බටහිර අවශ්‍යතා වෙනුවෙන් ඉන්දියාව, චීනය සමග ගැටෙයි ද?

-මහින්ද පතිරණ [ජර්මන් භාෂාව පිළිබඳ කතිකාචාර්ය, සබරගමුව විශ්ව විද්‍යාලය] පාකිස්‌ථානයේ ඇමරිකානු 'අනාගැනීම' පාකිස්‌ථානයේ ඇමරිකානු &...

-මහින්ද පතිරණ
[ජර්මන් භාෂාව පිළිබඳ කතිකාචාර්ය, සබරගමුව විශ්ව විද්‍යාලය]

පාකිස්‌ථානයේ ඇමරිකානු 'අනාගැනීම'
පාකිස්‌ථානයේ ඇමරිකානු 'අනාගැනීමේදී චීනය 'වැඩට' බසී


තලේබාන් සටන්කාමීන්ට එරෙහි ඇමරිකානු යුද්ධයට සහායක්‌ ලෙස ඇෆ්ගන්-පාකිස්‌ථාන දේශ සීමාවේ මොහාමන්ඩ් ප්‍රදේශයේ ස්‌ථානගත කොට සිටින පාකිස්‌ථානු හමුදා සෙබලුන් සිකුරාදා දින නින්දට වැටෙන විට, තමා ද සමග එක්‌ ව ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධයකට එළඹ තිබෙන ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සෙබළ සගයින් විසින් තමන් වෙත ම මරණීය ගුවන් ප්‍රහාරයක්‌ එල්ල කරාවි යන සිතුවිල්ලක්‌ සිත් මානයක හෝ නොතිබුණේ ය. එහෙත් සෙනසුරාදා පාන්දර 2.00 වන්නට මේ අහිංසක සෙබලුන්ගේ ඒ සිතුවිල්ල හෙණ හඬ නගමින් පුපුරා ගියේ ය. ඒ ඇමරිකාව ඇතුළු නේටෝ බලකාය වෙත, පාකිස්‌ථානය නොදත් වෙනත් සැලසුමක්‌ තිබූ නිසා ය.

සෙනසුරාදා දින පාන්දර 2.00 පසුවනවාත් සමග ඇෆ්aගන් දේශ සීමාවට ආසන්න ව පාකිස්‌ථානයට අයත් මොහොමන්ඩ් හි බයිසාල් ප්‍රදේශයේ පිහිටි සලාලා හමුදා මුර කපොලු දෙක වෙත එල්ල වූ නේටෝ හෙලිකොප්ටර් හා ජෙට්‌ ප්‍රහාරයෙන් පාකිස්‌ථාන සෙබලු 28 දෙනෙකු නින්දේදී ම ජීවිතක්‍ෂයට පත් වූ අතර 11 දෙනෙකුට වැඩි පිරිසකට තුවාල සිදුවිය. මෙවන් අවස්‌ථාවක භාවිත කිරීම සඳහා දේශ සීමා සම්බන්ධීකාරක ඇමතුම් ක්‍රමයක්‌ ස්‌ථාපිත ව පැවතිය ද පැය දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ සිදු වූ ප්‍රහාරයේදී නේටෝ හමුදා විසින් කිසිදු අවස්‌ථාවක පාකිස්‌ථානය ආරක්‍ෂක අංශ සම්බන්ධ කර ගැනීමට කිසිදු උත්සාහයක්‌ දරා නැත. ප්‍රහාරය නවත්වන ලෙස පාකිස්‌ථානය විසින් නේටෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමෙන් පසු ද ප්‍රහාරය දිගට ම පැවතුණි. තව ද පාකිස්‌ථානය විසින් තම මුර කපොලු පිළිබඳ සිතියම් වේලාසනින් ම නේටෝ හමුදා වෙත ලබා දී තිබුණි. සෙබලුන් 40 දෙනෙකු පමණ රඳවා තිබූ මෙම මුර කපොලු පාකිස්‌ථානය විසින් මෑතකදී විවෘත කළේ ඇෆ්ගනිස්‌ථානයේ සිට තම රටට විත් ප්‍රහාර එල්ල කරන කැරලිකරුවන් මර්දනය කිරීමේ අරමුණින් ය. පාකිස්‌ථානය විසින් ඇෆ්ගන්-පාකිස්‌ථාන දේශ සීමාව තුළ භටයින් 100 000 ක්‌ පමණ ස්‌ථානගත කොට තිබේ.

