චීන 'සුපර්මෑන්' හා යුරෝපීයන්ගේ ගෝත්‍රවාදී ණය සටන

ගඩාෆි නැති ලිබියාවේ අල්-ඛයිඩා යකා නැටීම අරඹයි යුරෝපීයා මේ මෑතකදී 'ශිෂ්ට්‌ වූ බව පැවසුණ ද යුරෝ කලාපය තුළ එන්න එන්න ම උග්‍රවෙමින්...

ගඩාෆි නැති ලිබියාවේ
අල්-ඛයිඩා යකා නැටීම අරඹයි


යුරෝපීයා මේ මෑතකදී 'ශිෂ්ට්‌ වූ බව පැවසුණ ද යුරෝ කලාපය තුළ එන්න එන්න ම උග්‍රවෙමින් තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ඒ මහා යුරෝපියානු ව්‍යාපාරයේදී නායකයින් විසින් පෙන්වමින් සිටින්නේ තමා "ශිෂ්ට" වීමට පෙර දැක්‌ වූ එම ගෝත්‍රික චරිත ලක්‍ෂණයන් ම ය. චීනය ඉදිරියේ මුළු යුරෝපය ම එකට තබා දණ නැම්මවීමට තරම් මහත් වූ යුරෝපා ණය අර්බුදය ඇමරිකානු මූල්‍ය අර්බුදයේ ම 'අකීකරු පුතකු' වන අතර අර්බුද කුණාටුවේ න්‍යෂ්ටිය තාමත් කැරකෙමින් තිබෙන්නේ ග්‍රීසියට ඉහළින් ය. එය ඉතාලිය දෙසට ද හැරෙමින් තිබෙන බවට ලකුණු පහළ වී තිබේ. ගෝලීය ආර්ථික වටපිටාව තුළ එක්‌ රටක්‌ අර්බුදයට යාම යනු මුළු පද්ධතිය ම එසේ වීමකි. යුරෝපයට සිදුවූQයේ එය් ය. එනම් ග්‍රීසිය, පෘතුගාලය, අයර්ලන්තය හා දැන් දැන් ඉතාලිය ද මෙම කළු කුහරයට ඇදෙමින් තිබෙන විට තවදුරටත් යුරෝපයට කිසිවක්‌ සිදු නොවූ සේ සිටිය නොහැකි ය.
   

එහෙත් ඇත්ත වශයෙන් ම යුරෝපයට අවශ්‍ය වන්නේ තම විපතට පත් සොහොයුරන් බේරාගෙන තමා ද විපතින් බේරීමට ද ? යුරෝපය හා ඇමරිකාව විසින් හඳුන්වා දුන් ගෝලීය ආර්ථික ක්‍රමය තුළ සිදුවිය යුත්තේ එය ම බව අප ආසියානුවන්ට වඩා යුරෝපීයන් හොඳින් ම දන්නේ ය. එහෙත් සිදු නොවන්නේ ද එය ම ය. ග්‍රීසිය ණය අර්බුදයට වැටුණු සැණින් යුරෝපය තුළ ඇති වූ කතාබහ වූයේ එරට යුරෝ කලාපයෙන් ඉවත් කර දමන්නේ කෙසේ ද යන්න ය. කෙසේ හෝ පසුව යුරෝපය හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල එකතු වී ඉටුකළ නොහැකි මරණීය කොන්දේසි යටතේ මීට මාස 4 කට ඉහත දී ග්‍රීසියට යුරෝ බිලිsයන 110 ක ණයක්‌ ලබාදුන්නේ ය. එය ග්‍රීක අයට ගෑවෙන්ටවත් ප්‍රමාණවත් නොවේ. මන්ද ග්‍රීසිය ඒ ඒ රටවලින් හා බැංකුවලින් ගෙන තිබෙන ණය 'ලෝස්‌ නැතිව් වියදම් කර තිබෙන මුදල් ප්‍රමාණය මගින් දැන් ඇරිස්‌ටෝටල් හා ප්ලේටොලා පවා ණයකරුවන් කර තිබේ. කෙසේ වෙතත්, එරට ණයට සාපේක්‍ෂ ව මේ සොච්චම් ණය ප්‍රමාණය ලබාදෙන විට ජර්මනිය කළේ දෙවැනි ලෝක යුධ සමයේ අතීතයට යමින් එකල තමාට ගෙවීමට සිදුවූ යුද වන්දි පිළිබඳ අසභ්‍ය වචන යොදාගනිමින් ග්‍රීසියට බැණවැදීමට ය. එහිදී ජර්මනියේ ආර්ථික කටයුතු භාර ඇමැතිවරයා යෝජනා කළේ ග්‍රීසිය යුරෝපයෙන් පහකළ යුතු බව ය.
          
