2011 යනු ආණ්‌ඩුවේ අවසානයේ ආරම්භයක්‌ද ?
-සී ඒ චන්ද්‍රප්‍රේම 2011 වසර ආණ්‌ඩුවටත් විපක්‍ෂයටත් එක ලෙස අසුබ වසරක් වූවා යෑයි කිව හැකිය. හැමෝම සිටියේ සම්පූර්ණයෙන්ම වැඩ...
http://weadikawa.blogspot.com/2012/01/2011.html
-සී ඒ චන්ද්‍රප්‍රේම
2011 වසර ආණ්‌ඩුවටත් විපක්‍ෂයටත් එක ලෙස අසුබ වසරක් වූවා යෑයි කිව හැකිය. හැමෝම සිටියේ සම්පූර්ණයෙන්ම වැඩ අනාගෙනය. ආණ්‌ඩු පක්‍ෂය ගත් කල ඔවුන් වසර අවසන් කළේ උසස්‌පෙළ විභාගය සම්බන්ධයෙන් ප්‍රතිඵල අර්බුදයත් සමගය. එය විසඳීමට ජනාධිපතිතුමාට පුද්ගලිකවම මැදිහත් වීමට සිදු වූවත් ඒ මැදිහත් වීමෙන්වත් ගැටලුව නිරාකරණය වූ බවක් පෙනෙන්නට නැත. සාමාන්‍යයෙන් විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාග කිසිදු අවුලකින් තොරව පැවැත්වෙන දෙයකි. යම් යම් සුළු ප්‍රශ්න පැන නැගුනත් අඩුම වශයෙන් විෂය භාර ඇමැතිවරයාට වත් එයට මැදිහත් වීමට සිදු වන්නේ නැත. මෙවැනි පොදු විභාග පවත්වන්නේ කාලාන්තරයක් මුළුල්ලේ ඒ සම්බන්ධයෙන් අත්දැකීම් ලද පුද්ගලයන් විසින්ය. එම නිසා විභාග පැවැත්වීමත් ප්‍රතිඵල නිකුත් කිරීමත් ස්‌වයංක්‍රීයව මෙන් සිදුවන දෙයකි. නමුත් අද ස්‌වයංක්‍රීයව සිදුවිය යුතු මෙවැනි දේ පවා මහා ජාතික අර්බුද බවට පත්වී ජනාධිපතිතුමාගේම මැදිහත් වීම අවශ්‍ය වන තැනට වැඩ සැලසී ඇත.
2011 වසරේදී මෙවැනි අවස්‌ථා කීපයක්‌ම අපට දැක ගැනීමට හැකි විය. මේ විභාග අර්බුදය ඒමට පෙර කලින් පැවැති අර්බුදය වූයේ එළවලු හා පලතුරු ප්ලාස්‌ටික් කූඩවල ප්‍රවාහනය කිරීමේ නීතියත් සමග පැනනැගුණු අර්බුදයයි. මෙයද ජාතික අර්බුදයක් නොවිය යුතු රටේ එදිනෙදා පරිපාලනයට සම්බන්ධ දෙයකි. නමුත් ඒ ප්‍රශ්නයද අවසන් වූයේ එළවලු වෙළෙන්දන් හා ප්‍රවාහනය කරන්නන් මහ පාරට බැස උද්ඝෝෂණය කොට ජනතාවට එළවලු නොලැබෙන තැනට වැඩ සැලැස්‌වීමෙනි. එය විසඳීමට ද ජනාධිපතිවරයාට මැදිහත් වීමට සිදුවිය. එළවලු හා පලතුරු ගෝනිවල අසුරන්නේ නැතිව ප්ලාස්‌ටික් කූඩවල ඇසීරීම සම්බන්ධයෙන් මේ රටේ දශක ගණනාවක සිට සාකච්ඡා වී ඇති කරුණකි. ප්‍රවාහනයේදී සිදුවන අපතේ යැම එයින් වැළකෙන නිසා අවසානයේදී ගොවියාටත් වෙළෙන්දාටත් පාරිභෝගිකයාටත් යන සියලු පාර්ශ්වවලට වාසි ගෙනදෙන කාරණයකි. මෙවැනි දෙයක් වුවත් ජාතික අර්බුදයක් වූ හැටි පුදුම සහගතය. ඕනෑම අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දීමේදී පැරැණි