දෙමළ ජාතිවාදී කෙකරගාමීහු
ඊනියා පෙරටුගාමී හෙවත් කෙකරගාමී සමාජවාදී පක්ෂය ගැන කතාකිරීමට සිදු වී ඇත්තේ ඒ පක්ෂයෙහි ...
http://weadikawa.blogspot.com/2012/04/blog-post_2631.html
ඊනියා පෙරටුගාමී හෙවත් කෙකරගාමී සමාජවාදී පක්ෂය ගැන කතාකිරීමට සිදු වී ඇත්තේ ඒ පක්ෂයෙහි ඇති වැදගත්කමකට නො වේ. මාක්ස්වාදීන්ගෙන් හා පශ්චාත් මාක්ස්වාදීන්ගෙන් යුත් එම පක්ෂයට දීර්ඝ කාලීන වශයෙන් කළහැකි කිසිවක් නො වේ. තමන් ඉංගිරිසියෙන් කියවන දේ තමන්වත් හරිහැටි තේරුම් නොගෙන සිංහලෙන් ලිවීම එහි සිටින පඬියන්ගේ සිරිත වෙයි. ඔවුන්ට තමන් ලියන්නේ කුමක් ද යන්න පිළිබඳ ව අවබෝධයක් නැත. මේ පක්ෂය වැඩි කල් නොගොස් එහි කසිකබල් මාක්ස්වාදී ස්වභාවය නිසා ම තවත් මාක්ස්වාදී ත්‍රිරෝද පක්ෂයක් බවට පත්වනු ඇත. යථා කාලයේ දී යමකුට මුළු පක්ෂ සාමාජිකත්වය ම පැහැර ගෙන යැමට අවශ්‍ය නම් ඒ සඳහා ත්‍රිරෝද රථ තුනක් ප්‍රමාණවත් වනු ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙහි අඩුම තරමෙන් කොටස් දෙකක් වෙයි. එක් කොටසක් ජ.වි. පෙරමුණෙන් කැඩී ආ දෙමළ ජාතිවාදී පිරිස් ය (මාක්ස්වාදීහු සියලු දෙනා ම පාහේ අද සිංහල විරෝධී දෙමළ ජාතිවාදීහු වෙති. ඔවුහු බටහිර ධනවාදී පාලකයන් සමඟ එකතු වී සිංහලයන්ට පහර දෙති.) අනෙක් කොටස පිටුපසින් සිට උපදෙස් දෙන්නේ යෑයි සිතිය හැකි එක්ස් කණ්ඩායමෙන් කැඩුණු පශ්චාත් මාක්ස්වාදීන් යෑයි කිව හැකි දෙමළ ජාතිවාදීන් කිහිප දෙනෙකි. ඔවුන් අතර විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ඉහළ ම නායකත්වයේ අය ද වන බව දන්නෝ දනිති. සුද්දන්ගෙන් ඉගෙන ගත් ඉතිහාසය හැරෙන්නට වෙනත් ඉතිහාසයක් නොදන්නා මේ අය සතිපතා ඒ පක්ෂයේ zජනරළZ පුවත්පතට අනුරාධපුරයේ තිබී යෑයි කියන රජවරුන්ගේ හා භික්ෂුන්වහන්සේලාගේ සුද්දන්ගේ ඉතිහාසයට හසුවන ඊනියා වැඩවසම් සමාජයක් ගැන ලියයි. පක්ෂයේ නමේ පෙරටුගාමී කොටස පශ්චාත්තාපවාදීන්ගේ යෝජනාවක් අනුව එකතු වී ඇති බව පැහැදිලි ය. එක්ස් කණ්ඩායමේ තවත් කොටසක් පෙරටුගාමී පක්ෂය නමින් දැන් හැඳින්වෙයි. ඔවුහු දැනට රනිල්ගේ එ. ජා. පක්ෂය වටා භ්‍රමණය වෙති. තුන්වැනි කොටස සජිත් ප්‍රේමදාස - රෝසි සේනානායක වටා කරකැවෙති. පශ්චාත්නූතනවාදීන් ලෙස