සිසු සටන් සෙසු සටන් නොවේ!

- මනෝජ් අබයදීර ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් මෑත කාලයේදී මැද පෙරදිග කලාපයට සිය අණසක පතුරුවා හැරීම සඳහා දියත් කරන ලද එක්‌ ප්‍රධාන ...

-මනෝජ් අබයදීර
ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් මෑත කාලයේදී මැද පෙරදිග කලාපයට සිය අණසක පතුරුවා හැරීම සඳහා දියත් කරන ලද එක්‌ ප්‍රධාන මොඩලයක්‌ වූයේ "තරුණ නැගිටීම්" ය. බරක්‌ ඔබාමා විසින් ඇමරිකාව බාර ගන්නා විට එය ආර්ථික අතින් සිටියේ පරිහානි තත්ත්වයකය. එයින් රට ගලවා ගැනීම ඔබාමා හමුවේ තිබූ ප්‍රමුඛ අභියෝගය විය. 2007 වර්ෂයේදී ඇමරිකානු නිවාස ණය වෙළෙඳපොළ බුබුළක්‌ ලෙස පිපිරී ගියේය. 2006 දී බලයට පත් ඔබාමාට ලැබුණේ, ආර්ථික බෝම්බයකින් ඔද්දල් වී ගිය රටක්‌ ඇමරිකාවේ තිබූ ලේමස්‌ බ්‍රදර්ස්‌ වැනි ලෝ ප්‍රසිද්ධ ප්‍රධාන මූල්‍යායතන ද මෙම අර්බුදය හමුවේ බුන්නත් වී තිබිණි. මෙම තත්ත්වය තුළ ඔබාමා පාලනය විසින් පළමුව කළ යුතුව තිබුණේ රාජ්‍ය වියදම් අවම කර ගන්නා තැනකට යැමය. ඇමරිකාවේ ප්‍රධාන වියදමක්‌ වූ ආරක්‍ෂක වැය අධික වීම සම්බන්ධයෙන් ඒ වනවිටත් රට තුළ විරෝධයක්‌ මතු වී තිබිණි. ඉරාකය, ඇµaගනිස්‌ථානය වැනි රටවල් සඳහා කෙරෙන හමුදාමය මැදිහත්වීමට යන වියදමත්, සටනේදී ඇමරිකානු සෙබළුන් මරණයට පත්වීමත් ඇමරිකානු ජනතාවගේ උදහසට ලක්‌වූ ප්‍රධාන කාරණයක්‌ විය. "අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත්වන්නට පෙර අපේ ප්‍රශ්න විස¹ දෙන්න" යන්න ඇමරිකානු ජනතාව ඔබාමාගෙන් බලාපොරොත්තු වූ දෙය විය.

ඒ වනවිටත් ඇමරිකාව ලෝකයේ කිහිප තැනකම සිය හමුදා සෘජුවම යොදවා තිබිණි. තම රට පත්ව ඇති තත්ත්වය අනුව ලෝකය පුරා යොදවා සිටි හමුදා සේනාංක අවම තත්ත්වයට ගෙන ඒමට ඇමරිකානු රජයට සිදු විය. තම රාජ්‍ය වියදම් කපා හරින අතරේම, එක්‌සත් ජනපද හමුදා ලෝකය පුරා බලහත්කාරයෙන් පැටවීමට එරෙහිව තිබූ විරෝධය ද එයින් යම් තරමකට සමනය කරගන්නට ඇමරිකාවට හැකි විය.

තම වියදම් කපා හැරීම සඳහා රටින් බැහැරදී සෘජු හමුදා ප්‍රයත්නයන්ට තිත තබනවා සේම, තමන්ට ලෝකය පුරා තිබෙන ආධිපත්‍ය පවත්වාගෙන යැම ද ඇමරිකාවට අත්‍යවශ්‍ය විය. විශේෂයෙන්ම මැද පෙරදිග හා මුස්‌ලිම් රටවල් තමන්ට හීලෑ කර ගැනීම සඳහා වන සෘජු හමුදා මැදිහත්කරණයකින් තොර උපාය මාර්ගයක්‌ ඇමරිකාවට අවශ්‍ය විය. ටියුනීසියාවෙන් ඇරඹී, ඊජිප්තුව, ලිබියාව ආදී රටවල ඇතිවූ "තරුණ නැගිටීම්" ඇමරිකාව විසින් බිහිකරන ලද මෙම මොඩලය විය.

