ස්‌ත්‍රී ආත්මයට මාරාන්තික රට "ඉන්දියාවයි"
-චතුර පමුණුව 2011 වසරේදී සමස්‌ත ඉන්දියාවම ආවරණය වන පරිදි ජන සංගණනයක් සිදු කරනු ලැබීය. එම සංගණනයට අනුව එරට ජනගහනය 12,10,...
http://weadikawa.blogspot.com/2012/02/blog-post_12.html
-චතුර පමුණුව
2011 වසරේදී සමස්‌ත ඉන්දියාවම ආවරණය වන පරිදි ජන සංගණනයක් සිදු කරනු ලැබීය. එම සංගණනයට අනුව එරට ජනගහනය 12,10,193,422 කි. එනම් බිලියන 1.2 කි. චීනයට පසුව වැඩිම ජනගහනයක් ඇති රට ඉන්දියාව වන අතර එරට චීන ජනගහනය 2025 දී පරද වන බව සමීක්‌ෂණ අනුව හෙළිව ඇත. ලෝක ජනගහනයෙන් හයෙන් එකක් වෙසෙන්නේ ඉන්දියාවේය. ජන වර්ග දෙදහසක් ඉන්දියාවේ වාසය කරන අතර කථා කරන භාෂා ප්‍රමාණය 226 කි.
ඇත්තෙන්ම ඉන්දියාව යනු ලෝකයකි. ඒ ගැන තර්කයක් නැත. කෙසේ නමුත් පසුගියදා නිකුත් වූ එක්‌සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වුයේ ලොව ගැහැණු දරුවකු ලෙස ඉපදීමට නරකම රට ඉන්දියාව බවයි. සිංහල බෞද්ධ සමාජයේ ඉහළම ගෞරවාදරයට පත් කාන්තා චරිත බිහිවුයේ ඉන්දියාවෙනි. මහමායා දේවියගේ සිට යසෝදරාව දක්‌වා මෙන්ම විශාඛාවගේ සිට බන්දුල මල්ලිකාව දක්‌වාම අතිශය ගෞරවාදරයට පත් වූ සාධු චරිත ඇති කාන්තාවන් උපන්නේ භාරත දේශයේය. එහෙත් ස්‌ත්‍රී ආත්මයට මේ දේශය මාරාන්තික තැනක් වී ඇත්තේ මන්ද? අද චීනය හා කරට කර ඉන්දියාව වේගයෙන් දියුණු වූවත් හින්දු බ්‍රාහ්මණ මතවාද තුරන් වී නොමැත. එම නිසාම දියණියකගේ උපත සලකන්නේ අයහපතක් ලෙසය.
ඉන්දියාවේ ස්‌ත්‍රී බිළිඳු මරණ අනුපාතය පසුගිය කාලය පුරාම ඉහළගොස් ඇත. විශේෂයෙන්ම 2000-2010 අතර කාලය තුළ සිදු කළ සමීක්‍ෂණ අනුව අවුරුදු 1 ත් 5 ත් අතර ස්‌ත්‍රී මරණ සියයක් සිදු වන විට සිදුවන පිරිමි දරුවන්ගේ මරණ ප්‍රමාණය 56 කි. ස්‌ත්‍රී අයිතිය වෙනුවෙන් පෙනී සිටින ඉන්දීය ක්‍රියාධරයින් පවසන්නේ බිළිඳු දැරියන්ව මරා දැමීම මෙන්ම ඔවුන්ට ලෙඩක් දුකක් වැළඳුන විට නොසලකා හැරීම බහුල වශයෙන් සිදු වන බවයි. ඉන්දියානු පවුලක දැරිවියක් ආදරයෙන් භාර ගන්නේ කලාතුරකිනි. ඔවුන් සලකන්නේ පවුලකට දැරියක් උපන්නොත් ඉදිරියේදී ඇය විවාහ කරදීම සඳහා විශාල දෑවැද්දක් දීමට සිදුවන අතර ඇයට අධ්‍යාපනය ලබා දීමටද විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. අවසානයේ ඇය අන් පවුලකට යයි. වර්තමානයේ ඉන්දියානු මධ්‍යම පාන්තික කාන්තාවෝ ගැබ්ගත් වහාම ඒ තමන්ට පිළිසිඳ ගෙන ඇත්තේ පිරිමි දරුවෙක්‌ද ගැහැණු දරුවෙක්‌දැයි බලා ගැහැණු දරුවෙක් නම් ගබ්සා කිරීමටත් පෙළඹෙයි.
