ඒ මෝඩ රුසියානු 'විරෝධතා' ගැන

-මහින්ද පතිරණ රුසියාවේ ජනප්‍රියතම පුද්ගලයා වන පුටින් සියයට සියයක්‌ නිවැරැදි නොවනු ඇත. ඇරත් එවන් දේශපාලකයන් කුමන රටක...

-මහින්ද පතිරණ
රුසියාවේ ජනප්‍රියතම පුද්ගලයා වන පුටින් සියයට සියයක්‌ නිවැරැදි නොවනු ඇත. ඇරත් එවන් දේශපාලකයන් කුමන රටක නම් වේ ද? එහෙත් එකක්‌ කිව යුතු ය. ඒ නින්දාසහගත සෝවියට්‌ කඩා වැටීමෙන් පසු රුසියාවට ආත්ම ගෞරවය නැවතත් රැගෙන ආවේ පුටින් ය. තමාට හිතුමතේ විරෝධතා ව්‍යාපාරවල යෙදෙන්නට නීතිය හා සාමය නැවත වරක්‌ රට තුළ ස්‌ථාපනය කළේ පුටින් ය. ආර්ථික සෞභාග්‍ය රැගෙන ආවේ ද පුටින් ය. වර්තමානයේ ඇමරිකාව රුසියාවට අවම වශයෙන් ඩොලර් බිලියන 600 ක ණය ගෙවීමට තිබේ. ඇමරිකානු ණය අර්බුදය උත්සන්න වී තම රටට තිබෙන ණය වාරික ගෙවා දැමීමට නොහැකිවන තත්වයක්‌ තුළ පුටින් ප්‍රකාශ කළේ "තම අර්බුදයේ කොටසක්‌ ලෝකයට උරුම කර නොදී ඇමරිකාව තමාට හැකි පමණින් පමණක්‌ ජීවත් විය යුතු" බව ය. ඇමරිකාවට රිදෙන්නේ මෙතැන දී ය.

බොරිස්‌ යෙල්ට්‌සින් විසින් ඒ මහා රුසියාව ඇමරිකාවට හා සෙසු යුරෝපා රටවලට උකස්‌ කරන්නට ඔන්න මෙන්න කියා තිබිය දී 1999 වසරේ දී හිටපු කේජීබී නිලධාරි විලැඩිමීර් පුටින් බලය අතට ගත්තේ ය. සෝවියට්‌ පාලනයෙන් පසු බලය ගත් යෙල්ට්‌සින් කෙතරම් නිවටයෙකු ද කියනවානම් ඔහු වරක්‌ ප්‍රකාශ කළේ "අනේ මේ සමාජවාදය අපේ රටේ අත් හදා නොබලා අප්‍රිකාවේ රටක එසේ නොකළේ ඇයි. අපිට දැන් එහෙම කිරීම නිසායි මේ දඬුවම් හම්බ වෙලා තියෙන්නේ" යන්න ය. යෙල්ට්‌සින්ගේ දීන අඳෝනාව බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීහු මහත් උත්සවශ්‍රීයෙන් උපුටා දැක්‌වූයේ සෝවියට්‌ කඳවුරේ පරාජයේ සංකේතය ලෙස ය. එම නිවට දේශපාලකයා යටතේ තමාගේ නිෂ්පාදන සඳහා අපූරු වෙළඳපොළක්‌ හමු වූ බව සිතමින් බටහිරයා එය දැහැ ගැනීමට කෙළ හලමින් සිටියේ ය. මේ සියලු අපේක්‌ෂාවන් සුන් වූයේ පුටින්ගේ ආගමනයත් සමග ය. තමාට අවශ්‍ය පරිදි පුටින් නැටවීම කළ නොහැකි බව දැනගත් බරක්‌ ඔබාමා වරක්‌ ප්‍රකාශ කළේ පුටින්ගේ අඩක්‌ අතීතයේ දී අනෙත් අඩ පමණක්‌ වර්තමානයේ ද පවතින බව ය. ඇමරිකාවට අවශ්‍ය කළේ ගෙඩි පිටින් ම ඔහු නව ලිබරල් ව්‍යාපෘතිය වෙත රැගෙන ඒමට ය.