එකල පෙනී සිටි එක්ස් කණ්ඩායමට සිංහල බෞද්ධ විරෝධී චන්ද්‍රිකාගේ අවලම් තවලමේ සුදු නෙළුම් රැගෙන ගිය අද වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම රනිල්ගේ පක්ෂයේ කටයුතු කරන මෙරට දේශපාලන අනාථයා මාතොට (මාතර) මගින් ආධාර කළ බව ද රහසක් නො වේ. කෙකරගාමී සමාජවාදී පක්ෂය පිටුපස ඕස්ටේ්රලියානුවන් හා ඔවුන් ද පිටුපස එංගලන්තය හා ඇමරිකාව ඇති බැවින් මේ දෙමළ ජාතිවාදී පක්ෂය හා කුමාර් මහත්තයා ගැන ලිවීමට සිදු වී ඇත. කෙකරගාමී සමාජවාදී පක්ෂයෙන් ඕස්ටේ්රලියාව සහ බටහිරයන් අපේක්ෂා කරන්නේ ඉතා ඉක්මනින් කැරැලි ඇති කිරීම ය. ඕස්ටේ්රලියාව ඒ සඳහා කුමාර මහත්තයා යොදා ගනියි. එහි පෙරහුරු කටුනායක දී හා හලාවත දී සිදු කෙරී ඇත. තරුණයන් ප්‍රකෝප කර ආරක්ෂක හමුදා සමඟ ගැටෙන්නට සැලැස්වීමත් ඉන්පසු ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් ගැන කතාකරමින් ජෙනීවා යෝජනාව ද ඔස්සේ ආර්ථික සම්බාධක පනවා යථා කාලයේ දී ඒ සියල්ලෙන් ම බැරි නම් අවසානයේ දී ආක්‍රමණයකින් ආණ්ඩුව පලවා හැර සරත් ෙµdන්සේකා යටතේ බටහිර ගැති රූකඩ ආණ්ඩුවක් පිහිටුවා තම අවශ්‍යතා ඉටුකර ගැනීම බටහිරයන්ගේ අරමුණ වෙයි (අප මේ බව කියා තරමක කාලයක් ගත වී ඇත. ඊයේ පෙරේදා ඇමරිකාවේ රැප් වාර්තාවෙහි මේ ඇතැම් කරුණු තිබී සමහර හිතෛෂීහු කලබල වී සිටිති.). ඒ සියල්ල පිටුපස ඇත්තේ එංගලන්තය ය. ඇමරිකාව, කැනඩාව හා ඕස්ටේ්රලියාව ලේ නෑකමට හා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ නෑකමට ඒ සඳහා එංගලන්තයට ආධාර කරයි. කෙකරගාමී සමාජවාදී පක්ෂයේ අතකොළුවක් වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නමැති නීති විරෝධී සංවිධානය මගින් ශිෂ්‍යයන් අතර කලබල ඇතිකිරීමට පිරිසක් කටයුතු කරන අතර අයෙක් ජ.වි.පෙ හා එ.ජා.ප. ආචාර්යවරුන්ගේ සහාය ඇතිව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය මගින් ආචාර්යවරුන්ගේ වැඩ වර්ජන සංවිධානය කිරීමට උත්සාහ ගනිති. බොහෝ ආචාර්යවරුන් ද නොදනිතත් අද විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් මෙන් ම ගුරුවරුන් ද මෙහෙයවනු ලබන්නේ එකම මධ්‍යස්ථානයකිනි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ නායකත්වයේ සිංහල බෞද්ධ ජාතිකත්ව මතවාදයක් දරන්නෝ කොපමණ වෙත් ද? එහි තීරණ ගැනීමේ දී බලපාන අයගෙන් වැඩි දෙනා සිංහල බෞද්ධ විරෝධීහු වෙති. