බලවතුනි! ශ්‍රී ලංකාව තවත් වියට්‌නාමයක්‌ නොකරව්

-අනගාරික ධර්මසේකර   ඇමෙරිකානු නව යටත්විජිත අධිපතිවාදයේ සුවච කීකරු සේවකයකු වී සිටින බෑන් කී මූන් හා ඔහුගේ ඊනියා උපදේශක කමිටු මගින් ශ්...

-අනගාරික ධර්මසේකර
 ඇමෙරිකානු නව යටත්විජිත අධිපතිවාදයේ සුවච කීකරු සේවකයකු වී සිටින බෑන් කී මූන් හා ඔහුගේ ඊනියා උපදේශක කමිටු මගින් ශ්‍රී ලංකාව තවත් ඉරාකයක්‌ හෝ ලිබියාවක්‌ කරන්නට අවශ්‍ය කුමන්ත්‍රණකාරී මූලික කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. එහෙයින් අපි කල්වේලා ඇතිවම බෑන් කී මූන් හා ඔහුගේ උපදේශක කමිටුව පිටුපසින් සිට ක්‍රියාත්මක වන ඇමෙරිකා එක්‌සත් ජනපද නායකයන්ටත් බටහිර යුරෝපීය බලවතුන්ටත් අනතුරු අඟවන්නේ ශ්‍රී ලංකාව තවත් වියට්‌නාමයක්‌ කරන්නට උත්සාහ නොකරන ලෙසයි. අපේ අනතුරු ඇඟවීම් නොතකා බටහිර බලවතුන් ශ්‍රී ලංකාව තවත් වියට්‌නාමයක්‌ කරන්නට කටයුතු කරන්නේ නම් එය තමන්ගේ බෙල්ලේ එල්ලා ගන්නා තවත් මහ බර ගලක්‌ වනු නිසැකය. වරක්‌ බ්‍රිතාන්‍ය නායකයකු කීවේ ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අලංකාරයක්‌ වී ඇතත් වැඩිකල් නොගොස්‌ එය නායකයන්ගේ බෙල්ලේ එල්ලූ මහ ගලක්‌ බවට පත්විය හැකි බවයි. ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් පනහෙන් පංගුවක්‌ තරම් කුඩා රටක්‌ වුවත් පුංචි ශ්‍රී ලංකාවේ දෙකෝටියක්‌ පමණ වූ ජනතාවගෙන් අතිමහත් බහුතරය තම මව්බිමේ ස්‌වාධීනත්වයට හානිකර වන්නා වූ ඕනෑම විදේශීය මැදිහත්වීමකට එරෙහිව අධිෂ්ඨාන සහගත අරගලයක යෙදෙන්නට පසුබට නොවනු ඒකාන්තය.

දේශප්‍රේමී ලක්‌වැසියෝ විදේශිය ආක්‍රමණ දාසයකට එරෙහිව නැගී සිටින්නට අධිෂ්ඨාන සහගත වූවෝ වෙති. අපේ උදාර ඉතිහාසය තුළ අපි සේන - ගුත්තික, එළාර, පුලහFථ, බාහිය, පිළිසමාර, පණියමාර, කරිකාලන්, දාඨිය - පීඨිය - පාරින්ද. තිරිතර, පරන්තක, ශ්‍රීමාර ශ්‍රීවල්ලභ, තුන්වැනි කෘෂ්ණ, රාජරාජ ඉෙ-Jද්‍ර, කාලිංගමාග, ජාවක චJද්‍රභානු චෙං හෝ හා ආර්ය වක්‍රවර්තීවරුන් ප්‍රමුඛ පෙරදිග විදේශාක්‍රමණ දහතුනකටත්, පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය ආදී බටහිර යටත්විජිතවාදී බලවේග තුනකටත් එරෙහිව සටන් කරන්නට අධිෂ්ඨාන සහගත වූහ. පෘතුගීසි කාලතුවක්‌කු බලයට එරෙහිව ශතවර්ෂ එකහමාරක්‌ සටන් කළ අපි වාණිජවාදී ලන්දේසි ආක්‍රමණික බලයට එරෙහිව ශත වර්ෂයක්‌ තරම් කාලයක්‌ සටන් කළෙමු.