විදියට වැඩ කරගෙන යැමට කැමැති අයගෙන් විරෝධතා එල්ල වීම බලාපොරොත්තු විය යුතු දෙයකි. එවැන්නකට මුහුණ දීමට ක්‍රමවේදයක් සකස් නොකිරීම ඒ අවස්‌ථාවේදී ආණ්‌ඩුවේ වරද වූයේ යෑයි කිව හැකිය. මෙවැන්නකට විරෝධය කුමන පාර්ශ්වවලින් එල්ලවිය හැකිදැයි මුලින් සොයා බලා එකී පාර්ශ්ව අලුත් ක්‍රමයට පක්‍ෂව නම්මා ගත යුතුව තිබුණි. එපමණක් ද නොව ගෝනි වෙනුවට කූඩ පාවිච්චි කිරීමේ වාසි සියලු පාර්ශ්වවලට පෙන්වීම සඳහා දිවයිනේ එක් කුඩා ප්‍රදේශයක් පමණක් තෝරාගෙන කාලයක් මුළුල්ලේ ප්‍රදර්ශනාත්මක ව්‍යාපෘතියක් ගෙන ගියේ නම් මෙවැන්නකට ඇති පිළිගැනීම මීට වඩා වැඩි වන බව කිව හැකිය. නමුත් සිදුවූයේ විෂය භාර ඇමැතිවරයාත් වෙළෙන්දනුත් අතර ද්වන්ධ සටනකි. වෙළෙන්දන්ගේ පැත්තෙන් ගත් කලද කූඩවල මිල හා පැටවිය හැකි සීමිත ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයටද ප්‍රමාණවත් විසඳුමක් ආණ්‌ඩුව පැත්තෙන් ලැබුණේ නැතැයි කිව හැකිය. දිවයිනේ එක් ප්‍රදේශයක පමණක් ගොවීන්ගේ හා වෙළෙඳුන්ගේ ස්‌වේච්ඡා සහභාගිත්වය සහිතව ප්‍රදර්ශනාත්මක ව්‍යාපෘතියක් කාලයක් මුළුල්ලේ ගෙන යැමේ අවශ්‍යතාවය පැන නගින්නේ මෙවැනි අවස්‌ථාවලය.
එළවලු කූඩ ප්‍රශ්නයට ඒමට පෙර ආණ්‌ඩුව අනාගත් තවත් ප්‍රශ්නයක් වූයේ පුද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබා දීමේ යෝජනාවයි. මේ යෝජනාවද ක්‍රියාත්මක කිරීමට ලැබුණේ නම් එය පුද්ගලික අංශයේ සේවකයන්ට හා විශේෂයෙන්ම ස්‌වයං රැකියාවල හා විදේශීය රැකියාවල නියුක්‌ත උදවියට විශාල සෙතක් සැලසෙන කාරණයක් විය යුතුව තිබුණි. නමුත් යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන හරිහැටි අවබෝධයක් ජනතාවට ලබා නොදීම නිසා එය මහා අවුලක් බවට පත්විය. මහජනතාව තබා ආණ්‌ඩුවේම උදවියවත් ඒ විශ්‍රාම වැටුප් ක්‍රමය කුමක්‌දැයි දැන සිටියේ නැත. ජාතික හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහ මහතා මා සමග කියා සිටි පරිදි විශ්‍රාම වැටුප් අර්බුදයේ උච්චතම අවස්‌ථාවේදී පවත්වන ලද රූපවාහිනි සංවාදයකට සහභාගි වී සිටි ඔහුට හා එම විෂය භාර ගාමිණී ලොකුගේ මහතාට යෝජිත පනත් කෙටුම්පතේ පිටපතක් නොතිබුණි. නමුත් එම විවාදයට පැමිණ සිටි ජ.වි.පෙ. සාමාජිකයා අතේ එම කෙටුම්පතේ පිටපතක් තිබුණි. යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන විෂය භාර ඇමැතිවරයාවත් කිසි දෙයක් දැන සිටියේ නැත.
