ජයග්‍රහණයේ වගකීම
යන යකා කොරහත් බිඳගෙන ගියා සේ පරාජිත එජාප ප්‍රතිසංස්‌කරණවාදීන් සිරිකොත මන්දිරයට ද විශාල හානි සිදුකරමින් තමන්ගේ ගමනක නිමාව පෙන්නුම...
http://weadikawa.blogspot.com/2011/12/blog-post_1650.html
යන යකා කොරහත් බිඳගෙන ගියා සේ පරාජිත එජාප ප්‍රතිසංස්‌කරණවාදීන් සිරිකොත මන්දිරයට ද විශාල හානි සිදුකරමින් තමන්ගේ ගමනක නිමාව පෙන්නුම් කළේය. මීට පෙර එජාපයේ නායකත්වය සඳහා ඇති වූ තරගවලදී ද එජාපයේ කල්ලි සිරිකොත වටකර ගත්තේය. ඩඩ්ලි හා ඡේ. ආර්. අතර ඇති වූ නායක පොරයේදී ඡේ. ආර්. ද සිය පිරිස සමඟ 1968 දී කොල්ලුපිsටියේ පිහිටා තිබූ සිරිකොත මන්දිරය වට කළේය. නමුත් විරෝධතාකරුවන්ගේ අවශ්‍යතාව වූයේ සිරිකොතට හානි පාඩු සිදුකිරීම නොව, සිරිකොත මන්දිරයේ දෛනික වැඩ කටයුතු කළ නොහැකි සේ කිසිවකුටත් එයට ඇතුල් වීමට නොහැකි වන පරිදි වැඩ කටයුතු සිදු කිරීමය.
එදා ඡේ. ආර්. ට වුවමනා වූයේ සිරිකොත මන්දිරය විනාශ කර එජාපය, මූලස්‌ථානයේ සිටම බිමට වට්‌ටවා පක්‍ෂයට හානි කිරීම නොවේ. පක්‍ෂයේ ඇති වී තිබූ නායක අර්බුදයේදී තම පිලේ ශක්‌තිය ඩඩ්ලිට පෙන්වා එජාපයේ නායකත්වය තමන්ගේ අතට ගෙන ආණ්‌ඩු බලයක් ලබාගත හැකි තත්ත්වයකට යළි එජාපය පත්කිරීමය. නමුත් මෙවර සජිත් - කරු පිලට අවශ්‍යව තිබුණේ ඊට වඩා වෙනස් තත්ත්වයකි.
පක්‍ෂ අභ්‍යන්තරයේ ජනිතව තිබෙන තත්ත්වය විසින් එජාප පාක්‍ෂිකයන් මේ වන විට සිටින්නේ ගමේ සිටින ආණ්‌ඩු පක්‍ෂයේ පිරිසට මුහුණවත් දීමට නොහැකි තරම් තැනකය. සිරිකොත ඉදිරියට විත් දිවි නසාගන්නා තත්ත්වයට එජාප පාක්‍ෂිකයන් පත්වූයේ මේ නිසාය. ඒ තරමට පක්‍ෂය ආධ්‍යාත්මිකව විනාශ වී තිබියදී, පක්‍ෂයේ කාර්යාල කටයුතු පවත්වාගෙන ගිය සිරිකොත කුඩු පට්‌ටම් කරන තැනට කරු - සජිත් පිල විසින් ගෙන ආ පාක්‍ෂිකයා යොමුවීමත් සමඟ එජාපය අද භෞතිකව ද පරිහානියට යොමුවෙමින් තිබේ. දිගින් දිගටම පක්‍ෂය ලබන පරාජයන්ගෙන් ගොඩ ගෙන පක්‍ෂයට නව ජීවයක් ලබාදීම සඳහා ප්‍රතිසංස්‌කරණවාදීන් ගෙන ගිය වැඩපිළිවෙළේ ප්‍රගතිය ලෙස සනිටුහන් කළ හැක්‌කේ මෙයය.
දිගින් දිගටම පක්‍ෂයක් පරාජය වන විට එම පක්‍ෂයේ සිටින ජ්‍යෙෂ්ඨයන් කළ යුත්තේ කුලල් කා ගැනීම නොව එකට එකතු වී පරාජයෙන් ගොඩඑන මං සෙවීමය. නමුත් පක්‍ෂයට වඩා තමන්ගේ නායකත්ව හීන එළිකර ගන්නට වෑයම් කරන පුද්ගලයන් මෙවැනි අවස්‌ථාවලදී කරන්නේ නායකත්වය සඳහා පොර ඇල්ලීමය.