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් අතර සිංහල ගොවිකමට (අකාර්යක්ෂම බටහිර කාබනික ගොවිකම නො වේ), වෙදකමට, වැව් තාක්ෂණයට සංගීතයට, දර්ශනයට, ඉතිහාසයට හා වෙනත් විෂයයන්ට අදාළ පර්යේෂණ කරන අය කොපමණ වෙත් ද? සිංහල සංගීතය හා රාගධාරි සංගීතය අතර ප්‍රධාන වෙනස දන්නෝ කී දෙනෙක් වෙත් ද? රාගයක් නැති සිංහල සංගීතයෙහි ස්වර එකසිය ගණනක් ඇති බව කීදෙනෙක් දනිත් ද? සමස්තයක් ලෙස ගත් කල සීමිත දැනුමක් ඇති විශ්වවිද්‍යාලයීය ගුරුවරුන්ගෙන් රටට සිදු වී ඇති සේවය කුමක් දැයි ප්‍රශ්න කළහොත් දිය හැකි පිළිතුර කුමක් ද? ඔවුන් මැකෝලේගේ දරුවන් බිහිකිරීම හැර වෙනත් යමක් කර නැත. මෙරටට අදාළ ගොවිකම හා වෙදකම සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ කෙරී ගෙන ගිය පර්යේෂණ නැවැත්වීමට අද සිංහල බෞද්ධ විරෝධී මැකෝලේගේ දරුවෝ ක්‍රියා කරති. එයට සම්බන්ධවූවන්ගෙන් ඔවුහු පළිගනිති. පර්යේෂණ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ද අනුමත වී ප්‍රතිපාදන දීම වැළැක්වීමට ඔවුහු කටයුතු කරති. ඔවුන්ට විශ්වවිද්‍යාලයේ පුස්තකාල වසා දැමීම ප්‍රශ්නයක් නො වේ. සිංහල බෞද්ධ විරෝධී ඩයස් පොරලාට අවශ්‍ය, සිංහල බෞද්ධ ජාතික මතවාදයකට පක්ෂ අසරණ පුස්තකාල සේවකයන් වුව ද අස්කර පළිගැනීම ය. මේ පළිගැනීම්වලින් සිංහල බෞද්ධ චින්තනයට තිත තැබීමට මැකෝලේගේ දරුවන් සිතන්නේ නම් එය අවසානයේ දී ඉච්ඡා භංගත්වයකට තුඩු දෙනු ඇත. ආණ්ඩුව කාලයක් තිස්සේ ප්‍රේම්කුමාර් ගුණරත්නම් සෙවූ බව රහසක් නො වේ. ඒ කෙකරගාමී සමාජවාදී පක්ෂය පිහිටුවීමේ තීරණය ප්‍රකාශ කිරීමට බොහෝ කලකට පෙර ය. ගුණරත්නම් 1987 - 90 කාලයේ අපරාධ ගණනකට සම්බන්ධ යෑයි පැවසෙයි. ඒ කෙසේ වෙතත් දැන් වාර්තා වන ආකාරයට ඔහු පසුගිය වසරවල කිහිප වතාවක් ම ලංකාවට පැමිණ ආපසු ගොස් ඇත. සති දෙකකට පෙර ඔහු ලංකාවේ දී අතුරුදන් විය. එය කවුරුන් විසින් කරන ලද්දක් දැයි පැහැදිලි නැත. එය කළේ ජ. වි. පෙරමුණ ද, ප්‍රචාරයක් ලබාගැනීම සඳහා කෙකරගාමී සමාජවාදී