ජාතික අභියෝග හමුවේ ශ්‍රී ලාංකිකයාගේ කාර්යභාරය

-කථිකාචාර්ය මහින්ද පතිරණ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ වෙත ඇමරිකාවෙන් සිතාසියක්‌ පැමිණ තිබේ. ඒ පාර-අධිකරණමය ක්‍රියාදාමයකින් ආරක්‌ෂක හමුදා ව...

-කථිකාචාර්ය මහින්ද පතිරණ
ජනාධිපති මහින්ද රාජපක්‌ෂ වෙත ඇමරිකාවෙන් සිතාසියක්‌ පැමිණ තිබේ. ඒ පාර-අධිකරණමය ක්‍රියාදාමයකින් ආරක්‌ෂක හමුදා විසින් 2006 වසරේ දී සිසුන් පස්‌දෙනකු ඝාතනය කළැයි කියන චෝදනාවකට හා තවත් ඝාතන චෝදනා කීපයකට ශ්‍රී ලංකාවේ සේනාධිනායකයා ලෙස වන ඔහුගේ වගකීම වෙනුවෙන් ඇමරිකානු ෙµඩරල් අධිකරණය වෙත උත්තර බැඳීම සඳහා ය. ජනාධිපතිවරයාට එරෙහි ව සිවිල් නඩු තුනක්‌ ගොනුකර තිබූ අතර එක්‌ නඩුවක්‌ ගොනුකර තිබුණේ ඝාතනයට ලක්‌විනැයි කියන රවිහාර් මනෝහරන් නැමැති සිසුවාගේ ඥාතීන් විසිනි. අනෙත් නඩු මූතූර් හි දී ඝාතනය වූ රාජ්‍ය නොවන සංවිධාන සේවකයින් වූ ප්‍රේමාස්‌ ආනන්දරාජා හා ටී තවරාසා යන අයගේ ඥDතීන් විසින් ගොනුකර තිබුණි. මෙම සිතාසිය පිළිබඳ බටහිර ලෝකයේ සෑම මාධ්‍යක්‌ විසින් ම ප්‍රබල ප්‍රචාරයක්‌ ලබා දී තිබූ අතර අදාළ පුවත කිසියම් zප්‍රමෝදකාරී ඉරියව්වකින්Z ඉදිරිපති කර තිබුණි. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ඇමරිකානු අධිකරණයක නඩු පැවරූ පළමු අවස්‌ථාව මෙය නොවේ. ඇමරිකාවේ හිටපු සහකාර නීතිපතිවරයකු හා දැනට එරට දෙමළ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකු වන බෲස්‌ ෙµයින් විසින් ඇමරිකාවේ ටෙක්‌සාස්‌ අධිකරණයක නඩුවක්‌ පැවරුවේ ය. ඒ මහින්ද රාජපක්‌ෂ මහතා ටෙක්‌සාසයේ පෞද්ගලික සංචාරයක යෙදී සිටින අතර තුර ය. තව ද 2010 වසරේ දී බ්‍රිතාන්‍ය සංචාරයක නියෑලී සිටි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක්‌ ලබා ගැනීමට zදෙමළ ක්‍රියාකාරීන් සඳහා වූ නීතීඥවරු මැති සංවිධානයක්‌ උත්සාහ කළේ ය. මේ සියලු ක්‍රියාදාමයන්ට පදනම් වන්නේ ඇමරිකාව විසින් ශ්‍රි ලංකා අර්බුදය පිළිබඳ මුලසිට ම දැරූ ආකල්පය මත ය. ශ්‍රී ලංකාවේ වත්මන් ඇමරිකානු තානාපතිනිය වන පැට්‍රීශීයා බුටනිස්‌ විසින් 2010 ජනවාරි මස 15 වන දින ලියන ලද විකිලීක්‌ස්‌ මගින් හෙළි වූ තානාපති පණිවුඩයක තිබුණේ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ හා ඔහුගේ පවුලේ සාමාජිකයින් ශ්‍රී ලංකාවේ සිදූවූවැයි කියන යුධ අපරාධවලට වගකිවයුතු බව ය.

