ඡන්ද විරාමයේදී කළ යුතු ආයෝජනය
ඡේ. ආර්. ජයවර්ධන පාලනයේ දෙවන යුගයෙන් පසු රටේ දේශපාලන ඉරණම තීන්දු කිරීම කෙරෙහි වන පළමු සාධකය වූයේ එල්. ටී. ටී. ඊ. ය හා දෙමළ ජාත...
http://weadikawa.blogspot.com/2011/10/blog-post_2171.html
ඡේ. ආර්. ජයවර්ධන පාලනයේ දෙවන යුගයෙන් පසු රටේ දේශපාලන ඉරණම තීන්දු කිරීම කෙරෙහි වන පළමු සාධකය වූයේ එල්. ටී. ටී. ඊ. ය හා දෙමළ ජාතිවාදයයි. 1987 ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීම හා පළාත් සභා නීතිගත කිරීමත් සමඟ ඡේ. ආර්. ගේ ආණ්ඩුවට සොහොන් ලකුණු පෙනෙන්නට පටන් ගත්තේය. එය තුන් ආකාරයකින් සිදුවිය. ඡේ. ආර්. විසින් ඉන්දීය බලපෑම මත විමුක්ති මෙහෙයුම හෙවත් වඩමරච්චි මෙහෙයුම නැවැත්වීමට අණ දීමත් සමඟ එම ආණ්ඩුව දෙමළ ජාතිවාදයේ ඉලක්කගත දිශානතිය අනුව ගමන් කරන තත්ත්වයක් මතු කළේය. මෙම අවස්ථාවේදී ආණ්ඩුවේ ගමන්මඟට එරෙහිව විපක්ෂයේ ප්‍රබල පක්ෂ දෙක වන ශ්රීලනිපය හා ජවිපෙ එක තැනකට පැමිණියේය. 71 කැරැල්ල හේතුවෙන් සතුරන් වී සිටි ශ්රීලනිපය හා ජවිපෙ එක තැනකට පැමිණෙන්නේ ඉන්දු - ලංකා ගිවිසුම හේතුවෙනි. රටේ ඒකීයභාවය අවසන් කරලීම, නතර කිරීම සඳහා යම් පොදු තැනකට මෙම දෙපිරිස එකතු වීම එජාපයට එරෙහිව සිදු වූ ප්‍රබල ඒකාබද්ධ වීමක් විය.
ඒ අතරේම එජාපයේ සිටි පිරිස් අතරින් ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව හඬනැගීම් සිදුවිය. අගමැති ප්‍රේමදාස, කෘෂිකර්ම ඇමැති ගාමිණී ජයසූරිය, රාජ්‍ය ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි ඒ අතරේ පෙරමුණේ විය. එළියේ පිල් බෙදී සිටින ප්‍රධාන හතුරන් දෙදෙනා එකට එකතු වීමත්, ඇතුළේ සිටි පිරිස් දෙපිලකට බෙදීමත් විසින් බලගතු එජාප ආණ්ඩුව සෙලවෙන තත්ත්වයකට පත්විය. ඒ සමඟම ජාතික ව්‍යාපාරය ද එජාප ආණ්ඩුවට එරෙහිව සිටීම හේතු කොටගෙන ඡේ. ආර්.ට කිසිදාක නොසිතූ අර්බුදයකට මුහුණ දෙන්නට ඔහුට සිදුවිය.
