අය- වැය 2012

දිවිනැඟුමන් රට නැඟුමට - පියවර 100 යක අයවැය දැක්ම 1.ද්විභාෂා වැඩසටහන් පුළුල් කිරීම සඳහා ජංගම භාෂා විද්‍යාගාර හා සමාජ සංවිධාන යෙදවීම. 2.රණව...



දිවිනැඟුමන් රට නැඟුමට - පියවර 100 යක අයවැය දැක්ම

1.ද්විභාෂා වැඩසටහන් පුළුල් කිරීම සඳහා ජංගම භාෂා විද්‍යාගාර හා සමාජ සංවිධාන යෙදවීම.
2.රණවිරුවන්ගේ හා ත‍්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට ජිවීත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ දෙමාපියන්ට එක් අයෙකුට රුපියල් 750 බැඟින් මාසික දීමනාවක්.
3.ආබාධිත සෙබළුන් ස්වයං රැකියාවල නිරත වීම සඳහා “රණවිරු දිවිනැගුම විශේෂ ණය ක‍්‍රමයක්.
4.ආබාධිත පුද්ගලයන් සඳහා දැනට දෙනු ලබන රුපියල් 3,000 ක මාසික දීමනාවට සමගාමීව වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන් සඳහා දීමනාව රුපියල් 300 සිට රුපියල් 1,000 දක්වා වැඩි කිරීම.
5.විවිධ හේතු නිසා අසරණ වූ පුද්ගලයන් සඳහා මාසික දීමනාව රුපියල් 100 සිට 500 දක්වා වැඩිකිරීම.
6. පවුල් සෞඛ්‍ය සේවාවට සමගාමීව වයස්ගත පුද්ගලයන්ගේ සෞඛ්‍ය පහසුකම් සඳහා ගෘහ මට්ටමේ භෙදි සේවාවක්.
7.වැඩිහිටි සෞඛ්‍ය සඳහා මූලික රෝහල් හා ආයුර්වේද රෝහල්වලට නේවාසික පහසුකම් පුළුල් කිරීම
8.අඩු ආදායම්ලාභී කුඩා පවුල් සඳහා රුපියල් 210 - 615 දක්වා දීමනා රුපියල් 750 දක්වාත් අඩු ආදායම්ලාභී සාමාන්‍ය පවුල් සඳහා දීමනාව රුපියල් 900 සිට රුපියල් 1,200 දක්වාත් වැඩිකිරීම.
9.අඩු ආදායම්ලාභී පවුල්වල යහපත් පෝෂණ පුරුදුවලට නැඹුරු කිරීම සහ මන්දපෝෂණය තුරන් කිරීමේ විශේෂ වැඩසටහන්
10.සමෘද්ධි සහනාධාර උතුරු හා නැගෙනහිර පළාත්වලට ද දීර්ඝ කෙරේ.
11.සමෘර්ධි නිලධාරින් සියල්ල දිවිනැඟුම ඒකාබද්ද සංවර්ධන  දෙපාර්තමේන්තු මඟින් විශ‍්‍රාමලාභි ස්ථිර රජයේ සේවකයින් කිරීම.
12.සියළු අඩු අදායම්ලාභී පවුල් විවිධ ජීවනෝපාය මාර්ගයන්ට යොමුකර ඔවුන්ගේ සුභසාධනය වැඩිකිරීමට දිවිනැඟුම ඒකාබද්ධ ග‍්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුවල නිලධාරීන්ට ද්විභාෂා දැනුම හා ග‍්‍රාමීය සංවර්ධනය පිළිබඳ විශේෂ පුහුණුවක් දීම.
13. වන අලින්ගෙන් සිදු වන ජිවිත හා දේපල හානි සඳහා නව වන්දි ක‍්‍රමයක්.
14. දුෂ්කර පළාත්වලට මුල් තැන දෙමින් පෙර පාසල් හා දහම් පාසල් අධ්‍යාපනයට අධාර කිරීම.
15. දුෂ්කර ප‍්‍රදේශ වල ඇති පෞරාණික ආගමික ස්ථාන හා අවට ගම්වල සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම හා පෞද්ගලික අංශයට එම කටයුතු වල නිරතවීමට බදු සහන.
16. කලාකරුවන්ගේ අවමංගල්‍ය කටයුතු වැනි දුෂ්කරතාවලදී එම පවුල්වලට ආධාරවීම සඳහා විශේෂ අරමුදලක් පිහිටුවීම.
