ගඩාෆිගේ මරණය සහ ලංකාවේ වම
ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාෆි මරා දමා අවසන්ය.ඔහුගෙන් පසුව ලිබියාවේ නායකත්වය බාර ගැනීමේ ශූදානමින් සිටි පුත්‍රයා නයිජල් රාජ්‍යට පැන ගොස් ඇ...
http://weadikawa.blogspot.com/2011/10/blog-post_6505.html
ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාෆි මරා දමා අවසන්ය.ඔහුගෙන් පසුව ලිබියාවේ නායකත්වය බාර ගැනීමේ ශූදානමින් සිටි පුත්‍රයා නයිජල් රාජ්‍යට පැන ගොස් ඇත. ඊනියා සංක්‍රමණික ආන්ඩුව,අරාජික වී ඇති ලිබියාව තව තවත් අරාජිකත්වයේම ගිල්වා මරා දමනු ලැබ තිබේ.
ගඩාෆිගේ "නරක" පාලනය යටතේ ලිබියානු ජනතාවට නොමිලේ විදුලි බලය ලැබුණි.නිවාස ලැබුණි.එරට විශ්ව විද්යාල ආධ්‍යාපනය ලබා ගත නොහැකි වූවන්ට රජයේ වියදමින් විදේශ විශ්ව විද්යාල අධ්‍යාපනය ලැබීමේ හිමිකම ලැබුණි. සෑම පවුලකටම නවීන මෝටර් රථයක් ලබා දුනි.එයට ඉන්ධන කෝටාවක්ද ලබා දුනි.අධ්‍යාපනය,බෙහෙත් ආදී සියල්ල සම්පූර්ණ ලෙසම නොමිලේ ලැබුණි.මධ්‍යම අප්‍රිකානු කලාපයේ රටවලින් උසස්ම ජීවන තත්වයට හිමිකම් කීවේ ලිබියානු ජනතාවය.ඒ ගඩාෆිගේ "නරක" ඒකාධිපති පාලනයට පින්සිද්ද වන්නටය.
දැන් එළැඹෙනු ඇත්තේ බටහිර අධිරාජ්‍යවාදට හොඳ ලිබියානු පාලනයකි. එය ලිබියාවට තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැගෙන එනු ඇත. ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක්ද සම්මත කෙරෙනු ඇත. ලංකාවේ මෙන් සමානුපාතික ඡන්ද ක‍්‍රමය ඇති කර, එරට ගෝත‍්‍රික සමාජය බේද බින්න කර අස්ථාවර පාලනයක් පිහිටුවීමේ අවස්ථාව ලබා දෙනු ඇත. ඒ අස්ථාවර පාලනය ස්ථාවර භාවය යදිමින් බටහිර රටවල දෙපතුල ලෙවකනු නියතය. අවසානයේදී ‘නරක’ ගඩාෆිගේ පාලනය යටතේ නොමිලේ ලැබුණු විදුලියට මිලක් නියම කරනු ඇත. අලූත බැඳපු පවුලට නිවසක් නොවනු ඇත. නොමිලේ ලද වාහන තෙල් නැවත නොලැබෙනු ඇත. බටහිර සමාගම් තන්ත‍්‍රයේ කොල්ලකාරී තිප්පොලක් බවට ලිබියානු ජන සමාජය පත් කෙරෙනු නිසැකය. උනුන් මරා ගන්නා වියවුල් සහගත අනාගතයක් මිස, අන් කිසිවක් ලිබියානු ජන සමාජයට උරුම නොවනු ඇති බව නම් සහතිකය.
ගඩාෆිගේ නිසල සිරුර අයිස් පෙට්ටියක තබා මහජනතාවට ප‍්‍රදර්ශණය කරන විට ඇමරිකා එක්සත් ජනපදයේ වෝල් වීදිය ගිනිගෙන තිබේ. විරැකියාවෙන් පෙලෙන එක්සත් ජනපද තරුණ තරුණියන් මහපාරට පැමිණ එය අත්පත් කරගෙන සිටිති. ඉතාලියටද ඒ ‘ස්වේත වසන්තය’ පැමිණ ඇත. මහා බි‍්‍රතාන්‍යයේ කඩ සාප්පු කොල්ල කෑ ගැටවරයෝ කලින්ම පෙන්වා දුන්නේත් යුරෝපය හා බටහිර පුරා හමා එන ‘ස්වේත වසන්තයේ’ තරමය.