ශ්‍රි ලංකාවේ දශක තුනක පමණ යුද්ධය අවසන් වීමත් සමග පැන නැගි ඉහත සිද්ධි තුළින් පෙනෙන්නේ ශ්‍රී ලංකාවට හා එහි ජනාධිපතිවරයාට එරෙහිව බටහිර අර්ධ ගෝලය තුළ ක්‍රියාත්මක වන කුමණ්‌ත්‍රණ අයිස්‌ කන්දේ ඉහළට මතුව තිබෙන කුඩා ම කුඩා තුඩ පමණි. පසුගිය දා බ්‍රිතාන්‍යයේ චැනල් ෙµda රුපවාහිනය මගින් විසුරුවාහල පැයක පමණ වූ "ඝාතන තෝතැන්න" නම් වීඩියෝව හා මෙම වසර මුල දී පළ වූ එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මුන්ගේ වාර්තාව මෙම කුමන්ත්‍රණයේ වත්මන් අභ්‍යන්තර හැඩ ගැසීම පිළිබඳ අදහසක්‌ දෙන්නේ ය. චැනල් ෙµda වීඩියෝව හා මූන්ගේ වාර්තා පිලිබඳ වාර්තාවක්‌ පළකරන බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාµa පුවත් පත කිවේ මූන්ගේ වාර්තාව මගින් ශ්‍රි ලංකා හමුදාව විසින් කළ දෙමළ වැසියන්ට එරෙහි යුධ අපරාධවල විස්‌වසනීය ලිත සාක්‌ෂි පෙන්වන අතර චැනල් 4 වීඩියෝව මගින් ඒ සඳහා වන ශ්‍රවය දෘශ්‍ය සාක්‌ෂි සපයන බව ය. ටෙලිග්‍රාµa වාර්තාව මගින් අදාළ සිදුවීම් දෙක පිළිබඳ නිර්මාණය කරන සහසම්බන්ධය කෙසේ වෙතත්, බටහිර ප්‍රධාන පෙළේ මාධ්‍ය හා එකී මාධ්‍ය පරිභෝජනය කරන්නන් ශ්‍රී ලංකාවේ අර්බුදය පිළිබඳ සිතන ආකාරය මෙම අර්ථතකථනය තුළ ගැබ්ව තිබේ. අවසාන විග්‍රහයේ දී වැදගත් වන්නේ එම අර්ථකථනයයි.

චැනල් 4 හෝ වෙනත් බටහිර මාධ්‍යයක්‌ විසින් ශ්‍රී ලංකාවේ කොටින් විසින් වසර 33 ඝාතන ඉතිසාසය තුළ කරන ලද එකදු ඝාතනයක්‌ පිළිබඳ හෝ වීඩියෝවක්‌ ප්‍රදර්ශනය කර තිබේ ද? පෙර දින ශ්‍රී මහා බෝ මළුවේ දී කාන්තා උවැසියන් හා සිල්මාතාවරුන් ඇතුළු අහිංසක සිවිල් වැසියන් එකා පිට එකා මරා දැමීමේ සිට මොරවැව ඇතුළු මායිම් ගම්මානවල අහිංසකයන් කැතිගෑම, පිරිත් ස-ජායනා කරමින් ගිය අරන්තලාවේ භික්‌ෂුන් වසහන්සේ ඝාතනය, ඩී එස්‌ සේනානායක බේස්‌ බෝල් කණ්‌ඩායම් ඝාතනය හරහා 2008 දී බුත්තල දී ළමා ලපටින් ඇතුළු නිරායුධ අහිංසකයින්ගේ බසය පුපුරුවා හැර, ඒ ප්‍රමාණවත් නොවී ඉතිරි උන් වෙත වෙඩි තබා මරා දැමීම දක්‌වා වූ අමුම අමු ඝාතන පදනම් කරගෙන වීඩියෝ තැනුවේ කවුරුන් ද ? මෙසේ මියගිය අහිංසකයින්ට යුක්‌තිය ඉටුවූයේ කොතැනක දී ද?. නින්දෙන් ඇහැරීමෙන් පසු මෙන් කළ නව ලිබරල් ඝාතන හෙළා දැකීම්වල හා සියලු බටහිර මාධ්‍ය වාර්තාවල පවා තිබුණේ එල්ටීටී ඝාතනයන් ත්‍රස්‌තවාදී ක්‍රියාවන් ලෙස හෝ පිළිගන්නා පිළිබඳ නොහැකියාවකි. සියලු අන්තර්ජාතික නීති හා මානුෂවාදී හා යුධ නීති උල්ලංඝනය කරමින් කළ බින් ලාඩන් ඝාතනය - එදින රාත්‍රියේ දී ඇමරිකානු කොඩි වනමින් ජාතික ගි ගැයූ ඇමරිකානු ජනතාව හමුවේ ජනාධිපති බරක්‌ ඔබාමා විසින් ඔවුන්ගේ ම මැදපෙරදිග ප්‍රතිපත්ති නිසා ගෙන්වා ගත් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් මිය ගිය 3000 වෙනුවෙන් "යුක්‌තිය ඉටුකරීමක්‌" ලෙස ලෝකයට ම ප්‍රකාශ කරද්දී, වසර 30 ක්‌ තිස්‌සේ සෑම වසරක ම පමණක්‌ නොව සෑම මසක ම සැප්තැම්බර් 11 ප්‍රහාරයකට මුහුණ දුන් ශ්‍රීs ලංකාවේ ජනතාවට ද යුක්‌තිය අහිමි වන්නේ කුමන පදනමකින් ද? එ පමණක්‌ ද, යුක්‌තිය ඉටුකළ හැක්‌කේ අධිකරණමය ක්‍රියාදාමයකින් පමණක්‌ බව ලෝකය ම දනිද්දී නිරායුධ ඔසාමා බින් ලාඩන් ඇමරිකානු සීල් භටයන් විසින් වෙඩි තබා ඝාතන කිරීම zයුක්‌තිය ඉටකිරීමක්‌z ලෙස ඔබාමා දක්‌වන්නේ කුමන නීතියට අනුව ද? ඇමරිකානු හා බටහිර හමුදාවන්ගේ ඊනියා ශිෂ්ටත්වයේ තරම හෙළි වන්නේ ඉරාකයට හා ඇµaගනිස්‌ථානයට මදක්‌ හෝ එබී බැලීමෙනි. ඇමරිකාව විසින් 2007 වසරේ දී ඉරාකයේ නව බැග්ඩෑඩ් නුවර තදාසන්න ප්‍රදේශයක දී රොයිටර් මාණ්‌ඩලික වාර්තාකරුවන් දෙදෙනෙකු ඇතුළු ඉරාක සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කරන දර්ශන ඇතුළත් වීඩියෝ පටයක්‌ විකිලීක්‌ස්‌ විසින් ලෝකයට ම හෙළි කරන ලදී. එක්‌සත් ජාතින්ගේ සංවිධානය හෝ චැනල් 4 විසින් අද ලංකාව සම්බන්ධයෙන් නගන ප්‍රශ්නය) එනම් "මෙවන් ඝාතන සිදුවද් දී අන්තර්ජාතික ප්‍රජා සිටියේ කොහි ද" යන්න ඇපචි ප්‍රහාරයේ දී ඇසුවා ද?

