකයින් පහල අත්තිවාරම දෙදරායාමට හේතුවන සාධක තුමා විසින්ම නිර්මාණය කරන බව ඔවුන් දකින්නේ නැත. ඒවා පෙන්වාදෙන දේශපාලන ඉන්ජිනේරුවරුන්ද ආණ්ඩුව තුළ හෝ පුද්ගලිකව ජනාධිපතිතුමා වටේ හෝ සිටින බවක් පෙනෙන්නේ නැත. ඒ නිසා සන්ධානය රැුකගෙන ආණ්ඩුවේ දේශපාලන අන්තිවාරම රැුක ගැනීම සඳහා උපායමාර්ගික දේශපාලන තීන්දුවක් ගැනෙන්නේද නැත. එවැනි තත්ත්වයක් තුළ දිගින් දිගටම දේහපාලන උපාය මාර්ග අභිභවා උද්දච්ච සංස්කෘතිය නැගී සිටිම වැලැක්විය නොහැක.
ප‍්‍රාදේශීය සභා ගැටුම අයිස්කන්දේ මුදුන ලෙස හඳුනා ගැනීමේ වරදක් නැත. සන්ධානයේ සුළු පක්‍ෂ දැඩි ලෙස අපහසුතාවයට පත්වන තව බොහෝ දේ එදිනෙදා දේශපාලන තීන්දුවලදි සිදුවේ. ආණ්ඩුව විසින් සෑම විටම සුළු පක්‍ෂ සතුටු කිරිම සඳහා ඔවුන් හුරතල්කල යුතු බවක් මින් අදහස් කෙරෙන්නේ නැත. අවශ්‍ය වන්නේ රටට තීරණාත්මකව බලපාන ප‍්‍රභල දේශපාලන තීන්දු ගැනීමේදිවත් යම් අදහස් විමසිමක් සිදු කිරිමයි. අදහස් විමසිම කෙසේවෙතත් සමහර තීන්දු සුළු පක්‍ෂ දැනගන්නේ පුවත්පත් මගිනි.
අදවන විට නිදහස් අධ්‍යාපනයට ප‍්‍රභල බලපෑමක් එල්ලකල හැකි පෞද්ගලික විශ්ව විද්‍යාල පනත පිළීබඳව ආණ්ඩුවේ දේශපාලන පක්‍ෂ අතර එකඟතාවයක් නැත. එය ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය විනාශ කලා යයි ප‍්‍රභල ෙඓතිහාසික අපවාදයක් එල්ලවිය හැකි දේශපාලන තීන්දුවකි. නමුත් එය අද එක් ඇමැතිවරයකුගේ හිතුවක්කාර හැසිරිමට යටත්කොට ඇත. උගත් පාඩම් කොමිසම් වාර්තාව ඉදිරිපත් කිරිමෙන් පසුව ආණ්ඩුවක් ලෙස කරන්නේ කුමක්දැයි පක්‍ෂ අතර එකඟතාවයකට පැමිණ නැත. අඩුතරමින් ‘‘යලි පුඹුදමු ශ‍්‍රී ලංකා’’ පනතක් වන බීජ පනත ක‍්‍රියාත්මක කිරිම මගින් ඇතිවිය හැකි අප වාදය පිළිබඳවද අදහස් විමසීමක් නැත. ආණ්ඩුවේ පක්‍ෂ අතර එකඟතාවයක් නැතිව වුවද ඌන සංවර්ධිත දේපල පවරාගැනීමේ පනත එක සතියෙන් සම්මතකර ගැනේ. එහෙත් සුළු පක්‍ෂ ඇමැතිවරයකු ඉදිරිපත් කරන ඉදිකිරිම් සංවර්ධන පනතේ අකුරක් නෑර වාද කිරිමට භාණ්ඩාගාරයේ සුළු නිළධාරින්ට බාරදී ඇත. මේ ආකාරයට අවම සදාචාරය ගැන තැකිමක් නෙැමැතිව ආණ්ඩුව ක‍්‍රියා කරන්නේ හයෙන් පහක බලය නිසා යයි සරලව අර්ථ දැක්විය හැක. නමුත් ප‍්‍රශ්නය ඇත්තේ ඒ හයෙන් පහ සහ සැබෑ මහජන කැමැත්ත අතර ගැටුම නිර්මාණය වීමට මේ හැසිරිම් හේතුවිය හැකිවිම තුලය.
ඇත්තවශයෙන්ම ආණ්ඩුවට හයෙන් පහක බලය ලබාදෙන්නේ විපක්‍ෂය විසිනි. විපක්‍ෂය ශක්තිමත් වන අවස්ථාවක ඒ හයෙන් පහ අනෙක් පැත්තට යෑම එක් පාර්ලිමේන්තු සැසියක් පැවැත්වෙන දිනය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණි. ඊ නියා ප‍්‍රජාතන්ත‍්‍රවාදි විපක්‍ෂය එකතුකොට ශක්තිමත් කිරිම මෙන්ම විකල්ප ප‍්‍රචන්ඩ විපක්‍ෂයද එකවිට ගොඩ නැගීමට ජාත්‍යන්තර බලවේග අද ප‍්‍රසිද්ධියේම ක‍්‍රියාත්මක වෙමින් ඇත. මේ අවස්ථාවේදී රටට එරෙහි කුමන්ත‍්‍රණය දියත් වන්නේ ආණ්ඩුවට එරෙහි කුමන්ත‍්‍රණයක් ලෙසය. එය පරාජය කිරිම සඳහා ආණ්ඩුවට ඇති එකම උපාය මාර්ගය හැකිතාක් ජනතාවගේ ප‍්‍රසාදය දිනා ගැනීමයි. එහිදි ප‍්‍රමාණයෙන් කුඩා වුවත් මතවාදිව ශක්තිමත් සුළු දේශපාලන පක්‍ෂවල සහයෝගය තීරණාත්මක සාධකයක් බවට පත්වේ. දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයට අදාල වන්නේ ඒ අධිරාජවාදි කුමන්ත‍්‍රණයට සාපේක්‍ෂව ආණ්ඩුව හැසිරෙන ආකාරය පිළිබඳවය. ඒ නිසා ඒ ප‍්‍රධාන සාධකය දියුණු ලෙස කළමනාකරණය විය යුතු බව අප කිවයුතුව ඇත. උද්දච්ච ඇමැතිවරුන් සහ ප‍්‍රාදේශිය දේශපාලකයින් මට්ටු කිරිමේ සංස්කෘතික මෙහෙයුමද ඒ අනුව ආණ්ඩුවේ දේශපාලන කළමණාකරුවන්ගේ ප‍්‍රධාන භුමිකාවක් බවට පත්වේ.
-වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය
-උපුටා ගැනීම
ලංකා සී නිවුස්
2012-01-03