පුටින්ට එරෙහිව හා පැවති පාර්ලිමේන්තු මැතිවරණය විවේචනය කරමින් රුසියාවේ පැවති විරෝධතා සංවිධානය කරනු ලැබූයේ මැතිවරණයේ දී පරාජයට පත් ලිබරල් නැම්මක්‌ සහිත පක්‌ෂ විසිනි. සංවිධායකයන් අතර මහජන නිදහස්‌ පක්‌ෂයේ ව්ලැඩිමීර් රිස්‌කොව් හා බොරිස්‌ නෙම්ට්‌සොව් ප්‍රධාන තැනක්‌ ගන්නේ ය. අනෙක්‌ පුද්ගලයා වන්නේ 35 හැවිරිදි අනෙක්‌සි නවල්නි ය. මේ පුද්ගලයන් තිදෙනා ම ඇමරිකානු රජය විසින් අරමුදල් සපයන "නැෂනල් එන්ඩොව්මන්ට්‌ ෙµda ඩිමොක්‍රසි" හා "ලෝක ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපරය" යන සංවිධානවල ක්‍රියාකාරී සාමාර්කයන් ය. බ්‍රිතාන්‍යයේ දූෂීත මාධ්‍ය ගොන්නට අයත් ටෙලිග්‍රාµa පුවත්පත 52 හැවිරිදි බොරිස්‌ නෙම්ට්‌සොව්ගේ විරෝධතා සම්බන්ධය විස්‌තර කළේ පහත එන පරිදි ය. "බොරිස්‌ නෙම්ට්‌සොව් නැවත මැතිවරණයක්‌ සඳහා ඉල්ලා සිටින්නේ ය. බොරිස්‌ නෙම්ට්‌සොව් යනු රටේ ලිබරල් පක්‌ෂයේ ප්‍රධාන චරිතයකි. විරෝධතා හේතුවෙන් ඔහු ව අත් අඩංගුවට ගෙන පසුව නිදහස්‌ කෙරුණි." යෙල්ට්‌සින්ගේ පාලන කාලයේ නියෝජ්‍ය අගමැති ලෙස කටයුතු කළේ ද මෙම බටහිර ලැදි පුද්ගලයා ය.

බටහිර මාධ්‍ය විසින් "ගෝලොස්‌" යනුවෙන් හඳුන්වන රුසියාවේ ස්‌වාධීන මැතිවරණ නිරීක්‌ෂණ කමිටුවට අරමුදල් ලැබෙන්නේ ඇමරිකා එක්‌සත් ජනපදය විසින් මෙහෙයවන "නැෂනල් එන්ඩොව්මන්ට්‌ ෙµda ඩිමොක්‍රසි" නම් සංවිධානය හරහා ය. මේ පිළිබඳ පුටින් විසින් Rජුව ම ඇමරිකාවට දොස්‌ පැවරූ අතර එය පිළිගනිමින්, ඊට ප්‍රතිචාර ලෙස ඔබාමා පරිපාලනයේ ප්‍රකාශක මාර්ක්‌ ටෝනර් මෙසේ ප්‍රකාශ කළේ ය. රුසියාවේ ක්‍රියාත්මක ඇමරිකානු ව්‍යාපෘතිවල අරමුණ වන්නේ නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ සහතික කිරීම ය. ඇමරිකාව විසින් කිසිදු රටකට මුදල් හිතුමතේ පූජා කිරීමේ ඉතිහාසයක්‌ නොමැත. දෙන සෑම මුදල් නොට්‌ටුවක ම අනෙක්‌ පස ලියවී තිබුණේ ඇමරිකානු නව ලිබරල් න්‍යාය පත්‍රයයි. එය රුසියාවට පමණක්‌ කිසිදු අරමුණක්‌ නැතිව මුදල් පරිත්‍යාග කරනවාය යන ප්‍රකාශය පිළිගනු ඇත්තේ කුඩා දරුවන් පමණි. සෝවියට්‌ සංගමය කඩා විසුරුවා ලීමට ඩොලර් කෝටි ගණන් වැය කළ ඇමරිකාව, දැන් පුටින් යටතේ වෙනත් නමකින් නැවත වරක්‌ නැඟෙන්නේ එවන් ම බලයක්‌ බව මේ වන විට ඇමරිකාව හොඳින් ම තේරුම් ගත් සත්‍යයකි. හෙළි වූ පෙන්ටගන් රහස්‌ වාර්තාවකට අනුව, සෝවියට්‌ සංගමය කඩා වැට්‌ටවීමෙන් මඳකට පසු ඇමරිකාව අවධාරණය කළේ නැවත වරක්‌ තමාට අභියෝගයක්‌ විය යුතු එවන් බලයක්‌ ලෝකයේ කොහේ හෝ බිහිවීම කුමන ක්‍රමයකින් හෝ වළකාලීම සඳහා ක්‍රියාකළ යුතු බව ය. එහෙත් 1992 දී ඇමරිකාව එසේ කියා කට ඉවතට ගෙන නැවත මොහොතකින් ආසියාව දෙස හා නැගෙනහිර ආසියාව දෙස බලනවාත් සමග ම දුටුවේ තමා පරයා යන්නට ඔන්න මෙන්න කියා තිබෙන චීනය හා රුසියාවයි.