තවත් එක්‌ ඇ`ග කිලිපොලන zශිෂ්ට්‌ යුධ අපරාධයක්‌ ඇµaගනීස්‌ථානයෙන් සැපයිය හැකි ය. ගර්භනීමාතාවන් දෙදෙනකු, යුවතියක, පොලිස්‌ නිලධාරියකු හා ඔහුගේ සහෝදරයා වෙඩි තබා මරා දැමීමෙන් පසු ඇමරිකානු විශේෂ භටයින් එය සැ`ගවීමට සෑම උත්සාහයක්‌ ම කරන්නේ ය. ටයිම්ස්‌ වාර්තා කරන පරිදි( "ඇමරිකානු විශේෂ බලකා භටයින්, තම රාත්‍රී මෙහෙයුමට පසු මියගිය සියලුම සිවිල් වැසියන්ගේ සිරුරුවලින් මූණිස්‌සම් ඉවත් කළේ ය. අනතුරු ව මේ පිළිබඳ බොරු කීමට පෙර සෙබළු මියගියවුන්ගේ සිරුරු අරක්‌කුවලින් සේදීමට ද කටයුතු කළේ ය. නේටෝව විසින් පළමුව සිවිල් වැසියන් මරා දැමීම ප්‍රතික්‌ෂේප කළ අතර එය පිළිගැනිමට සිදුවුයේ එය ස`ගවා තැබීමට නොහැකි තරම් වූ විට ය.

බ්‍රිතාන්‍ය, ඇමරිකාව, හා ප්‍රංශය ඇතුළු රටවල් 8 වෛරී හිතුවක්‌කාරයට සිදුවන ලිබියා මෙහෙයුමේ දී අතිශය ජනාකීර්න ටි්‍රපොලි අගනුවර නිවසකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පසුගිය ජූනි 19 වන දා කුඩා ළමුන් දෙදෙනකු හා කාන්තාවක හා තවත් මිනිසුන් දෙදෙනෙකු ඝාතනය වන්නේ ය. එහි දී නේටෝ ප්‍රකාශක Mike Bracken පහත ප්‍රකාශය කරන්නේ ය( "අපේ ගුවන් නියමුවන් සිවිල් අවදානම අව ම කිරීමට විශාල අත්සාහයක්‌ ගන්නවා. ඒත් හමුදා ක්‍රියාදාමයක දී ඒ අවදානම බින්දුවට ම ගේන්න බෑ. මෙම ප්‍රකාශය නිවැරදි ය. එහෙත් ප්‍රශ්නය ඇත්තේ මෙතරම් තාක්‌ෂණික ව උසස්‌ මිලිටරියක්‌ තිබෙන බව කියන බටහිරට පමණක්‌ ම මෙවන් ප්‍රකාශයක්‌ කර ඉන් ගැලවිය හැකි වීම ය. තුන්වැනි ලෝකය යෑයි බටහිරයින් විසින් ම කියන ලංකාව විසින් "මෙම අවදානම" ගත හොත් එය යුද අපරාධයක්‌ වන්නේ ය.

