විශ්වවිද්‍යාල හා සිසු උද්ඝෝෂණ! - සී. ඒ. චන්ද්‍රප්‍රේම
ඉකුත් සතියේදී සියලුම රූපවාහිනි නාලිකාවල ප්‍රධානතම ප්‍රවෘත්තිය වූයේ රට පුරා විශ්වවිද්‍යාල ගණනාවක පැවැති උද්ඝෝෂණ හා පෙළපාලියි. ...
http://weadikawa.blogspot.com/2012/01/blog-post_2817.html
ඉකුත් සතියේදී සියලුම රූපවාහිනි නාලිකාවල ප්‍රධානතම ප්‍රවෘත්තිය වූයේ රට පුරා විශ්වවිද්‍යාල ගණනාවක පැවැති උද්ඝෝෂණ හා පෙළපාලියි. මේවා දුටු විට සිදුවන ප්‍රධානතම දෙය වන්නේ බාහිර ලෝකයේ ජනයා තුළ මේ විශ්වවිද්‍යාල ක්‍රමය ගැන තිබෙන විශ්වාසය පලුදු වීමයි. අද විශ්වවිද්‍යාලයේ සිටින සිසුන්ගේ දෙමවුපියන් ද විශ්වවිද්‍යාලවල සිටින විට මෙවැනිම පෙළපාලි හා උද්ඝෝෂණ තිබුණු නිසා මේවා කොතරම් අර්ථ ශූන්‍ය හා නිෂ්පල ක්‍රියාකාරකම්දැයි අද ජීවත්වන මා පිය පරම්පරාව හොඳින් දනී. තමන් විශ්වවිද්‍යාලවල සිටින කාලයේදීත් තිබුණු මේ දේශපාලන බලවේගයන් විසින් මෙහෙයවන රටටත්, ජාතියටත්, සිසුන්ටත් විශ්වවිද්‍යාලයටත් එකසේ අවැඩදායක මේ උද්ඝෝෂණ දෙස බැලූ විට හැකියාවක් ඇති සෑම මිනිසකුම උත්සාහ දරන්නේ තමන්ගේ දරුවෙක් මේ විශ්වවිද්‍යාලවලට නොයවා සිටීමටයි. ඒ නයින් බලන කල පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ යෑයි කියන මේ උද්ඝෝෂණකරුවන් විසින්ම පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා ඉලුල්මක් මේ රට තුළ නිර්මාණය කර දෙන බව පෙනේ.
මෙවැනි උද්ඝෝෂණ නිසා විශ්වවිද්‍යාල වසා දැමෙන හේතුවෙන් දැනට එම ආයතන තුළ සිටිනා සිසුන් උපාධි ලබා ගැනීම ප්‍රමාද වනවා සේම නවක සිසුන් බඳවා ගැනීම ද ප්‍රමාද වෙයි. උසස් පෙළ විභාගය කිරීමත් විශ්වවිද්‍යාලයට ඇතුල්කර ගැනීමත් අතර කාලය වෙනත් බොහෝ රටවලට වඩා මේ රටේ වැඩි බව කිව හැකිය. 1980 දශකයේ මුල් හරියේදී අපගේ පරම්පරාව විශ්වවිද්‍යාලයට යන විටද උසස් පෙළ ප්‍රතිඵලය ලැබීමත් විශ්වවිද්‍යාලයේ පාඨමාලා ආරම්භවීමත් අතර අවුරුද්දක පමණ කාලයක් තිබිණි. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට බැඳෙන අයකු මේ ආකාරයට අවුරුද්දක් එලියේ රස්‌තියාදු විය යුතු නැත. අදටත් එවැනිම ප්‍රමාදයක් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේදී දැකිය හැකිය.