17. කලාකරුවන් හා ලේඛකයින් සඳහා මෝටර් රථ මිලදී ගැනීමට රුපියල් ලක්ෂ දොළහක් දක්වා පොළී රහිත සහන ණය යෝජනාවක්.
18. නීතිපමා වැළැක්වීමේ සඳහා සමථ මණ්ඩල කටයුතු මන්ම නීති ආධාර කොමිෂම මගින් ගම් මට්ටමින් නීති සායන පැවැත්වීම ආධාර.
19. සුළු වැරදිකරුවන්ට දඩ මුදල් ගෙවා ඔවුන් නිදහස්කර ගැනීමට ඔවුනµ් ග් භාරකරුවන්ට මූල්‍ය ආධාර.
20. තෝරාගත් බන්ධනාගාර පුනරුත්ථාපන මධ්‍යස්ථාන හා එළිමහන් කඳවුරු බවට පත් කර එම වැරදිකරුවන් ක‍්‍රීඩා, වෘත්තීය හා කුසලතා වර්ධනය කරමින් පුරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක්.
21. පෞරාණික වටිනාකමින් යුත් ගොඩනැඟිලි සංරක්ෂණය කර ප‍්‍රාදේශ්‍රීය කෞතුකාගාර පවත්වා ගැනීමට “උරුම අරුණ සංරක්ෂණ අරමුදල නමින් අරමුදලක්.
22. වයඹ චතුරශ‍්‍ර සංවර්ධනයට ද රුහුණු මාගම්පුර පෞරාණික රාජධානිය ආශ‍්‍රිත පුරාවස්තු සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක්.
23. මාතර, මාතලේ, නුවර වැනි ප‍්‍රදේශ වල සම්ප‍්‍රදායිකව නිපදවන සංගීත හා නර්ථන භාණ්ඩ වැනි නිෂ්පාදන ඉලක්ක කරගෙන තෝරාගත් පැරණී ශිල්ප ගම්මාන දියුණු කිරීම.
24. චිත‍්‍ර කලා නිර්මාණ සංවර්ධනය සඳහා කලා පොළක් හා විශේෂ ණය යෝජනා ක‍්‍රමයක්.
25. රටකජු, මුං ඇට , උදු, තල, බඩඉරිඟු වලින් ස්වංපෝෂිත වීම සඳහා ඒවා ආනයනය අඩු කිරීම හා ගොවීන් දිරිගැන්විම සඳහා වැඩපිළිවෙලක්.
26. සෑම දිස්ත‍්‍රික්කයක්ම එක් බෝගයකින් ස්වංපෝෂිත වීමේ නව කෘෂි සංවර්ධන වැඩපිළිවෙලක්
27. ලක්ෂ 2 ක සහල් අපනයන ඉලක්කය සඳහා සහල් අපනයන කලාප 4 ක් .
28. සහතික බීජ හා පැළෑටි නිෂ්පාදනය සඳහා රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දෙනු ලබන ප‍්‍රතිපාදන වලට අමතරව පෞද්ගලික අංශයට බදු සහන.
29. කප්රුක වැඩපිළිවෙලින් අඩු ආදායම්ලාභීන්ගේ ගෙවතු ඉලක්ක කරගෙන පොල් පැළ මිලියන 6 ක් බෙදාහැරීම.
30. ආනයනික එළවළු තෙල් සඳහා ඉහළ සෙස් බදු හා පොල් අපනයනය සඳහා අඩු සෙස් බදු මඟින් පොල් නිෂ්පාදන හා අපනයනය දිරිගැන්වීමට වැඩපිළිවෙලක්.
31. අත්හැර දමන ලද ඉස්සන් පොකුණු මත්ස්‍ය වගාවන් සඳහා යොදා ගැනීමට ණය ක‍්‍රමයක්.
32. අපනයන හා ස්වයං රැකියා ප‍්‍රවර්ධනයට විසිතුරු මත්ස්‍ය පැටවුන් මධ්‍යස්ථානයක්.
33. සත්ත්ව නිෂ්පාදන අපනයනය කිරීමට මුදල් ආධාර ක‍්‍රමයක් හා යන්ත‍්‍ර සුත‍්‍ර හා උපකරණවල වැට් බදු ඉවතට.