ඇමරිකානු හෝ බ්‍රිතාන්‍ය අධිකරණයක්‌ විසින් මේ එකදු ඝාතනයක්‌ පිලිබඳ හෝ තම සෙබළකු සිරකූඩුවට යවා නැත. රිමාන්ඩ් සිරකුඩුව යෑවූ හා දැන් මරණ දරෑqවම දීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින එක ම සෙබළා වන්නේ බ්‍රෑඩ්ලි මැනිං ය. එහෙත් මැනිං සිරකූඩුවට හරින්නේ අන් කිසිවක්‌ නිසා නොව, සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කරන ඇපචි හෙලිකොප්ටර් ප්‍රහාරය ඇතුළු ඉරාකයේ හා ඇµaගනිස්‌ථානයේ මේතාක්‌ හෙළි නොවූ සිවිල් වැසි ඝාතන 15000 ක්‌ හා තව දහස්‌ ගනණනක්‌ වන ඇමරිකානු යුද අපරාධ රහස්‌ ලිපිගොනු විකිලීක්‌ස්‌ වෙත ලබාදීම නිසා ය. එහි අර්ථය වන්නේ ඇමරිකානු හමුදාවට යුධ අපරාධ කළ හැකි ය. එහෙත් කිසිවකුත් විසින් ඒවා හෙළි නොකළ යුතු ය.

මහින්ද රාජපක්‌ෂට සිතාසි එවීමට හදිසි වන ඇමරිකානු අධිකරණයේ තරම ද අප හඳුනාගත යුතු ය. මන්ද අයකු සිතනු ඇත්තේ නවලිබරල් ඇමරිකානු zවටිනාකම්Z පිළිබඳ පරමාදර්ශ උල්ලංඝනය වනු ඇත්තේ යුධ භූමිය තුළ පමණක්‌ කියා ය. එහෙත් ඇමරිකානු නීතිය පවා මෙම උල්ලංඝණයන් සිදුකිරීමට තම සහෝදර ආයතනවලට සහයෝගය දෙන බවට ප්‍රමාණවත් සාක්‌ෂි තිබේ. මේ පිළිබඳ නවත ම සාක්‌ෂි රැගත් කතුවැකියක්‌ 2011 මැයි 21 වන දින Newyork Times පුවත්පතෙහි පළවන්නේ ය. ඊට අනුව, "ජනාධිපති බුෂ් සමයේ වූ ත්‍රස්‌ත විරෝධී ක්‍රියා මාර්ග යටතේ ඇමරිකානු බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, වධබන්ධන දීම සඳහා නමගිය රටවලට ප්‍රශ්න කිරීම සඳහා පිටත් කර හරින්නේ ය. මේ සඳහා වන වගවීමෙන් බේරීම සඳහා බුෂ් පාලනය නිරන්තරයෙන් ම යොදා ගත්තේz zරාජ්‍ය රහස්‌z පිළිබඳ කතාවයි. ජනාධිපති ඔබාමා ද මෙම zරහස්‌ නීතියz ම නඩුදැමීම් මැරීමට-එනම් වැළැක්‌වීම සඳහා යොදා ගන්නේ ය. කතුවැකියට අනුව, ඉතිරි ව තිබූ එක ම අපේක්‌ෂ්ව වූයේ උසාවියයි. එහෙත් ඇමරිකාවේ උසස්‌ ම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය මෙම වගකීම 2011 මැයි මස දී පැහැර හරින්නේ ය. ඒ තමා පැහැරගෙන විදේශ රටවල දී වධහිංසනයට ලක්‌කළ බව විස්‌වසනීය ලෙස කියන පුද්ගලයින් පස්‌ දෙනකු විසින් ගෙන ආ නඩුවක්‌ ඇමරිකානු ශේ්‍රෂ්ඨාධිකරණය විසින් නැවත සමීක්‌ෂණ කිරීම ප්‍රතික්‌ෂේප කිරීමෙනි. "මෙම නඩුවේ ප්‍රධාන පැමිණිලිකරු වූයේ බ්‍රිතාන්‍ය ජාතික බින්යන් මොහොමඩ් ය. ඔහු 2002 දී පකිස්‌ථානයේ අත්අඩංගුවට ගෙන පසුව ප්‍රශ්න කිරීම සඳහා ඇමරිකාව විසින් මොරොක්‌කෝවට යවන ලදී. එහි දී ඔහුගේ පුරුෂ ලිංගය කපා ඉන් ඇති වූ තුවාලයට උණු, හා වේදනාකාරී දියර යෙදීමට කටයුතු කර ඇත.

