භූමිය නොබෙදා ධනය බෙදා ගැනීම හොඳම විසඳුමයි

- අනගාරික ධර්මසේකරතුමා   සමස්‌ත මානව වර්ගයා සතු ලොකුම ධනය පිරිසිදු ජලයයි. මිනිසුන්ගේත් මිනිසාට හිතකර සතුන්ගේත් ජීව රුධිරයේ පදනම ජලයයි...

- අනගාරික ධර්මසේකරතුමා
 සමස්‌ත මානව වර්ගයා සතු ලොකුම ධනය පිරිසිදු ජලයයි. මිනිසුන්ගේත් මිනිසාට හිතකර සතුන්ගේත් ජීව රුධිරයේ පදනම ජලයයි. රුධිරයෙන් සියයට අනූගණනක්‌ම ජලය වන අතර ලේ, මස්‌, ඇට, ඇට මිදුලු සහිත සිරුරෙන් සියයට හැත්තෑවකට වැඩි ප්‍රමාණයක්‌ද ජලයයි. පරිණාමවාදය අනුවත් හින්දු දස අවතාර සංකල්පය අනුවත් ජීව විද්‍යාව අනුවත් ජීවය බිහිවූයේ ජලය පදනම් කරගෙනය. ජලයෙන් තොර ජීවිතයක්‌ නැත. මිනිසුන්ගේ හා මිනිසාට හිතකර සතුන්ගේ මෙන්ම කොස්‌, පොල්, අඹ, කෙසෙල්, ඇපල්, මිදි, වී, තිරිඟු, ඉරිඟු, අල, බතල ආදී ගස්‌වැල් පැළෑටිවල ද ජීවය ර¹ පවතින්නේ ජල සම්පාදනය මතය. ජල හිඟයෙන් පෙළෙන සෝමාලියාවේ වැසියෝ දේශසීමා නොතකා විජලනයෙන් දුබල වූ දරුවන් ද රැගෙන අසල්වැසි කෙන්යාවට යති. ජල හිඟයෙන් පීඩාවිඳින තමිල්නාඩු, කර්ණාටක හා ආන්ද්‍රd ප්‍රදේශවල ජනතාවන් යුද ගැටුම්වලින් තොරව ජල අර්බුදය විසඳාගෙන ඇත්තේ ඉන්දියානු මධ්‍යම ආණ්‌ඩුවේ ආධාරයෙනි. ලොවම පානීය ජල ප්‍රශ්නයට හා වගා කටයුතු සඳහා අවශ්‍ය මිරිදිය හිඟයට මුහුණ පා සිටියදී ජල හිඟයෙන් පෙළෙන ශ්‍රී ලංකාවේ උතුර නැගෙනහිර පළාත් සඳහා ජල සම්පාදනයට බාධාවන පළාත් බෙදීමක්‌ ගැන කථා කිරීම ෙ€දජනකය. ජල සම්පාදනයට බාධාවන පළාත් බෙදීමක්‌ ගැන කතා කරන දේශපාලනඥයන් කවුරුන් වුවත් ඔවුන් ජනතා ෙද්‍රdaහීන් බවට පත්වනු ඇත. එහෙයින් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයට ලැබෙන වර්ෂා ජලය උතුරට, දකුණට හා නැගෙනහිරට බෙදා රට සංවර්ධනය කරන්නට ඒකීය ශ්‍රී ලංකාව සුරක්‍ෂිත කළ යුතුය.