අද ඊනියා බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සළුපිළි ගැලවී ගොස්‌ ය. එහි දුගඳ කැතකුණු දැන් මනාව ඉස්‌මතු ව පෙනේ. එතුළින් උපන් අසහනය, විරැකියාව, අදායම් විෂමතාව වැනි දෙයින් ඉච්ඡාභංගත්වයට පත් බටහිර තරුණයා එම අධම සමාජයට එරෙහි ව නැඟී සිටි විට වොෂින්ටනයේ මෙන් ම ලන්ඩනයේ ද ප්‍රතිචාරය නම් කිසිසේත් ම ලිබරල් නැත. විරෝධතාකරුවන් සියගණනින් අත්අඩංගුවට ගත් ඔබාමා හා කැමරන් පාලනය විරෝධතාකරුවන්ගේ ඇසට ගම්බිරිස්‌ කුඩු ගසන මට්‌ටමට ම 'ලිබරල්' වූවේ ය. අවම වශයෙන් සාධාරණ කාරණයක්‌ උදෙසා විරෝධතා දැක්‌වීමේ අයිතිය පවා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් තමන්ගේ ම නීතීය හරහා අද මංකොල්ල කා තිබේ. අද දින අරාබි නැඟීම්වලට සමාන කරමින් රුසියානු විරෝධතා ආවරණය කරන බටහිර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සති දෙක තුනක්‌ යන තුරුම වෝල් වීදි විරෝධතා පිළිබඳ දැක්‌ වූයේ අඳ ගොළු බිහිරි ප්‍රතිපත්තියකි. එක්‌ අවස්‌ථාවක ලන්ඩන් විරෝධතාව පිළිබඳ ඩේලිමේල් පුවත්පත කෙතරම් 'නිරුවත්' වූයේ ද කිවහොත් විරෝධතාවට සම්බන්ධවූවන් පිළිබඳ 'මුඩුක්‌කු' ප්‍රතිරූපයක්‌ නංවනු වස්‌ එදින ඔවුන්ගේ ප්‍රධාන සිරස්‌තලය වූයේ "අනුද්ධකරණය, මූත්‍රාකරණය හා අංක එකේ මත්ද්‍රව්‍ය" යනුවෙනි. විරෝධතාකරුවන් විසින් අටවාගෙන සිටි කුඩාරම් අසල ඉඳගෙන සිටි බල්ලන් හා පූසන් ද යාචක ස්‌වරූපයක්‌ ගත් මහලු මිනිසුන් ද එම පුවතේ පින්තූර ලෙස යොදාගෙන තිබිණි. අධම ධනවාදයට එරෙහි ව වීදි බසින විට ඒ සමග උරෙ'නුර ගැටිය යුතු ව තිබුණ ද මාධ්‍ය විසින් ආරක්‌ෂා කරන්නේ සියයට 99 නොව ඒ ධන කුවේර සියයට 1 බව පැහැදිලි ය. එහෙත් මොවුන්ට අනුව රුසියානු විරෝධතාවලට සහභාගී වූ අය "උගත්, බුද්ධිමත්, තරුණ මධ්‍යම පාන්තිකයන්" ය.

රුසියාවේ පසුගිය සෙනසුරාදා පැවති විරෝධතා ව්‍යාපාරවලට පැමිණි 50,000 ක පමණ ජනතාව විසින් අත්කර ගන්නා එක ම අරමුණ වනු ඇත්තේ හීනවල පමණක්‌ තිබෙන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයකි. එහෙත් ඒ වෙනුවෙන් ඔවුන් බිල්ලට දෙන්නේ දැවැන්ත දේශයක ස්‌ථාවරත්වය හා එහි ප්‍රතිඵලයක්‌ ලෙස ලද අභිමානය බව අමතක නොකළ යුතු ය. රුසියානු විරෝධතාකරුවන්ට අවශ්‍ය වන්නේ දීන රටක්‌ හා සමාජයක්‌ නම් ඉන් ද කම් නැත. 