මට ඔබගෙන් ඇසීමට ප්‍රශ්න කීපයක්‌ තිබේ. ඔබාමා විසින් සීල් භටයින්ගේ කැමරාවලට සවිකළ චන්ද්‍රිකා සම්බන්ධය ඔස්‌සේ නිරායුධ බින් ලාඩන් ඝාතනය කරන අයුර ධවල මන්දිරයේ සිට හිලරි කලින්ටන් ද සමඟ නැරඹීම ඇමරිකාවේ සේනාධිනායකයා ලෙස යුධ අපරාධයකට Rජුව ම සම්බන්ධ වීමක්‌ නොවන්නේ ද? එහෙත්, ඇමරිකානු ජනතාව, කොංග්‍රසය, අධිකරණය හා විධායකය යන සියලු ආයතන එකතු වී සිදුකරන හා අතීතයේ සිදු කළ මේ එකදු අයුක්‌තියකට හෝ අසාධාරණයකට එරෙහි ව ඇමරිකානු අධිකරණයක හෝ වෙනයම් රටක අධිකරණයක හෝ අන්තර්ජාතික අධිකරණයක බුෂ්ට එරෙහිව හෝ ඔහුගේ ප්‍රතිපත්ති එලෙසම ගෙනයන ඔබාමාට, හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ට හෝ වත්මන් අගමැති ඩේවිඩ් කැමරන්ට එරෙහිව කිසිවකු විසින් නඩුවක්‌ ගොනුකර තිබේ ද? දමිළ ඩයස්‌පෝරා සාමාජිකයින් විසින් අද ඇමරිකානු අධිකරණයෙන් මහින්ද රාජපක්‌ෂට එරෙහිව ලබා ගන්නා සිතාසිය ඉරාකයේ දී ඇමරිකානු සෙබළුන් විසින් දූෂණය කොට මරා දැමූ අබීර් ඛාසීම් අල්-ජනාබි නැමැති 15 හැවිරිදි දැරියගේ ඥතියකුට එම අධිකරණයෙන් ම බුෂ්ට හෝ ඔබාමාට එරෙහි ව ලබා ගත හැකි ද ? සිය ඇස්‌ ඉදිරිපිට දී ම සීල් භටයින් විසින් හිස කුඩු පට්‌ටම් වන ලෙස වෙඩි තබා මරා දැමූ තම පියාට නිසි යුක්‌තිය ඉටු නොවිණැයි බින් ලාඩන්ගේ දියණියට ඇමරිකානු අධිකරණයකින් ඔබාමාට එරෙහි ව උසාවිය හමුවේ පෙනී සිටින්නැයි සිතාසියක්‌ ලබා ගත හැකි ද?

මේ සියල්ලට ම පිළිතුර විශාල 'නැත' යන්නකි. අහෝ ඛේදයකි · එහෙත් මහින්ද රාජපක්‌ෂට විරුද්ධව පමණක්‌ එසේ කළ හැකි වන්නේ ය. අප මෙහි දී මහින්ද රාජපක්‌ෂ නැමැති "ශ්‍රී ලංකා කාරයා" පසෙකට දැමිය යුතු ය. ප්‍රජාතාන්ත්‍රික ව පත් වූ ඔහු අන්තිම විග්‍රහයේ දී, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ය. ප්‍රායෝගික ව කෙසේ වෙතත්. අව ම වශයෙන් ඕනැ ම රටක ජනාධිපතිවරයකු යනු න්‍යායාත්මක ව පක්‌ෂ දේශපාලනය අභිබවා යන්නෙකි. ඔබාමා විසින් බින් ලාඩන් ඝාතනය කළ විට වැඩියෙන් ම ඔහු ව ප්‍රශංසා කළේ රිපබ්ලිකන් පාක්‌ෂිකයින් ය. තමාට කළ නොහැකි වූ දෙය පිළිබඳ හිටපු ජනාධිපති බුෂ් කිවේ එය ඇමරිකානු ඉතිහාසයේ අමරණීය අවස්‌ථාවක්‌ ලෙස ය. ඝාතනය ද සමග ම ඔබාමාගේ ජනප්‍රියත්වය ඉලක්‌කම් දහයකින් පමණ ඉහළ ගියේ ය. මෙහි දී අප අමතක නොකළ යුතු කාරණයක්‌ තිබේ. එනම් ඔබාමා විසින් එදින ඝාතනය කළේ අල්ඛයිඩා නායකයා පමණකි. නායකයකු ඝාතනය කිරීමක්‌ තුළින් පමණක්‌ කිසිදු වෙනසක්‌ සිදු නොවන්නේ ය. විශේෂයෙන් ම අතිශය විමධ්‍යගත සංවිධානයක්‌ වන අල්ඛයිඩාවට කිසිවක්‌ සිදු නොවන්නේ ය. දැනටමත් අල්ඛයිඩා නායකයා ලෙස ඊජිප්තු ජාතික වෛද්‍යවරයකු වන අල්-සවාහිරී පත්කරගෙන තිබේ. ඒ අනුව, ආර්ථික ප්‍රශ්නවලට අමතර ව යුද්ධ තුනක බදුබර උසුලන ඇමරිකානු ජනතාවට තිබෙන ත්‍රස්‌ත බිය ද එලෙස ම පවතී. එහෙත් ශ්‍රී ලංකාවේ සිදුවුයේ මීට හාත්පසින්ම අනෙකකි. එනම්, ඇමරිකාව විසින් ම ලෝකයේ අංක එක ලෙස නම්කර තිබූ, බටහිර සෑම රටකම නායකයින්ගේ සිට සිවිල් වැසියා දක්‌වා අව ම වශයෙන් අනුකම්පාව දිනා සිටි, එම රටවල ම මැතිවරණවලට ප්‍රබල බලපැමක්‌ එල්ල කළ හැකි ප්‍රබල ජාතිවාදී ඩයස්‌පෝරාවකින් සුරක්‌ෂිත ව සිටි, කිසිදු නාවික හමුදාවකට දෙවැනි නොවූ මුහුදු බලකායක්‌ හා ගුවන් බලකායක්‌ ද සතුව සිටි කොටි සංවිධානය සහමුලින් ම අවසන් කිරීමකි.

