කට නිසා නිදහස ඇහිරේවිද?
-සී. ඒ. චන්ද්‍රප්‍රේම සිරගතවී සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා තව නොබෝ දිනකින් නිදහස ලබනු ඇතැයි බලාපොරොත...
http://weadikawa.blogspot.com/2011/12/blog-post_26.html
-සී. ඒ. චන්ද්‍රප්‍රේම
සිරගතවී සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා තව නොබෝ දිනකින් නිදහස ලබනු ඇතැයි බලාපොරොත්තුවක් පැතිර යැමට පටන්ගෙන ඇත. මෙයට ප්‍රධානම හේතුව සරත් ෆොන්සේකා මහතා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ටිරාන් අලස් මහතා හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවතීමයි. සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් තමුන් සාකච්ඡා කරන බව දේපාර්ශ්වය විසින්ම ප්‍රසිද්ධියේ පිළිගැනීම මෙවැනි බලාපොරොත්තු ඇතිවීමට ප්‍රධානම හේතුවයි. අලුත් අවුරුද්දේදීවත් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නම් එය කාගේත් සතුටට හේතු වන බව නොඅනුමානය. හිටපු හමුදාපතිවරයෙක් හා යුධ විරුවකු වන සරත් ෆොන්සේකා මහතා 2009 අවසානයේදී සිට තමන්ටම කර ගන්නා මේ නොනවතින වින්නැහිය බලා සිටින උදවිය තුළ පවා මහත් ලැඡ්ජාවක් හා අපහසුතාවයක් ජනිත කරවන කාරණයකි. මේ සිදුවූ දෙය මුල සිට අගටම මහත් ෙ€දවාචකයකි. මෙය මුලින්ම ආරම්භ වූයේ සරත් ෆොන්සේකා මහතාට තාන්න මාන්න හා තම ජීවිතයේ ප්‍රධානම ඉලක්‌ක සපුරා ගැනීමට අතහිත දුන් පාර්ශ්වය අතහැර ඔහු හමුදාපති වූ මුල් අවස්‌ථාවේ සිටම ඔහුට අකුල් හෙලූ පාර්ශ්වය සමග දේශපලානයේ නියෑලීමට ගත් තීන්දුවත් සමගයි. ඔහුගේ ඒ දේශපාලන ගමනට ආශීර්වාද කිරීමටත්, ඔහුට සහයෝගය දැක්‌වීමටත් ඉදිරිපත් වූ ප්‍රධානම පාර්ශ්වකරුවෙක් වූයේ කොටි සංවිධානයේ පාර්ලිමේන්තු නියෝජිතයන්ව සිටි දෙමළ ජාතික සන්ධානයයි. මෙවැනි පිරිස් තමන්ට සහයෝගය දෙන්නේ මන්දැයි විමසීමට තරම් දේශපාලන දැනුමක් හෝ විචාර බුද්ධියක් ෆොන්සේකා මහතාට නොතිබුණද, මහජනතාවට නම් තිබුණු බව 2010 ජනවාරි මස ඡන්ද ප්‍රතිඵලයෙන් පෙනුණි. ඉන්පසුව සිදුවූයේ තමන් ජනාධිපති වුවහොත් තමන්ගේ විරුද්ධවාදීන්ට "කටු ලෙව කෑමටත්" සිරකරුවන් අඳින "ජම්පර්" ඇඳීමටත් සිදුවන බවට ඡන්ද පොරොන්දුවක් දුන් ෆොන්සේකා මහතාටම ඔහුම කියූ ආකාරයට සිරබත් කෑමටත් ජම්පර් ඇඳීමටත් සිදුවීමයි.
