ආණ්ඩු දවන තෙල් ගින්න

-පාඪලී චම්පික රණවක මාස කිහිපයකට පෙර සාක් බලශක්ති සමුළුව සඳහා බංගලිදේශයට යෑමට මට සිදු විය.ආපසු පැමිණීමට සිදු වූයේ මුම්බායි හරහාය.මා එහි පැ...


-පාඪලී චම්පික රණවක

මාස කිහිපයකට පෙර සාක් බලශක්ති සමුළුව සඳහා බංගලිදේශයට යෑමට මට සිදු විය.ආපසු පැමිණීමට සිදු වූයේ මුම්බායි හරහාය.මා එහි පැමිනෙන විට මාර්ග අවහිර වී මහජන උද්ඝෝෂණයක් සිදුවෙමින් පැවතිණ. උද්ඝෝෂණයට හේතුව කොග්‍රස් ආණ්ඩුව ඩීසල් මිල වැඩි කිරීමයි.ඉන්දියාවේ ඩීසල් ලීටරයක් කොතරම්දැයි දැන ගැනීමට මම වෙබ් පුවත්පත්වලට ගියෙමි. ඉන්දීය රුපියල් 68 ක සිට 70 දක්වා ඩීසල් ලීටරයක මිල වැඩිවී ඇති බව වාර්ථා විය. ඉන්දීය රුපියලක් ලංකා රුපියල් 2.70ක් පමණ වන නිසා ඉන්දියාවේ ඩීසල් ලීටරයක් ලංකාවේ රුපියල්වලින් 190 පමණ වන බව දැන ගත්තෙමි .මම පුදුම වූයේ අපේ රටේ එවකට ඩීසල් ලීටරයක් රු 76 ක් පමණ වූ නිසාය. මේ වෙනස මට තවමත් නොතේරෙන්නේ මගේ ගණන් හිලව් වල වරදක් නිසා දැයි නොදනිමි.


අපේ රටේද ඩීසල් පෙට්‍රල් ,ඩීසල් හා බූමිතෙල්වල මිල වැඩි විය. ඒ හා සමගම විදුලිය නිපදවීම සඳහා ගන්නා දැවි තෙල් හා ඩීසල්වල මිල ද ඉහළ ගියේය. දැවි තෙල් රු 45ක් වුවත් ඩීසල් ලංවිම හරහා පෞද්ගලික බලාගාරවලට ලැබෙන්නේ වෙළඳපොල මිලටය. (එනම් රු 84 බැගින්ය ) යුගදනවි නම් ආණ්ඩුවට අයත් බලාගාරයට සුවිශේෂී දැවි තෙල් විශේෂයක් ලීටරය රුපියල් 57 බැගින් ලැබේ.සාමාන්‍යයෙන් ඩීසල් වැනි හොඳ පිරිපහදු ඉන්ධනයකින් ලීටරයකට වීදුලි ඒකක 2.5 සිට 4 දක්වා නිපදවිය හැක. (එය යන්ත්‍රයේ කාර්යක්ෂමතාව මතද ,ද්විත්ව චක්‍රද,නැද්ද යන්නද මත තීරණය වේ. ) එනම් ඩීසල්වලින් විදුලි ඒකකයක් නිපදවීමට ඉන්ධන ගාස්තුව පමනක් රු 34 සිට 21 දක්වා වෙනස් වේ.සාමාන්‍යයෙන් බලාගරයේ ප්‍රාග්ධන වියදම්ද නඩත්තු වියදම්ද රුපියල් 5-8 අතර ගණනක් වේ.විදුලිය සම්ප්‍රේෂණය හා බෙදාහැරීමට තවත් රු 03ක් පමණ වැය වේ. මේ අනුව ඩීසල් විදුලි ඒකකයක සමස්ත වියදම රු 33 සිට ඇතැම් විට රු 52 දක්වා වැඩි වන අවස්ථාද ඇත.