බ්‍රිතාන්‍ය 'පොට වරද්දා' ගනී,
යුරෝපය ජර්මනිය වටා රොක්‌ වෙයි


මේ හිට්‌ලර් විසින් ලෝකය සියතට ගැනීමට පිඹුරුපත් සකස්‌ කරමින් සිටි නාසි සමය නොවේ. ඒ භයානක යුගය පසු වී දැන් අඩ සියවසකටත් වඩා කල් ඉකුත් වී තිබේ. එහෙත් එපමණ කලක්‌ ගොස්‌ ද ඇන්ග්ලෝ සැක්‌සන් මිත්‍ර පාක්‌ෂිකයන් විසින් තමා මත මුදාහළ විනාශය හා එහි ලැ-ජාව ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්ට අමතක ව ගොස්‌ ඇතැයි සිතිය නොහැකි තරම් ය. ලෝකය 21 වැනි සියවසේ එළිපත්තට එළඹියා පමණි. චක්‍රය පූර්ණ වටයක්‌ ගොස්‌ නැවත පැමිණ තිබේ. යුරෝපය නැවතත් ජර්මන් අධිරාජ්‍යයක්‌ වෙත සේන්දු වෙමින් තිබේ. මේ පවත්නේ යුරෝපයේ ජර්මානු මොහොතයි. අද බලසම්පන්න චර්චිල් නැත. ඒ වෙනුවට බ්‍රිතාන්‍ය පාලනය කරන්නේ දුබල ඩෙවිඩ් කැමරන් ය. ඔහු යටතේ අනාගත බ්‍රිතාන්‍ය සමාන කළ හැකි වනු ඇත්තේ සුප්‍රකට "පිල්ග්‍රිම්ස්‌ පොග්‍රෙස්‌" කෘතියේ එන නැඟිටින්නට හෝ නොහැකි ව තම පැරැණි වීරකම් සිහිකරමින් යනෙන මිනිසුන් දෙස කනගාටුවෙන් බලාසිටින යෝධයාගේ තත්ත්වයට ය.