අවුරුදු විසි ගණනක්‌ දිග්ගැසුණු ඊළාම් යුද්ධය අවසන් කිරීමේ මග පෑදුණේ මාවිල්ආරු ජල මාර්ගය අවහිර කරමින් කොටි ත්‍රස්‌තවාදීන් විසින් දියත් කරන ලද ජනතා ෙද්‍රdaහී කුරිරු වැඩපිළිවෙළ නිසාය. මාවිල්ආරු ඇළ වැසීමේ කොටි ත්‍රස්‌තවාදී කුරිරු ක්‍රියාමාර්ගය නිසා ත්‍රස්‌ත විරෝධී සටන මානුෂික මෙහෙවරක්‌ ලෙස ඉදිරියට ගෙනයමින් කොටි යුද බලය අවසන් කළ හැකි වූවාක්‌ මෙන් වයඹ, උතුරුමැද, උතුර හා නැගෙනහිර ජල ප්‍රශ්නය විසඳීමේ ජනහිතකාමී ජීවහිතවාදී වැඩපිළිවෙළක්‌ මගින් බෙදුම්වාදී දේශපාලනයද අවසන් කළ යුතුව තිබේ. කොටි ත්‍රස්‌තවාදී යුද්ධය අවසන් කිරීමෙන් උදාවූ රට සංවර්ධනය කිරීමේ මහඟු අවස්‌ථාව සම්පූර්ණ කරගත හැක්‌කේ බෙදුම්වාදය අවසන් කරන දේශපාලන, ආර්ථික, සංස්‌කෘතික පිළිවෙතක්‌ මඟිනි. කෙසේ වුවත් නව යටත් විජිත වාදය පසුපස බඩගාන තත්ත්වයට පත්වී සිටි පක්‍ෂ අතරින් අධිපතිවාදී බලයට හිස නොනමන නායකත්වයක්‌ බිහිකරගත හැකි වූයේ ප්‍රභාකරන් උපායශීලී බුද්ධිමත් සතුරකු නොවූ නිසාය. සිංහල - බෞද්ධ විරෝධී බෙදුම්වාදී කොටි ත්‍රස්‌ත ව්‍යාපාරයේ කෲරත්වය නිසා නොවන්නට තන්තිරිමලේ විහාරාධිපති විමලඥාන හිමි, පදවිය ධර්මාලෝක හිමි, සිරිපුර ධම්මානන්ද හිමි, හෑගොඩ ඉන්දසාර නාහිමි හා දිඹුලාගල විහාරාධිපති ශීලාලංකාර හිමි වැනි භික්‍ෂූන් වහන්සේලා රට දැය සමය උදෙසා දිවිපිදූ වීරයන් ලෙස ඉතිහාසගත වන්නේ නැත. ප්‍රභාකරන්ගේ කුරිරු දේශපාලනය නිසා නොවන්නට ඩෙන්සිල් කොබ්බෑකඩුව, ලලිත් ජයසිංහ, ගාමිණී කුලරත්න හා නිලන්ත පුෂ්පකුමාර වැනි රණවිරුවන් රට දැය වෙනුවෙන් දිවිපිදූ වීරයන් ලෙස ඉතිහාස ගත නොවේ. ශවීන්ද්‍ර සිල්වා වැනි ජාත්‍යන්තර මට්‌ටමේ ඉදිරියට ගිය වීරයන් බිහිවූයේ කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව නායකත්වය දුන් රාජපක්‍ෂ සහෝදරවරුන් නිසාය. ඒ සියලු වීරයන් බිහි වූයේ තම දරුවන් හමුදා සේවයට යවමින් කොතෙකුත් අමාරුකම් හා දුක්‌ දොම්නස්‌ පීඩා විඳ දරාගෙන ඉවසිලිවන්තව කැපවීමෙන් කටයුතු කළ ජනතාවට ධෛර්යය දුන් මහා සංඝරත්නය නිසාය. එහෙයින් තවදුරටත් ප්‍රභාකරන් හෝ කොටි ත්‍රස්‌තවාදයට ආධාර අනුබල දුන් නව යටත් විජිතවාදයට හෝ සම්බන්ධන්ලාට එරෙහිව ඝෝෂා කිරීමෙන් සෑහීමට පත්විය යුතු නොවේ. කළ යුත්තේ හිස්‌ ඝෝෂා නවත්වා උතුරේත්, උතුරු මැදත්, නැගෙනහිරත් ප්‍රධාන ප්‍රශ්නය වූ පානීය ජල අර්බුදය විසඳීමේ හා කෘෂිකර්මය සඳහා අවශ්‍ය වාරි ජලය සැපයීමේ දැවෙන ප්‍රශ්නය විසඳීමේ කඩිනම් වැඩපිළිවෙළක්‌ දියත් කිරීමයි.