මේ අතර පසුගිය සතියේ ද ඒ ග්‍රීක අතීතය තරම් ම බර ණය කන්ද නැගීම සඳහා යුරෝපා රටවල් තවත් ණය ඇපකරයක්‌ අනුමත කර ගන්නේ ය. එම ණය ඇපකරය අනුමත කොට පැය විසි හතරක්‌ යැමට ද කලියෙන් මෙවර ග්‍රීසියට එරෙහි ව කැත්ත ගත්තේ ප්‍රංශ ජනාධිපති නිකොලස්‌ සාර්කෝසි ය. ඔහු ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කර සිටියේ 2001 දී ග්‍රීසිය යුරෝ ආර්ථික කලාපයට ඇතුළත් කර ගැනීම වරදක්‌ බව ය. එය බොරු ආර්ථික තොරතුරු මත සිදු කළ දෙයක්‌ බව ද ඔහු එකතු කළේ ය. මේ අතර ම ග්‍රීසියේ ඇතැන්ස්‌ නුවර වියදම් කපා හැරීම්වලට එරෙහි ව විරෝධතා පටන්ගත් අතර සාර්කෝසි ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ යුරෝ කලාපයේ තවදුරටත් සිටීමට නම් තම ජනාධිපතිවරයා බ්‍රසල්හිදී පොරොන්දු වූ ප්‍රතිසංස්‌කරණ කිරීමට ඔහුට ඉඩ දෙන ලෙස ය. මේ අතර ජර්මනියේ හා ප්‍රංශයේ පීඩනය යටතේ පසුගිය සතියේ ඉතාලියේ බර්ලුස්‌කෝනි යුරෝප සංගමයට පොරොන්දු වූ එක්‌ ආර්ථික ප්‍රතිසංස්‌කරණයක්‌ වූයේ ඔනෑම අවස්‌ථාවක සේවකයකු පහකිරීමට ඕනෑම සමාගමකට අයිතිය ලබා දීම හා යුරෝ බිලියන 15 රාජ්‍ය සම්පත් විකුණා දැමීම ය. මේ දෙකට ඉතාලි මුදල් අමාත්‍යවරයා තම අනුමැතිය ලබා දී නැත. එහෙත් එම පොරොන්දුව යුරෝපා සංගමයට ලබාදීමට අගමැති බර්ලුස්‌කෝනිට සිදුවීම ඉතාලිය තුළ තව තවත් දේශපාලන අර්බුදවලට මග කියනු ඇත.

බ්‍රිතාන්‍යය යුරෝපා රටක්‌ වුව ද එය යුරෝපයේ ම තවත් රටවල් 9 ක්‌ සේ ම යුරෝ මුදල් භාවිත කරන්නේ නැත. කෙසේ වෙතත්, යුරෝපා හවුල විසින් ගන්නා තීරණ බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල් 10 ටම බලපායි. මේ නිසා මේ වන විට බ්‍රිතාන්‍යය තුළ තිබෙන අතිශය උණුසුම් කතාබහක්‌ නම් තමා යුරෝපා සංගමයෙන් ඉවත් වනවා ද යන්න ය. පසුගිය සතියේ ඩේවිඩ් කැමරන්ගේ ම කොන්සර්වේටිව් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 81 දෙනකු රජයේ මතය ප්‍රතික්‌ෂේප කරමින් යුරෝපා සාමාජිකත්වය පිළිබඳ නැවතත් බ්‍රිතාන්‍යය තුළ ජනමත විචාරණයක්‌ පැවැත්විය යුතු බවට වන යෝජනාවක්‌ පාර්ලිමේන්තුව තුළට රැගෙන ආවේ ය. පාර්ලිමේන්තුව තුළ මෙවර අදාළ යෝජනාව පරාජය වුව ද අදාළ උත්සාහයෙන් හා ජනමතයෙන් පෙනී යන්නේ, වසර 40 ක්‌ තිස්‌සේ වරක්‌ ආඩම්බරයට හා ගෞරවයට තෝතැන්නක්‌ වූ යුරෝපා සාමාජිකත්වය පිළිබඳ දැන් දැන් යුරෝපය තුළ ම ඇතිවෙමින් තිබෙන අසහනකාරි තත්වයයි.