රටක ජනතාව ලෙස පෙනෙන ඊනියා ප්‍රදර්ශනාත්මක ස්‌ථරයක්‌ තිබේ. එම රටෙහි තීරණාත්මක අවස්‌ථාවල දී දේශපාලනික ව වැදගත් වන්නේ මෙම ස්‌ථරයයි. කොටින් ම රටක ආණ්‌ඩුවක නෛතිකභාවය පිළිබඳ පිළිබිඹුවේ දී මැදිහත්කරු වන්නේ මෙම ස්‌ථරයයි. එහෙත් ලංකාවේ මෙම නාගරික හෝ ග්‍රාමීය ප්‍රදර්ශනාත්මක ස්‌ථරයට ජාතියට වඩා වටින්නේ පක්‌ෂ දේශපාලනයයි. ඔහුගේ කුහකත්වය කියවියහැකි පැහැදිළි ම තැන එතැන ය. මෙම ස්‌ථරයට ප්‍රශ්න නැතැයි අපි නොකියමු. රටේ හා ලෝකයේ මිළ උස්‌ පහත් වීම් වැඩියෙන් ම දැනෙන්නේ මොවුන්ට ය. මන්ද ඔවුන් ගෝලීය ධනවාදයේ පුරුක්‌ නිසා ය. එම ප්‍රශ්නවලට හේතුව ද පවතින රජයේ ම ඇතැම් ක්‍රියා විය හැකි ය. එසේත් නොමැති නම් මෙම ජනතාව සෑහෙන ආර්ථික දුෂ්කරතාවක සිටිද්දී පවතින රජය විසින් එම දුෂ්කරතාවන් අවම කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ප්‍රතිඵලදායක නොවීම හෝ එම ක්‍රියාමාර්ග ම රාජ්‍ය තන්ත්‍රයේ ඇතැම් ක්‍රියාවන් සමග නොපෑහෙන බව පෙනෙන්ට තිබෙන නිසා ය. කුණාටුවක්‌ මැදින් ගුවන් යානයක්‌ ගමන් කරන විට මගියා පමණක්‌ නොව කාර්ය මණ්‌ඩලය ද අසුන් මත වාඩී වී පටිතද කර ගත යුතු බව සාමාන්‍ය තත්වය බව බොහෝ දෙනාගේ දැනුම වන නිසා ය. ඒ කෙසේ වෙතත්, මෙම ස්‌ථරය විසින් වටහා නොගන්නා කාරණයක්‌ තිබේ. එනම් - ක්‌ෂුද්‍ර ගැටලු හා සාර්ව ගැටලු පිළිබඳ වෙනසයි. මොවුන් ක්‌ෂුද්‍ර ගැටලු සාර්ව තලයට ආදේශ කොට එතුළින් තීරණ ගැනීමට යොමු වී ඇත. මෙය භයානක තත්වයකි. මෙහි භයානකත්වය පවතින්නේ පක්‌ෂ දේශපාලනය මධ්‍යයට පැමිණ ජාතික දේශපාලනය පසෙකට වීම තුළ ය. ඉදිරියේ දී ශ්‍රී ලාංකිකයාට අතිශය අභියෝගාත්මක අවස්‌ථාවන්ට මුහුන දීමට සිදුවනු ඇත. රාජ්‍ය නායකයින් හා ආරක්‌ෂක හමුදා සාමාජිකයින් ඉලක්‌ක කරගනිමින් අන්තර්ජාතික තලයේ ප්‍රහාර එල්ල වනු ඇත.

එහි දී කැපී පෙනෙන කාර්යභාරයක්‌ ඉටුකළ යුත්තේ ජාතික දේශපාලන ව්‍යාපාරයක්‌ විසිනි. එවන් ව්‍යාපාරයක, ආණ්‌ඩුව හා ගැමි ස්‌ථරය අතර සම්බන්ධීකරණය කරන්නේ අප මුලින් කියූ ඊනියා ප්‍රභු ප්‍රදර්ශනාත්මක ස්‌ථරයයි.