මේ නිසාද මේ රටේ විශ්වවිද්‍යාලයකට ළමයකු ඇතුල් කිරීම තරුණ ජීවිතය නිකරුණේ කා දැමීමක් හැටියට අද බොහෝ දෙමාපියන්ට දිස්‌වනු ඇත. අද දෙමවුපියන් මේ රටේ විශ්වවිද්‍යාලයට තම දරුවන් එවන්නේ ඔහු හෝ ඇය පිට රට යවා ගැනීමට හෝ ලංකාවේ පෞද්ගලික පාඨමාලාවකට ඇතුළත් කර ගැනීමට වත්කමක් නොමැතිවීමෙන් යෑයි කිවහොත් එය නිවැරැදි යෑයි මම සිතමි. මෙය දැන් බොහෝ දුරට තුන්වන විකල්පයක් බවට පත්වී හමාරය. ළමුන් පිටරට යවන්නේ කෝටිපතියන් පමණක් යෑයි ඇතැම් අය සිතුවද එය සත්‍යයක් නොවේ. බොහෝ මධ්‍යම පාන්තික දෙමාපියෝ බැරිබරගාතේ හෝ ළමුන් පිටරට යවති. විශ්වවිද්‍යාලය තුළ අද සිදුවන දේවල් දුටු විට මෙලෙස තම දරුවා පිටරට යවා ගැනීමට උත්සාහ දරන දෙමාපියන්ගේ ගණනද නිතැතින්ම වැඩිවනු ඇත.
විශ්වවිද්‍යාල තුළ කවදත් උද්ඝෝෂණ හා පෙළපාලි පැවතිණි. තරුණයන් විශාල ගණනක් එකතැන ඒකරාශී වීම නිසා මෙවැන්නක් පැවතීම ස්‌වභාවිකය. විශ්වවිද්‍යාල යනු මත ගැටුම් හා වාද විවාද ඇතිවිය යුතු තැනක් වුවද අප පසුගිය දශක ගණනාව තුළ දුටු එක් ක්‍රියාදාමයක් වූයේ ක්‍රම ක්‍රමයෙන් වාද විවාද, මත ගැටුම් හීනවීමය. ඒවා හීන වන තරමටම උද්ඝෝෂණ හා පෙළපාලිද වැඩිවීමයි. ලංකාවේ විශ්වවිද්‍යාල තුළ ස්‌වභාවිකවම මත ගැටුම්, වාද විවාද පැවැති යුගය ඇස්. බී. දිසානායකලා විශ්වවිද්‍යාලයේ සිටි සමයේ යෑයි කිව හැකිය. 1980 ගණන්වලදී අපගේ පරම්පරාව විශ්වවිද්‍යාල තුළ සිටින විට මත ගැටුම්වලට හා වෙනත් මතයක් දැරීමේ නිදහස ලබා ගනු ලැබුවේ බලහත්කාරයෙනි. බාහු බලය තිබෙන අය අදහස් ප්‍රකාශ කළහ. එවැන්නන් නැති උදවිය මුනිවත රැක්‌කාහ. ඒ යුගය පසුකර අද වනවිට මොන විශ්වවිද්‍යාලයක් තුළවත් කිසිදු වාද විවාදයක් වෙනස් අදහසක් ප්‍රකාශ කිරීමක් නැත. දැන් ඇත්තේ සියලුම විශ්වවිද්‍යාල සිසුන් හරක් රැලක් මෙන් එක දේශපාලන බලවේගයක් විසින් තමන්ට වුවමනා පරිදි මහපාරවල් දිගේ දක්‌කාගෙන යැමකි.