     මෝටර් වාහන නිෂ්පාදන සමාගම් ඇතුළු නව යටත් විජිතවාදී අවශ්‍යතා ඉටුවන අන්දමින් තවදුරටත් අධිවේගී මාර්ග ඉදිකරනවා වෙනුවට කළුගඟේ සිට අනුරාධපුරය, යාපනය, ත්‍රිකුණාමලය හා මන්නාරම දක්‌වා පානීය ජලනළ මාර්ග පද්ධතියක්‌ තැනීමත් බස්‌නාහිර පළාත ගංවතුරෙන් යටකරන ජල කඳ වයඹ, උතුරුමැද, උතුර හා නැගෙනහිර ජල හිඟයෙන් දැවෙන බිම් කරා ගෙන යැමත් සඳහා වූ ජනහිතකාමී ජීව හිතවාදී පිළිවෙතක්‌ ක්‍රියාත්මක කිරීම හදිසි ජාතික අවශ්‍යතාවක්‌ සේ සලකා කටයුතු කළ යුතුය. ඒ දැවෙන ජාතික අවශ්‍යතාව ඉටුකිරීමට මුල්තැන නොදී තව තවත් අධිවේගී මාර්ග තැනීම සඳහා රතුපස්‌ සැපයීමේ, කළුගල් හා වැලි සැපයීමේ මහා පස්‌ කණ්‌ඩි තැනීමේ, ගුවන් පාලම් තැනීමේ, තාර කාපට්‌ දැමීමේ කොන්ත්‍රාත් ලබාදී හිතවතුනට ධන උල්පත් පාදා දීමේ හා ටිපර්, ට්‍රක්‌රථ, බුල්ඩෝසර්, කැටපිලර් හා බැකෝ මැෂින් ආදී බරවාහන හා යන්ත්‍ර සූත්‍ර ගෙන්වීමේ ව්‍යාපාරික අවස්‌ථා සලසාදීමේ ප්‍රතිඵලය වන්නේ කොළඹ සිට කතරගමට පැය දෙකෙන් යන්නට හැකිවන විට යාපනයට, මන්නාරමට හා ත්‍රිකුණාමලයට යන්නට බැරි තත්ත්වයක්‌ උදාවීමයි. ජාතිෙද්‍රdaහී කූට අරමුණු සහිත අය සමඟ එක්‌වී සිංහල, දෙමළ, මුස්‌ලිම් පොදු මහ ජනතාවට අවශ්‍ය නොවන ඊනියා දේශපාලන විසඳුම් සකස්‌ කරනවා වෙනුවට උතුරේත්, උතුරුමැදත්, නැගෙනහිරත්, වයඹත්, දකුණේත් ජනතාවගේ දැවෙන මූලික ප්‍රශ්නය වූ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවත් කෘෂිකර්මය සඳහා අවශ්‍ය වාරි ජල අවශ්‍යතාවත් ඉටුකරන කඩිනම් පියවර තැබීම ජනහිතකාමී දේශප්‍රේමී දේශපාලනඥයන්ගේ හා නිලධාරීන්ගේ වගකීමයි. බටහිර අනුකාරක අවිචාරවත් කර්මාන්තකරණයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් පසුගියදා දඬුගම්ඔය වැනි ඉතා කුඩා ගඟකින් සැපයෙන ජලය පානයට තබා අතපය සේදීමට පවා නොසුදුසු තත්ත්වයට පත්විය. ජන ජීවිතයට හානිකරවූ එබඳු තත්ත්වයන් වැළැක්‌වීම සඳහා පනස්‌ ලක්‍ෂයකට වැඩි ජනතාවට පානීය ජලය සැපයෙන හා මුළු රටටම පානීය ජලය සැපයිය හැකි කළු, කැලණි ගංගාවල ජලපෝෂක ප්‍රදේශ මෙන්ම ගං ඉවුරුද ආරක්‍ෂා කිරීම හදිසි ජාතික අවශ්‍යතාවක්‌ වී තිබේ. මහවැලි, කළු, කැලණි, වලවේ ගංගාවල මෙන්ම එකසිය තුනක්‌ වූ සියලු ලොකු කුඩා ගංගාවල ජලපෝෂක ප්‍රදේශවල ආහාරමය, ඖෂධීය හා දැවමය වටිනාකමින් යුතු වන වගාවන් කිරීම ලක්‍ෂ ගණනකට ජීවන මාර්ග පෑදෙන මගක්‌ වනු නිසැකය. ලොකු කුඩා සියලුම ගං ඉවුරුවලද කුඹුක්‌, මී, හණ, බට, වේවැල්, උණ හා වැටකේ වැවීම ගං ඉවුරුද ආරක්‍ෂා කරන මගක්‌ වන අතර පරිසර හිතවාදී දේශීය කර්මාන්ත රැසකට රුකුලක්‌ වනු ඇත. ගංගා ජලයත් පරිසරයත් දූෂණය කරන බටහිර අනුකාරක කර්මාන්ත වෙනුවට ජන ජීවිතය සරු කරන දේශීය කර්මාන්ත මගින් පුංචි ශ්‍රී ලංකාව ලෝක ආදර්ශයක්‌ බවට පත්කළ හැකිවේ.