ජර්මන් අණ යටතේ ප්‍රංශයේ ද උදව් සහිත ව යුරෝපය බේරාගැනීම සඳහා රැගෙන ආ යුරෝපා ගිවිසුම් ප්‍රතිසංස්‌කරණවලට එරෙහි ව පසුගිය දා බ්‍රිතාන්‍ය විසින් තම නිෂේධ බලය යොදන ලදී. කැමරන් ද එදා චර්චිල් මෙන් දරුණු ප්‍රතිප්‍රහාරයකට සූදානම් වූවේ ය. එහෙත්, මෙවර වෙනසක්‌ විය. ඒ ජර්මන් නායකත්වය යටතේ සෙසු රටවල් 26 ට එරෙහි ව බ්‍රිතාන්‍යයට තම සටන තනිව පමණක්‌ කිරීමට සිදුවීම ය. සාකච්ඡා අතරතුර එක්‌ තැනක දී කැමරන් හා මර්කල් අතර වූ බහින් බස්‌ වීමක්‌ ඉ`ගි කළේ දෙරට අතර පවතින ඒ ජන්මාන්තර ගැටුම ය. "යුරෝපා මහ බැංකුව ඔයාට අයිති නෑ" යි කැමරන් කියන විට ජර්මනිය දැන් එදා සේ පසු බැසීමට සූදානම් නොවන බව දක්‌වමින් මර්කල් ප්‍රකාශ කළේ "ඒත් අපිට ඕන විදියට ඒක පාවිච්චි කරන්න පුළුවනි" යනුවෙනි. එහෙත් පෙර පරිදි ම බ්‍රිතාන්‍ය කල්පනා කළේ මෙවර ද මීට වසර 20 කට පෙර නිර්මාණය කළ යුරෝපා හවුල දෙකට බෙදීමේ හැකියාව තමාට ලැබෙනු ඇත යන්න ය. විශේෂයෙන් ම කැමරන්ට අවශ්‍ය වූයේ යුරෝපා හවුලේ සිට ම යුරෝ මුදල භාවිත නොකරන රටවල් 10 තම අණසකට ගැනීමට ය. එහෙත් මුල දී බ්‍රිතාන්‍ය සමග සිටි චෙක්‌ රාජ්‍ය, හංගේරියාව හා ඩෙන්මාර්කය පවා අවසාන මොහහොතේ දී බහුතරයේ ස්‌ථාවරය වැළඳ ගත්හ. බ්‍රිතාන්‍ය පරාජයට පත්වූවේ ය. කැමරන් ඉල්ලා සිටි ඉල්ලීම් කිහිපයක්‌ අතරින් ප්‍රධාන දෙකක්‌ වූයේ ජාතික රාජ්‍ය බලයන් එහි සිට යුරෝපියානු මධ්‍යම නියාමකයෙකුට දීමක්‌ සිදු වුවහොත් එහි දී නිෂේධ බලය පාවිච්චි කිරීමේ හැකියාව හා යුරෝපියානු බැංකු අධිකාරිය ලන්ඩනයේ ම පවත්වාගෙන යැමට වන එක`ගතාවකි. එහි දී බ්‍රිතාන්‍යය නොකියා කියන්නේ තම මූල්‍ය සේවා ආයතන ටික පමණක්‌ යුරෝපා නියාමන නීතියෙන් පිටත පිහිටුවීමට අවසර දෙන ලෙසයි. එහෙත් ඒ බ්‍රිතාන්‍ය ඉල්ලීම්වලට ඉඩදීමට ජර්මනිය හා ප්‍රංශය එක`ග නොවෙති. කොටින්ම මුළු යුරෝපයක්‌ වලපල්ලට යවමින් ලන්ඩන් නගර කේන්ද්‍ර කරගත් නව ලිබරල් බැංකු ටික පමණක්‌ රැක ගන්නා බ්‍රිතාන්‍ය ඉල්ලීම්වලට ඔවුනට එක`ග විය නොහැක. අන්තිමේ දී වත්මන් මූල්‍ය අර්බුදය නිර්මාණය කළේ ද මෙම ආයතන විසින් ය. වරෙක සිතෙන්නේ බ්‍රිතාන්‍ය පාලනය කරන්නේ බැංකු විසින් බැංකු සඳහා බව ය. පරාර්ත ව සියරට බලා යැමට මොහොතකට පෙර මිදි තිත්ත වූ නරියෙකුගේ කතාවක්‌ සිහි ගන්නවමින් කැමරන් ප්‍රකාශ කළේ තමාට 'බිරිඳ මාරුකර ගැනීමේ සාදවලට' සහභාගී වීමට සැලසුම් නොමැති බව ය. ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු බ්‍රිතාන්‍යය විසින් යුරෝ මුදල් හවුලෙන් තමන් වෙත පමණක්‌ සහන ඉල්ලා සිටීම සමාන කර තිබුණේ බිරිඳ මාරුකර ගැනීමේ සාදයකට එන විට තම බිරිඳ නැතිව පැමිණි ස්‌වාමි පුරුෂයකුට ය.

පසුගිය සමය පුරා ම බ්‍රිතාන්‍යයේ සෑම මාධ්‍යයක්‌ ම පාහේ කතුවැකි පිට කතු වැකි පළකරමින් ජර්මනියට එරෙහි නිර්දය මත යුද්ධයක්‌ මෙහෙයවමින් සිටියේ අන් කිසිවක්‌ නිසා නොව ජර්මනිය විසින් යුරෝපය රැකගැනීම සඳහා අවශ්‍ය කැපකිරීම් කිරීමට සූදානම් නොවන බව කියමිනි. එහෙත් නියම කඩාකප්පල් කාරය, සිට ඇත්තේ තම රටේ ම බව දුටු ඒ මාධ්‍ය තම නිරුවත වසා ගැනීම සඳහා අවරණයක්‌ සොයමින් තේම්ස්‌ නදිය හා බිග් බෙන් කුළුණ වෙත වහා දිවගියහ. ඩෙවිඩ් කැමරන් විසින් යුරෝ ගිවිසුමට ප්‍රතිසංස්‌කරණ හඳුන්වා දෙන ඡන්දයේ දී තම අවසන් තුරුම්පුව වූ නිෂේධ බලය යොදා ගත්තේ යුරෝපයේ ආරක්‌ෂාව පතා නොව ලන්ඩන් නගරයේ ආරක්‌ෂාව පතා ය. ජර්මනියේ මර්කල් බ්‍රිතාන්‍ය තත්ත්වය මනා ව පහදා තිබිණි. ඇය ප්‍රකාශ කළේ "කැමරන් කිසි කලෙකත් යුරෝපය සමග නොසිටි" බව ය. ජර්මන් අදහස ම ප්‍රංශ ජනාධිපතිවරයා විසින් මෙවර සමුළුවට පෙර පැවති යුරෝපා සමුළුවේ දී අගමැති කැමරන්ට 'සුද්ද සිංහලෙන්' ම පවසා තිබුණි. ඔහු එවර කීවේ "ඔබට කට වහගෙන සිටීමට තිබූ වැදගත් අවස්‌ථාවක්‌ ඔබ මඟහැරීය." යනුවෙනි. මේ අතර, ජර්මන් පුවත්පත් මෙවර බ්‍රිතාන්‍ය නිෂේධය හෑල්ලු කර තිබුණේ "අපට බ්‍රිතාන්‍යට වඩා යුරෝපය වැදගත්" බව පවසමින් ය.