කපොලුවලට මරණීය ප්‍රහාරය එල්ල වූයේ කිසිදු ප්‍රකෝප කිරීමක්‌ නොමැතිව බව පාකිස්‌ථානය පවසන විට ඇමරිකාව ප්‍රමුඛ නේටෝ බලකාය පවසන්නේ තමන් වෙත පළමු ප්‍රහාරය එල්ල වූයේ අදාළ මුර කපොල්ලෙන් බව ය. ඊට ප්‍රතිචාර ලෙස පමණක්‌ තමා ගුවන් බලය කැඳ වූ බව නේටෝ බලකාය පවසා සිටින්නේ ය. එහෙත් මීට දැඩි ප්‍රතිචාර දක්‌වන පාකිස්‌ථානය ඇමරිකාව ප්‍රමුඛ නේටෝවෙන් ඉල්ලා සිටින්නේ තමන් වෙත පළමු ප්‍රහාරය එල්ල වුයේ නම් ඉන් සිදු වූ ජීවිත හෝ දේපළ හානිය පෙන්වා දෙන ලෙස ය. මෙහි දී නේටෝව ඇෆ්ගනිස්‌ථානයේ තෝරා බෝරා කඳුවැටියටත් වඩා නිහඬය.

ගුවන් ප්‍රහාරයෙන් මියගිය සෙබලුන්ගේ ජීවිතවලට සිදු වූ හානියට අමතර ව වැඩි ම හානිය සිදු වූයේ මේ වන විටත් අඩියට ම කිඳා බැස තිබෙන තීරණාත්මක ඇමරිකා-පාකිස්‌ථාන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට ය. අවසරයකින් හෝ දැනුම්දීමකින් තොර ව පසුගිය මාර්තුවේදී පාකිස්‌ථානයේ අබොටාබාද් හි දී ඇමරිකානු විශේෂ භටයින් විසින් කළ රහසිගත මෙහෙයුමෙන් මෙන් ම ඊට මදකට පෙර පාකිස්‌ථානුවන් දෙදෙනෙකු වෙඩි තබා මරා දැමූ සී අයි ඒ ඒජන්තයෙකු වූ රේමන්ඩ් ඩේවිස්‌ හුටපටයෙන් හා මීට මාස දෙකකට පමණ ඉහත දී කාබුල් හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට ඇෆ්ගනිස්‌ථානයේ හක්‌කානි ජාලය විසින් එල්ල කළ පැය 20 ක දරුණු ප්‍රහාරය පිළිබඳ ඇමරිකාව විසින් පාකිස්‌ථානය දෙසට කළ ඇ`ගිල්ල දිගු කිරීමේ සිදුවීමෙන් පසු, සැප්තැම්බර 11 ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස බුෂ් හා මුශාරෆ් විසින් ගොඩ නැගූ දෙරට අතර දශකයක පමණ සබඳතාව තිබූ නොතිබූ ගණන් ය.

ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස පාකිස්‌ථානය විසින් ගත් ක්‍ෂණික ක්‍රියාමාර්ගය වූයේ ඇෆ්ගනිස්‌ථානයේ සිටින නේටෝ හමුදාවන්ට පාකිස්‌ථානයේ හරහා ලොරි හා ට්‍රක්‌ රථ මාර්ගයෙන් සැපයුම් ගෙනයන මාර්ගය වහා ම වසා දැමීම ය. නේටෝ බලකාය වෙත ලැබෙන ඉන්ධන ඇතුළු සියළු සැපයුම්වලින් සියයට 49 ක්‌ ම ලැබෙන්නේ මෙම මාර්ගය ඔස්‌සේ ය. එය වසා දැමීම යනු ඇෆ්ගනිස්‌ථානයේ සිදුවන නේටෝ මෙහෙයුම් අඩපන කිරීමට බොහෝ සෙයින් බලපාන සාධකයක්‌ බව අමුතුවෙන් කිවයුතු නොවේ. රුසියානු ආශිර්වාදය යටතේ තිබෙන උතුරු සැපයුම් මාර්ගය මීළ`ග සැපයුම් මාර්ගය වන අතර ඕනෑම අවස්‌ථාවක එය අවහිර කිsරීමේ හැකියාව රුසියාව සතු ය. මේ අතර, පාකිස්‌ථානය විසින් ඇමරිකාවට දුන් දෙවැනි ප්‍රතිචාරය වන්නේ දින 15 ක්‌ ඇතුළත පාකිස්‌ථානයේ බටහිර ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වන ශම්සි ගුවන් හමුදා කඳවුර වහා ඉවත් කර ගන්නා ලෙස ය. ඇමරිකාව විසින් ඇෆ්ගනිස්‌ථානයේ පාකිස්‌ථාන දේශ සීමාවේ හා ආශ්‍රිත ප්‍රදේශවල නියමුවන් රහිත ෙඩ්‍රාaන් ප්‍රහාරක යානා මෙහෙයවීමට යොදා ගත්තේ මෙම කඳවුර ය. මේ අතර, බටහිරට දෙන තවත් දෙයක්‌ කීමට තමා අපේක්‍ෂා කරන බව පාකිස්‌ථානය පසුගිය අ`ගහරුවාදා ප්‍රකාශ කළේ ය. ඒ දෙසැම්බර් මසදී ජර්මනියේ බොන් නගරයේදී පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්‌ථාන සමුළුවට සහභාගී නොවී සිටීමට ය. මීට දශකයකට පමණ පෙරදී බොන් නගරයේ ම පැවැත් වූ සමුළුවකින් ඇෆ්ගනිස්‌ථානයේ පහුගිය දශකයේ ඉරණම විසඳුණු අතර එය ස්‌මරණය කරමින් පැවැත්වෙන නව සමුළුවට පාකිස්‌ථානය සහභාගී නොවීම යනු ඇමරිකාව අපේක්‍ෂා කරන ඇෆ්ගනිස්‌ථානය බිහි කිරීමට එරෙහි යෝධ බාධකයකි. කොටින් ම මෙම සමුළුවේ එක ම අපේක්‍ෂාව වන්නේ දශකයක්‌ තිස්‌සේ කළ දැවැන්ත යුද්ධයකින් වුව මට්‌ටු කිරීමට නොහැකි වූ තලේබාන් සංවිධානය සමග සාම ක්‍රියාවලියකට යාම ය. එහෙත්, පාකිස්‌ථාන සහායක්‌ නොමැති ව ඇමරිකාවට හෝ ඇෆ්ගනිස්‌ථානයට තලේබාන් හෝ හක්‌කානි හෝ වෙනත් කැරලිකාර ජාලයක්‌ සාකච්ඡා සඳහා ගෙන්වා ගත නොහැකි ය.

දේශ සීමා ආරක්‌ෂාව පිළිබඳ ඉහළ ඒකාබද්ධ වැඩපිළිවෙළක්‌ ගැන ඇෆ්ගනිස්‌ථානයේ නේටෝ ප්‍රධානියා හා පාකිස්‌ථානයේ හමුදා ප්‍රධානියා අතර පාකිස්‌ථානයේදී සාකච්ඡාවක්‌ පැවති දිනට පසු දින සිදු වූ ගුවන් ප්‍රහාරයේ දැඩි බලපෑම හොඳින් ම දන්නා ඔබාමා පාලනය හානිය අවම කර ගැනීම සඳහා වහා පාකිස්‌ථානය අමතා ප්‍රහාරය පිළිබඳ "පරිපූර්ණ පරීක්‍ෂණයක්‌" පොරොන්දු වූවේ ය. තව ද ඉතා ම දුලබ ගණයේ ක්‍රියාමාර්ගයක්‌ ලෙස රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් හා ආරක්‌ෂක ලේකම් ලියොන් පැනේටා ඒකාබද්ධ නිවේදනයක්‌ නිකුත් කරමින් මියගිය සෙබලුන් වෙත තම දැඩි ශෝකය ප්‍රකාශ කළහ. තව ද ඇෆ්ගනිස්‌ථානයේ සිටින නේටෝ ප්‍රධානීන් විසින් ප්‍රහාරය සඳහා ඒකාබද්ධ පරීක්‌ෂණයක්‌ කරනු පිණිස පාකිස්‌ථානය හා සම්බන්ධ වීමට කොතෙකුත් උත්සාහ කළ ද ඒ සියල්ල අසාර්ථක වූයේ පාකිස්‌ථානය විසින් ඒ වන විටත් ඇෆ්ගනිස්‌ථානය සමග වූ සියලු සන්නිවේදන සබඳතා විසන්ධි කර තිබූ හෙයිනි. කෙසේ වෙතත්, ඔබාමා පාලනයෙන් පිට තිබුණේ වෙනත් කතාවකි. දෙවැනි පෙළ රිපබ්ලිකානු සෙනේට්‌ සභිකයෙකු වන ජොන් කීල් ප්‍රකාශ කළේ පාකිස්‌ථානය සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතු බවත් එරට ඇමරිකානු මුදල් මත යෑපෙන බව අවබෝධ කරගත යුතු බවත් ය. ඇමරිකාව විසින් දැඩි සේ විශ්වාස කරන කාරණයක්‌ නම් පාකිස්‌ථානය රහසේ ම තලේබාන් හා සෙසු මිලිටරි කණ්‌ඩායම් වෙත සහාය දෙන බව ය. මේ අනුව, ඇමරිකානු සෙබලුන් වෙත හෝ තම මිත්‍ර පාක්‌ෂිකයෙකුට එල්ල වන ඕනෑම ප්‍රහාරයක දී පුරුද්දක්‌ ලෙස ඇමරිකාව තම ඇ`ගිල්ල දිගු කරනුයේ පාකිස්‌ථානය වෙත ය. ප්‍රහාරයන්ට හේතුව තම බුද්ධි අංශවල තිබෙන දුබලතාව වැනි දේ පිළිබඳ ඇමරිකාව කිසි කළෙකත් තකන්නේ නැත.