විග්‍රහ කර බැලීමේ දී මෙම ස්‌ථරය මුහුණ දෙන ප්‍රශ්නය මදක්‌ බැරෑරුම් ය. ඒ එසේ වන්නේ තමන් අනන්‍යතා අර්බුදයකට සිටින බව මොවුන් නොදැන සිටීම තුළ ය. ඊට හේතුව නම් ඔවුන් නිරන්තරයෙන් ගැටෙන නූතන ධනවාදී ප්‍රවාහයයි. තම ස්‌වාධීන චින්තනය මෙකී ප්‍රවාහය විසින් නිරන්තරයෙන් ම ආක්‍රමණයකට ලක්‌කරන හෙයින් ඔහුට එක්‌ ස්‌ථාවරයක රැදී සිටිය නොහැකි තත්වයක්‌ උදා වී ඇත. මෙනිසා ඔහු කරන්නේ අතනින් මෙතනටත් මෙතනින් අතනටත් මාරුවීම ය. මෙම වැට උඩ තත්වයේ ඵලය වන්නේ ඔහුට නිරන්තරයෙන් ම තමා අමතක වීම ය. ධනවාදී අර්ථ ක්‍රමය මනාව ක්‍රියාත්මක කිරීම සඳහා මෙය ඉතා ප්‍රයෝජනවත් වන තත්වයකි. එතුළින් පුද්ගලයා උපරිම පරිභෝජනයක්‌ කරා ගෙන යැමට අවශ්‍ය මානසික රාමුව නිර්මාණය කිරීමට - ඇත්ත වශයෙන් ම මනස අවුල් කිරීමට - හා ඒ හරහා ඔවුන්ගේ චර්යාවන් පාලනය කිරීමට වෙළඳ ප්‍රජාවට පහසු වන්නේ ය.

මෙම තත්වයෙන් රට ගලවා ගත යුතු ය. මේ සඳහා රටක්‌ පෙළ ගස්‌වන්නේ රාජ්‍ය තාන්ත්‍රික දේශපාලකයා විසින් ය. 2005 වසරේ දී මහින්ද රාජපක්‌ෂ ව ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීම ලංකාවේ ගැමි ස්‌ථරයේ නිවැරදි දේශපාලන තීණ්‌දුවකි. එහෙත් ඔහු සමග සමාන, ජාතික අභිලාෂී දේශපාලනයක සිට උරෙනුර ගැටී වැඩකළ හැකි ජනතා නියෝජිතයින් පත් කර ගැනීමේ දී ගැමියාට කළ හැකි වූ දේ ඉතා අල්ප ය. මන්ද ගැමියා තෝරන්නේ තමා සේ ම වන දේශපාලන නියෝජිතයෙකි. එවන් පුද්ගලයා තම ගම රට බලාගෙන සිටිනවා හැර ජාත්‍යන්තර දේශපාලන අභියෝගයන්ට මුහුණ දීමේ දී හා ඒවා පෙරළා ජාතික දේශපාලනය තුළ කතිකාවට ලක්‌ කිරීමේ දී, ඒ සඳහා කෙතරම් ධෛර්ය තිබුණ ද අවසානයේ සන්නිවේදන ආදී නානා බාධක හමුවේ දුර්මුඛ වන්නේ ය. විටෙක මෙම දේශපාලකයින්ට රටේ සක්‍රීය දේශපාලන ස්‌ථරයට කරත හැකි මතවාදී-දේශපාලන බලපෑම මෙකී දේශපාලකයින්ගේ ම වරද නිසා අහිමි කරගෙන ඇත. මේ අතර, මහින්ද රාජපක්‌ෂ යනු ද ගැමියෙකි. ඔහුගේ ඉංග්‍රීසිය තුළින් පවා එය කැපී පෙනේ. එහෙත් ඔහුගේ විශේෂය වන්නේ, ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය හැඩගැසීමේ දී එකී ගැමි බවට පයින් නොගසා, ඒ වෙනුවට ඒ මත රාජ්‍යතාන්ත්‍රික දේශපාලනය පිහිටුවීමෙනි. මීට ඔහුට උදවු වන්නට ඇත්තේ අරුමෝසම් බටහිර ධනවාදී ආලෝක ධාරාවෙන් ගිනිකන නොවැටී සිටීමට තිබූ ආත්ම ශක්‌තිය විය යුතු ය. එසේ ම තමා පිළිබද ව හා තම ජාතිය පිළිබද ව අනෙකා ඉදිරියේ ලැ-ජාවීම නොව, ආඩම්බර වීමේ හැකියාව විය යුතු ය. එහෙත්, වත්මන් ගම තුළ මෙම දුර්ලභ සුසංයෝගයෙන් හෙබි පුද්ගලයින් නැති තරම් ය. එවන් තත්වයක්‌ පුද්ගලයකු තුළ ඇති වීමට නම් යෝධ ස්‌වීයත්වයක්‌ ඔහුට තිබිය යුතු ය. එවන් පුද්ගලයින් සිටිත් නම් ඒ සිටින්නේ ද නගරය තුළ වන අතර ඔවුන් ද පෙරදින ගමින් නගරයට සංක්‍රමණය වූවන් ය. එහෙත් වත්මන් ශ්‍රි ලංකාවේ නාගරික ඡන්ද දායකයාට එම දුර්ලභ පුද්ගලයින් තෝරා එවීමට තරම් ධෛර්යක්‌ හෝ ජාතික අශිලාෂයක්‌ නොමැත. මෙහි අවාසනාවන්ත ප්‍රතිඵලය වී ඇත්තේ පාර්ලීමේන්තුව තුළ සිටින අති බහුතරයක්‌ වන දේශපාලකයින් විසින් ජාතික අභිලාෂයන් පිලිබඳ කතා කිරීම වචනවලට පමණක්‌ සීමා වීම තුළ ය. මෙම තත්වය මනාව හෙළි වන්නේ මැතිවරණයක්‌ ආසන්නයේ දී සිදුවන පක්‌ෂ මාරු කිරීම් හරහා ය. ඡන්ද දායකයාගේ ප්‍රවණතාව තේරුම් ගන්නා මේ ආත්මාර්ථකාමී දේශපාලකයා විසින් වසර 5 තිස්‌සේ පෙනී සිටි තමාගේ ම ප්‍රතිපත්තිවලට පයින් ගසා අන් ප්‍රතිපත්ති සමුදායක්‌ එක්‌වර ම වැළඳ ගන්නේ ය. ඇතැම් පක්‌ෂ මාරු කිරීම් ඇතැම් අවස්‌ථාවක රටක යහපතට සිටිය ද මෙම දේශපාලකයින් විසින් ගන්නා zහදිසි තැන් මාරුව් තුළ පෙනෙන්නේ මූලික වශයෙන් ලංකා දේශපාලනය තුළ තිබෙන ජාතික අභිලාෂයන්ට සංවේදී නොවීම පිළිබඳ හා ස්‌වකීය පෞද්ගලික ලාභයන්ට ගැතී වීමේ දේශපාලන ආකල්පයයි.