නමුත් සාමාන්‍යයෙන් විදුලි ඒකකයක් දුගී පවුල්වලට රුපියල් 3.00 කටද රට පුරා සාමාන්‍යයක් ලෙස රු 13.50 කටද අලෙවි වේ. ඩීසල්,දැවි තෙල් ආදියෙන් විදුලිය නිපදවා අඩු මිලට විදුලිය ලබාදීමක් ගැන දැන් සිතිය නොහැක, 1990 ගණන්වල ජලයෙන් පමණක් විදුලිය නිපදවුවද,දැන් අපි ජලය උපරිම ලෙස විදුලි නිෂ්පාදනයට යොදාගෙන ඇති නිසාත්,ඉල්ලුම කිහිප ගුණයකින් (සෑම දශකයකටම දෙගුණයක් ලෙස ) වැඩි වී ඇති නිසාත් ඒ ලාබදායී විදුලිය දැන් අපට ලැබෙන්නේ 20% -30% අතර ප්‍රමාණයකි. ප්‍රඪ්Hආන විදුලි උත්පාදනය ඩීසල් ප්‍රමුඛ ඉන්ධන වලින් සිදු වේ.

තෙල් හා තෙලෙන් නිපදවන විදුලිය අඩු මිලට දිය නොහැක්කේ ආණ්ඩුවේ දූෂණ නිසා බව සුලබ චෝදනාවය තෙල් සංස්ථාව හා ලංවිම තුල අකාර්යක්ෂමතාව ,නොසැලකිල්ල ,නිර්මාණශීලි නොවීම හා සුදු කරපටි අපරාධකරුවන් (White Collar Criminals ) හා ආර්ථික ඝාතකයන් (Economic Hit Men) නිසා පාඩු සිදු වී ඇති බව සත්‍යකි. නමුත් මිල ඉහළ යන්නේ ඒ නිසාම යැයි ප්‍රකාශ කිරීම යථාර්ථයට දරුණු ලෙස පිටුපෑමකි.උදාහරණයක් ලෙස පසුගිය කාලයේ බොර තෙල් බැරලයක් ලංකාවට ගෙනැවිත් ඇති සාමාන්‍ය මිල ඩොලර් 108 කි. එනම් රුපියල් 12000 ක පමණ මිලකටය. එනම් බැරලයක ලීටර් 159ක් ඇතැයි තීරණය කළහොත් බොර තෙල් ලීටරය රුපියල් 75 ක මුදලකටය.මොනම ජගතෙකුට හෝ මේ මූලික මිල වෙනස් කල නොහැක. ඊලඟට පිරිපහදුවේ කාර්යක්ෂමතාව,පිරිපහදුවට ප්‍රවාහනයට යන මුදල ආදියද අනිවාර්යයෙන් පිරිවැයක් වේ. අපේ තෙල් පිරිපහදුව වසර 40 ක් පැරණි අතර,එහි බොර තෙල් බැරල් 100 ක් දැමූ විට ඩීසල් හා පෙට්‍රල් ලැබෙන්නේ 40% කටත් අඩු ප්‍රමාණයකි. අපේ පිරිපහදුව නිපදවන ඩීසල් ප්‍රමාණය රටේ අවශ්‍යතාවයෙන් 30% ක්වත් සපයන්නේ නැත. එවිට සිදු වන්නේ පිරිපහදු කල ඩීසල් පිටරටින් ආනයනය කිරීමට සිදුවීමයි.එය ඉතා ගනන් අධික ක්‍රියාවලියකි.සාමාන්‍යයෙන් ඩීසල් ලීටරය රුපියල් 103-112 අතර පසුගිය කාලයේ උච්චාවචනය වී තිබේ. කෙසේ වෙතත් මේ සැබෑ මිල ගණන් ප්‍රසිද්ධ කිරීමට අප ක්‍රියා කල යුතුය.මන්ද එමගින් තෙල්වල සැබෑ මිල පිලිබඳ අදහසක් පාරිභෝගිකයාට දැනෙන නිසාය. මා කලින් පෙන්වා දුන් පරිදි විදුලිබලය නිපදවන්නේ ඩීසල්වලින් නම් ඉන්ධන සඳහා පමණක් වූ ගාස්තුව රුපියල් 21 සිට 34 දක්වා වෙනස් වේ .මේ මූලික මුදල මුදල මොනම ජගතෙකුට හෝ වෙන්සක් කල නොහැක. විදුලියේ මිල ගණන් අනුව (2010 ) විදුලිබල මණ්ඩලයේ නඩත්තු වියදම මුලු වියදමෙන් 23% ක් පමණි. පවතින තත්වය තුල අවම කල හැකි වියදම ඇත්තේ එහිය. භාණ්ඩ මිලදී ගැනීම කාර්‍යක්ෂම කිරීම,විදුලිය නාස්තිය අවම කිරීම,සේවා වියදම් අවම කිරීම ආදී නොයෙක් මාර්ගවලින් අපි 2010 වසරේ අපේක්ෂිත අයවැයෙන් රුපියල් බිලියන 15ක් ඉතුරු කළෙමු.මේ ඉර්හුරුව නොවන්නට වැස්ස වැඩි වූ පමණින් ලංවිම ලාභ ලබන්නේ නැත.මේ වසරේදී එයට සමාන මුදලක් ඉතුරු කර ගැනීමට අපි කටයුතු කරනු.නමුත් ඉන්ධනවලින් විදුලිය නිපදවීම නිසා එන අතිරේක පිරිවැය ආදායමට වඩා 50%කින් වැඩි නිසා කිසිම ලෙසකින් කරනා ඉතුරුවකින් ලංවිම පාඩු ලැබීම වැලැක්විය නොහැකි වී ඇත. අනෙක් අතින් ඛනිජ තෙල්වලින් සහනාධාරයක් ලැබෙත් නම් එය දුගී ජනයා ,කර්මාන්ත ,රජයේ හා ආඅගමික ආයතනවලට ගලා යෑමද සිදු වේ.ලංවිමට ලැබෙනා ලාභයක් නැත.