කලාතුරකින් මෙවන් ගැටලුවලට බසින චීනය ප්‍රකාශ කළේ නේටෝ බෝම්බ ප්‍රහාරයෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳ තමා දැඩි දේ කණගාටු වන බවත් මේ පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු බවත් ය. පාකිස්‌ථානය විසින් චීනය සලකන්නේ තම ල`ග ම මිතුරා ලෙස හා ඇමරිකාව ඇතුළු බටහිර රටවල් වෙනුවෙට තමා සතු විකල්ප බලය ලෙස ය. බින් ලාඩන්ගේ ඝාතනය ආසන්නයේ සිදු වූ ඇමරිකා-පාකිස්‌ථාන ආරෝව පටන් ගැන්මේ දී ම අගමැති යූසුෆ් රාසා ගිලානි පවසා සිටියේ තමා සතු එක ම හා විශාලත ම සහනය චීනය බව ය. චීනය, ඉරානය හා පාකිස්‌ථානය යන රටවල් දෙක ම 2014 දී ඇමරිකාව ඇෆ්ගනිස්‌ථානයෙන් ගිය පසු එහි කඳවුරු පවත්වාගෙන යාමට වන ඇමරිකානු සැලසුම්වලට එරෙහි ව සිටින්නේ ය. ඔබාමා ඇතුළු ඩිමොක්‍රටිකයින් විසින් ඇමරිකාව නාමික ව පාලනය කළ ද එහි නියම පාලනය ඇත්තේ රිපබ්ලිකානු මානසිකත්වයක්‌ සහිත නිලධාරීන් අත ය. ඔවුන් යුදවාදී ය. අපගේ තක්‌සේරුවට අනුව පාකිස්‌ථාන සෙබලුන් වෙත සෙනසුරාදා එල්ල වූ දරුණු නේටෝ ගුවන් ප්‍රහාරයේ හේතුව පාකිස්‌ථානයේ සහය ලබතියි කියන තලේබාන් සංවිධානය විසින් මීට සති කිහිපයකට පෙර කාබුල් හිදී ඇමරිකානු ඇතුළු නේටෝ සෙබලුන් ප්‍රවාහනය කල බස්‌ රථයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයයි. කෙසේ වෙතත්, එහි ප්‍රතිඵලය නම්, 2000 දශකය ආරම්භයේ සිට ගත් මෝඩ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාදාමයන් නිසා පස්‌ස බිම ඇන ගැනීමට සිදු වූ ඇමරිකාව දැන් zමෝඩ චුන්z වෙනුවෙන් නිරපරාදේ තම තීරණාත්මක මිතුරන් ද අහිමි කර ගැනීම ය. එම හිඩස චීනය විසින් වහා පුරවනු නොඅනුමාන ය. එය 21 වැනි සියවසේ අවශ්‍යතාවකි.

බටහිර අවශ්‍යතා වෙනුවෙන් ඉන්දියාව, චීනය සමග ගැටෙයි ද?