පක්ෂය ද, ලංකාණ්ඩුව අමාරුවේ දැමීම සඳහා ඕස්ටේ්රලියාව ඇතුළු බටහිර රටවල් ඊනියා සිවිල් සමාජය ආධාර කරගනිමින් ද වෙනත් කවුරුන්වත් දැයි නිශ්චිත ව කිව නො හැකි ය. එහෙත් ඕස්ටේ්රලියාව ක්‍රියාකර ඇත්තේ සැක කටයුතු ආකාරයකට ය. ආණ්ඩුව මේ අවස්ථාවේ පැහැර ගැනීමක් කරාවියෑයි සිතිය නො හැකි ය. කුමාර් ගුණරත්නම් සිඩ්නි නුවර දී තමා පැහැර ගනු ලැබුයේ ආරක්ෂක අංශ විසින් යෑයි පවසා ඇත. ඔහුට ලිංගික අතවර ද සිදුවිණි යෑයි ඔහු කියා ඇත. ඕස්ටේ්රලියානු රජය මැදිහත් නොවන්නට ඔහු ජීවතුන් අතර නොසිටින්නට තිබිණි යෑයි ද ඔහුගේ ප්‍රකාශයෙහි වෙයි. පඬියෝ කිසිම සාධකයක් නැතිව ඔහු හා දිමුතු ආටිගල පැහැර ගත්තේ ආණ්ඩුව යෑයි කියති. එහෙත් සාධක ඇතිව පෙන්වා දිය හැකි ඕස්ටේ්රලියාවේ සැක කටයුතු ක්‍රියා මාර්ගය ගැන නිහඬ වෙති. කුමාර් මහත්තයා අතුරුදන් වීමෙන් පසු ඕස්ටේ්රලියානු මහ කොමසාරිස්වරිය වහාම එයට මැදිහත් වූවා ය. ඇය කුමාර් මහත්තයා ගැන ආණ්ඩුවෙන් තොරතුරු ඉල්ලා සිටියා ය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ කුමාර් ගුණරත්නම් කෙනකු ඕස්ටේ්රලියාවෙන් ලංකාවට පැමිණ නැති බව ය. කලබලයට පත් වූ ඕස්ටේ්රලියානු මහ කොමසාරිස්වරිය එවිට ඉතා කඩිනමින් කියා සිටියේ ඔහු පැමිණ ඇත්තේ මුදලිගේ නොයෙල් නමින් බවත් ඔහුගේ ගමන් බලපත්‍රය ඕස්ටේ්රලියානු ෙµඩරල් රජය විසින් නිකුත් කෙරී ඇති බවත් එහි අංකය එන් 1016123 බවත් ය. ඔහු සැප්තැම්බරයේ ලංකාවට පැමිණ ඇති බවත් තම වීසා බලපත්‍ර කාලය ඉක්මවා මෙරට රැඳී සිටි බවත් හෙළිදරවු විය. පැහැදිලිව ම ඕස්ටේ්රලියානු මහ කොමසාරිස් කාර්යාලය කුමාර් ගුණරත්නම් නම් තැනැත්තා මුදලිගේ නොයෙල් නමින් මෙරට සිටි බව සැප්තැම්බරයේ සිට ම දැනගෙන සිටියේ ය. එහෙත් ලංකාණ්ඩුව ඔහු ගැන සොයන විට ඊනියා මිත්‍ර රටකට අවශ්‍ය තොරතුරු ලබාදීමට ඕස්ටේ්රලියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපත් නො විණි. අඩු තරමින් කුමාර් ගුණරත්නම් ආපසු ඕස්ටේ්රලියාවට යෑවීමටවත් කටයුතු කර ඇති බවක් නො පෙනෙයි. අද කුමාර් ගූණරත්නම්ගේ "බිරිය" සිඩ්නි නුවර සිට ප්‍රකාශ කරන්නේ ඔහු ඕස්ටේ්රලියානු පුරවැසියකු වීමේ දී නම මාරු කළ බව ය. එහෙත් ටික කලකට උඩ දී ඇය