මෙහිදී අපි එකක් මතක තබා ගත යුතු වෙමු. 2010 සංඛ්යාලේඛන අනුව ඛනිජ තෙල් 2050 පමණ වන විටත් ස්වාභාවික ගෑස් 2065 පමණ වන විටත් ගල් අඟුරු 2100 පමණ වන විටත් පරිහරණය කර අවසන් වීමට ඉඩ ඇත. වසර 2000දී පුරෝකථනය තිබුණේ මේ සියවස තුල තුල කනිජ තෙල් ප්‍රශ්නයක් පැන නොනගින බවය. ආසියාවේ අප්‍රිකාවේ ,දකුණු ඇමරිකාවේ නව ආර්ථික වර්ධනයන් සමග කිව යුත්තේ ලොවේ පවතින සියලුම තෙල් ,ගල් අඟුරු ගෑස් හා ඇතැම් විට ශල්ක (Shalk) සියල්ල භාවිතා කල හැකි බලාගාර 2040 වන විට නිම වී අවසන් වනු ඇති බවය. මේ අනුව තෙල් මිල ඉහළ යෑමට අමතරව තෙල් ගෑස්,හා ගල් අඟුරු සඳහා මාරක පොරයක් ,ඉන්ධන යුද්ධ ඇවිල්ලි යාමද ඒ අනුව ඒවායේ මිල ගනන් ඉහල යෑම්ද වැලැක්විය නොහැකි වනු ඇත. කවර හෝ රටක් තාවකාලික සහන මත රටේ බලශක්තිය නිපදවීම හා බෙදා හැරීම දිගුකාලීනව ගෙන යෑමට උත්සාහ දරයි නම් එය අනිවාර්‍යෙන් ආර්ථික කඩා වැඩීමකට යොමු වනු ඇත. තෙල්,ගෑස් නිපදවන ඉරානය 800% කින් සිය ඉන්ධන මිළ ඉහළ දැමූයේ එය වලක්වා ගැනීමටය.අද පකිස්තානයේ ඇතැම් ප්‍රාන්තවල විදුලිබලය ඇනහිට තිබෙන්නේ ඉන්ධන සහනාධාරය ගෙවා ගැනීමට නොහැකිව ආණ්ඩුව බංකොලොත්වී තෙල් බෙදාහරින මධ්‍යස්ථාන හා විදුලිය බෙදාහරින මධ්‍යාස්ථාන සහමුලින්ම ඇනහිට ඇති නිසාය.මෙතැනදී ඉන්දියාව නම් ඉතාම කල්පනාකාරීව වෙළඳපොළ බලවේගවලට ඉඩ දී ක්‍රියා කරයි. ඉන්දියාවේ විදුලිබලය ප්‍රාන්තවලට සහනාධාර ක්‍රමයට බෙදා හැරිය හැකි වුවත්,මිලදී ගත යුත්තේ තරඟකාරී පදනමකිනි. එහි එකඳු බලශක්ති උපයෝගීතා ආයතනයක්වත් පාඩු නොලබන්නේ ඒ නිසාය.