සියවස්‌ ගණනාවකට පසුව ලෝකය තුළ නැවත වරක්‌ ආසියාව නැගී එමින් තිබියදී ආසියානු බලවතුන් කිසි ලෙසකින් හෝ ගැටුමකට යා යුතු නැත. පවතින විෂම ක්‍රමය තුළ තර`ගය අවශ්‍ය ය. එහෙත් එය ධනාත්මක විය යුතු ය. ඒ අනුව, පසුගිය සතියේ සිට ඉන්දියාව හා චීනය සම්බන්ධයෙන් නැගෙන පුවත් ආසියාවේ අනාගතය තීරණය කරණ මට්‌ටමට තල්ලු නොවිය යුතුය යන්න බොහෝ ආසියානුවන්ගේ අපේක්‌ෂාව ය. පසුගිය බ්‍රහස්‌පතින්දා චීන නිල පුවත් පත වන ශිවන්හුවා හි පළකල මතාන්තර ලිපියක සඳහන් වූයේ ඉන්දියාව චීනයේ නැගීම සම්බන්ධයෙන් "හීන මානයක" හා "දැවැන්ත ඊෂ්‍යාවක" සිටින බව ය. එම ඊෂ්‍යාව නිසා ම "චීනය විසින් ආසියාව පුරා ඉන්දියාව පාලනය කිරීම සඳහා උපක්‍රමික චෙස්‌ ලෑල්ලක්‌ එලමින් සිටිනවාය යන මායාව නිර්මාණය කරන බවට" ද ඉහත චීන කතුවැකිය චෝදනා කරන්නේ ය. බලගතු කතුවැකියේ කියවුණු අනෙත් අදහස වූයේ ඉන්දියාව විසින් කරන්නේ චීනය සමග කිසියම් අර්බුදයක සිටින කුඩා රටවල් කීපයක්‌ අල්ලා ගෙන කලාපය තුල නැගී එන චීන බලය හෑල්ලු කිරීමට මාන බලමින් සිටින බව ය.

නවතම කතුවැකිය පෙනී සිටින පසුබිම වැදගත් ය. ඉන්දියාව විසින් මෑතකදී වියට්‌නාමය සමග අත්සන් කළ මුහුදු තෙල් හා ගෑස්‌ කැනීම් ගිවිසුම පිළිබඳ චීනය පසුවන්නේ දැඩි කණස්‌සල්ලෙනි. එය මතභේදාත්මක දකුණු චීන මුහුදේ සිදුවීමට නියමිත අතර එම මුහුදු තීරයට ඒ අවට සිටින අවම වශයෙන් රටවල් දහයක්‌ තම zපරම අයිතියz ප්‍රකාශ කර සිටි. චීනය මෙම මුහුදු කලාපයට කෙතරම් සංවේදී ද කිවහොත් පසුගිය සැප්තැම්බරයේ " ඉන්දියානු නාවුක හමුදාවට අයත් අයි එන් එස්‌ ආර්යවත් නෞකාව ඊනියා හොඳ හිත චාරිකාවක්‌ සඳහා වියට්‌නාමය යන අතර තුර මත භේදාත්මක මුහුද මැදදී එකී නෞකාවට ලැබුණු ගුවන් විදුලි පණිවුඩයකින් කියවුණේ වහා චීන මුහුදෙන් පිටවන ලෙස ය. මේ අතර, ඉන්දියාව ප්‍රකාශ කර සිටින්නේ වියට්‌නාමය සමග වන ගිවිසුම පූර්ණ වශයෙන් ම වාණිජ කාරණයක්‌ මිස වියට්‌නාමය සමග පැත්ත ගැනීමක්‌ නොවන බව ය.

පාවෙමින් තිබූ දෙරට ආරෝව මහපොළොවට පැමිණියේ දලයි ලාමා තුමාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලියේ පැවැත්වීමට නියමිත ව තිබූ බෞද්ධ සම්මේලනයකට චීනයේ විරෝධය මතු වීමත් සමග ය. චීන මතයට අනුව දලයි ලාමා යනු ශුද්ධ ආගමික නායකයෙකු නොව දිගු කලක්‌ තිස්‌සේ ආගමික ධජය යටතේ බෙදුම්වාදී ක්‍රියාවල මෙන්ම චීන විරෝධී ක්‍රියාකාරකම්වල නියෑලෙන දේශපාලකයෙකු ය. ඒ කෙසේ වෙතත්, නොවැම්බර් 28 හා 29 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත ව පැවති බෞද්ධ සම්මේලනය, ඉන්දියා චීන දේශ සීමා සාකච්ඡාවල 15 වැනි සාකච්ඡා වාරයට සමගාමී ව දිල්ලියේ ම පැවැත්වීමට කටයුතු කර තිබීම චීනයේ දැඩි උදහසට ලක්‌වි ය. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වූයේ පැවැත්වීමට නියමිත ව පැවති ඉහළ පෙළේ සාකච්ඡාව අවසාන මිනිත්තුවේදී දෙරට විසින් ම දින නියමයක්‌ නොමැති ව කල් දැමීම ය. දෙරට විසින් ම සාකච්ඡාව කල් දැමීමට හේතුව අදාළ සම්මේලනය බව නිල වශයෙන් නොකීව ද නිසැකයෙන් ම එය පවතින උණුසුම් තත්වයේ ප්‍රතිඵලයක්‌ බව කිව යුතු ය. මෙම සාකච්ඡාවලට එකතුවන ඉන්දියානු විශේෂ නියෝජිතයා වන්නේ ජාතික ආරක්‍ෂක උපදේශක ශිවශංකර් මෙනන් ය. චීනය නියෝජනය කරමින් සභික දායි බින්ගුවෝ සහභාගී වන්නේ ය.