මර්කල්ගේ මෙන්ම ලේ මොන්ඩේ හා ස්‌පීගල් වැනි ජර්මන් පුවත්පත්හි කතාව ඇත්ත ය. රටවල් 17 විසින් 2000 වසරේ දී යුරෝ මුදලට සම්බන්ධ වීමේදී බ්‍රිතාන්‍ය මූල්‍ය එකතුවට එකතු නොවීමට වගබලා ගන්නා ලදී. එක මුදලක්‌ මත මට්‌ටම් වීම තුළින් මුළු යුරෝපය සමග පෑහීමට බ්‍රිතාන්‍යයට අවශ්‍ය නොවී ය. සෙනගන් වීසා ක්‍රමය පවා බ්‍රිතාන්‍යයට වලංගු නොවේ. බ්‍රිතාන්‍යට යුරෝපයට වඩා උණුසුම් මිතුරෙකු අන් තැනක විය. කුඩා බඩේ අමාරුවක දී පවා ඔවුන් නිතර ම ගියේ අත්ලාන්තික්‌ සාගරයෙන් එපිට පිහිටි ඇමරිකාව දෙසට ය. මේ අතර, වරින්වර යුරෝපය සමග වන දීගය පිළිබඳ හරයාත්මක ගැටලු බ්‍රිතාන්‍ය තුළ මුතු වුවද එය නිෂේධ බලයක්‌ දක්‌වා ගමන් නොකළේ ය. මාර්ගරට්‌ තැචර් හා ජොන් මේජර් යන දෙදෙනා ම විසින් යුරෝපය වෙනුවෙන් තමා නිය ම වශයෙන් ම පෙනී සිටිනවාද යන්න තීරණය කිරීමට සිදු වීමේ දී ඔවුහු කැමරන් කළ දෙය කිරීමට ඉක්‌මන් නොවූහ. කෙසේ වෙතත්, තිරය යටින් සැමවිට ම බ්‍රිතාන්‍යයට අවශ්‍ය වූයේ යුරෝපා ගිවිසුම සමග පැමිණෙන වෙළඳපොළ වරප්‍රසාද බුක්‌ති විඳින අතර තුරම ඊට අවශ්‍ය කැපකිරීම් කිරීමට තිබූ අකමැත්තයි.

