බටහිර යටත්විජිතවාදයෙන් නිදහස්‌වීම
අපි සියල්ලෝ ම නැති ආත්මයක්, නැති විඤ්ඤාණයක්, නැති මනසක් ඇතැයි ගනිමින් කෙළවරක් නොපෙනෙන සංසාරයේ සැරිසරමු. ඔවුන්ගෙන් සමහරකු නැත...
http://weadikawa.blogspot.com/2012/03/blog-post_348.html
අපි සියල්ලෝ ම නැති ආත්මයක්, නැති විඤ්ඤාණයක්, නැති මනසක් ඇතැයි ගනිමින් කෙළවරක් නොපෙනෙන සංසාරයේ සැරිසරමු. ඔවුන්ගෙන් සමහරකු නැති නිදහසක් ඇතැයි ගනිමින් ජෙනීවාහි හා වෙනත් සංසදවල බටහිරයන් අපට විරුද්ධව ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීම්, යුද්ධාපරාධිකරණ ආදිය පිළිබඳ චෝදනා ඉදිරිපත් කිරීම් කුමන්ත්‍රණ ලෙස සලකති. තවත් සමහරු නැති ජනවාර්ගික ප්‍රශ්නයක් ඇතැයි ගනිමින් එයට විසඳුම් ඉදිරිපත් කරති. උගත් පාඩම් කොමිසමේ මහත්වරු ද ඇතැම් වාමාංශික යෑයි කියාගන්නා ඇමැතිවරු ද ඒ ගණයට අයත් වෙති. මේ අතර මගේ ලිපි තම වෙබ් අඩවියේ පළකර ඒවාට තම දේශපාලන අඥන හිතවතුන් ලවා විවේචන ලියා ගන්නා ව්‍යාජ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරිකයෝ නැති ජර්මන් ප්‍රොතෙස්‌තන්තයක් ඇමරිකාවේ ඇතැයි සිතති. ඔවුන්ගේ ම එකෙක් නැති සංකල්පීය ශුන්‍යතාවක් ඇතැයි ගනිමින් මට නැති මාධ්‍යමිකවාදයක් ඇති කිරීමට උත්සාහ කරයි. නැති දේ ඇතැයි ගැනීම එසේ ගන්නා අයට අවසානයේ දී දුකක් වෙයි.
මා ජාතිකත්වය පැත්තෙන් බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදය විවේචනය කරන්නේ අද ඊයේ නො වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කරන සමයේ සිට ම මම එසේ කරමි. එපමණක් නොව විශ්වවිද්‍යාල ඇතුළු ඔවුන්ගේ අධ්‍යාපනය ද විවේචනය කරමි. එහෙත් ව්‍යාජ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරිකයන් පෙන්වීමට උත්සාහ කරන්නේ මා විශ්‍රාම යැමෙන් පසුව පමණක් මෙරට ඇති බටහිර විශ්වවිද්‍යාල විවේචනය කරන බව ය. කොළඹ හා කැලණිය විශ්වවිද්‍යාලවල ඇති වූ ප්‍රශ්නවල දී සිදුවූයේ කුමක් දැයි නොදන්නේ මෙවැනි අඳ බාලයන් පමණක් විය හැකි ය. මෙරට දෙමළ ජනතාවට නැති ඉතිහාසයක් ඇති කළෝ බටහිර මෙන් ම මෙරට ද සිටින පඬියෝ ය. ව්‍යාජ දේශහිතෛෂීහු ද ඒ නැති ඉතිහාසය ඇතැයි කීහ. ඇතැයි කී ඒ ඉතිහාසය නැති බව පෙන්වා දුන්නේ කාලය වෙබ් අඩවියෙන් මිස කසිකබල් වෙබ් අඩවිවලින් නො වේ. කසිකබල් වෙබ් අඩවියට අනුව දෙමළ ජනයාගේ ඉතිහාසය දහහත්වැනි සියවසෙන් ඔබ්බට නොයන බව දන්නා බහුතරයක් ඇත. එහෙත් ඒ නැති බහුතරයකි. තවමත් බටහිර විද්‍යාවට පින් සිදුවන්නට තම ජීවිකාව කරගන්නට බටහිර විද්‍යාව විවේචනය කිරීම නයාට අඳුකොළ බව මම ඔවුන් ඉඳහිට කරන ප්‍රකාශවලින් දනිමි. තම ගෝලබාලයන් ලවා මා ථෙරවාදයට විරුද්ධ මාධ්‍යමිකවාදියකු කර ප්‍රෙතෙස්‌තන්තවාදය ගැනවත් නොදන්නා අඥනයකු බවට පත්කර ජාතික ව්‍යාපාරයෙහි පොල්මඃකාරයන් වීමට යත්න දරන මොවුහු මා බටහිර විශ්වවිද්‍යාලවල උගන්වමින් ම ඒ විවේචනය කළ ආකාරයට තමන් ජීවිකාව කරගැනීමට යොදාගන්නා බටහිර විද්‍යාව හා දැනුම විවේචනය නො කරති.