ඉර නොබස්‌නා අධිරාජ්‍යයක්‌ ගොඩනැගූ බ්‍රිතාන්‍ය ආක්‍රමණික බලයට එරෙහිව ලක්‌වැසි දේශප්‍රේමී අපි අවුරුදු පනස්‌දෙකක්‌ තිස්‌සේ ආයුධ සන්නද්ධ සටන් රැසක නිරත වුයෙමු. උඩරට සිංහලේ රාජධානිය ආක්‍රමණය කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පළමුවැනි යුද ගමන කෙළවර වූයේ සමූල ඝාතන පරාජයකිනි. සිංහලයන්ගේ ආධ්‍යාත්මික නායකත්වය දැරූ මහා සංඝරත්නයත්, දේශපාලන නායකත්වය දැරූ රදළයනුත් රජුත් භේද කර ජනතා බලවේග භේදකාරී අවුලකට ඇද දැමූ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීහු තම රජු අල්ලා දුන් නායකයන් ඇතුළු රදළ ප්‍රභූන් සමඟ ගිවිසුමකට එළඹී රටේ පාලනය බාරගත්හ. ගිවිසුමේ වගන්ති කඩ කිරීමට එරෙහිව නැගී සිටි සිංහලේ ජනතාවගෙන් බැට කා උඩරටින් පසුබැස යන්නට සිදුවන තත්ත්වයට මුහුණ පා සිටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු අමතර හමුදා ගෙන්වා ඌව වෙල්ලස්‌සේ ගම්බිම් ගිනි තබා සිංහලේ ජනගහනයෙන් දහයෙන් පංගුවක්‌ මාස හයක්‌ තුළ සමූහ වශයෙන් ඝාතනය කළහ. එසේ ලෙයින් යකඩින් හා ගින්නෙන් සිංහලේ පළමුවැනි නිදහස්‌ සටන මර්දනය කළ ද තවත් දශක තුනක්‌ ගත වන්නට කලින් සිංහලේ දේශප්‍රේමීහු නැගී සිටියහ. ආයුධ සන්නද්ධ අරගලයේ අසාර්ථක බව අවබෝධ කරගත් හෙළ මහ සඟරුවන මහා වාද පවත්වමින් බටහිර අධිපතිවාදී චින්තනය පරාජය කළහ.

වියට්‌නාමයේ විමුක්‌තිකාමී ජනතාව ප්‍රංශ, ජපන්, හා ඇමරිකන් අධිරාජ්‍යවාදී බලයට එරෙහිව ලෝ දනන් සිත් සසල කරවන මහා පරිත්‍යාගයන් කරමින් සටන් කළ ද වියට්‌නාම් ජනතාවගේ දේශප්‍රේමී ඉතිහාසය ශ්‍රී ලංකාවේ අපේ විමුක්‌ති සටන්a ඉතිහාසය තරම් දුෂ්කර දිග්ගැසුණු අරගල ක්‍රියාවලියකින් පන්නරය ලැබූවක්‌ නොවේ. වාරියපොළ සුමංගල හිමියන් අධිරාජ්‍යවාදී රැකවල් අතරින් ඉදිරියට පැන බ්‍රිතාන්‍ය කොඩිය බිම දමා පාගා සිංහ කොඩිය ඔසවා ජාතික විමුක්‌තියේ කාහල නාදය නැගූ ආකාරය වියට්‌නාමයේ ක්‌වංඩක්‌ හිමියන් ඇමරිකානු නව යටත්විජිත අධිපතිවාදයට එරෙහිව ගිනිවැද, දිවි පුදමින් ජනතාව අවදි කිරීම සඳහා කළ කැපකිරීමට දෙවැනි නොවේ. නිරායුධ කුඩාපොළ හිමියන්ට වෙඩිතබා ඝාතනය කරවූ ටොරිංටන් ආණ්‌ඩුකාරයාගේ කිට්‌ටුවර ඥති නායකයකු විසින් මෙහෙයවන ලද බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව බ්‍රිතාන්‍ය ජනමතය මගින් පාර්ලිමේන්තුව තුළම පරාජයට පත් කරන තරම් විමුක්‌තිකාමී කුඩාපොළ හිමියන්ගේ ජීවිත පරිත්‍යාගය බලවත් විය. නව යටත්විජිතවාදී බලවේගයන්ගේ රූකඩ බවට පත්වී සිටින බෑන් කී මූන්ලාට පසුපසින් සිට ක්‍රියාත්මක වන යෑංකි හා යුරෝපීය බලවතුන් ශ්‍රී ලංකාවට නේටෝ හමුදා එවා, රට එක්‌සේසත් කිරීමේ සටනට නායකත්වය දුන් මහින්ද රාජපක්‍ෂ මහතාත්, මානුෂික යුද මෙහෙවර සැලසුම් කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතාත්, යුද පෙරමුණුවලට නායකත්වය දුන් ත්‍රිවිධ හමුදා නායකයනුත් අත්අඩංගුවට ගෙන අධිපතිවාදී බටහිර යුද අධිකරණයකට ගෙන යන්නට අපේක්‍ෂා කරන්නේ නම් එය විසිඑක්‌වැනි සියවසේ ප්‍රබලම අධිරාජ්‍ය විරෝධී විමුක්‌තිකාමී බලවේගය ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන් ශ්‍රී ලංකාවෙන් බිහිකිරීමේ මඟ පාදන ක්‍රියාමාර්ගයක්‌ වනු නිසැකය.