බ්‍රිතාන්‍ය නොමැති ව යුරෝපය එක`ග වූ නව මූල්‍ය සංධානය සාර්ථක හෝ අසාර්ථක වේද යන්න තාමත් කිව නොහැකි ය. නව හවුලට ඉදිරියේ දී ඒමට නියමිත ඉතාලිය හා ස්‌පාඤ්ඤය වැනි කලාපයේ මහා ආර්ථිකයන්හි මහා ණය බිල්වලට මුදල් සෙවීමට හැකි නොවනු ඇත. එහෙත් තනිව මියෑදෙනවාට වඩා එක්‌ව මියෑදීම වඩාත් "විප්ලවකාරී" ය. නව ප්‍රතිසංස්‌කරණ ඒ සඳහා ය. ඒවාහි මූලික අරමුණ වූයේ යුරෝ මුදල භාවිත කරන රටවල් 17 අතුළු සෙසු යුරෝපා රටවල් එක්‌ සමීප හා වඩාත් දැඩි මූල්‍ය හවුලකට එක්‌කර ගැනීම ය. ඊට අනුව අදාළ කලාපයේ රටවල් විසින් තම අයවැය සැකසීමේ දී අෙන්‍යන්‍ය වශයෙන් එක්‌ව සිදු කිරීමට එක`ග වීමයි. උදාහරණයක්‌ ලෙස ඉදිරියේ දී ග්‍රීසිය හා ස්‌පාඤ්ඤය වැනි විපතට පත් රටවල් සේ ම සෙසු ඕනෑම රටක්‌ තම අයවැය ප්‍රතිපත්තියේ දී තමා මෙවර කෙතරම් ප්‍රමාණයක්‌ බදු වශයෙන් අය කරන්නේ ද යන්න තීරණය කිරීමේ දී යුරෝපයේ තම සෙසු සගයන්ගෙන් එය විමසිය යුතු ය. මෙම නීතිය සාධාරණ ය. නිදහස්‌ වෙළඳපොළ යනු ඇත්ත වශයෙන් ම 'නිදහස්‌' එකක්‌ නොවේ. එය නිරන්තරයෙන් ම අෙන්‍යාන්‍ය ලෙස සමස්‌තයට බැඳී ඇත. නව ප්‍රතිසංස්‌කරණ වලින් රටවල ස්‌වෛරීභාවය වියෑකී යන බවට නැඟෙන ගැටලුවකි. ජර්මනියේ 'ඩෙයර් ෂ්පීගල්' ස`ගරාව නව ප්‍රතිසංස්‌කරණ තුළින් යුරෝපය ෙµඩරල් රාජ්‍යක්‌ දෙසට ගමන් කරමින් සිටින බව ප්‍රකාශ කළේ ය. එය ඇත්ත ය. ගෝලීය ආර්ථික පද්ධතිය තුළ ජාතික ස්‌වෛරීභාවය යනු දවල් සිහිනයකි. කැමරන්ලා අද හසුව තිබෙන්නේ ඔවුන් විසින් තුන්වැනි ලෝකයට ලිබරල්කරණය පිළිබඳ 'ටියුෂන්' දුන් විට එම රටවල් රැවටීමට යොදා ගන්නා බේගල්වල ම බව පැහැදිලි ය. අහෝ ෙ€දයකි.

බ්‍රිතාන්‍ය මෙවර බ්‍රසල් සමුළුවේ දී කොතරම් හුදකලා වී ද යත් කැමරන් විසින් එක්‌ අවස්‌ථාක දී සර්කෝසිට අතට අත දීමට උත්සාහ කළ අවස්‌ථාවේ දී සර්කෝසි එය වහා ප්‍රතික්‌ෂේප කළේ ය. එහෙත් බ්‍රිතාන්‍ය තනි වන්නේ යුරෝපය තුළ ඔවුන්ට අතට අත දීමට කෙනකු සොයා ගැනීමට නොහැකි වීම තුළ පමණක්‌ නොවේ. මින්පසු යුරෝපය විසින් යුරෝපය සම්බන්ධයෙන් ගන්නා තීරණවලට දී බ්‍රිතාන්‍ය සඳහා එහි අසුනක්‌ නොතිබෙණු ඇත. එහෙත් යුරෝපා ප්‍රජාව විසින් ගන්නා තීරණ ලන්ඩනයට ද බලපාන බව අ`ගහරුවාදා දින යුරෝපා කොමිසම අනතුරු අ`ගවා සිටියේ ය. මින් ගැලවීමට නම් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු ය. එසේ ඉවත් වීමක්‌ විසින් බ්‍රිතාන්‍යයට පමණක්‌ නොව යුරෝපයට ම අතිශය අසුබ විපාක ගෙනෙනු ඇත. බ්‍රිතාන්‍ය සිර වී ඇත්තේ එසේ මෙසේ පඹගාලක නම් නොවේ. විටෙක විළි ලැ-ජාව පසෙක ලා බ්‍රිතාන්‍ය විසින් 'ජාතික අභිලාෂයන්' වෙනුවෙන් බව පවසමින් මෙම ගිවිසුම නැවත අත්සන් කිරීමට ද බැරි නැත. මෙය ප්‍රතික්‌ෂේප කළේ ද 'ජාතික අභිලාෂයන්' වෙනුවෙන් බව පවසිමිනි. පොදු අරමුණක්‌ වෙනුවෙන් පොදු තීරණයක්‌ නොගැනීමේ විපාක දරුණු ය. තව ද දැන් වොෂින්ටනයට බ්‍රිතාන්‍ය සබඳතාව පිළිබඳ නැවත වරක්‌ සිතා බැලීමට සිදුවනු ඇත. ඇමරිකාව විසින් බ්‍රිතාන්‍ය සැලකුවේ යුරෝපයට යන පාලමක්‌ ලෙස ය. එම පාලම් මාර්ගය කැඩී ගිය තැන දැන් ඇමරිකාව විසින් යුරෝපයට යැමට බ්‍රිතාන්‍ය හරහා නොගොස්‌ ප්‍රංශය හෝ ජර්මනිය හරහා එය කිරීමට පෙළඹෙනු ඇත. චීනය හා සෙසු රටවල් ද එසේ කරනු නොඅනුමාන ය. ලන්ඩනයේ ස්‌ථාපනය කර තිබෙන විදේශ බැංකු විසින් දැන් සිතමින් සිටිනු ඇත්තේ තවදුරටත් මෙම තනි වූ රට තුළ සිටීමෙන් කුමන ඵලයක්‌ තිබේ ද යන්න ය. ගෝලීය ලෝකයක සබඳතා ගොඩනැඟෙන්නේ අදාළ රට එකී ගෝලීය වටපිටාව තුළ කෙතරම් බලසම්පන්න ද යන කාරණය මත ය. වියෑකුණු අතීත ගර්වය මත සිටි කැමරන්ට එය අමතක වූවේ ය.