කොහොමටත් රටක ක්‍රියාශීලී කොටස වන්නේ තරුණ පිරිසය. තරුණයන්ගේ දායකත්වය ලැබී, රටක ඇතිවෙන සංසිද්ධිය එම රටේදී අත්පත් කර ගන්නා ඉඩ ප්‍රමාණය පුළුල්ය. තරුණ නැඟිටීම් දෙකකට මුහුණ දුන් රටක්‌ ලෙස ශ්‍රී ලංකාවට ඒ පිළිබඳව අත්දැකීම් තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අර්බුදය කේන්ද්‍ර කර ගනිමින් සමස්‌ත විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේම ඇතිවී තිබෙන තත්ත්වය තේරුම් ගත යුත්තේ මේ පසුබිම තුළය.

රාජපක්‍ෂ ආණ්‌ඩුවට එරෙහිව හඬනඟන බලවේගයක්‌ නිර්මාණය කිරීමේ අසමත්භාවයක්‌, පවතින විපක්‍ෂය මේ වනවිට පෙන්නුම් කර හමාරය. විපක්‍ෂය ලක්‌ව තිබෙන අර්බුදය හේතුවෙන්, රාජපක්‍ෂ ආණ්‌ඩුවට එරෙහිව සිටින්නන්ට දැන් ප්‍රයෝජනයට ගත හැකි අවියක්‌ වී තිබෙන්නේ තරුණ නැඟිටීම්ය. ටියුනිසියාවේ, ලිබියාවේ, ඊජිප්තුවේ පරිදි තරුණ නැගිටීමක්‌ රට තුළ ගොඩනැඟීම රාජපක්‍ෂ ආණ්‌ඩුවේ විරුද්ධවාදීන්ගේ දැන් බලාපොරොත්තුව වී තිබේ. ඉහත රටවල තරුණ නැඟිටීම් සිදුවන විට අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් ඊට එළිපිටම ආශිර්වාදය පළ කළා සේ, ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබර්ට්‌ බ්ලේක්‌, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි පැට්‍රීෂියා බුqටේනිස්‌ වැන්නන් මෑත කාලයේදී ශ්‍රී ලංකාව තුළ ආමන්ත්‍රණය කරන ලද්දේ තරුණයන් වෙතය. විශ්වවිද්‍යාල පුරා මේ වනවිට ඇති තත්ත්වය සහයෝගය දක්‌වන්නේ රාජපක්‍ෂ ආණ්‌ඩුවේ විරුද්ධවාදීන්ට අවශ්‍ය එම "තරුණ නැඟිටීම" ඉක්‌මන් කර දෙන තැනටය.

උසස්‌ පෙළ ප්‍රතිඵල අවුලද සෘජුවම බලපාන ලද්දේ තරුණ ප්‍රජාව වෙතය. එතරම්ම ගැටලු සහගත නොවන තැනක තිබූ එම තත්ත්වය ද සමාජය පුරා පැතිරුණු ගැටලුකාරීත්වය මතුකරන මට්‌ටමට ගෙන එන තෙක්‌ ආණ්‌ඩුව විසින් විධිමත් ප්‍රතිචාරයක්‌ නොදැක්‌වීය. සිසුන්ගේ දිස්‌ත්‍රික්‌ කුසලතා දත්ත මාරුවීම හැරුණු විට ඒ තුළ ඊට වැඩියමක්‌ සිදුවී නොතිබිණි. නමුත් උ. පෙළ විභාගයේ තරගකාරීත්වය හේතුවෙන් එය රට තුළ මහා ආන්දෝලනයක්‌ නිර්මාණය කළේය. එයට පැහැදිලි පිළිතුරක්‌ ලබා දුන්නේ නම් තත්ත්වය ඉක්‌මනින් සමනය වීමට ඉඩ තිබූ මුත් ඒ සඳහා වන ක්‍රමෝපායන් ආණ්‌ඩුව සතු නොවීය. අදාළ තත්ත්වය මතු වූ මොහොතේම අධ්‍යාපන ඇමැතිවරු, විභාග කොමසාරිස්‌ ඇතුළු විද්වත් පිරිසක්‌ සජීවී රූපවාහිනි වැඩසටහනකට පැමිණ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැය කිහිපයක්‌ ගත කළා නම්, එපමණකින් වුවද ඇති වී තිබෙන තත්ත්වය සමථයකට පත් කරගන්නට හැකියාව තිබිණි. නමුත් එවැනි සුළු ප්‍රතිකර්මයක්‌වත් යොදන තැනකට ආණ්‌ඩුව සිය සමර්ථභාවය පෙන්වූයේ නැත.

