ගඩාෆිට වැරදුනේ කොතනද?
-පාඨලී චම්පික රණවක "උඹ බල්ලෙක් " යැයි තමා ඝාතනය කිරීමට තැත් කල තරුණයා ගුගුරත්දී ඔහු විමසුවේ "හොඳ නරක දෙක දන්නවාද?" ය...
http://weadikawa.blogspot.com/2011/10/blog-post_6470.html
-පාඨලී චම්පික රණවක
"උඹ බල්ලෙක් " යැයි තමා ඝාතනය කිරීමට තැත් කල තරුණයා ගුගුරත්දී ඔහු විමසුවේ "හොඳ නරක දෙක දන්නවාද?" යන්නය. ඒ ඔහුගේ අවසන් වදන් විය .ඉන්පසු මුහ්ම්මර් අල් ගඩාෆි වධහිංසාවට ලක්ව ඝාතනයට ලක් වූවෙක් ලෙස ඉතිහාසයට එක් විය. අප කුඩා කල 1976 දී පැවැත්වූ නොබැඳි සමුළුව අවස්ථාවේදී එහි සභාපතිනී සිරිමාවෝ මැතිණියටත් වඩා මාධ්‍ය මගින් උත්කර්ෂයට ලක් වූයේ ගඩාෆිය.ඔහුගේ කොළ පැහැති පොත (Green Book ) මේ රටේ සමාජවාදීන් අතර පරිහරනය වූවක් විය. ඔහු කලක් ගමල් නසර්ගේ අරාබි බාත් සමාජවාදය අනුව යමින් ලිබියාව ,ඊජිප්තුව හා සිරියාව එක්කර යෝධ අරාබි රටක් (ෆෙඩරේෂනයක් ) තැනීමේ ව්‍යාපෘතියකද නියැළී සිටියේය. පසුව අප්‍රිකාවේ රටවල් එක්කර සහසන්ධීය ආකාරයේ ආර්ථික සහයෝගීතා පොදු රාජ්‍ය මණ්ඩලයක්ද ,ලෝක බැංකුවට එරෙහිව අප්‍රිකානු බැංකුවක්ද තැනීමට උත්සාහ කළේය. මට ඔහු කිසි කලෙක අමතක නොවන්නේ එවකට අගමැති රත්නසිරි වික්‍රමනායකයන් සමග (2009) එක්සත් ජාතීන්ගේ හමුවට ගොස් සිටියදී ඔහු ජීවමානව හමුවීමත් මහා මණ්ඩලයේ විනාඩි 05ක් වූ රාජ්‍යය නායකයකු සඳහා වූ කතාව ඔහු පැය එක හමාරක්,අරාබි මසින් එය පරිවර්තනය කල තැනැත්තා සිහිසුන්වන තෙක්ම කිරීමත්ය. එවකට එක්සත් ජාතීන්ගේ සභාපතීත්වය දැරූ ඊජිප්තු සභාපතිවරයා දෙසට ඔහු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඉරා විසිකිරීමට එදා කටයුතු කළේය .පසුදින එක්සත් ජනපදයේ සෑම පුවත්පතකම පළවූයේ ගඩාෆිගේ මේ දඩබ්බර හැසිරීමය. ගඩාෆිට අවශ්‍ය වූයේත් එයම විය යුතුය.
එක්සත් ජනපදය හා එක්සත් යුරෝපය තවත් තමනට රැහැනි ඒකාධිපතියෙකු අවසන් කළා යැයි උදම් අනමින් සිටිති. ගඩාෆි මිය යන විටත් ලිබියාවේ නිල පාලකයාය. මොනම නඩු විභාගයකින් හෝ තොරව දසවධ දී වීදි දිගේ ඇදගෙන ගොස් ඔහු ඝාතනය කරනා ලදී. මගේ මතකයේ හැටියට මෙවැනි ඉරණමක් ඉතාලියේ මුසොලිනිටද,ලංකාවේ ශ්‍රී වික්‍රම රාජසිංහටද අත්විය. වෝල් වීදිය හා ලන්ඩනය අල්ල ගෙන සිටින ධනවාදයට එරෙහි තරුන පිරිස් ඔබාමා ,හිලරි ක්ලින්ටන්,චාල්ස් කුමරු හා කැමරන් අල්ලාගෙන මෙවන් ක්‍රියාවක් කලහොත් එයට කුමන ආකාරයෙන් බටහිර ලෝකය පිළිතුරු දේදැයි පැහැදිලිය. අතඩංගුවේදී මිය ගියා යැයි ලංකාවට එරෙහිව රමේෂ් නම් ත්‍රස්තවාදියාගේ මානව අයිතිය කතා කරනා එකස්ත් ජනපදය හා බ්‍රිතාන්‍ය ගඩෆිට ඒ මානව අයිතිය ලබා දෙන්නේ නැත. රාජ්‍ය තාන්ත්‍රික චපල වංචනිකත්වය බටහිර ලෝකයට පමණක් සීමා වූවක් නොවූවත් සුපිරි බලවතුන් ඒ වංචනික චපලත්වය විදහා දක්වන විට මානව වර්ගයාට සිදුවන විනාශය අති මහත්ය .