සාමාන්‍ය සිසුන්ද බොහෝ විට මේ උද්ඝෝෂණවලට සහභාගි වන්නේ කොළඹ පිරිමි පාසල්වල "බිග් මැච්" වලට සහභාගි වන ආකාරයේ මානසිකත්වයකිනි. "බිග් මැච්" එකේදී තම ප්‍රතිවාදියා වන්නේ තවත් පාසලක් වුවද විශ්වවිද්‍යාලයට ගිය පසු තම ප්‍රතිවාදියා වන්නේ පාලන අධිකාරියයි. විශ්වවිද්‍යාල සිසුන්ද අද උද්ඝෝෂණවලට සහභාගිවීම සිතන්නේ මතන්නේ නැතුව කිසියම් පිරිසක් ඒ කෙරෙහි ඔවුන්ව යොමු කරන නිසා එහි නියෑළෙන තත්ත්වයක් නිර්මාණය වී ඇත. විශ්වවිද්‍යාල මේ තත්ත්වයට පත්කිරීමට පසුගිය අවුරුදු 40 පුරාම වගකිව යුත්තේ එක බලවේගයකි. ඒ ජනතා විමුක්‌ති පෙරමුණයි. අද ද මේ විශ්වවිද්‍යාලවල පවතින උද්ඝෝෂණ සියල්ලම පාහේ පසුපස සිටින්නේ ජනතා විමුක්‌ති පෙරමුණෙන් කැඩී ගිය ඔවුන්ගේම දර්ශනය අනුගමනය කරන කණ්‌ඩායමයකි. රටේ පවතින වෙනත් දේශපාලන පක්‍ෂ ද විශ්වවිද්‍යාල තුළ යම් තරමකට හෝ නියෝජනය වූයේ නම් මේ තත්ත්වය බෙහෙවින්ම වෙනස් වනු ඇත. නමුත් පොදු සමාජයේ බහුතර දේශපාලන පක්‍ෂ වන එ. ජා. ප. යට හෝ ශ්‍රී. ල. නි. ප. යට හෝ විශ්වවිද්‍යාල තුල කිසිදු බලයක් නැත. බහුතර පක්‍ෂවල සිසුන්ට විශ්වවිද්‍යාල තුළ කකුලක් ගසා ගැනීමට නොහැකි වන ආකාරයට වැඩසැලසීමට ජනතා විමුක්‌ති පෙරමුණේ ක්‍රියාකාරීන්ට හැකිවී ඇත.
මේ දක්‍ෂතාව ඔවුන් කාලාන්තරයක් මුලුල්ලේ ප්‍රගුණ කළ දෙයකි. අප විශ්වවිද්‍යාල වල සිටි සමයේද එ. ජා. ප. ය හා ශ්‍රී. ල. නි. ප.ය නියෝජනය කරමින් ශිෂ්‍ය නායකයින් පිරිසක් විශ්වවිද්‍යාල තුළ සිටියහ. එකල ජනතා විමුක්‌ති පෙරමුණට සම්පූර්ණ ඒකාධිකාරියක් නොතිබිණි. නමුත් අද වනවිට විශ්වවිද්‍යාල තුළ එ. ජා. ප. ය හෝ ශ්‍රී. ල. නි. ප. යේ සංවිධානයක් තිබෙන බවට පෙනෙන්නට නැත. දැනට දශක එකහමාරක් පමණ විපක්‍ෂයේ සිටින එ. ජා. ප. යට විශ්වවිද්‍යාල තුළ ප්‍රබල සංවිධානයක් හරි නම් තිබිය යුතුය. නමුත් එජාපයේ ප්‍රබල සංවිධානයක් තබා පුලුටක්‌වත් විශ්වවිද්‍යාල තුළ සිටින බවක් අපට පෙනෙන්නට නැත.
