සරත් සිල්වාට ගල් ගැසීම
හිටපු අග විනිසුරුවරයකු වන සරත් එන්. සිල්වාට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු 75 ...
http://weadikawa.blogspot.com/2011/11/blog-post_8781.html
හිටපු අග විනිසුරුවරයකු වන සරත් එන්. සිල්වාට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු 75 දෙනකුගේ අත්සනින් යුත් යෝජනාවක් භාරදීම ආණ්‌ඩුව පැත්තෙන් හා සරත් සිල්වාගේ විරුද්ධවාදීන්ගේ පැත්තෙන් බැලූ විට, කලක් ගතවී හෝ ඔහුගේ අධිකරණයට නුසුදුසු ආකාරයේ හැසිරීම් සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි යහපත් ක්‍රියාවක් බවට පෙනී යනවා විය හැකිය. සරත් සිල්වා අගවිනිසුරු තනතුරේ සිටියදී ඔහුගේ ක්‍රියාපිළිවෙතට එරෙහිව සිටි කණ්‌ඩායමක් විය. වික්‌ටර් අයිවන්ට ඒ අතරින් ප්‍රධාන තැනක් හිමිවෙයි. ඔහු සරත් සිල්වාට එරෙහිව කරුණු දක්‌වන්නට පටන් ගත්තේ සරත් සිල්වා නීතිපති ලෙස කටයුතු කරන සමයේ සිටය. එය ශාස්‌ත්‍රීය ආකාරයකින් කෙරුණු කර්තව්‍යයක් වූ අතර ඔහු විසින් එය සිදු කරනු ලැබුවේ නීති ක්‍ෂේත්‍රයේ හා අධිකරණයේ සුපිරිසිදුභාවය වෙනුවෙන් බව ද පෙනී යයි. ඒ අතරම වික්‌ටර් අයිවන්ට මෙම ක්‍රියාදාමයට යොමුවීම සඳහා සරත් සිල්වා පිළිබඳව අකමැත්තෙන් සිටි අයගේ සහාය ද ලැබුණු බවට කට කතා පැතිරි තිබුණි. එහි ඇත්ත නැත්ත මම නොදනිමි.
2001 ජුනි 25 වැනි දින අග්‍රවිනිශ්චයකාර සරත් සිල්වාගේ ක්‍රියාකලාපයට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. එම යෝජනාව සඳහා එජාපයේ හා ජ.වි.පෙ. මන්ත්‍රීවරු අත්සන් තැබූහ. පැවැති ආණ්‌ඩුව වූ, පො.එ.පෙ. මන්ත්‍රීවරු එම යෝජනාවට විරුද්ධ වූහ. එදා ආණ්‌ඩු පක්‍ෂයේ සිටි පො.එ.පෙ. පිරිස විසින්ම අද සරත් සිල්වා විශ්‍රාම ගිය පසු ඔහුට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා තිබේ. ඉතා පැහැදිලි ලෙසම පෙනී යන්නේ ආණ්‌ඩුව විසින් සරත් සිල්වා අග්‍ර විනිශ්චයකාරවරයා ලෙස කළ කී දෑ විමර්ශනය කිරීමට තේරීම් කාරක සභාවක් පත්කරන්නට යන්නේ අධිකරණ ක්‍රියාවලිය පිsරිසිදු කිරීමේ ෙච්තනාවකින් නොව ඔහු විශ්‍රාම ගත් පසු තමන්ට තර්ජනයක් වන ආකාරයෙන් දේශපාලනයේ නිරත වීමට පළිගැනීමක් වශයෙන් බවය.
සරත් සිල්වාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනා, තේරීම් කාරක සභා යෝජනා විෂයක් කරගතහොත් එමගින් පැහැදිලිව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ කෙතරම් පටු තැනක සිට ක්‍රියා කරනවාද යන්නය.