මහා යුරෝපීය ව්‍යාපෘතියෙන් පසුබැස තමන්ගේ වැඩක්‌ බලා ගැනීමට මානබලමින් සිටින බ්‍රිතාන්‍ය විසින් පසුගිය සතියේ ඉතා අපහසුවෙන් අනුමත කරගත් යුරෝපය බේරා ගැනීමේ අරමුදල මුදල් ලබා නොදීමට ද මේ වන විට තීරණය කර තිබේ.

යුරෝපය විසින් ග්‍රීසිය හා සෙසු විපතට පත් රටවල් වෙනුවෙන් ඉතා අපහසුවෙන් අනුමත කරගත් ඇපකරය මෙසේ ය. තවදුරටත් ණය ලබා ගැනීම සඳහා 2020 වන විට ග්‍රීක දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 120 ක ප්‍රමාණයකට ණය බර අඩු කරමින් ග්‍රීක පෞද්ගලික අංශයෙන් ණය බර සියයට 50 කින් කපා දැමීම පළමුවැන්න ය. දෙවැන්න යුරෝපා බැංකු විසින් සියයට 9 ක බදු ප්‍රාග්ධනයක්‌ තබාගත යුතු ය. මේ සඳහා 2012 වන විට මෙම බැංකු විසින් අමතර යුරෝ බිලියන 106 ක්‌ සොයාගත යුතු වේ. තෙවැන්න නම් යුරෝපීය මූල්‍ය ස්‌ථාවරතා පහසුකම නමැති අරමුදල යුරෝ ටි්‍රලියන එක දක්‌වාවත් වැඩිකරගනිමින් එය හතර ගුණයකින් ඉහළ නැංවීම ය. හතර වැන්න නම් යුරෝපයේ තෙවැනි විශාලතම ආර්ථිකය වන ඉතාලිය ද ග්‍රීකය තරමේ අර්බුදයකින් වැළැක්‌වීම සඳහා එරට තුළ ආර්ථික ප්‍රතිසංස්‌කරණ කිරීමට පොරොන්දුවක්‌ ලබා ගැනීම ය. තෙවැනි යෝජනාව සඳහා ණයට මුදල් ලබා ගැනීමට මේ වන විටත් අදාළ අරමුදලේ ප්‍රධානියා චීනයට පැමිණ තිබේ. වෙනදා යුරෝපයේ ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා එහි නායකයින් කෙළින් ම එන්නේ ඇමරිකාවට ය. එහෙත්, දශකයකට අධික කාලයක්‌ යුද්ධ දෙකක සිර වී සිට ඩොලර් ටි්‍රලියන 14 මත තැබූ ලෙඩ ඇඳක සිටින ඇමරිකාවට 'දැන් බැරිය වෙණ ගායනා පෙරසේ. "එහෙත් චීන රජයේ ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සියට ද කීමට තිබුණේ මෙවැන්නකි. චීනය හා සෙසු නැගී එය ආර්ථිකයන් යුරෝපා අර්බුදය හමුවේ නිකම් බලා නො ඉඳිනු ඇත. එහෙත් නැගී එන ආර්ථිකයන් යුරෝපා හවුලේ 'යහපත් එෙŒරුන්' ලෙස නොදැකිය යුතු ය. අවසානයේ යුරෝපය විසින් තමා ම තම අර්බුqදයෙන් ගොඩ ආ යුතු ය.

පසුගිය සතියේ අනුමත කරගත් ගලවාගැනීමේ පැකේජයෙන් පසු යුරෝපය කල්පනා කළේ තම ණය අර්බුදය අවසන් කියා ය. එහෙත් මෙම අනුමැතිය ද සමග සියරට ගිය ග්‍රීක අගමැතිවරයා හිටි හැටියේ ම මෙම පැකේජය සඳහා එක`ග වීම කලින් තම රටේ ජනමත විචාරණයක්‌ පැවැත්විය යුතු බව තිරණය කිරීමත් සමග ම නැවතත් යුරෝපා කොටස්‌ වෙළඳපොළවල් ශීඝ්‍රයෙන් පල්ලම් බසින්නට ගත්තේ ය. බදාදා වන විට අගමැතිවරයාගේ යෝජනාව ග්‍රීක කැබිනට්‌ මණ්‌ඩලයෙන් ද අනුමත වූ අතර ඒ අනුව පැවැත්වෙන ජනමත විචාරණයේ අනිවාර්ය ඵලය වනු ඇත්තේ යුරෝපීය බලවතුන් විසින් ග්‍රීසිය මත බලෙන් පැට වූ එරට සාමාන්‍ය ජනතාවගේ වියදම් අතිශයින් ම කපා හරින පැකේජය පරාජය වීම ය. යම් හෙයකින් ජනමතවිචාරණය නොපැවැත්වුණ හොත් වත්මන් ග්‍රීක පාලක රජය නිසැකයෙන් ම බිඳ වැටෙනු ඇති බව ද සිතිය හැකි ය.