යුරෝපය හා බටහිර රාජ්‍යන් මුහුණ දී සිටින ආර්ථික අර්බුදය දැන් දේශපාලන අර්බුදයක් බවට පත්වෙමින් තිබේ. තමන් මෙතෙක් නිරුපද්‍රිතව පවත්වාගෙන ආ ‘ක‍්‍රමය’ අභියෝගයට ලක්වීමේ අවදානමට දැන් තමන් මුහුණ දී සිටින බව මේ රටවල පාලක පැලැන්තියට මැනවින් පෙනී ගොස් තිබේ. එබැවින් ඔවුහු ආර්ථික අර්බුදය සමනය කරගත හැකි මාර්ග වැඩියෙන් සොයමින් සිටිති. ඔවුන් දන්නා එකම හා අවසන් මාර්ගය වනුයේ කොල්ල කෑම මිස අන් යමක් නොවේ.
පැරණි අධිරාජ්‍යවාදයද රටවල් කොල්ලකෑම සඳහා රාජ්‍යයන් අත්පත් කර ගනු ලැබුවේය. ශ‍්‍රී ලංකාව කොල්ල කෑමට පෘතුගීසි, ලන්දේසි, ඉංග‍්‍රීසි ආදී සකල අධිරාජ්‍යවාදී බලවේග පැමිණියේ ඒ අනුවය. එක්තරා දුරකට ඒ අධිරාජ්‍යවාදය තමන් රක්නා සදාචාරයක් සහිත අධිරාජ්‍යවාදයකි. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුව ජීවග‍්‍රහයෙන් අත්පත් කරගත් විට, ඔහුට පහරදීමට ඔහු සමඟ උරණව සිටි සිංහල ප‍්‍රභූන්ට එදා සුදු අධිරාජ්‍යවාදීහු ඉඩ නොදුන්හ. වෙල්ලෝර් රැුගෙන යන තුරුම ඔහුට රජෙකු ලෙස සැලකීමට සුදු අධිරාජ්‍යවාදීහු කටයුතු කලහ. යුද්ධයේදී ගම්පල ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නංවමින් තම නිර්දය සාහසික බව මනාව පෙන්වූ ආක‍්‍රමණිකයාම තවත් අතකින් සීමා සහිත ‘හැදියාවක්’ පෙන්වන්නේ ඒ අයුරින්ය. එබඳු ලක්‍ෂණයක් නූතන අධිරාජ්‍යවාදියෙකු සතු වේ නම් ජීවග‍්‍රහයෙන් තමන් සතු කරගත් ලිබියානු නායක ගඩාෆි පහරදී, වදදී, වෙඩි තබා ඝාතනය කරන්නට නේටෝ කුලී හේවායන් කටයුතු කරන්නේ නැත.
ලෝක සිතියමේ ඛණිජ තෙල් බහුල කලාපය මිනිස් රුධිරයෙන් කහවා එය මිනිස් ලේ බහුල කලාපයක් බවට පත් කිරීමේ මෙහෙයුම අධිරාජ්‍යවාදී බල හවුල දැන් අරඹා තිබේ. ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ හා ලිබියාවේ සිදුව ඇත්තේ එයයි. එම මෙහෙයුම ඉන් නොනැවතී ටියුනීසියාව, සිරියාව, යේමනය හරහා තව තවත් රටවල් කරා ගමන් කරනු ඇතැයි සිතිය හැකිය.
න්‍යෂ්ඨික බලය තමන් සතුව පවත්නා ඉරානයට අදාලව යම් අන්දමේ මෙහෙයුමක් දියත් කරනු ඇතිදැයි සිතිය හැකි නොවේ. කෙසේ වෙතත් තෙල් ඇත්තේ කොතැවද එතැන ලේ වලින් පුරවාලීමේ අධිරාජ්‍යවාදී මෙහෙයුම නොනවත්වා ඉදිරියට දියත් කෙරෙනු ඇත. කොල්කෑමෙන් හා තමන්ම නිමවන ගැටුම් සඳහා අවි විකිණිමෙන් ලබාගන්නා ධනයෙන් කොටසක් අධිරාජ්‍යවාදී රටවල් තම පොදු ජනතාව නඩත්තුව සඳහා යොදවනු ඇත. ඒ මඟින් දැනට බටහිර හා යුරෝපය හරහා හමා යන ‘ස්වේත වසන්තය’ පාලනය කර ගැනීමට ඔවුන් වෙර දරනු ඇත.