34. කිරි නිෂ්පාදනයට අවශ්‍ය යන්ත‍්‍ර සුත‍්‍ර සඳහා බදු සහන, කිරි ගවයින් 3,000 ක් ගොවීන් අතර බෙදාදීමේ වැඩපිළිවෙලක් හා කිරී ගොවීන්ට දියර කිරි සඳහා උසස් මිලක් ලබා ගැනීමට කිරි පිටි  සෙස් ඉහළ මට්ටමක
35. දිවිනැඟුම වැඩපිළිවෙල අක්කර 2 1/2 දක්වා ඉඩම් ද මල්, පළතුරු හා එළවළු වගාවන් සඳහා ඇතුළත් කර ගනිමින් විසිපන් ලක්ෂයක ගෘහ ආර්ථික සංවර්ධනයක්.
36. කුඩා සත්ත්ව ගොවිපලක්, ගබඩා පහසුකම්, කාබනික පොහොර මධ්‍යස්ථානයක්, කුඩා හාල් මෝලක්, දිවි නැඟුම බැංකු ශාඛාවක් හා ලඟම නගරයට ගමනා ගමන පහසුකම් ඇති දිවි නැඟුම ව්‍යවසාය ගම්මාන පිහිටුවීම.
37. දිවිනැඟුම කුඩා ව්‍යවසාය ණය ක‍්‍රමයක්.
38. කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්කවල සියළුම පළාත් පාලන පµ‍්‍ර ද්ශවල ගංවතුර උවඳුරු වළක්වාගැනීමේ සංවර්ධන ව්‍යාපෘතියක්.
39. පළාත් සභා හා පළාත් පාලන ආයතනවල අය කෙරෙන වරිපනම් හා අනෙකුත් බදු හා ගාස්තු සරල කිරීමටත්, පළාත් සභාවල ආදායම් වැඩි කිරීමද විශේෂ ආධාර දීමේ වැඩපිළිවෙලක්.
40. මුහුදු වැලි හා ස්වභාවික පැළෑටී යොදා මුහුදු තීරය සංරක්ෂණය කිරීම සඳහා වැඩපිළිවෙලක්.
41. සංචාරක හා කාර්මික කටයුතු වලට මුහුදු ජලය සඳහා ආයෝජනය දිරිගැන්වීම්.
42. කුඩා ගොවීන් නිරත වන බෝග සංවර්ධනයස සඳහා ප‍්‍රාදේශ්‍රීය හා සමෘර්ධි බැංකු වල ආදාර සහ බීජ හා ව්‍යප්ති සේවා ලබා දීමේ වැඩපිලිවෙලක්
43. මධ්‍යම හා විශාල ප‍්‍රමාණයේ නව වාරිමාර්ග යෝජනා රැසක්.
44. 2012 සැමට විදුලිය ලබාදීමේ ඉලක්කය සඳහා ග‍්‍රාමීය විදුලි බල යෝජනා ක‍්‍රම 2,600 ක වැඩ නිමා කරමින් තවත් ලක්ෂ අටකට විදුලි පහසුකම්.
45. අර්ධ නගර හා නැඟි එන නව නගරවල පානීය ජල සම්පාදන පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපාති රැසක්.
46. අළුත් බස් රථ එන්ජින් ගැනීමට හා කුඩා බස් රථ 200 ක් ග‍්‍රාමීය ප‍්‍රදේශ වලට යොදවමින් ග‍්‍රාමීය ප‍්‍රවාහනට ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක්.
47. භාණ්ඩ ප‍්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා ලොරි හා ට‍්‍රක් රථ සඳහා අළුත් එන්ජින් බදු වලින් නිදහස් කිරීම.
48. බස් හා ලොරි සඳහා භාවිත කරනු ලබන ටයර් වල වැට් බදු අඩුකිරමින් මඟී හා භාණ්ඩ ප‍්‍රවාහනයට සහනයක්.
49. සංචාරක සේවා වැඩිදියුණු කිරීම සඳහා සංචාරක බස් රථ සදහා අදාළ වැට් බදු ඉවතට.
50. ගුවන් කොටුපලේ මඟි ප‍්‍රවාහන පහසුකම් වැඩිකිරීම සඳහා නව කුලී රථ සඳහා බදු සහන.
51. ශ‍්‍රී ලංකාවට පැමිණෙන්න්ගේ පහසුව සඳහා සාක් රටවල් සඳහා ඩොලර් 10 ක ද අනෙකුත් රටවල් සඳහා ඩොලර් 20 ක වීසා ගාස්තුවකින් සමන්විත නව විද්‍යුත් වීසා ක‍්‍රමයක්.
52. ඉරණමඩුව, නුවරඑලිය හා මහනුවර අභ්‍යන්තර ගුවන් තොටුපලවල් ඉදිකරමින් අභ්‍යන්තර ගුවන් සේවා වැඩසටහනක්.