සියවසකට අඩු කාලයක්‌ තුළ ලතින් ඇමරිකාවේ සුවිසාල බ්‍රසිලය, ආර්ජන්ටිනා. චිලී, උරුගුවේ. පැරගුවේ, බොලීවියා, කොළොම්බියා, වෙනිසියුලාදී රටවල් විසි ගණනක දේශීය ජනතාවගෙන් සියයට අනූ ගණනක්‌ විනාශ කර ස්‌පාCඳ්Cඳ හා පෘතුගීසි භාෂා කථා කරන, කතෝලික ආගම අදහන කලාපයක්‌ බිහිකරන්නට පැරැණි බටහිර බලවතුනට හැකි වුවද, ඒ බටහිර බලවතුනට මුහුණ දුන් අපි අපේ රටේ ජනගහනයෙන් සියයට අනූ ගණනක අතිමහත් බහුතරය බෞද්ධ, හින්දු, මුස්‌ලිම්, ආගම් අදහන්නවුන් ලෙස දේශීය ජනතාවත්, ජාතික ආධ්‍යාත්මික සංස්‌කෘතික උරුමයන් රැක ගන්නට සමත් වූයෙමු. පෘතුගීසීන්ට, ලන්දේසීන්ට හා බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ලක්‌වැසි සියලු දේශප්‍රේමීන් සමගිව සටන් කළා සේ යළිත් වරක්‌ අධිපතිවාදී මුග්ධ විදේශීය මැදිහත් වීමක්‌ වුවහොත් අධිරාජ්‍ය හවුල්කාරී කොටි ත්‍රස්‌තවාදය පරදා සාමකාමී ඒකීය ශ්‍රී ලංකාව තහවුරු කළ ශ්‍රී ලංකාවේ නායකත්වයත්, රටේ ජාතික ස්‌වාධීනත්වයත් ශ්‍ර්‍රS ලාංකීය උරුමයත් රැක ගන්නට ලක්‌වැසි දේශප්‍රේමීන් එක හදින් එක්‌වනු ඒකාන්තය. අධිපතිවාදී ආක්‍රමණික මැදිහත්වීමක්‌ කරමින් ශ්‍රී ලංකාවේ ජාතික ස්‌වාධිපත්‍යයට එරෙහි වූQ පියවර ගනිමින් රටේ නායකත්වය බටහිර යුද අධිකරණය කරා ගෙන යැමේ නිසරු ප්‍රයත්නයක යෙදෙන්නට තරම් බටහිර බලවතුන් මුග්ධ ලෙස සාහසික වුවහොත් ඔවුනට ශ්‍රී ලංකාවේදී ලෝ දනන් සිත් සසල කරවන ක්‌වාංඩක්‌ හිමිවරුන් සිය ගණනක්‌ විසින් අවදි කරවනු ලබන දේශප්‍රේමී ජන විරෝධතා සාගරයක ගිලෙන්නට වනු ඒකාන්තය. එසේ වුවහොත් නව යටත්විජිත අධිපතිවාදී බටහිර බලවතුනට දශක ගණන් දිග්ගැසෙන දසලCක්‍ෂ සංඛ්‍යාත ජන විරෝධතා රැළි මහා පෙළපාලි ආදී නිරායුධ ජනතා උද්ඝෝෂණවලට මුහුණ දෙන්නටත් එමගින් මානව අයිතීන් රැකීම පිළිබඳව වූ ඔවුන්ගේ බැටලු හම් ගැලවී ගොස්‌ අවසාන වශයෙන් දේශප්‍රේමී ශ්‍රී ලාංකීය බහුතර ජනතාවගේ විවිධාකාර වූ විරෝධතා හමුවේ තමන්ගේ පටු පවිටු අරමුණු අතහැර දමා දේශපාලනිකව හා ආධ්‍යාත්මිකව පරාජය වූ පරාජිතයන් ලෙස අපේ මවුබිමෙන් පසුබැස යන්නට සිදුවනු ඒකාන්තය.