තරුණ පිරිසගේ ගැටලු ලෝක අධිරාජ්‍යවාදීන් අවි ලෙස පාවිච්චි කරන අවස්‌ථාවකදී, උ. පෙළ ප්‍රතිඵල වැනි තරුණ සංවේදී මාතෘකාවක්‌ විෂයෙහි ආණ්‌ඩුව පෙන්නුම් කරන ලද ළදරු ස්‌වභාවය විසින් අවස්‌ථාව උදාකර දෙන්නේ, එවැනි නැඟිටීම් සඳහා කරන අත්දීම් ලෙසය.

විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ ඇති වී තිබෙන තත්ත්වයද එසේය. මෙතරම් දුර ඇදෙනාතෙක්‌ ආණ්‌ඩුව විශ්වවිද්‍යාල ප්‍රශ්නයේදී ක්‍රියාකර ඇත්තේ, ඒවා විසඳගන්න තැනකට යනවා වෙනුවට විශ්වවිද්‍යාල වසා දමා තරුණයා නැඟිටීමකට "සැරසෙන්" සංඥව දෙන අන්දමටය.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇති වී තිබෙන තත්ත්වය දැන් දුර දිග ගොස්‌ ඇත්තේ, එය ජනාධිපතිවරයා විසින් විස¹ගත යුතු ප්‍රශ්නයක්‌ වන තත්ත්වයට අර්බුදය ගැඹුරු කරමිනි. පසුගියදා ජZපුරේ විරු සිසු ස්‌මාරකයට හානි පැමිණවීමට විරෝධය දක්‌වමින් එහි සිසුන් විඡේරාමයේ සිට අරලියගහ මන්දිරය අසලට පෙළපාලියකින් පැමිණියේය. විරු සිසු ප්‍රතිමාවට වූ හානිය, අරලියගහ මන්දිරයට යා යුතු විරෝධතාවක්‌ නොවුණත්, ජZපුරේ ඇති වී ඇති සමස්‌ත අර්බුදය ගෙන බලන්නේ නම් එය අරලියගහ මන්දිරයට පෙළපාලි යා යුතු තත්ත්වයකි. ආචාර්ය කරුණාරත්න, ජයවර්ධනපුර උප කුලපති වීමෙන් පසුව, යළිත් එයට අන්ධකාර තත්ත්වයක්‌ ඇති විණි. ඔහුගේ පළමු උප කුලපති කාලය තුළම අර්බුද අලුතෙන් නිර්මාණය වුවත්, ඔහුට දෙවැනි වරටත් උප කුලපති තනතුර ලබා දෙමින් ජZපුර අර්බුදය අඛණ්‌aඩව පවත්වාගෙන යැමට ආණ්‌ඩුව සහයෝගය පළ කළේය. ආචාර්ය කරුණාරත්න දෙවැනි වාරයේ පත්වෙනවා වෙනුවට වෙනත් උපකුලපතිවරයෙක්‌ ජZපුරට පත්වූයේ නම්, එම පත්වීම විසින්ම අර්බුදයේ අඛණ්‌aaඩ ස්‌වභාවය නවත්වන්නට ඉඩ තිබුණි. නව උප කුලපතිවරයකුගේ පරිපාලන රටාව බලා ගැනීමට මාස හයක්‌ පමණ ගත වෙන බැවින්, අර්බුදයක්‌ යළි ඇති වුවත් එහි අඛණ්‌aඩ බවට හානි පැමිණවීම තුළ එහි තත්ත්වය බාල වන්නට ඉඩ තිබිණි.

එවැනි සරල ක්‍රියා මාර්ගයක්‌වත් මෙම බරපතළ ප්‍රශ්නය හමුවේ අනුගමනය කරන්නට ආණ්‌ඩුවට නොහැකි විය.