කොටි සංවිධානයද දෙමළ ජාතියේ එකම නියෝජිතයා හැටියට පෙනී සිටින්නට විශාල උත්සාහයක් ගත්තද අවසානය දක්‌වාම ඔවුන්ට එරෙහි බලවේග දෙමළ ප්‍රජාව තුළ සිටි නිසා ඒ ඒකාධිකාරිය ඔවුන්ට ලබා ගැනීමට නොහැකි විය. නමුත් දෙමළ ජනතාව සම්බන්ධයෙන් කොටි සංවිධානයටවත් කිරීමට නොහැකි වූ දෙය විශ්වවිද්‍යාල
සිසුන් සම්බන්ධයෙන් ජ.වි.පෙ.ට කිරීමට හැකි වූ බව කිව යුතුය. ජ.වි.පෙ. මේ ඒකාධිකාරය දැන් හිමිව ඇත්තේ ඔවුන්ගෙන් කැඩී ගිය කැරලිකාර කණ්‌ඩායමටය. ජ.වි.පෙ. න් පිරිසක් ඉවත්ව යන විට ඒ දෙකඩ වීම ශිෂ්‍ය සංවිධානය කේන්ද්‍ර කොටගෙන සිදුවූ අතර වෘත්තීය සමිති අංශය තවමත් ඒ ආකාරයෙන්ම ජ.වි.පෙ. සමග රැඳී සිටී. සාමාන්‍යයෙන් ජ.වි.පෙ. න් කොටසක් කැඩී ගිය පසු ඔවුන් සාමාන්‍ය සමාජයට අනුගත වී සාමාන්‍ය මිනිසුන් සිතන විදියට සිතීමට පටන් ගන්නා නමුත් මේ අවස්‌ථාවේදී සිදුවී ඇත්තේ ඊට බොහෝ වෙනස් දෙයකි. අද අපට දකින්නට ලැබෙන්නේ ජ.වි.පෙ. විසින් කලින් කරන ලද දෙය දැන් ඔවුන්ගෙන් වෙන්වූ පිරිසක් ඒ ආකාරයෙන්ම කරගෙන යැමයි.
අවුරුදු 40 කට වැඩි කාලයක් තිස්‌සේ එන්න එන්නම තීව්‍ර වෙමින් පැවැති මේ ප්‍රශ්නය කොතනින් හෝ කෙලවර විය යුතුය. සිසුන් විශ්වවිද්‍යාලයට යන්නේ පාලන අධිකාරිය සමග "බිග් මැච්" මානසිකත්වයෙන් ගැටීමට නොව තම අධ්‍යාපනය අවසන් කර ගැනීමටය. ඒ මූලික ඉලක්‌කයට අකුල් හෙළන හෝ ඒ ඉලක්‌කය සාක්‌ෂාත් කර ගැනීම ප්‍රමාද කරවන මොනයම්ම දෙයක් හෝ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් නොකළ යුතු බව මගේ අදහසයි. පෙළපාලි හා උද්ඝෝෂණ තිබුණත් ඒවා එක සීමාවක් තුළ පමණක් සිදුවිය යුතුය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතාට මෑතකදී ඉන්දියාවේ ඔහුට සමාන තනතුරක් දරන පරිපාලන නිලධාරියා හමුවූ අවස්‌ථාවේදී ඉන්දියාවේ විශ්වවිද්‍යාල තුළ පැවැති නොසන්සුන්කාරී වාතාවරණය ගැන සාකච්ඡා කිරීමට ඉඩ ලැබී ඇත. එහිදී ඉන්දීය පරිපාලකයා ඉන්දියාවේ ද ඇතැම් විශ්වවිද්‍යාලවල දරුණු ප්‍රශ්න තිබුණු බවත්, ලෝ සුපතළ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලය පවා අවුරුද්දක් වසා තැබීමට සිදුවූ බවත්, ඇසෑමයේ ඇතැම් විශ්වවිද්‍යාලවල සිසුන් ගිනි අවි පවා පරිහරණය කළ බවත් තත්ත්වය පාලනය කරගත නොහැකි තැනට යැමට පෙර "දැඩි ක්‍රියා මාර්ග" ගත යුතු බවත්, පවසා තිබිණි. දැඩි ක්‍රියාමාර්ග යන වචනය ඉන්දීය පරිපාලකයා තුන් වතාවක්‌ම අවධාරණය කොට තිබිණි.