ඔහු සිරගතවී සිටින්නේද අඩුම වශයෙන් රෝහණ විඡේවීර සිරගතවී සිටියාක් වැනි යම්කිසි දේශපාලන වැදගත් කමකින් යුත් හා ගාම්භීර බවකින් යුත් චෝදනා මත නොව තුට්‌ටු දෙකේ චෝදනා වලටයි. ඔහු මුලින්ම සිරගත වූයේ ඊට නොබෝ කලකට පෙර ඔහුට "සැලියුට්" ගැසූ නිලධාරීන් තුන් දෙනෙකුගෙන් සමන්විත යුධ අධිකරණයක තීන්දු අනුවයි. මෙය හමුදාවට යම් භාණ්‌ඩ මිලදී ගැනීමට තම බෑණාගේ සමාගමට සැපයුම් කොන්ත්‍රාත්තු ලබාදීම සම්බන්ධයෙනි. ඔහු දෙවැනි වරට වරදකරු වූයේ සුදුකොඩි නඩුවෙනි. එහිදී ද ඔහුට තිබූ චෝදනාව වූයේ කට කතා පැතිරවීමේ චෝදනාවයි. එයටද දැන් ඔහු වරදකරු වී එක් සිරදඬුවමක් අවසන් වන විට අනෙක් සිරදඬුවම ආරම්භ වීමට නියමිතව ඇත.
දොස්‌තර ජයලත් ජයවර්ධන වැනි විපක්‍ෂයේ මන්ත්‍රීවරු සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙන යැමට කොතරම් උත්සාහ දැරුවත් එය සාර්ථක වූයේ නැත. සරත් ෆොන්සේකා මහතා මුලින්ම සිරගත වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ බැවින් ඔහුගේ ප්‍රශ්නය මුලින්ම ගෙනයන ලද්දේ ලෝකයේ සියලුම පාර්ලිමේන්තු එක්‌තැන් කරන ජාත්‍යන්තර සංවිධානය වන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව හිමිකම් අනු කමිටුව වෙතටය. නමුත් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රශ්නය අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත ගෙන ගොස් අද වන විට මාස 18 කට ආසන්න කාලයක් ගතවී තිබුණත් අද වන තුරුත් එකී සංගමය විසින් එක වචනයක්‌වත් ඔහුගේ ප්‍රශ්නය ගැන පවසා නැත. කොටින්ම කියතොත් ෆොන්සේකා මහතාගේ ප්‍රශ්නයට ඔවුන් "නොම්මරයක්" වත් නිකුත් කර නැත. මීට මාස කීපයකට පෙර ෆොන්සේකා මහතාගේ නඩු නිරීක්‍ෂණය කිරීමට යෑයි කියා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ නියෝජිතයකු ලංකාවට පැමිණියද ඔහුද දැන් ආගිය අතක් නැත. ෆොන්සේකා මහතාගේ ප්‍රශ්නයේදී අන්තර් පාර්ලිමේන්තු සංගමය මේ ආකාරයට හැසිරුනද ඔවුන් මීට කලින් විපක්‍ෂ මන්ත්‍රීවරයකු වූ දොස්‌තර ජයලත් ජයවර්ධන මහතාට එදා පැවැති චන්ද්‍රිකා කුමාරතුංග ආණ්‌ඩුවෙන් කෙනහිලිකම් සිදුවන බවට පැමිණිල්ලක් ලැබුණු විට ඔවුන් කටයුතු කළේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයටය. එම අවස්‌ථාවේදී අන්තර් පාර්ලිමේන්තු සංගමය ජයලත් ජයවර්ධන මහතාගේ ප්‍රශ්නය සලකා බලා ප්‍රසිද්ධ ප්‍රකාශ කිහිපයක්‌ම නිකුත් කරන ලදි. ඒ අවස්‌ථාවේදී ජයවර්ධන මහතාට එරෙහිව චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ආණ්‌ඩුව නඩු 2 ක් ගොනුකර තිබූ අතර එම නඩු ඇසෙමින් තිබුණු අතරතුරම අන්තර් පාර්ලිමේන්තු සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මේ නඩු දේශපාලන හේතුවක් මත ද්වේශ සහගතව ජයවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබූ ඒවා බව ඔවුන්ගේ නිගමනය වූ බවයි. එපමණක්‌ද නොව රටේ ඉහළම තැන්වලින් ජයවර්ධන මහතා කොටි සංවිධානයට සම්බන්ධ කර කතා කිරීමෙන් ඔහුගේ ජීවිතයට ද තර්ජනයක් වී ඇති බවටද ප්‍රකාශයක් නිකුත් කරන ලදී. සාමාන්‍ය මන්ත්‍රීවරයකු වූ දොස්‌තර ජයවර්ධන මහතා වෙනුවෙන් එවැනි ප්‍රකාශ නිකුත් කිරීමටත් ලංකාවේ මුළු විපක්‍ෂයේම පොදු ජනාධිපති අපේක්‍ෂකයා වූ සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් එවැනි කිසිවක් නොකිරීමටත් හේතුව කුමක්‌දැයි වෙනම විමසා බැලීම වටී.