ගැහැණු දරුවන්ට සිදු වන මේ අකටයුතු කම් නිසාත් 2011 වසරේදී පිරිමි ළමුන් 1000 කට සිටින ගැහැණු දරුවන් ප්‍රමාණයක් 914 කි. 1961 දී මෙම ප්‍රමාණය පිරිමි ළමුන් 1000 ක ගැහැණු ළමුන් 976 ක් විය. ඉන්දියානු සමාජ විද්‍යාඥවරියක වන රංජනා කුමාරි පවසන්නේ එරට කාන්තාවන් පිරිමි දරුවකුට දීර්ඝ කාලයක් මවුකිරි දීමට පෙළඹුණ ගැහැණු දරුවෙකුට එවැනි කාලයක් මවුකිරි ලබා නොදෙන බවකි. පිරිමි දරුවකුට ලෙඩක් දුකක් සෑදුණහොත් ඉතා ඉක්‌මනින්ම රෝහලක් වෙත ගෙන යන නමුත් එවැනි උනන්දුවක් දැරියක් අසනීප වූ විටදී නොදක්‌වන බවයි. මෙය සැබවින්ම කනගාටුදායක තත්ත්වයකි. වයස 12 ට අඩු හදවත් ආබාධවලට ගොදුරු වු පිරිමි හා ගැහැණු දරුවන් පිළිබඳ කළ සමීක්‍ෂණයකදී හෙළිව ඇත්තේ එවැනි ආබාධවලට ලක් වූ පිsරිමි ළමුන් 70% ක් රෝහල් කරා යොමු කර ප්‍රතිකාර ලබා දුන්නත් ගැහැණු ළමුන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති ප්‍රමාණය 44% ක් පමණක් බවයි. එයින්ම ස්‌ත්‍රී ආත්මයට සිදු කරන සැලකිල්ල පැහැදිලිය.
ඉන්දියාවේ වසරකදී කාන්තා කළල ලක්‍ෂ හයක් විනාශ කර දැමේ. 1991 දී ඉන්දියාවේ වසර හයට අඩු පිරිමි දරුවන් හා ගැහැණු දරුවන් අතර වෙනස ලක්‍ෂ 42 ක් වූවද 2011 දී එම ප්‍රමාණය 71 ලක්‍ෂය දක්‌වා වැඩි වී ඇත. පසුගිය කාලය පුරා සිදු කළ සමීක්‍ෂණ අනුව හෙළිව ඇත්තේ පසුගිය වසර 30 තුළදී ගැහැණු දරුවන් මිලියන 12 ක් ගබ්සා කර ඇති බවයි. එම නිසාම ස්‌ත්‍රී ආත්මයට ගර්භාෂයක් සොයා නොගත යුතුම රට ලෙස ඉන්දියාව වර්ග කෙරී ඇත.
සැබවින්ම මෙය මනුෂ්‍යත්වයට නිගාවකි. මේ තත්ත්වය වැළැක්‌වීම සඳහා ඉන්දීය කාන්තා සංවිධාන නොයෙක් පියවර ගෙන ඇතත් ඒවා සාර්ථකවී නැත. "හින්දු" ඉන්දීය සමාජයේ ආකල්පය වෙනසක් සිදුවිය යුතුය. සමාජ විද්‍යාඥ රංජනා කුමාරි පවසන්නේ ස්‌ත්‍රි කළල විනාශ කරන අයට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීමට රජය ක්‍රියා කළ යුතු බවකි. දැනට ගබ්සාවක් සිදු කිරීමේ වරදට ලබාදෙන උපරිම දඬුවම වසර හතක සිර දඬුවමකි. රංජනා පවසන්නේ මේ දඬුවම තවත් දැඩි කළ යුතු බවයි.
චතුර පමුණුව

උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-02-12
ඉරිදා දිවයින
2012-02-12