පවතින බල දේශපාලන තත්වය වඩාත් ගැටලුකාරීවන්නේ දශකයකට පමණ පසු නැවත වරක්‌ ඇමරිකාව තම සිඳී ගිය බලය නැවත අත්පත් කර ගැනීමේ අදහසින් ආසියාවේ කරක්‌ ගැසීමට පටන් ගැනීමත් සමග ය. පසුගිය සති කීපය තුළ බරක්‌ ඔබාමා හා හිලරි ක්‌ලින්ටන් නැගෙනහිර ආසියාවේ හා ඕස්‌ට්‍රෙලියාවට පැමිණියේ මෙම කටයුත්ත සඳහා ය. ඇමරිකානු මැදින් භටයින් 2500 ක්‌ පමණ ඕස්‌ට්‍රෙලියාවේ ගාල් කිරීමට දැනටමත් ඇමරිකාව කටයුතු සම්පාදනය කරමින් සිටී. හිලරි ක්‌ලින්ටන් 1962 ට පසු ප්‍රථම වරට බුරුමයේ නිල සංචාරයක නිරත වන්නේ ද නව ව්‍යාපෘතිsයේ කොටසක්‌ ලෙස ය. බොහෝ ප්‍රමාද වී වුව ඇමරිකාවට ආසියාව සිහිපත් ව ඇත්තේ දැන් දැන් යුරෝපය බහින කලාවේ සිටින නිසා ය. ඒ අනුව නැගී එන ආසියාව බෙදා අවුල් කොට ඒ තුළ තම බලය නඩත්තු කර ගැනීමට ඇමරිකාව අනාගතයේදී කිසියම් හෝ තක්‌කඩි වැඩක නියෑලෙනු නොඅනුමාන ය. මෙහි දී ඇමරිකාවට පහසුවෙන් ම පිහිනිය හැකි zකැඳ හැළියz වන්නේ දකුණු චීන මුහුද පිළිබඳ චීනය හා කලාපයේ සෙසු රටවල් වන වියට්‌නාමය, පිලිපිනය හා දකුණු කොරියාව වැනි රටවල් අතර තිබෙන අර්බුදයයි. මෙම තත්වය මතකයට නගමින් නොවැම්බර් මැද පැවති ආසියානු සමුළුවේදී චීන අග්‍රාමාත්‍ය වෙන්ජියාබෝ පැවසූයේ දකුණු චීන සාගර අර්බුදය තමන් හා ඒ ආශ්‍රිත රටවල් අතර පවතින ගැටලුවක්‌ හෙයින් ඊට කිසිදු පිටස්‌තරයෙකු ඇ`ගිලි නොගැසිය යුතු බව ය.