මානව හිමිකම් කඩකිරීම් උපන් ගෙය හෙවත් පොදුරාජ්‍ය මණ්‌ඩලය

තමා පොදු රාජ්‍ය මණ්‌ඩල සැසියෙන් පිටව යන්නේ ඉච්ඡා භංගත්වයට පැමිණ බව කැනඩා අගමැතිවරයා ප්‍රකාශ කළේ ය. අගමැතිවරයාට අනුව, තමන් විසින් ගොඩ නැගීමට අපේක්‌aෂා කරන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය යන මූලික කාරණා පිළිබඳ සංවිධානය තුළ ප්‍රගතියක්‌ නොමැතිවීම මෙම කලකිරීමට හේතුව වන්නේ ය. ලෝක මාධ්‍ය වාර්තා කරන පරිදි කැනඩාව හා බ්‍රිතාන්‍යය මෙවර සමුළුවට පැමිණියේ මහා පරිමාණ ප්‍රතිසංස්‌කරණ කරමින් සංවිධානයේ විශ්වසනීයත්වය හා අදාළත්වය නැංවීමට වුව ද ඉන්දියාව, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව හා නයිජීරියාව වැනි රටවල් ඊට බාධා කළේ ය. මෙසේ කරගත නොහැකි වූ ප්‍රධානතම ප්‍රතිසංස්‌කරණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍යය සඳහා නව ස්‌වාධීන කොමසාරිස්‌වරයකු පත්කර ගැනීමට නොහැකි වීම ය.

පොදු රාජ්‍ය මණ්‌ඩලය යනු එක්‌තරා ආකාරයක රාජාණ්‌ඩුවක්‌ වන අතර එහි උපත තුළ ම ඇත්තේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. මෙම සංවිධානයට අයත් රටවල් දෙකක්‌ හැර (රුවන්ඩාව, මොසැම්බික්‌) අන් සියලු රටවල් වරක්‌ හිරු නොබසින බ්‍රිතාන්‍යයේ යටත් විජිත ව පැවැතියේ ය. එම යටත් විජිත සමයේදී රැජින හෝ රජු ප්‍රමුඛ කරගත් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව විසින් ඒ ඒ රටවල කරන ලද අමු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් දැන් සැමට අමතක ව ගොස්‌ තිබෙන සෙයකි. බ්‍රිතාන්‍ය කිරීටයේ අමු මානව හිමිකම් කඩකිරීම්වල හා බෙදා වෙන්කර පාලනය කිsරීම නැමැති ගෝත්‍රික ප්‍රතිපත්තිය නිසා ම රටවල් 54 කින් යුතු පොදු රාජ්‍ය මණ්‌ඩයේ බොහෝ රටවල් සිවිල් යුද්ධ හා තව බොහෝ ෙ€දනීය දුක්‌ කම්කටොලු පසුගිය දශක 6 තිස්‌සේ ලක්‌ව තිබේ. ශ්‍රී ලංකාව වසර තිහක්‌ තිස්‌සේ මුහුණ දුන් හා ඉන්දියාව තාමත් කාශ්මීරයේ මුහුණ දෙන්නේ බ්‍රිතාන්‍ය කිරීටයේ බෙදා වෙන්කර පාලනය කිරීම ඇතුළු යටත්විජිත ප්‍රතිපත්තිවල විපාකවලට ය. තාමත් අද පවා, පොදු රාජ්‍ය මණ්‌ඩලයට ඇතුළුවීම සඳහා සපිsරිය යුතු කොන්දේසි ජාතිවාදී මෙන් ම අධිරාජ්‍යවාදී ද වේ. සංවිධානයට ඇතුළුවන සියලු රටවල් විසින් ඉංග්‍රීසි භාෂාව සංවිධානය තුළ තම සන්නිවේදන මාධ්‍යය ලෙස පිළිගත යුතු අතර බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි තැනැත්තා තම ප්‍රධානියා බව පිළිගත යුතු ය.