සරත් සිල්වා අගවිනිසුරු පුටුවේ සිටියදී ඔහුට එරෙහිව දෝෂාභියෝගයට එජාපය හා ජවිපෙ අත්සන් කළේය. එහි ප්‍රධාන සම්පාදකයන් බවට පත්වූයේ ද මෙම දෙපිරිසය. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී එජාප හා ජවිපෙ නායකයන් ඒ සියල්ල අතහැර අධිකරණ ක්‍ෂේත්‍රයේ මෙතෙක් පහළ වූ සුපිරිසිදුම අග්‍රවිනිශ්චයකාරවරයා සරත් සිල්වා බව පිළිගත්තෝය. යම් හෙයකින් පොදු අපේක්‍ෂකයා සඳහා සරත්ෆොන්සේකා ඉදිරිපත් නොවුණා නම් ඒ සඳහා විපක්‍ෂය විසින් නම් කරගෙන තිබුණේ ද සරත් සිල්වාය. තමන් විසින්ම එදා දූෂිතයකු, අධිකරණය කෙළෙසන්නකු ලෙස සඳහන් කර අග්‍රවිනිශ්චයකාර තනතුරින් ඉවත් කිරීම සඳහා චෝදනා ගොනුකළ සරත් සිල්වා, ඊටත් එහා යන රටේ ප්‍රධාන පුරවැසියා බවට පත්කරන්නට එම පිරිසම කටයුතු කිරීම විශ්මයජනකය.
මීටත් වඩා දරුණු සරදමක් වන්නේ එදා තමන් විසින් දූෂිතයකු ලෙස හැඳින්වූ සරත් සිල්වා ප්‍රධානියා කර ගනිමින් ආණ්‌ඩුවේ දූෂණ සෙවීම සඳහා ජ.වි.පෙ. විසින් දූෂණ සොයා බැලීමේ වැඩසටහනක් ද පටන් ගැනීමය.
මෙම අදහස් මීට පෙර ද විවිධ ලේඛකයන් හුවා දක්‌වා තිබේ. වික්‌ටර් අයිවන් හා ෆෙඩ්රිකා ජෑන්ස් මෙම පරස්‌පරතාව පිළිබඳ විචාර පළ කළෝය.
දැන් ආණ්‌ඩුව සූදානම් වන්නේද ඒ ගණනේම කටයුත්තකටය. ජ.වි.පෙ.ට හා එජාපයට සරත් සිල්වා දූෂිතයකු වන විට එදා තිබූ ශ්‍රීලනිප ප්‍රධාන පාර්ශ්වය වූ පො.එ.පෙ. ආණ්‌ඩුවට ඔහු ශ්‍රේෂ්ඨයකු විය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පමණක් නොව ඇමැති මහින්ද රාජපක්‍ෂ ද සිටියේ ඒ මතයේය. 2005 ජනාධිපතිවරණයට ආසන්න වන විට මහින්ද රාජපක්‍ෂගේ ආධාරකරුවන්ගේ ප්‍රියතම පුද්ගලයකු බවට සරත් සිල්වා පත්වී තිබිණි. නමුත් 2010 ජනාධිපතිවරණය ආසන්න වන විටම ඒ පිරිස අප්‍රිය කළ පුද්ගලයකු බවට සරත් සිල්වා පත්විය. ජ.වි.පෙ.ට හා එජාපයට සරත් සිල්වා එදා ද්‍රෝහියකු වන විට ශ්‍රේෂ්ඨයකු වූ පිරිසට අද සරත් සිල්වා ද්‍රෝහියකු වී තිබේ. අද ජ.වි.පෙ.ට හා එජාපයට ඔහු ශ්‍රේෂ්ඨයකු වී තිබේ. මෙය පුදුමය දනවන කාරණයක් වන්නේ, එදා මෙම පCක්‍ෂවල නායකයන් වූ පිරිසම අදද නායකයන් වී සිටියදීම මෙය සිදුවීමය. කෙනකු හියා හා ශ්‍රේෂ්ඨයා වීම කෙතරම් පටු අර්ථයකින් ප්‍රධාන දේශපාලන ධාරාව විසින් මැනගෙන තිබේදැයි මෙහිදී පෙනී යයි. සරත් සිල්වා සම්බන්ධයෙන් දෝෂාභියෝග ගෙන එන විට, තේරීම් කාරක සභා ඉල්ලුව ද තවම ඒ කිසිවක් ක්‍රියාත්මක තලයට පැමිණ නැත. නමුත් ඒ සියල්ල විසින් අවසානයේදී රටේ දේශපාලන පක්‍ෂ තීන්දු ගන්නා "සිල්ලර" ආකාරය හෙළිදරව් කර තිබේ.
