නෂීඩ් ජනපතිවරයා ඉවත් කිරීම පිටුපස රෝ ඔත්තු සේවය?

ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 700 ක්‌ නිරිත දිගින් පිහිටා ඇති මාලදිවයිනේ පසුගිය දිනවල දේශපාලන වෙනස්‌කම් රාශියක්‌ සිදුවිය. පොලිස්‌ කැරැ...

ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 700 ක්‌ නිරිත දිගින් පිහිටා ඇති මාලදිවයිනේ පසුගිය දිනවල දේශපාලන වෙනස්‌කම් රාශියක්‌ සිදුවිය. පොලිස්‌ කැරැල්ලක්‌ ඇතිවිය. සියයට සියයක්‌ම සුන්නි මුස්‌ලිම්වරු ජීවත්වන මේ රාජ්‍යයේ සිදු වූයේ කුමක්‌ද? 1978 නොවැම්බර් 11 වැනිදා සිට 2008 ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 700 ක්‌ නිරිත දිගින් පිහිටා ඇති මාලදිවයිනේ පසුගිය දිනවල නොවැම්බර් 11 වැනිදා තෙක්‌ මාලදිවයින් රාජ්‍යය මහමුත් අබ්දුල් ගයුම්ගේ පාලනය යටතේ පැවතිනි. ගයුම් යනු වැඩිම කාලයක්‌ ජනපති ධුරයක්‌ හෙබවූ ආසියානු නායකයාය. ගයුම් පරාජය කිරීමට හැකි වූයේ මාලදිවයින් ප්‍රජාතාන්ත්‍රික පක්‌ෂයේ නායකයා වූ මොහොමඩ් නෂීඩ්ටය. ශ්‍රී ලංකාවේද නීතිඥවරයකු ලෙස සේවය කර ඇති නෂීඩ්ට මේ දූපත් රාජ්‍යයේ ජනපතිකම් කිරීමට හැකි වූයේ වසර හතරකට අඩු කාලයකි. එනම් මහජන උද්ඝෝෂණ මෙන්ම රාජ්‍ය විරෝධී පොලිස්‌ කැරැලි නිසා ඔහුට ඉකුත් 7 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්‌වීමට සිදුවිය. 44 හැවිරිදි මේ හිටපු ජනපතිවරයා පවසන්නේ තමාගේ හිසට පිස්‌තෝල දික්‌කර ඉල්ලා අස්‌වෙන්නට බලකළ බවයි.

මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ ප්‍රථම ජනපතිවරයා නෂීඩ්ය. ඔහු සිය ඉල්ලා අස්‌වීම ගැන මාධ්‍ය දැනුවත් කරමින් පුවත්පත් සාකච්ඡාවක්‌ පවත්වමින් ප්‍රකාශ කර සිටියේ zzරටට යහපතක්‌ සිදුකිරීම වෙනුවෙන් මම ඉල්ලා අස්‌වෙනවා. මට යකඩ හස්‌තයකින් රට පාලනය කිරීමට අවශ්‍ය නැහැZZ යනුවෙනි. නෂීඩ් ජනපතිවරයා ඉල්ලා අස්‌වීමේ තීරණය ගෙන සිය උප ජනාධිපති ආචාර්ය වහීඩ්ටද ඉල්ලා අස්‌වී මැතිවරණයක්‌ කැඳවීම සඳහා ක්‍රියාකරමු යෑයි පවසා සිටියද එයට ඔහු එකඟවූයේ නැත. මොහොමඩ් වහීඩ් හසන් වර්තමාන මාලදිවයින් ජනපතිවරයාය. නෂීඩ් සිය ධුරය භාරදුන්නේ වහීඩ් වෙතය. මාලදිවයින් රාජ්‍යයේ පළමුවරට දර්ශනය පිළිබඳව ආචාර්ය උපාධියක්‌ ලද තැනැත්තා වර්තමාන ජනපති වහීඩ්ය.