මෙවන් තත්වයක ඉන්දියාව කිසිදු ලෙසකින් හෝ මතභේදාත්මක දකුණු චීන මුහුදු ගැටලුවට බැසිය යුතු නැත. එය වාණිජ පරමාර්ථයෙන් පමණක්‌ කරන බව කීව ද එය කිසිසේත් ම පිළිගත නොහැකි වන්නේ ඇමරිකාව මේ සියල්ල පිටුපස සිටින නොපෙනෙන හස්‌තය නිසා ය. මීට මාස දෙකකට පමණ ඉහතදී ඇෆ්ගනිස්‌ථානයේ හමීඩ් කර්සායි ආරක්‍ෂක, ආර්ථික ඇතුළු තව බොහෝ ද්විපාර්ශ්වික කරුණු ඇතුළත් එරට ප්‍රථම ද්විපාර්ශික ගිවිසුම අත්සන් කිරීමට පැමිණියේ ඉන්දියාව සමග ය. පාකිස්‌ථාන නොහොඳ මත සිදු වූ එය පැහැදිළි ව ම ඇමරිකානු සැලසුමකි. පසුගිය අ`ගහරුවාදා ඇෆ්ගනිස්‌ථාන කැනීම් අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කළේ ඉන්දියානු සමාගම් 7 ක්‌ විසින් ඇෆ්ගනිස්‌ථානය තුළ යකඩ කැනීම සඳහා වන ඩොලර් බිලියන 10.3 කොන්තරාත්තුව දිනාගත් බව ය. 2014 දී තමා ඇෆ්ගනිස්‌ථානයෙන් ගිය පසු ඇමරිකාවට අවශ්‍ය වන්නේ ආසියාවේ බලය වෙනුවෙන් ඉන්දියාව පාවිච්චි කිරීමට ය. එහිදී ඔවුන් යොදා ගන්නේ ඇන්ග්ලෝ සැක්‌සන් බෙදා වෙන් කර පාලනය කිsරීමේ උපක්‍රමයයි. මීට නැගෙනහිර ආසියාතික රටවල් හා ඉන්දියාව හසුවිය යුතු නොවේ.

zමහාz බ්‍රි්‍රතාන්‍ය වැඩ වරද්දී යුරෝපය නැවතත් ආර්ථික ප්‍රපාතයට

මහා බ්‍රිතාන්‍ය නැවත වරක්‌ මෙම ශීත Rතුවේ දී ආර්ථික අවගමනයට වැටෙන බව බටහිර ප්‍රමුඛතම ගුරුකුලය වන ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වන සංවිධානය අනතුරු අ`ගවා සිටියේ ය. මෙම තත්වය උදාවීමට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ සියයට 9 ඉක්‌මවා ගොස්‌ තිබෙන විරැකියාව, රාජ්‍ය වියදම් කපාහැරීම්, ගෘහ ආදායම හීනවීම හා යුරෝ මුදල් කලාපයේ දැනට පැසෙමින් තිබෙන ණය අර්බුදයයි. පසුගිය අ`ගහරුවාදා දින බ්‍රිතාන්‍ය මූල්‍ය ලේකම් ජොර්æ ඹස්‌බෝන් හට ද මෙය පිළිගැනීමට සිදුවිය. ඉහත ගුරුකරුලය විසින් නිකුත් කළ තවත් අදහසක්‌ තහවුරු කරමින් මූල්‍ය ලේකම්වරයා පැවසූයේ යුරෝපයේ තව බොහෝ රටවල් ඉදිරියේදී ආර්ථික අවගමනය වැටෙන බව ය. ඊට ප්‍රධාන වශයෙන් බලපාන සාධකය වන්නේ මේ වන විට එම රටවල් මුහුණ දී තිබෙන උග්‍ර ණය අර්බුදයෙන් ගොඩ ඒමට ඇති නොහැකියාව නිසා හටගත් අවිස්‌වාසය හා අවිනිශ්චිතතාව බව ද ඔස්‌බෝර්න් ප්‍රකාශ කළේ ය. ආර්ථික අඳුර සමග එන්නේ සමාජ අඳුර ය. සමාජ අසහනය ය. මේ බදාදා බ්‍රිsතාන්‍යයේ පැවැත් වූ රාජ්‍ය සේවක වැඩ වර්ජනයට සේවකයින් මිලියන 2 ක්‌ සහභාගී වූ අතර එය එරට තුල වසර 30 කින් පැවැත් වූ අති සාර්ථක ම වැඩ වර්ජනය බව පිළිගැනේ. මේ අතර, වර්ජනයට සූදානම් වෙමින් සිටි රාජ්‍ය සේවකයින්ගේ ඇස්‌ උඩ ගියේ දැනට නවතා දමා තිබෙන රාජ්‍ය සේවක වැටුප් 2013 සිට ද ඉහළ යන්නේ සියයට එකකින් පමණක්‌ බව කියද් දීය.