ධනවාදය හා ප්‍රොතෙස්‌තන්තවාදය ගැන අධ්‍යයනයක් කර පොතක් ලියූ මැක්‌ස් වෙබර් ප්‍රොතෙස්‌තන්තවාදය ලෙස හැඳින්වූයේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල ප්‍රොතෙස්‌තන්තය ය. මේ ප්‍රොතෙස්‌තන්තය කතෝලික චින්තනයට විරුද්ධ එකක් විය. එය බිඳී එන්නේ ම ප්‍රොටෙස්‌ට් යන ඉංගිරිසි වදනෙකි. වෙබර්ට අනුව ධනවාදය ඇතිවීමට ප්‍රොතෙස්‌තන්තවාදය බලපෑවේ ය. සිංහල ථෙරවාද බෞද්ධ චින්තනයෙහි පදනම්වන නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදීන් ලෙස චින්තන පර්ෂදයෙහි අප කියන්නේ මේ සියල්ල පහළොස්‌වැනි සියවස අග ඇරඹි බව ය. අපි නාගර්ජුනපාදයන් වහන්සේ ලොව පහළ වූ විශිෂ්ටතම දාර්ශනිකයා ලෙස පිළිගත්ත ද උන්වහන්සේ මතුකළ බුදුන් වහන්සේ දෙසූ ශුන්‍යය (අභාවප්‍රාප්ත මහාචාර්ය ඩබ්. ඇස්. කරුණාරත්න මහතාගේ කෘති කියවීමෙන් බුදුන් වහන්සේ ශූන්‍යය දේශනා කර ඇති ආකාරය දැනගත හැකි ය) හා සංකල්පීය ශූන්‍යභාවය ඉතා ඉහළින් අගය කළ ද සසරට සාපේක්‍ෂව නිවන ගැනීම සහ පරම ශූන්‍යතාවය නො පිළිගනිමු. අපේ සාපේක්‍ෂතාවාදය නාගර්ජුනපාදයන් වහන්සේගේ සාපේක්‍ෂතාවාදය නො වේ. එය අයින්ස්‌ටයින්ගේ ඊනියා සාපේක්‍ෂතාවාදය ද නොවන්නේ ඔහු සැබවින් ම කතා කලේ සාපේක්‍ෂතාවක් ගැන නොව නිරපේක්‍ෂ ගැන වීම නිසා ය. නාගර්ජුනපාදයන් වහන්සේගේ සාපේක්‍ෂතාවාදය ද අයින්ස්‌ටයින්ගේ සාපේක්‍ෂතාවාදයට වෙනස් ය. අප මේ සියල්ල පිළිබඳව බොහෝ දේ ලියා ඇත.