53. කොළඹ අළුත් කඩේ ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් හා නව උසාවි සංකීර්ණයක්
54. ආබාධිත පුද්ගලයින්ට ද විශේෂ පහසුකම් සපයමින් තවත් රජයේ ප‍්‍රධාන කාර්යා කීපයක් සඳහා රුපියල් මිලියන 15,000 ක ආයෝජනයකින් මහජන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ඉදිකිරීමේ නව ව්‍යාපෘතිය මඟින් දේශ්‍රීය ඉදිකිරීම් කර්මාන්තයට තවත් ආයෝජන අවස්ථාවක්.
55. සියළු පාසල් වල තාක්ෂණ විද්‍යාගාර පිහිටුවීමේ නව වැඩ පිළිවෙලක්.
56. තොරතුරු තාක්ෂණ කර්මාන්තය ඩොලර් බිලියනයක විදේශ ආදායම් උපදවන කර්මාන්තයක් කිරීමට හම්බන්තතොට තොරතුරු තාක්ෂණ නගරයක්.
57. නිවාස දස ලක්ෂය යටතේ තටුට් නිවාස 50,000 ක්, ග‍්‍රාමීය හා වැවිලි ක්ෂේත‍්‍රයේ රාජ්‍ය බැංකු ණය ආධාර යටතේ නිවාස 50,000 ක් හා නව නිවාස පිළිබඳ උනන්දුවක් නොවන පිරිස් සඳහා විශේෂ ව්‍යාපෘතියක්.
58. පොල් අතු සෙවිලි කල නිවෙස් සඳහා උළු සෙවිලි කිරීමේ ව්‍යාපාතියක්.
59. උළු හා මැටි නිෂ්පාදන දිරි ගැන්වීම සඳහා එම කර්මාන්ත ආර්ථික සේවා ගාස්තුවෙන් µමන්ම ජාතිය ගොඩනැඟීමේ හා වැට් බද්දෙන් නිදහස් සංවර්ධන වැඩපිළිවෙලක්.
60. ආනයන කරන නිවාස ඉදිකිරිම් වල වියදම් අඩු කිරීම සඳහා සකස් නොකල දැව කදන් සියළු බදු වලිනුත් ඉරූ දැව වැට් බද්දෙනුත් නිදහස් කිරීµමන් දැව කර්මාන්තයට දිරිගැන්වීමක් හා දේශ්‍රීය වන සංරක්ෂණයට රුකුලක්.
61. සියළු දිසා රෝහල් හා මූලික රෝහල් වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ගිලන් රථ ලබා දීමේ විශේෂ වැඩපිලිවෙලක්.
62. මහරගම පිළිකා රෝහල, කොළඹ බාහිර රෝගී ප‍්‍රතිකාර අංශ සඳහා නව සංකිර්ණ 02 ක්.
63. ද්විතියික පාසල් 1,000 ක් හා එයට සම්බන්ධ පාසල් හා 6,000 සංවර්ධන ව්‍යාපාතිය යටතේ
2012 දී පාසල් 1000 ක් සංවර්ධනය කිරීමට ප‍්‍රමුඛත්වය.
64. ගණිතය, විද්‍යා තොරතුරු තාක්ෂණ හා භාෂා ඉගැන්වීම සඳහානව ගුරුවරුන් බඳවා ගැනීම හා විශේෂ ගුරු පුහුණු වැජසටහන්.
65. රැකී රක්ෂා හිඟය සියයට 8 ඉක්මවන දිස්ත‍්‍රික්කවල සංචාරක ක්ෂේත‍්‍ර, පරිගණක තාක්ෂණ
ඉදිකිරීම්, රූපලාවන්‍යාගාර වැනි වෘත්තීය අධ්‍යාපන පාඨමාලා වැඩිකිරීමට දිස්ත‍්‍රික් මට්ටමේ කඩිනම් වැඩපිළිවෙලක්.
66. පර්යේෂණ කටයුතු දියුණු කිරීම සඳහා ඒවායේ යෙදනෙන්න්ගේ ආදායම් බද්ද සියයට 16 දක්වා අඩු කිරීම, පර්යේෂණ වියදම් වැට් බද්දෙන් නිදහස් කිරීම, රජයේ පර්යේෂණ පහසුකම් සුළු හා මධ්‍ය ව්‍යාපාර සඳහා නාමික ගාස්තුවකට ලබාදීමේ හා ආර්ථික සංවර්ධනයට සුවිශේෂිත පර්යේෂණ සඳහා ආධාර වීමේ නව ව්‍යාපෘතියක්.