එදා විපක්ෂය විසින් එජාපයට අභියෝග කිරීම සඳහා තෝරාගෙන තිබූ මඟ වූයේ එල්. ටී. ටී. ඊ. හා දෙමළ වර්ගවාදයට එරෙහිව සිටීමය. 94' මහ මැතිවරණයේදී චන්ද්‍රිකා බලයට පත්වන්නේ ද මෙම රැල්ල හේතුවෙනි. ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව, පළාත් සභා බිහිකිරීමට එරෙහිව ආණ්ඩුව සමඟ අරගල කළ තරුණයන්ගේ පැත්තට රටේ මතය තිබුණි. ඔවුන් ඝාතනය කරමින් රට ලේ විලක් කිරීම පිළිබඳව එජාපයට එරෙහිව රට තුළ කෝපයක් තිබිණි. එම කෝපයෙන් ගොඩ යැමට චන්ද්‍රිකාට හැකිවිය. ඒකීය රාජ්‍ය සුරැකීමට රට තුළ තිබූ උනන්දුව විසින් එජාපයට එරෙහිව බිහි වූ රැල්ලෙන් ෆෙඩරල්වාදී චන්ද්‍රිකා බලයට පත්විය. චන්ද්‍රිකා පක්ෂයට ගෙන එන විට ඇය ෆෙඩරල්වාදියෙක් බව පොදු ජනතාව තෙරුම් ගෙන සිටියේ නැත. ජනතාවගේ අවශ්‍යතාවය වූයේ, ඒකීය රාජ්‍ය වෙනුවෙන් දිවිදුන් තරුණ තරුණියන් වෙනුවෙන් එජාපය පෙරළා දැමීමය. ඒ සඳහා තිබූ එකම මඟ ලෙස රට තෝරාගත්තේ චන්ද්‍රිකා දිනවීමය.
මෙයින් පෙනී යන්නේ එජාපය පරාජය කිරීම සඳහා ඒ මොහොතේ ප්‍රධාන වූයේ එල්. ටී. ටී. ඊ. විරෝධී දෙමළ වර්ගවාදී විරෝධි භූමිකාව බවය. පැවැති විපක්ෂය ඒ භූමිකාවට පණ පෙවීමට සමත්වීම විසින් ජයග්‍රහණය කිරීමට සමත් විය. අද විපක්ෂය හමුවේ තිබෙන්නේ ප්‍රධාන ප්රශ්නය වන ආණ්ඩුව පැරදවීම කෙසේ කළ යුතුද යන්න මෙම මර්ගයත් සමඟ සස¹ බැලීම මෙම රචනයේ අරමුණ වේ.
එජාපය අද විපක්ෂයට වී කාලය ගතකිරීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ඉන්දු - ලංකා ගිවිසුම හරහා ඔවුන් තමන් විසින් සිංහල ජාතිකත්වයට එරෙහිවීමත්, එය පක්ෂයේ නිල මතය බවට පත්කර ගැනීමත්ය. ප්‍රේමදාස ඝාතනය වීමෙන් පසු බලයට පැමිණි ජනාධිපති විඡේතුංග මෙම මතයට එරෙහිව සිටියත් ඇති වී තිබූ කැළල මැකීමට එම මතයට හැකියාවක් ලැබුණේ නැත. ඉන් පසුව එජාපය දිගටම සිටියේ දෙමළ වර්ගවාදී මතය සමඟය. ඒ සමඟම චන්ද්‍රිකා ආණ්ඩුව ද සිටියේ දෙමළ වර්ගවාදී මතය සමඟය. මේ නිසා පාර්ලිමේන්තුව තුළ තීරණාත්මක බලයක් ජවිපෙට හා හෙළ උරුමයට ලැබෙන්නට පටන් ගත්තේය. ජාතික බලවේගවල තීරණාත්මක හයිය විසින් චන්ද්‍රිකා හා රනිල් ගේ ෆෙඩරල්වාදයට, දෙමළ වර්ගවාදය සමඟ සහයෝගිතා දේශපාලනයට එරෙහිව මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට සමත් විය.
මහින්ද විසින් එල්. ටී. ටී. ඊ. ය සමූල ඝාතනය කළද තවමත් දෙමළ වර්ගවාදය අවසානයක් කරා ගෙන ඒමට ඔහුට හැකියාව ලැබී නැත. මේ තත්ත්වය තුළ ආණ්ඩුව පෙරලීමට විපක්ෂයට අවශ්‍ය නම් ඔවුන් ආදර්ශයට ගත යුත්තේ 87 තත්ත්වයය. ඒ සඳහා අත්‍යවශ්‍ය පියවර වනුයේ මහින්දගේ ආණ්ඩුවට වඩා ජාතිකත්වයෙන් පෙරට ඒමය. නමුත් විපක්ෂය අද නොකරන්නේම අත්‍යවශ්‍ය දේය.