මෙම අර්බුදයෙන් ගැලවීමට නම් ඇත්තේ එකම එක මාර්ගයකි. එනම් ලෝකයට විවෘත හා දේශපාලනික ව සක්‍රීය ජන-ස්‌ථරය විසින් රටක ජාතික අභිලාෂයන්, පෞද්ගලික අභිලාෂයන්ගෙන් වෙන්කර හඳුනා ගැනීම ය. එය දේශපාලකයා විසින් ද යට කී ප්‍රභූ ජන ස්‌ථරය විසින් කළ යුතු ය. දැන් ඊට කදිම අවස්‌ථාවක්‌ උදා වී තිබේ. මේ වන විට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ආර්ථික වශයෙන් දැඩි අර්බුද රැසක සිටින්නේ ය. ඒ අනුව ඔවුන්ගේ ආර්ථික ආධිපත්‍ය මෙන් ම දේශපාලන හා සංස්‌කෘතික ආධිපත්‍ය ද බරපතළ ලෙස හීන වෙමින් තිබේ. සියවස්‌ ගණනාවක්‌ තිස්‌සේ පෙරදිග ප්‍රභූන් විසින් වන්දනා කළ බටහිර පරමාර්ශ දැන් අභාවයට යමින් තිබේ. ඒ වෙනුවට නැගෙමින් පවතින්නේ චීනය ප්‍රමුඛ පෙරදිග ලෝකයයි. දැන්වත් අප පෙරදිගයකු වීම පිළිබඳ හීනමානය නැතිකරගත යුතු ය. ශ්‍රි ලංකිකයකු වීම පිළිබඳ ආඩම්බර විය යුතු ය. අපගේ මනස්‌ තුළ තිබෙන විදේශ ආධිපත්‍ය ලාටු - විශේෂයෙන් ම බටහිර ආධිපත්‍ය ලාටු හඳුනාගෙන එය නිරාවරණය කිරීමෙන් පමණක්‌ ම මෙම තත්වය තිරසාර ලෙස උදාකරගත හැකි ය. එසේ කිරීමෙන් පමණක්‌ ම මේ රට - මේ රටේ අභිමානය - මේ රටේ ජනාධිපතිවරයා - මේ රටේ ආරක්‌ෂක හමුදාව- ඔවුන් ගිල ගැනීමට මානබලමින් සිටින ඊනියා බටහිර අන්තර්ජාතික ප්‍රජාවේ තොණ්‌ඩුවෙන් මුදවාගත හැකි ය. ඒ කළ යුත්තේ ය. එසේ කළ නොහැකි නම් අප ජාතියක්‌ ලෙස ලැ-ජාවට පත්විය යුතු ය.

Related

සතියක ලෝකය 7824684047037367218

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item