දිගුකාලීන ලෙස ලංකාව දැන්වත් මේ ප්‍රශ්නය දෙස බැලිය යුතුය. එහිදී පළමුව කළ යුත්තේ කොළඹ,ත්‍රීමලය හා හම්බන්තොට ආශ්‍රිතව තෙල් ගබඩා හා පිරිපහදු පහසුකම් වර්ධනය කිරීමය.අඩු තරමින් වරාඅයේ සිට එන තෙල් නල පද්ධතිය (එය වසර 70ක් පැරණිය ) නවීකරණය කිරීමය. පිරිපහදුවේ කාර්යක්ෂමතාවය හා ධාරිතාව ඉදිරි වසර 30 දක්වා වත් වැඩි දියුණු කිරීමය.ත්‍රිමලය අත්හැර ඇති ඉන්දියානු ඔයිල් සමාගමට දන් දී ඇති පරිහරණය නොකරන තෙල් ටැංකි පරිහරණයට ගැනීමය.එමෙන්ම අපේ අනාගත ඉන්ධන කැණීම් කටයුතුද ගැන සිතා හැකිතාක් ස්වාභාවික ගෑස් හා ද්‍රව ගෑස් (LNG)භාවිතයට පියවර ගැනීමය .
දෙවනුව වසරකට අඩු තරමින් දෙවරක් වෙනස්වන ඉන්ධන මිල සූත්‍රයක් හා ඒ අනුව සැකසෙන විදුලි අයක්‍රමයක් තැනීමයි.එය තැනීමේ බලය ස්වාධීන කොමිසමක් වූ මහජන උපයෝගීතා කොමිසමට භාර දිය යුතුය.එය ජනතාවට පිළිගත හැකි විවෘත සූත්‍රයක් විය යුතුය. මෙය යම් දුරකට සාර්ථකව 2002-04 වකවානුවේ ක්‍රියාත්මක විය.

තුන්වනුව මෝටර් සයිකල්,ත්‍රීවීල්,අත්ට්‍රක්ටර්,ධීවර බෝට්ටු,බස් රථ ,දුම් රිය හා විදුලි ඒකක 30 ට අඩුවෙන් පරිභෝජනය කරනා ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ට සහනයක් දෙන අතර ,අධි පරිභෝජනය කරනා මෝටර් රථ හා විදිලි පරිභෝජකයන්ගෙන් එය අය කර ගැනීම සිහු කල යුතුය. එවිට ඔවුන් අධිපරිභෝජනය අත හැර සංරක්ෂණයට එළඹෙනු ඇත.

සිව් වැනිව ,යෝධ සංවර්ධන ව්‍යාපෘතිවල ඵලදායීතාවය හා එලඹෙන ගිවිසුම්වලද ආර්ථික සඵලතාවය මැන බැලීමට ජාතික තාක්ෂණික කොමිසමකට නියාමන බලතල දීමය.
විදුලිබල මණ්ඩලයේ වියදම ඉහළ යෑමට ප්‍රධානතම හේතුවක් වනෙන විදුලිබලය මිලදී ගැනීම සඳහා ලංවිම එළඹ ඇති ගිවිසුම් හා යෝධ සංවර්ධන ව්‍යාපෘතිවල පවතින තාක්ෂණික දෝෂ හා අනාර්ථික තත්වයන්ය.මෙය රටටම පොදු කරුණකි.

පස්වැනිව වෘත්තීය සමිති මොනවා කිව්වද,ඛනිජ තෙල් සංස්ථාවත්,ලංවිමත් තරඟකාරී සේවා සපයන පදනමකට වෙනස් කිරීමය.කුසලතාවයට මුල් තැන දෙන ,වැඩියෙන් වැඩ කරන අයට වැඩි පඩි ලැබෙනා ක්‍රමයකට මේ ආඅයතනවල පරිපාලනය වෙනස් කල යුතුමය.

සයවැනිව,ලෝකයේ පවතින බලශක්ති හිඳය අවබෝධ කරගෙන නව හරිත බලශක්ති ප්‍රබේද හඳුනාගන්නා අතරේ අපේ ජීවන රටාව අවම බලශක්තියේ සැනසෙනා ලෙස ගෙන යාමට සමාජය ස්වයං අවබෝධයකට පැමිණීමය. සටන්පාඨ නොව අප සිදු කල යුත්තේ මේ ප්‍රායෝගික ක්‍රියාදාමයකට ගමන් කිරීමය.නැත්නම් අද පකිස්ථානයෑඅ සිදු වී ඇති දේ හෙට ලංකාවේ සිදු වනු ඇත.

උපුටා ගැනීම
ඉරිදා ලංකාදීප
2011-11-06

Related

පාඨලී චම්පික රණවක 4274849631424405264

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item