මහින්දගේ ආණ්ඩුව "ඔවර් ටේක්" කිරීම සඳහා ආර්ථික දූෂණ හෙළිකිරීම වැනි ප්රමුඛ නොවන මාර්ග විපක්ෂය වෙතින් තෝරාගෙන තිබුණත් ඒවා රටට දැනෙන්නේ නැති බව පසුගිය මැතිවරණවලදී පැහැදිලි විය. ඒ වෙනුවට විපක්ෂය තෝරාගත යුතුව ඇත්තේ මහින්දට වඩා සිංහල ජාතිකවාදී වීමය. එල්. ටී. ටී. ඊ. ය විනාශ කරලීමේ ගෞරවය තුළින් මහින්දගේ ආණ්ඩුව ජන ප්‍රසාදිත වී තිබිණි. 2010 ජනාධිපතිවරණය පැමිණෙන විට විපක්ෂයට තිබූ ප්රශ්නය එම ජනප්රසාදය ඉක්මවා යැමට තමන්ට මාවතක් නොමැති වීමය. ඒ සඳහා විපක්ෂය තෝරා ගත්තේ සරත් ෆොන්සේකාය. සරත් ෆොන්සේකාට ද මහින්ද හා සමානව එල්. ටී. ටී. ඊ. විනාශ කිරීමේ ගෞරවයක් ලැබෙතැයි විපක්ෂය ගණන් බලා තිබිණි. පරාජයට පත්වුවද විපක්ෂයක් ලෙස එතැනදී කළ තේරීම නරක නැත. නමුත් විපක්ෂය නියම ලෙසම මහින්ද රාජපක්ෂ "ඔවර් ටේක්" කිරීමට නම් කළ යුතුව තිබුණේ යුද්ධ ජයග්‍රහණය මහින්දට පමණක් නොදීමට සරත් ෆොන්සේකා ඉදිරිපත් කරන අතරේම, ඊළඟ තිබෙන අභියෝගයේදී මහින්දට ඉදිරියෙන් සිටීමය. දෙමළ වර්ගවාදය පරාජය කරන අන්තයේදී මහින්දට ඉදිරියෙන් විපක්ෂය සිටියා නම් ඒ මොහොතේදී විපක්ෂය පරාජයට පත් වුවත් අනාතයේදී විපක්ෂයට එය ප්‍රයෝජනයට ගැනීමට තිබිණි. සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළත් ඔහු පිටුපස සිටි සියලු දෙනාම එල්. ටී. ටී. ඊ. විරෝධී සටනේදී සේවය කරන ලද්දේ එල්. ටී. ටී. ඊ. ය පැත්තටය. ඒ තුළ තනි ෆොන්සේකා පමණක් පෙන්වා මහින්දට වඩා තමන්ගේ අපේක්ෂකයා යුද්ධ ජයග්‍රහණයේ අයිතිකරුවකු බව රටට පෙන්විය නොහැකි විය. එසේ වුවත් ඒ මොහොතේදී දෙමළ වර්ගවාදයට එරෙහි වූ මතවාදීව පෙනී සිට අද වනතෙක් ඒ ස්ථාවරයේ පක්ෂය සිටියා නම් එය අවංක ලෙසම දෙමළ වර්ගවාදයට එරෙහිව කරන කටයුත්තක් ලෙස රට තේරුම් ගන්නවා ඇත. අනාගතයේදී මහින්දට වඩා ඉදිරියෙන් සිටීමේදී එම ආයෝජනය බලවත් වන්නට ඉඩ තිබිණි.
නමුත් විපක්ෂය එවැනි වැඩ පිළිවෙළකට ගියේ නැත.