මේ අධිරාජ්‍යවාදය හමුවේ පුදුමාකාර හාස්‍යද්පාදක රංගනයක නියැලෙන්නේ ලංකාවේ වමේ ව්‍යාපාරයය. ගඩාෆි මරා දැමීමෙන් පමු ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය අඩුම තරමින් ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය යයි කියමින් නිවේදනයක් නිකුත් කර තිබිණි. බෙහෙවින් දියාරු ප‍්‍රකාශනයක් වුවත් විදේශ අමාත්‍යාංශය ඒ තරමට හෝ එය සිදු කර තිබිණි. එහෙත් මෙරට අධිරාජ්‍ය විරෝධී වාම දේශපාලන පක්‍ෂවලට ගඩාෆි මරා දැමීම හෙළා දැකීමටවත් හැකි වූයේ නැත. ඒ කුමක් නිසාද? ඔවුන් දැන් මුහුණ දී සිටින අභ්‍යන්තර කුලල් කා ගැනීම් හේතු කොට ගෙනද? නැතිනම් ගඩාෆි වෙනුවෙන් කතාකිරීම ඒකාධිපතිවාදය වෙනුවෙන් පෙනී සිටීමක් වන නිසා එය නොකල යුතු යයි සිතූ නිසාද?
විප්ලවවාදී පක්‍ෂ ජය ලබා ඇති සෑම රටකම පවත්නේ ‘‘ඒකාධිපති’’ ස්වරූපයේ පාලනයක් මිස වසර 5කට හෝ 6කට ඡුන්දය තියන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වන පාලන ක‍්‍රම නොවේ. ඒකාධිපතිවාදය පිළිබඳව ගත් එබඳු වෙනත් සාධක පිළිබඳව අධිරාජ්‍යවාදය නිමවා දෙන දැක්මට අනුව ඒ දෙස බලන්නට පුරුදු වී ඇති ලංකවේ ‘වම’ට ගඩාෆි ගැනෙන්නේ ඒකාධිපතිවාදියෙකු ලෙසය. පවුල් පාලනය පවත්වා ගෙල ආ නායකයෙකු ලෙසය. ගඩාෆි මරා දැමීම විරෝධය පල කිරීමට තරම් ‘වම’ට සංසිද්ධියක් නොවන්නේ ඒ සාධක දෙක මත නම් හෙට දවසේ උතුරු කොරියානු පාලනයට හා නායකත්වයට මේ ඉරණම උදා කර දුන්නද ‘වම’ට ඇත්තේ නිහඬව සිටීම පමණි.
අධිරාජ්‍ය විරෝධී දේශපාලනය ලොව ක‍්‍රියාත්මකව ඇත්තේ විවිධ ස්වරූපයෙනි. සමාජවාදී රටවල් තුල ද පවත්නා ක‍්‍රම එකිනෙකට වෙනස්ය. කියුබාවේ සමාජවාදය එක විදිහකි. වෙනිසුයුලාවේ එක විදිහකි. චීනයේ වෙනම විදිහකි. උතුරු කොරියාවේ එයටම ආවේණික වෙනම ක‍්‍රමයකි. සමාජවාදී පාලන ක‍්‍රමද එක් එක් රටවල් විසින් ඇති කරගෙන ඇත්තේ එක් එක් රටට ආවේණික ආකාරයකටය. එසේවූ කල අධිරාජ්‍ය විරෝධී රටවල පාලනක‍්‍රම හා රටාවන් අතර බහුවිධ වෙනස්කම් පැවතීම පුදුමයක් නොවේ.
සැබෑ අධිරාජ්‍ය විරෝධියාට වැදගත් වන්නේ මේ පාලන රටාවන් අතර වන වෙනස්කම නොවේ. ලොව මානව හා ජීවී පැවැත්ම වනසා අඳුරු භයානක අනාගතයක් කරා මේ පෘථිවි ගෝලය රැගෙන යන අධිරාජ්‍යවාදයට අභියෝග කරන කවර ඝණයේ නායකයෙකු සමඟ වුවද එකට හිට ගැනීමේ වගකීම නූතන සැබෑ අධිරාජ්‍ය විරෝධියාට හිමිව තිබේ. එය නොදන්නා ලංකාවේ වම්මු, ගඩාෆිගේ මරණය හමුවේ පොට පටලවාගෙන ඇති තරම පෙන්වන අවස්ථාව බවට මෙය පත්ව තිබේ.
දැන් ඉතින් අධිරාජ්‍යවාදීන් තව තවත් ගඩාෆි වැනි ඒකාධිපති පාලකයන් සොය සොයා ගොස් වනසනු ඇත. ‘වම’ට ඇත්තේ ඒ දෙස නිහඬව බලා සිටීමට පමණි. අධිරාජ්‍යවාදයට අවශ්‍යව ඇත්තේ ඒ දෙස නිහඬව බලා සිටින වමකි. ඒ වම ලංකාවේ ඇත. වම නොදන්න වමේ අවුලේ මුල ඇත්තේ එතැනය.

- විමල් වීරවංශ
උපුටා ගැනීම
ඉරිදා ලංකාදීප
2011-10-30