චක්‌කවත්ති සීsහනාද, අග්ගඤ්ඤ හා කූටදන්ත සූත්‍ර දේශනා මගින් ගෞතම බුදුන්වහන්සේ වදාළ අන්දමට ගොවිතැන් කරන්නට කැමැති ජනතාවට ඉඩම්, ජලය, කෘෂි උපකරණ හා බීජත් වෙළෙ¹ම් කරන්නට කැමැති අයට අවශ්‍ය මූලධනයත් කර්මාන්ත කරන්නට හැකි අයට ඒ සඳහා අවශ්‍ය දේත් ලබාදෙන්නේ නම් ජනතාව හොර, මැරකම් හා රාජ්‍ය විරෝධී ප්‍රචණ්‌ඩ ක්‍රියාවන්ට නොපෙළඹේ. එසේ හෙයින් දේශප්‍රේමී ජනහිතකාමී සියලු දෙනා එක්‌වී අද කළ යුතුව ඇත්තේ ඉන්දියාවේ අධිපතිවාදී අවශ්‍යතාවන්ට හා ඒ සඳහා උපයෝගී කරගන්නා ශ්‍රී ලංකාවේ අවස්‌ථාවාදී ජාතිභේදවාදීන්ගේ පටු දේශපාලන අරමුණුවලට ආධාර අනුබල ලැබෙන අන්දමින් ජනතාව මත බලෙන් පැටවූ දහතුන් වැනි ආණ්‌ඩුක්‍රම සංශෝධනය අහෝසිකර, පළාත් සභා සුදු අලි දේශපාලනය වෙනුවට ජනතා අවශ්‍යතා ඉටුකිරීමට සමත් වන්නාවූ ග්‍රාම රාජ්‍ය හා වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නැගීමයි. ඉන්දියාව ජාතිභේදවාදී ආගම්වාදී ආකාරයෙන් බෙදීම වැළැක්‌වීම අරමුණු කරගෙන ශ්‍රේෂ්ඨ ඉන්දියානු නායක මහත්මා ගාන්ධි විසින් යෝජනා කරන ලද ආකාරයට අපේ රටේ සමාජ යථාර්ථයට අනුකූල ලෙස ග්‍රාම රාජ්‍ය හා නගර රාජ්‍ය පිහිටුවන වැඩපිළිවෙළක්‌ දියත් කළ යුතුය. එසේ කළහොත් ජාතික හා ප්‍රාදේශීය අවශ්‍යතාවන්ට අනුකූල වූ සමාජ, ආර්ථික, සංස්‌කෘතික සංවර්ධනයකට මග පෑදෙනු ඒකාන්තය. ජාති, භාෂා හා ආගම් භේද වාද වළක්‌වන පිළිවෙතක්‌ වශයෙන් මහත්මා ගාන්ධි විසින් පෙන්වා දෙන ලද ග්‍රාම රාජ්‍ය ක්‍රියාමාර්ගය අපේ රටේ ජනවර්ග ප්‍රශ්න විසඳීම සඳහා යොදාගතහොත් ඉන්දියාවේ කිසිම දේශපාලන පක්‍ෂයකට එයට විරුද්ධ විය නොහැක.