ඒ සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා ඔහුට විරුද්ධව තීන්දු වූ ටෙන්ඩර් පටිපාටි නඩුවේ විනිශ්චයට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් දෙන ලද තීන්දුව කියවා බැලූ පසු අපට යම් අවබෝධයක් ලබාගත හැක. මීට සති දෙකකට පමණ කලින් අභියාචනාධිකරණය දුන් තීන්දුව වූයේ ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල යුධ අධිකරණය විසින් ෆොන්සේකා මහතාට දෙනලද තීන්දුවේ වරදක් නොමැති බවයි. එකී යුධ අධිකරණයේ සාමාජිකයන් හැටියට මේජර් ජනරාල්වරුන් වන මිලින්ද පීරිස්, ලලිත් දවුලගල හා මහින්ද හතුරුසිංහ විය. ෆොන්සේකා මහතා අභියාචනාධිකරණයට පෙත්සම ඉදිරිපත් කරමින් ඔවුන් සියලු දෙනාටත් හමුදාපති ජගත් ජයසූරිය මහතා වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ඒ පෙත්සම ගොනුකර තිබුණි. එකී නඩුවේදී ෆොන්සේකා මහතාගේ පාර්ශ්වය විසින් ගෙනහැර දක්‌වන ලද ඇතැම් තර්ක පහත දැක්‌වෙන ආකාරයට සම්පිණ්‌ඩනය කළ හැක.
ෆොන්සේකා මහතා වරදකරු වූ පළමු නඩුව යුධ හමුදාවේ ටෙන්ඩර් හතරක අක්‍රමිකතා පිළිබඳ ප්‍රශ්නයක් විය. ඒ සම්බන්ධයෙන් යුධ අධිකරණය විසින් දෙනලද තීන්දුවට එරෙහිව ෆොන්සේකා පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ පළමු තර්කය වූයේ තම බෑනාට සැපයුම් කොන්ත්‍රාත් ලබාදුන් ටෙන්ඩර් කමිටුවේ සාමාජිකයකු හැටියට ෆොන්සේකා මහතා සිටීමෙන් කිසිදු නීතියක් උල්ලංඝනය වී නැති බවය. ධනූන තිලකරත්න මහතා තම බෑනා බව වසන් කිරීම වරදක් නොමැති බවත් ෆොන්සේකා මහතා එවැනි නෑදැ කමක් තිබේ යෑයි එලි කරීමටවත් ඒ හේතුවෙන් ටෙන්ඩර් කමිටුවෙන් ඉවත් වීමටවත් කිසිදු හේතුවක් නොතිබුණු බවයි. ඔවුන් තර්ක කළේ ටෙන්ඩර් පටිපාටිය යනු හුදෙක්‌ම උපදෙස් මාලාවක් මිස නීතියක් නොවන බවයි.