මෙවැනි අවස්‌ථා අපට දැක ගැනීමට හැකි වී ඇත්තේ වර්තමාන ආණ්‌ඩුව යටතේ පමණි. අපට මතකයක් ඇති මීට කලින් පැවැති ආණ්‌ඩු එකකවත් ආණ්‌ඩු පක්‍ෂයේම ප්‍රබලයන් ආණ්‌ඩු පක්‍ෂයේ වැඩපිළිවෙළ ගැන මුකුත් නොදන්නා තත්ත්වයත් පිළිබඳ අවස්‌ථා ගැන අපට මතකයක් ඇත්තේම නැත. ඡේ. ආර්. ජයවර්ධන පාලන සමයේදීවත්, ප්‍රේමදාස පාලන සමයේදීවත්, ඩී. බී. විඡේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග හෝ රනිල් වික්‍රමසිංහ යන පාලකයන් යටතේවත් මෙවැනි කාරණා සම්බන්ධයෙන් ජාතික අර්බුද හට ගැනුණු බවක් අපට මතක නැත. මීට කලින් පැවැති ආණ්‌ඩු අනාගත්තේ ලොකු ලොකු දේවල්ය. එදිනෙදා පරිපාලනයට අදාළ සාමාන්‍ය දේවල් ඔවුන් මේ ආකාරයට අනාගත්තේ නැත. වත්මන් ආණ්‌ඩුව විසින් හඳුන්වා දීමට ගිය පුද්ගලික අංශ විශ්‍රාම වැටුප් ක්‍රමය මේ රටේ දැනටමත් සමහර අංශවල ක්‍රියාත්මක වෙමින් පවතින දෙයකි. ඒවායේ සාර්ථක භාවය මිනිසුන්ට ඔප්පු කර පෙන්වීමට ප්‍රදර්ශනාත්මක ව්‍යාපෘතියක්‌වත් අවශ්‍ය වූයේ නැත. ඒ මන්ද යත් ආණ්‌ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට ඉටාගෙන සිටි විශ්‍රාම වැටුප් ක්‍රමයට හැම අතින්ම සමාන ක්‍රමයක් දැනට අවුරුදු ගණනාවක සිට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින නිසාය. තත්ත්වය මෙසේ තිබියදීත් විශ්‍රාම වැටුප් ක්‍රමය ජාතික අර්බුදයක් වූ හැටි පුදුම සහගතය.
මේ අවස්‌ථා තුනේදීම එනම් විශ්‍රාම වැටුප් අර්බුදය, එළවලු කූඩ අර්බුදය හා උසස්‌පෙළ විභාග ප්‍රතිඵල අර්බුදය යන අවස්‌ථා තුනේදීම ජනාධිපතිතුමාට පුද්ගලිකවම මැදිහත් වීමට සිදුවිය. නමුත් මේ සියලුම ප්‍රශ්න ඇමැතිවරයාගෙන් ඔබ්බට නොයා යුතුව තිබුණු කාරණා හැටියට හැඳින්විය හැක. මේ සියලුම අවස්‌ථා වලදී ජනතාව කුපිත වීමට වෙනත් කාරණාද තිබුණා විය හැක. එක් එක් කාලවලට ජනතා හැසිරීම වෙනස් වන බව දේශපාලන කරුණු කාරණා නිරීක්‍ෂණය කරන උදවිය දනී. අද ලෝකය පුරාම පවතින්නේ ජනතාව සුළු දේටත් උසිගැන්වෙන කාල වකවානුවකි. හැම රටේම මහ පාරවල උද්ඝෝෂණය, ඇමරිකාවේත් මැදපෙරදිගත්, රුසියාවේත්, ඉන්දියාවේත් තත්ත්වය එසේමය. ලංකාවේද මේ කුපිත වීම අපට පෙනෙන්නේ විශ්‍රාම වැටුප් අර්බුදය එළවලු කූඩ අර්බුදය හා ඒ දෙක අතර පැවැති "ග්‍රීස් යකා" කලබැගෑනිය වැනි කාරණා වලින්ය. හේතුවක් නැතුවත් හුදෙක්‌ම මනඃකල්පිත කාරණා මත පවා ජනතාව කුපිත විය හැකි ආකාරය අපි එවැනි දේවලින් දුටුවෙමු.
නමුත් මෙය හුදෙක්‌ම ජනතා හැසිරීමේ ඇති යම්කිසි කාලීන ප්‍රවණතාවයක් නිසා යෑයි කියා අපට ඒවා බැහැර කළ නොහැක. කාලීන ප්‍රවණතාවය වන්නේ සුළු දෙයටත් ජනතාව කුපිත වීම නම් ආණ්‌ඩුව ඒ කාරණය ගැන අවබෝධයකින් යුතුව එදිනෙදා පාලන කටයුතු කරගෙන යා යුතුය. මෙවැනි අවස්‌ථාවල සිදුවිය යුත්තේ කැබිනට් මණ්‌ඩලයේ කාර්යාලයට අනුබද්ධ මාධ්‍ය ඒකකයක් පිහිටුවා සියලුම කැබිනට් තීරණ එකිනෙක සලකා බලා ඒවායින් මහජනයාට බලපෑමක් ඇතිවන්නේ කුමන ආකාරයටද, විපක්‍ෂයට එවැනි කාරණා ජනතාව උසිගැන්වීමට ප්‍රයෝජනයට ගත හැකිද, අදාළ වෙනස හඳුන්වා දීමට නම් දිනා ගත යුතු පුද්ගලයන් හා ජන කොටස් මොනවාද යන්න පිළිබඳ මනා අධ්‍යයනයක් කොට ඒ අර්බුදය පැන නැගීමට කලින්ම ආණ්‌ඩුවේ දේශපාලකයන්ද ආදාළ ප්‍රශ්නය ගැන මාධ්‍යයට කිව යුතු දෙය පිළිබඳ අවබෝධයක් ලබාදී තිබිය යුතුය. පසුගිය වකවානුවේ පැනනැගුණු සියලු අර්බුදවලට හේතුව එවැනි සැලැස්‌මක් නොමැති වීම විය හැක.