කියා සිටියේ කුමාර් මහත්තයා ඇගේ කුමාරයා හෝ මහත්තයා හෝ නොවන බව ය. ඇයට තමා කියන්න සනාථ කිරීමට බටහිර ක්‍රමයටවත් පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට නොහැකි බව පැහැදිලි ය. කෙසේ වෙතත් කුමාර් ගුණරත්නම් සහ මුදලිගේ නොයෙල් එකම තැනැත්තකු බව ඕස්ටේ්රලියානු රජයත් මෙරට ඕස්ටේ්රලියානු මහා කොමසාරිස් කාර්යාලයත් දැන සිටි බවත් කුමාර් මහත්තයා ලංකාවේ රැඳී සිටියේ ඕස්ටේ්රලියානු රජයේ අනුදැනුම හා අනුග්‍රහය මත බවත් පැහැදිලි ය. කුමාර් මහත්තයා කොහේදොa සිට අපරාධ පරීක්ෂණ අංශයේ කාර්යාලයකට පැමිණ ඇත්තේ ගමන් බලපත්‍රය නැතිව ය. එහෙත් පසුදින උදැසන ම ඕස්ටේ්රලියානු මහා කොමසාරිස්වරිය අදාළ ගමන් බලපත්‍රය ලබා දී ඇත. කුමාරගේ හෙවත් මුදලිගේගේ බලපත්රයෙහි භාරකාරිය මහා කොමසාරිස්වරිය ද? අද එ.ජා. පක්ෂයේ මන්ත්‍රීවරු සුපුරුදු අයුරෙන් මේ සිද්ධියෙන් ලංකාණ්ඩුව අපකීර්තියට පත් වී ඇති බවක් කියති. එහෙත් මෙහි දී ඕස්ටේ්රලියාව ක්‍රියා කර ඇත්තේ සටකපට ආකාරයකිනි. කුමාර් ගුණරත්නම්ට නම් කීයක් තිබේ ද? ඒ ගමන් බලපත්‍රය හැර ඕස්ටේ්රලියානු රජයේ අනුග්‍රහයෙන් ලබාගත් තවත් බලපත්‍ර තිබේ ද? ආදිය ගැන පසු දිනෙක ඔහුගේ "බිරිය" හෝ මහා කොමසාරිස්වරිය හෝ කියන තෙක් අපට බලා සිටීමට සිදු වී ඇත. කෙකරගාමී පක්ෂවලට දීර්ඝකාලීනව මෙරට කළ හැකි දෙයක් නැත. ඒ පක්ෂ ඇතුළට වැටෙන තුරු ඉතිහාසයේ කුණු කූඩය ඉතා ඉවසිල්ලෙන් බලා සිටියි. එ.ජා. පක්ෂයට ද ඒ ඉරණම අත් නොවීමට නම් ඔවුන් දෙමළ ජාතිවාදය පවත්වාගෙන යන බටහිරයන් විවේචනය කළ යුතු ය. එහෙත් මැකෝලේගේ දරුවන් සුද්දන් විවේචනය කරන්නේ කෙසේ ද? ජෙනීවා සිද්ධියෙන්, සුදු කොඩියෙන්, සරත් ෙµdන්සේකාගෙන්, මතුවට ඇතිවිය හැකි කැරැලිවලින්, ආර්ථික සම්බාධකවලින් හා ආක්රමණවලින් මුදලිගේ වෙන්කළ හැකි නො වේ. අප ඒ සියල්ලට මුහුණ දීමට සූදානම් විය යුතු ය. ඒ අතර ලංකාවෙන් ගොස් සිටින ඕස්ටේ්රලියානු මාක්ස්වාදීන්ට ඕස්ටේ්රලියාවේ ඇංග්ලො සැක්සන් නොවන සංස්කෘතීන්ට හා ඉංගිරිසි නොවන භාෂාවන්ට හිමි විය යුතු තැන ලබාදීමටත්, කම්කරු පංති විප්ලවය සාක්ෂාත් කර ගැනීමටත් කටයුතු කළ හැකි ය. -නලින් ද සිල්වා උපුටා ගැනීම ඉරිදා දිවයින 2012-04-22 |