මේ අතර තාමත් බ්‍රිතාන්‍යයේ ඔටුන්න පිළිගන්නා රටවල් 16 කට වසර 300 කට වඩා පැරණි කිරීටයේ වැඩවසම් අණ පනත් දෙකක්‌ අහෝසි කරගත හැකි වූයේ මෙවර සමුළුවේදී පමණක්‌ වීම විශේෂයකි. පර්ත් සමුළුවට පෙර වූයේ බ්‍රිතාන්‍ය කිරුළට උරුමකම් කීමේදී ගැහැනුන් පරයා පුරුෂයින්ට ප්‍රමුඛතාව හිමි වන නීතියකි. ඒ අනුව, රජ පවුලේ ගැහැනු සහෝදරිය වයසින් වැඩි වුව ද ඔටුන්න සඳහා අවස්‌ථාව හිමි වන්නේ පිරිමියාට ය. 1952 දී එලිසබෙත් රැජින බවට පත් වූවේ හයවන ජෝර්ඡ් රජුට සහෝදරයින් නොමැති වූ හෙයිනි. මේ අනුව කිසියම් පුද්ගලයකු පිරිමියකු වීම නිසා ම ඔහුට වැඩි වරප්‍රසාද හිමිවන අතර ගැහැණිය නොසලකා හැරේ. ඇගේ මානව හිමිකම් මෙවර සමුළුව තෙක්‌ කිසිවකුට ගැටලුවක්‌ නොවී තිබීම සිත්ගන්නාසුළුය. අහෝසි වූ අනෙක්‌ සියවස්‌ ගණනක්‌ පැරණි නීතිය වූයේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයා අනිවාර්යෙන් ම ක්‍රිස්‌තියානි භක්‌තියෙකු සමග විවාහ විය යුතු බව කියන්නකි. කතෝලිකයකු සමග විවාහ වීම තහනම් ය. මෙම නීතිය මගින් පෙනී යන්නේ මේ තාක්‌ ලෝකයේ මානව හිමිකම් ඔස්‌තාද්ලා විසින් අනුන්ට දෙසාබාමින් සිටින ආගමික නිදහස මර්දනය කළ අයුරු ය.

මානව හිමිකම් කොමසාරිස්‌ පත්කර ගැනීමට නොහැකි වීමට අමතර ව බටහිරට 'දුක' හිතෙන අනෙත් කාරණය නම් මීළ`ග සමුළුව තව වසර දෙකකින් ශ්‍රී ලංකාවේ පැවැත්වීම ය. යුද අපරාධවලට ලක්‌ වූ රටක සමුළුව පැවැත්වීම සංවිධානයේ විශ්වසනීයත්වය කෙලෙසීමක්‌ ලෙස කැනඩා අගමැති ස්‌ටීවන් හාපර් දැක තිබුණි. ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් ප්‍රගතියක්‌ නොලබන්නේ නම් තමා 2013 සමුළුව වර්ජනය කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ගඩාෆි නැති ලිබියාවේ
අල්-ඛයිඩා යකා නැටීම අරඹයි

අප මෙම කොලම්වලදී මුල සිට ම පාඨක අවධානයට ගෙනා ලිබියා කැරැල්ලේ අල්-ඛයිඩා සම්බන්ධය දැන් මහ දවල් හෙළි වී තිබේ. ගුවන් ප්‍රහාර 26, 000 ක්‌ ගඩාෆි වෙත එල්ල කළ නේටෝ මෙහෙයුම් නොවැම්බර් පළමුවෙනි දින සිට අවසන් වීමත් සමග ම ලිබියාවේ බෙන්ගාසි නගරයේ උසාවි සංකීර්ණය මත ලිබියානු ජාතික කොඩිය අසලින් ම ඔසවා තිබූ අල්-ඛයිඩා කොඩිය ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය ද වැට්‌ටූවේ ය. බෙන්ගාසි නගරය හා මෙම උසාවි සංකීර්ණය යනු ලිබියා කැරැල්ලේ මූලස්‌ථානයයි. ගඩාෆිගේ අත් අඩංගුවේ සිට නිදහස්‌ වූ හිටපු අල්-ඛයිඩා නායකයෙකු වන අබ්දෙල් හකීම් බෙල්හාæ විසින් අරාබි විප්ලව සුවඳ (හෝ ගඳ) මතින් ලිබියා කැරුල්ල මෙහෙයවීමට තම හිටපු සටන්කරුවන් ද කැටුව කෙළින් ම එන්නේ මෙම උසාවිය වෙත ය. පසුගිය මාස 8 පුරාම මෙම ස්‌ථානය කැරලිකරුවන්ගේ මූලස්‌ථානය විය. එහි දැන් "අල්ලාහ්ට වඩා දෙවියෙක්‌ නැත" යන පාඨය රැගත් අල්-ඛයිඩා ධජයයි ලෙලදෙන්නේ.