1967 දින 06 ක් යුද්ධයෙන් අරාබි ලෝකය ඊශ්‍රායලය විසින් පැරදවීමත් සමග බටහිර විරෝධී හමුදා පෙළගැස්මක් අරාබියේ ඇති විය.1969 දී ඉද්‍රීස් රජු බලයෙන් පහකර තරුණ කඩවසම් කර්නල් ගඩාෆි ලිබියාවේ බලය පැහැරගත්තේ,බටහිර ගැති ඉදිරීස් රජු බලයෙන් පහකර සමාජවාදී පන්නයේ හමුදා පාලනයක් ඇති කර ගැනීමට වෙනත් බලගතු පිරිසක්ද ඊජිප්තුවේ සහායෙන් ක්‍රියා කරමින් සිටිනා අතරයි. අහම්බෙන් මෙන් ගඩාෆි බලය අල්ලා ගත්තේය .එය එක්සත් ජනපදයේද පැසසුමට ලක් විය. නමුත් ක්‍රමයෙන් ඔහු සමාජවාදයේ "ප්‍රතිවිප්ලවය" නොවී "විප්ලවයම" බවට පත් විය. මෙය කොමියුනිට්ස්වාදියෙකු නොවූ මුල් කාලීන "කස්ත්‍රො" සම්බන්ධයෙන්ද එලෙසම විය. දෙදෙනාම සැලකිය යුත්තේ එක්සත් ජනපදයේ මුරංඩු රාජ්‍ය තාන්ත්‍රිකතාව නිසා උග්‍ර බටහිර විරෝධීන් වූ දෙපොළක් ලෙසයි.
ගඩාෆි සිය පාලන කාලය තුල ලිබියානු ආර්ථිකය හත් ගුනයකින් වර්ධනය කලේය. නව වරායන්,කාන්තාරය එකට සම්බන්ධ කල මනා වාරි හා ජල පද්ධතීන් ,නව නගර ,නව අධිවේගී මාර්ග පද්ධති ඉදි කලේය.ලිබියාව උතුරු අප්‍රිකාවේ නවීනතම රටක් කලේය.රටේ තෙල් හා ගෑස් ආදායම මගින් එය ලෝකයේ ප්‍රබල රටක් කළ අතර ජාත්‍යයන්තර සහයෝගීතාවයේදීද ඉහළින්ම කැපී පෙනෙනා මෙහෙයක් කළේය. ලිබියාව තුල දුගීකම තුරන් කල ඔහු ලිබියාවට ඔහුගේ "කොල පැහැති සංකල්පවලට " (ගඩාෆිගේ කොළ පැහැති සංකල්ප පරිසරවාදයට සම්බන්ධයක් නැත ) අනුව යමින් "ජනතාවාදී" පාලන රටාවක්ද පිහිට වූයේය. එහෙත්,ඔහුගේ ජනතාව ඔහු කල කී කිසි දෙයකට අවසානයේ කෘතවේදී බවක් පෙනුනේ නැත. ඔහුගෙන් ප්‍රකෝටි ගණන් පගා ගත් බටහිර නායකයින් මෙන්ම ඔහුගේ ජනතාවත් අවසානයේ වියරු ලෙස ගඩාෆිට පිටුපෑහ.
ගඩාෆිට වැරදුනේ කොතනද ?ඔහු සදාම් හුසේන්ට අත් වූ ඉරනමින් පාඩම් නූගත්තේ ඇයි.විශාල සටනකින් තොරව ඔහු මරා දැමීමට හැකි වූයේ කෙසේද?