ආයුධ සන්නද්ධ විදේශාක්‍රමණික සතුරන්ට එරෙහිව රට එක්‌සේසත් කිරීමේ සටනට ගිය ගැමුණු සේනාවේ පෙරමුණේ නිරායුධ භික්‍ෂුන් වහන්සේ පන්සිය නමක්‌ මාස ගණනක්‌ තිස්‌සේ එක දිගට සියලු බාධක මැදින් ඉදිරියට ගිය බවත් විදේශාක්‍රමණිකයන්ට එරෙහිව සටන් මෙහෙයවූ වළගම්බා ඇතුළු සේනාව පෝෂණය කිරීමට මහා තිස්‌ස හිමියන් ප්‍රමුඛ දහස්‌ ගණන් භික්‍ෂුන් වහන්සේ ඉදිරිපත් වූ බවත් බටහිර බලවතුන් විසින් සිහිපත් කළ යුතුව තිබේ.

අඩසිය වසකට වැඩි කාලයක්‌ තිස්‌සේ සිදුවන නව යටත්විජිතවාදී ආධ්‍යාත්මික සංස්‌කෘතික ආක්‍රමණය හමුවේ තවමත් ශ්‍රී ලංකාව පුරා ජනතාව රංජනය කරන විසිපන්දහසකට වැඩි භික්‍ෂුන් වහන්සේ අතර විදේශාධිපත්‍යයට එරෙහිව ආත්ම පරිත්‍යාගයෙන් කටයුතු කරන භික්‍ෂුන් වහන්සේලා දස දහස්‌ ගණනක්‌ වන හෙයින් ඒ අතරින් ලෝ දනන් සිත් සසල කරවන වාරියපොළ සුමංගල හිමිවරුන් ක්‌වාංඩක්‌ හිමිවරුන්, සියගණනක්‌ බිහිවිය හැකි බව අධිපතිවාදී බටහිර බලවතුන් නිවැරැදිව තේරුම් ගත යුතුය. ශ්‍රී ලාංකීය දේශප්‍රේමී ජනතාව අවදි කරමින් විමුක්‌තිකාමී, යුක්‌තිකාමී, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ලෝ දනන් සිත් ආකර්ෂණය කිරීමට සමත් දස දහස්‌ ගණන් භික්‍ෂුන් වහන්සේ ප්‍රමුඛ ජාතිහිතෛෂී, දේශමාමක ජනතාව දිරි ගන්වන අප වැනි ආත්ම පූජාවෙන් සේවයට කැපවුණු අඩසිය වසක අත්දැකීම් සහිත අනගාරිකවරුන් ද සිටින බව අධිපතිවාදී බටහිර බලවතුන් හරියාකාර තේරුම් ගන්නේ නම් ඔවුන් ශ්‍රී ලංකාවේ ස්‌වාධීනත්වයට එරෙහි වූ ආක්‍රමණික මැදිහත්වීමක්‌ කරන්නට එඩිතර නොවනු නිසැකය.

ලක්‌වැසි සියලු දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසනමාමක, ජනතාවනි, ශ්‍රී ලංකාවේ ස්‌වාධීනත්වය ස්‌වාධිපත්‍යය හා ඒකීය භාවය සුරකින්නට කැපවෙමු. ජයග්‍රහණය ඒකාන්තය. නිසැකය.

අනගාරික ධර්මසේකර
උපුටා ගැනීම
දිවයින
2011/04/27

Related

අනගාරික ධර්මසේකර තුමා 3282296859293712018

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item