කරුගේ සටනේ තේරුම?

-මනෝජ් අබයදීර දැන් විපක්‍ෂයේ මන්ත්‍රීවරු ගණන 62 දක්‌වා අඩු වී තිබේ. 2010 අප්‍රියෙල් මාසයේ පවත්වන ලද මහ ...

-මනෝජ් අබයදීර
දැන් විපක්‍ෂයේ මන්ත්‍රීවරු ගණන 62 දක්‌වා අඩු වී තිබේ. 2010 අප්‍රියෙල් මාසයේ පවත්වන ලද මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කිරීම සඳහා මන්ත්‍රීවරු 81 ක්‌ පත්වූහ. එයින් 60 ක්‌ එජාපයේ මන්ත්‍රීවරු වූහ. මොහාන් ලාල් ග්‍රේරු ආණ්‌ඩුවට එකතුවීමත් සමඟ එජාපයේ මන්ත්‍රීවරු ගණන 42 දක්‌වා අඩු වී තිබේ. විපක්‍ෂය මන්ත්‍රීවරු ගණන 62 දක්‌වා අඩු වී තිබේ. දෙමළ සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ හා එජාපයෙන් සැදී ඇති විපක්‍ෂයේ ආණ්‌ඩු පක්‍ෂයට මෙවර පිල් මාරු කර ඇති මන්ත්‍රී සංඛ්‍යාව 19 ක්‌ වන අතර එයින් 18 ක්‌ම එජාප මන්ත්‍රීවරුය. අනෙක්‌ මන්ත්‍රීවරයා අයත් වන්නේ දෙමළ සන්ධානයටය.

එජාපයේ පවතින බිඳවැටීම බලා ගැනීමට මීට වඩා තවත් සාධකයක්‌ නැතැයි කිව හැකිය. ජාතික මට්‌ටමේදී එජාපයේ මෙවැනි අඩුවීමක්‌ තිබුණද ප්‍රාදේශීය මට්‌ටමේදී එජාපය මීට වෙනස්‌ව යමින් පෙරළිකාර ලෙස කටයුතු කළ ස්‌ථාන දෙකක්‌ කළුතර දිස්‌ත්‍රික්‌කයේදී දැකගැනීමට හැකිවෙයි.

එ.ජ.නි.ස.ය විසින් බහුතර බලයකින් ජයග්‍රහණය කර තිබෙන දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ අයවැය වාර්තාව, පිට පිටම දෙවැනි වතාවටත් සම්මත කර ගැනීමට නොදෙන තැනට එහි විපක්‍ෂ නායක උදිත ඉලේපෙරුම කටයුතු කර තිබිණි. සභාපතිවරයාට එරෙහිව ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්‌ ද එකතු කර ගනිමින් උදිත මෙම කාර්යයේ නිරත විය. එසේම ප්‍රාදේශීය සභාවේ බහුතර මන්ත්‍රීන්ගේ අත්සනින් යුක්‌තව, සභාපතිවරයාගේ දූෂිත අක්‍රමිකතා සඳහන් පෙත්සමක්‌ ද වගකිවයුතු අංශවලට බාරදීමට තරම් දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායකවරයා ඉදිරියට පැමිණ තිබිණි.

වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේද මේ හා සමාන තත්ත්වයක්‌ උද්ගත වෙමින් තිබේ. බහුතර බලය හිමි එජනිසයේ සභාපතිට එරෙහිව එහි විපක්‍ෂ නායක දිලිප් පිටිගල විසින් එජනිස මන්ත්‍රීවරු ද එකතු කරගත් සන්ධානයක්‌ ගොඩනඟමින් තිබේ. ඒ අනුව සභාපතිවරයාගේ යෝජනා පැරදීමට ද විපක්‍ෂයට හැකියාව ලැබී තිබේ.

වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ එසේ වන විට, දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ අයවැය බලය හිමි එජනිසය පැරදෙන විට, පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරන විට ග්‍රේරෝ ආණ්‌ඩුවට එක්‌විය. ගමේදී එජාපය පෙරළි කරන්නට පටන්ගෙන තිබෙන විට රටේදී එජාපය දිය වෙමින් යන්නේ ඇයි?

එජාප අභ්‍යන්තරයේ තිබෙන බල අරගලය මේ සඳහා බලපා තිබෙන ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැකිය. එම බල අරගලය ඇතිවීම කෙරෙහි එජාපය පරාජය වීම බලපා තිබෙන අතර දැන් දිගින් දිගටම එජාපය දියවීම කෙරෙහි බලපා තිබෙන්නේද බල අරගලයි. බල අරගලය, පරාජයටත්, පරාජය, බල අරගලයටත් ලෙස දේශපාලන බංකොලොත්භාවය සඳහා වන විෂම චක්‍රයට දැන් එජාපය, මුහුණ දී තිබේ. ගමේ සිටිනා ප්‍රාදේශීය එජාප නායකයන් සන්ධානයේ ගැටුම්, ජනතාවගේ වුවමනාවන් ආදිය කළමනාකරණය කරමින් එජනිසය ජයගත් ප්‍රාදේශීය සභාවල සභාපති පුටු "රත්" කරන විට එජාපය පල්ලමට යමින් සිටින්නේ නායකත්වයේ පුටුවට ඇතිවී තිබෙන බල අරගලය හේතුවෙනි.

මෙතරම් ප්‍රබල පාර්ලිමේන්තු බලයක්‌ ලබාගෙන සිටින මහින්ද රාජපක්‍ෂට සන්ධානයේ ලේකම් කැඳවා, ඉහත ප්‍රාදේශීය සභාවල සන්ධාන මන්ත්‍රීවරු විපක්‍ෂය සමඟ සිටී නම් ඔවුන්ගේ පාක්‍ෂිකත්වය තහනම් කරන්න කටයුතු කරන්නැයි නියෝග දෙන තැනට ගමෙන් එජාපය ප්‍රතිචාර දක්‌වන විට, පාර්ලිමේන්තුවේ එජාප මන්ත්‍රීවරු සම්බන්ධව මහින්ද කියන්නේ "ඒ අය එන්න හදනවා, මම දොර වහලා දාලයි තියෙන්නේ..." කියාය.

පරිණත දේශපාලනඥයෙක්‌ ලෙස එජාපය මුදුනේ ඇති පොරයෙන් වාසි ගැනීමට මහින්ද හපන්ය. ඌන ව්‍යාපාර හා ඌන යෝජිත වත්කම් රජයට පවරා ගැනීම සඳහා වූ පනතට එජාපයෙන්, ආණ්‌ඩුවට දැනෙන විරෝධතාවක්‌ එල්ල විය. ඒ සමඟම සරත් ෙµdන්සේකා නිදහස්‌ කර ගැනීමේ සටනට ද රනිල් තදින්ම එළඹුණේය. පක්‍ෂයේ අභ්‍යන්තර ගැටුම් අස්‌සේ මෙසේ ආණ්‌ඩු විරෝධී සටන් කරන විට ආණ්‌ඩුව රනිල්ගෙන් එයට වාඩුව ගන්නේ එජාපයේ අභ්‍යන්තර බල අරගලය හේතුවෙන් කලකිරී සිටින මන්ත්‍රීවරයකු තමන්ගේ පැත්තේ වාඩිකර ගැනීමෙනි. එජාපයේ මන්ත්‍රීවරයකු ගොස්‌ ආණ්‌ඩුවේ වාඩි වූ විට එජාපයේ කැරලිකාරයන් කරන්නේ, පක්‍ෂයේ ජයග්‍රහණය සඳහා නායකත්වයේ වෙනසක්‌ අවශ්‍ය යෑයි යනුවෙන් කෑගසමින් පක්‍ෂය දෙවනත් කිරීමය.