තවද ඔවුන් පවසා සිටියේ ෆොන්සේකා මහතා ටෙන්ඩර් කමිටුවට බලපෑම් කළ වගට සාක්‍ෂි නැති බවත් එකී සැපයුම් කොන්ත්‍රාත් වැරදි ආකාරයට ලබාදුන් බවට චෝදනා නැති බවත් කිසිවකු විසින් හෝ ඒ තුළින් අයථා ලෙස මුදල් හම්බකර ඇති බවට චෝදනා නැතිබවත් එම නිසා මේ මුළු ප්‍රශ්නයම සුළු තාක්‍ෂණික කරුණක් මත පවතින බවයි.
ෆොන්සේකා පාර්ශ්වය විසින් අභියාචනාධිකරණයේ ගෙනහැර දක්‌වන ලද තවත් කරුණක් වූයේ යුධ හමුදා පනතට අනුව හමුදා සේවයේ සිට ඉන් ඉවත්ව යන උදවියට හමුදාවෙන් ඉවත් වී මාස 6 ක් ගිය පසු හමුදා සේවයේ යෙදී සිටියදි කරන ලද වරදකට දඬුවම් දිය නොහැකි බවත්, මෙකී ටෙන්ඩර් ගනුදෙනුව වූයේ 2007 දී සහ 2008 දී වන නිසාත් ඒ සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන ලද්දේ 2010 දී වන නිසාත්, ඉහත කී මාස 6 සීමාව ඉක්‌මවා ඇති නිසා යුද අධිකරණය විසින් දෙන ලද තීන්දුව නීති විරෝධී බවයි.
ෆොන්සේකා මහතා විසින් අභියාචනාධිකරණයට පවසා සිටි තවත් තර්කයක් වූයේ තම බෑණාට සැපයුම් කොන්ත්‍රාත් ලබාදුන් ටෙන්ඩර් කමිටුවේ සාමාජිකයකු හැටියට ෆොන්සේකා මහතා අසුන්ගෙන සිටියත් ඉන් වැඩිම වුවොත් සිදුවූයේ සාරධර්ම කැඩීමක් පමණක් වන නිසා එවැනි වරදකට අවුරුදු 3 ක සිරදඬුවමක් දීම සාධාරණීකරණය කළ නොහැකි බවයි.
මා හට මතක හැටියට අන්තර් පාර්ලිමේන්තු කමිටුවේ නිරීක්‍ෂකයා ලංකාවට පැමිණ නිරීක්‍ෂණය කළේ මෙම නඩුවයි. ඔහුට උසාවියේදී අසන්නට ලැබුණේ ඉහත කී ආකාරයේ තර්ක නම් අද ඔහු ආගිය අතක් නැතුව සිටීම ගැන කවුරුත් පුදුම විය යුතු නැත. ඉහත දක්‌වන ලද එක තර්කයක් වත් ෆොන්සේකා මහතා නිර්දොaෂී පුද්ගලයෙක් යෑයි කීමට ඉවහල් නොවන බව ඕනෑම කෙනකුට පෙනේ. නමුත් දොස්‌තර ජයලත් ජයවර්ධන මහතා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව හිමිකම් කමිටුවට ෆොන්සේකා මහතාගේ ප්‍රශ්නය ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ආණ්‌ඩුව විසින් බොරු සාක්‍ෂි නිර්මාණය කොට ෆොන්සේකා මහතා දේශපාලන හේතු මත සිරකරගෙන සිටින බවයි. ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද තර්කය අන්තර් පාර්ලිමේන්තු සංගමය විසින් පිළිනොගන්නා බව ඔවුන්ගේ නිහැඬියාවෙන් පෙනේ.