මේ අතර zවිපතට පත්z යුරෝපා රටවල් බේරා ගැනීම සඳහා යෝජිත යුරෝපා මූල්‍ය ස්‌ථාවර අරමුදල මේ වන විට යුරෝ ටි්‍රලියනයක තරම් යෝධ මූල්‍ය හිඟයකට මුහුණ දී සිටී. අරමුදල පිහිටුවීමේ ඒකායන අරමුණ වූයේ කඩා වැටෙන ආර්ථිකයන් සහිත රටවල සුරැකුම්පත් මිලට ගැනීම හා මේ තාක්‌ සිදු වූ මූල්‍ය හානි වලින් වූ පාඩුව අකාමකා දැමීම ය. එහෙත් මෙම අරමුදලට එහි අපේක්‍ෂිත ඉලක්‌කයට තබා අඩක්‌ දුර හෝ යාමට නොහැකි වී තිබේ. ඊට හේතු ලෙස යුරෝපයෙන් ලැබෙන වාර්තාවල සඳහන් වන්නේ චීනය හා සල්ලිකාර මැදපෙරදිග රටවල් විසින් ණය සුරැකුම්පත් මිලට ගැනීමට එතරම් කැමැත්තක්‌ නොදැක්‌වීමයි. ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වන සංවිධානය තවදුරටත් ප්‍රකාශ කළේ යුරෝ මුදල් කලාපයේ එක්‌ රටකට හෝ මූල්‍ය හවුලෙන් ඉවත් වීමට බල කෙරුණ හොත් එය මුළු කලාපය පුරා ම බංකොලොත් රැල්ලක්‌ නිර්මාණය කරනු ඇති බව ය. පෝලන්ත අගමැතිවරයා ජර්මනියට ආයාචනා කර සිටියේ මේ යෝධ අගාධයෙන් යුරෝපය බේරා ගන්නා ලෙස ය.

මේ ඉතාලි, ස්‌පාඤ්ඤ, බෙල්ජියම් වැනි රටවල ණය සුරැකුම්පත්වලට ගෙවිය යුතු පොළිය දරාගත නොහැකි සියයට 7 සීමාව පසුකර තිබේ. මෙම වාර්තාව ලියන අවස්‌ථාව වන විට යුරෝපයේ කොටස්‌ වෙළඳපොලවල් එක පිට එක වැටෙමින් තිබුණි. ඒ අතර, අත්ලන්තික්‌ සාගරයේ අනෙත් පස තිබෙන අර්බුදය නැවතත් සිහියට නගමින් සුප්‍රකට ඇමරිකානු ගුවන් සේවයේ තම බංකොලොත් භාවය ලියාපදිංචි කළේ ය.

චීනය ටෙලි නාට්‍ය වෙළඳ දැන්වීම් තහනම් කරයි

චීනය විසින් ටෙලි නාට්‍ය අතර තුර විකාශය කෙරෙන වෙළඳ දැන්වීම් තහනම් කර තිබේ. විනාඩි 45 ක්‌ තිස්‌සේ දුවන ටෙලි නාට්‍ය අතර තුර කෙරෙන මෙම තහනම ලබන වසරේ ජනවාරි පළමුවැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිත ය. සමාජවාදී සමාජයක්‌ බිහිකිරීම තම අරමුණ බව කී සංස්‌කෘතික නිලධාරීන් ඉහත තීරණය ගනු ලැබූයේ පසුගිය දා පැවති කොමියුනිස්‌ට්‌ පක්‍ෂ රැස්‌වීමකදී බව ද ප්‍රකාශ කළේ ය. මෙය තවත් සෙසු කාරණා හරහා තමා සංස්‌කෘතිය පිළිබඳ නව ආකල්පයක්‌ නිර්මාණය කිරීමට උත්සාහ කරන බව ද නිවේදනය තුළ සඳහන් විය. නව තහනම මගින් රූපවාහිනී ටෙලි නාට්‍ය හා සංදර්ශන මහජන අභිලාෂයට හා කැමැත්තට අනුගත වනු ඇතැයි ද ප්‍රකාශකයා සඳහන් කළේ ය.

චීනය නිරන්තරයෙන් සිදුවෙමින් පවතින සංස්‌කෘතික පරිහානිය පිළිබඳ අවදියෙන් සිටින රටකි. මීට මාසයකට පමණ පෙර චීන රජය විසින් නියෝග කළේ එරට සංස්‌කෘතියට නොගැලපෙන ලෙස විකාශය කළ සුපර් ගර්ල් නම් රියෑලිටි වැඩසටහන නවතන ලෙස ය. . 

උපුටා ගැනීම
දිවයින
2011-12-02

සතියක ලෝකය

Related

කතිකාචාර්ය මහින්ද පතිරණ 305622363137575312

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item