දැන් කාලයක පටන් මේ තත්ත්වය දකිමින් එජාපයේ අභ්‍යන්තර අර්බුදයෙන් වාසි ගත්තේ මහින්ද රාජපක්‍ෂය. මොන තරමේ තර්ජන එජාපයෙන් ආණ්‌ඩුවට එල්ල වුණත් නොවැම්බර් මාසය වන විට එජාපය ඒ සියල්ල පැත්තකට දමා දෙසැම්බර් මාසයේ පක්‍ෂ නිලවරණයට පොර කා ගන්නා බව මහින්ද දනී. එයින් කවුරු දින්නත්, දිනූ පැරදූ පාර්ශ්ව අප්‍රියෙල් මාසය වන තෙක්‌ කා කොටා ගන්නා බව ද මහින්ද දනී. මේ නිසා එජාපයට ආණ්‌ඩුවට එරෙහිව වැඩ කිරීමට ඇත්තේ මාස හයක්‌ බව මහින්ද හොඳින්ම දනී.

පක්‍ෂය ජයග්‍රහණය කරවීම සඳහා ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ අවශ්‍ය බව කියමින් ප්‍රතිසංස්‌කරණවාදීන් විසින් ඉටුකළේ එජාපයට මාස හයකට අනෙකා සමඟ දේශපාලනයටත්, ඉතිරි මාස හය ඇතුළේ එකාලා සමඟ දේශපාලනයටත් තල්ලු කිරීමය. වසරක්‌ පාසා නිලධාරීන් පත්කර ගන්නා පක්‍ෂයක්‌ බවට එජාපය පත්කර ගැනීමෙන් අවසානයේදී සිදුවී ඇත්තේ මාස හයේ විපක්‍ෂයක්‌ බවට එජාපයට පත්වීමටය. එජාපයට යළි නැඟී සිටීමක්‌ අවශ්‍ය නම් මුලින්ම කළ යුත්තේ මේ මාස හයේ අර්ධකාලීන විපක්‍ෂයෙන් ඉවත්ව පූර්ණ කාලීන වාර්ෂික විපක්‍ෂයක්‌ වීමය. මෙම ප්‍රතිසංවිධාන මගින් රනිල් පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කිරීම කෙසේ වෙතත් එජාපය දේශපාලනයෙන් ඉවත් කිරීම නම් ඉක්‌මණින්ම වන බව පෙනෙන්නේ මේ නිසාය.

පක්‍ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා යෑයි කියමින් එජාප ව්‍යවස්‌ථාවට එක්‌කල සංශෝධන අනුව දැන් යළිත් වරක්‌ වාර්ෂික පක්‍ෂ නායකයන් තෝරා ගැනීමේ නිලවරණයට එජාපය සූදානම් වෙමින් තිබේ.