Z77 දී එජාපය ලබාගත් ජයග්‍රහණයෙන් පසු ශ්‍රීලනිපය තුළ ඇති වූ නායකත්ව පොරය ද පෙන්වන්නේ මෙවැනි අවස්‌ථාවාදීන්ගේ හැටිය. විශේෂත්වය වූයේ ශ්‍රීලනිපය තුළ ගැටුම ඇතිවූයේ මව හා පුතු අතර වීමය.
අනුර බණ්‌ඩාරනායකගේ පිල විසින් එදා සිරිමාවෝට එරෙහිව පක්‍ෂ අභ්‍යන්තරයේ ගෙනගිය සටන සිරිමාවෝ ජයග්‍රහණය කළාය. නමුත් එහි අවසානයේදී අවාසනාවන්ත දේශපාලන ගමනක් නිර්මාණය වූයේ අවස්‌ථාවාදී ලෙස සටනට පිවිසි අනුර බණ්‌ඩාරනායකටය. ඔටුන්න හිමි කුමාරයකු සේ සිටි අනුර, සිරිමාවෝට එරෙහිව පක්‍ෂය තුළ ගෙනගිය අරගලය විසින් අවසානයේදී සිදුවූයේ උපන් ගෙයි ශ්‍රී ලංකාකාරයන්ට අනුර එපා වීමය. විපක්‍ෂයේ සිටියදී නායකත්වය සඳහා කරන අරගලවලින් වාසි අත්කර ගැනීමට බලයේ සිටින ආණ්‌ඩුව හපන්ය. එදා ඡේ. ආර්. ට ද අනුර - සිරිමා ගැටුමෙන් වාසි අත් විය. එම ගැටුමෙන් වාසි අත් වූ තවත් පාර්ශ්වයක් විය. ඒ, ශ්‍රීලනිපය තුළ තමන්ගේ ඉදිරි ගමනට අනුර බාධකයක් වූ පාර්ශ්වයන්ය. ඔවුන් මෙතැනදී කළේ, අනුර නායකත්වයේ තරගය සඳහා යොමුකිරීමය.
අනුර තරගයෙන් දිනුවහොත් ඒ මොහොතේ අනුර සමඟ සිටීම හේතුවෙන් අනුරගේ පිලට වී පක්‍ෂයේ දෙවැනි තැනට පත්වීමට හැකිවීමත්, සිරිමාවෝ ජයග්‍රහණය කළහොත් අනුර සටනින් පරාද වීමත් සමඟ තෙවැනි පෙළ සිටින මේ පිරිසට ඉබේම දෙවැනි පෙළට ඒමට හැකිවීමත් නිසා අනුර තරගයට තල්ලු කිරීම තෙවැනි පෙළ සිටි පිරිසගේ ප්‍රධාන අරමුණ විය. ප්‍රබල එජාපයට එරෙහිව පොදු විපක්‍ෂයක් සාදාගෙන අභියෝග කළ යුතුව තිබුණ මොහොතක ඒ වෙනුවට අනුර - සිරිමා බල අරගලයක් නිර්මාණය වීම ශ්‍රීලනිපයට හොඳ නැති වුවත් ශ්‍රීලනිපයේ තෙවැනි පේළියේ සිsටි පිරිසට එය, තමන්ගේ දේශපාලනයේ ඉදිරි ගමනට කැපූ පාරක් බඳු විය. මහින්ද රාජපක්‍ෂ චරිතය ශ්‍රීලනිපය තුළ ඉහළට මතුවන්නේ අනුර - සිරිමාවෝ ගැටුම තුළින් ලත් මෙම ප්‍රතිඵලය නිසාය. තෙවැනි පෙළට එසේ පක්‍ෂයේ ඉදිරියට යැමට පාර කැපෙද්දී ගැටුමෙන් බෙල්ල කැපී ගියේ අනුරගේය. මේ නිසා අනුර ශ්‍රීලනිපයෙන් ඉවත්ව එජාපයටත්, යළි ශ්‍රීලනිපයටත් ආදී ලෙස දිගින් දිගටම පිල් මාරු කර දේශපාලන කරුමක්‌කාරයකුගේ තත්ත්වයට පත්විය. ඔටුන්න හිමි කුමාරයකු, ඔටුන්න අහිමි කරුමක්‌කාරයකු වූයේ අවස්‌ථාවාදී ලෙස තමන්ට නායකත්වයට ඒම සඳහා පොරයට වැටීමෙනි.