"ෙඩ්‍රාaන් යාත්‍රාව දෙන්නේ නෑ"- ඉරානය


විද්යුත් ප්‍රහාරයකින් බිම හෙළු ඇමරිකාවට අයත් ආර් කිවු 170 නම් නියමුවන් රහිත ඔත්තු යානාව නැවත වරක්‌ ඇමරිකාවට නොදෙන බව ඉරානය ප්‍රකාශ කළේ ය. ඔබාමා විසින් කරන ලද ඉල්ලීම්ට අනුව යානාව නැවත දෙනු වෙනුවට ඇමරිකාව තම ගුවන් සීමාව උල්ලංඝනය කිරීම සමබන්ධයෙන් තමාගෙන් සමාව ගග යුතු බව ඉරානය කියා සිටී. හානියට පත් නොවූ යානය ඉරාන ජාතික රූපවාහිනියේ විකාශය වීමත් සමගම ඇමරිකාව තම පරාජය පිළිගත්තේ ය. ඔවුන් කීවේ යානාව ඉරානය විසින් බිම හෙළුවා නොව කාර්මික දෝෂයක්‌ නිසා කඩා වැටුණු බව ය. එහෙත් එසේ වූවානම් අදාළ යානය නිරුපද්‍රිත ව තිබීමේ හැකියාවක්‌ නැත. මෙවන් යානා පියාසර කරන්නේ අඩි උහස්‌ ගණනක්‌ ඉහළිනි. ඉරානය පවසන්නේ ඔවුන් විසින් යානාව තම ගුවන් සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් තමා වෙත ගෙන්නා ගත්තේ විද්යුත් මෙහෙයුමකින් බව ය. මෙය විශ්වාස කළ හැකි වන්නේ යානයේ විනාශ නොවූ ස්‌වභාවයයි.

මෙය ඇමරිකාවට වඩාත් රිදුම් දෙන්නේ එය රාජ්‍ය තාන්ත්‍රික පරාජයක්‌ ද නිසා ය. ෙඩ්‍රාaන් යානා යොදාගෙන පාකිස්‌ථාන-ඇµaගන් දේශ සීමාව අවට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් මේ වන විට සිවිල් වැසියන් 2500 කට අධික පිරිසක්‌ මිය ගොස්‌ තිබේ. එහෙත් මේ එකදු ප්‍රහාරයක්‌ පිළිබඳ හෝ ඇමරිකාව වගකීම බාර ගන්නේ නැත. එහෙත් ජාත්‍යන්තර නීති කඩමින් ඉරාන අහස උල්ලංඝනය කිරීම ඒ මහසොහොන් ප්‍රහාරවල අයිතිකාරයා පිළිබඳ රහස අතේ පත්තු වීමකි.

ඉරානය විසින් මෙම යානාවේ ආලේප කර තිබෙන රේඩාර් තිරවලට හසු නොවන සුළු තීන්ත වර්ගයේ රසායනික සංයුතිය හඳුනාගන හොත් එය ඇමරිකානු බුද්ධි සේවා ලබන දරුණු පරාජයකි. එමෙන් ම කිලෝමීටර් දස දහස්‌ ගණනක්‌ දුරින් සිටින සැකකරුවන් හඳුනා ගැනීමට හැකි අතිනවීන කැමරා තාක්‌ෂණය ද ඉරානය සතු වන ඇත.


උපුටා ගැනීම
දිවයින
2011-12-16

Related

සෝවියට්‌ 3607052663447713875

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item