මෙහිදී දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා 89 ජ.වි.පෙ. කැරැල්ලෙන් පසු මා සමග කී දෙයක් මට සිහිවේ. ඔහු කීවේ ජ.වි.පෙ. දෙවන කැරැල්ල මර්දනය කිරීමේදී අනුගමනය විය යුතුව තිබුණේ ජර්මනිය විසින් එම රටේ අන්තවාදී ත්‍රස්‌තවාදී ව්‍යාපාරයක් වූ බාඩර් - මයින්ගොෆ් කණ්‌ඩායම මර්දනය කිරීමට ගත් ක්‍රමවේදය බවයි. ජර්මනියේදී බාඩර් - මයින්ගොෆ් කණ්‌ඩායම පාලනය කරගැනීමේ වගකීම ආණ්‌ඩුව මත පමණක් පටවන්නේ නැතිව රටේ සියලුම කොටස් එය ජාතික ආපදාවක් ලෙස සලකා එම කණ්‌ඩායම් මර්දනය කිරීමේදී ආණ්‌ඩුවත්, පොලිසියත්, සිවිල් පරිපාලකයනුත්, අධිකරණයත්, ජනමාධ්‍යයත් යන සියලුම කොටස් එකිනෙකා සමග සහයෝගයෙන් ඒ අවශ්‍ය කාරණයකට සහභාගි වූ බවත් ඇතුලත්මුදලි මහතා මට කීය.
ඒ උදාහරණය අප ලංකාවට ආදේශ කරන විට මතක තබාගත යුතු වෙනසක් වන්නේ ජර්මනියේ බාඩර් - මයින්ගොෆ් කණ්‌ඩායම යනු දරුණු ත්‍රස්‌තවාදී සංවිධානයක් වුවත් ලංකාවේ ශිෂ්‍ය උද්ඝෝෂණකරුවන් ත්‍රස්‌තවාදීන් නොවන බවයි. ඔවුන් මිනී මරන්නේ නැත. ඔවුන් කරන්නේ උද්ඝෝෂණය කිරීම තුළින් ජන ජීවිතය අවුල් කිරීමත් සිසුන්ගේ ජීවිත කාලකන්නි කිරීමත් පමණි. එසේ නමුත් මේ ප්‍රශ්නය විස¹ ගැනීමට ආණ්‌ඩු පමණක් නොව අධිකරණය, සිවිල් පරිපාලනය හා ජනමාධ්‍යය ද තම තමන්ගේ කාර්යභාරය ඉටු කළ යුතුය. ලංකාවේ කිසිදු ගෙවීමක් නොකරන ලොව ඕනෑම තැනක පිළිගන්නා උපාධියක් ලබාගැනීමට හැකිවීම මොනතරම් සම්පතක් දැයි බොහෝ අයට වැටහෙන්නේ නැත. මෙය රැකගැනීමේ වගකීම ඇත්තේ ආණ්‌ඩුවට පමණක් නොව සමස්‌ත සමාජයටමය. උද්ඝෝෂණ අඩුවෙනුත් අධ්‍යාපනය වැඩියෙනුත් කෙරෙන තැනට මේ ආයතන ගෙන ආවේ නැතිනම් ඉදිරියේදී සිදුවන්නේ කුමක්‌දැයි සිතා ගැනීමටත් නොහැකිය.
අද වන විට කොන්ද පණ තිබෙන උසස් අධ්‍යාපන ඇමැතිවරයෙක් සිටී. කොන්ද පණ තිබෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයෙක් සිටී. එමෙන්ම කොන්ද පණ තිබෙන උපකුලපතිවරුන් හා ආචාර්යවරු ද සිටිති. මෙවැනි අවස්‌ථාවකදීවත් මේ ප්‍රශ්නයට යම් විසඳුමක් ලබාගැනීමට නොහැකි නම් කිසිදාක එය කිරීමට නොහැකි වනු ඇත.
සී. ඒ. චන්ද්‍රප්‍රේම

-උපුටා ගැනීම
දිවයින
දිවයින
2012-01-16