එජාපයේ පවතින අර්බුදයේදී ද මේ තත්ත්වය දැකගත හැකිය. නායකත්වය සඳහා රනිල් සමඟ කළ සටනින් කරු දැන් පත්ව සිටින්නේ ද එදා අනුර පත්ව තිබූ තැනටමය. කරු ඡන්ද 26 ක් ලබා ගන්නා විට රනිල් ඡන්ද 68 ක් ලබා ගැනිමෙන් පෙනී යන්නේ පක්‍ෂ නායකත්වය සඳහා තවම එජාපය අන් කිසිවකු විශ්වාස නොකරන බවය. රනිල් හා කරු අතර ඡන්ද පරතරය 42 කි. එය සමස්‌ත කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ ඡන්ද සංඛ්‍යාවෙන් අඩකට ආසන්නය. එවැනි වැඩි ඡන්ද ගණනකින් රනිල් ජයග්‍රහණය කිරීම තුළින් පෙනී යන්නේ එජාපයේ නායකත්වය සඳහා ඇති සටන දැන් අවසන් බවය. නියෝජ්‍ය නායක තනතුර සඳහා සජිත් ඡන්ද 50 ක් ගන්නා විට රවි ඡන්ද 42 ක් ලබාගෙන තිබිණි. සජිත් එජාපයේ නි. නායකයා වීම එහි බහුතරයක් පිළිගත් කාරණයකි. 2005 ජනාධිපතිවරණයෙන් පසු එජාපයේ පිරිස් බලාපොරොත්තු වූයේ රනිල්, කරු, සජිත් එක්‌ව එජාපය යළි ශක්‌තිමත්ව ගමන් කරනු ඇත කියාය. එජාපයේ එම බලාපොරොත්තුවට පයින් ගසා පක්‍ෂයේ 17 ක් සමඟ කරු ආණ්‌ඩුවට යැමත් සමඟ එජාපයට ඉතිරි වූයේ රනිල් හා සජිත්ය. ඒ මොහොතේ එජාපයට අවශ්‍ය වූයේ රනිල් පක්‍ෂ නායක ලෙසත් සජිත් නි. නායක ලෙසත් එක්‌ව ගමින් ගම පක්‍ෂය සංවිධානය කරමින් ගමනක් යැමය. නමුත් සජිත් ඒ අරමුණට එරෙහිව ගොස් නායකත්වය උදෙසා සටන් කරන තැනකට යොමුවිය. තමන්ගේ කල්ලිය දියේ ගිලී ගසාගෙන යමින් සිටියදී සියල්ලන්ම බේරෙන තැනකට යනවා වෙනුවට බේරෙන්න දඟලන තමන්ගේ සගයන් සමඟ තරගයට පිහිනන තැනකට යැමට සමාන ක්‍රියාවක් ලෙස සජිත්ගේ ක්‍රියා කලාපය හැඳින්විය හැකිය. සජිත් එජාපයේ නියෝජ්‍ය නායක තනතුරට ඡන්ද 50 කින් පත්වී රවි 42 ක් ලබා සජිත්ට පැරදුණ ද පැවැත්වුණු ඡන්දය තුළදී සිදුවූයේ රවී ද ඊළඟ එජාප නායකත්වය සඳහා නම් වන තැනකට පත්වීමය. රනිල් නායකයා ලෙසත් සජිත් නි. නායක ලෙසත් පත්වන විට සජිත්ට පරාජය වුවද එජාපයේ තුන්වැන්නා බවට රවී පත්වීම මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් ගම්‍ය කෙරිණි.
කෙසේ වෙතත් දැන් එජාපය යායුතු ගමන පක්‍ෂ අභ්‍යන්තරයේ පැවැත්වුණු ඡන්දයෙන් ප්‍රකාශ කර හමාරය. රනිල් හා කරු අතර තිබුණේ කරට කර සටනක් නොව එහි පරතරය ඇත්තටම විලුඹ හා කර අතර මෙනි.
මේ නිසා අද එජාප නායකයා අත තීරණාත්මක බලයක් තිබේ. මීට පෙරදී රනිල් සමඟ නායකත්වය උදෙසා අරගල කළ පිරිස අවසානයේදී යොමුවූයේ එජාපය පාවාදී ආණ්‌ඩුවට යැමටය. ඒ තත්ත්වය තුළත් ආණ්‌ඩුවට එරෙහිව අරගල කරමින් එජාපය
රැකගත්තේ රනිල් විසිනි. මෙවර ඡන්ද ප්‍රතිඵලයෙන් පැහැදිලි වන්නේ එජාප පාක්‍ෂිකයා රනිල්ට ඒ සඳහා කලගුණ සලකා ඇති අන්දමය.
