ඉන්දීය මාවෝවාදීන්ගේ ඉරණම විසඳන "හරිත දඩයම"
-චතුර පමුණුව නැක්‌සලයිට්‌වරු හෙවත් මාවෝවාදීන්ගේ තර්ජනය ඉන්දියාවේ අභ්‍යන්තර ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇති බලවත්ම තර්ජනය බ...
http://weadikawa.blogspot.com/2011/12/blog-post_02.html
-චතුර පමුණුව
නැක්‌සලයිට්‌වරු හෙවත් මාවෝවාදීන්ගේ තර්ජනය ඉන්දියාවේ අභ්‍යන්තර ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇති බලවත්ම තර්ජනය බව ඉන්දීය අගමැති මන්මෝහන් සිං ප්‍රකාශ කර තිබිණි. 2006 වසරේදී ඉන්දීය "රෝ" ඔත්තු සේවාව ප්‍රකාශ කර සිටියේ නැක්‌සලයිට් කැරැලිකරුවන් විසිදාහක් සන්නද්ධව ඉන්දියාවේ දිස්‌ත්‍රික්‌ක 180 ක ත්‍රස්‌ත මෙහෙයුම් වල නිරතවන බවයි. කෙසේ නමුත් 2011 වන විට ආරක්‍ෂක අංශ සිදුකළ මෙහෙයුම් නිසා මේ දිස්‌ත්‍රික්‌ක සංඛ්‍යාව 83 දක්‌වා අඩුකර ගැනීමට හැකිවිය. 2009 සිට මාවෝවාද නැක්‌සලයිට්‌වරුන් විනාශ කර දමන්නට "හරිත දඩයම" මෙහෙයුම් ඇරඹිණි. මේ මෙහෙයුම් සඳහා ඉන්දීය පොලිසිය හා ත්‍රස්‌ත මර්දන විශේෂ පුහුණුව ලැබූ භටයන් යොදා ගනු ලැබුවද හමුදාව යොදා ගත්තේ නැහැ.
බටහිර බෙංගාලයේ හැක්‌සාල්බාරි ගම්මානයේදී 1967 වර්ෂයේදී මෙම ව්‍යාපාරය ඇරඹිණි. ජාර්තාහිඩ්, බටහිර බෙංගාලය හා ඔරිස්‌සා යන ප්‍රාන්තවල මේ නැක්‌සලයිට්‌වරුන්ගේ ක්‍රියාකාරීත්වය බෙහෙවින් වැඩිය. විශේෂයෙන්ම ගෝත්‍රික ජන කොටස් මෙන්ම දුගී ගොවියෝ මේ ව්‍යාපාරයට සහාය පළ කරති.
කෙසේ නමුත් ඉන්දීය ආරක්‍ෂක අංශවලට ඉකුත් 24 වැනිදා මාවෝවාදීන්ගේ හමුදා නායකයා වන මලෝජුලා තොටේෂ්වර රාඕ මරා දැමීමට හැකිවිය. 2009 සිට මේ රාඕ නොහොත් කිසෙන්ජි මරා දැමීම සඳහා මෙහෙයුම් සිදුකළද අවසානයේ ඉලක්‌කය සපුරාගත හැකිවූයේ 2011 නොවැම්බර් මාසයේදීය. ඉන්දීය ත්‍රස්‌ත මර්දන ඒකකයේ විශේෂයෙන්ම කෝබ්‍රා බළකායේ සාමාජිකයන් 207 ක් ත්‍රස්‌ත මර්දන ඒකකයේ භටයන් 187 ක් හා පොලිස් නිලධාරීන් විශාල පිරිසක්‌ද සමඟ නොවැම්බර් 22 වැනිදා මේ මෙහෙයුම ඇරඹිණි. බටහිර බෙංගාල හා ජාර්කාන්ඩ් ප්‍රාන්ත සීමාවේ බුරුපෙල් වනයේදී ඉන්දීය කෝබ්‍රා භටයන්ට කිසෙන්ජි කොටුවූ අතර විනාඩි 30 ක වෙඩි හුවමාරුවකින් පසුව මේ විප්ලවකාරී නායකයාගේ සිරුරුත් තවත් සාමාජිකයන් පස් දෙනකුගේ සිරුරත් සොයා ගැනීමට හැකිවිණි.
අන්ද්‍රා ප්‍රදේශයේ කාරිව්නගර් දිස්‌ත්‍රික්‌කයේ දිළිඳු පවුලක උපන් කිසෙන්ජි 1974 සිට මහජන විප්ලවකාරී හමුදාවේ සාමාජිකයකු විය. 1990 වන විට නැගෙනහිර ඉන්දියාවේ ප්‍රමුඛතම මාවෝවාදී කැරලිකරුවා වූයේ කිසෙන්ජිය. කෙසේ නමුත් කිසෙන්ජිගේ ආධාරකරුවන් හා පවුලේ උදවිය පවසන්නේ මේ කැරලි නායකයාව මරා දැමීමට මෙහෙයුමක් සිදුකළේ නැති බවත් ඔහුගේ ඝාතනය දේශපාලන ඝාතනයක් වන බවත්ය.
නැක්‌සලයිට්‌වරුන්ට සහාය දක්‌වන බටහිර බෙංගාලයේ දේශපාලනඥයකු වන වරාවරා රාඕ පවසන්ගේ මේ ඝාතනය මෙහෙයුමකින් සිදුවූවක් නොව දේශපාලන ඝාතනයක් බවයි.
නැක්‌සලයිට්‌වරු ප්‍රකාශ කරන්නේ වැටිස්‌ගාර් ජාර්කාන්ඩ් හා බටහිර බෙංගාලයේ භූමි වපසරියෙන් 40% ක් තමන් පාලනය කරන බවය. එම ප්‍රමාණය ඇත්තෙන්ම ලංකාව මෙන් කිහිප ගුණයකි. එහි කිසෙන්ජි ඉන්දියාව අත්‍යවශ්‍යම නැක්‌සලයිට් නායකයා ඝාතනය වීම නිසා මොවුනගේ විප්ලවකාරී සංවිධානයේ අනාගත ඉරණම කෙසේ වේදැයි පැහැදිලි නැත.
මෑතකදී බටහිර බෙංගාලයේ මහ ඇමැතිනිය ලෙස පත්වූ මම්තා බැනර්ජි මේ නැක්‌සලයිට්‌වරුන් කෙරෙහි කිසිම කැමැත්තක් දක්‌වන්නේ නැත. ඇගේ පක්‍ෂයේ සාමාජිකයන් ගණනාවක්‌ද මාවෝවාදීන්ගේ වෙඩි ප්‍රහාරයට ඉලක්‌ක විය. එම නිසා ඇය ආරක්‍ෂක අංශවලට නියෝග කර සිටියේ මේ සියලු කැරලිකරුවන් මර්දනය කර දමන ලෙසයි. දිල්ලි මධ්‍යම රජයද මේ විප්ලවකාරී නායකයාගේ මරණය පිළිබඳව සතුටුවෙයි.
උපුටා ගැනීම
ඉරිදා දිවයින
2011-12-04