ඈත අතීතයේ බුද්ධ කාලයේ රෝහිණී නදියේ ජලය සඳහා ශාක්‍ය, කෝලිය දෙපාර්ශ්වය සංග්‍රාමයට අවතීර්ණ වූ අවස්‌ථාවේ ගෞතම බුදුන්වහන්සේ තම දෙමව්පිය ඥාති දෙපාර්ශ්වය අතර ඇතිවන්නට ගිය යුද ගැටුම වළක්‌වා සාමයෙන් ජලය බෙදාගෙන කෘෂිකාර්මික කටයුතු කරගෙන යැමේ මගපෑදූ බව ඉතිහාසගත වී ඇත. එහෙයින් බුදු මග යමින් රට දියුණු කරන්නට කතා කරන ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් විසින් අද කළ යුතුව ඇත්තේ බුදුන් දේශනා කළ චක්‌කවත්ති සීහනාද, අග්ගඤ්ඤ, මහානිධාන හා කූට දන්ත සූත්‍රවල දැක්‌වෙන ආකාරයට ගොවි ජනතාවට වගාකටයුතු සඳහා අවශ්‍ය ජලයත්, බීජත්, කෘෂි උපකරණත් කර්මාන්ත කිරීමේ හැකියාවත් ඇති අයට ඒ සඳහා අවශ්‍ය දේ උපයා සපයා ගත හැකිවන ආධාරත් වෙළෙ¹ම සඳහා අවශ්‍ය පරිසරයත් සලසා දීමයි. ගොවි ජනතාවට වෙළෙඳපොළ අවස්‌ථා සලසාදීමේදී ශ්‍රී ලංකාවේ නිපදවන දේ හා විශේෂයෙන් රට තුළ වගාකරන දෑ පිටරටින් ගෙන ඒම දැඩි පාලනයකට ලක්‌කළ යුතුය. අධිවේගී මාර්ග වෙනුවට දුම්රිය ප්‍රවාහන කටයුතු සාර්ථක හා කාර්යක්‍ෂමව කිරීම සඳහා දැනට දුම්රිය දුවවන ද්විත්ව දුම්රිය මාර්ග ක්‍රමය උපයෝගී කර ගත යුතුය. එහිදී කොළඹ මාතර දුම්රිය මාර්ගය ගාල්ල දක්‌වාත් කොළඹ බදුල්ල දුම්රිය මාර්ගය රඹුක්‌කන දක්‌වාත් රජරට දුම්රිය මාර්ගය කුරුණෑගල දක්‌වාත් පුත්තලම දුම්රිය මාර්ගය හලාවත දක්‌වාත් ද්විත්ව දුම්රිය මාර්ග බවට පත්කළ යුතුය. කොළඹ අවිස්‌සාවේල්ල දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක්‌ බවට පත්කරන අතර රත්නපුර දක්‌වා දීර්ඝ කළ යුතුය. අප එසේ දුම්රිය සේවය දියුණු කරන්නට යෝජනා කළත් ශ්‍රී ලංකාවට බස්‌, ලොරි, කාර්, වෑන් ගෙන්වන විශාල ව්‍යාපාරිකයනුත් වාහන ගෙන්වන ව්‍යාපාරික ආයතනවලින් කොමිස්‌ ලබාගන්නා නිලධාරීන් හා දේශපාලනඥයනුත් දුම්රිය සේවය දියුණු කිරීම පසෙක තබා අධිවේග මාර්ගවලට මුල්තැන දෙනු ඇත.