මේ අතර බෙන්ගාසි නගරයේ ම විථිවල එදින ම රාත්‍රියේ ලිබියා කැරලිකරුවන් විසින් අල්-ඛයිඩා ධජ වනමින් 'ඉස්‌ලැමියා' 'ඉස්‌ලැමියා' යනුවෙන් කෑගසමින් සිටිනු දක්‌නට ලැබුණු බව බොහෝ මාධ්‍ය වාර්තා කළේ ය.

තමාට එරෙහි කැරැල්ල මෙහෙයවන්නේ අල්-ඛයිඩාව බව ගඩාෆි පැහැදිළිව ම ලෝකයට ප්‍රකාශ කළේ ය. එවර මුග්ධ උද්ධච්චකමින් හිස පුරවාගත් අන්ග්ලෝ-ඇමරිකන් ඌරන් ප්‍රකාශ කළේ එය ගාඩාෆි විසින් තම සහාය කැරලිකරුවන්ට දීම නවතාලීමට යොදන උපක්‍රමයක්‌ ලෙස ය. මෙය මොළයෙන් නොව අමු හැ`ගීSම්වලට වහල් ව තම විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවන බටහිර රටවල උපන්ගෙයි දෝෂයකි. අද ලෝකය ම විඳින්ගේ ඒ දෝෂයේ ශාපයයි. තම දූෂිත හා ගෝත්‍රික දේශපාලකයින්ගේ සියලු ක්‍රියාවලට එකහෙළා සහාය වන බටහිර මාධ්‍ය සියල්ල විසින් ම පාහේ ගඩාෆි ව ම්ලේච්ඡයකුට අන්දවා ඔහු කෙරෙහි ලෝකය ම වෛර කරවන්නට සැලැස්‌ වීම ලෝක ශාපයේ තවත් කොටසකි. ඒ බොරුව විසින් ම ගඩාෆි ව අමු අමුවේ මරා දමන තැනට තල්ලු කළ අතර වීරයකු ලෙස මිය ගිය ඔහුට එම ගෞරවය ලබා නොදීමට ද මෙම මාධ්‍ය ඉතා පරිස්‌සම් විය. එහෙත් මේ සියල්ල දැන් අසාර්ථක වී තිබේ.

පෙර සතියේදී මෙම කොලමේ දී අනුමාන කළ පරිදි ම ගඩාෆි මියගොස්‌ සති දෙකක්‌ ගතවීමට ද පෙර ලිබියානු ගෝත්‍ර පැහැදිලි යුද්ධයකට තල්ලු වෙමින් තිබේ. පසුගිය දා ටි්‍රපොලි නගරයට ආසන්නයේ පිහිටි තවර්ඝා නගරයට පැමිණි මිශ්‍රාටා කැරලිකරුවෝ එහි සිටි 30,000 ක්‌ පමණ වන ජනතාව ඉන් පන්නා හැර යළි නොඑන ලෙසට ද තර්නය කර තිබේ. මෙම නගරය ගඩාෆි වෙත පක්‍ෂපාතී බව දැක්‌ වූ බව කැරලිකරුවන්ගේ චෝදනාව ය. ටි්‍රපොලි සිට කිලෝමීටර් 120 ක්‌ දුරින් පිහිටි අල් ජෙමෙල් නගරයේ ද පළි ගැනීම මාලාවක්‌ සිදුවෙමින් තිබේ. එහි වැසියන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මිශ්‍රාටා සිට පැමිණි කැරලිකරුවන් විසින් තම නිවෙස්‌වලට කඩා පැන තරුණයින් බොහෝ ප්‍රමාණයක්‌ පැහැරගෙන ගොස්‌ මහ මග මරා දමා ඇති බවයි. එක්‌ තරුණයකුගේ මාමා වන අල්කෝනි මරණ සහතිකයක්‌ ද අතැති ව සිටි අතර මරණයට හේතුව ලෙස එහි තිබුණේ විදුලි සැර වැදීම ය. ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ තම ඥාතියාගේ සිරුර රැඳවුම් කඳවුරින් පිටතට විසිකර තිබූ බවත් එහි පුරුෂ ලිංගය හා දිව කපා දමා තිබූ බවත් ය. හුසේන් සිලියන් නම් පියාට අනුව ඔහුගේ පුතා ද රැඳවුම්භාරයේ " දස වධ දී මරා" දමා තිබේ.