ඒ සඳහා මෙවර කැරලිකාර පාර්ශ්වයෙන් ඉදිරිපත් කර සිටින්නේ කරු ජයසූරිය ය. පුදුමය වන්නේ මෙයය. රනිල් එජාපය පරාජය කරා ගෙන යන බව කියන කැරලිකාර පිල විසින් රනිල්ට එරෙහිව එජාප නායකත්වයට ඉදිරිපත් කරන්නේ එජාපයේ මන්ත්‍රීවරු 17 ක්‌ රැගෙන "දෑත් ශක්‌තිමත්" කිරීමට ගිය කරු වීමය. දාහතක්‌ රැගෙන දෑත් ශක්‌තිමත් කරන්නට ගිය කරු මහින්දගේ ආණ්‌ඩුව තුළ තමන්ට තැනක්‌ නැතිවිට ආපසු එජාපයට ආවේ, තමන් රැගෙන ගිය 17 සමඟ නොව තනියෙන්ය. අඩුම ගණනේ තමන්ගේ පෞද්ගලික ලේකම්වත් යළි එජාපයට එන විට රැගෙන එන්නට කරුට නොහැකි විය. බැරි වෙලාවත් රනිල් මෙවැනි කර්තව්‍යයක යෙදුණේ නම් කැරලිකාරයෝ රනිල්ට මොනවා නොකියනු ඇද්ද? එජාප ඉතිහාසයේ මොන තරමේ අර්බුද ආවත් රනිල් තමන් එජාපය තුළ සිටි කාලයේදී සෑම විටම සිටියේ එජාපය හා එහි නායකයාගේ පැත්තේය. ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස ප්‍රේමදාසට එරෙහි දොaෂාභියෝගය ගෙන එන විට රනිල් සිටියේ ප්‍රේමදාසගේ පැත්තේය. ලලිත්ලා, ගාමිණීලා එජාපය අතහැර රාජාලියා පක්‍ෂය හදා ගන්නා විට රනිල් අලියා තනි නොකර රැඳී සිටියේය. මේ නිසා එදා ජනාධිපති ප්‍රේමදාසට සිටි විශ්වාසවන්තම පුද්ගලයකු වූයේ රනිල්ය. ප්‍රේමදාසගේ ආණ්‌ඩුවේ සභානායක ධුරය රනිල්ට හිමිවන්නේ ඒ නිසාය. එදා ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටීමට කෘතගුණ අද සජිත් විසින් රනිල්ට දක්‌වන්නේ "ප්‍රේමදාස ප්‍රතිපත්තිය" රටටම පෙන්වමිනි.

කරුද එසේය. රෝමයේ රාජ්‍යය දුර්වල වන විට එරට සිටි අධිරාජ්‍යවාදීහු වහලුන් ලවා ඒ රාජ්‍යය කරගෙන යැම සඳහා ශක්‌තිමත්භාවයක්‌ වහල් සේවයට ලබාදුන්නේය. ඉන්පසුව අධිරාජ්‍යවාදීන්ට සිදුවූයේ වහලුන්ගේ කැරලිවලට මුහුණදීමටය. 1995 වන විට එජාපය බිමටම වැටී තිබූ පක්‍ෂයක්‌ විය. එම පක්‍ෂය නඟාසිටුවීම සඳහා රනිල් විසින් අලුත් මුqහුණු පක්‍ෂයට ගෙන ආවේය. එසේ ගෙන ආ අලුත් මුහුණක්‌ වූයේ කරුය. තමන්ව දේශපාලනයට ගෙන ඒම ගැන ඒ දිනවල නිතරම කරු ස්‌තුතිය පළ කළේ රනිල් වෙතය. ඩඩ්ලිගේ මහත්මා දේශපාලනය අනුව තමන් එජාපය ගෙන යන බව මැතිරූ කරූ අවසානයේදී රනිල්ට හා එජාපයට ෙද්‍රdaහි වෙමින් මහින්දගේ සාටකයේ එල්ලුණේය. එසේ තිබියදීත් රනිල් විසින් පාක්‍ෂිකයන්ගෙන් බැණුම් අසාගෙන කරු යළිත් එජාපයට ගත්තේය. දාහතක්‌ සමඟ ගිය කරු තනියෙන් යළි පැමිණිය ද රනිල් ඔහුට එජාපයේ නියෝජ්‍ය නායක තනතුර පිරිනැමුවේය. දාහතක්‌ එක්‌ක ගිහිල්ලා තනියෙන් ආපසු එන විට නියෝජ්‍ය නායකකම දෙනවා නම් 35 ක්‌ එක්‌ක ගිහිල්ලා තනියම ආවොත් දෙන්නේ නායකකමදැයි උපන්ගෙයි යූ.ඇන්.පී. කාරයෝ රනිල්ගෙන් ඇසුවේ කරුට දුන් තත්ත්වය සම්බන්ධයෙන් විරෝධය පාමිනි. රනිල් කරුට පක්‍ෂයේ නි. නායකකම ලබාදී උඩින් තිබ්බත්, එජාප පාක්‍ෂිකයා කරුට එතැන දුන්නේ නැත. ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ එජාපයේ නායකයා වූ කරු, ගම්පහින් මනාප ලබාගත්තේ තුන්වැනියාටය. පළමු වරට මැතිවරණයට ඉදිරිපත් වූ උපේක්‍ෂා ස්‌වර්ණමාලිත්, පළමු වරට මහ මැතිවරණයට ඉදිරිපත් වූ රුවන් විඡේවර්ධනත් කරුට ඉහළින් මනාප ලැයිස්‌තුවේ තබා, කරුට පක්‍ෂයේ නියෝජ්‍ය නායකකම ලබාදීමට එජා පාක්‍ෂිකයෝ තම විරෝධය දැක්‌වූහ. යම් හෙයකින් ජෝෂප් මයිකල් ජාතික ලැයිස්‌තුවෙන් ඇතුළත් නොකර ගම්පහ එජාප ලැයිස්‌තුවෙන් තරග කළේ නම්, රන්ජන් රාමනායක රත්නපුර දිස්‌ත්‍රික්‌කයෙන් තරග කරන්නේ නැතිව ඔහු කලින් නියෝජනය කරන ලද කටාන ආසනයෙන් ගම්පහට තරග කළේ නම් කරු බොහෝ විට ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පත්වන්නේ පස්‌වැනියාටය. එවැනි ඉතිහාසයක්‌ සහිත කරු ජයසූරිය පක්‍ෂ නායකත්වයට තරග කිරීමට නම් කරන තැනට ප්‍රතිසංවිධාන පිරිස පත්වී ඇත්නම් ඔවුන්ගේ සැබෑ අරමුණ වී ඇත්තේ, රනිල් එජාප නායකත්වයෙන් එළවීම නොව එජාපය රටේ දේaශපාලනයේ එළවීම බව පෙනී යයි.