රටට ජනතාවට අවංකව ආදරය කරන, සමාජ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන, රට බෙදීමට විරුද්ධ සියලු දේශප්‍රේමීන් එක්‌වී රටේ සොබා පරිසරයට බරපතළ හානි පමුණුවන නව යටත් විජිතවාදී වාහන නිෂ්පාදන සමාගම් මඟින් අනුබල දෙනු ලබන අධිවේගී මාර්ග පිළිවෙත පසෙක තබා උතුරේත්, දකුණේත්, වයඹත්, නැගෙනහිරත්, උතුරුමැදත් දැවෙන මූලික ප්‍රශ්නය වූ පානීය ජල අර්බුදය විසඳීමත් වගා කටයුතු සඳහා වාරි ජලය සැපයීමත් කඩිනම් කරන වැඩපිළිවෙළක්‌ දියත් කළ යුතුය. ඒ සමඟ කෘෂි නිෂ්පාදන සඳහා ජාතික මට්‌ටමින් හා ජාත්‍යන්තර වශයෙන් වෙළෙඳපොළ අවස්‌ථා ලබාදෙන පිළිවෙතක්‌ අනුගමනය කළ යුතුය. එසේම කෘෂි නිෂ්පාදන පදනම් කරගත් ආහාර සැකසුම් හා නව නිපයුම් කිරීමේ කර්මාන්ත අංශය දියුණු කළ යුතුය. උග්‍රවන ලෝක ආහාර අර්බුදයත් සමඟ අපේ රටෙන් පිටරට යෑවිය හැක්‌කේ ආහාර නිෂ්පාදන බවට සැකයක්‌ නැත. එහෙයින් පාර්ලිමේන්තු කාරක සභා පිහිටු විය යුත්තේ දහතුන්වැනි ආණ්‌ඩු ක්‍රම සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ගැන හෝ දහතුනෙන් එහාට යන බෙදුම්වාදී යෝජනා ගැන කතා කිරීමට නොවේ. පාර්ලිමේන්තු කාරක සභා හෝ වෙනත් ජාතික සංවාද මණ්‌ඩප මගින් හා ජනමාධ්‍ය මගින් පුළුල් සාකච්ඡාවට භාජන කළ යුත්තේ ලොකු කුඩා වැව් තිස්‌දාහක්‌ තරම් ප්‍රමාණයක්‌ හා ලොකු කුඩා හීන් ඇළ මාර්ග හැට දහසකට වැඩි ගණනක්‌ මගින් මුළු රටම ජලයෙන් ඈ¹ ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත්කිරීමේ ඓතිහාසික ජාතික ක්‍රියාමාර්ගය නිර්මාණාත්මකව ඉදිරියට ගෙනයමින් අප මාතෘ භූමිය සොබා පරිසරවාදී, ජීවහිතවාදී, විශ්වාසවන්තවාදී ලෝක ආදර්ශයක්‌ බවට පත්කිරීමේ ක්‍රමවේදයන් ගැනය. ඒ සම්බන්ධයෙන් මවිසින් ලියා පළකරන ලද "ජල කඳින් ගිනි නිවමු" කෘතියෙන් හා "දියෙන් සනහා රකිමු ලංකා" පොතින් වැඩි විස්‌තර ලබාගත හැකිවේ.
අනගාරික ධර්මසේකරතුමා
උපුටා ගැනීම

දිවයින
2011/07/24

Related

අනගාරික ධර්මසේකර තුමා 2982101186785461016

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item