ලිබියාවේ තත්වය භයානක වී තිබෙන්නේ සාමාන්‍ය ජනතාව අත විශාල වශයෙන් ආයුධ ගැවසීම ය. මොවුන් කිසිදු නීතියකට යටත් නොවන සේ ක්‍රියාකරන අතර හිතුමතේ තම සතුරන් සේ හැංගෙන අයගෙන් පළිගනිමින් සිටී. ගඩාෆි මරණයේ 'ශ්‍රීය' ලිබියාව තුළින් වියෑකී යන විට ආයුධ සන්නද්ධ ව සිටින බොහෝ සාමාන්‍ය වැසියන් අන්තර්ජාතික මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ අන්තර්වාර පාලනයේ පවතින භයානක තත්වය වෙනස්‌ කිරීම සඳහා ක්‍රියා කිරීමට අසමත් බව ය. මේ නිසා සාමාන්‍ය ජනතාව තම විරුද්ධවාදියාගෙන් එල්ල වන තර්ජනය හමුවේ ආයුධ අතරට ගෙන සිටිති.

ළගදීම ඉරානයට පහර දෙන
සූදානමක ලකුණු

ඇමරිකාව විසින් ඉරානයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක්‌ පවතින බව බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත වාර්තා කළේ ය. ඉතා හදිසි ප්‍රවෘත්තියක්‌ ලෙස වාර්තා වූ එම සිදුවීම කිසියම් අනාගත යුද්ධයක ලකුණු කියන බව නිසැකයෙන් ම කිව හැකි ය. ලිබියා මෙහෙයුම අවසන්වීම විසින් දැන් ඇමරිකාවට හා සෙසු නේටෝ රටවලට වෙනත් ගොදුරක්‌ වෙත යාමේ අවස්‌ථාව පහසු කර තිබේ. පසුගිය මාසය පුරා ඇමරිකාව විසින් ඉරානයට චෝදනා කරමින් සිටියේ ඉරානය විසින් සෞදි අරාබියේ ඇමරිකානු තානාපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක්‌ සම්බන්ධයෙනි. කෙසේ වෙතත් ඔබාමා පාලනය විසින් තම චෝදනාව තහවුරු කිsරීම සඳහා කිසිදු සාක්‌ෂියක්‌ ඉදිරිපත් නොකිරීම මෙම චෝදනාව කෙරෙහි ලෝකයේ බොහෝ මැදිහත් විචාරකයින්ගේ සැකය ඉපදවීමට සමත් විය. එහෙත් මේ වන විට ඇමරිකාව හා බ්‍රිතාන්‍යය ඉරානයට එරෙහිව යුද පියවර ගැනීමට මාන බලන්නේ ඉරානය විසින් සංවර්ධනය කරගෙන යතැයි කියන න්‍යෂ්ටික වැඩපිළිවෙළට එරෙහිව ය. පසුගිය වසරේදී ඇමරිකාව හා ඊශ්‍රායලය විසින් නිර්මාණය කරන ලද ස්‌ටක්‌ස්‌නෙට්‌ නම් වෛරසය විසින් ඉරානයේ න්‍යෂ්ටික හැකියාව වසර ගණනාවකින් පමණ ආපසු හැරවීමට සමත් වූ බව ඇමරිකාව විසින් නිල නොවන ලෙස ප්‍රකාශ කර සිටිය ද දැන් නගන චෝදනාව නම් ඉරානය විසින් එකී වෛරසය විසින් කළ හානිය මතින් ගොඩ ඒමට කටයුතු කර ඇති බවත් එයින් කළ හානිය මුලින් සිතුවාට වඩා අඩු බවත් ය.

ඔබාමාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය හමුවේ ඉරානයට එරෙහි හමුදා පියවර ගැනිම පිළිබඳ මින් පෙර ඇමරිකාව තුළ යම් අවිනිශ්චිතතා තිබුණ ද දැන් ඔවුන් විසින් ම පවසන ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ උත්සන්න වීම හමුවේ එය ඉතා ඉක්‌මනින් සිදුවිය හැකි ය. තව මාස 12 ක්‌ බලා සිටීම මෙම වැඩපිළිවෙළ යළි ආපස්‌සට හැරවිය නොහැකි මට්‌ටමකට ගෙන එනු ඇතැයි ඇන්ග්ලෝ ඇමරිකානු පාලකයින්ගේ අදහස වී තිබේ.