සරත් සිල්වාගේ අග්‍රවිනිශ්චයකාර කාලය තුළ සිදු වූ දේ නිවැරැදි ද වැරදිද යන්න සොයාබැලීමට පෙර ඒ සඳහා ඇති පසුබිම බලන විට පෙනී යන්නේ ඒ ගැන සෙවීමට ප්‍රධාන දේශපාලන ධාරාවේ කිසිවකුට සදාචාරාත්මක අයිතියක් නැති බවය. සරත් සිල්වා ධුරයේ සිටියදීම ඔහුට එරෙහිව පෑන මෙහෙයවූයේ වික්‌ටර් අයිවන්ය. වික්‌ටර් එහිදී ඔහුගේ පෑන මෙහෙයවීමට අමතරව නෛතික ක්‍රියාමාර්ගවල යෙදෙමින් තම මාධ්‍ය භාවිතය සමාජය විසින් ප්‍රායෝගික නොකර ගන්නා තත්ත්වයක් තුළ තමා විසින්ම ප්‍රායෝගික කර ගැනීමට වෙර දැරුවේය. එය කිසි විටකත් පහසු කාර්යභාරයක් නොවීය. අවම වශයෙන් මීට පෙර ප්‍රධාන අධිකරණ නිලධාරීන් විවේචනය කරනා දේශීය මාධ්‍ය පූර්වාදර්ශයක්‌වත් ඔහුට නොවීය. සරත් සිල්වාගේ හැසිරීම වික්‌ටර් අයිවන්ගේ දේශපාලන මතයට වාසිදායක වූ මොහොතකවත් ඔහු විසින් සරත් සිල්වාට එරෙහිව තමා ඉදිරිපත් කළ චෝදනා පත්‍රයෙන් බිඳකුදු සෙලවුණේ නැත. ලංකාවේ සිදුකළ පෙරළිකාරම මාධ්‍ය භාවිතය එය බව මගේ මතයය. වික්‌ටර් විසින් කෙතරම් පරිශ්‍රමයක් දැරුවත් එහි පැහැදිලි ජයක් ලබන්නට ඔහුට නොහැකි විය. යම් හෙයකින් එහිදී පැහැදිලි ජයක් ඔහු ලැබුවා නම් ලෝකයේ අග්‍රගන්‍ය මාධ්‍යවේදීන් උදෙසා පිරිනැමෙන පුලිට්‌සර් ප්‍රදානයට වුවද ඔහු සුදුස්‌සකු විය හැකිව තිබූ අතරම, එය ලෝකයේ ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයට නිබන්ධනයක් ද වනු ඇත.
මේ සියලු කාරණා හේතුවෙන් සරත් සිලවාට "ගල් ගැසිය" හැකි මට්‌ටමේ සිටිනා පළමු පුද්ගලයා වන්නේ වික්‌ටර් අයිවන්ය. ඒ හැරුණු කල ප්‍රධාන දේශපාලන ධාරාවේ පුද්ගලයන් මේ අන්දමින් සරත් සිල්වාට චෝදනා කිරීමට ද ප්‍රශස්‌ති ගැයීම ද ඔවුන්ගේ තරම පෙන්වන්නක් මිස සරත් සිල්වා හෙළි කිරීමක් වන්නේ නැත.