තවමත් දිනන මඟක් විපක්ෂයට හමුවී නැත්තේ මෙම පිටපොට යවා ගැනීම නිසාය. කුමන අංශවලින් ආණ්ඩුවට එරෙහිව විවේචන ගෙන ගිය ද තවමත් රටේ තීරණාත්මක සාධකය වී ඇත්තේ ඒකීය රාජ්‍ය රැකගැනීමය. එතැනදී ආණ්ඩුවට වඩා ඉදිරියෙන් සිටීමට විපක්ෂයට නොහැකි නම් එහි අර්ථය වනුයේ තවදුරටත් විපක්ෂයට වී සිටීමට හිත හදා ගත යුතු බවය.
එජාප ආණ්ඩුව හොලවන්නට '87 දී විපක්ෂය උපයෝගී කරගත්තේ ඡේ. ආර්. ගේ දේශෙද්‍රdaහී වීමේ තැනට ඇණය ගැසීමය. එජාප ආණ්ඩුව පෙරළන්නට පදනම වැටෙන්නේ එතැනින්ය. මේ විපක්ෂය නොකරන්නේ ද ඒ ටිකමය. එය නොකරනවා පමණක් නොව ඊට ප්‍රතිවිරුද්ධ අන්තයටම විපක්ෂය ගමන් කරමින් තිබේ. ජ.වි.පෙ. බෙදීම තුළ මතුවී ඇති කැරලිකාර කණ්ඩායම සිටින්නේ වික්‍රමබාහු දෙමළ වර්ගවාදය සම්බන්ධයෙන් දරන ස්ථාවරයට සමාන ස්ථාවරයකය. එජාපය ද තවම සිටින්නේ ෆෙඩරල්වාදය පැත්තේය. මොවුන්ගේ ස්ථාවරය ඊලංකෙයි තමිල් අරසු කච්චි හා එතෙර සිටිනා දෙමළ ජාතිවාදී නඩයට සමානය. අද විපක්ෂය බැඳී ඇති පොදු රැහැන වී ඇත්තේ මෙයය. ජවිපෙ කැරලිකාරයන් විසින් කරන ලද කාර්යභාරය වූයේ යම් මැද තැනකින් ජවිපෙ මෙයට බැඳී සිටින විට එම තත්ත්වයෙන් ඔබ්බට ගොස් දෙමළ වර්ගවාදී අන්තයට යැමය.
මෙම එකමුතුව විසින් පෙන්නුම් කරන විපක්ෂයේ අනාගත මාවතය.
'87 දී ඒකීය රාජ්‍ය වෙනුවෙන් විපක්ෂය ඒකාබද්ධ වීමේ ප්‍රතිඵලය වූයේ '94 වන විට එජාපය පෙරලා බලයට ඒමට එය සමත් වීමය. එදා විපක්ෂය ගත් මඟ වෙනුවට ශ්‍රී ලංකා මහජන පක්ෂය, සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ගත්තේ එජාපය සේම දෙමළ ජාතිවාදයේ පැත්තය. නමුත් ඔවුන්ට අවසානයේ සිදුවූයේ ජයග්‍රහණය සඳහා ශ්රීලනිපය තුළට ඒමට හා ශ්රීලනිපය සමඟ සන්ධානගත වීමටය. එහිදී ශ්‍රීලනිප නායකත්වය වෙනුවට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකත්වය ලබාදීම මගින් ෆෙඩරල් මතයට ශ්රීලනිපය ඔවුන් විසින් ගෙන ගියද, ශ්රීලනිපය විසින් '87 කර තිබූ ආයෝජනයත් ජ.වි.පෙ. විසින් තමන්ගේ ලෙයින් ඒකීය රාජ්‍ය වෙනුවෙන් කරන ලද කැපකිරීමට රටෙන් ලැබුණු ගෞරවයත් හේතුවෙන් එජාපය පරාද කරන්නට විපක්ෂයට හැකිවිය.
ඡන්ද සඳහා විරාමයක් හිsමිව ඇති මේ මොහොතේ විපක්ෂය විසින් දැන් කළ යුත්තේ එවැනි ආයෝජනයක් සඳහා යැමය.
මනෝජ් අබයදීර