67. ක‍්‍රීඩා ආර්ථිකයක් සඳහා යටිතල පහසුකම් කිරීම සඳහා දුරයප්පා ක‍්‍රීඩාාගණය, කොළඹ රීඩ් මාවතේ ක‍්‍රීඩාංගණය හා අනුරාධපුරයේ නව ක‍්‍රීඩාංගණයක්.
68. ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට අවශ්‍ය උපකරණ හා ක‍්‍රීඩා භාණ්ඩ, ක‍්‍රීඩා ඇදුම් සඳහා අඩු ප‍්‍රමාණයක බද්දක්.
69. විදේශ රැකියා සඳහා වෘත්තීය කුසලතාවයකින් යුත් තරුණ තරුණියන් යොමු කිරීමට ප‍්‍රාදේශ්‍රීය පුහුණු මධ්‍යස්ථාන රැසක්.
70. විදේශ රැකියා කර ආපසු පැමිණෙන්නන් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමේ නව වැඩපිළිවෙලක්.
71. අපනයන කර්මාන්ත පුළුල් කිරීමටත්, ආනයන භාණ්ඩ සඳහා දේශ්‍රීය කර්මාන්ත ආරම්භ කිරීමටත් විශේෂ දිරිගැන්විම්.
72. අනෙකුත් රටවල් සමඟ තරඟකරමින් අපනයනදිරිගැන්වීමටත් ආයාත වෙනුවට දේශ්‍රීය නිෂ්පාදන දිරිගැන්වීමටත් සියයට 3 ක විනිමය අනුපාතයේ අවප‍්‍රමාණයක්.
73. නැඟි එන ආසියා, අප‍්‍රිකා හා දකණු ඇමරිකානු රටවල් සමඟ නව වෙළඳ සබදතා හා යුරෝපය හා ඇමරිකාව සමඟ පුළුල් ද්විපාර්ශ්වික වෙළඳ සබඳත වැඩපිළිවෙලක්.
74. නව ආයෝජන හා වෙළඳ සබදතා වලට ගැලපෙන අයුරින් විදේශ සේවය හා එම දුත මණ්ඩල වල පූර්ණ ප‍්‍රතිසංවිධානයක්.
75. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට යන්ත‍්‍ර සුත‍්‍ර, පර්යේෂණ , තාක්ෂණ හා මෝස්තර ශිල්පීන්µ
ලබා ගැනීමට බදු සහන.
76. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යොමු කර ඇති මුදල් රැකියා ඉල්ලුමට සරිලන පරිදි නව කුසලතාවයන් ගෙන් යුත් උපාධි පාඨමාලා.
77. ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන විසින් ඉංජිනේරුවරුන්, ව්‍යාපෘති කළමනාකරුවන්, තොරතුරු තාක්ෂණ, භෙද හා සෞඛ්‍ය, සංචාරක ක්ෂේත‍්‍ර වල ඩිප්ලෝමා පිඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීම.
78. රජයේ ඉඩම් අවුරුදු 99 උපරිමයට යටත්ව හා රජයේ  තක්සේරුකරුගේ තක්සේරු වටිනාකමට පමණක් ආයා්ජන සඳහා ලබාදීමේ වැඩපිළිවෙලක්.
79. වගා නොකල වැවිලි ඉඩම් අක්කර 2 බැඟින් අවුරුදු 30 බදු ක‍්‍රමයට කුඩා වතු සංවර්ධනයට යොමු කිරීමේ නව වැඩපිලිවෙලක්.
80. වාණිජ බැංකු වලට විදේශ ණය අරමුදල් ලබා ගැනීමය පහසු වන පරිදි එම ගණුදෙනු සඳහා බදු නිදහසක්.
81. කුඩා තේ වතු නැවත වගා කිරීමේ සහනාධාර වැඩිකිරීම හා නැවත වගාව සඳහා සහන පොලියට වැවිලි සමාගම් වලට දිර්ෂකාලීණ ණය ක‍්‍රමයක්.
82. ශ‍්‍රී ලංකාවේ වෙළඳ නාම වලින් වැඩි වටිනාකමකින් යුත් තේ නිෂ්පාදනය දිරිගැන්විම සඳහා අපනයනකරුවන් හා වැවිලිකරුවන්ගේ බද්ද ව්‍යාපාර ඇති කිරීමට විශේෂ බදු ක‍්‍රමයක්.