පහළොස්‌වැනි සියවස අගභාගයේ කතෝලික චින්තනයට අභියෝගාත්මක ව නව චින්තනයක් දකුණු යුරෝපයෙහි සංස්‌කරණය වීමට පටන් ගත්තේ ය. නව චින්තනයට ග්‍රීක චින්තනය ද යුදෙව් චින්තනය ද වෙබර් සඳහන් කරන පරිදි කතෝලික පල්ලියෙහි ජෙසුයිට් වැනි නිකායවල කැපකිරීම ආදිය ද එකතුවිණි. ඒ අර්ථයෙන් අපි ඒ චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය ලෙස හඳුන්වමු. එය ප්‍රධාන වශයෙන් ම කතෝලික චින්තනයට එරෙහිව ඇතිවිණි. එහි මූලික ලක්‍ෂණ අතර සාමුහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ඉස්‌මතු කර එයට වැදගත් තැනක් දීම, ඉන්ද්‍රිය පිනවීමට මූලිකත්වය දීම, ස්‌වභාවික සම්පත් (ගැහැණුන් හා යුරෝපීය නොවන මිනිසුන් ද ඇතුළුව) මිනිසාගේ (සුදු පිරිමියාගේ) ප්‍රයෝජනය සඳහා මවා හෝ මැවී හෝ ඇතැයි සැලකීම (මෙය කතෝලික චින්තනයට ද පොදු වූ නමුත් ඔවුන්ට ඒ ප්‍රයෝජනයට ගැනීමට නොහැකි විය), දෙවියන් වහන්සේ ලෝකය සුදු පිරිමියාට පවරා දී ඇතැයි සැලකීම, ඒ හේතුවෙන් ස්‌වාභාවික සම්පත් හා මිනිස් ශ්‍රමය සූරාකෑමට යොමු වීම, තම සංස්‌කෘතිය එකම සංස්‌කෘතිය ලෙස සැලකීම, එබැවින් ලෝකයාට එම සංස්‌කෘතිය පැටවීමට කටයුතු කිරීම, තම ආර්ථික ක්‍රමය අනෙක් රටවලට ද පැටවීම, ඒ සඳහා දේශපාලන හා අවි බලය යෙදවීම (චීනයට ද වෙඩි බෙහෙත් පිළිබඳ දැනුමක් තිබූ නමුත් ඔවුහු අනෙක් රටවලට තම සංස්‌කෘතිය පැටවීමට අවි බලය යොදා නොගත්හ), තරගකාරීත්වය අගය කිරීම, කතෝලික ත්‍රිකෝටික න්‍යාය අත්හැර ඇරිස්‌ටෝටලීය ද්විකෝටික න්‍යාය වෙත ආපසු යැම, වියුක්‌ත චින්තනය, රූපික වියුක්‌ති දැනුම හා සාධාරණීකරණය (කතෝලික චින්තනයෙහි දැනුම සංයුක්‌ත විය. පැරණි වෛදික දැනුමෙහි සාධාරණීකරණයට වැදගත්කමක් නොවීය), ස්‌වසිද්ධාත්මක ක්‍රමය, ඌනිතවාදය, පද්ධතීන් සමස්‌තයක් ලෙස නොගැනීම, ඒ වෙනුවට පද්ධතිය යන්න කොටස්‌වල එකතුවක් ලෙස සැලකීම, අනෙක් පැත්තට පද්ධතිය කොටස්‌වලට කැඩීම හා වෙන් කිරීම, ඒ සමඟ පද්ධතීන් යාන්ත්‍රික ලෙස ගැනීම, බාහිර ලෝකයක් ඇතැයි උපකල්පනය කිරීම, බාහිර ලෝකය වාස්‌තවික යථාර්ථයක් ලෙස සැලකීම, දෙවියන් වහන්සේ බාහිර ලෝකය යම් නීති පද්ධතියකට අනුව මවා ඇතැයි සැලකීම, ඒ නීති දෙවියන් වහන්සේගේ ප්‍රතිබිම්බය ලෙස මවා ඇති මිනිසාට විශේෂයෙන් ම සුදු පිරිමියාට දැනගත හැකි යෑයි සැලකීම, සංසිද්ධිවලට බාහිර හේතු සෙවීම (මෙය දෙවියන් වහන්සේ බාහිර හේතුවක් වීම නිසා පැන නැගෙන්නකි), පද්ධතියක අභ්‍යන්තරය ද ඊනියා බාහිර ක්‍රියා හා ප්‍රතික්‍රියා ආශ්‍රයෙන් සැලකීම ආදිය වෙයි.