එජාප නායකත්වය සඳහා කෘත්‍යාධිකාරී මණ්‌ඩලය ලබාදුන් ඡන්දය මගින් එජාපයේ සාමාන්‍ය පාක්‍ෂිකයාගේ මතය පිළිබිඹු නොවන බව පරාජිත කණ්‌ඩායම ප්‍රකාශ කර තිබිණි. නමුත් පක්‍ෂයට නිලධාරීන් පත්කර ගැනීමේදී පැහැදිලි ලෙසම පෙනීගිය කරුණක් වූයේ පිරිසිදු එජාප පාක්‍ෂිකයාට එයින් ජය අත්වී තිබෙන බවය. රනිල් ගතහොත් ඔහු කිසිදා එජාපයට ෙද්‍රdaහි වූ චරිතයක් නොවේ. නමුත් කරු එජාපය අමාරුවේ වැටී සිටි අවස්‌ථාවේ එයින් 17 ක් රැගෙන ආණ්‌ඩුවට ගොස් එජාපයට සරදම් කළ චරිතයකි. කරුට, පාක්‍ෂිකයා ගම්පහින් තෙවැනි තැන දුන්නා සේම ඔහු රනිල්ට වඩා විශාල අඩු ඡන්ද ප්‍රමාණයකින් කෘත්‍යාධිකාරී මණ්‌ඩලය විසින් පරාජය කර තිබිණි. මෙයින් නිරූපණය වන්නේ එජාපයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ තීරණය සාමාන්‍ය එජා පාක්‍ෂිකයාගේ සාම්පලයක් බවය.
සජිත් ද එජාපය හැරදා ගිය චරිතයක් නොවීය. නමුත් රවී එජාපයේ සිට රාජාලියා වෙත ගොස් පො.එ.පෙ. සිට යළි එජාපයට ආ චරිතයකි. එතැනදී ද කෘත්‍යාධිකාරී මණ්‌ඩලය විසින් සුළු වැඩි ඡන්ද ගණනකින් වුවත් සජිත් ජයග්‍රහණය කළේ, ඔහු එයින් ප්‍රතිසංවිධාන ඉල්ලමින් පක්‍ෂයට හානි කළ ද ඉතිහාසය පුරාම එජාපයේ සිටි බැවිනි. ජාතික සංවිධායක සටනේදී ද දයා ගමගේ ජයගත් විට ශ්‍රීලනිපයේ සිට එජාපයට පැමිණි දයාසිරි පරාජයට පත්විය.
එජාපයේ ඡන්ද සටනින් අවසානයේ ජයග්‍රහණය කළේ පිරිසිදු එජාප පිරිසය. මේ නිසා පක්‍ෂයේ බහුතරයේ මතය මෙම තීරණයෙන් ගම්‍ය වන බව පැහැදිලිය. අනෙක් අතට පක්‍ෂයේ සාමාන්‍ය පාක්‍ෂිකයාගේ මතය මෙයින් පෙන්නුම් නොවන බවට එජාප ප්‍රතිසංස්‌කරණවාදීන් කියා සිටිනවා නම්, සජිත්ගේ නි. නායක තනතුරට ද එය වලංගු විය යුතුය.
මෙවැනි හසරක් නැති කතා කියනවාට වඩා තීරණාත්මක තැනකට ද එජාපය පැමිණ තිබේ. පක්‍ෂය වැටී තිබෙන අගාධයෙන් ගොඩගැනීම සඳහා සම්පූර්ණ බලයක් දැන් රනිල්ට ලැබී අවසන්ය. යළිත් ප්‍රතිසංස්‌කරණ ඉල්ලමින් පක්‍ෂය දිය කරන්නට හදන පිරිසට ඉඩ නොදී ශක්‌තිමත් පක්‍ෂයක්, ශක්‌තිමත් විපක්‍ෂයක් බවට එජාපය පත්කිරීමේ සම්පූර්ණ වගකීම දැන් ඇත්තේ රනිල් අතේය.
මනෝජ් අබයදීර

-උපුටා ගැනීම
ඉරිදා දිවයින
2011-12-26
ඉරිදා දිවයින
2011-12-26