83. රබර් වගාව පුළුල් කිරීම සඳහා කුඩා වතු සංවර්ධන වැඩපිළිවෙලක්.
84. කුරුදු, ගම්මිරිස්, කොකෝවා වැනි සුළු අපනයන බෝග සංවර්ධනයට හා ඒවා නිමි භාණ්ඩ වශයෙන් නිෂ්පාදනය කිරීම දිරිගැන්වීමේ වැඩපිළිවෙලක්.
85. දේශ්‍රීය රෙදිපිළි නිෂ්පාදනය දිරිගැන්විම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සියළු බදු වලින් ඉවතට. රෙදිපිළි නිෂ්පාදකයින්ට හා රෙදිපිළි කර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය යන්ත‍්‍ර සුත‍්‍ර ගෙන්වා ගැනීමට අවශ්‍ය සරල බදු ක‍්‍රමයක්.
86. දේශ්‍රීය රෙදිපිළි කර්මාන්තයට ආරක්ෂණය සැලසීම සඳහා දේශ්‍රීය පාරිභෝජනය සඳහා ආනයනය කරන රෙදිපිළි සඳහා ඉහළ බද්දක්.
87. ගෘහ හා කුඩා කර්මාන්ත විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයට යොමු කිරීම සඳහා අපනයන කර්මාන්ත වලින් ඉතිරිවන රෙදිපිළි හා අමුද්‍රව්‍ය සහන වලට ලබා දීම.
88. සේලයින්. ත‍්‍රිපෝෂ, වෙළුම් පටි දේශ්‍රීයව නිෂ්පාදනය කිරීම සඳහා විශේෂ දිරිගැන්වීම්.
89. දියර කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා ගොවීන්ට ගවයින් ලබා දීමේ නව වැඩ පිළිවෙලක්.
90. කුකුල් මස් කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය යන්ත‍්‍ර සුත‍්‍ර සඳහා බදු සහන සහ කුකුළ් මස් අපනයන කිරීමට ආධාරා කිරීමේ වැඩ සටහනක්.
91. කළපු, පොකුණු හා ජලාශ වල බෙල්ලන් හා මත්ස්‍ය වර්ග නිෂ්පාදනය කිරීමට ණය ආධාර ක‍්‍රමයක්.
92. වාණිජ බැංකු විසින් සුළු හා මධ්‍යම ව්‍යාපාර සංවර්ධනය සඳහා සෑම දිස්ත‍්‍රික්කයකම ව්‍යාපාර සඳහා විශේෂ බැංකු ශාඛා පිහිටුවීමේ නව වැඩ පිළිවෙලක් හා එම බැංකු ශාඛාවල ආදායමට අඩු බද්දක්.
93. සුළු ව්‍යාපාරවලට දිරිදීමක් ලෙස ආර්ථික සේවා ගාස්තුවට බලපාන ආදායම වැඩි කිරීµමන් සුළු ව්‍යාපාර වලට බදු සහනයක්.
94. මුදල් පනත සංශෝධනය කිරීම මඟින් රාජ්‍ය ව්‍යාපාර කළමනාකාරීත්වය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක්.
95. රජයේ සේවකයින් සඳහා සියයට 10 ක වැටුප් වැඩි වීමක්.
96. විනිශ්චයකාරවරුන්, ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන් හා සහකාර වෛද්‍යවරුන්, ග‍්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම.
97. විශ්වවිද්‍යාල වල අනධ්‍යයන හා අධ්‍යයන කාර්යය මණ්ඩල වල වැටුප් විෂමතා ඉවත් කිරිමට වැටුප් හා සේවක කොමිෂම දී ඇති නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම.
98. ක්ෂේත‍්‍ර නිළධාරීන්ට යතුරු පැදි ලබාදීමට බදු සහනයක්.
99. විශ‍්‍රාම ලාභින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට තවත් පියවරක්.
100. අවුරුදු 700 අස්ගිරි විහාර සංවත්සරය හා එම විහාර පෞරාණික වැදගත්කමක් මතුකරමින් සැමරීම හා විහාරය ප‍්‍රතිසංස්කරණ කිරීමේ වැඩපිළිවෙලක්.

සම්පූර්ණ අයවැය කතාව PDFගොනුවක් ලෙසින් මෙතනින් ගන්න

උපුටා ගැනීම
රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව සහ මුදල් අමත්‍යංශ වෙබ් අඩවිය

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item