රනිල් අද නායකත්වයේ සිටීමෙන් වාසියක්‌ ලබන්නේ ආණ්‌ඩුව බව කියන ප්‍රතිසංස්‌කරණවාදීන් ආණ්‌ඩුවට වාසි ගෙන දීමට 17 ක්‌ සමඟ එජාපයෙන් ගිය කරු නායකත්ව තරගයට ඉදිරිපත් කරන්නේ අනාගතයේ එජාප ආණ්‌ඩුවක්‌ ඇතිකරන්නට ද යන ප්‍රශ්නය තිබේ. අද ආණ්‌ඩුවට ඇත්තටම අවශ්‍යව තිබෙන්නේ එජාපයේ ගැටුමය. එම අවශ්‍යතාව වාර්ෂිකව සපුරා දෙන්නේ පක්‍ෂයේ නායකයා ඇතුළු සියලු තනතුරු වාර්ෂිsකව පිරවිය යුතුය යන එජාප ව්‍යවස්‌ථාවෙනි. ඒ අතරම ආණ්‌ඩුවට ගොස්‌ එ.ජා.ප. නායකත්වය සඳහා තරග කරමින් කරු කරන්නේ ද ආණ්‌ඩුවට අවශ්‍ය එම තත්ත්වය තියුණු කර දීමය. ඒ අනුව බලන විට කරු යළිත් එජාපයට පැමිණ මේ කරන්නේ ආණ්‌ඩුවේ කොන්ත්‍රාත් එකදැයි ප්‍රශ්නයක්‌ මතුවේ.

ගමේ සිටින එජාප නායකයන් සන්ධානයේ තිබෙන ගැටුම් කළමනාකරණය කරමින් ආණ්‌ඩුවට රිද්දන විට ඒ මඟ අනුව ජාතික තලයේදී එජාපයට යැමට නොහැකිව තිබෙන්නේ මේ තත්ත්වය නිසාය.

උපුටා ගැනීම
දිවයින
2011-12-15

Related

මනෝජ් අබයදීර 5279511925042887401

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item