මේ සියල්ල එක රැයකින් ඇතිවූවා නො වේ. ඉතාලි පුනරුදයෙන් ආරම්භ වී, පෘතුගීසි ස්‌පාඤ්ඤ ආක්‍රමණ, යටත්විජිතවාදය, ලූතර්ගේ රෙපරමාදු ප්‍රතිසංස්‌කරණවාදය හා ප්‍රොතෙස්‌තන්තවාදය, ගැලීලියෝගේ ඊනියා පරීක්‍ෂණ, නිව්ටන්ගේ වියුක්‌ත ප්‍රවාද නිර්මාණය, එංගලන්තය පාප්වහන්සේගෙන් මිදීම, කාර්මික විප්ලවය, ප්‍රංශ විප්ලවය, හේතුවාදය, ධනවාදය, ආලෝකනය ආදී අවස්‌ථා රාශියක් හසුකර බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදය ගමන්කර ඇත. මේ සියල්ල පහළොස්‌වැනි සියවසේ ඇරඹි බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ පිය සටහන් වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මානව හිතවාදය යන්න හුදු දේශපාලන සටන්පාඨයක් වී ඇති අතර ස්‌වභාව ධර්මය විනාශ වී යයි. බටහිරයන්ට කිසි දිනෙක පරිසරය රැකිය හැකි නො වේ. ඔවුන්ට අද ප්‍රශ්නවලට විසඳුම් නැත. අද ඔවුන්ට කළ හැක්‌කේ ප්‍රශ්න කළමනාකරණය පමණකි. එය ද වැඩි කලකට නො වේ. පශ්චාත්නූතනත්වය යනු නූතනත්වයේ කඩාවැටීම ය. ඔවුන්ට අද සාධාරණ ප්‍රවාදවත් ගොඩනගා ගත නො හැකි ය. බටහිරයන්ගේ තකතීරු රසායනික කෘෂිකර්මය හේතුවෙන් අද පස විස වී සතුන් හා මිනිසුන් වස විස ආහාර වශයෙන් ගන්නා පිරිසක් බවට පත් වී ඇත. රජරට පෙදෙස්‌වල ගොවි ජනතාව පලිබෝධනාශක නිසා පසට එකතුවන ආසනික් හේතුවෙන් දින දෙකකට එක් අයකු බැගින් මිය යන තත්ත්වයකට පත් වී ඇත. රජරට වකුගඩු රෝගීන්ගේ සිරුරුවල ආසනික් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයෙ හා වෙනත් තැන්වල කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මහාචාර්ය ප්‍රියානි පරණගම, මහාචාර්ය මාලා අමරසිsංහ, ආචාර්ය කිත්සිරි සේනානායක, වෛද්‍ය කේ. දහනායක, වෛද්‍ය චන්න ජයසුමන ඇතුළු තවත් බටහිර වෛද්‍යවරුන් හා සාරංග ෆොන්සේකා මහත්ම මහත්මීන් විසින් ඉදිරිපත් කරන ලද පත්‍රිකාවකට පසුගිය දා බටහිර වෝහාරික ව්‍යාධිවේදීන්ගේ සැසි වාරයක දී රිදී පදක්‌කමක් හිමි වී ඇත. මා මෙවැනි පදක්‌කම් සතපහකටවත් මායිම් නොකරන නමුත් මෙරට ඊනියා බටහිර විද්‍යාඥයන්ට ඇස් ඇර බැලීමට පදක්‌කමේ දිස්‌නය හේතුවනු ඇත. මේ පරීක්‍ෂණ සිංහල විද්‍යාවක් නැවත බිහිකිරීම සඳහා ගත් සංක්‍රමණීය පියවරක් පමණකි. අද ඇතැමුන්ට කැලණිය විශ්වවිද්‍යාලයේ ඒ සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණ නැවැත්වීමට අවශ්‍ය වී ඇත. ඒ රටේත් ජනතාවගේත් සුභ සිද්ධිය සඳහා නම් නොවන බව පැහැදිලි ය. ජෙනීවාහි දී පමණක් නොව, රජරටේදීත්, කැලණියේදීත් වෙනත් විශ්වවිද්‍යාලවලත් ක්‍රියාත්මක වන්නේ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි යටත්විජිතවාදය ය. අපේ ම මුදල්වලින් වස විස ගෙන ඒ අපේ ආහාර පද්ධතියට එකතුකර අපි මිය යන්නෙමු. බටහිර අධ්‍යාපනයෙන් බිහිකෙරෙන අයගෙන් ඉතා වැඩි පිරිස රටට ෙද්‍රdaහී ප්‍රතිපත්තියක් බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි යටත්විජිතවාදය වෙනුවෙන් අනුගමනය කරති. බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා සිංහල වෙදකම දියුණු බවත් මිනිසුන් ජීවත් කිරීමට නොව මැරීමට බටහිර කෘෂිකර්මය හේතු වන බවත් පැහැදිලි ය. අප බටහිර යටත්විජිතවාදයෙන් නිදහස් වනු ඇත්තේ අවසානයේ දී බටහිර දැනුමෙන් නිදහස් වීමෙනි.

මහාචාර්‍ය නලින් ද සිල්වා
උපුටා ගැනීම
ඉරිදා දිවයින
උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012 -03-11