විශ්වවිද්‍යාල සිසුන් කොල්ලුපිටිය හන්දියට පෙළපාලියකින් ගමන් කරන ලද්දේ, සිය ප්‍රශ්නය ජනාධිපති මහින්ද රාජපක්‍ෂට කියාපෑම සඳහා යෑයි කියමිනි. නමුත් අවසානයේදී මෙම ශිෂ්‍යයන්ට සිදුවූයේ, පොලිසියේ බාධාවලට මුහුණදීමටය. පෙළපාලිකරුවන් බොහෝ දෙනකු කොල්ලුපිටියට පැමිණෙන්නේ ජනාධිපතිවරයා හමුවී ප්‍රශ්නය කියා පෑමේ අවශ්‍යතාව පෙන්වමිනි. නමුත් ඒ පැමිණෙන සියලු පෙළපාලිකරුවන් ජනාධිපතිවරයා විසින් හමුවිය යුතු නැත. පැමිණෙන සියලුම පෙළපාලිකරුවන් රැගෙන එන්නේ, ජනාධිපතිවරයා විසින් විසඳිය යුතු මට්‌ටමේ ප්‍රශ්න ද නොවේ. නූතන පෙළපාලි විලාසිතාව වී ඇත්තේ, කොල්ලුපිටිය හන්දියට, පැමිණ අරලියගහ මන්දිරයට යැමට තැත් කිරීමය. එහිදී පොලිසිය විසින් කොල්ලුපිටිය හන්දිය ආසන්නයේ දමන මාර්ග බාධක වැට සමග පොර බැද, වතුර හා කඳුළු ගෑස්‌ ප්‍රහාරවලට ලක්‌වීමත් සමඟ පෙළපාලිය නිමාවේ. මෙවැනි සම්ප්‍රදායක්‌ මෑතක සිට පෙළපාලිවල පැවතියත් සමහර පෙළපාලි විෂයෙහි ඊට වඩා සංවේදී වන තැනක ආණ්‌ඩුව සිටිය යුතුය.

එළවළු කූඩ ප්‍රශ්නය, විභාග ප්‍රතිඵල අවුල ආදී සෑම තැනකදීම අවසාන විසඳුම සැකසුණේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතිනි. මේ නිසා, තමන්ගේ ප්‍රශ්නයට අවසාන විසඳුම ඇත්තේ ජනාධිපතිවරයා අත බව ජZපුර සිසුන් කල්පනා කිරීමේ වරදක්‌ ද නැත. අනෙක්‌ අතට සිසුන්ගේ මුඛ්‍ය ඉල්ලීම වී තිබුණේ, උප කුලපතිවරයා සම්බන්ධ ගැටලුවකි. එහි අවසානය ලෙස සිසුන්ට අවශ්‍ය වුණේ ආචාර්ය කරුණාරත්න උප කුලපති තනතුරෙන් ඉවත් කිරීමය. උප කුලපති පත් කිරීම සම්බන්ධයෙන් අවසාන තීරණය තිබෙන්නේ ජනාධිපතිවරයා අතෙහි බැවින් සිසුqන් තමන්ගේ අරගලය ජනාධිපති ළඟට ගෙන ඒමද වරදක්‌ නැත.

තමන්ගේ සතුරු පාර්ශ්වය විසින් ගෙන ආ හැකි විරෝධතා ආකෘතියක්‌ වූ තරුණ නැඟිටීම් පිළිබඳව ජනාධිපතිවරයා සංවේදී වී සිටියා නම්, කළ යුතුව තිබුණේ පැමිණි, ජZපුර සිසුන්ගේ නියෝජිතයන් සමඟ විනාඩි 15 ක්‌ 20 ක්‌ පමණ සාකච්ඡා කිරීමය. වෙසක්‌ දිනයේදී දන්සලට ගොඩවදිනා, මහමග යමින් මිනිසුන් සමඟ කතා කරන, කුඩා දරුවන් සමඟ වුවද දයාබරව කතා කරන නායකයෙක්‌ ලෙස ජනාධිපතිවරයා පෙළපාලිකරුවන්ගේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමේ වරදක්‌ නැත. එසේ සාකච්ඡා කරන විට පෙළපාලිකරුවන්ගේ සටනේ ඊළඟ අදියර ගිලිහී යයි. ප්‍රශ්නය ජනාධිපති සමඟ සාකච්ඡා කර ඇති බැවින් එතැනින් ලැබෙන විසඳුම එනතෙක්‌ පෙළපාලිකරුවන්ගේ උද්යෝගය කල්මැරෙනු ඇත. අනෙක්‌ අතට පෙළපාලිකරුවන් අතිශයින් ප්‍රිය කරන පොලිසිය සමඟ ගල් මුල් ගසා ගැනීම, මාර්ග බාධක තල්ලු කර ගැනීම, කඳුළු ගෑස්‌කෑම, වතුර ප්‍රහාරයට ලක්‌වීම වැනි "වැඩේ නැඟලා යන" සිද්ධි නොවීමෙන් පෙළපාලිය ද ඇල් මැරෙනු ඇත. යම් හෙයකින් ජනාධිපතිවරයා විසින් ප්‍රශ්නය විසඳුවේ නම් එය ඔහු ලබන ජයග්‍රහණයක්‌ වන අතර ජZපුර විශ්වවිද්‍යාලය වසා දමන තත්ත්වයක්‌ එමගින් ඇති නොවීමටද ඉඩ තිබිණි.