මාලදිවයින් දූපත් රාජ්‍යයේ ජනපති ධුරයේ වෙනසක්‌ ඇතිවූ දිනට පසු දිනම ඉන්දීය අගමැති මන්මෝහන් සිං නව ජනපති ආචාර්ය මොහොමඩ් වහීඩ් වෙත ලිපියක්‌ යවමින් ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවේ පූර්ණ සහය නව රජය වෙත ලැබෙන බවයි. හිටපු ජනපති නෂීඩ් තමාට ඉල්ලා අස්‌වීමට සිදුවූයේ හිසට පිස්‌තෝලය තබා තර්ජනය කිරීමෙන් පසුව යෑයි ප්‍රකාශ කළද ඉන්දීය රජය ඒ ගැන තැකීමක්‌ නොකළ බව කල්කටා ටෙලිග්‍රාµa පුවත්පත ප්‍රකාශ කරයි. මාලදිවයින් රාජ්‍යයට වැඩියෙන්ම ආධාර ලබාදෙන රට ඉන්දියාවයි. ඉන්දීය අගමැතිවරයා මාලදිවයිනේ නව ජනපතිවරයා වෙත යෑවූ ලිපියේ සඳහන් වන්නේ ඉන්දියාව සැමවිටම මාලදිවයින් රජය වෙත මෙන්ම එරට ජනතාවට අවශ්‍ය ඕනෑම සහයක්‌ ලබාදීමට කැපවී සිටින බවයි. හිටපු ජනපති නෂීඩ් කෙරෙහි ඉන්දියාවේ අමනාපයක්‌ තිබුණේද යන්න අපට සැකයක්‌ සිතේ. මන්ද ඔහු ඉන්දියාවේ ප්‍රකට බැංකු රාශියක්‌ තිබුණද එක්‌ අවස්‌ථාවක ඩොලර් මිලියන දහයක ණයක්‌ ලබා ගැනීම සඳහා පැමිණියේ ශ්‍රී ලංකාවටය. ඒ ණය සැපයුවේ ලංකා බැංකුව විසිනි. නෂීඩ් ජනපතිවරයා ධුරයෙන් ඉවත් කළ පසු අපේ ජනපතිවරයා නව මාලදිවයින් ජනපතිවරයා ජනපති අමතා ප්‍රකාශ කර සිටියේ හිටපු ජනපතිට අවශ්‍ය ආරක්‍ෂාව සලසන ලෙසය. කෙසේ නමුත් හිටපු ජනපති නෂීඩ් ලංකාවට හිතවත් පුද්ගලයෙක්‌ විය.

ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ මාලදිවයින භාරව ක්‍රියා කළ කුල්දිප් සහදේව් ප්‍රකාශ කරන්නේ නව ජනපතිවරයා zzඅපේ අය හොඳින් දන්නා පුද්ගලයකු බවයZZ ඒ අනුව මොහු රෝ සංවිධානයේ සහය ලබන්නෙක්‌ද? යන සැකය අපට මතුවේ. කෙසේ නමුත් ඉන්දීය රජය පැය විසිහතරක්‌ ගතවීමට පෙර නව ජනපති වහීඩ්ට සහය ලබාදීමට උත්සුක වන්නේ කවර හේතුව නිසාද? ඉකුත් බදාදා ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සහීඩ් අක්‌බාර්රුඩින් සඳහන් කර සිටියේ මාලදිවයිනේ ඇතිවූ දේශපාලන වෙනස අභ්‍යන්තර ප්‍රශ්නයක්‌ බවයි.

කෙසේ නමුත් මේ ජනපතිවරයාගේ ඉල්ලා අස්‌වීම සිදු වූයේ පොලිසියේ මෙන්ම හමුදා කුමන්ත්‍ර්‍රණයක ප්‍රතිඵලයක්‌ ලෙසය. එය පිළිගැනීමට ඉන්දියාව සූදානම් නොවන්නේ කවර හේතුව නිසාද. 1988 දී මාලදිවයින් රාජ්‍යයේ බලය ඇල්ලීම සඳහා කුමන්ත්‍රණයක්‌ දියත් විය. ශ්‍රී ලංකාවේ ප්ලොට්‌ සංවිධානයට අයත් 80 දෙනෙකුගෙන් යුත් කුලී හමුදා සේනාංකයක්‌ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්ගේ ආණ්‌ඩු පෙරළා දැමීම සඳහා කුමන්ත්‍රණයක්‌ සිදු කරනු ලැබුවේ මාලදිවයිනේ ජාතික අබ්දුල් ලුතීප්ගේ නායකත්වයෙන් යුතුවය.