පලමුව කිව යුත්තේ ගඩාෆි හමුදා බලය යොදා 1969 සිට නිර්මාණය කළේ කෘතිම රටක් බවයි.ලිබියාව ලෙස අද සැලකෙන ප්‍රදේශය බ්‍රිතාන්‍යය සමයේ ගෝත්‍ර ගනනාවක් සහිත ප්‍රදේශයකි.එය පැහැදිලිවම රාජ්‍යය තුනකින් සමන්විත විය."චෙන්ගාසිය" මුල්කරගත් ජනවර්ගය රාජ්‍යයයේ පදනම වූ අතර ඉද්‍රීස් රජුගේ පදනමද විය.ගඩාෆි උදුරා දැමීමට උත්සාහ කළේ මේ පැරණි ජාතික උරුමයයි. වසර 40 කට පසු බෙන්ගාසිය වෙන් වී ගියේ (2011) ජාතිකවාදය,මධ්‍යගත ආර්තික හා හමුදා පාලනයෙන් වැසිය නොහැකි තත්වයට ගඩාෆි පත්කර තිබූ නිසාය. ඔහුගේ ගාතනයෙන් පසු ට්‍රිපෝලි බෙන්ගාසි සිසුරාටා ආදී ලෙස ජනවර්ග පදනම් කරගත් නගර වටා ආයුධ සන්නද්ධ බෙදුම්වාදයන් ඇතිවීම වැලැක්විය නොහැකි වනු ඇත.
සෝවියට් සංගමයට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ මුජේහිඩීන්වරු 1989 වනතෙක් එක්ව සටන් කලාට ඉන්පසු රට අරාජිකත්වයට ගිය ලෙස ලිබියාවද අරාජිකත්වයට යෑමේ අනතුරක් ඇත.ඉරාකයේ සුළු ජනවර්ගයක් (සුන්නි ) නියෝජනය කල සදාම් හුසේන් ඝාතනයෙන් සිදු වූයේ ඉරාකය අරාජික වීමයි.සිරියාවේද අසාද් නියෝජනය කරන්නේ සුළු ජනවර්ගයකි.ඔහුට එරෙහි ඇති වී ඇති කැරැල්ලේද පසුබිම යටපත් කළ මහජාතියක වේදනාවය. මේ අනුව ගඩාෆි ,සදාම් හා අසාද් යන තිදෙනාටම වැරදුණු තැන එක්සත් ජනපදයටද වරදිනු ඇත.එක්කෝ ලිබියාව අරාජික වනු ඇත.නැත්නම් ඉස්ලාමීය මූලධර්මවාදී කල්ලියක (තලිබාන් වැනි ) ග්‍රහණයට රට හසු වනු ඇත.ප්‍රජාතන්ත්‍රවාදය ගැන බටහිර ලෝකය මොන තෙපරබෑම් කලද ටියුනීසියාවේ,ඊජිප්තුවේ, ලිබියාවේ ,සවුදියේ මැතිවරණ පැවැත්වුවහොත් ඒවායේ බලයට එන්නේ එක්සත් ජනපදයට එරෙහි ඉස්ලාමීය බලවේග බව පැහැදිලිය.
ගඩාෆිට වැරදුනු අනෙක් තැන ඔහුට යුධමය ලෙස සැලස්මක් නොවීමය.කාන්තාර රටක සැටලයිට් හා සයිබර් ප්‍රහාර සහිත නවීන හමුදා සමග සටන් කිරීම ඉතා අපහසු බව ඉරාකයේ සදාම් හුසේන් පෙන්වා දුන්නේය.ගඩාෆිට තමන් සඳහා වූ යුධ සැලැස්මක් නොවීය.ඔහු කැස්ත්‍රෝගෙන් වෙනස් වන්නේ මෙවැනි ආක්‍රමණයකින් කියුබාව මුදා ගන්නට (Bay of pigs ) කැස්ත්‍රෝ (1961) සමත් වූ නිසාය.