මේ අතර බ්‍රිතාන්‍ය ආරක්‌ෂක අමාත්‍යාංශය පවසා සිටියේ ඉරානයට එරෙහි ඇමරිකාව විසින් ගන්නා ඕනෑම පියවරකට තමා සහාය දක්‌වන බව ය. ගාඩියන් වාර්තාවට ම අනුව මේ වන විට බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අංශ විසින් තම ටොමෝහෝක්‌ මිසයිල් ස්‌ථානගත කළ යුත්තේ කුමන ස්‌ථානවලදැයි සොයා බලමින් සිටින බව කියෑවේ.

මේ අතර පසුගිය බදාදා වාර්තා වූයේ ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික පහසුකම්වලට පහර දිය හැකි මිසයිලයක්‌ සාර්ථක ලෙස අත්හදා බැලූ බව ය. පසුගිය සති අන්තයේ ඊශ්‍රායල් පුවත්පත් විසින් ද ඉතා උණුසුම් ලෙස වාර්තා කළේ අගමැති නෙතන්යාහු හා ආරක්‌ෂක ඇමැති එහුඩ් බරාක්‌ ඉරානයට පහර දීමේ කැමැත්තෙන් සිටින බව ය. මේ අතර අගමැතිවරයා තම කැබිනට්‌ටුව හමුවේ මෙම ප්‍රහාරයට අනුමැතිය ලබා ගැනීමේ ව්‍යාපාරයක නිරත වන බව ද වාර්තා විය. ඊශ්‍රායලය සලකන්නේ තමන්ට විශාලතම තර්ජනය ඉරානය බවයි. ඇමරිකාව හා බ්‍රිතාන්‍ය යන රටවල් ඉරානයට එරෙහි යුද්ධයකට ඇදා ගැනීමේ හැකියාව ඊශ්‍රායලය සතුවන අතර කළු ජාතික මුස්‌ලිම් සම්භවයක්‌ ඇති බරක්‌ ඔබාමාට වඩා ඊශ්‍රායල් අගමැතිවරයා හට ඇමරිකානු කොංග්‍රසයේ බලය තිබෙන බව පවතින අවාසනාවන්ත යථාර්ථයයි. මේ වසරේ බරක්‌ ඔබාමා කොංග්‍රසය අමතන විට ඔහුට නැගිට කර අත්පොළසන් 23 ලැබුණු අතර ඊට පසුදා ඇමරිකානු ජනාධිපතිවරයාගේ කථාවේ ආ බොහෝ 'පලස්‌තීන' කරුණු ප්‍රතික්‌ෂේප කරමින් අගමැති නෙතන්යාහු කළ කථාවට එවන් අත්පොළසන් 29 ක්‌ ලැබුණි.

යුද වාර්තා පළවූව ද ඇමරිකාව හා යුරෝපය මුහුණ දෙමින් තිබෙන දැඩි ආර්ථික අර්බුදය හමුවේ ඉතා ක්‍ෂණික ව මෙම රටවල් යුද්ධයකට යතැයි කිව නොහැකි ය. එසේ යන්නේ නම්, එහි දී ඔබාමාට සිදු වනුයේ ඒකපාර්ශ්වික තීරණයක්‌ ගෙන යුද්ධයකට යාම මිස ඊට කිසි දිනෙක එක්‌සත් ජාතීන්ගේ අනුමැතිය ලබාගත නොහැකි වනු ඇත. එසේ ලබා ගැනීමට තිබෙන එක ම බාධකය රුසියාව වන අතර චීනය ද එහි දී රුසියාව විසින් ගන්නා ක්‍රියාදාමයට සහාය පළකරනු ඇත. ඉරානය සමග බොහෝ ව්‍යාපාරික අභිලාෂ තිබෙන ඉන්දියාව පවා මෙහිදී ඉරානය සමග සිටගනු ඇතැයි කිව හැකි ය. ජනාධිපති බුෂ් විසින් ඉරාකය සම්බන්ධයෙන් බොරු ජනසංහාරක සාක්‍ෂි ඉදිරිපත් කරමින් කළා සේ ඒක පාර්ශ්වික ව යුද්ධයකට යාම විසින් ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ මේ වන විට තිබෙන අර්බුදය තවදුරටත් උත්සන්න කරනු ඇති අතර මෙම යුද උන්මාදයට එරෙහිව ලොව බොහෝ රටවල් විරෝධය දක්‌වනු ඇත. මේ අතර යුද්ධයකදී ඉරානය කෙසේ ප්‍රතිචාර දක්‌වනු ඇතිදැයි කිසිවකුට අනුමාන කළ නොහැකි ය. . 

උපුටා ගැනීම
දිවයින
2011-11-04

Related

සතියක ලෝකය 5192937206918779011

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item