මේ කුමන්ත්‍ර්‍රණය හමුවේ බලවත් අසරණභාවයට පත් අබ්දුල් ගයුම් ඉන්දීය අගමැති රජීව් ගාන්ධි අමතා තම රාජ්‍යය බේරාගන්නා ලෙස ඉල්ලීමක්‌ කළේය. ඒ අනුව අභාවප්‍රාප්ත ගාන්ධිගේ අණින් ඉන්දීය ආරක්‍ෂක අංශ zzසන්ධ්‍යා මෙහෙයුමZZ ක්‍රියාවට නැංවීය. එය ක්‍රියාවට නැංවූයේ 1988 නොවැම්බර් 03 වැනිදා රාත්‍රියේය. අග්‍රා ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන් ගතවූ ඉන්දීය හමුදාවේ පැරශුට්‌ රෙජිමේන්තුවට අයත් භටයින් 1600 ක්‌ කිලෝමීටර් දෙදහසක්‌ පියාසර කර මාලේ ගුවන් තොටුපළ අයත් හුල්හුලේ දූපත වෙත ගොඩබස්‌වන ලදී. ඉන්දියන් හමුදාව මාලේ වෙත ගොඩ බැස පැය 12 ක්‌ ඇතුළත ප්ලොට්‌ ආක්‍රමණය සම්පූර්ණයෙන් මැඩ පැවැත්වූ අතර එයින් පසු ජනපති ගයුම් ඉන්දීය අගමැතිවරයා අමතා සිය ස්‌තූතිය පිරිනමන ලදී.

උමා මහේෂ්වරන්ගේ සහය ලබාගෙන අබ්දුල්ලා ලුතීප්ගේ ප්‍රධානත්වයෙන් වූ මාලදිවයින් සටන්කාමීන්ට ප්ලොට්‌ සංවිධානයේ අසූ දෙනෙකුගේ කණ්‌ඩායමට එරෙහිව ඉන්දීය පැරෂුට්‌ භටයින් 1600 ක්‌ යොදවන ලදී. එහිදී ඉන්දීය භටයකු තුවාල ලැබූ අතර කුමන්ත්‍රණකරුවන් 19 දෙනෙක්‌ මරණයට පත්විය. බ්‍රිගේඩියර් එµa. එµa. සී. බුල්සාරාගේ නායකත්වයෙන් යුත් මේ මෙහෙයුම නිසා ජනපති ගයුම්ගේ ජීවිතය බේරිණි.

ඒ අතීතය පිළිබඳ කථාවයි. දැන් ගයුම්ද මෙන්ම නෂීඩ්ද අතීතයට එක්‌ව ඇත. නෂීඩ් අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට නියමිතය. කෙසේ නමුත් අතීතයේදී මුලින්ම සිංහලයන් විසින් ජනාවාස පිහිටුවනු ලැබූ මාලදිවයින අපට අදටත් වැදගත්ය. මහාවංශයේ සඳහන් වන්නේ මේ දූපත zzමහිලාදිවZZ ලෙසය. එනම් කාන්තාවන්ගේ දූපත ලෙසය. මාලදිවයින් වැසියන් කථා කරන දිවෙහි බසද සිංහල භාෂාව හරහා නිර්මාණය වූවකි.

දැනටමත් මාලදිවයින් වැසියන් විසිදහසකට අධික පිරිසක්‌ මෙරට පුරවැසිකම් ලබා ඇත. එරට සිදුවන දේශපාලන වෙනස්‌වීම් පිළිබඳව කොළඹ රජයද උනන්දුවෙන් බලා සිටී. ශ්‍රී ලාංකික සමාගම් රැසක්‌ එරට ප්‍රභූ පන්තියේ සංචාරක හෝටල් විවෘත කර ඇත. සිංහලයෝ විශාල පිරිසක්‌ එහි සේවය කරති. කෙසේ නමුත් නසීඩ් ජනපතිවරයා ඉවත් කිරීම පිටුපස රෝ ඔත්තු සේවය සිටියේද යන්න පිළිබඳව අපට බලවත් සැකයක්‌ උපදී.

චතුර පමුණුව 

-උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-02-12

Related

චතුර පමුණුව 9062574344697743070

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item