ගඩාෆිට වැරදුණු තුන්වන තැන බටහිර නායකයන් හා බිරින්දෑවරු දියමන්ති,රත්තරන් හා ඩොලර් මිලියනවලින් බාගත හැකි යැයි සිතූ නිසාය.එක්සත් ජනපදයේ හිටපු රාජ්‍යය ලේකම්වරිය,ප්‍රංශයේ ජනාධිපති තුමා හා අර්යාව,එංගලන්තටේ හිටපු අගමැතිතුමා ඇතුළු බොහෝ බටහිර නායකයන්ට තමන් පහසුකම් සැපයූ බව ලිබියානු නායකයාගේ පුත්‍රයා වන සායිෆ් අල් ඉස්ලාම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය.ගඩාෆිගේ ට්‍රිපෝලි මන්දිරය අත්පත් කරගත් විට ඒ කීම ඔප්පු කරවන සුළු සාක්කිශ හමු විය. එමෙන්ම සදාම්ගේ යටත්වීමෙන් පසු (2001) ගඩාෆි බටහිර දෙසට නැවී සිය පුත්‍රයන් ලවා සිදු කල බටහිරට විවෘත වීමද සිදු කලේ ඔහුගේ අවසානය වේගවත් කිරීමය.එක්සත් ජනපදයේ පුහුණුව ලැබූ ගඩාෆිගේ දරුවන්ගේ හිතවතුන් ගඩාෆි විරෝධී සටනේ මුල් පෙළම සිටියේය. ගඩාෆිට පහර දීමට මුලින්ම ඉදිරිපත් වූයේද ඔහුගෙන් බොහෝ උපකාර ගත් බටහිර රාජ්‍යය නායකයන්මය.
ගඩාෆිට වැරදුන සිව්වන හා වැදගත්ම තැන රටේ තරුණ පරපුර තේරුම් නොගැනීමයි.ලිබියාවේ ජීවත්වන සාතිශය බහුතරයක් ගඩාෆි යටතේම උපත ලැබූ අයයි.ඔවුන්ට අතීතයේ සිටි "යකුන්ට" වඩා තමන් හැදී වැඩුණු සමාජයේ සිටි "යකුන්" වැදගත් විය.විශේශයෙන් නවීන සමාජ ජාලා (Social network ) හරහා මේ තරුණ පිරිස් එක් වූහ.ඊජිප්තුවේ "වාල්ගෝමින්" විසින් අරඹන ලද මේ " සයිබර් විප්ලවය " ලිබියාවේද කැරැල්ලේ පදනම විය. මෙය අද අරාබියට සීමා නොවී එක්සත් ජනපදය,බ්‍රිතාන්යය,ඉතාලිය,ඕස්ට්‍රේලියාව ආදී බොහෝ ධනවත් බටහිර රටවල ව්යාප්ත වී යමින් ඇත.
ජනතාව පාරවල්,විදුලිය,දුරකථන,පරිඝණක ආදියෙන් බලාත්මක වන විට ඔවුනගේ ජීවන අවශ්‍යතාද මාරු වී යන බව පැහැදිලිය. ඉන්දියානු කොන්ග්‍රසයට මරු පහරක් එක්කලක "අන්නා හසාර් " ගේ දූෂණ විරෝධී සටනේ පෙරමුණේ සිටින්නේද මේ සයිබර් තරුණයන්ය.දැනට බිලියන 07 ක් වූ ලෝක ජනගහනයෙන් බිලියන 01 කට වැඩි පිරිසක් "ෆේස්බුක්" සහිත සමාජ ජාලවලට එක් වී ලොවේ ලොකුම රට බිහිකර ඇත.ගඩාෆිට,මුබාරක්ට,බෙන් අලීට ,අසාද්ට එරෙහි පළමු වෙඩි මුරය ඇසුනේ සයිබර් අවකාශයෙනි.බටහිර ලෝකය විසින් සිය ගුවන් ප්‍රහාර හා ප්‍රහාරක බල ඇණි යොදවා මහ පොළවේ දෙවනුවට වර්ධනය කළේ සයිබර් අවකාශයේ ප්‍රහාරයයි.
ගඩාෆි ඝාතනයෙන් බටහිර ලෝකය ලබාගත් ජයග්‍රහණයක් නැත.යෝධ නය කන්දකට හසුව බංකොලොත් වෙමින් පවතින බටහිර ලෝකය පුරා මජර ධනවාදයට ,පරිසර විනාශයට ,දුගීකම හා විරැකියාවට එරෙහිව නායකයන් නැති දේශ සීමා නැති අරගලයක් පැන නැගී ඇත.එය මහ පොළවේ දැනට පවතින ඔබාමා,සාකෝසි,ම‍්රකල් වැනි පාලකයන් බිඳ දමනු ඇත.එමෙන්ම එලඹෙන වසරේදී එය යෝධ ආර්ථික අර්බුදයක්ද ජනිත කරනු ඇත.ගැටළුව ඇත්තේ ඒ ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකාව සූදානම්ද යන්නය.
-පාඨලී චම්පික රණවක
2011-10-30
උපුටා ගැනීම
ඉරිදා ලංකාදීප
http://epaper.lankadeepa.lk/epaper/viewer.aspx