නීතිමය වශයෙන් ගත් කල සරත් ෆොන්සේකා මහතා සිටින්නේ ඉතාමත්ම අවාසිදායක තත්ත්වයක බව නොකිවමනාය. ඉහත දක්‌වන ලද අභියාචනාධිකරණ නඩුවේදී ෆොන්සේකා මහතා කළ ප්‍රධානම චෝදනාව වූයේ ඔහුට සිර දඬුවම් ලබාදුන් යුද අධිකරණ සාමාජිකයන් තුන්දෙනාම ඔහු විසින් හමුදාව තුළ ප්‍රධාන නිලතල නොදී සුළු වැදගත් කමක් ඇති නිලතල වලට පත්කළ උදවිය බවයි. එමනිසා ඔවුන් ඔහුගේ විරුද්ධවාදීන් වන බවත් ඔවුන් දුන් තීන්දුව ද්වේෂ සහගත වන බවත්ය. එපමණක්‌ද නොව එම යුද අධිකරණයේ සාමාජිකයකු වූ මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා කොටින්ගෙන් මුදල් ලබා ඔවුන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ අයකු බවත් ඔහු චෝදනා කර සිටියේය. මේ එක චෝදනාවක්‌වත් ඔහුට ඔප්පු කර ගැනීමට නොහැකි විය. මහින්ද හතුරුසිංහ මහතා සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥයන් පෙන්වා දුන්නේ කොටි සංවිධානය හතුරුසිංහ මහතා ඝාතනය කිරීම සඳහා එක්‌තරා හමුදා මේජර්වරයකුගේ උදව් පැතූ බවත් එකී හමුදා මේජර්වරයා හතුරුසිංහ මහතාව ඝාතනය කිරීමට කොටි සංවිධානයට ඔත්තු සපයා අතටම හසුවී මරණ දණ්‌ඩනයටද නියම වූ බවයි. ෆොන්සේකා මහතා විසින් ඔහුට එරෙහිව සිරදඬුවම් පැමිණ වූ යුද අධිකරණයේ සාමාජිකයන්ට එරෙහිව කරන ලද චෝදනා ඔප්පු කරගත නොහැකිව අවසන් මොහොතේදී යුද අධිකරණය පක්‍ෂපාත බවට ඉදිරිපත් කෙරුණු තර්කය ඉල්ලා අස්‌කර ගැනීමටද තැත්කළේය. අභියාචනාධිකරණය ඔහුගේ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට එයද එක් ප්‍රධාන හේතුවක් විය.
මේ අනුව නීතිමය පැත්තෙන් ෆොන්සේකා මහතා සිටින්නේ දඬුකඳේ ගැසුවාක් මෙන් සිරවෙලාය. ඔහු බේරාගත හැකි එකම පුද්ගලයා ජනාධිපතිවරයාය. ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රී ටිරාන් අලස් මහතා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් කර ඇත්තේ ඉතාමත්ම ප්‍රායෝගික දෙයක් බව පැහැදිලිය. එසේ නමුත් මෙයට ෆොන්සේකා මහතාගෙන් නම් සහයෝගයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. ඔහු පසුගිය සතියේත් කළේ ආණ්‌ඩුවටත් රාජපක්‍ෂවරුන්ටත් ප්‍රසිද්ධියේ බැන වැදීමයි. ෆොන්සේකා මහතා අභියාචනාධිකරණයේ නඩුව අනා ගත්තේ මහින්ද හතුරුසිංහ මහතාට එරෙහිව ඔප්පු කරගත නොහැකි චෝදනා උසාවියට ඉදිරිපත් කිරීමෙනි. එවැනි තත්ත්වයක් යටතේ ඔහු බේරා ගැනීමට නීතිඥයන්ට කළ හැකි දෙයක් නොවීය. ඔහුට කට පාලනය කර ගැනීමට නොහැකි නිසා ටිරාන් අලස් මහතාගේ උත්සාහයත් වතුරේ යාවිදැයි අපි බලා සිටිමු.
සී. ඒ. චන්ද්‍රප්‍රේම

-උපුටා ගැනීම
දිවයින
2011-12-26
දිවයින
2011-12-26