ආණ්‌ඩුව විසින් සරත් සිල්වාටත් අග්‍රවිනිශ්චයකාර කාලය පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට පියවර ගත්තේ ඔහු විසින් ජ.වි.පෙ. සමඟ එකතුව ආණ්‌ඩුවේ දූෂණ ගැන කතා කිරීමට පටන් ගැනීමත් සමඟය. දූෂණ චෝදනා ලැබුවකු දූෂණ ගැන කතා කරන්නේ කෙසේදැයි යන්න හෙළිකර එම ව්‍යාපාරය අසාර්ථක කිරීම ආණ්‌ඩුවේ අරමුණ විය. එහිදී ආණ්‌ඩුව අභියෝගයක් ලෙස භාරගත්තේ, තමන්ගේ දූෂණ ගැන පිරිසක් සෙවීම ම නොවේ. මෙසේ දූෂණ සොයමින් ආණ්‌ඩු විරෝධී මාවතක, ජ.වි.පෙ. සමඟ එක්‌ව සරත් සිල්වා ගමන් කරන්නේ ඊළඟ ජනාධි පතිවරණයේදී අපේක්‍ෂකයා වන්නට ද යන සැකය ආණ්‌ඩුවට පහළ වන්නට ඇත. ඒ සඳහා ඔහු ඉදිරිපත් වේ නම් දැන් තබා එය නතර කරන්නට ආණ්‌ඩුව කටයුතු කිරීමේ දේශපාලන උපාය මාර්ගය වූයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවය.
නමුත් ආණ්‌ඩුව තේරුම් ගත යුතුව තිබුණේ, සරත් සිල්වා වැන්නකුට එවැනි අපේක්‍ෂකත්වයක් ලැබිය හැකි වුවද, ඔහු වැන්නකුට පරාජය කළ හැකි තරමට 2016 වන විට ආණ්‌ඩුව පහළට වැටෙයිද යන්නය. සරත් ෆොන්සේකා වැන්නකු, ජ.වි.පෙ, එ.ජා.ප.ය හා සරත් සිල්වාගේ සහයෝගය ලැබ විශාල පරාජයකට උරුමකම් කියුවේ නම් සරත් සිල්වා පොදු අපේක්‍ෂකයකු වුවද ආණ්‌ඩුවට ඔහු අභියෝගයක් විය හැකිද? එසේ වෙනවා නම් එය සිදුවන්නේ ආණ්‌ඩුවේ දුර්වලකම මත මිස මෙම පිරිසගේ අමුතු හැකියාවක් මත නොවේ. අනෙක් අතට ජ.වි.පෙ. දැන් එළඹ තිබෙන පොදු තීරණය වන්නේ මින්පසු සන්ධානගත වී දේශපාලනය නොකරන බවය. සරත් සිල්වා ජ.වි.පෙ. සාමාජිකයකු නොවන හෙයින් ඔහු අපේක්‍ෂකයකු වුවද ජ.වි.පෙ. සහයෝගය ඔහුට ලැබිය නොහැක. එසේම, එජාපය ඊළඟ ජනාධිපතිවරණයේදීත් පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන තැනකට ගියහොත්, ඒ සමඟම විනාශ වන්නේ එජාපයේ විරුද්ධවාදියා නොව එ.ජා.ප.යය. සරත් සිල්වාට කිසිදාක ආණ්‌ඩුවට අභියෝගයක් කළ නොහැකි බව පැහැදිලිය. මෙතරම් ප්‍රබල ආණ්‌ඩුවක් ඔහු අභියෝගයක් ලෙස සලකන්නේ නම්, එයින් ආණ්‌ඩුව ගම්‍ය කරන්නේ ඊළඟ ප්‍රධාන මැතිවරණ කාල එළඹෙන විට තමන් ඒ තරමටම දුබල වන බවද?
සරත් සිලවා අධිකරණ ක්‍ෂේත්‍රයේ කටයුතු කළ කාලය තුළ සිදුවී ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා සෙවීම ප්‍රශ්නයක් නොවෙතත්, ඒ සඳහා ආණ්‌ඩුව සිදු කරනා ක්‍රියාමාර්ගයේදීත්, එහිදී ඔහු ආරක්‍ෂා කිරීමට විපක්‍ෂය ගන්නා ක්‍රියාමාර්ගයෙත් පැහැදිලි ප්‍රශ්නයක් පවතියි.
මනෝජ් අබයදීර