ජZපුර විශ්වවිද්‍යාලයේ හා අනිකුත් සරසවිවල ඇති වී තිබෙන තත්ත්වයේදි ජාතික මට්‌ටමේ මාතෘකාවකට ඇත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ඇති විරෝධය පමණකි. ඒ හැරුණු විට ඇති සියලුම ප්‍රශ්න ඇත්තේ, ඒ ඒ සරසවිවල පරිපාලනය සම්බන්ධයෙනි. ඒවා එම සරසවිවලදී ම විස¹ ගත නොහැකි නම් ඊට වගකිව යුතුව ඇත්තේ අදාළ සරසවිවල උප කුලපතිවරුන්ය. අවම වශයෙන් එම ප්‍රශ්න ජාතික තලය දක්‌වා පැමිණීම නැවැත්වීම සඳහා වූ කළමනාකාරිත්වයක්‌ උප කුලපතිවරුන්ට නොමැති නම් ඔවුන් එම තනතුරු දැරීමෙන් ඇති අර්ථය කුමක්‌ද? ජනාධිපතිට විසඳන තැනට උපකුලපතිවරුන් ප්‍රශ්නය දිග් ගසන තෙක්‌ උසස්‌ අධ්‍යාපන ඇමැති, නියෝජ්‍ය උසස්‌ අධ්‍යාපන ඇමැති බලා සිටී නම් ඔවුන් එම ඇමැති තනතුරු දැරීමේ අර්ථය කුමක්‌ද?

සියල්ල අවසානයේදී පැටවෙන්නේ ආණ්‌ඩුවට එරෙහිව ගෙන ආ හැකි හොඳම විරෝධය වන තරුණ නැඟිටීමක්‌ කේන්ද්‍ර කරමින් නම් ආණ්‌ඩුව ඒ පිළිබඳව මීට වඩා සබුද්ධික විය යුතු නොවේද?

1976 නොවැම්බරයේදී ලංකා විශ්වවිද්‍යාලයේ, පේරාදෙණි මණ්‌ඩපයේ ඇති වූ කලහකාරී තත්ත්වය මත රෝහණ වීරසූරිය ශිෂ්‍යයා පොලිසිය අතින් ඝාතනය විය. පැවැති සිරිමාවෝගේ ආණ්‌ඩුවට එරෙහිව විශ්වවිද්‍යාල ශිෂ්‍ය නැඟිටීමක්‌ ඇති කරන්නට විරුද්ධ පක්‍ෂය එම ඝාතනය උපයෝගී කර ගත්තේය.

ඡේ. ආර්. ගේ ආණ්‌ඩුවට එරෙහිව නැඟී ආ සරසවි ශිෂ්‍ය නැගිටීම් එම ආණ්‌ඩුවට පමණක්‌ නොව ප්‍රේමදාස ආණ්‌ඩුවටද බරපතළ හිසරදයක්‌ විය. 1994 දී එජාප පාලනය අවසන් කරන්නට එම ශිෂ්‍ය නැඟිටීම්වලින්ද බරපතළ සහයෝගයක්‌ ලැබිණි.

අද ශිෂ්‍ය නැඟිටීම් තිබෙන්නේ මීටත් වඩා ඉහළ තත්ත්වයක. ටියුනිසිssයාවේ බෙන් අලි, ලිබියාවේ ගඩාµs, ඊජිප්තුවේ හොස්‌නි මුබාරක්‌ පාලනය පෙරළීම සඳහා අධිරාජ්‍යවාදය අනුබල දෙන ලද්දේ මෙවැනි තරුණ නැඟිටීම්වලටය. රාජපක්‍ෂ ආණ්‌ඩුව මෙම තත්ත්වය කළමනාකරණය නොකරගතහොත් එය මේ ආණ්‌ඩුව තමන්ගේ ගමනේ මුහුණ දෙන බරපතළම අභියෝගයට පාර කපා ගැනීමක්‌ වනු ඇත.

Related

මනෝජ් අබයදීර 217497381474657943

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item