ආණ්‌ඩුව අනාගත්තේ එම ප්‍රශ්න පමණක් ද නොවේ. නොරොච්චෝලේ බලාගාර නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ නැත. හම්බන්තොට වරායේ ගලක් නැතැයි කීමට ගොස් අනවශ්‍ය ලෙස ආණ්‌ඩුව අනාගත්තේය. එහි ගලක් තිබෙන බවත් ලොකු ව්‍යාපෘති සැලසුම් කිරීමේදී සුළු ප්‍රශ්න පැන නගින බවත් එය එක්‌තරා අමතර වියදමක් දරා විස¹ ගතහැකි බවත් ආණ්‌ඩුව කලින්ම පිළිගත්තේa නම් ජනතාව එය පිළිගනු ඇත. 2011 වසරේදී ආරම්භ කරන ලද ලොකු ව්‍යාපෘතිවලින් සාර්ථක ව්‍යාපෘතියක් වූයේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයයි. නමුත් එම ව්‍යාපෘතියේද ඉදිකිරීම්වල කොටස් කඩාවැටෙමින් ප්‍රශ්න තිබුණි. නමුත් අද ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැත. හම්බන්තොට වරාය සම්බන්ධයෙන්ද වැරැද්දක් සිදුවූ බව කලින්ම පිළිගත්තේ නම් එය අල්ලාගෙන රඟපෑමට විපක්‍ෂයට අවස්‌ථාවක් ලැබෙන්නේ නැත. ආණ්‌ඩුවේ අනා ගැනීම එයට සීමා වූයේද නැත. භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හා දුමින්ද සිල්වා අතර සිදුවූ වෙඩි හුවමාරුව ක්‍ෂණික කෝපය නිසා සිදුවූ අහඹු සිදුවීමක් හැටියට බැහැර කළ හැකි වුවත් ඒ අවාසනාවන්ත සිදුවීමෙන් පසු කාගේත් බලාපොරොත්තුවක් වූයේ දේශපාලකයන්ගේ තුවක්‌කු සංස්‌කෘතිය නැතිකර දැමීමට ආණ්‌ඩුව විසින් කටයුතු කරනු ඇති බවයි. නමුත් අප 2011 වසර අවසන් කළේ ආණ්‌ඩුවේ දේශපාලකයන් ඇතුළු පිරිසක් විසින් බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු ඝාතනය කොට තවත් රුසියානු ජාතික කාන්තාවකට බරපතළ තුවාල සිදුකිරීමෙනි. මෙය හුදෙක්‌ම බලයෙන් චණ්‌ඩිකමින් ඔළුව උදුම්මවාගෙන කරන ලද අමු ගොන් කමකි. භාරත ලක්‍ෂ්මන් සිද්ධියේ උණුසුම යන්නටත් පෙර තවත් එවැනිම හා ඊට අන්ත සිද්ධියක් සිදුවීම පැහැදිලිවම වත්මන් ආණ්‌ඩුවේ පිරිහීමක් සනිටුහන් කරවන දෙයකි.
මේ සියලුම නස්‌පැත්ති සිදුවීමට පටන් ගත්තේ 2011 වසරේදීය. ඊට කලින් මේ ආණ්‌ඩුව නිදහස ලැබූ දායින් පසු තිබුණු සාර්ථකම හා කඩිසරම ආණ්‌ඩුවක් විය. විශ්‍රාම වැටුප් අර්බුදයත්, ග්‍රීස් යකා කලබැගෑනියත්, එළවලු කූඩ ප්‍රශ්නයත්, උසස්‌පෙළ ප්‍රතිඵල අර්බුදයත් භාරත ලක්‍ෂ්මන් හා දුමින්ද සිල්වා වෙඩි තබාගෙන චුත වීමත්, ආණ්‌ඩුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු බීමතින් සුද්දෙක් ඝාතනය කිරීමත් යන සියලු කාරණා එක පිට එක ආවේ 2011 වසරේදීය. මේ අනුව අප සිත් තුළ නිතැතින්ම පැන නගින ප්‍රශ්නය වන්නේ මෙය අවසානයේ ආරම්භයද යන්නයි.
සී. ඒ. චන්ද්‍රප්‍රේම

-උපුටා ගැනීම
දිවයින
2012-01-02
දිවයින
2012-01-02